Select Page

ඔබ සොයන්නේ ඔන්ලයින් ජොබ් එකක්ද? – ලිපි අංක 03

අපගේ Business HUB පේජ් එකට ඔයා එන්නෙ ඔයා ඔන්ලයින් බිස්නස් එකක් ගැන හොයන නිසා….

ඒ කියන්නෙ, එක්කො ඔයා ජොබ් එකක් කරන්නෙ නෑ…
එහෙමත් නැත්නම් කරන ජොබ් එකෙන් ලැබෙන වැටුප හෝ දැනට කරන ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම මදි නිසා අමතර අදායමක් හොයන නිසා.

ඒ කොහොම උනත් ලංකාවෙ ආර්ථිකයත් එක්ක කාට කාටත් කොච්චර සල්ලි තිබුණත් මදි තත්වයක් තමයි උදාවෙලා තියෙන්නෙ.

ඒත් ගොඩක් අය ඔන්ලයින් බිස්නස් එකක් කියල දවසින් දෙකෙන් ගොඩයන්න තමයි උත්සාහ කරන්නෙ.

මුලින්ම කියන්න තියෙන්නෙ, එහෙම දවසින් දෙකෙන් ගොඩයන්න නම් ලොතරැයියක් ඇදෙනව වගේ දෙයක් වෙන්න ඕන. එහෙම නැතුව වෙන ක්‍රමයක් තියේනම් අපිටත් කියන්න, අපිත් උත්සාහ කර බලන්නම්.

ඔන්ලයින් උනත් කොහොම උනත් බිස්නස් එකකින් දියුණු වෙන්න ඕනනම් මහන්සි වෙන්න ඕන, නිකන් ඉඳලා ගොඩ යන්න ක්‍රම මේ ලෝකේ නෑ…

රු.10ක් අරගෙන කැඩිච්ච සෙරෙප්පු දෙකක් දාගෙන කොළඹ ඇවිත් දැන් කෝටිපතියෝ වෙලා ඉන්න අයගේ ස්ටෝරී ඔබ ඕනෑතරම් ෆේස්බුක් එකේ, Youtube එකේ දැකලා ඇති. හැබැයි ඉතිං අද කෝටි ගාණක් එයාලා හොයන්නේ එක දිගට අවුරුදු 10-15ක් එයාලගේ කැපවීම සහ මහන්සිය නිසා…

බලන්න මම ආ ගමන…

▪️ මම ඉපදුනේ 1986දී.
▪️ පෞද්ගලිකව මම මාගේ මේ ගමන එන්න මුල්ම අඩිතාලම දැන්මේ 1997. නව නිර්මාණ කරන්න පුරුදු වුණා.
▪️ 2002 වන විට තාක්ෂණික දැනුම උපයෝගී කරගෙන ආදායම් උපයන්න පුරුදු වුනා.
▪️ 2005දී පාසල් ගමන අවසන් කල පසුව මම එම දැනුම උපයෝගී කරගෙන තාක්ෂණික සේවා මධ්‍යස්ථානයක් ආරම්භ කර ඒ හරහා මගේ ගමේ ජනතාවට සේවාව සපයන්න පටන් ගත්තා.
▪️ 2006දී මගේ තාත්තා සමඟ සමාජ සේවය ආරම්භ කලා.
▪️ 2009දී රැකියාවකට සම්බන්ධ වුනා, මගේම වෙබ් අඩවි නිර්මාණ ආයතනයක් ආරම්භ කලා. ඒත් එක්කම 2009 දී තාත්තා මෙලොවින් සමුගත්තා. තාත්තා වෙනුවෙන් 2009දී සමාජ සේවය දීප ව්‍යාප්තව ආරම්භ කලා.
▪️ 2011දී මම ආරම්භ කල වෙබ් අඩවි නිර්මාණ ආයතනය TechLabs ලෙස ලියාපදිංචි කලා සාමාන්‍ය තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස.
▪️ 2012දී රැකියාවෙන් ඉවත් වී ව්‍යාපාරය දියුණු කරන්න පටන් ගත්තා. ඒත් එක්කම තාත්තා වෙනුවෙන් ආරම්භ කල සමාජ සේවා ආයතනය “බී.එච්. එදිරිසූරිය ප්‍රජාසත්කාර පදනම” ලෙස කරගෙන ආවා.
▪️ 2013දි මට සමාජ සේවය වෙනුවෙන් ප්‍රථම ඇගයීම, සම්මානය හිමිවුනා.
▪️ 2014දී නැවතත් සම්මානයක් හිමිවුනා ෆේස්බුක් සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් යොදාගැනීම සම්බන්ධව.
▪️ 2015දී මාගේ සමාජ සේවා ආයතනය SamajaSathkara.lk Foundation ලෙස ලියාපදිංචි කලා.
▪️2015දී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණ ස්වේච්ඡා සේවකයා ලෙස ජාත්‍යන්තර සම්මානයක් හිමිවුනා.
▪️2016දී නැවතත් ලංකාවේ විශිෂ්ටතම තරුණයා ලෙස ජාත්‍යන්තර සම්මානයක් හිමිවුනා.
▪️ 2017දී මාගේ තාක්ෂණික ආයතනය හරහා අනෙක් අයට සම්බන්ධ වී ආදායම් උපයන්න කටයුතු සූදානම් කලා.
▪️ 2018 ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාජ සේවා ආයතනය, විශිෂ්ටතම සමාජ සේවා වෙබ් අඩවිය සම්මාන හිමිවුනා. තවත් සම්මාන රාශියක් හිමිවුනා.
▪️ 2021දී මාගේ තාක්ෂණික ආයතනය TechLabs Innovative Solutions International (Pvt) Ltd ලෙස ලියාපදිංචි කලා.
▪️ 2023 වන විට 25,000ට ආසන්න පිරිසකට මාගේ ආයතනය හරහා ආදායම් උපයන්න පුහුණුව ලබාදුන්නා.

මේ වගේ පියවරෙන් පියවර තමයි අද ඉන්න තත්වයට ආවේ. සාර්ථකත්වයට ෂෝට්කට් නැහැ… එහෙම තියේ කියලා කවුරු හරි කියනවනම් අනිවාර්යයෙන් ඒක ස්කෑම් එකක්.

කාලය, ශ්‍රමය, දැණුම, මුදල් කියන කාරණා වලින් එකක් හෝ කැප කරල තමයි ඔයාට ඔයාගේ සිහින ඉටු කරගන්නවනම් කරගන්න වෙන්නෙ.

එහෙම නැතුව ක්‍රමයක් තියේනම්, ඔබ එහෙම ක්‍රමේකින් සාර්ථක වුනානම් ඒකත් අපිට කියන්න, අපි ඒක මුලු ලෝකෙටම කියලා දෙන්නම්…

ඔන්ලයින් බිස්නස් කියල රෙජිස්ටර් වෙලා ඊළඟ දවසෙ ඉඳල ආදායමක් බලාපොරොත්තු වෙන්නත් එපා. එහෙමනම් ඔයාගෙ හැකියාවෙන් කරන්න පුළුවන් දෙයක් ගැන ඔන්ලයින් ප්‍රමෝට් කරල ඕඩර්ස් ටිකක් අරගන්න.

එහෙම නැත්නම් ඔයාගෙම කියල බ්‍රෑන්ඩ් එකක් හදාගන්න. උදාහරණයක් විදියට වස්ති, බික. නැතිනම් අපේ අම්මා, Wild Cook ඒවගේ බ්‍රෑන්ඩ් එකක් හදාගන්න.

එහෙම නැත්නම් ඔයාට ඔන්ලයින් කියල කරන්න වෙන්නෙ කම්පැනි එකක රෙජිස්ටර් වෙලා රෙෆරල් සම්බන්ධ කරන්න තියෙන වැඩක් තමයි. රෙෆරල් ප්ලෑන් එකක් නැති ඔන්ලයින් බිස්නස් කියල දෙයක් දැන් නැති තරම්. එහෙම තියේනම් සහ ඒකෙන් හොඳ අදායමක් ගන්නනම් ලොකු ගානක් ඉන්වෙස්ට් කරන්න වෙයි. ට්‍රේඩින් කරන ප්ලැට්ෆෝම් වල එහෙම පුළුවන්. ඒකටත් අර මම කලින් කිව්ව කාලය, ශ්‍රමය, දැණුම, මුදල් කියන සාධක ඕන ඉතින්.

ඔය කියපු දේ හිතට ගන්න පුළුවන් කෙනෙක්ට විතරක් ඔන්ලයින් බිස්නස් කරල ගොඩ යන්න ඕන කියල හිතෙනවනම් කරන්න. එහෙම නැත්නම් හොයන්නවත් එපා. ඔන්ලයින් නෙවි ඕෆ්ලයින්වත් ගොඩයන්න බෑ ඔබට. තමන්ගේ පාඩුවේ රස්සාවක්, කුළී වැඩක් කරගෙන හෝ අම්මා තාත්තා දෙන දෙයක් කාලා බීලා ඉන්න.

කොහොමහරි ජීවිතේ ගැටගහගන්නව කියන එකයි දියුණුවෙනවයි කියන එකයි දෙකක්.

⏰ කාලය
🚣‍♀️ ශ්‍රමය
🧑‍🎓 දැණුම
💰 මුදල්

කැප කිරීමකින් තොරව දියුණු වෙන්න උත්සාහ කරන්න තියා හිතන්නවත් එපා.
මෙතනදි මුදල් කියන සාධකය නොසලකා හරින්නත් පුළුවන්, ඒක අදාල වෙන්නෙ රු.1000ක්‌ වියදම් නොකර කෝටිපතියො වෙන්න දඟලන අයට.

තම තමන්ගෙ මට්ටමින් ගලපා ගන්න. හැමෝටම අදාල නැති උනත් බහුතරයකට අදාල වෙයි..

සැ.යු : Suranga Jayasekaraගේ ලිපියක් ඇසුරින් සමහර වැදගත් තොරතුරු උපුටාගන්නා ලදි. එම උපුටාගත් කොටස් වල කතෲ අයිතිය ඔහු සතුය.

Part 01 තවමත් කියෙව්වේ නැතිනම් මේ ලින්ක් එකෙන් කියවන්න : https://www.facebook.com/share/p/KvTkkTDcrsRFv4XP/?mibextid=2JQ9oc

Part 02 තවමත් කියෙව්වේ නැතිනම් මේ ලින්ක් එකෙන් කියවන්න :
https://www.facebook.com/share/p/tae5P6FSuesuEBuX/?mibextid=2JQ9oc

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas