මහන්සියෙන් දියුණු කරගත් ඔබේ ව්‍යාපාරය “තනි පුද්ගල ව්‍යාපාරයක්” ලෙස ලියාපදිංචි කරමු – Business Registration (01 කොටස)
තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ වාසි මොනවාද?
1️⃣ ව්‍යාපාරයට අනන්‍යතාවයක් (නමක්) හිමිවේ.
2️⃣ ඔබගේ ව්‍යාපාරයට පිළිගැනීමක් ඇතිවේ.
3️⃣ බැංකු සමඟ ගණුදෙනු කිරීමේදී, රු.100,000ට වැඩි ව්‍යාපාරික ණය ලබාගැනීමේදි බෙහෙවින්ම වැදගත් වේ. ව්‍යාපාර ලියාපදිංචියක් තිබේනම් මිලියන කිහිපයක වුවද ණයකට ඉල්ලුම් කල හැක. එමෙන්ම ව්‍යාපාරයේ නමින් බැංකු ගිණුම් විවෘත කිරීම, ජංගම ගිණුමක් විවෘත කිරීම, චෙක් පොතක් ලබාගැනීම වැනි සේවා ලබාගත හැක.
4️⃣ ඔබගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට හේතුවේ.
5️⃣ ව්‍යාපාරය වෙනුවෙන් Payment Gateway ලබාගැනීමට පහසු වේ.
6️⃣ ව්‍යාපාර පිළිබඳව විශ්වාසය වැඩි වීමත් සමඟින් ව්‍යාපාරයට පාරිභෝගිකයන් වැඩිවේ.
👨⚖️ ඔබගේ ව්‍යාපාරය තනි පුද්ගල ව්‍යාපාරයක් වුවත්, ස්වයංරැකියාවක් වුවත්, කෙතරම් කුඩා ව්‍යාපාරයක් වුවත්, ඔබගේ පවුලේ අය සමඟින් එකතු වී කලත්, මිතුරන් සමඟ එකතු වී කලත් ලියාපදිංචි නොකර ව්‍යාපාරයක් පවත්වාගෙන යාම වරදකි.
📅 ඔබ දන්නවාද ව්‍යාපාරයක් ආරම්භ කර දින 14 ඇතුළත එය ලියාපදිංචි කල යුතු බව. නොඑසේනම් ඒ සඳහා ඔබ දඩ ගෙවිය යුතුය.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
ව්‍යාපාර වල නෛතික වර්ගීකරණය :
🧑🎓 ව්‍යාපාර ලියාපදිංචිය :
ව්‍යාපාරික කටයුතු කරගෙන යාම උදෙසා අවශ්‍ය නීතිමය අවසරය ලබාගැනීමට ව්‍යාපාරයක් ලියාපදිංචි කළ යුතුය. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නීතිමය ව්‍යාපාර වර්ග කිහිපයකි. ඒවාට අදාළ
නෛතික අවශ්‍යතාවයන්ද වෙනස් වේ. එමෙන්ම ව්‍යවසායකයින් තම ව්‍යාපාරික කටයුතුවලට ගැලපෙන නෛතික ස්වභාවය තෝරාගැනීමේදී කරුණු කිහිපයක් සැලකිල්ලට ගතයුතුය. ව්‍යාපාරයේ ව්‍යාපාර කටයුතු ස්වභාවය, ව්‍යාපාර මට්ටම, ව්‍යාපාරික අරමුණු සහ පවත්නා නෛතික ස්වභාවයෙන් අත්වන වාසි යන කරුණු මත තීරණය කළ යුතුවේ. ව්‍යාපාරයේ නීතිමය ස්වභාවය අනුව එම ව්‍යාපාරය තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හෝ කොළඹ සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේදී ලියාපදිංචි කළ හැක. ඒවා ලියාපදිංචි කිරීමට බලාපොරොත්තු වන නෛතික ස්වභාවය අනුව ලියාපදිංචි ක්‍රියා පටිපාටිය වෙනස් වේ.
🏢 ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ මූලික ක්‍රම (03 ක් දැකිය හැක.
1️⃣ තනි පුද්ගල ව්‍යාපාර
2️⃣ හවුල් ව්‍යාපාර
3️⃣ සමාගම්
🤵 තනි පුද්ගල ව්‍යාපාර :
🧑🔧 තනි පුද්ගල ව්‍යාපාරවල ස්වභාවය :
▪️ බොහෝ කුඩා ව්‍යාපාර තනි පුද්ගල ව්‍යාපාර ලෙස ව්‍යාපාරික කටයුතු කරනු දැකිය හැක.
▪️ තනිපුද්ගල ව්‍යාපාරයක අයිතිය තනි පුද්ගලයකු සතු වන අතර එය පාලනය කරනු ලබන්නේද එම පුද්ගලයා විසින් වේ.
▪️ ව්‍යාපාරය හිමි තනි පුද්ගලයා ව්‍යාපාරය සැලසුම් කිරීම, සංවිධානය කිරීම, සම්පත් උපයෝගී කරගැනීම, මුදල් සම්පාදනය යනාදී කාර්යයන් ඉටුකරනු ලබයි.
▪️ ව්‍යාපාරය හා සම්බන්ධ සෑම කටයුතුවලදී ව්‍යාපාරයේ තනි අයිතිකරු තීරණ ගැනීම සිදුකරනු ලබයි.
▪️ නීතිය හා මහජනතාව ඉදිරියේ තනිපුද්ගල ව්‍යාපාරයක් හා එහි අයිතිකරු දෙදෙනෙක්
නොව එක් අයෙක් ලෙස සැලකේ.
🧑💻 තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම :
තනිපුද්ගල ව්‍යාපාරයක් එහි අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් 1918 අංක 6 දරණ ව්‍යාපාර නාම ආඥාපනත පදනම් කොට ගෙන ව්‍යාපාරය අයත් පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥාප්තිය අනුව පළාත් ව්‍යාපාර නාම රෙජිස්ටාර් වෙත ලියාපදිංචි කළ යුතුය. ප්‍රායෝගිකව මෙම ලියාපදිංචිය අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිදුකරගත හැක.
🪜 ලියාපදිංචි කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය :
1️⃣ ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ ඉල්ලුම්පත්‍රයක් ලබාගැනීම
2️⃣ අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගෙන් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සඳහා වූ වාර්තාව ලබාගැනීම
3️⃣ ඉහත ග්‍රාම නිලධාරී වාර්තාව සහ සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රය, ලියාපදිංචියට අදාළ ගාස්තුද සමභ ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම
4️⃣ ප්‍රාදේශීය ලේකම් ඉහත කරුණු සලකා බැලීමෙන් අනතුරුව ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කිරීම
👫 හවුල් ව්‍යාපාර :
1890 හවුල් ව්‍යාපාර ආඥාපනතේ 11 වැනි වගන්තියට අනුව හවුල් ව්‍යාපාරයක් යනු ලාභ ලැබීමේ අරමුණින් පොදුවේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සබඳතාවයක් ලෙස හැඳින්විය හැක.
👨👨👧👦 හවුල් ව්‍යාපාරවල ස්වභාවය :
▪️ ව්‍යාපාරයේ අයිතිය හවුල්කරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් අතර බෙදීයන අතර ඔවුන් හවුල්කරුවන් ලෙස හඳුන්වයි.
▪️ ව්‍යාපාරයේ හවුල්කරුවන් සහ ව්‍යාපාර වෙන්කර හඳුනාගැනීමක් නීතිය ඉදිරියේ සිදු නොවේ.
🫂 හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් පහත කරුණු සම්බන්ධයෙන් නීතිමය එකඟතාවයන් වෙනුවෙන් ලිඛිත ගිවිසුමකට එළඹීම වැදගත් වේ.
▪️ එක් එක් හවුල්කරුට ව්‍යාපාරයේ හිමි කොටස
▪️ එක් එක් හවුල්කරුවාට හිමි ලාභාංශ කොටස
▪️ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට එක් එක් හවුල්කරුවාගේ දායකත්වය දක්වනු ලබන
ආකාරය
▪️ හවුල්කරුවකු ව්‍යාපාරයට යොදන ප්‍රාග්ධන කොටස, කාලය, විශේෂඥතා දැනුම
▪️ ව්‍යාපාරය කරගෙන යාමේදී පැනනගින ගැටළු විසඳා ගැනීමේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග
▪️ හවුල්කරුවන් ඉවත් කිරීම, නව හවුල්කරුවන් බඳවාගැනීම හා ඉල්ලා අස්වීම වැනි තත්වයන්හීදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග
▪️ හවුල් ව්‍යාපාරයක ලිඛිත ගිවිසුමක් නොමැති විටක හෝ ගිවිසුමේ සඳහන් නොවූ කරුණක් සම්බන්ධයෙන් ගැටළුවක් මතු වූ අවස්ථාවක 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තියට අනුව කටයුතු කළ යුතුවේ.
👣 හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීම :
හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටිය තනිපුද්ගල ව්‍යාපාරයක අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටිය හා සමාන වේ.
🧑🎓 ශ්‍රී ලංකාවේ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් නීතිමය අවශ්‍යතා :
1852 අංක 05 දරණ සිවිල් නීති ආඥා පනතේ 03 වන වගන්තියේ සඳහන් වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ හවුල් ව්‍යාපාර පිළිබඳ නීතී රීති කිහිපයක් පහතින් දැක්විය හැක.
▪️ ව්‍යාපාර නාම ආඥා පනත – 1918 අංක 06 දරණ ව්‍යාපාර නාම ආඥා පනත හවුල් ව්‍යාපාරයක ලියාපදිංචිය සඳහා අදාළ වේ. යම් හවුල් ව්‍යාපාරයක් හවුල්කරුවන්ගේ සත්‍ය සම්පූර්ණ නමින් පවත්වාගෙන නොයන විට මෙම පනත එමගින් ලියාපදිංචි කළ යුතු වේ.
▪️ 2007 අංක 07 දරණ සමාගම් පනතේ 519 වැනි වගන්තිය අනුව හවුල් ව්‍යාපාරයක උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව තීරණය කරනු ලබයි. එම සංඛ්‍යාව 20කට සීමා කිරීම.
▪️ 1840 අංක 07 දරණ වංචා වැලැක්වීම ආඥා පනතේ 18 වැනි වගන්තිය ශ්‍රී ලංකාව තුළ ආරම්භ කරන හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය රු. 1000/- ක් හෝ ඊට වඩා වැඩි අවස්ථාවලදී එම හවුල් ව්‍යාපාරය ලිඛිත ගිවිසුමක් මත ආරම්භ කළ යුතු බව දැක්වේ.
🏢 සමාගම් හා එහි සංස්ථාගත කිරීම :
සංස්ථාපිත සමාගමක් යනු සමාගමේ ව්‍යවස්ථාවලියෙන් කොටස්වලට නිශ්චිත ලෙස සම්බන්ධ කර ඇති යම් වත්කම් ප්‍රමාණයක් වේද එකී වත්කම් වලට දායක වීමට වගකීමක් ඇති සමාගම්ය.
සමාගම් සංස්ථාගත කිරීම හා පාලනය සිදුවන්නේ සමාගම් පනතට අනුකූලවය. වර්තමානයේ 2007 අංක 07 දරණ සමාගම් පනතට අනුව සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ සමාගම් රෙජිස්ටාර්වරයා වෙත සිදුකළ යුතුය.
🏛️ සමාගම්වල විශේෂ ලක්ෂණ :
▪️ නෛතික පුද්ගල භාවයක් පැවතීම. එනම් සමාගම් නීතිය ඉදිරියේදී තමන්ව පුද්ගලයෙක් ලෙස සලකනු ලබයි. මෙමඟින් නඩු පැවරීම හා පවරනු ලැබීම සමාගමේ නමින් කළ හැකි වීම.
▪️ කොටස් ප්‍රාග්ධනයක් දැකිය හැකිවීම
▪️ අයිතිය කොටස්කරුවන් සතුවන අතර අයිතිය පැවරීම පහසුවෙන් කල හැකි වීම
▪️ අඛණ්ඩ පැවැත්මක් තිබීම
▪️ කොටස්කරුවන්ගේ වගකීම සීමිත වීම
▪️ අධ්‍යක්ෂ මණ්ඩලයක් මඟින් පාලනය කිරීම
▪️ සමාගමේ නමින් බදු ගෙවිය යුතු වීම
▪️ ගිණුම්කරණය හා විගණනය අනිවාර්ය වීම. 2007 අංක 07 දරණ සමාගම් පනතේ 148 වැනි වගන්තියට අනුව සමාගම නිවැරදි හා පැහැදිලි ගිණුම් වාර්තා තබාගත යුතුය.
▪️ අවම සාමාජික සංඛ්‍යාව එක් අයෙක් වන අතර උපරිම සාමාජික සංඛ්‍යාව සමාගම් වර්ගය අනුව තීරණය වේ.
🏪 සමාගම් වර්ග :
1️⃣ සීමිත සමාගම්
👉 පොදු සමාගම්
▪️ ලැයිස්තුගත වූ පොදු සමාගම්
▪️ ලැයිස්තුගත නොවූ පොදු සමාගම්
👉 පෞද්ගලික සමාගම්
👉 අක්වෙරළ සමාගම්
2️⃣ සීමා රහිත සමාගම්
3️⃣ ඇපයෙන් සිමීත සමාගම්
🙋♂️ තනි පුද්ගල ව්‍යාපාර නාම ලියාපදිංචිය :
අවශ්‍ය ලිපි ලේඛන :
▪️ අයදුම්පත්‍රය
▪️ ග්‍රාම නිලධාරී වාර්තාව (මෙය ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කර තිබීම අනිවාර්ය වේ)
▪️ ජාතික හැඳුනුම්පතේ සහතික කරන ලද පිටපත
▪️ ව්‍යාපාරික ස්ථානයෙහි හිමිකාරීත්වය පැවරී ඇති බව තහවුරු කිරීම සඳහා ලියාපදිංචි බදු ගිවිසුමෙහි/ඔප්පුවෙහි/ කුලී ගිවිසුමෙහි නොතාරිස්වරයෙකු විසින් සහතික කරන ලද පිටපත
▪️ වරිපනම් තක්සේරු දැන්වීම
▪️ ආරම්භක ප්‍රාග්ධන මූල්‍ය වටිනාකම සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක්
▪️ ව්‍යාපාර ස්වභාවය අනුව ඉදිරිපත් කළ යුතු ලියවිලි හා නිර්දේශ
▪️ රෙජිස්ට්‍රාර් විසින් අවස්ථානුකූලව කැඳවිය හැකි වෙනත් ලියවිලි
▪️ ආරම්භ කිරීමේ දින සිට දින 14 ක් තුළ ලියාපදිංචි කළ යුතුය. ප්‍රමාද වීමේ දඩ, අදාළ ප්‍රමාද කාලය අනුව ගෙවිය යුතුය.
💰 ගාස්තු :
▪️ ආරම්භක ප්‍රාග්ධනය රු. 300,000/= ට අඩු – රු.500/=
▪️ ආරම්භක ප්‍රාග්ධනය රු. 300,001/= සිට ~ රු.500,000/= දක්වා – රු. 1,000/=
▪️ ආරම්භක ප්‍රාග්ධනය රු. 500,001/= ට වැඩි – රු.2,500/-
👨👩👧👧 හවුල් ව්‍යාපාර නාම ලියාපදිංචිය :
අවශ්‍ය ලිපි ලේඛන :
▪️ ආර් 2 අයදුම්පත්‍රය
▪️ ග්‍රාම නිලධාරී වාර්තාව (මෙය ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කර තිබීම අනිවාර්ය වේ)
▪️ ජාතික හැඳුනුම්පතේ සහතික කරන ලද පිටපත
▪️ ව්‍යාපාරික ස්ථානයෙහි හිමිකාරීත්වය පැවරී ඇති බව තහවුරු කිරීම සඳහා ලියාපදිංචි බදු ගිවිසුමෙහි/ඔප්පුවෙහි/ කුලී ගිවිසුමෙහි නොතාරිස්වරයෙකු විසින් සහතික කරන ලද පිටපත 2
▪️ වරිපනම් තක්සේරු දැන්වීම
▪️ ආරම්භක ප්‍රාග්ධන මූල්‍ය වටිනාකම සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක්
▪️ හවුල් ව්‍යාපාර ගිවිසුමක් ඇතොත් එහි පිටපතක්
▪️ ව්‍යාපාර ස්වභාවය අනුව ඉදිරිපත් කළ යුතු ලියවිලි හා නිර්දේශ
▪️ රෙජිස්ට්‍රාර් විසින් අවස්ථානුකූලව කැඳවිය හැකි වෙනත් ලියවිලි
▪️ ආරම්භකිරීමේ දින සිට දින 14 ක් තුළ ලියාපදිංචි කළ යුතු වීම.
💰 ගාස්තූ :
▪️ ආරම්භක ප්‍රාග්ධනය රු. 300,000/= ට අඩු – රු.500/-
▪️ ආරම්භක ප්‍රාග්ධනය රු. 300,001/= සිට – රු.500,000/- දක්වා – රු. 1,000/-
▪️ ආරම්භක ප්‍රාග්ධනය රු. 500,001/= ට වැඩි – රු.2,500/-
👨⚖️ ඔබගේ ව්‍යාපාරය තනි පුද්ගල ව්‍යාපාරයක් වුවත්, ස්වයංරැකියාවක් වුවත්, කෙතරම් කුඩා ව්‍යාපාරයක් වුවත්, ඔබගේ පවුලේ අය සමඟින් එකතු වී කලත්, මිතුරන් සමඟ එකතු වී කලත් ලියාපදිංචි නොකර ව්‍යාපාරයක් පවත්වාගෙන යාම වරදකි.
📅 ඔබ දන්නවාද ව්‍යාපාරයක් ආරම්භ කර දින 14 ඇතුළත එය ලියාපදිංචි කල යුතු බව. නොඑසේනම් ඒ සඳහා ඔබ දඩ ගෙවිය යුතුය.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
🌐 ඉහත කිසිදු දෙයක් නැතිව පහසුවෙන් දින 14න් ඔබට අප ආයතනය හරහා ව්‍යාපාර ලියාපදිංචිය ලබාගත හැක. Private Limited ආයතනයක් ලෙස, එනම් සමාගමක් ලෙස සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව හරහා ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි කරදෙනු ලැබේ.
🏭 තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස ඔබේ ව්‍යාපාරය ලියාපදිංචි කරගැනීමට අවශ්‍යයිනම් වැඩි විස්තර සඳහා ළඟම තිබෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න.
මූලාශ්‍ර : The Industrial Development Board (IDB) http://idb.gov.lk/ වෙබ් අඩවිය (අදාල තොරතුරු වල හිමිකම කතෲන් සතුය)
මෙම ලිපියේ දෙවන කොටස කියවන්න : https://m.facebook.com/story.php?story_fbid=122109074312100804&id=61553024124622&mibextid=Nif5oz
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀Business HUB Sri Lanka𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #businessregitration #companyregistration