Select Page

Comment & Win – Winner

පේජ් එකේ සියලුම පෝස්ට් කියවා කමෙන්ට් කර රු.500 ජයග්‍රහණය කලේ Ananda Kumarasena

ඔබ දන්නවාද මේ තරඟය පිළිබඳව පෝස්ට් එක පළකලාට පසුව ජීවිතේට පෝස්ට් නොකියපු අය “මම සියලුම පෝස්ට් අවබෝධයෙන් කියවා අවසන්” කියා කමෙන්ට් කරා. ඉන්පසුව එය ඔප්පු කරන්න කියා දැනුම් දුන් පසුව ඔවුන් විනාඩි කිහිපයක් ඇතුළත මුලු පේජ් එක පුරා තියෙන සෑම පෝස්ට් එකකට බොරුවට “කියවා අවසන්” කියා කමෙන්ට් කරමින් ගියා. 🤣

එම බොරු කල පුද්ගලයින්ට ඔවුන් කල බොරුව පැහැදිලි කර දුන් පසුව ඔවුන් දුන් පිළිතුර “අපරාදේ කමෙන්ට් කරන්න නාස්ති කල කාලේ” කියලා මැසේජ් එවනවා. ඒ මැසේජ් එකෙන්ම තේරෙනවා මේ පේජ් එකේ පෝස්ට් කියවලා තියෙන්නේ දියුණු වෙන්න තියෙන උවමනාව නිසා නෙමෙයි, රු.500ට තියෙන තණ්හාවට කියලා.

අපි තරඟ පෝස්ට් එකේ පළකලේ “2023 නොවැම්බර් 4 ප.ව 7.45 වන විට ඔබ මේ පේජ් එකේ සියලුම පෝස්ට් (පෝස්ට් 79ම) අවබෝධයෙන් කියවා ගුණාත්මක කමෙන්ට් යොදා ඇත්නම් (ස්ටිකර් කමෙන්ට් නොවේ) මුලින්ම මේ පෝස්ට් එකට “මම සියලුම පෝස්ට් අවබෝධයෙන් කියවා කමෙන්ට් කර අවසන්” ලෙස කමෙන්ට් කර ඔබගේ ගිණුම් විස්තර පහත WhatsApp බොත්තම ඔබා එවන්න.” ලෙසයි.

නමුත් 50 දෙනෙක්ට වැඩි පිරිසක් අඩුගානේ මේ Description එකද නොකියවා WhatsApp හරහා ගිණුම් අංක එවලා තිබුණා. ඒකෙන් අපි තේරුම් ගත්ත දෙයක් තමයි මේ පේජ් එකේ අයට දියුණු වෙන්න බැරි හේතුව අපි මහන්සි වෙලා ලියන කිසිම පෝස්ට් එකක් ඔවුන් කියවන්නේ නෑ. හැමෝටම වගේ අවශ්‍ය නිදාගෙන ඉඳලා මුදල් සොයන්න. නිකන් ඉඳලා මුදල් සොයන්න. හැබැයි ඉතිං නිදාගෙන මුදල් හොයන්න ඕනනම් ඔබ යන්න ඕන අපි වගේ ආයතනයකට නෙමේ. ග ණි කා ම ඩ ම ක් වැනි තැනකට…

ඇත්තෙන්ම අපි තරඟයක් තියලා අතින් සල්ලි දීලා ඔබට පෝස්ට් කියවන්න කියා බල කරන්නේ ඔබට දැනුම දීලා දියුණු කරවන්න තියෙන උවමනාව නිසා. නමුත් එහි අරමුණ බොහොමයක් අය තේරුම් ගන්නේ නැහැ. ඒ වගේම අපි “අස්වැසුම” ප්‍රතිලාභී අයට නොමිළයේ TechLabs PASS එකක් ලබාදෙන වැඩසටහනක් ආරම්භ කලා. නමුත් ඔවුන් සියලුම පෝස්ට් කියවා අවබෝධයෙන් කමෙන්ට් කර අවසන් කරන්න ඕන. එහෙම අයත් මේ පෝස්ට් එකට බොරුවට කමෙන්ට් කරලා තිබ්බා. ඒ වගේ අය වංචා කිරීම නිසා ඔවුන්ට ලබාදුන් ප්‍රතිලාභ ඉවත් කිරීමට අපට සිදුවෙනවා. වාසි තකා අවංක නොවී වංචා කරන කෙනෙක්ගෙන් ආයතනයට ලාභයකුත් නෑ, ඔවුන්ට ප්‍රතිලාභයකුත් නෑ. අද දිනයේ පළ කරන “සිතුවිල්ල” තුලින්ද ඔබට එය දැනගන්න පුළුවන්.

මොනා උනත් හැම වෙලාවෙම අවංක වෙන්න…
එවිට ඔබට දියුණු වෙන්න පුළුවන්…

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

ජයග්‍රහණය කල Ananda Kumarasena මහතා විසින් ජයග්‍රහණය කල මුදල ලබාදුන් පසුව අපට ලබාදුන් කමෙන්ට් එක :

“මම මේ පේජ් එකේ කලින් පෝස්ට් එකකට කොමන්ට් එකක් දැම්මා කියන දේ කියන විදියට මං කරන එක ගොඩක් අගය කරනව කියල.
ඉතිං මේ තවත් ඒ වගේම එකක්.
කියනව වගේම කෙලින් වැඩ කරන බව ඔප්පු කිරීමක්. ඔබේ මේ ගුණාංගය ඉතාමත් වටිනවා.
මම සියළුම පෝස්ට් කියවා අවසන් කියල කොමන්ට් කර විස්තර වට්ස්ඇප් කල සැනින් රුපියල් 500 ක මුදල ගිනුමට බැර වුනා….
ඉතාමත් සතුටුයි වගේම ගොඩක් ස්තුති වන්ත වෙනව ලබා දුන් ත්‍යාගයට.
මීට කලිං දෙවතාවක් ඔබ ලබා දුන් ත්‍යාගය ලබා ගැනීමට නොහැකි වුනේ පොඩි අතපසු වීමකින්. ඒ මගේම දුර්වලතාවය හේතුවෙන්.
උත්සහය උනන්දුව තියේ නම් අපිට කරන්න බැරි දෙයක් නෑ කවුරු හරි මග පෙන්වීම කරනව නම් අත දෙන්න පසුපසින් සිටිනව නම් අවශ්‍ය වෙන්නේ උනන්දුව විතරයි.
කලිං දෙවතාවක් අතපසු වූ අවස්ථාවන් ගැන දුක් නොවී ඊලග අවස්ථාව සදහා සූදානම් වීම නිසයි මේ ත්‍යාගය ලැබුනෙ.
එයින් පැහැදිලි වෙනව අපි උනන්දු වෙනව නම් අපිට බොහෝ දේ ලබා ගන්න පුළුවන් කියල. ඒක මේ පේජ් එකේ දේවල් වලට විතරක් අදාළ නැහැ ජීවිතයේ හැම අවස්ථාවකදීම ඒක අදාලයි.
මට මේ වෙලාවේ පාසල් කාලයේ සිද්ධියක් මතකයට ආවා
දවසක් ප්‍රින්සිපල් සර් ඇවිත් කිව්ව හොස්ටල් එකේ සේරම ළමයි මේන් හෝල් එකට යන්න කියල. එතකොට මම හයේ පංතියේ. කිසිම දෙයක් නොදැන එතනට ගියාම තමයි දැක්කේ රජරට සේවයේ වැඩ සටහනක් කරන්න සූදානමින් ඉන්නවා. වැඩසටහන කලේ ස්වර්ණ ශ්‍රි බංඩාර මහතා. වැඩසටහන අතරේ අපෙන් ප්‍රශ්නයක් ඇහුවා ඇත්තටම උත්තරේ මම දන්නෙ නෑ මට පිටිපස්සෙන් හිටපු අය්ය කෙනෙක් උත්තරය දන්නව නමුත් කියන්න යන්නේ නෑ කිහිප දෙනෙක් උත්තර දුන්නට ඒ සේරම වැරදියි.
තව එක අවස්ථාවක් දෙන්නම් කිව්වා. මම මොකද කලේ නැගිටලා ස්ටේජ් එකට ගියා. මගෙ නම අහනකොට මට කලබලේට උත්තරේ අමතක වෙයි කියල මම නම නෙවෙයි කිව්වෙ උත්තරය.
හැමෝම හිනා වුනා..
ඒත් ස්වර්ණ ශ්‍රි බංඩාර මහතා කිව්ව ඔයාල හිනා වෙන්නෙ ඔයාලටම තමයි කියල.
ඉතිං මම මේකෙන් කියන්න උත්සහ කලේ අර උත්තරය දැනගෙන හිටපු අය්ය ඒක කියන්න උනන්දු වුනා නම් එදා ඒ තෑග්ග ලැබෙන්නේ එයාට නමුත් එයාගෙ උනන්දුව නැති කම නිසා එයාට ඒක අහිමි වුනා.

ඒ වගේ අපි හැමෝම ටිකක් උනන්දු වෙලා කැපවීමක් කරන්න පුළුවන් නම් අපිටත් ගමනක් යන්න පුළුවන්.
හැමදේම නිකන් ලැබෙන්නේ නැහැ.
ටිකක් හිතන්න….
රැකියාවක් කරන කෙනෙකුට වැටුප් වැඩිවීමක්…
රැකියාවේ උසස්වීමක්…
ළමයෙකුට හොද ඉස්කෝලයක්…

මේ වගේ ගොඩක් දේවල් අපට නිකන් ලැබෙනවද. නැහැ ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ.

ඒ වගේ මෙහි මුලින් සඳහන් කරල තිබුණ විදියට පෝස්ට් ටික කියවලා කොමන්ට් කරල තිබුණ නම් ගොඩක් දෙනෙකුට මේ අවස්ථාව උදා කර ගන්න තිබුන.
කාලය නැති වෙන්න පුළුවන්. අපි කාලය හදාගන්න බලමු. එකත් අපේම කැපවීම මත කරගන්න ඕන දෙයක්.

මේ පේජ් එක තුලින් ගොඩක් ලොකු උදවුවක් ලැබෙනව කියල පේනව දියුණු වෙන්න උත්සහ කරන අයට
මේ කාලෙ ජීවත් වෙන්න ගොඩක් අමාරුයි. විශේෂයෙන් මධ්‍යම පාන්තික අයට ඉතිං මේ පේජ් එක තුලින් ලබා දෙන සේවාවන් ප්‍රයෝජනයට අරගෙන තමන්ගේම කියල ව්‍යාපාරයක් පටන් අරගෙන දියුණු වෙන්න උත්සහ කරමු

ලබා දුන් ත්‍යාගයට ඔබ තුමාට ගොඩක් ස්තුති වන්ත වනව ඒ වගේම තව තවත් ඔබ කරන මේ සමාජ සත්කාරක සේවාවන් වැඩි දියුණු කරගන්න අවස්ථාව උදා වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා”

~Ananda Kumarasena~

Original Competition Post : https://m.facebook.com/story.php?story_fbid=122101959626100804&id=61553024124622&mibextid=Nif5oz

තවත් දවසක, තවත් තරඟයකින් මුණගැහෙමු…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #businesshubcompetitions