Select Page

අහක යන ප්‍රශ්නයක් ඔළුවට දාගන්න ඕනනම් මේක කියවන්න…

ඇමරිකාවේ බාර් එකක ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ ලංකාවේ පොරක් ඇමරිකන් කාරයෙක් එක්ක සෙට් උනා..

ටික වෙලාවකට පස්සෙ අපේ එක්කෙනා කියනවා ..

“උබ දන්නවාද අපේ අම්මලා ගෙදරින් එලියට බැහලවත් නැති මම එකම දවසක් විතරක් දැක්ක කෙල්ලෙක්ව මට බන්දලා දුන්නා..
ඒකී ආදරේ තියා මොන මළදානයක්වත් දන්නෙ නෑ. මට දැන් මේ මගුල එපා වෙලා තියෙන්නෙ”

මේක අහන් හිටපු ඇමරිකන් පොර
“ඔහේ මේ මගුලක් කතා කරනවා ආදරේ කරලා බදින මගුල් ගැන ” මම බැන්දේ අවුරුදු 3 ආශ්‍රය කරල… මිනිහා මැරිච්ච ගැණියෙක් .
ටික කාලෙකට පස්සෙ අපේ තාත්තා මේ ගෑනිගේ දුව එක්ක යාලුවෙලා ඒ දෙන්නත් කසාද බැන්දා “..
“දැන් තාත්තා මගේ බෑනා
මම තාත්තාගේ මාමා
තාත්තා බැන්ද කෙල්ල මගේ අම්මා
මගේ ගෑනි මගේ ආච්චි”
ප්‍රශ්නය තවත් වැඩි උනා අපිට පුතෙක් ලැබුනම ..
මගේ පුතා මගේ තාත්තාගේ මල්ලී..
ඒ නිසා පුතා මගේ බාප්පා” …
තත්ත්වය දරුණු උනේ අපේ තාත්තාගේ නෝනාට දුවෙක් ලැබුනම ..
දැන් මගෙ තාත්තාගේ දුව මගේ නංගි..
මගෙයි නෝනාගෙයි මිණිබිරිය..
බලාගෙන ගියාම මම මගේම සීයා වෙලා
මගේම මුණුබුරත් වෙලා ..
ඉතින් තෝ එනවා මට පවුල් ප්‍රශ්න කියන්න ..”
“දඩස්” ගාන සද්දෙට බලනකොට අපේ එකා සිහි නැතිව වැටිලා ..

හරි ඇමරිකන් කාරයා අමතක කරමුකෝ…
මේ 2014දී මට වුන සත්‍ය සිද්ධියක්…

ඉඳලා ඉඳලා අවුරුදු 4ට පස්සේ මගෙන් කෙල්ලෙක් යාළුවෙන්න ඇහුවා. ඒ කෙල්ලට වයස අවුරදු 16යි. මට වඩා අවුරුදු 12ක් බාලයි. මගේ ලොකු අක්කා ඒ ගෑණු ළමයගේ අම්මට වෙන්නේ නංගි. මස්සිනා එයාට කතා කරන්නේ අක්කේ කියලා. මගේ ලොකු අක්කගේ දුවට හා පුතාට අර ගෑණු ළමයා නැන්දා වේ. එහෙත් ඇය දුවට වඩා අවුරුදු 5ක් බාලය. ලොකු අක්කාගේ පුතාගේ බිරිඳ ඇයට දුව වන අතර එහෙත් ඇය දුවට වඩා අවුරුද්දක් බාලය. ලොකු අක්කාගේ දුවටද දුවෙක් ලැබෙන්න ඉන්න අතර දුව ලැබුණ පසුව ඇයට අර ගැහැණු ළමයා ආච්චි වේ. මේ පෝස්ට් එක ලීවේ 2014දීය. මට හිතෙන විදිහට ලොකු අක්කාගේ දුවට මේ වන විට දරුවෝ දෙන්නෙක් ඉන්නවා වෙන්න ඕන. ලොකුවට නිච්චියක් නෑ. මතක නෑ මට. මම එවිට සීයෙකි. දුව සහ ආච්චී අතර වෙනස අවුරුදු 16කි. ඇයගේ මව මගේ මවට අක්කා වුවත් කතා කරන්නට වෙන්නේ අම්මේ කියාය. (මොකද මගේ අක්කලා ඇයගේ මවට නංගිලා වේ.) එවිට ඇගේ මව මට කතා කල යුතු වන්නේ මල්ලී කියාය. එහෙත් මම ඇයගේ බෑණා වේ. බලාගෙන ගියපුවාහම ඒ කෙල්ල මට දුවෙක් වන අතර මම ඇයගේ මාමා වේ. මගේ අක්කාට ඇය නෑණා විය යුතු අතර එහෙත් මෙහිදී ඇය දුව වේ.
ඇයගේ පියා සහ මගේ මස්සීනා එකට බොන්න සෙට් වූ විට දෙන්නා මචං කියා කතා කරාවි. එතකොට ඇයගේ පියා මටද මචං වේ.
ඇයගේ පියාගේ අක්කා මගේ අක්කලාට අක්කා වන වන අතර එසේනම් මටද අක්කා වේ. එහෙත් ඇය මගේ නැන්දා විය යුතුය.
අනේ මන්දා…. (මෙය සත්‍ය සිදුවීමකි.)
ඇමරිකන් කාරයා තව හොඳයි බලාගෙන ගියහම…

දැන් ඔයාලා හිතනවද ඔයාලට තියෙන ප්‍රශ්න, ඇත්තටම ප්‍රශ්න කියලා…???

ප. ලි : මේ පේජ් එකේ පසුගිය මාසය පුරාවට ලීව වැදගත් පෝස්ට් ඔබ කියෙව්වේ නෑ නේද? ඒත් මේක කියෙව්වා නේද ? ඔන්න ඕකයි ලංකාවේ ප්‍රශ්නය…

මොනවා වුනත් මහන්සිවෙලා ලීව මේ පෝස්ට් එකට ඔබේ අදහසත් කමෙන්ට් කරන්න…

By Danesh Edirisooriya – Director Business HUB Sri Lanka