හීන් නූලෙන් මිනිස්සුන්ව අමාරුවේ දාන, කෝටි ගණන් සල්ලි අරන් මාරුවෙන “කොමිස්” දෙන රීලෝඩ් ඇප් වලින් ප්‍රවේශම් වන්න | අවබෝධයෙන් කියවන්න
සැ. යු : කිසිදු ආයතනයකට, ව්‍යාපාරයකට මඩ ගැසීමට, අකුල් හෙලීමට නොව, දැනුවත් කිරීම වෙනුවෙන් අත්දැකීම් මත ලියන ලිපියකි…
රීලෝඩ් ඇප්, ඔන්ලයින් බිල්පත් ගෙවීම් ඇප් භාවිතය අපේ ආයතනයෙන් ආරම්භ කලේ 2007දී අනෙක් තෙවන පාර්ශවීය කිසිම ආයතනයක් එම ව්‍යාපාර ආරම්භ කරන්න කලින්. හැබැයි මහ බැංකුවේ අනුමත ඇප්/සේවා තමයි අපි භාවිතා කලේ.
2021දී කොමිස් දෙන රීලෝඩ් ඇප් කරළියට ආවා. අපිත් ඒ වගේ ආයතන 4කින් සේවාව ගත්තා. බොහොමයක් ඒවා ඉන්දියන් ඇප්. ශ්‍රී ලංකාවේ නිර්මාණය කල ඒවාද තිබුණා. ඒවායේ කරන්නේ ශ්‍රී ලංකාවේ සන්නිවේදන ආයතන වලින් API අරගෙන ඇප් එකක් නිර්මාණය කරන එක. හැබැයි අපේ ආයතනයේ සාමාජිකයින්නම් අපේ දැනුවත් කිරීම් මත මහ බැංකුවේ අනුමත ඇප්ද භාවිතා කලා.
සමහර ආයතන මෙම රීලෝඩ් ඇප් භාවිතා කරලා පිරමීඩ ව්‍යාපාර ආරම්භ කලා. අපේ ආයතනය කවදත් ලෙවල් වලට ගෙවීමට වැඩි කැමැත්තක් නැති නිසා අපි එසේ පිරමීඩාකාර ඇප් භාවිතා කලේ නෑ. සාමාන්‍ය පරිදි ගෙවන මුදල ටොප් අප් කරගෙන රීලෝඩ් දාන්න, බිල්පත් ගෙවන්න පුළුවන් ඇප් පමණක් අපි භාවිතා කලා.
නමුත් අවසානයේදී එක් ඇප් එකක් අපගේ ආයතනයේ සහ සාමාජිකයින්ගේ රු.ලක්ෂ 83ක මුදලක්ද අරගෙන අපේ ඇප් එකේ අපේ මුදල් භාවිතා කිරීමට නොහැකිවන ලෙස බ්ලොක් කරනු ලැබුවා. අන්තිමේදී ආයතනයේ හිමිකරුද පළාගියා. අද වෙන තෙක් ඒ මුදල් ලැබුණේ නැහැ. නීතීය ක්‍රියාත්මක කරන ආයතන වලින්ද පිළිතුරක් නැහැ. වසර 17ක මාගේ ව්‍යාපාර ජිවිතයේ මා පෞද්ගලිකව සහ මාගේ ආයතනය සහ සේවකයින් අසුවූ එකම ස්කෑම් එක මෙයයි.
මේ වගේ රීලෝඩ් ආයතන, Private Limited එකක් ලෙස සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතන නිසා බය වෙන්න දෙයක් නෑ කියලා තමයි ප්‍රවර්ධන කරන්නේ. හැබැයි ඉතිං අප ආයතනයෙන් ව්‍යාපාර ලියාපදිංචි කරන සේවාවද ලබාදෙන නිසා අපි දන්නවා රු.30,000+, සමාගමට අවශ්‍ය නම, අධ්‍යක්ෂ වරයාගේ හැඳුනුම්පත තියේනම් දින 14කින් පමණ කිසිම කරදරයක් නැතිව ලියාපදිංචි සහතිකයක් අරන් දෙන්න පුළුවන් කියලා. ලියාපදිංචි සහතිකය තිබූ පමණින් ආයතනයක් Genuine වෙන්නේ නෑ. මොකද අපේ ආයතනය හරහාම රීලෝඩ් ව්‍යාපාරයක් ලියාපදිංචි කලා. අද වෙන විට අදාල අධ්‍යක්ෂවරයා සොයාගන්න නැහැ. සම්බන්ධ කරගන්න විදිහකුත් නෑ.
අප මෙතෙක් සම්බන්ධ වුන රීලෝඩ් ආයතන 4න් 3ක්ම දැනට ක්‍රියාකාරී තත්වයේ නැහැ. කෝටි ගණනක, මිනිස්සු දහස් ගණනක මුදල් අරන් වංචා කොට පැන ගිහින් අවසන්.
මෙම කිසිම ඇප් එකක් ආරක්ෂිත නෑ. ඕනම ඇප් එකක හිමිකරුවෙක්ට, Whitelable, Distributor ඇප් වලට ලොග් වී Topup කල මුදල් ආපසු ගන්න පුළුවන්. අපේ සාමාජිකයින්ගේ මුදල්ද ඒ ආකාරයට අප ඇප් ලබාගත් සමහර ආයතන හිමිකරුවන් විසින් අරගෙන තිබුණා. සමහර පුද්ගලයින් වංචා කිරීමේ අරමුණින්ම මේ ඇප් වල Distributor ඇප් අරගෙන, සාමාජිකයින්ට නොමිළයේ ඇප් බෙදාදී, ඔවුන් කිහිපවරක් මුදල් Topup කලපසුව වැඩි මුදලක් ඇති අවස්ථාවල එම ඇප් වලට ලොග් වී eZCash, mCash හරහා එම මුදල් වංචාකාරී ලෙස භාවිතා කර සහ Withdraw කර තිබුණා. ඒ පිළිබඳව අපි ලිපි කිහිපයක් 2021 සහ 2022 වසරේ පළකලා. ඒ වගේම ඒ වගේ වංචාකරුවන් පිළිබඳව මා විසින් ලංකාවේ සියලුම රීලෝඩ් ආයතන වලට දැනුම් දීමද සිදුකලා.
කෙසේ වෙතත් මේ ඇප්වල දිනකට කෝටි ගණනක් මුදල් සංසරණය වෙනවා. අප ආයතනය විසින් භාවිතා කල ඇප් එකේ මාස 4ක් තුළ කෝටි එක හමාරක ගෙවීම් සිදුකර තිබුණා. කිසිදු නීතිමය පසුබිමක් මේවගේ නැහැ. ඕනෑම දැනුම තියෙන මෘදුකාංග ඉංජිනේරුවරයෙක්ට Dialog, Mobitel වැනි ආයතන වලින් API අරගෙන මෙම ඇප් නිර්මාණය කරන්න පුළුවන්. බොහොමයක් ඇප් නිර්මාණය වෙන්නේ ඉන්දියාවේ. ඒ ප්‍රධාන ආයතන මොනවද කියලා දන්නේ ලංකාවේ කිහිපදෙනෙක් විතරයි. ඔවුන් ඒ අයගෙන් ඇප් එකෙහි Master Admin පැනල් එකක් Whitelable කරලා අලුත් නමකින් ලබාගන්නවා. ඉන්පසුව එහිද Whitelable, Master Distributor, Distributor, Retailer ලෙස එක එක මට්ටම් වලින් එක එක නම් වලින් ඇප් නිකුත් කරනවා. ප්‍රධාන ආයතනයට එක් තත්පරයකින් ඒ ඔක්කොම මුදල් නැති කරන්න පුළුවන්.
වෙබ් අඩවි සහ මෘදුකාංග නිෂ්පාදන ආයතනයක් ලෙස අපි දන්නවා ඒ ඇප් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා.
දවසින් දවස විවිධ රීලෝඩ් ඇප් ආයතන ඇප් වල තාක්ෂණික දෝෂ යැයි පවසමින් ඇප් එකට සාමාජිකයින්ට ප්‍රවේශ වීම වළක්වනවා. එය නිරාකරණය කර ඒ මුදල් ලබාදෙන තුරු වෙනත් ඇප් එකක ගිණුමක් නිර්මාණය කරගෙන, එයට අලුතෙන් මුදල් ගෙවා Topup කරගෙන එය භාවිතා කරන ලෙස ඊලඟට පණිවිඩයක් එවනවා. නමුත් හැමෝගෙම සල්ලි අනෙක් ඇප් එකේ හිර වෙලා නිසා අලුත් ඇප් එකට කිසි කෙනෙක් මුදල් Topup නොකරන නිසා ආයතනය පවත්වාගෙන යන්න විදිහක් නෑ, ඒ නිසා මාස කිහිපයකින් පරණ ඇප් එකේ මුදල් ලබාදෙන්නම් එතෙක් විශ්වාසයෙන් රැඳී සිටින්න, නැවත අපි රීලෝඩ් ව්‍යාපාරය කරන්නේ නැහැ කියලා පණිවිඩයක් එවනවා…
මේක තමයි බොහොමයක් ඇප් වලට සිදුවෙන දේ…. 2022 අප්‍රේල් වල අපේ ආයතනය එලෙස ලක්ෂ 83ක වංචාවකට අසුවුනා. ඉන්පසුව අපේ ආයතනය සම්පුර්ණයෙන්ම රීලෝඩ් ව්‍යාපාරය නවත්වනු ලැබුවා. අවශ්‍ය අයට අලුත් වෙන කම්පැනි එකක් තෝරාගන්නා ලෙස අප පැවසුවා. නමුත් අපි හැමෝටම අවවාද කලා දෛනික ගෙවීම් සඳහා අවශ්‍ය මුදල පමණක් Topup කර භාවිතා කරන ලෙසට. මන්ද හදිසියේ හෝ එම ආයතනද කලින් ආයතන වගේ වංචා කලොත් අමාරුවේ වැටෙන නිසා.
ගොඩක් ආයතන විසින් Whitelable ඇප් නිර්මාණය කරගෙන ආයතනයේ සැබෑ හිමිකරුවන් කවුද කියලා හෙලි කරන්නේ නැතිව තමයි මේ ව්‍යාපාරය කරගෙන ගියේ. මොකද බිස්නස් එක ඔවුන්ගෙන් ගිලිහිලා ගිහින් මව් ආයතනයෙන් ඇප් එක ගනී කියලා හිතන නිසා. නමුත් අපේ ආයතනය විසින් මෙම ඇප් එක ලබාදුන්නේ ලාභ ඉපයීමේ අරමුණින් නෙමේ. ඒ නිසා අපිට ඇප් එක අපෙන් ගත්තත්, මව් ආයතනයෙන් ගත්තත් ප්‍රශ්නයක් නොවේ. නමුත් මව් ආයතනයට වඩා කොමිස් මුදලක් අපි දුන්නා. හැබැයි අපි ඇප් එක ලබාගත් මව් ආයතනය මොකක්ද, කැමති අයට අවශ්‍යයිනම් ඒ ආයතනයෙන්ම ඇප් එක ගන්න, ඇප් එකේ මුදල් වල වගකීම තියෙන්නේ ඒ මව් ආයතනයට, අපි කරන්නේ ඇප් එක නොමිළයේ බෙදාහැරීම, පුහුණුව සහ Topup ලබාදීම පමණයි, ඇප් එකේ තාක්ෂණික සහ මූල්‍යමය ගැටලුවකදී අදාල වගකීම් තිබෙන්නේ මව් ආයතනයට පමණක් බව සිහියේ තබාගෙන අපෙන් ඇප් එක ගන්න කියලා අපි දැනුවත් කරලා තමයි අපේ සාමාජිකයින්ට ඇප් එක ලබාදුන්නේ. කෙසේ වුවත් වගකීම ඒ මව් ආයතනයට තිබ්බත් මව් ආයතනයේ හිමිකරුවන් දැන් නීතීයේ රැහැනින් පළා ගොසින්….
එම නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න…
ඔබ භාවිතා කරන තෙවන පාර්ශවීය රීලෝඩ් ඇප් එක හෝ ගෙවීම් ඇප් එක මහ බැංකුවේ අනුමත එකක් නොවේනම් කවදා හෝ ඔබට මුදල් නැතිවීමට ඉඩ කඩ වැඩිය.
ගමක අයෙක්නම් දිනකට රු.20-30ක ලාභයකටද, නගරබද අයෙක්නම් දිනකට රු.500-1000ක ලාභයකට රුපියල් ලක්ෂ ගණනක් නැතිවිය හැක. ඇප් භාවිතා කිරීමට අවශ්‍යයිනම් දෛනික අවශ්‍යතාවය පමණක් Topup කර භාවිතා කරන්න. නොඑසේනම් මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක ඇප් එකක් භාවිතා කර ගෙවීම් කරන්න. කොමිස් එකක් ඕනමනම් පාරිභෝගිකයාට කියන්න අමතර සුළු ගාස්තුවක් යනවා කියලා. මොකද ඔබේ අන්තර්ජාල පහසුකම්, ඔබේ ෆෝන් එක භාවිතා කරලා ඔබේ මුදලින්නේ ගෙවන්නේ…
පහතින් තියෙන්නේ එසේ භාවිතා කල හැකි මහ බැංකුවේ නියාමනය යටතේ ක්‍රියාත්මක වෙන සේවා. 2021 වසරේද අපි පහත පෝස්ට් එක පළකලා. නැවතත් අලුත් ඇප් ලැයිස්තුවක් සමඟින් එය යාවත්කාලීන කොට තිබෙනවා….
ඔබට මුදල් ආරක්ෂා කරගැනීමට අවශ්‍යයිනම් පහත ඇප් භාවිතා කරන්න. අවධානමක් අරගෙන ආදායමක් උපයන්න ඕනනම් තෙවන පාර්ශවීය (3rd party Reload Apps) ඇප් භාවිතා කරන්න.
https://m.facebook.com/story.php?story_fbid=122102806988100804&id=61553024124622&mibextid=Nif5oz
සැ. යු : කිසිදු ආයතනයකට, ව්‍යාපාරයකට මඩ ගැසීමට, අකුල් හෙලීමට නොව, දැනුවත් කිරීම වෙනුවෙන් අත්දැකීම් මත ලියන ලිපියකි…
කිසිදු ආයතනයක් මේ පෝස්ට් එක නිසා අප සමඟ අමනාප නොවන්න. ඔබගේ ආයතනය Genuine ආයතනයක්නම් අනෙක් ආයතන මෙන් මහ බැංකුවේ නියාමනය යටතේ මෙය සිදු කරන්න උත්සාහ කරන්න. එවිට හැමෝම විශ්වාසයෙන් සම්බන්ධ වේවි. ආයතනය ලංකාවේ නෙමේ ඉන්දියාවේ, ඒ නිසා ලංකාවේ ලියාපදිංචි කරන්න බැහැ කියනවනම් යම්කිසි මුදලක් වෙන් කරලා ලංකාවේ APIs භාවිතා කර ලංකාවේ ආයතනයක් ආරම්භ කරන්න. නොඑසේනම් ඔබ නිකන්ම නිකන් බෙදාහරින්නෙක් පමණයි. ඔබට මිනිසුන්ගේ කෝටි ගණනක මුදලට වගකීමක් ලබාදීමේ ක්‍රමයක් නැත. ව්‍යාපාර ලියාපදිංචිය එයට ඉත්තෙක් කර නොගන්න…
බුද්ධිමත් වෙන්න…
වඩාත් යහපත් සේවාවක් ලබාදෙන්න…
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #bpnl #paymentgateways #onlinepayment #ipg #mobileapps #labkaqr #රීලෝඩ්ඇප් #reloadapp