Select Page

පිටකවරය බලලා පොත ගැන තීරණ ගන්න Entrepreneur කෙනෙක්…

Black Friday වෙනුවෙන් අපි ඊයේ ඔෆර් එකක් දුන්නා වෙබ් එකක් නිර්මාණය කරගන්න මුදල් නැති, නමුත් කැපවීමෙන් ජීවිතය ජයගන්න උත්සාහ කරන සාමාජිකයින්ට රු.999ට වෙබ් එකක් නිර්මාණය කරගන්න කියලා.

ඒ පෝස්ට් එකට අපහාසාත්මකව / උපහාසාත්මකව පෝස්ට් එකක් දාලා තියෙනවා දැක්කා. හැබැයි 80%ක් විතර බුද්ධිමත් සාමාජිකයින් එයට ධනාත්මකව කමෙන්ට් කරලා තිබ්බා “මොකක්ද ඒකේ වැරැද්ද, මෙන්න මේ වගේ දෙයක් තමයි කරනවා ඇත්තේ කියලා”

නමුත් මේ පෝස්ට් එක දාපු බුද්ධිමත් ව්‍යවසායකයා ඊතලයකුත් ගහලා අපි පෙන්වලා තියෙන “See more ඔබා විස්තර කියවන්න” කියන එක බලලා නෑ.

නිකමට හරි See more ඔබලා බලන්න බුද්ධියක් තිබුණනම් ඒ මහත්මයා පහත දේවල් ටික තේරුම් ගනී…

◾ Black Friday Offer එකක් හරහා මේක ආයතනය ප්‍රවර්ධනය කරගන්න සිදුකරන ප්‍රවර්ධන වැඩසටහනක් කියලා තේරුම් ගන්න බුද්ධියක් නෑ.
◾ රු.999 කියන්නේ මුලින්ම ගෙවන්න ඕන මුදල පමණයි. ඉන්පසුව වෙබ් එක නිර්මාණය කරගෙන ආදායම් උපයන ගමන් ඉතිරි මුදල ගෙවන්න ඕන කියන විස්තරය කියවලා නෑ. අපේ පෝස්ට් එක නොදැක ඒ පෝස්ට් එකට කමෙන්ට් කල අය දාලා තිබ්බා වෙනම මුදල් ගෙවන්න ඇති කියලා.
◾ ඉතාමත් අඩු මුදලට දෙන්නේ අපේ ඩොමේන් එකක් ඇතුලේ සබ් ඩිරෙක්ටරි එකක වෙනමම වෙබ් එකක් කියන එක කියවලා නෑ. ඩොමේන් / හොස්ටින් වලට යන වියදම ඉවත් වෙනවා කියන එක තේරුම් අරගෙන නෑ. හැබැයි අපේ පෝස්ට් එක නොදැක ඒ පෝස්ට් එකට කමෙන්ට් කල බුද්ධිමත් අය කමෙන්ට් කරලා තිබ්බා අපේ ඩොමේන් එකක වෙන්න ඇති හදන්නේ කියලා.
◾ හදලා දෙන්නේ Basic HTML වෙබ් එකක් කියන එකත් කියවලා නෑ. හැබැයි අපේ පෝස්ට් එක නොදැක කමෙන්ට් කල අය දාලා තිබ්බා HTML සයිට් එකක් වෙන්න ඇති කියලා.
◾ Custom Code නෙමේ Template එකක් හරහා කියන දේ කියවලා නෑ.
◾ ස්වයංරැකියාවක් වෙනුවෙන් නිර්මාණය කරන සරල වෙබ් එකක් කියලා තේරුම් අරගෙන නෑ.
◾ Advance eCommerce වෙබ් එකක් මේ මිළට නිර්මාණය කරන්නේ නෑ. ඒ සඳහා රු.200,000ක් පමණ ගෙවන්න ඕන කියන එක කියවලා නෑ.
◾ අපගේ ආයතනයේ වෙබ් එකක් නිර්මාණය කරගන්න ගෙවිය යුතු අවම මුදල රු.50,000යි කියන එක සහ විවිධ ක්ෂේත්‍ර වලට ගෙවිය යුතු මුදල පිළිබඳව දාපු විස්තර කියවලා නෑ.
◾ මේ ඔෆර් එක ගන්න අපේ පේජ් එකේ පළකල පෝස්ට් 200ක් කියවලා කමෙන්ට් කරලා අවසන් වෙන්න ඕන කියන එක කියවලත් නෑ.
◾ මේ ඔෆර් එක ගන්න කෙනෙක් හරහා අපිව නොමිළයේ ප්‍රවර්ධනය වෙනවා, පේජ් Reach එක වැඩිවෙනවා කියන සාධකය තේරුම් අරගෙනත් නෑ. අපේ පෝස්ට් එක නොදැක ඒ පෝස්ට් එක පමණක් දැක්ක බුද්ධිමත් අය කමෙන්ට් කරලා තිබ්බා මෙහෙම දෙයක් වෙන්න ඇති කියලා.
◾ සරලව අපේ පේජ් එක නිර්මාණය කරලා තියෙන හේතුව තේරුම් අරගෙන බෑ.
◾ අපි මේ පේජ් එකෙන් වෙබ් එකක් නිර්මාණය කරගන්න මුදල් නැති අයට නොමිළයේ වෙබ් එකක් නිර්මාණය කර දෙනවා කියන ඒ විස්තර කියවලා නෑ.
◾ අපි මේ පේජ් එකට එකතු වෙලා ඉන්න උත්සාහයෙන්, කැපවීමෙන් දියුණු වෙන්න වෙර දරන ව්‍යවසායකයින්ට දියුණු වෙන්න, ස්වයංරැකියා / ව්‍යාපාර ආරම්භ කරන්න මුදල් ත්‍යාග පවා ලබාදෙන එක ඒ පුද්ගලයා දැක නැහැ.
◾ මාසයක් පුරාවට පළකල ලිපි 210කින් ලබාදුන් දැනුම කොයි වගේද කියලා ඒ පුද්ගලයා සොයා බලලා නෑ.
◾ වසර 5ක් පුරාවට ශ්‍රී ලංකාවේ බුදු දහම ප්‍රචලිත කරන්න, විහාරස්ථාන දියුණු කරන්න පන්සලක් පන්සලක් ගානේ කිලෝ මීටර් ලක්ශ ගණනක් දුර, අතින් මුදල් වියදම් කරගෙන ගිහින් විහාරස්ථානය 550කට වැඩි ප්‍රමාණයකට වෙබ් අඩවි නොමිළයේ නිර්මාණය කල එක දැකලා නෑ.
◾ මාගේ ආයතනය ලංකාවේ විශිෂ්ටතම සමාජ සේවා වෙබ් අඩවිය, විශිෂ්ටතම පෞද්ගලිකව වෙබ් අඩවිය, විශිෂ්ටතම සමාජ සේවා ආයතනය, විශිෂ්ටතම ඇප් එක නිර්මාණය ආදී සම්මාන ලබාගත් විස්තර දැකලා නෑ.
◾ සල්ලි නැති මිනිස්සුන්ට ගොඩ එන්න අපි මේකෙන් උදව් කරනවා කියන එක පෝස්ට් එක දාපු කෙනා දැකලා නෑ.

“රු.999ට වෙබ් එකක්” කියන එක විතරමයි දැකලා තියෙන්නේ…

පෝස්ට් එක දැම්මේ මෝඩ මනුස්සයෙක් වුනාට, කමෙන්ට් දාපු ගොඩක් අය බුද්ධිමත් කියන එකනම් ඒ පෝස්ට් එකේ කමෙන්ට් කියෙව්වහම් තේරුණා.

අපේ ආයතනයේ කොටස් 3ක් තියේ.

1️⃣ TechLabs ආයතනයෙන් ලෝකය පුරා සිටින High End පාරිභෝගිකයින්ට රු.50,000 සිට රු.ලක්ෂ 10 දක්වා ව්‍යාපාරික සේවා ලබාදී මුදල් ඉපයීම. අපගේ ආයතනය පවත්වාගෙන යන්නේ මේ හරහා.

2️⃣ TechLabs ආයතනයේ ලාභයෙන් සහ ලොව පුරා මිතුරන්ගේ සහයෙන් පවත්වාගෙන යන SamajaSathkara.lk Foundation එක හරහා ලක්ශ ගණනක් අඩු ආදායම්ලාභී පවුල් වලට ආධාර කිරීම.

3️⃣ TechLabs ආයතනයේ ලාභයෙන් සහ පාඩුව දරා ගනිමින් මධ්‍යම පාන්තික හෝ අඩු ආදායම්ලාභී පවුල් වලට දිරියෙන් නැගීසිටින්න නිර්මාණය කල Business HUB Sri Lanka වේදිකාව හරහා ඉතාමත් අඩු මුදලට ව්‍යාපාරික සේවා ලබාදීම.

මේ පේජ් එකේ අරමුණ මුදල් ඉපයීම නෙමේ. ව්‍යවසායකයින්ට දියුණු වෙන්න හරි පාර පෙන්වීම. මන්ද ඔවුන් දියුණු වුනාට පසුව ඔවුන්ට පුළුවන් ඉහළ මිළක් ගෙවා අපේ ව්‍යාපාරික සේවා ලබාගන්න. ඔවුන්ට දියුණු වෙන්න අත දුන්නේ අපි නිසා ඔවුන් අපිව විශ්වාස කරලා ඉහළ මිළක් ගෙවා අපේ සේවාවන් ලබාගනීවී.

බාගෙට කියවන මෝඩ මිනිස්සු මේ වගේ පෝස්ට් දදා අනික් අයට සමච්චල් කරමින් දවස ගෙවාවි.

අප ආයතනයෙන් වෙබ් අඩවි නිර්මාණය කරගත් සාමාජිකයින් දන්නවා කොපමණ විශාල මුදලක් ගෙවලද නිර්මාණය කරගන්න ඕන කියලා. රු.ලක්ශ 2-3 ගෙවලා සේවා ලබාගත්ත අය ඉන්නවා. සමහර කම්පැනි මම දැකලා තියේ රු.2,000ට වෙබ් අඩවි නිර්මාණය කරනවා කියලා පෝස්ට් දාලා තියේ. ඩොමේන් එකක්වත් ඒ මිළට මිළදී ගන්න බැහැ. ඩොමේන්, හොස්ටින්, Plugins, Theme, Maintainace වලට ඉතා විශාල මුදලක් අපි වාර්ෂිකව ගෙවනවා. ඔවුන් කරන්නේ ඒ 2,000 අරන් පැනලා යන එක. නමුත් 2006 සිට ලංකාවේ දහස් ගණනක් මිනිස්සුන්ට අපි විශ්වාසවන්තව තාක්ෂණික සේවා ලබාදී තියේ.

රු.999ට වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න පුළුවන් කියලා දාපුවම ඒකට හිනාවෙන මිනිස්සුම තමන්ට වෙබ් එකක් නිර්මාණය කරගන්න ගියහම රු.50,000යි කීවහම අපෝ ඔච්චර මොකටද ගන්නේ අඩුවට ගන්න තැන් තියේ කියලා අපිට බනිනවා.

මම පෞද්ගලිකව වෙබ් අඩවි නිර්මාණය කරගන්න අවුරුදු 20ක පමණ තනිවම පුහුණුවක් ලැබුවා. අවුරුදු 20ක දැනුම, පළපුරුද්ද එක්ක තමයි අපි වැඩ කරන්නේ.

නැති බැරි මිනිස්සුන්ට අපේ කම්පැනි එකෙන් උදව් කලාට, අඩු මිළට සේවාවන් ලබාදුන්නාට, ඇති හැකි මිනිස්සු අපේ කම්පැනි එකෙන් වෙබ් එකක් නිර්මාණය කරගන්නකොටනම් රු.ලක්ෂයට එහා මුදලක් ගෙවන්න ඕන. ඒක අපේ ප්‍රතිපත්තියක්. අපි මිළ ගණන් හදලා තියෙන්නේ විවිධ ක්ෂේත්‍ර වල ආදායම් මට්ටම් අනුව. මන්ද අපගේ ආයතනයේ ආදායමෙන් අපි කරන්නේ මිනිස්සුන්ට උදව් කරන එක, සමාජ සත්කාර කරන එක. ඉතිං ඒ සඳහා අපට විශාල මුදලක් අවශ්‍ය වෙනවා.

ඉතිං ලොකු කම්පැනි එකක් තියාගෙන ලක්ෂ ගණන් සල්ලි හොයන්න බලාගෙන රු.999ට වෙබ් අඩවි හොයන්න එන්න එපා. රු.ලක්ෂයක් විතර ගෙවලා ඔබේ සේවාව ලබාගන්න…

මේ පෝස්ට් එක දාපු කෙනා වගේ නොවී ඔබත් බුද්ධිමත් පුද්ගලයෙක් ලෙස පිටකවරය බලා පොත ගැන තීරණය කරන්න එපා.

සැ. යු : පෝස්ට් එක දැමූ පුද්ගලයාගේ අනන්‍යතාවය සැඟවලා තියෙන්නේ ඔහුගේ පෞද්ගලිකත්වයට හානි වෙන නිසා. ඔහුට අපහාසයක් කිරීමට නොව ඔහුගේ නොදැනුවත්කමින්, බුද්ධිය මදි කම නිසා තවත් ආයතනයකට සිදුකරන හානිය පෙන්වීමට මෙය පළකරන ලදි.

අපේ ආයතනයේ වෙබ් අඩවි වල මිළ ගණන් : https://m.facebook.com/story.php?story_fbid=122113022132100804&id=61553024124622&mibextid=Nif5oz

අප ලබාදුන් Black Friday Offer එක : https://m.facebook.com/story.php?story_fbid=122113009376100804&id=61553024124622&mibextid=Nif5oz

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg Business HUB Sri Lankanesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas