ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න එක දවසක් වෙන් කරගන්න….
එහෙම නැතිනම් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න අවශ්‍ය උපදෙස් ලබාගන්න එක දවසක් වෙන් කරන්න…
A-Z සහය අපි දෙන්නම්…
ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න, රැකියාවට අමතර ආදායමක් උපයන්න, පාසල් ගමනින් පසුව තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න අපි මඟ පෙන්වන්නම්…
CharityShop ව්‍යවසායකත්ව (ඔන්ලයින් මුදල් ඉපයීම සහ ස්වයංරැකියා) සහ මූලික පරිගණක සාක්ෂරතාවය පිළිබඳව එක් දින නේවාසික පුහුණු පාඨමාලාවට ඔබත් අදම සම්බන්ධ වෙන්න….
👉 රැකියාවෙන් ලැබෙන ආදායම මදිද?
👉 අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවාද?
👉 ව්‍යාපාරය දියුණු කරගන්න ඔබගේ දැනුම ප්‍රමාණවත් නැතිද?
🏠️ නිවසේ සිට මුදල් උපයන්න
👩💻 ඉගෙන ගන්න ගමන් මුදල් උපයන්න
👩🌾 රැකියාව කරන ගමන් මුදල් උපයන්න
👨🦽 රෝද පුටුවට වෙලා මුදල් උපයන්න (ආබාධිත ඔබට)
🛌 නිදාගෙන ඉන්න ගමන් මුදල් උපයන්න (Passive Income)
🚴 Field එකේ ගිහින් මුදල් උපයන්න
🤱 දරුවන් බලාගන්න ගමන් මුදල් උපයන්න
🌐 ඔන්ලයින් ඉන්න ගමන් මුදල් උපයන්න
🚎 ට්‍රැවල් කරන ගමන් මුදල් උපයන්න
🛺 ත්‍රී විලර් එක හයර් කරන ගමන් මුදල් උපයන්න
නිදහසට කරුණු නොකියා ආදායම් හොයන්න ක්‍රම 100 ගණනක්…. කැපවීමෙන් ජීවිතය ජයගන්න….
1️⃣ මුලින්ම අපි ඔබත් සමඟ සාකච්ඡා කරනවා ඔබගේ දැනුම පරීක්ෂා කරන්න. ඔබ උනන්දු සහ හැකියාව තියෙන ක්ෂේත්‍ර මොනවද කියලා හොයලා බලනවා. ඔබ කැමති මහන්සි වෙලා කරන ඔබේම ව්‍යාපාරයක් හෝ ස්වයංරැකියාවක් කරන්න නම් අපි ඒ සඳහා මගපෙන්වීම කරනවා.
2️⃣ ඔබ කැමති ඔන්ලයින් ව්‍යාපාරයකටනම් ඔබගේ තාක්ෂණික දැනුම පරීක්ෂා කර බලනවා. ඉන්පසුව ඔබ නොදන්න කරුණු එකින් එක ඉගැන්වීම කරනවා. *අපි උගන්වන මූලික තාක්ෂණික දැනුම / විෂය නිර්දේශය බලන්න පෝස්ට් එකේ අවසානය බලන්න.
3️⃣ ඔබ ස්වයංරැකියාවක් තෝරගන්නවනම් ඒ ස්වයංරැකියාව පිළිබඳව අපි ඔබට අන්තර්ජාලයෙන් තොරතුරු සොයලා දෙනවා. අපි දැනටමත් දැනුවත් ස්වයංරැකියාවක් නම් අපි ඔබට ඒ ස්වයංරැකියාව දැනට ලංකාවේ සාර්ථකව කරන පුද්ගලයින් / ආයතන හඳුන්වලා දෙනවා. අපි නොදන්න ක්ෂේත්‍රයක්නම් දින කිහිපයක් ඇතුලත ලොව පුරා එම ස්වයංරැකියාව සාර්ථකව සිදුකරන පුද්ගලයින් / ආයතන සොයා බලා අපි ඔබට සම්බන්ධ කර දෙනවා. ඔබට පුළුවන් ඔවුන්ගෙන් උදව් ගන්න, අදහස් ගන්න. අපගෙන් තාක්ෂණික සේවාවන් ලබාගත් ආයතන වල ස්වයංරැකියා / ව්‍යාපාර සඳහා ඔබට පහසුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්.
උදා : ඔබ බතික් ක්ෂේත්‍රයට කැමතියි නම් අපි මුලින්ම බලනවා බතික් සම්බන්ධ ආයතන හෝ පුද්ගලයින් අපේ ආයතනයෙන් යම්කිසි සේවාවක් ලබාගෙන තියේද කියලා. එසේ තියේනම් අපි එම ආයතන සම්බන්ධ කරලා දෙනවා. ඒ සම්බන්ධ පාඨමාලා එම ආයතනයේ තිබෙන්න පුළුවන්. එහෙම වුනොත් අපි ඔබට එම පාඨමාලාව කරන්න වට්ටමක් අරන් දෙන්න උත්සාහ කරනවා. ඔබට අවශ්‍ය වෘත්තිය සුදුසුකම් එම ආයතන වලින් ලබාගන්න පුළුවන්. නොඑසේනම් එම පාඨමාලා ගාස්තුව සොයාගන්න උදව් කරනවා. ඉන්පසුව ඔබට පුළුවන් එම පාඨමාලාව හදාරන්න.
උදා : දැනට Roy Bathik ආයතනය අප ආයතනය හරහා තාක්ෂණික සේවාවන් ලබාගෙන තිබෙනවා. එම ආයතනය Affiliate Partner කෙනෙක්. එම ආයතනයේ පාඨමාලාවක්ද තිබෙනවා. ඒ හරහා ඔබට වෘත්තීය සුදුසුකම් ලබාගන්න පුළුවන්. එම පාඨමාලාව ප්‍රවර්ධන කරන නියෝජිතයෙක් ලෙස සම්බන්ධ වෙලාද ඔබට පුළුවන් ආදායමක් උපයන්න. විශේෂත්වය වන්නේ පාඨමාලාවෙන් පසුව ඔබගේ බතික් නිර්මාණද එම ආයතනයෙන් මිළදී ගන්නවා. ඔබට වෙළඳපොළ පිළිබඳව බය වෙන්න කාරණාවක් නැහැ.
ඒ වගේම දැනට වෘත්තීය සුදුසුකම් තිබෙන ගුරුවරුන් බොහොමයක් අපගේ ආයතනය හරහා සේවාවන් ලබාගෙන තිබෙනවා. එම ගුරුවරුන්ගේ පාඨමාලාද වට්ටමක් සහිතව ඔබට අප හරහා සම්බන්ධ වෙන්න පුළුවන්.
නොමිළයේ පවත්වන පාඨමාලා :
1️⃣ සාරි ජැකට් පාඨමාලාව – අශාරා පෙරේරා මිස්
2️⃣ බිම්මල් වගාව පාඨමාලාව – Udaya සර් (තෝරාගත් පිරිසකට පමණයි)
3️⃣ English for Kids – Nimal Dahanayaka සර්
පාඨමාලා ගාස්තු ගෙවා සම්බන්ධ විය හැකි පාඨමාලා :
1️⃣ ජාවා බතික්
2️⃣ ඉටිපන්දම්
3️⃣ කේක්
4️⃣ ගින්හැම් ලේස්
5️⃣ සුරතල් සතුන් නිර්මාණය
6️⃣ ළඳරු ඇඳුම්
7️⃣ Brazilian Embroidery
8️⃣ තිර රෙදි
9️⃣ මදුරු දැල් මැසීම
🔟️ රිබන් Embroidery
☝️ ඉහත ආකාරයේ වෘත්තීය පාඨමාලාද අපිත් සමඟ සම්බන්ධ ගුරුවරු හෝ අධ්‍යාපන ආයතන හරහා කරන්න පුළුවන්.
අපත් සමඟ Affiliate වී නොමැති ආයතන වල අපට Contact Details පමණයි ලබාදෙන්න පුළුවන්. ඔබට පුළුවන් ඔවුන්ගෙන් උපදෙස් ලබාගන්න.
4️⃣ සමහර ස්වයංරැකියා තියෙනවා ඔබට කිසිදු දැනුමක් නැතිව ක්ෂණිකව කරන්න පුළුවන්. මොකද බොහොමයක් ආයතන වල භාණ්ඩ ඔබට පුළුවන් Reselling / DropShipping සඳහා ලබාගන්න. ඔබ කැමති ක්ෂේත්‍රයට අදාලව අපි අලෙවි කරුවන් සොයා දෙන්නම්. ස්වයංරැකියා 500 වැඩිය කරන ආයතන ලැයිස්තුවක් අපි සතුව තිබෙනවා. ඔබට තිබෙන්නේ අපි අදාල ආයතන වල විස්තර ලබාදුන් පසුව ඔවුන් සම්බන්ධ කරගෙන සෘජුවම භාණ්ඩ ලබාගන්න. අපව සම්බන්ධ කරගැනීමට හෝ අප හරහා යාමට අවශ්‍යතාවයක් නැහැ. මන්ද ඔබට වැඩි ලාභයක් සහ ආදායමක් උපයාගැනීමට අවස්ථාව අවශ්‍ය නිසා අපි අතරමැදියෙක් වෙලා කොමිස් බලාපොරොත්තු වෙන්නේ නෑ. අපට අවශ්‍ය ඔබගේ දියුණුව. ඒ නිසා ඔබට සෘජුවම අලෙවිකරුවන් සම්බන්ධ කරදෙන්න පුළුවන්.
5️⃣ ස්වයංරැකියා හෝ ව්‍යාපාර අදහසක් තීරණය කල පසුව දැන් ඔබට පුළුවන් ව්‍යාපාරය ආරම්භ කරන්න “ව්‍යාපාරයට ගැලපෙන නමක්” හිතන්න. ඝණ පිහිටවලා නමක් නිර්මාණය කරගන්නත් අපේ සේවාදායකයින් ඉන්නවා. ඊට කලින් ඔයාට හිතුනොත් “හඳහන” බලාගෙන අනාගතය කොයි වගේද බලන්න ඒ සඳහා සේවාවනුත් අපේ ආයතනයේ තියෙනවා. (ඔබ විශ්වාස කරනවනම් පමණක්)
6️⃣ දැන් ව්‍යාපාරය ආරම්භ කරන්න ඔබට මූලික මුදලක් ඕන. අපි ඔබට උපරිම දින 3ක් ඇතුළත මූල්‍ය ආයතන කිහිපයක් සම්බන්ධ කරදීලා ණයක් අනුමත කරදෙන්න උත්සාහ කරනවා. බොහෝ වෙලාවට එක් දිනකින් අනුමත කර දෙන්න හැකියාව ලැබෙනවා.
7️⃣ ඔන්න ඊලඟට තමයි අපේ ආයතනයේ මූලික සේවාවන් ඔබට අවශ්‍ය වෙන්නේ. ඔබ අප පාඨමාලාවට මුදල් ගෙවන්නේ පහත සේවාවන් ටික අප හරහා ලබාගන්නයි. පාඨමාලාව හරහා අපි ඔබට සියලුම දේවල්, අදහස්, අපගේ දැනුම බෙදා දෙන්නේ නොමිළයේ.
පහත සේවාවලට සහ කෑම බීම, නවාතැන් වෙනුවෙන් තමයි ඔබ ගෙවීම කරන්නේ…
👉 ඔබ තෝරගන්න නමට අපි ෆේස්බුක් පේජ් එකක් නිර්මාණය කරනවා.
👉 WhatsApp Business ගිණුමක් නිර්මාණය කර පේජ් එකට එය සම්බන්ධ කර දෙනවා.
👉 ප්‍රොෆයිල් ඡායාරූපයක් නිර්මාණය කරලා දෙනවා.
👉 කවර් ඡායාරූපයක් නිර්මාණය කර දෙනවා.
👉 වීඩියෝ ඇඩ් එකක් නිර්මාණය කර දෙනවා.
👉 ව්‍යාපාරය / ස්වයංරැකියාව සම්බන්ධව ප්‍රවර්ධන පත්‍රිකා නිර්මාණය කර දෙනවා.
👉 ලංකාව ඇතුලේ කරන ව්‍යාපාරයක්නම් රුපියල් (LKR) ලබාගත හැකිද, අන්තර්ජාතික ව්‍යාපාරයක්නම් ඩොලර් (USD) ලබාගත හැකි Payment Gateway එකක්ද නිර්මාණය කර දෙනවා.
👉 එම මුදල් ලබාගැනීමට ඔන්ලයින් බැංකු ගිණුමක්, Forign Currency ගිණුමක් නිර්මාණය කර දෙනවා.
👉 Physical සහ Virtual Visa සහ Master Card පත් ලබාගන්න සහය වෙනවා.
👉 QR Payment ලබාගන්න ක්‍රමවේදයක් නිර්මාණය කර දෙනවා.
👉 eZCash, mCash වැනි Mobile Payments ලබාගැනීමේ ක්‍රමද නිර්මාණය කර දෙනවා.
👉 ඔබගේ ව්‍යාපාරය වෙනුවෙන් Hotline අංකයක් ලියාපදිංචි කර දෙනවා.
👉 Hotline එකට Caller Tune එකක් නිර්මාණය කර දෙනවා.
👉 ව්‍යාපාරයේ විශ්වාසනීයත්වය වැඩි කරන්න 011 අංකයක් නොමිළයේ ලබාදෙනවා.
👉 Business Card නිර්මාණය කර දෙනවා.
👉 Letter Head නිර්මාණය කර දෙනවා.
👉 ව්‍යාපාරයේ නමින් SMS යවන්න පද්ධතියක් නොමිළයේ නිර්මාණය කර දෙනවා.
👉 ව්‍යාපාරයට e-Store (Online Store) එකක් නිර්මාණය කර දෙනවා.
👉 ව්‍යාපාරය අපගේ ස්වයංරැකියා වෙබ් අඩවියේ ලියාපදිංචි ස්වයංරැකියාවක් ලෙස පළකර වෙනමම වෙබ් පිටුවක් නිර්මාණය කර දෙනවා.
👉 ව්‍යාපාරය වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කර දෙනවා.
👉 අවශ්‍යයිනම් Youtube Channel එකක් නිර්මාණය කර දෙනවා.
👉 ව්‍යාපාරය ප්‍රවර්ධන කරගන්න සෝෂල් මීඩියා හරහා Campaign කර දෙනවා.
👉 ඔබේ ව්‍යාපාරය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කිරීමට මග පෙන්වීම හෝ පෞද්ගලිකව සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට අප සහය වෙනවා.
👉 ඔබ ස්වයංරැකියාව ලෙස කරන්නේ Product එකක් නම් එහි Packaging, Bill Book, Invoices වගේ නිර්මාණයට සහය දෙනවා. සමහර ආයතන වලින් සෘජුවම ඒ අයම මේ දේවල් ලබාදෙනවා.
උදා : බිම්මල් සොසේජස් ස්වයංරැකියාවට සම්බන්ධව කටයුතු කරන ආයතනයක් සොසේජස් සමඟ බිල් පොත්, පෝස්ටර් වැනිදෑ ඔවුන් විසින්ම ලබාදෙනවා. මොකද එය අලෙවි කරන්න ඕන ඔවුන්ගේ Brand එකකින්. නමුත් කුළුබඩු, තේ වගේ දේවල් අලෙවි කරන ආයතන අපි එකතුකරගෙන සිටිනවා. ඔවුන්ගෙන් තොග අරගෙන ඔබේ නමින් අලෙවි කරන්න අවස්ථාව දෙනවා. සමහර ආයතන තියේ රෙදි සේදුම් කුඩු වගේ දේවල්. ඔබට එම ආයතන වල Whitelable Partner කෙනෙක් වෙන්න පුළුවන්. එවිට ඔබට ඔබේ නමකින් අලෙවි කරන්න පුළුවන්. Markerted By කියලා ඔබේ නම යොදන්න පුළුවන්. Manufactured by කියලා එම ආයතනයේ නම යොදන්න ඕන. මන්ද සමහර නිෂ්පාදනය සඳහා තත්ව සහතික අවශ්‍යයි. ඉතිං ඔබ අලුතෙන්ම ව්‍යාපාරයක් ආරම්භ කරනවාට වඩා එම ආයතන සමඟ සම්බන්ධ වෙන එක පහසුයි.
☝️ ඉහතින් සඳහන් කර තිබෙන සේවා වලින් 80%ක් පමණ අපි ඔබ අපත් සමඟ ගත කරන එක දිනයේදී සිදුකර දෙනවා. කාලය ගතවෙන්නේ වෙබ් අඩවියට, Payment Gateway අනුමත වීමට සහ ව්‍යාපාර ලියාපදිංචි කිරීමට පමණයි. රු.100,000 වැඩි වියදමක් යන සේවාවන් විශාල ප්‍රමාණයක් අපි ඔබට ඉතාමත් අඩු මුදලකට ලබාදෙනවා.
8️⃣ මේ හැමදේම ඔබට ස්මාර්ට් ෆෝන් එකකින් කරන්න පුළුවන්. ඔබේ ෆෝන් එක එයට සුදුසු නැතිනම් වාරික 12කට ගෙවන්න ෆෝන් එකක් ගන්නත් අපි මග පෙන්වනවා. දින 3කින් ෆෝන් එක ගන්නත් පුළුවන්.
9️⃣ පළමු දිනෙන් පසුව ඔබව ඇඩ් කරනවා අපේ Lifetime Techඉස්කෝලේ Group එකට. ඒ ගෲප් එක හරහා දිනපතා අපි නව ආදායම් ක්‍රම පිලිබඳව උගන්වනවා. ඔබට පුළුවන් ඔබට අවශ්‍ය දේවල්, ඔබට කරන්න පුළුවන් කියලා හිතෙන ස්වයංරැකියා හෝ ව්‍යාපාර ඒ පෝස්ට් කියවලා ආරම්භ කරන්න. අපි මුලින්ම කරන්නේ විවිධ අපි සෝෂල් මීඩියා හරහා දකින, අන්තර්ජාලයේ දකින, ශ්‍රී ලංකාවේ දැනට සාර්ථකව සිදුකරන ස්වයංරැකියා අදහස් ඔබට ලබාදෙන එක. වැඩි දෙනෙක් ඉල්ලුම් කරන ස්වයංරැකියා පිළිබඳව අපි අධ්‍යයනය කරලා ඒ පිළිබඳව ඉගෙන ගන්න පුළුවන් Youtube Channel, වෙබ් අඩවි, ආයතන අපි සම්බන්ධ කර දෙනවා. ඔබට පුළුවන් වැඩි දුර ඒ පිළිබඳව අධ්‍යයනය කර එම ස්වයංරැකියාව ආරම්භ කරන්න. අපේ ආයතනයෙන් එය සාර්ථකව කරගෙන යන්න අවශ්‍ය සියලුම තාක්ෂණික දැනුම ලබාදෙනවා…
උදා : අපි පොල් කටු ආශ්‍රිත විසිතුරු නිර්මාණ පිළිබඳව ස්වයංරැකියා අදහසක් පළකරනවා. කිහිපදෙනෙක් එයට උනන්දුනම් අපි Resell කරන්න එම නිර්මාණ ලබාගන්න පුළුවන් ආයතනය සොයලා ඔබට සෘජුවම සම්බන්ධ කරනවා. ඔබේම නිශ්පාදන සිදුකරන්න අවශ්‍යයිනම් ලෝකයේ ලොකුම දැනුම් ගබඩාව Google සහ Youtube ඔස්සේ ඒ ස්වයංරැකියාවට අදාල විස්තර ඔබට සොයලා දෙනවා. යම් අයෙක් යම් අදහසක් පිළිබඳව උනන්දු නොවෙන තාක් අපි ඒ අදහස පිළිබඳව උගන්වන්නේ නැහැ. උනන්දු අය කිහිපදෙනෙක් හෝ සිටිනවානම් තමයි අපි එම අදහස වැඩිදුර අධ්‍යයනය කරන්නේ.
Amazon, AliExpress, EBay වගේ වෙබ් අඩවි වල ඔබට ව්‍යවසායකයෙක් වෙන්න, ව්‍යාපාරිකයෙක් වෙන්න, ආදායම් උපයන කෙනෙක් වෙන්න ඕන තරම් අදහස් තියේ. ඒ අදහස් හරහා දියුණු වෙන්න අපි ඔබට අවස්ථාවක් සලසා දෙන්නම්.
🔟️ අපගේ සාමාජිකයින් දැනටමත් සිටිනවා විවිධ ස්වයංරැකියා කරන අය.
උදා : සුරතල් සතුන් නිර්මාණය කරන බොහොමයක් අය ඉන්නවා. ඔවුන් හරහා අපිට පුළුවන් ඔබට අඩුවට අමුද්‍රව්‍ය ලබාගන්න පුළුවන් ස්ථාන සම්බන්ධ කර දෙන්න.
බිම්මල් නිෂ්පාදනය කරන අපගේ කිහිපදෙනෙක් ඉන්නවා. ඔවුන් හරහා අපිට පුළුවන් ඒ ක්ෂේත්‍රය පිළිබඳව දැනුම ඔබට ලබාදෙන්න සහ අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න සහය වෙන්න.
ආහාර විජලනය කර අලෙවි කරන අපගේ සාමාජිකාවක් පසුගිය දිනක මා හට ස්වයංරැකියා ප්‍රදර්ශනයකදී මුණගැහුණා. ඇය පොරොන්දු වුනා ඒ ව්‍යාපාරය කරන ආකාරය පිළිබඳව අනෙක් අයට කියලා දෙන්න. විවිධ යන්ත්‍රෝපකරණ මිළදීගන්න ස්ථාන, Packaging Material වගේ දේවල් පිළිබඳව අපට ඇයගෙන් සහය ගන්න පුළුවන්. මොකද අපි උත්සාහ කරන්නේ අපගේ කණ්ඩායම එකතු කරලා ඔවුන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධන කරන්න.
Canvas Painting කරන මිතුරියක්ද එම ප්‍රදර්ශනයේදී මුණ ගැහුණා. අවශ්‍ය තීන්ත සහ රෙදි ගන්න ස්ථාන පිළිබඳව ඇය කැමති අනෙක් අයට කියා දෙන්න. ඔබට පාඨමාලාවක් හැදෑරීමකින් තොරව පුළුවන් එවැනි ව්‍යාපාරයක් පහසුවෙන් ආරම්භ කරන්න.
ඒ ආකාරයට විවිධ සාමාජිකයින්ගේ දැනුම බෙදාගන්න පුළුවන් අපේ පාඨමාලාවට සම්බන්ධ සිසුන් සිටින Chat Group එක හරහා….
1️⃣1️⃣ ස්වයංරැකියාවක් නැතිව ඔබ ඔන්ලයින් ජොබ් එකක් කරන්න බලාපොරොත්තු වෙනවනම් අපි ඒ පිළිබඳව ඔබට වෙනමම පෝස්ට් එකකින් දැනුම් දෙන්නම්… මූලික ආයෝජනයකින් තොරව එම මුදල් ඉපයීම් ක්‍රම ආරම්භ කරන්න පුළුවන්.
පහතින් තියෙන්නේ අපි උගන්වන විෂය නිර්දේශය…
CharityShop Techඉස්කෝලේ ~ Basic Knowledge
කෝටිපති හීන දකින්නට පෙර, ඔන්ලයින් සල්ලි හොයන්නට පෙර අන්තර්ජාලය, තාක්ෂණය, ෆේස්බුක් ගැන මුලසිට සරළව ඉගෙන ගනිමු !
🌐 Gmail භාවිතා කරන ආකාරය
▪️Gmail / Email ගිණුමක් නිර්මාණය කරන ආකාරය
▪️ Email එකක් යවන ආකාරය
▪️ Email එකක් සොයාගැනීමට නොහැකි වූ විට එය සොයන ආකාරය
▪️ Spam ඊමේල් පරීක්ෂා කිරීම
🛅️ ෆේස්බුක් භාවිතා කරන ආකාරය
▪️ ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කරන ආකාරය
▪️ Like, Share, Comment කරන ආකාරය
▪️ ෆේස්බුක් පෝස්ට් එකක් නිර්මාණය කරන ආකාරය
▪️ ෆේස්බුක් පෝස්ට් එකක් ශෙයාර් කරන ආකාරය
▪️ Link එකක් කොපි කරගන්න ආකාරය
▪️ අවශ්‍ය ෆේස්බුක් ගෲප් හොයන ආකාරය
▪️ ගෲප් වලට Join වෙන ආකාරය
▪️ ගෲප් වලින් Leave වෙන ආකාරය
▪️ ගෲප් එකකට සම්බන්ධ වූ පසු Announcement පෝස්ට් කියවන ආකාරය
▪️ ගෲප් එකක පෝස්ට් පළකල ආකාරයට කියවන ආකාරය
▪️ ගෲප් එකක තොරතුරු සොයන ආකාරය
▪️ ගෲප් එකකට පෝස්ට් එකක් පළකරන ආකාරය සහ එහි වෙනස්කම් කරන ආකාරය
▪️ ගෲප් එකක ශෝට් කට් එකක් ෆෝන් එකේ Home Screen එකට දාගන්න ආකාරය
▪️ගෲප් එකක පෝස්ට් මගහැරෙන්නේ නැතිව බලන්න Follow කරන ආකාරය
▪️ ෆේස්බුක් එකේ පාස්වර්ඩ් වෙනස් කරන ආකාරය
▪️ ෆේස්බුක් එකට යමෙක් හොරෙන් ප්‍රවේශ විම වලක්වගන්න ගන්න ඕන පියවර
▪️ ෆේස්බුක් මිතුරෙක් බ්ලොක් කරන ආකාරය
▪️ ෆේස්බුක් ගිණුමක් අක්‍රීය කරන ආකාරය
▪️ ෆේස්බුක් වීඩියෝ එකක් සේව් කරගන්නා ආකාරය
▪️ ෆේස්බුක් පෝස්ට් එකක් පසුව බලන්න සේව් කරගන්න ආකාරය
🏞️ ෆේස්බුක් මැසෙන්ජර්
▪️ යමෙකුට ෆේස්බුක් මැසේජ් එකක් යවන ආකාරය
▪️ ෆෝන් එකේ තියෙන ඡායාරූපයක් මැසෙන්ජර් හරහා යවන ආකාරය
▪️ මැසෙන්ජර් ගෲප් එකක් නිර්මාණය කරගන්නා ආකාරය
▪️ වැරදිලා යැවූ පණිවිඩයක් මිතුරා බලන්න පෙර හෝ බැලීමෙන් පසු මකන ආකාරය
▪️ ස්වයංක්‍රීය මිනිත්තු ගාණකින් මැකෙන පණිවිඩ යවන ආකාරය
▪️ මැසෙන්ජර් හරහා කෝල් එකක් ගන්නා ආකාරය
▪️ ෆේස්බුක් බ්ලොක් නොකර මැසෙන්ජර් පමණක් බ්ලොක් කරන ආකාරය
⛺ Telegram භාවිතා කරන ආකාරය
▪️ Telegram හදාගන්න ආකාරය
▪️ Telegram අලුත් ගෲප් එකකට Join වන ආකාරය
▪️ Telegram ගෲප් වලින් එන මැසේජ් වදයක් වන විට ඒවා නවත්වන ආකාරය
▪️ Telegram ගෲප් වලින් ඉවත්වෙන ආකාරය
🚼 Whatsapp භාවිතා කරන ආකාරය
▪️ Whatsapp හදාගන්න ආකාරය
▪️ Whatsapp ගෲප් වලට සම්බන්ධ වෙන ආකාරය
▪️ Whatsapp මැසේජ් නවත්වන ආකාරය
▪️ Whatsapp ගෲප් වලින් ඉවත් වන ආකාරය
🔴 Youtube
▪️ Youtube හරහා නොදන්න දේවල් ඉගෙන ගන්නා ආකාරය
▪️ Youtube Video එකක් සේව් කරගන්නා ආකාරය
▪️ Youtube Channel එකක් නිර්මාණය කරගන්නා ආකාරය
📱 සාමාන්‍ය ජංගම දුරකතන භාවිතය
▪️ Play Store App එකක් ඉන්ස්ටෝල් කරගන්නා ආකාරය
▪️ ස්ක්‍රීන්ශොට් එකක් ගන්න ආකාරය
▪️ එකම ෆෝන් එකේ ෆේස්බුක්, ඊමේල් හෝ වෙනත් ඇප් වල ගිණුම් දෙකක් භාවිතා කරන ආකාරය
▪️ Huwawi Phone එකකට App ඉන්ස්ටෝල් කරගන්නා ආකාරය
▪️ App එකක් ෆෝන් එකෙන් ඉවත් කරන ආකාරය
▪️ වෙබ් අඩවියකට යන ආකාරය
▪️ වෙබ් අඩවියක ලියාපදිංචි වෙන ආකාරය
▪️ඔබ පිවිසුන වෙබ් අඩවි තව කෙනෙක්ට බැලීමට නොහැකි වන ආකාරයට ඔබේ ඉතිහාසය මකා ඉවත් කිරීම
▪️ ෆෝන් එක වේගවත් කරගන්නා ආකාරය
▪️ ෆෝන් එකෙන් සිංහල අකුරු ටයිප් කරන ආකාරය
▪️ ෆෝන් එකෙන් කටහඬෙන් ටයිප් කරන ආකාරය
▪️ Printout එකක් ගන්නා ආකාරය
▪️ ඕනෑම වෙබ් අඩවියක් සිංහලෙන් හෝ දෙමළෙන් හෝ ඔබ කැමති හාෂාවකින් නරඹන ආකාරය
▪️ පොත්, පුවත්පත්වල ඇති තොරතුරු සිංහල භාෂාවට පරිවර්තනය කරන ආකාරය
🏦 බැංකු ගිණුම්
▪️ බැංකු ගිණුමකට මුදල් තැන්පත් කල පසු එහි රිසිට්පත ඡායාරූපයක් හරහා තවත් අයෙකුට යවන ආකාරය
▪️ බැංකු ගිණුමකට ඔන්ලයින් පහසුකම ලබාගන්නා ආකාරය
▪️ බැංකු ගිණුමකට මුදල් තැන්පත් වූ පසු SMS Alert එකක් ලබාගන්නා ආකාරය
▪️ ජංගම දුරකතනයෙන් බැංකු ගිණුමේ තිබෙන මුදල් තවත් ගිණුමකට හුවමාරු කරන ආකාරය
▪️ මුදල් තැන්පත් කිරීමේ රිසිට්පත ලබාගන්නා ආකාරය.
▪️ ඔන්ලයින් බැංකු ගිණුමක් නිර්මාණය කරන ආකාරය
▪️ ඔන්ලයින් Wallet එකක් නිර්මාණය කරගන්නා ආකාරය
▪️ Virtual Master Card එකක් නිර්මාණය කරගන්නා ආකාරය
▪️ ඔන්ලයින් භාණ්ඩ මිළදී ගන්නා ආකාරය
🌐 ක්‍රිප්ටෝ
▪️Crypto Wallet එකක් / Binance නිර්මාණය කරගන්නා ආකාරය
▪️ ගේම් ප්ලේ කර ක්‍රිප්ටෝ උපයන ආකාරය
තවත් ඔබට දැනගන්න ඕන දේවල් තියේනම් පැමිණීමට පෙර ඒ පිළිබඳව අපට දැනුම්දෙන්න. අපි ඒ දේවල් විෂය නිර්දේශයට ඇතුළත් කරනවා. මෙහිදී අපි උගන්වන්නේ ඔබට අවශ්‍ය තාක්ෂණික දේවල්.
ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම තාක්ෂණික සේවාවන් ලබාගන්න, පුහුණු වෙන්න අදම දිනයක් වෙන් කරගන්න ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න….
නොඑසේනම් අපගේ 0701 10 10 10 Hotline එකට කතා කරන්න….
TechLabs Innovative Solutions International (Pvt) Ltd.