Select Page
සාර්ථකත්වය අයිස් කන්දක් වැනිය

සාර්ථකත්වය අයිස් කන්දක් වැනිය

අයිස් කන්දක ස්වරූපය ඔබට අමුතුවෙන් වටහා ගැනීමට වෙහෙසක් දැරිය යුතු නොවන බව විශ්වාසයි. එහි මතුපිටට පෙනෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් නොපෙනෙන බව ප්‍රසිද්ධ රහසක්. නමුත් බොහෝ දෙනා කතා කිරීමට නිරායාසයෙන්ම පෙළඹෙනුයේ පෙනෙන ප්‍රමාණය පිළිබඳව පමණි. බොහෝ විට එසේ කතා කිරීමට පෙළඹෙන වැඩිදෙනෙක් එහි නොපෙනෙන ප්‍රමාණය පිළිබඳව නො දන්නවා වෙන්නත් පුළුවන්.

“Success is like an iceberg” එනම් ” සාර්ථකත්වය අයිස් කන්දක් වැනිය” යන ප්‍රසිද්ධ කියමන ඔබත් අසා ඇති. ඇත්තටම සාර්ථකත්වය හරියට අයිස් කන්දක් වගේද?
මිනිසුන් දකින දේ

ඔබ සාර්ථක වූ විට මිනිසුන් ඔබෙන් දකින්නේ ඔබ ලබාගන්නා ජයග්‍රහණයන් පමණි. උපාධි, සම්මාන, සහතික, පදක්කම්, ගරු නාම, උසස්වීම් මෙන්ම සුඛෝපභෝගි නිවාස, නවීන මෝටර් රථ, දිනෙන් දින ලාභ ලබමින් ඉහළ යන ව්‍යාපාර යනාදියයි. එනම් ඔවුන් ඔබෙන් දකින්නේ සහ ඔබ සමාජයට පෙන්වීමට උත්සාහ ගන්නේ අයිස් කන්දක මතුපිටට පෙනෙන ඉතා අල්ප වූ ප්‍රමාණය වැන්නකි. නමුත් ඊට සාපේක්ෂව ඔවුන්ට නොපෙනෙන ඔබ සමාජයට නොපෙන්වා කළ කී දෑ අප්‍රමාණ බව නම් නොරහසකි. එසේ නම් දැන් අපි ඒ ගැන කතා කරමු.

මිනිසුන් නොදකින දේ

මේ කතා කිරීමට උත්සාහ ගන්නේ අයිස් කන්දේ නොපෙනෙන කොටස ගැනයි. නැතහොත් මතුපිටින් බලා තීරණ ගන්නෙකු නොදකින නොසිතන ප්‍රමාණය පිළිබඳවයි. ඒ ඔබ සාර්ථක වීමට ලොවට නොපෙනෙන ලෙස කළ අසීමිත කැපකිරීම් ප්‍රමාණයයි. ඔබත් සාර්ථක වීම වෙනුවෙන් මෙයාකාරයෙන් කටයුතු කරනවාද ?

කඩාවැටීම්

සාර්ථකත්වය පමණක්ම පිටතට පෙනුන ද අසීමිත වාර ගණනක් කඩාවැටීම් විඳදරා ගැනීමට සිදුවීම සාමාන්‍ය කරුණකි. ලොව සාර්ථක වූ බොහෝමයක් මිනිසුන් අනේක වාරයක් නොයෙක් ලෙස කඩාවැටීම් තුළින් පන්නරය ලැබූවන්‍ ය. එනිසාම පිටතට පෙනෙන සාර්ථකත්වය ඇතුළත ඔවුන් අසමත් වූ වාරයන් අසීමිත බව සිහිතබා ගත යුතුය.

දෛනික ජයග්‍රහණ

එක්වරම ජයග්‍රහණය කිරීමට නම් කිසියම් ආශ්චර්යක් සිදුවිය යුතුය. එනම් ජය ලබන තුරුම අපි ඒ වෙනුවෙන් ක්‍රමයෙන් සමීප විය යුතුය. දිනෙන් දින ඔබේ කැපවීම හා උත්සාහය මත යම් යම් ජයග්‍රහණයන් අත්පත්කර ගැනීමේ හැකියාව ඔබටම ඇත. ඒ අනුව ක්‍රමයෙන් ලබන රැකියාවේ උසස්වීම් යනාදිය ඊට උදාහරණ ලෙස පෙන්වාදිය හැකිය. විශාල ජයග්‍රහණයන් අත්පත්කර ගැනීම ඔබේ සිහිනය නම් ඒ වෙනුවෙන් දිනපතා ඔබ අත්පත්කර ගත් කුඩා ජයග්‍රහණ ආශිර්වාදයක් වේ. එසේම පිටතට පෙනෙන්නේ ඔබ විශාල ජයග්‍රහණයන් අත්පත්කර ගත් අයෙක් ලෙස වූවත් කිසිවෙක් නොදැනීම ඔබ ලබාගත් දෛනික ජයග්‍රහණ මනා ශක්තියක් වනු නියතය.

නිදි නැති රැයවල්

ඉලක්ක සපුරාගත් බොහෝ මිනිසුන්ගේ ජීවිත කතා ඔබත් ඇසුවේ නම් නින්ද ඔවුන්ට අල්ප වූ බව වැටහේවි. නින්ද වෙනුවෙන් ඇති කාලය ද ඉලක්ක වෙනුවෙන් කැපකිරීමට ඔවුන් උත්සාහ ගත් නිසාවෙන්ම ජයග්‍රහණයන් ලැබීමට වැඩි හැකියාවක් ඔවුන්ට තිබී ඇත. කම්මැලිකම, නිදිමත ආදිය වෙනුවෙන් ඔවුන් කාලය අපතේ හැරියා නම් එවන් දැවැන්ත මිනිස් චරිත දුර්ලභ වන්නට ද ඉඩ තිබුණි.

ප්‍රතික්ෂේප වීම්

නිතර නිතර කියන්නාක් මෙන්ම නැවත කීමට ඇත්තේද ප්‍රතික්ෂේප වීම් නොතිබුණා නම් සාර්ථක මිනිසුන් තැනිය නොහැකි බවයි. අප පොතපතින් හදාරන ඒබ්‍රහම් ලින්කන්,තෝමස් අල්වා එඩිසන්,ස්ටීව් ජොබ්ස් වැන්නන් ප්‍රතික්ෂේප වීම් ශක්තියක් බවට පත්කර ගනිමින් ලොව දිනූවන් ය. පිටතට පෙනෙන්නේ ඔවුන්ගේ ජයග්‍රහණයන් පමණක්ම වුව ද ප්‍රතික්ෂේප වීම් තුළින් ඔවුන් ලැබූ පන්නරය මෙතකැයි කිව නොහැක.

කාල කළමනාකරණය

යමක් පැවසූ විගස බොහෝවිට බොහෝදෙනාගේ පිළිතුර වන්නේ “ඕවට වෙලාවක් කොහෙද” යන්නයි. නමුත් මනා ලෙස කාල කළමනාකරණයකින් කටයුතු කරන්නෙකුට නම් කිසිවක් මගහැරෙන්නේ නැත. සාර්ථක වීමට නම් ඊට පෙර කාලය නිසිලෙස කළමනාකරණය කරගැනීමට හැකිවිය යුතුය.

අභියෝග

රෝස මල් යහනාවක් මතින් ආ ගමනක් කිසිවෙකුට නැතිව ඇති. ජයග්‍රහණයන් උදෙසා නොයෙක් අභියෝග සහ දුෂ්කරතාවන්ට මුහුණ දීමට නිරායාසයෙන්ම සිදු වේ. ආර්ථික,සමාජීය වශයෙන් එසේ ඔබ මුහුණ දුන් අභියෝග දිනෙක ඔබට ලොවට කීමට හරබර කතාවක් නිර්මාණය කරාවි. නමුත් ලෝකය දකින්නේ ඔබේ ජයග්‍රහණ සහ සාර්ථකත්වය මිස ඔබ විඳි අභියෝග නම් නොවේ.

මානසික අවපීඩනය

ඉලක්ක කරා යාමේදී සිදුවන ඇතැම් කාරණාවන් නිසාවෙන් ඔබ මානසිකව පීඩාවට ලක්වන වාරයන් ද තිබිය හැකිය. එවන් දෑ ඔබේ ගමනට ආශිර්වාදයක් මිස බාධකයක් නම් නොවේ. එනිසාම එවැනි දුෂ්කර තැන් අසීරුවෙන් වුව ද ඉවසීමෙන් පසුකර යා යුතුය.

ධනාත්මක වීම

අපි කියවිය යුත්තේ සාර්ථක මිනිස්සුන් ගැන නොව අසාර්ථක මිනිසුන් ගැනයි. එවිට ඔබට ඇති සෘණාත්මක ආකල්ප පහව ගොස් සාර්ථක වීමට හැකියාව ලැබේවි. ඔවුන්ගේ අභියෝග ගැන ඔබට අවබෝධයක් ලැබේවි. ඉන් ඔබ වඩාත් ධනාත්මක ආකල්ප ඇති සාර්ථක අයෙක් ලෙස ලෝකය හමුවේ නඟාසිටුවයි.

මීට අමතරව ඉවසීම, හොඳ ගතිගුණ, ඉලක්ක, බිඳවැටීම්, කුසගින්න, දුප්පත්කම ආදී බොහෝමයක් දෑ ලෝකය දකින ඔබේ සාර්ථකත්වයට මුවා වී නොපෙනී තිබේවි. නමුත් දිනෙක ලෝකය කතා කරන්නේ ඔබේ නොපෙනෙන කොටස නොව ඔවුන්ට පෙනෙන ඔබේ සාර්ථකත්වය පිළිබඳවම පමණි. එහෙත් දිනෙක ලෝකය හමුවේ ඔබට කීමට ඇති කතාව වඩාත් සංවර්ධිත එකක් වීමට නම් මෙකී දෑ ඔබේ සාර්ථකත්වයට මුවාවී නොපෙනී තිබිය යුතුය. එවිට වඩාත් හරබර කතාවක් කිරීමේ හැකියාව ඔබට ලැබේවි. එසේ නම් ඔබත් අයිස් කන්දක් වීමට උත්සාහ කරන අයෙක් වන්න.

buzzfeed .lk වෙබ් අඩවියේ පළවූ ලිපියකින් උපුටාගත් කතාවකි. කතෲ අවිනිශ්චිතයි.

අපි දැන් සජීවී උදාහරණයක් සමඟින් මේ පිළිබඳව කතා කරමු…

කවුද උදාහරණය? වෙන කවුරුත් නෙවෙයි. මම, Business HUB නිර්මාතෲ ධනේෂ් එදිරිසූරිය.

ඔබ දිනපතා මෙ පේජ් එකෙන් දකින්නේ මා ලබාගන්නා ජයග්‍රහණයන් පමණි. උපාධි, සම්මාන, සහතික, පදක්කම්, ගරු නාම, උසස්වීම් මෙන්ම සුඛෝපභෝගි නිවාස, මෝටර් රථ, දිනෙන් දින ලාභ ලබමින් ඉහළ යන ව්‍යාපාරය, සිය ගණනක් වෛවර්ණ ඇඳුම්, ලෝකය පුරා සිදුකරනා සංචාරයන් යනාදියයි. එනම් ඔබ මගෙන්/පේජ් එකෙන්/මගේ පෞද්ගලික ප්‍රොෆයිල් එකෙන් දකින්නේ මම සමාජයට පෙන්වීමට උත්සාහ ගන්න අයිස් කන්දක මතුපිටට පෙනෙන ඉතා අල්ප වූ ප්‍රමාණයයි.

කිසිවෙක් මාගේ කඩාවැටුන ව්‍යාපාරය දුටුවේ නැත. වංචාවකට අසුවී රු.ලක්ෂ 80කට වඩා අහිමි වීම පිළිබඳව දුටුවේ නැත. ඒ නිසා මට අහිමි වූ දේවල් කිසිවෙක් දුටුවේ නැත.

කිසිවෙක් මාගේ නිදි නැති රැයවල් දුටුවේ නැත. සෑම දිනකම උදෑසන 8 සිට පසුවදා පාන්දර 1 දක්වා මේ පේජ් එක වෙනුවෙන් මාගේ කැපවීම කිසිවෙක් දුටුවේ නැත. ඇස් වල වතුර ගාගෙන, කෝපි බොමින්, ඇඟේ බාම් ගාමින් වේදනාව විඳගෙන ඔබගේ දියුණුව වෙනුවෙන් සිදුකරන කැපවීම කිසිවෙක් දුටුවේ නැත.

ඔබ මාගේ ජයග්‍රහණ දුටුවත් ඒ ජයග්‍රහණ පසුපස තිබූ පරාජය වීම් දුටුවේ නැත. වසර කිහිපයක් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙබ් අඩවිය සම්මානය ලබාගන්න මා දුටු වෙහෙස කිසිවෙක් දුටුවේ නැත. මා ලැබූ පරාජයන් දුටුවේ නැත. සැවොම දුටුවේ මා මුලින්ම එම තරඟයකට Nominate වීමත්, ඊලඟ වර තුන් වන ස්ථානයත්, ඊලඟ වර දෙවන ස්ථානයත්, අවසානයේ පළමු ස්ථානයත් ලබාගැනීම පමණයි. එම ජයග්‍රහණ වලදී මා මුහුණ දුන් අභියෝග කිසිවෙක් දුටුවේ නැත. මේ තරඟ අතර තුර මාගේ පරිගණකය අකර්මණ්‍ය වීම, Malware එකක් නිසා නිර්මාණය කල සියලුම වෙබ් අඩවි නැතිවී යාම, මාගේ වසර කිහිපයක දත්ත ඇතුළත් 2TB Hard Disk එකක් නැති වීම වැනි දේ කිසිවෙක් දුටුවේ නැත.

නිදි නැති රැයවක්, බඩගින්නේ සිටි වේල් ගණන, අසනීපයෙන් සිටියදී පවා වැඩ කල දින ගණන් කිසිවෙක් දුටුවේ නැත. අප හැමෝගෙම ජීවිත මේ වගේ. අද මාගේ පමණක් නොව ඔබගේ ජීවිතයද අයිස් කන්දක් වැනිය. පෙනෙන දේ නොව නොපෙනෙන දේ වැඩිය.

අපි ඇත්තෙන්ම කියවිය යුත්තේ සාර්ථක මිනිස්සුන් ගැන නොව අසාර්ථක මිනිසුන් ගැනයි. එවිට ඔබට ඇති සෘණාත්මක ආකල්ප පහව ගොස් සාර්ථක වීමට හැකියාව ලැබේවි. ඔවුන්ගේ අභියෝග ගැන ඔබට අවබෝධයක් ලැබේවි. ඉන් ඔබ වඩාත් ධනාත්මක ආකල්ප ඇති සාර්ථක අයෙක් ලෙස ලෝකය හමුවේ නඟාසිටුවයි.

ඒ නිසා අසාර්ථක වූ, බිඳ වැටුණ, කඩා වැටුණ මාගේ ජීවිතය උදාහරණයට ගෙන ඔබද දියුණු වෙන්න.

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla #businesshubsithuwilla

ප්‍රබෝධමත්, සාර්ථක දවසක් වෙනුවෙන්

ප්‍රබෝධමත්, සාර්ථක දවසක් වෙනුවෙන්

Business HUB දවසේ සිතුවිල්ල | සෑම දිනකම උදෑසන 5.00ට (ප්‍රබෝධමත්, සාර්ථක දවසක් වෙනුවෙන්…)

ඔබේ දවස ආරම්භ කරන්න හොඳම ක්‍රමය තමයි Business HUB පේජ් එකේ දවසේ සිතුවිල්ල කියවලා හිතට ශක්තියක් අරගෙන දවස සැලසුම් කරගෙන ඔබේ දවස ආරම්භ කරන එක. ඔබ අවදි වී මුලින්ම ෆෝන් එක අතට ගත් පසුව ප්‍රථමයෙන්ම “දවසේ සිතුවිල්ල” කියවන්න. අවදි වූ ගමන් කාලය නොමැතිනම් Bus එකේ, Train එකේ, Staff Vehicle එකේ හෝ ඔබ වැඩට යන ගමන් කියවන්න. නොඑසේනම් උදෑසන ආහාරය ගන්න ගමන් හෝ වැඩ ආරම්භ කරන්න කලින් අනිවාර්යයෙන්ම කියවන්න. කියවා අවබෝධ කරගත් දේ කමෙන්ට් එකක්ද යොදන්න අමතක කරන්න එපා. අවසානයේ ඔබේ ෆේස්බුක් වෝල් එකට Public Post එකක් ලෙස ශෙයාර් කරගන්නද අමතක කරන්න එපා. මොකද එමගින් ඔබේ මෙන්ම තවත් අයෙකුගේ දවස ප්‍රබෝධමත් කරන්න ඔබට හැකියාව තිබෙනවා.

📅 ප්‍රබෝධමත්, සාර්ථක දවසක් උදෙසා දෙසැම්බර් 20 වෙනිදා සිට උදෑසන 5ට දවසේ සිතුවිල්ල මේ පේජ් එකේ පළකරනවා.

අනිවාර්යයෙන් ඔබේ දවස Restart වේවි…

#charityshopsithuwilla යන #ටැග් එක ටච් කිරීමෙන් සහ එය Follow කිරීමෙන් ඔබට පහසුවෙන් නව සහ පැරණි සිතුවිලි කියවීමේ හැකියාව තිබෙනවා.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #sithuwilla #businesshubsithuwilla

ඔබට යමක් කළ හැකි බව විශ්වාස කළ හැකි නම් ඒ දෙය කිරීමේ හැකියාව ඔබ සතුව පවතී

ඔබට යමක් කළ හැකි බව විශ්වාස කළ හැකි නම් ඒ දෙය කිරීමේ හැකියාව ඔබ සතුව පවතී

මවක් හා පියෙක් දරුවන් බිහිකිරීමේ කාර්යයේ නිරතවීමෙන් පසුව පියාගේ ශරීරයෙන් මවගේ ශරීරයට මිලියන 4ක ශුක්‍රානුවන් ගමන් කරයි. මෙම ශුක්‍රනුවන් මවගේ ශරීරයේ අභ්‍යන්තරයේ දැඩි බාධක මැද්දේ දිවීමේ තරඟයට මුහුණ දෙයි. මෙම දිවීමේ තරඟයෙන් ජයග්‍රහණය ලබා මවගේ ඩිම්බය සමඟ සංසේචනය වී දරුවෙකු ලෙසින් මෙලොව එළිය දකින්නේ එක් ශුක්‍රානුවක් පමණි. එසේ මිලියන 4ක ශුක්‍රානුවන් පරදා මෙලොවට පැමිණි එම ජයග්‍රාහී ශුක්‍රානුව තමයි මමත් ඔබත්. අපි මෙලොවට බිහිවුනේ ජයග්‍රහණය දෝතේ බදාගෙනය.එම ජයග්‍රහණය අපි පහසුවෙන් ලබාගත් ජයග්‍රහණයක් නොවේ. මිනිස් ජිවිතයේ ආරම්භයම අභියෝගයකි. එම ප්‍රථම අභියෝගයටම මුහුණ දී අපට ජයගැනීමට හැකිවූයේ නම් මෙලොව එන අභියෝගයන්ට මුහුණදීමට ඇයි අපිට නොහැකි? මිනිසාට මෙලොව තිබෙන ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකිය.එයට අවශ්‍යවන්නේ ආත්ම විස්වාසය නැමති බීජය පමණි.

අපි එදිනෙදා ජීවිතයේදී නොයෙකුත් දුෂ්කරතාවන්ට සහ බාධාවන්ට මුහුණ දෙන්නෙමු. නමුත් එම අභියෝගවලට අප අතරින් සාර්ථකව මුහුණ දෙන්නේ අතළොස්සක් පමණි. අනිත් සෑම පුද්ගලයෙක්ම කරන්නේ එම අභියෝගවලින් පලායාමයි.මොවුන් මෙසේ කරන්නේ ඔවුන් තුල ආත්ම විශ්වාසය නැති නිසාය. මෙලොව ජයගත් සියලුම පුද්ගලයන් ආත්ම විශ්වාසයෙන් පිරිපුන් පුද්ගලයන්ය. මෙලොව පරාජය වූ බොහෝ පුද්ගලයන් එසේ පරාජය වුයේ ආත්ම විශ්වාසය නොමැති නිසාය. ඔබ දුප්පත් වෙන්න පුළුවන්, රෝගී වෙන්න පුළුවන්,තවත් බොහෝ ප්‍රශ්ණ ඔබට තිබෙන්න පුළුවන් නමුත් ඔබට ආත්ම විශ්වාසය තිබේ නම් මෙලොව ඕනෑම ජයග්‍රහණයක් අත්කරගත හැකිය.

ලාන්ස් ආම්ස්ට්‍රෝන් මොහු ලේ පිළිකා තුනකින් පෙළුණු රෝගියෙකි. ඔහු තමාගේ ජීවිතය ආරම්භ කළේ පිහිනුම් ශුරයෙකු හැටියටය. ඔහුට ලේ පිළිකාවන් වැළදුණු නිසා ඔහු සමඟ අත්සන් කරපු සියලුම පිහිනුම් ගිවිසුම් අවලංගු කරන ලදී.ඔහු එයින් සැලුනේ නැත. තමා තුළ තිබුණු ආත්ම විශ්වාසයේ බලයෙන් පරාජය තුට්ටුවකටවත් මායිම් නොකර දැඩි විශ්වාසයෙන් යුතුව බයිසිකල් ශුරයෙකු බවට ඔහු පත්වුණා.

ඔහුගේ එම ආත්ම විශ්වාසයේ ප්‍රතිඵලය වුනේ ලෝකයේ දිගම සහ වේගවත්ම පාපැදි තරඟය වුනු ප්‍රංශ පාපැදි තරඟය එකදිගට හත් වතාවක් ජයග්‍රහණය කිරීමයි. සිය ජයග්‍රහණයෙන් පසු ලාන්ස් ආම්ස්ට්‍රෝන් මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්ණයකට පිළිතුරු සපයමින් කියා සිටියේ සිතෙන් නිශ්චිත ඉලක්කයක් දැකිය හැකිනම්, එය ලබාගැනීමට විශ්වාසයෙන් සහ අධිෂ්ඨානශිලිත්වයෙන් යුතුව අඛණ්ඩව කැපවිය හැකිනම් මේ ලෝකයේ ඕනෑම ජයග්‍රහණයක් තහවුරු කළ හැකි බවය.

ලාන්ස් ආම්ස්ට්‍රෝන්ට ලේ පිළිකා තුනක් තිබියදී ආත්ම විශ්වාසයේ ශක්තියෙන් ලොව ජයග්‍රහණය කිරීමට හැකිවුයේ නම් නීරෝගී අපිට කොතරම් දේවල් කල හැකිද ?

ඔහු අවුරුදු හතරක පුංචි ළමයෙකි. ඔහුගේ මව සිත පුරා ආශාවන් පුරවාගෙන තමාගේ පුතාව නිළ ඇඳුමින් සරසවා පාසලට ගොස් ඇතුළත් කළාය. ශ්‍රවණ ආබාධයෙන් පෙළුණු ඔහුගේ සුරතල් නම ටොමිය. තමාගේ පුතා ලොව ජයගනී යැයි බොහෝ සිහින දුටු එම අහිංසක මවට ශෝකය උරුම කර දුන්නේය ටොමිගේ ගුරුවරිය. මාස තුනක් පමණක් පාසලට ගිය එම ළමයාගේ කමිස සාක්කුවේ ලියුමක් තබා නිවසට යවා තිබුණාය එම ගුරුවරිය.
ඉගෙනීමට සුදුසු නැති ඔබගේ මෝඩ ටොමිව මින්පසු පාසලට යවා අපට කරදර කරන්න එපා යන්නයි එම ලියුම.
මෙම ලියුම දැකපු ගමන් තමාගේ දරුවාව බදාගෙන එම මව, මගේ පුතා මෝඩයෙක් නෙමෙයි ඔහු දක්ෂයෙක් යැයි වැළපුනාය. මගේ පුතාට මමම උගන්වන්නම් ඔහුව මම බුද්ධිමතෙක් කරන්නම් යැයි දැඩි අධිෂ්ඨානයක් සිතේ තබා ගත්තාය එම අසරණ මව. ඇයගේ එම අධිෂ්ඨානය එම පුංචි සිඟිත්තාව ලෝක ප්‍රසිද්ධ කළාය.

ඉගෙනීමට නුසුදුසු යැයි මුද්‍රා තබන ලද එම ළදරුවා ගැන ඔහුගේ සොයාගැනීම් ගැන අද මුළු ලොවම කතා කරමින් සිටියි. පාසලට නොගිය එම ළමයා ගැන අද සෑම පාසලකම උගන්වනු ලබයි. ගුරුවරිය විසින් මෝඩ ටොමි යැයි හංවඩු ගසන ලද එම ළදරුවා වෙන කව්රුවත් නෙමෙයි ලොව වැඩිම සොයාගැනීම් සිදුකර නව නිර්මාණ සදහා පේටන්ට් පත්‍ර 1097ක් ලබාගත් තෝමස් අල්වා එඩිසන්ය.

තමාගේ මවගෙන් ඉගෙනගත් දැඩි අධිෂ්ඨානය හෙවත් ආත්ම විශ්වාසයේ ශක්තියෙන් ඔහු මුළු ලොවම ජයගත්තේය.

අපිට වැදගත් වන්නේ අප කරන්නේ කුමක්ද යන්න නොවේ අප කරන කාර්යයේ අපේ ශක්තින් ලොවට පෙන්නන්නේ කෙසේද යන්නයි. අප තුල ඇති ශක්තින් එළිකිරීම යනු අපගේ උනන්දුව,කැපවීම සහ විශ්වාසය පදනම මතයි සිදුවන්නේ. විශේෂයන්ම මතක තබාගත යුතු දෙය නම් අප කැමති දෙය අපට ලැබුනේ නැත්නම් අපට ලැබුණු දෙයට අපි කැමති විය යුතුය.

බොහෝ පුද්ගලයන් අසමත් වීමට බියය. වරක් අසමත් වුවහොත් ඔවුන් ඔවුන්ගේ ආත්ම විශ්වාසය නැති කරගනියි. නැවතත් එම කාර්යය කිරීමට බිය වෙයි. එකක් මතක තබාගන්න ලෝකයේ විශිෂ්ඨතමයන් බවට පත් වූ සියල්ලෝම ජිවිතයේ නොයෙක් අසමත්වීම් වලට මුහුණ දුන් පුද්ගලයන්ය. ඔවුන් ඔවුන්ගේ අසමත්වීම් පරාජයන් ලෙස නොසිතා ජයග්‍රහණයේ තවත් කඩඉමක් යැයි සිතා ඉදිරියට ගමන් කරපු නිසා තමයි ඔවුන්ට ජයගන්නට පුළුවන් වුනේ. තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බයක් දැල්වෙන එක් ආකාරයක් සොයා ගත්තේ එය නොදැල්වන අවස්ථා දස දහසක් පමණ අත්දුටු පසුවය.

ඒබ්‍රහම් ලින්කන් කීප වරක් බරපතළ පරාජයන්ට මුහුණ දුන් පුද්ගලයෙකි. පරාජයන්ට බියෙන් පැන යන කව්රුත් නොදිනන බවත්,දිනන කව්රුත් පැන නොයන බවත් පෙන්වා දීමට ඔහුගේ කතාවද උදව් කරගත හැකිය.

1831දී ඔහු ව්‍යාපාර කටුතුවලින් අසාර්ථක විය. 1832දී ව්‍යවස්ථාදායකයට තරඟ කොට පැරදුණේය. 1834දී යළිත් ව්‍යාපාරය බිඳ වැටුණේය. 1835දී ඔහුගේ පෙම්වතිය මරණයට පත් වුවාය. ඊළග වසරේදී ඔහුට ස්නායු ආබාධයක් වැළදුනේය. 1838දී කථානායක තනතුරට තරඟ කොට පරාජයට පත් විය. 1843දී සහ 1846දී කොන්ග්‍රසයට තරඟ කොට පරාජයට පත් විය. 1849දී ඉඩම් නිළදාරි තනතුරට තරඟ කොට පැරදුණේය. 1855දී සෙනෙට් මන්ත්‍රී තරඟයෙන් පරාජය වූ හෙතෙම 1856දී උපජනාධිපති නාම යෝජනාව අපේක්ෂා කළද එයද ප්‍රතික්ෂේප විය. 1858දී යළිත් සෙනෙට් මන්ත්‍රී තරඟයෙන් පරාජය වූ ඒබ්‍රහම් ලින්කන්, මේ සියලු පරාජයන් අත්දැක 1860දී ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බවට පත් විය.

අසමත්වීම්වලට බිය නොවන්න. IBM නිර්මාතෘ තෝමස් J වොට්සන් පැවසූ පරිදි ඔබට සාර්ථක වීමට අවශ්‍ය නම් ඔබේ අසාර්ථක වීමේ ප්‍රමාණය දෙගුණ කරන්න. සෑම පරාජයකින්ම පාඩමක් ඉගෙනගෙන ඉදිරියට යන්න. ඔබට ලොව ජයගත හැකිය.

බොහෝ පුද්ගලයන් විවේචනයට බියය. ඔස්කා වයිල්ඩ් පැවසූ පරිදි විවේචනය කරන්නා සෑම දෙයකම මිළ දනී. එහෙත් එහි වටිනාකම නොදනී. කව්රුන් හෝ තමාගේ ක්‍රියාවක් දැක දොස් කිවහොත් ඔවුන් එයින් අධෛර්යට පත් වී ආත්ම විශ්වාසය නැති කර ගනියි. අපි කරන සෑම ක්‍රියාවකම සහ කතා කරන සෑම වචනයකම දොස් දකින්නන් එසේ කරන්නේ අපි දුක් වෙන්න ඕන යැයි සිතාය. එක දෙයක් මතක තබාගන්න අපි දුක්විය යුතු යැයි අපගේ දොස් දැක කතා කරන්නන් කතා කරද්දී අපි දුක් වුවහොත් ඔවුන් ජය ලබයි. ඔබ එම දොස් දකින්නන් ජය ගන්නට ඉඩ සළසන්න එපා.ඔබ දුක්විය යුතු යැයි කව්රුහරි මොනවා හෝ කියද්දී ඔබ දුක් නොවී සිනාසුනහොත් ඔවුන් පරාජය ලබයි. අපව පරාජය කරන්න ආපු අයව අපි පරාජය කිරීම තමයි සාධාරණය මිස අපි දුක් වී පරාජය භාරගැනීම අසාධාරණය. මෙයට පහත සඳහන් කතාව කදිම නිදසුනකි.

පැරණි ඉන්දීය ඍෂිවරයෙකුගේ කතාවකට අනුව අසලින් ගිය අයෙකු ඔහුට අශෝබන නම් කිහිපයක් කියන්නට විය. එම පුද්ගලයා සියල්ල පවසා නිම කරන තුරු ඍෂිවරයා අසා සිටියේය.
කව්රුහරි දෙන දෙයක් භාර නොගතහොත් එය අයිති වන්නේ කාටද?
අවසානයේදී ඍෂිවරයා එම පුද්ගලයාගෙන් ඇසීය? ඒක දීපු පුද්ගලයාටමයි යනුවෙන් ඔහු පැවසීය. ඔයා කියපු කිසිම දෙයක් මම භාරගත්තේ නැහැ යනුවෙන් ඍෂිවරයා පැවසීය.

විවේචනයට බිය නොවන්න. ඔබ විවේචනය බාර නොගතහොත් ඔබට කණගාටුවිමට අවශ්‍ය නොවේ. ඔබ විවේචනය භාරගතහොත් ඔබට දුක්වීමට සිද්ධ වෙයි. ඇතැම් මනෝවිද්යාඥයින් පවසන අන්දමට මනුෂ්‍යයන්ට වැළදෙන සියලුම රෝග පීඩාවලට වඩා ශෝකය ඉමහත් ඛේදජනක පීඩාවක් මිනුසුන් තුල ඇති කරයි. ශෝකය ඔබ තුල ඇති වූ විට ඔබට ආත්ම විශ්වාසයෙන් ක්‍රියාකළ නොහැක. මිනිසුන්ට වැළදෙන බොහෝ රෝග පීඩාවලට මුල තැවුල් සිතින් කාලය ගත කිරීමයි. දුක්වීම යන වචනයට යොදනු ලබන Worry නැමැති ඉංග්‍රීසි වචනය බිහිවුයේ පැරණි ඇන්ග්ලෝ සැක්සන් වචනයකිනි. ඒ බසින් Worry යන්නෙහි අරුත “ගෙල මිරිකීම” යනුයි. කව්රුන් හෝ ඔබේ ගෙල සිර කරන විට ඔබට ඇතිවන මරණිය බිය සහ වේදනාව දුක යන වචනයේ අරුතය වේ. එසේ නම් ශෝකයට හෝ දුකට ඔබේ ගෙල මිරිකන්නට දෙන්නේ ඇයි?.

තමාගේ නම අත්සන් කිරීමට පවා උගත්කමක් නැති ලක්ෂපතියෝ ලෝකයේ කොතෙකුත් සිටියහ. අදත් සිටිති. උසස් ඉගෙනීමක් ලබා නොගත් මෙවැනි පුද්ගලයන් දියුණුවේ හීනි පෙත්තට නැගීමේ රහස කුමක්ද? ඔවුන් දැඩි චිත්ත ශක්තිය හෙවත් ආත්ම විශ්වාසයෙන් පිරිපුන් පුද්ගලයන්ය. ඔබත් ආත්ම විශ්වාසය වගා කළහොත් ඔබටත් ලොව විශිෂ්ඨතමයන් ලැයිස්තුවට එක්විය හැකිය. අවසාන වශයෙන් නැපෝලියන් හීල් පැවසූ පරිදි ඔබට යමක් කළ හැකි බව විශ්වාස කළ හැකි නම් ඒ දෙය කිරීමේ හැකියාව ඔබ සතුව පවතී.

Yathrawa blogspot වෙබ් අඩවිය හරහා උපුටාගන්නා ලදි. කතෲ අවිනිශ්චිතයි.

මේ ලිපියේ සියලුම කතා Business HUB අධ්‍යක්ෂ වන මාගේ ජීවිතයට සමාන වෙනවා. මාගේ දියුණුවේ රහස මාගේ අසමත්වීම් වේ. සෑම පරාජවීමකින්ම, අසමත්වීමකින්ම මා අලුත් දෙයක් ඉගෙන ගත්තා. කවදාවත් අත හැරියේ නෑ. වැටෙන හැම වෙලාවකම නැගිට්ටා. අනෙක් අයගේ කතා ගණන් ගත්තේ නෑ. මගේ ගමන මම ගියා. තවමත් යනවා. ඉතිං ඔබටත් පුලුවන් ඒ විදිහට දියුණු වෙන්න…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

අපට වඩා ඉහළින් සිටින මිනිසුන් සමඟ සබඳතා ගොඩනගා ගැනීම මඟින් සිදු වන්නේ අපේ සිතුවිලි පොහොසත් වීමයි

අපට වඩා ඉහළින් සිටින මිනිසුන් සමඟ සබඳතා ගොඩනගා ගැනීම මඟින් සිදු වන්නේ අපේ සිතුවිලි පොහොසත් වීමයි

මගේ ව්‍යාපාර අන්තිම ඩොලරය දක්වා බිඳ වැටුණහොත් අන්තිම ඩොලරය භාවිත කරමින් අමෙරිකාවේ ධනවතුන් ගැවසෙන ආපනශාලාවකට ගොස්, මම ඔවුන් සමඟ ජලය පානය කරමි. මෙසේ පවසා තිබුණේ අමෙරිකානු ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙකි.

මෙයින් කියැවෙන්නේ ඇසුරු කරන මිනිසුන් මත ඔබගේ සාර්ථක අසාර්ථක බව තීරණය වන බවයි. ඔබ බිඳ වැටුණු වෙලාවක සිටින්නේ අසාර්ථක මට්ටමේ නම්, කළ යුත්තේ අසාර්ථක වූ අය ඇසුරු කිරීම නොවේ. ඔබට වඩා සාර්ථක වූ, දියුණු වූ මිනිසුන් ඇසුරු කිරීමයි.

යහපත් සබඳතා යනු කුමක්ද? බුදු රජාණන් වහන්සේ පවා දේශනාකර ඇත්තේ බාලයන් ඇසුරු නොකොට පණ්ඩිතයන් ඇසුරු කරන ලෙසයි. අප වටා ඇති හැම සබඳතාවක් ම යහපත් සාර්ථක සබඳතා නොවේ. ඇතැම් දුර්වල, ඍණාත්මක අදහස් ඇති, පාපකාරී මිතුරන් ඇසුරු කිරීමෙන් ඕනෑම පුද්ගලයකු අයහපත් දේට පුරුදු වී අසාර්ථකත්වයට පත් වේ.

සාර්ථක පුද්ගලයන් සතු හොඳ පුරුද්දක් වන්නේ ජීවිතයට වටිනාකම් එකතුකර ගත හැකි යහපත්, සාර්ථක පුද්ගලයන් සමඟ හොඳ සබඳතා පවත්වා ගැනීමයි. මෙහිදී ආශ්‍රය කරන පුද්ගලයන් විසින් ඔබ ඉහළට ඔසොවා තැබීමක් සිදු කෙරෙයි. එවැනි සාර්ථක පුද්ගලයන් ඔබ සමඟ තම අත්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීම නිසා ඔබට එම සබඳතා මඟින් අමිල වූ දැනුමක් ලබා ගැනීමට අවස්ථාව උදා වේ.

මේ නිසා විවිධ වූ සාර්ථක පුද්ගලයන් සමඟ සබඳතා ගොඩනගා ගැනීම මඟින් ඔබගේ කාර්යයන් පහසු කරගැනීමට හැකියාව ලැබේ. ඔවුන්ගෙන් ඔබට අවශ්‍ය වන උදවු උපකාර වුවද මේ සබඳතා මඟින් ලබා ගැනීමට හැකි වේ.

එක් පුද්ගලයකුට කළ නොහැකි දේ තවත් අයකුට පහසුවෙන් සිදු කළ හැකිය. ඔබට කළ නොහැකි දේ යහපත් සබඳතා ගොඩනගා ගැනීම මඟින් පහසුවෙන් කරගැනීමට හැකි වේ. ඒ, ඔබගේ යහපත් සබඳතා මත, එම කාර්යය සිදු කළ හැකි අයකුගේ සහයෙනි. එමෙන්ම ජීවිතයට වටිනාකම් ගෙන දෙන අවස්ථා ද එම යහපත් සබඳතා ආශ්‍රයෙන් ඔබට ලැබිය හැකිය. එනම්, යම් ව්‍යාපාරික අවස්ථාවක්, රැකියාවෙන් ඉහළට යාමේ අවස්ථාවක්, තවත් වටිනා පුද්ගලයෙක් දැන හඳුනාගැනීමේ අවස්ථාවක් වැනි ඕනෑම අකාරයේ අවස්ථාවක් ඔබට ලැබිය හැකිය.

මෙලෙස ජීවිතයේ වටිනාකම් වැඩිකර ගැනීමට යහපත් සබඳතා නිසා හැකියාව ලැබේ. ඔබට ව්‍යාපාරිකයකු වීමට අරමුණක් තිබේ නම්, සාර්ථක ව්‍යාපාරිකයන් 10-15ක් වත් ඇසුරු කළ යුතුය. ඔබට කළමනාකරුවකු වීමට අවශ්‍ය නම් අවම වශයෙන් ඔබගේ ආයතනයේ සිටින ඉහළ නිලධාරීන් සමඟ හොඳ සබඳතා ගොඩනගා ගත යුතුය. ඔබට හොඳ ලේඛකයකු වීමට අවශ්‍ය නම් හොඳ ලේඛකයන් කිහිපදෙනකු හෝ ඇසුරු කළ යුතුය. ඔබ ඇසුරු කරන්නේ යමෙක් ද කාලයාගේ අවෑමෙන් ඔබ ද එවැන්නකු බවට පත් වේ. සාර්ථක මිනිසුන් මේ රහස දන්නා බැවින් ඔවුන් විවිධ දක්ෂතා ඇති අය සමඟින් යහපත් සබඳතා ගොඩනගා ගැනීමට පුරුදු වී සිටියි. එමනිසා ඔවුන් එවැනි සබඳතා ඇතිකර ගැනීමට උත්සාහ කරන අතර එවැනි සබඳතා ඇතිකර ගැනීමේ දක්ෂයන් ද වේ. එපමණක් නොවේ, එවැනි යහපත් සබඳතා ඔවුහු හොඳින් පවත්වාගෙන යාමට ද කටයුතු කරති. සබඳතා ගොඩනගා ගැනීමේ දී අප ලාබ ප්‍රයෝජන ලබා ගැනීමේ අදහසින් ම එම සබඳතා ඇතිකර ගැනීම සුදුසු නැත. අනෙක් අයට එය වැටහුණ විට එම සබඳතා පවත්වාගෙන යාමට ඔවුන් අකැමැති වේ. අවස්ථා හෝ යම් යම් ප්‍රතිලාභ ලැබීම එම සබඳතාවල අතුරු ඵලයකි. ඔබ එම සබඳතා පවත්වාගෙන යා යුත්තේ අවංක මිතුරු හැඟීමකින් යුක්තවයි. එකිනෙකාට උපකාර කරගනිමින් යහපත් සබඳතා පවත්වාගෙන ඉදිරියට යාමේ දී ඒ ඒ අවස්ථාවල දී උදවු උපකාර නිතැතින් ම ලැබේ. නමුත් සහය ලබා ගැනීම ලෙස හඳුන්වන්නේ ඔවුන්ගෙන් ද්‍රව්‍යමය හෝ මූල්‍යමය ආධාර උපකාර ලබා ගැනීම නොවේ. අප යහපත් සබඳතා ඇතිකරගෙන ඇති විට ඒ අතුරින් යම් පුද්ගලයෙක් පවසන යම් අදහසක් අපගේ මුළු ජීවිතයම, අනාගතය ම වෙනස් කිරීමට වුවද ඉඩ තිබේ. ඇතැම් විට ඔවුන් සිදුකරන දේවල් දැකීම මඟින් ඔබට අලුත් අදහසක් ඇති විය හැකිය.

නමුත් යහපත් සබඳතා පවත්වාගත යුත්තේ, හදිසියක දී මුදල් ලබා ගැනීමට, අවශ්‍යතාවකදී ඔවුන්ගේ වාහනය ඉල්ලා ගැනීමට නොවේ. එමෙන්ම අපිට මෙවැනි වටිනා ඉහළ පුද්ගලයන් සමඟ සබඳතා ඇති බව ලෝකයට පෙන්වීමට ඔවුන් සමඟ ඡායාරූප ලබාගෙන සමාජමාධ්‍යවලට දැමීම වැනි පටු අරමුණු වෙනුවෙන් ද නොවේ.

අපට වඩා ඉහළින් සිටින මිනිසුන් සමඟ සබඳතා ගොඩනගා ගැනීම මඟින් සිදු වන්නේ අපේ සිතුවිලි පොහොසත් වීමයි. අපි සිතන පතන ආකාරය, සිතුවිලි රටාව වෙනස් වීමයි. එවිට අපට දැන් ඉන්නා මානයෙන් ඉහළ තත්ත්වයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. ලෝකයේ මිනිසුන් වර්ග තුනකට බෙදිය හැකිය.

* ඉතාම දිළිඳු ලෙස සිතන අය – මෙවැන්නන් කිහිපදෙනකු එක් වූ විට කතා කරන්නේ ඕපදූපය. අනුන්ගැන කතා කරයි.

* මධ්‍යම ලෙස සිතන අය – මෙම පුද්ගලයන් වැඩි වශයෙන් කතා කරන්නේ සිදුවීම් හා සිද්ධීන් පිළිබඳයි.

* ඉහළ සිතුවිලි සහිත මිනිසුන් – මෙවැන්නන් නිතර හමු වූ විට කතා බහ කරන්නේ අනාගතය, සැලසුම්, ඉලක්ක, කළ හැකි දේ සහ එම දේවල් කළ යුතු ක්‍රම පිළිබඳයි. ඔබ යම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යනවා යැයි සිතමු. එවිට ඔබ ඇසුරු කරන පුද්ගලයෙක් මෙය අසාර්ථක ක්‍රියාවක් බවත් මේ යුගයේ දී ලංකාවේ ව්‍යාපාර කිරීම සාර්ථක නොවන බවත් පැවසිය හැකිය. එම පුද්ගලයා දිළිඳු සිතුවිලි සහිත අයෙකි. මේ නිසා ආරම්භ කිරීමට ගිය ව්‍යාපාරය අතහැරීමෙන් ඔබ කිසිවක් සිදුනොකරන පුද්ගලයෙක් බවට පත් වේ. නමුත් ධනවත් සිතුවිලි ඇති අයෙක් නම් ඔබගේ අදහසේ ඇති අඩුපාඩු පෙන්වා දී ඒවාට වෙනත් සාර්ථක උපක්‍රම මඟින් විසඳුම් ලබා ගැනීමට ඔබේ සිත පොළඹවයි. ඔබ දිරිමත් කරමින් උපදෙස් ලබා දීමට කටයුතු කරයි. ඒ වෙනුවෙන් ඔහු එක් රුපියලක් හෝ වියදම් නොකළ ද ව්‍යාපාරය ඇරැඹීමට අවශ්‍ය ධෛර්යය ලබා දෙයි. මෙලෙසින් ඔබට ලබා දෙන මානසික පෙලඹවීම් හා උපදෙස් මිල කළ නොහැකි ය.

ප්‍රවීණ දේශක, මොහාන් පල්ලියගුරුගේ උපදෙස් මත අයන්ති උඩුගම්පල විසින් තරුණී .lk වෙබ් අඩවියට සම්පාදනය කල ලිපියකි.

Business HUB කියන්නේ මිනිස්සුන්ට සාර්ථක වෙන්න මගපෙන්වන තැනක්. බොහොමයක් අය Business HUB එකේ ජීවිතය සාර්ථක කරගන්න පළකරන ලිපි නොකියවා වෙනත් විශ්ව ආකර්ෂණ නීතීය සහ විවිධ වූ මිත්‍යාමත දරන ගෲප් වල පෝස්ට් ශෙයාර් කරනවා, කමෙන්ට් කරනවා අපි දැක තිබෙනවා. තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් එකදු හෝ ක්‍රියාමාර්ගයක් නොගෙන සාර්ථකත්වය තමන් ලඟට එනකම් බලාගෙන ඉන්නවා. ඔවුන් පලකරන පෝස්ට් වලට ඔවුන්ට දහස් ගණනින් කමෙන්ට් කර අනුබල දෙන්න අනුගාමිකයන් සිටිනවා. බුද්ධියෙන් විමසා බලන්න. ඔබ සිටින්නේ හරි තැන නොවෙයි. ඔබට සාර්ථකත්වය අවශ්‍යයිනම් ඔබ රැඳිලා ඉන්න ඕන තැනක් තමයි Business HUB කියන්නේ..

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

අරමුණු සහගත වීම, ඒ සඳහා නිරතුරු ව සූදානම තබා ගැනීම අතිශයින් ම වැදගත්

අරමුණු සහගත වීම, ඒ සඳහා නිරතුරු ව සූදානම තබා ගැනීම අතිශයින් ම වැදගත්

පුරාණයේ එක්තරා ගස් කපන්නන් දෙදෙනෙකු සිටියා. දෙදෙනා ම වැඩ කලේ එක ම හාම්පුතෙක් යටතේ. මේ ගස් කපන්නන් දෙදෙනා ම ඉතාමත් හොද යහළුවෝ. පලමුවැන්නා වුණේ විල්. ඔහු මේ හාම්පුතා ගාව වැඩට ඇවිත් වසර 05 ක් ගතවෙලා තිබුණා. දෙවැන්නා වුණේ ජෝන්. ඔහු මේ හාම්පුතා ගාවට වැඩට ඇවිත් තාම අවුරුදු 02 ක් විතරයි. එක්තරා මාසයක වැටුප් ගෙවන දවසේ ජෝන්ගේ වැටුප වැඩි කරලා තියෙනවා විල් දැක්කා. නමුත්, ඔහුටත් වඩා කාලයක් තමන්ගේ හාම්පුතා වෙනුවෙන් කැප වී වැඩ කල තමන්ට වැටුප් වැඩිවීමක් නෑ. මේ ගැන කෙලින් ම, හාම්පුතාගෙන් අහන්න විල් තීරණය කලා.

“හේතුව මේකයි විල්. ඔයා දන්නවා අපි ලාභය බලාගෙන වැඩ කරන්නේ කියලා. මට ඕනේ වැඩ. ජෝන් ගිය මාසයේ කපපු ගස් ප්‍රමාණය සහ ඔයා ගිය මාසයේ කපපු ගස් ප්‍රමාණය ගණන් කරලා බලන්න. පහුගිය මාස හයේ ම, ජෝන් ඔයාට වඩා වැඩ පෙන්නලා තියෙනවා. ඉතින් මට ඔහුට වැටුප් වැඩි වීමක් දෙන්න සිද්ධ වුණා.” හාම්පුතා කිව්වා.

“හොදයි. මම එයාගේ මට්ටමට ආවොත් ඔයා මට වැටුප් වැඩි කරලා දෙනව ද?” විල් බලාපොරොත්තු සහගත ව ඇහුවා.

“නිසැකවම. මම අසාධාරණ මනුස්සයෙක් නෙවෙයි. ඔයා කරලා පෙන්නන්න. ජෝන්ට ලැබුනේ මොකක් ද? ඒක ඔබටත් ලැබේවි.” විල් ගේ දෑස් බලාපොරොත්තුවෙන් පිරුණා.

ඊළග දවසේ විල් ජෝන්ටත් කලින් වැඩට ආවා. ජෝන් විවේක ගන්නා වේලාවෙත් වැඩ කලා. සමහර වෙලාවට ජෝන් සේවය නිමවෙලා යද්දිත් තවත් පැය භාගයක් පමණ විල් රැකියාවේ නිරත වුණා. මේ පාර නම්, ජෝන් ව පරද්දලා මම කොහොම හරි ගස් වැඩිපුර කපනවා. විල් හිතුවේ එහෙම.

ඒත්, මාසය අවසානයේ සංඛ්‍යාලේඛණ පරීක්ෂාවෙ දි විල්ගේ ඇස් උඩ ගියා. ඒ මාසයෙත් ජොන්ට ලං වෙන්නවත් ඔහුට නොහැකි වී තිබුණා. ඔහු කෙලින් ම ජෝන් ව හමු වී මේ ගැන අසන්නට තීරණය කලා.

“මම උඹට කලින් වැඩට ආවා. උඹ විවේක ගත්දිත් මම වැඩ කලා. උඹ සමහර දවස්වල ගෙදර යනකොටත් මම වැඩ. ඇත්ත කියපං. කොහොම ද ඒ කරලත් උඹ මට වඩා ගස් වැඩිපුර කැපුවේ? උඹ බොරු කරනවා නේද?” විල් තරමක් සැකයෙන් ජෝන්ගෙන් ප්‍රශ්න කලා.

“නැහැ මගේ මිත්‍රයා. මම බොරුවක් කලා නෙවෙයි. ප්‍රශ්නය තිබෙන්නේ උඹගේ ඇතුලේමයි. උඹ මම විවේක ගත්තේ අඩුවෙන් බව දැක්කා. නමුත් උඹ දැක්කා ද මම ඒ විවේක වෙලාවේ මොකක් ද කරන්නේ කියලා. විල්, මම ඒ වෙලාවෙන් කොටසක් අරගෙන හැමවිට ම මගේ පොරව මුවහත් කලා. වැඩට පටන් ගන්න කලින්, වැඩේ අතරතුර, වැඩ අවසානයේ මේ හැම තැනකදි ම, මම මගේ පොරව මුවහත් කරන්නට පොඩි වෙලාවක් හරි දුන්නා.” උඹ අන්තිමට උඹගේ පොරව මුවහත් කලේ කවද්ද?

“මීට අවුරුදු දෙකකට කලින්.” විල් වික්ෂිප්ත ව, නමුත් වෙලා තියෙන දේ තේරුම් ගනිමින් කිව්වා.

අපි බොහෝ දෙනා ඇත්තට ම විල්ගේ විදියමයි. සරළව ම මේක පැහැදිලි කලොත්, මේ අවුරුද්ද පටන් ගන්න කලින්, මේ අවුරුද්ද වෙනුවෙන් මට මෙහෙම බලාපොරොත්තු, අරමුණු තිබුණා කියලා, ඔබට ආසන්නයේ ම මතක් වුණ දවස කුමක් ද? ඔබ ඒ අරමුණු තමන්ගේ සිතට මතක් කර දෙමින්, ඒවා නැවත නැවතත් මුවහත් කරමින්, තමන්ගේ අරමුණ කරා යන ගමනේ බාධක විදියට නැගෙන රූස්ස ගස් කපා දාන්න කටයුතු කලා ද? ඉලක්කයක් හඹා යනවිට, අරමුණු සහගත බව, ඒවා නිරතුරුව ම සිහිපත් කර ගැනීම සහ ඒ වෙනුවෙන් වැඩ කිරීම අතිශයින් ම වැදගත්. ජීවිතයේ ඇතැම්විට අපිට අරමුණු තිබෙනවා. නමුත්, ගමන යන අතරවාරයේ දී අපිට ඒ අරමුණු අමතක වෙනවා. ඒක හරියට ම මොකක් වගේ ද දන්නව ද? ඒක හරියට, ඔබට ගමනක් යන්න පටන් ගත්තට පස්සේ කිසියම් තැනක දි මගේ ගමනාන්නතය වුණේ මොකක් ද කියන එක අමතක වෙනවා වගේ. අසරණයි නේද? කවුරුන් නිසා ද? තමන්ගේ ම දුර්වලතා නිසා.

අරමුණු සහගත වීම, ඒ සඳහා නිරතුරු ව සූදානම තබා ගැනීම අතිශයින් ම වැදගත්. අමෙරිකාවේ සුප්‍රකට ජනාධිපතිවරයා ඒබ්‍රහම් ලින්කන් වරක් කිව්වා මෙහෙම.

” මට ගසක් කපන්නට පැය 06 ක් ලබා දුනහොත්, ඉන් පැය 04 ක් ම මම කරන්නේ පොරව මුවහත් කිරිමයි.” අරමුණ වෙනුවෙන් අවශ්‍ය පරිසරය සකසා ගැනීමට කැපවීම, ඒ වෙනුවෙන් වැඩ කිරීම කොතරම් වැදගත්දැයි මින් පැහැදිලි වනවා. අරමුණු සහගත, මුවහත් මිනිසෙක්ට ලේසියෙන් අභියෝග නමැති වෘක්ෂ බිම දාන්න පුළුවන් වුණාට, අරමුණකින් තොරව, අපැහැදිලි මුවහත් නොමැති අයෙකුට, අභියෝග නමැති වෘක්ෂ බිම දැමීම ලේසි නැහැ.

ඒ නිසා, නැවත තමන්ව සංවිධාන කරන්න අද දවස භාවිත කරන්න. හැම දවසක් ම, තමන්ගේ අරමුණු මුවහත් කරන්න උත්සාහ කරන මිනිස්සු, ලේසියෙන් පරදින්නේ නෑ. පරද්දවන්න බෑ.

Business HUB පේජ් එකෙන් අපි දිනපතා කරන්නේ දැනුම දෙන එක. හැමෝගෙන්ම වැඩ පටන් ගන්න කලින් මම ඉල්ලන එකම දේ ලිපි සියල්ල කියවා වැඩ ආරම්භ කරන්න කියා. නමුත් බොහොමයක් අය ලිපියක් දෙකක් කියවා වැඩ පටන්ගන්නවා. හැබැයි සාර්ථක වෙන්නේ නෑ. මොකද සාර්ථක වෙන්න අවශ්‍ය දැනුම ඔබ ලබාගෙන බෑ. මම හැම මොහොතකම ඔබට කියන්නේ හැම නිදහස් වෙලාවකම ඉගෙන ගන්න කියලා. එක තත්පරයක්වත් නාස්ති කරන්න එපා කියලා. ඔබට මුදල් උපයන්න අවශ්‍යයිනම් ඒ වෙනුවෙන් මුලින්ම කැපවෙන්න.

මුවහත් වෙන්න. අභියෝග බිම දාන්න.

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

දියුණු වෙන්න වැඩ කරමුද

දියුණු වෙන්න වැඩ කරමුද

අපිට පුංචි කාලේ ඉඳලම කියන දෙයක් තමයි කම්මැලි වෙන්න එපා කියන එක. මතකද, පුංචි කාලෙදී අපිට කුහුඹුවන්ව ආදර්ශයට ගන්න කියනවා, මී මැස්සන්ව ආදර්ශයට ගන්න කියනවා. එහෙම ආදර්ශයට අරගෙන කම්මැලි නොවී, උදාසීන නොවී ජීවත් වෙන්න කියනවා! හැබැයි ඉතින් ඇත්තටම කම්මැලි නොවී ඉන්න කිවුවට, කම්මැලි නොවී ඉන්නේ කොහොමද කියලා කවුරුවත් කියලා දුන්නෙ නැහැනේ. ඉතින් අපි ඔය කම්මැලි නොවී ඉන්න කියන අවවාද හිස්මුදුනෙන් පිළිඅරගෙන, හැබැයි ලෝක කම්මැලියෝ විදියට ලොකු වෙනවා!

ඇත්තටම කම්මැලි වීම, උදාසීනත්වය නිසා වැඩ කල් දැමීම වගේ දේවල් ජීවිතේට ඒ තරම් හොඳ දේවල් නෙවෙයි. මොකද ජීවිතේ ඉෂ්ට කරගත යුතුම යම් යම් දේවල් අපේ අතින් ගිලිහී යන්නත් මේ උදාසීනත්වය, කම්මැලිකම හේතු වෙන්න පුළුවන්. Business HUB පේජ් එකෙන් අපි කලිනුත් කියලා තියෙනවා, උදාසීන වීම සහ කම්මැලි වීම නිසා කෙනෙක්ගේ ජීවිතෙන් මගහැරෙන්න පුළුවන් වටිනා දේවල් ගැන.

උදාහරණ විදියට ගත්තොත්, ජිම් එකට යන්න සහ සමබරව ආහාර ගන්න තියෙන කම්මැලිකමට අපි අලගෙඩි වගේ මහත් වෙන්න තෝරගන්නවා. එදිනෙදා පාඩම් වැඩ එදිනෙදා කරන්න තියෙන කම්මැලි කම නිසා විබාගෙට දවස් දෙක තුන තියලා ෆුල් ස්ට්‍රෙස් පිට වැඩ කරලා සමහර වෙලාවට විභාග ඇණගන්නවා. අපිට ජීවිතේ සාක්ෂාත් කරගන්න ඕන දේවල් වෙනුවෙන් වැඩ කරන්න තියෙන කම්මැලි කමට ඒවා හෙටට කල් දදා ඉඳලා අන්තිමට ඒවා දවල් හීන විදියටම ඉතුරු කරගෙන මැරිලා යනවා.

අන්න ඒ නිසා අපි හිතුවා, කම්මැලි නොවී ඉන්න කියනවා වෙනුවට, කම්මැලි නොවී ඉන්නේ කොහොමද කියලා කියලා දෙන්න.

1. ගිය දේ ගියාවේ

පළවෙනිම දේ තමයි අපිට කාලය හරහා ආපස්සට ගිහින් දේවල් වෙනස් කරන්න බැහැයි කියන එක තේරුම් ගන්න එක. සමහර වෙලාවට අපි ජීවිතෙන් අවුරුදු දහයක් පහළොවක් නාස්ති කරලා ඇති කම්මැලි කමට, දවල් හීන බල බලා ඉන්න. හැබැයි ඉතින් අපිට ආපස්සට යන්න බැහැනේ. අන්න ඒ නිසා අපි ඒකට අපිටම බැණ බැණ, දුක් වෙමින් ඉඳලා වැඩක් නෑ. ඉතින් කම්මැලිකමෙන් අත්මිදිලා හරියට වැඩ පටන් ගන්න නම්, ගිය දේ ගියාවේ කියන දර්ශනේ තේරුම් ගන්න සහ පිළිගන්න වෙනවා. අපේ හුස්ම වැටෙනවා නම්, තාමත් අපි ප්‍රමාද නෑ කියන එක අවබෝධ කරගන්න වෙනවා. අද ඉඳන් හරි වැඩේ පටන් ගන්න එක තමයි වෙන්න ඕන කියලා පිළිගන්න වෙනවා. අන්න ඒක තමයි පළවෙනි ස්ටෙප් එක.

2. එක සරල පියවරකින් පටන් ගමු

සාමාන්‍යයෙන් අපිට හීන දකින්න ලේසි වුණාට, ඇත්තටම කම්මැලි කම අතෑරලා ඒ හීන හැබෑ කරගන්න ඕන කියලා හිතුවත්, කොහෙන්ද පටන් ගන්නේ කියලා හිතාගන්න එක ලේසි නෑ. ඇයි ඉතින් පොඩි වැඩකුත් නෙවෙයිනේ. උදාහරණයක් විදියට ගත්තොත් ඇඟ අඩු කරලා, ලස්සන ඇඟක් හදාගන්න එක ගමු. දැන් ඕක ලොකු ප්‍රොජෙක්ට් එකක් නිසා කල්දාන එක වළක්වාගන්න කරන්න පුළුවන් දේ තමයි, ඒක එක පාරටම ලොකුවට වැඩක් විදියට කරන්න යන්නෙ නැතුව පහසුවෙන් කරන්න පුළුවන් පොඩි දේවල් කරන එක. උදාහරණයක් විදියට ගත්තොත්, දවසට විනාඩි දහයක් ඇවිදිනවා. අමාරු නෑනේ. හැබැයි පටන් ගැන්මට අවුලකුත් නෑ. ආන්න ඒ විදියට කම්මැලිකම දුරුකරලා කරන්න හිතන ඕන වැඩක් සරල පියවරකින් තමයි පටන් ගන්න ඕන. එතකොට අතරමග ඇණහිටින්නෙ නැතුව ඇදගෙන යන්න පුළුවන්.

3. මැනේජ් කරන්න පුළුවන් කොටස් වශයෙන්

උඩ කියපු දේම තමයි මෙතනදීත් වෙන්නේ. අපිට කම්මැලිකම නැතුව දෙයක් කරන්න ඕන කියලා හිතුවත් ඔන්න හිතෙනවා මේක පට්ට අමාරු ප්‍රොජෙක්ට් එකක්නේ කියලා. ඉතින් ඒ අමාරු කම නිසාම වැඩේ අල්ල අල්ල ඉඳලා ඔන්න ඔහේ කියලා අතෑරලා දානවා. හැබැයි ඇත්ත කතන්දරේ මේකයි. ඕනම අමාරු, සංකීර්ණ ප්‍රොජෙක්ට් එකක් හැදෙන්නේ පොඩි පොඩි වැඩ එකතුවෙලා නෙවෙයිද? අන්න ඒ නිසා කරන්න ඕන දේවල් දෙකක් තියෙනවා.

එකක් තමයි ප්ලෑනක් ගහන එක. එතනදී අපිට පුළුවන් අපිට කම්මැලි කම අතෑරලා දාලා කරන්න ඕන දෙයක් පොඩි කොටස් වලට, පොඩි වැඩ වලට කඩා ගන්න. ඊට පස්සේ අවධානය යොමු කරන්න ඕන ඒ පොඩි කොටස් වලින් එක් එක් ඒවාට විතරයි. දෙවෙනි දේ තමයි ඒ පොඩි වැඩ එක එකක් කරන එක. අන්න එතකොට අපි දන්නෙම නැතුව ලොකු වැඩේ සිද්ධ වෙලා ඉවරයි.

4. කම්මැලි වෙලාවයි, වැඩ කරන වෙලාවයි

දැන් එක දිගටම වැඩ කරගෙන කරගෙන යන එක පොඩ්ඩක් පුරුදු වුණහම ෆන් තමයි. හැබැයි ඒ ෆන් එක හැමදාම තියෙන්නේ නෑ. එක දිගටම වැඩ කරනකොට කාට වුණත් එපා වෙනවා. ඒ වගේම තමයි, කම්මැලි කම අත ඇරලා මුල් වතාවට වැඩ කරන මනුස්සයෙක්ට වුනත්. එක දිගටම වැඩේ යනකොට එපා වෙනවා. එතකොට ආයෙමත් කම්මැලිකම පැත්තට ඇදෙන්න පටන් ගන්නවා. ආන්න ඒකට කරන්න පුළුවන් දෙයක් තමයි වැඩ කරන අතරතුර පොඩි පොඩි බ්‍රේක්ස් ගන්න එක. ඒ කියන්නේ එකක් දවසේ වැඩ අතරේ පොඩි බ්‍රේක්ස් ගන්න එක. ඊලඟය එක දිගට වැඩ කරන්නේ නැතුව සතියකට දවසක් හෝ නිවාඩුවක් ගන්න එක. ඒ වගේම අවුරුද්දකට සතියක හෝ දෙකක ලොකු බ්‍රේක්ස් ගන්න එක. මේ බ්‍රේක්ස් වල ඇති තරම් කම්මැලි සුවය විඳින්න පුළුවන්. අන්න එතකොට වැඩ කරන ටිකත් හොඳ කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්න පුළුවන්.

5. කම්මැලි උත්තේජන තාවකාලිකව වහලා දාමු

මේකත් අපි ඔය කාර්යක්ෂමතාවය දියුණු කිරීම වගේ ටොපික්ස් වලදී කියලා තියෙන දෙයක්. ඒ තමයි අපේ කම්මැලිකම උත්තේජනය කරන දේවල් තාවකාලිකව ඉවත් කිරීම. උදාහරණ ගමුද? මලාට ඇඳක් තියෙන තැනක වැඩ කරන්න එපා. අඩු තරමින් සුවපහසු සෝපාවක්, පුටුවක් තියෙන තැනකවත් වැඩ කරන්න තෝරගන්න එපා. හිතෙන්නෙම ගිහින් ඇලවෙන්න. එතකොට වැඩ කරන අතරතුර කම්මැලි හිතිලා ෆේස්බුක් යන්න ෆෝන් එක අතට ගන්න හිතෙනවා නේද? හිත දැඩිකරගන්න. පුළුවන් නම් වැඩ කරන වෙලාවට ඔය සෝෂල් මීඩියා වලින් ලොග් අවුට් වෙලා හිටියත් කමක් නෑ. ඔන්න ඔය වගේ අපි කම්මැලි කමට කරන දේවල්, වැඩ කරන වෙලාවට කරන්න තියෙන ඉඩ අහුරලා දාන්න.

6. හීන දකින්න, හැබැයි හීන හැබෑ කරගන්න පාරත් මැප් කරගන්න

ඇත්තටම අපි උඩිනුත් කිවුවා වගේ, අපි හැමෝටම වගේ හීන තියෙනවා. හැබැයි ගොඩක් දෙනෙක් ඒ හීන හැබෑ කරගන්නෙ නැතුව මැරිලා යනවා. ඇත්තටම මේ හීන හැබෑකරගන්න බැරි, ඒකට මුදල් හදල්, තත්ත්වය, බලය වගේ දේවල් නැති හින්දම නෙවෙයි. ගොඩක් වෙලාවට ඒකට හේතුව හීන හැබෑ කරගන්න හරියට මැප් එකක් ගහගන්න දන්නෙ නැති නිසා. උදාහරණයක් විදියට කිවුවොත්, හොඳට සල්ලි හම්බුකරන්න නම් හොඳ රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන්න ඕන. ඒකට දැනුම ඕන. දැනුම ලබාගන්න ඉගෙන ගන්න ඕන.

දැන් කම්මැලි කම දුරලන එකට මේ හීන හැබෑ කරගැනීමේ තියෙන සම්බන්ධේ මොකද්ද? ඇත්තටම හීන විතරක් තියෙන, ඒවලට යන්න පාර නොදන්න මනුස්සයෙක්ට තමන්ගේ කුසීත කමෙන් මිදෙන්න අමාරුයි. ඒත් මැප් එක අතේ තියෙන මනුස්සයෙක්ට, ඒක අලස ගති අතෑරලා අළු ගසාදාලා නැගිටින්න හොඳ උත්තේජනයක් වෙන්න පුළුවන්. ඒක තමයි සම්බන්ධේ.

7. ජීවිතේ සංකීර්ණ බව අඩු කරගන්න

අපේ ජීවිතේ හොඳ සංකීර්ණත්වයක් සහ නරක සංකීර්ණත්වයක් තියෙනවා. හොඳ සංකීර්ණත්වයක් කියන්නේ හරියට සර්කිට් එකක් වගේ. නරක සංකීර්ණත්වයක් කියන්නේ කුණු රොඩු පිරුණු වතුර බටයක් වගේ. අන්න ඒ නිසා අපි මේ නරක සංකීර්ණත්වය, ව්‍යාකූලත්වය ජීවිතෙන් අයින් කරගන්න ඕන. එහෙම නැතිනම් අපි ලේසියෙන්ම තෝරගන්නේ පැත්තකට වෙලා ආයෙමත් කම්මැලි වෙන්න.

මෙතනදී අපිට වෘත්තිය ජීවිතේ වගේම පෞද්ගලික ජීවිතේත් තියෙන ව්‍යාකූලත්වය නැති කරගන්න වෙනවා. ඒ වගේම පෞද්ගලික ජීවිතය සහ වෘත්තිය ජීවිතය වෙන වෙනම පවත්වා ගන්න වෙනවා. ඒ ඇරෙන්න අපේ මේ ජීවිත දෙකේම තියෙන අනවශ්‍ය ක්‍රියාකාරකම්, අනවශ්‍ය සංවේදී තැන්, අනවශ්‍ය හැඟීම් පිටාර ගැලීම් නවත්වා ගන්න වෙනවා.

8. ප්‍රමුඛතාවයන් හරියට

අපේ ජීවිතේ වුනත්, වැඩ කරන දවසකදී වුනත් ප්‍රමුඛතාවයන් මොනවද කියලා තීරණය කරගන්න එකත්, කම්මැලිකමෙන් අත්මිදෙන්න අවශ්‍යයි. මොකද, එතකොට කම්මැලි නැතුව ඒ වැඩ ටික ඉවර කරලා විවේකෙන් ඉන්න පුළුවන් කියන හැඟීම තියෙනවා. ඒක කම්මැලි නොවෙන්න හොඳ උත්තේජනයක්.

මෙතනදී අපිට අපෙන් අහලා බලන්න පුළුවන් ප්‍රශ්න දෙකක් තියෙනවා. “අපිට වැඩ කරන්න තියෙන්නේ අද දවසට පැය දෙකයි නම්, අපි මොනවද ඒ පැය දෙකේ කරන්නේ?”. “අපිට අද පැයක ෆ්‍රී වෙලාවක් තියෙනවා නම්, අපි ඒ ෆ්‍රී පැයේ මොනවද කරන්නේ?”. ආන්න ඒ ප්‍රශ්න දෙකට හරියට උත්තර හොයාගත්තා කියන්නේ, අපේ දවසේ ප්‍රමුඛතාවයන් අඳුනාගත්තා කියන එක. ආන්න ඊට පස්සේ ප්‍රමුඛතාවය අනුව වැඩ කරන්නයි තියෙන්නේ.

9. ආශ්‍රය කරන්නේ කවුද?

ඇත්තම කිවුවොත් ජීවිතේ කම්මැලිකම දුරලා ජයගන්න අපි ආශ්‍රය කරන මිනිස්සු අතිශයින්ම වැදගත් වෙනවා. ඒ විධි දෙකකට. එකක් තමයි, අපි ආශ්‍රය කරන්නේ සහ සමීප වෙලා ඉන්නේ ෆුල් නෙගටිව්, කම්මැලිකමෙන්ම ඉන්න, චව් චව් මොඩ්ල් එකේ මිනිස්සු නං, අපිටත් ඒ මිනිස්සුන්ගෙන් කිසිම උත්තේජනයක් ලැබෙන්නෙ නෑ ජීවිතේ යමක් කරන්න. හැබැයි අපිට කැපවීමෙන්, උත්සාහයෙන් ඉස්සරහට යන, ප්‍රොෆෙෂනල්, තමන්ගේත් අනුන්ගේත් දියුණුව ගැන හිතන මිනිස්සු ආශ්‍රය කරන්න පුළුවන් නම්, ආන්න අපිටත් කුසීත, උදාසීන කම් වලින් මිදිලා, වැඩ කල් දමමින් ඉන්නෙ නැතුව ඉස්සරහට යන්න පුළුවන්.

එතකොට දෙවෙනි විදිය මේකයි. අපේ ජීවිතේ ඉන්න ඕන පර්සනල් කෝච් කෙනෙක්. ඒ කියන්නේ අපේ යහපත ප්‍රාර්ථනා කරන, අපි කම්මැලි වෙනකොට අපේ වටිනාකම පෙන්නලා දීලා අපිව ඉස්සරහට ඇනලා දක්කන ජාතියේ මනුස්සයෙක්. ඒ කියන්නේ අපිට ආදරේ කරන, අපිත් ආදරේ කරන, ඔක්කොටම වඩා අපි කීකරු වෙන කෙනෙක්. අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, හොඳම යාලුවා වෙන්න පුළුවන්, ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්. හැබැයි අපි පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකොට පොඩි පුෂ් එකක් දීලා ඉස්සරහට යවන්න හැකියාව තියෙන කෙනෙක් වෙන්න ඕන!

10. ලයිෆ්ස්ටයිල් එකත් මැටර්ස්

මේක ඉතින් හැමදාමත් කියන දෙයක් තමයි. අපේ ජීවන රටාවනුත් ඇත්තටම අපි අලස, කුසීත කඳන් පණුවෝ වගේ ජීවත් වෙන එකට බලපානවා. අන්න ඒ නිසා සරලවම කිවුවොත් නිරන්තරයෙන් ව්‍යායාම කරලා, සමබර සහ පෝෂ්‍යදායී ආහාර වේලක් අරගෙන බැලන්ස් එකේ සෞඛ්‍ය සම්පන්නව ජීවිතේ ගෙනියන එක, ජීවිතේ විනෝදාස්වාදය සඳහා දේවල් තියෙන එක, ගේ ඇතුළටම වෙලා ඉන්නෙ නැතුව පොඩ්ඩක් එළිපහළියට බැහැලා ජීවත් වෙන එක එහෙමත් ඔය කුසීත, උදාසීන, කම්මැලි ජීවිතේ වෙනස් කරන්න වැදගත්.

ඒ විතරක් නෙවෙයි, එක දිගටම එකම තැනක වාඩි වෙලා හරි ඇලවෙලා හරි ඉන්නෙ නැතුව, පැය බාගෙකට සැරයක් වත් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන එක පවා වැදගත්.

එහෙමනම්, අපි කම්මැලිකම් අතෑරලා, දියුණු වෙන්න වැඩ කරමුද?

Business HUB එකේ ලිපි කියවලා ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න. කම්මැලි වෙන්න එපා. දියුණු වෙන්න ඔබේ කැපවීමත් වැදගත්…

උපුටාගැනීම Lifie .lk කතෲ පිළිබඳව සටහනක් නොමැත. සියලුම හිමිකම් අදාල වෙබ් අඩවිය සතුය.

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla