ඔබ සොයන්නේ ඔන්ලයින් ජොබ් එකක්ද? – Part 01
එසේනම් අනිවාර්යයෙන් මේ පෝස්ට් එක කියවන්න…
👨💼 මුලින්ම අපි කතා කරමු ඔබේ අධ්‍යාපන සුදුසුකම් ගැන.
🙋 “අධ්‍යාපන සුදුසුකම්, ඒ මොකටද?”
👨💼 ඇයි දැන් ඔන්ලයින් ජොබ් එකක් හොයනවා නේද, ඒකට….
🙋 “මට අධ්‍යාපන සුදුසුකම් නැහැ.”
👨💼 හරි එහෙනම් අපි බලමු ඔබේ හැකියාවන් / Skills මොනවද කියලා.
🙋 “හැකියාවන් / Skills මොනවත් මට නෑ. මට ඕන ඔන්ලයින් ජොබ් එකක්. දැන් කරන ජොබ් එකෙන් ලැබෙන ආදායම මට මදි”
👨💼 ඉංග්‍රීසි පුලුවන්ද ?
🙋 “ඉංග්‍රීසි නම් බැහැ මට.”
👨💼 දැන් ඔබ කියන්නේ ඔබට කිසිම අධ්‍යාපන සුදුසුකමක් නෑ, හැකියාවක් (Skill එකක්) නෑ, ඉංග්‍රීසිත් බෑ කියලද? එතකොට යම් කිසි ආයතනයකින් ඇයි ඔබට ජොබ් එකක් (රැකියාවක්) දෙන්නේ?
ඔබේ පවුලේ කෙනෙක්ගේ කම්පැනි එකක් නම් ඔබට රැකියාවක් දේවි. නැතිව වෙන කම්පැනි වලින් ඔබට ජොබ් ලැබෙන්නේ නෑ.
🙋 “එහෙනම් ඔය ලංකාවේ ලක්ෂ ගාණක් මිනිස්සු ඔන්ලයින් ජොබ් කරන්නේ, ඒ මොනවද?”
👨💼 මොනවද දැන් ඔය කියන ඔන්ලයින් ජොබ්?
🙋 “ඇයි දැන් ඔය ෆේස්බුක් එකේ තියෙන්නේ…”
▪️ දවසට රු.3,000ක් හොයන්න පුළුවන් සුපිරි සයිට් එකක්. දාපු ගාන දවසින් හොයන්න පුළුවන්. දවසට ලක්ෂ ගාණක් වුනත් හොයන්න පුළුවන්. රු.5,000 ඉඳන් පැකේජ් තියේ.
▪️ ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයන්න. රු.2,500 සිට රු.ලක්ෂ 20 දක්වා පැකේජ් තියෙනවා. දවසට ඇඩ් 3ක් බලන්න විතරයි තියෙන්නේ.
▪️ දවසට පොඩි වැඩ 5ක් කරන්න තියෙන්නේ. දින 7කින් මුදල් ගන්න පුළුවන්. අවම Withdrawal එක රු.5,000. වැඩියෙන් Task ඕනනම් පැකේජ් එකක් ගන්න පුළුවන්.
▪️ දිනකට ඩොලර් 10 සිට 1000 දක්වා උපයන්න. සෙනසුරාදා සහ ඉරිදට පොපිට් නෑ. හැමදාම හවස 6ට සුයිච් එකක් ඔන් ඕප් කරන්න තියෙන්නේ. නිදාගෙන හිටියත් සල්ලි.
“ඔය තියෙන්නේ ඕන තරම්. මේවට කිසිම දැනුමක් ඕන නෑ. අපිට සල්ලි එනවා ලක්ෂ ගණන්.”
👨💼 දැන් ඔය කියන ජොබ් වලට ඔයාට නිකන් සම්බන්ධ වෙන්න පුළුවන්ද ? කිසිම මුදලක් ආයෝජනය නොකර ඔයාට ලක්ෂ ගාණක් ලැබුණද?
🙋 “එහෙම ලැබුණේ නෑ. අපි ගන්න පැකේජ් එක අනුව තමයි අපිට මුදල් ලැබෙන්නේ”
👨💼 පැකේජ් ??? ජොබ් එකකට සම්බන්ධ වෙන්න ලෝකේ මොන රටේද පැකේජ් ගන්න ඕන, මුදලක් ගෙවන්න ඕන???
🙋 “එතකොට කොහොමද ඔන්ලයින් ජොබ් එකක් කරන්නේ? මම මෙච්චර කාලයක් ඔන්ලයින් ජොබ් කියලා හිතාගෙන හිටියේ වැරදි දේවල්ද?”
👨💼 ඔව්, මොකද ගොඩක් වංචාකාරී ආයතන, පිරමීඩ ආයතන ඔබගේ මොළය කොලොප්පන් කරලා, Brain Wash කරලා තියෙන්නේ. ඉතිං ඔබ හිතන්නේ ඔබ කරන්නේ ඔන්ලයින් ජොබ් කියලා.
ඔන්ලයින් රැකියාවක් සොයාගන්න ක්‍රම 2ක් තියේ….
1️⃣ මුදල් ගෙවා : ඔබ රැකියාව කරන්න බලාපොරොත්තු වෙන ක්ෂේත්‍රයේ වෘත්තීය සුදුසුකම් ලබාගන්න එයට ගැලපෙන පාඨමාලාවක් හදාරන්න. එවිට වෘත්තීය සුදුසුකම් මත ඔබට යම් ආයතනයක රැකියවකට අයදුම් කරන්න පුළුවන්. වෘත්තීය සුදුසුකම් ලැබෙන විට ඔබගේ හැකියාවන්ද වර්ධනය වේවි. මාස කිහිපයකින් පාඨමාලාව අවසන් කරන්න පුළුවන් වේවි.
වෘත්තීය සුදුසුකම් ලබාගන්න අවශ්‍යයිනම් TVEC (තෘතියික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව) ලියාපදිංචි අධ්‍යාපන ආයතනයක් තෝරගන්න.
Cousera / Udemy වැනි වෙබ් අඩවි හරහාද ඔබට මුදල් ගෙවා ඉගෙන ගන්න පුළුවන්. නමුත් ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වෙනවා.
සිංහලෙන් ඉගෙන ගන්න ඕනනම් ලංකාවේ ආයතනයකින් ඉගෙන ගන්න.
2️⃣ නොමිළයේ : තනිවම ඔබගේ හැකියාවන් / Skills වර්ධනය කරගන්න. ඒ සඳහා ඔබට Google / Youtube / Facebook වැනි නොමිළයේ ඉගෙන ගත හැකි මාධ්‍ය භාවිතා කරන්න පුළුවන්. තනියෙන් ඉගෙන ගන්න නිසා ඔබට පාඨමාලාවට වඩා කාලයක් ගත වේවි. නමුත් මාගේ පෞද්ගලිකව අත්දැකීම් අනුවනම් පාඨමාලාවට වඩා තනිව ඉගෙන ගැනීමේදී (Self Study) වැඩි දෙයක් ඉගෙන ගන්න පුළුවන්. නමුත් වෘත්තීය සුදුසුකම්, සහතික එයින් හිමිවෙන්නේ නෑ.
ඔය විදිහට ඔබට පුළුවන් වෘත්තීය සුදුසුකම් සහ හැකියාවන් (Skills) වර්ධනය කරගෙන ඔන්ලයින් ජොබ් එකක් සොයාගන්න.
හැබැයි මොන දේටත් ඉංග්‍රීසිනම් අනිවාර්යයෙන් ඕන. ඉංග්‍රීසි බැරිනම් ඔන්ලයින් ජොබ් කරන අදහස අතහැර ගන්න…
තව පෝස්ට් එකකින් ඔබට ලංකාවේ ඉඳන් කරන්න පුළුවන් ඔන්ලයින් ආදායම් උපයන ක්‍රම ගැන කියලා දෙන්නම්. ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ලියූ ලිපි ෆේස්බුක් එකේ ඕන තරම් තියේ. අපි එවැනි හොඳ ලිපි කිහිපයක් ඔබ සමඟ බෙදාගන්නම්…
Fivver, UpWork, Sproutgigs වැනි Freelancing Platform…
eBay, Etsy, Shopify වැනි eCommerce/DropShipping Platform…
Crypto Currency Trading වගේ දේවල් ඉගෙන ගන්න… ඉදිරියේදී ඒ පිළිබඳව කියලා දෙන්නම්…
අනිවාර්යයෙන් මේ පෝස්ට් එකේ Part 02 කියවන්න මේ පේජ් එක Follow කරලා තියාගන්න.
ප.ලි : මෙම ලිපියේ Part 02 මෙම ලින්ක් එක හරහා කියවන්න : https://m.facebook.com/story.php?story_fbid=122095915106100804&id=61553024124622&mibextid=Nif5oz
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas