ව්‍යාපාර ලියාපදිංචියේදී ව්‍යාපාරයේ ස්වභාවය අනුව අවශ්‍ය ලේඛණ හා නිර්දේශයන් – Business Registration (02 කොටස)
1️⃣ ආයුර්වේදය සම්බන්ධ බෙහෙත් ශාලා, රෝහල්, චිකිත්සා ආයනන, ඔසුහල්, ඹෟෂධ ගබඩා, පැළ තවාන් හා ඒ සම්බන්ධ ව්‍යාපාර
📜 පළාත් ආයුර්වේද කොමසාරීස්ගේ එකඟතාවය
2️⃣ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය, නිෂ්පාදනය සම්බන්ධ ව්‍යාපාර
📜 ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිර්දේශය
3️⃣ ව්‍යාපාරයට අදාල වෘත්තීය සපුරාලීම අවශ්‍යවන අවස්ථාවල
📜 ව්‍යාපාර හිමිකරුගේ පෞද්ගලික නමට නිකුත් කරන සුදුසුකම් සනාථ කරන සහතික පිටපන්
4️⃣ සිගරට්, පයිප්ප, දුම්කොළ, සුරුට්ටු, බීඩි සඳහා වූ අමුද්‍රව්‍ය, නිමිභාණ්ඩ නිෂ්පාදනය, ගබඩා කිරීම, ආනයනය, අපනයනය සඳහා
📜 සුරාබදු කොමසාරිස්ගේ එකඟතාවය
5️⃣ ඖෂධ ශාලා
📜 වෛද්‍ය තාක්ෂණ හා සැපයීම් අංශයේ එකඟතාවය හා ඖෂධවේදීන් සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතිකය
6️⃣ උපදේශන හා සම්බන්ධ ව්‍යාපාර
📜 අදාල ක්ෂේත්‍රය සම්බන්ධව වෘත්තීය සුදුසුකම්
7️⃣ පෙර පාසල්
📜 බස්නාහිර පළාත් පෙර පාසල් අධ්‍යක්ෂකගේ නිර්දේශය
8️⃣ දිවා සුරැකුම් මධ්‍යස්ථාන
📜 අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සේවයේ නියුතු මුල් ළමාවිය සංවර්ධන සහකාරගේ නිර්දේශය ප්‍රාදේශීය ලේකම් අනු අත්සනින්
9️⃣ රූපලාවන්‍යාගාර, වෛද්‍ය මධ්‍යස්ථාන, සුවඳ විලවුන් වර්ග අලෙවිය
📜 පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිර්දේශය / මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශය සහ වෘත්තීය සුදුසුකම් සනාථ කරන සහතික
🔟️ ඉන්ධන පිරවුම්හල්
📜 මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශය සහ ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ එකඟතාවය
1️⃣1️⃣ පොලිතීන්, ප්ලාස්ටික්, තීන්න වර්ග, ඇසිඩ් නිෂ්පාදන ගබඩා කර තැබීම, අලෙවිය හා ඒ ආශ්‍රිත වෙනන් කර්මාන්ත
📜 මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශය
1️⃣2️⃣ දැව ආශ්‍රිත කර්මාන්ත, දැව කැපීම, දැව ප්‍රවාහනය
📜 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එකඟතාවය
1️⃣3️⃣ මුද්‍රණාල
📜 ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිර්දේශය
1️⃣4️⃣ ශ්‍රමිකයන් සපයන ව්‍යාපාර
📜 අයිතිකරුවන් නමින් ලබාගත් පොලිස් නිෂ්කාශන වාර්තාව
1️⃣5️⃣ කාමර, නවාතැන් පහසුකම් සැපයීම, ගෙස්ට් හවුස් සම්භාහන මධ්‍යස්ථාන
📜 මහජන විරෝධතා නොමැනි බවට ග්‍රාම නිලධාරී නිර්දේශය සහිත ප්‍රාදේශීය ලේකම්ගේ වාර්තාව සහ අදාල ස්ථානය සහ අයිතිකරුවන් පිළිබඳ ප්‍රදේශයේ පොලිස් ස්ථානයෙන් පොලිස් වාර්තාව
1️⃣6️⃣ සත්ත්ව ගොවිපොළ
📜 පශු වෛද්‍ය නිලධාරීගේ නිර්දේශය
1️⃣7️⃣ ආහාරපාන සම්බන්ධ ව්‍යාපාර කටයුතු
📜 මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ වාර්තාව හෝ දිවුරුම් ප්‍රකාශය.
1️⃣8️⃣ පලිබෝධනාශක, කෘමිනාශක, රසායනික පොහොර අලෙවිසැල්
📜 කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගේ නිර්දේශය
1️⃣9️⃣ යම් ආයතනයක වෙළඳ නියෝජිතයෙකු ලෙස කටයුතු කරන්නේ
📜 එම ආයතනයේ නියෝජිත ලෙස පත් කර ඇති බවට ලිපිය
මූලාශ්‍ර : Department of Business Name’s Registration Western Province Sri Lanka – http://bnr.wp.gov.lk/ වෙබ් අඩවිය (අදාල තොරතුරු වල හිමිකම කතෲන් සතුය)
මහන්සියෙන් දියුණු කරගත් ඔබේ ව්‍යාපාරය “තනි පුද්ගල ව්‍යාපාරයක්” ලෙස ලියාපදිංචි කරමු – Business Registration (01 කොටස) : https://m.facebook.com/story.php?story_fbid=122109021146100804&id=61553024124622&mibextid=Nif5oz
මෙම ලිපියේ තුන්වන කොටස බලාපොරොත්තු වන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #businessregitration #companyregistration