Select Page

“නිකං ඉඳල / නිදාගෙන සල්ලි හොයන්න කැමතිද?”

“ගෙදර ඉඳල මාසෙකට ලක්ෂ හැටක්?”

මීට වසර කිහිපයකට කලින් කෙනෙක් මට කතා කළා. ඔහු මට යෝජනාවක් කළා. ඔහුගේ ව්‍යාපාරයට එකතු වෙන්න කියලා. ඔහු ඉතාම නිර්මාණශීලීයි. ඔහු යමක් හඳුන්වා දෙන විදිය, කරුණු ඉදිරිපත් කරන විදිය හිතේ දැවැන්ත සිහින මාලිගා ගොඩනඟන්න සමත්. කිසිඳු මහන්සියකින් තොරව මාසෙකට හැට ලක්ෂයක් හොයන විදිය ඔහු මා ඉදිරියේ මවා පෑවා. නමුත් මම ඔහුගෙන් ගැලවී ගියා. මොකද ඊට කලකට පෙර සිටම මම පිරමීඩ් ව්‍යාපාර ගැන අසා තිබුණු නිසා.

මට ඕන උනේ වංචා නැති විනිවිද භාවයක් සමග Facebook නිකන් කාලය ගතකරන අහිංසක මිනිස්සුන්ට සදාචාරාත්මකව Facebook භාවිතා කරලා තමන්ගේ හැකියාවෙන් අමතර ආදායමක් හොයන්න ක්‍රමවේදයක් ගොඩනගන්න..

බොහෝ දෙනා සල්ලි හොයන්න කැමතියි. නමුත් කැපකිරීම් කරන්න අකැමැතියි. නිකන් ගෙදර ඉද්දි සල්ලි ලැබෙන ක්‍රම ගැන තමයි ඇතැම් අය ගොඩක් උනන්දු.

නිකන් ඉඳිමින් සල්ලි හොයන්න ඔබට අවශ්‍ය නම් ඔබ ඒ සඳහා කාලයක් තිස්සේ ගොඩනැගූ යම් ක්‍රමවේදයක් තිබිය යුතුයි. එය නීත්‍යානුකූල ක්‍රමයක් විය යුතුයි.මුලින්ම ටිකක් කැපවීම , ඉවසීම , ඇතුව අපි ක්‍රමවේද ගොඩනගා ගන්න ඕන..එවිට අපිට පුළුවන් නිකන් ඉදන් උනත් සල්ලි හොයන්න…

යම් තරුණියක් සිටිනවා. ඇයගේ විවාහය ප්‍රමාදයි. ඇයට අවශ්‍යයි සහකරුවෙක් සොයාගන්න. ඇය මුදල් ඉතිරි කරන්න පටන් ගන්නවා. තමන්ගෙ ආභරණ ටික හදාගන්න පටන් ගන්නවා. තමන්ගෙ කායික හා මානසික නීරෝගීතාවය ගැන සිතනවා. ලස්සන ගැන උනන්දු වෙනවා. උයන්න, පිහන්න ඉගෙනගන්න වෙනදාට වඩා උනන්දු වෙනවා. ඇය හරිම සක්‍රීයයි. විශ්වයට පවා දැනෙනවා ඇයට විවාහයක් අත්‍යවශ්‍යයි කියලා. ඉතින් ඉතාම කෙටි කාලයකදී ඇයට සුදුසු සහකරුවෙක් ලැබෙනවා. නමුත් බොහෝ තරුණ තරුණියන් සිතාගෙන ඉන්නවා නිදාගෙන ඉද්දි තමන්ගේ සහකාරිය, සහකරුවා ගෙදරට ඒවි කියලා. එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒක ඔබේ ජීවිතයේ හොඳම හරිය ගෙවී ගියාට පස්සෙ වෙන්න පුළුවන්.

ඔයාට සාර්ථක වෙන්න ඕන නම් අරමුණ උදෙසා කැපවෙන්න. ඒක ඔයාගෙ සිහින ගමනට ඉන්ධනයක්. නමුත් ඔයාට ඒ දේ අවශ්‍යමයි කියලා විශ්වයටම දැනෙන්න සක්‍රීය වෙන්න ඕන. නැතිනම් වෙන්නෙ facebook එකේ දකින “ඉක්මනින් පොහොසත් වෙන්න” කියලා මවා පෙන්වන උගුල් වල ග්‍රහණයට හසු වේවි. අවසානයේදී ඔයා “eMoney කියන්නේ බොරුවක් ” කියලා දොස් කියමින් සිටීවි.

නිදාගෙන ඉදලා සතයක් වත් හොයන්න බෑ….

ඔයා කෑම පාර්සල් ටිකක් හදලා පාරේ තියාගෙන විකුණන්න. ඒකට ඔයාගේ හිතේ කිසිම ලැජ්ජාවක් ඇතිකරගන්න ඕන නෑ. මොකද ඔයාගේ සිහිනය අනාගතයේදී හොඳම ප්‍රමිතියේ හෝටලයක් පටන් ගන්න එක. ඉතින් ඔයා සක්‍රීයයි. ඒ සක්‍රීයතාවය විශ්වයටම දැනෙනවා. ඉතින් ඔයාට ඒ සිහිනය දිනන්න අවශ්‍ය හැම දේම ක්‍රමක්‍රමයෙන් ලඟා වෙනවා. ඔබ එසේ සාර්ථක වෙද්දී තවත් කෙනෙක් ඉක්මනින් පොහොසත් වෙන්න ගිහිල්ලා කපටි පුද්ගලයින්ගේ උගුල්වලට හසු වෙලා ජීවිත කාලයම විඳවනවා.

අනුන් ඔයාගේ හිතේ මවන දේ නොවෙයි ඔයා කැමති දේ ගැන ඔයාම සිහින මවන්න. ක්‍රියාත්මක වෙන්න. ඔයාගේ හැකියාවන් භාවිතා කරන්න. කරුණු සොයන්න.

ඔයාගේ දක්ශතාවය හදුන ගන්න…

ඔබේ හැකියාවෙන් මුදල් උපයන්න ඉගෙනගන්න… දිනපතා මේ පේජ් එකේ පෝස්ට් කියවන්න.

ඉතින් ප්‍රමාද වෙන්න එපා දැන්ම ක්‍රියාත්මක වෙන්න… ඉගෙන ගන්න…

ඡායාරූපය : ඡායාරූපයේ පෙනෙන ආකාරයට නිකන් ඉඳලා / නිදාගෙන සල්ලි හොයන්න පුළුවන්. හැබැයි ගෙදර මනුස්සයා එක්ක නෙමේ, පිට කෙනෙක් එක්ක. එතනත් ඉතිං කරන්න දේවල් තියෙනවානේ. ලෝකයේ පැරණිම රස්සාවක් කියනවනේ. නැත්නම් හිඟා කන්න පුළුවන්. ඔය දෙක තමා පහසුම…

නුවණින් සිතා බලන්න…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas