Select Page

ඔබ සොයන්නේ ඔන්ලයින් ජොබ් එකක්ද? – ලිපි අංක 02

එසේනම් අනිවාර්යයෙන් මේ පෝස්ට් එක කියවන්න…

ලිපි අංක 01 තවමත් කියෙව්වේ නැතිනම් මේ ලින්ක් එකෙන් කියවන්න : https://www.facebook.com/share/p/KvTkkTDcrsRFv4XP/?mibextid=2JQ9oc

සැබෑ අන්තර්ජාල ව්‍යවසායකයෙක් වෙන්න ඔබ ඔබගේ හැකියාවන් (Skills) සහ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න ඕන.

ඔන්ලයින් ජොබ් (රැකියා) කියන වචනයනම් භාවිතා කරන්න මම කැමති නෑ. මොකද මේවා රැකියා නෙමේ. නමුත් ඔන්ලයින් ආදායම් ක්‍රම කිහිපයක් පහතින් සඳහන් කරලා තියේ.

නොමිළයේ ලියාපදිංචි වී ඔන්ලයින් මුදල් ඉපයීම් කරන්න පුළුවන් වෙබ් අඩවි කිහිපයක් :

1. Fiverr
2. Upwork
3. Toptal
4. Simply Hired
5. PeoplePerHour
6. Aquent
7. Crowded
8. The Creative Group
9. 99Designs
10. Nexxt
11. Writer Access
12. TaskRabbit
13. Skyword
14. Designhill
15. Freelancer
16. Guru
17. Hireable
18. FlexJobs
19. LinkedIn
20. Behance
21. Dribbble
22. We Work Remotely
23. Wellfound
24. DesignCrowd
25. Authentic Jobs
26. Flexjobs
27. Servicescape
28. Truelancer
29. Solidgigs
30. Clickworker

මේ තියෙන්නේ නියමාකාරයෙන් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න ඕනනම් උත්සාහ කරලා බලන්න ඕන වෙබ් අඩවි. මේ හැම එකකටම වගේ පරිගණකයක්, ඉංග්‍රීසි දැනුම ඕන. ෆෝන් එකෙන් කරන්න තරමක් අපහසු විය හැක.

ඉංග්‍රීසි දැනුම තියේනම් Google එකේ ඉහත වෙබ් අඩවි සර්ච් කර ලියාපදිංචි වී මුදල් උපයන්න. ඉදිරියේදී අපි මේ වෙබ් අඩවි පිළිබඳව උගන්වනවා.

🚗 ඔබ දන්නවාද, මාගේ රියදුරු රු.1,000ක වැටුපට මාගේ වාහනය පදවන අතර (සමාජ සේවාවක් ලෙස) බොහෝ දිනවල දවස අවසානයේ Fiverr හරහා ඔහුගේ හැකියාවෙන් 25$ – 100$ත් අතර මුදලක් උපයන බව. ඉතිං ඔබටත් හැකියාවන් තියේනම් හෝ ඉංග්‍රීසි දැනුම තියේනම් ඉහත වෙබ් අඩවි වලින් මුදල් උපයන්න උත්සාහ කරන්න.

නැතිනම් DropShipping ඉගෙන ගන්න. eBay, Etsy, Shopify වගේ ඉගෙන ගන්න. සමහර International DropShipping වෙබ් අඩවි දැනට ලංකාවේ භාවිතා කරන්න බැරි තත්වයක් ඇවිත් තියේ. Account Suspend වෙන අවස්ථා වැඩී. Local DropShipping උත්සාහ කරන්න පුළුවන්. ඉදිරියේදී ඒ පිළිබඳව අප ආයතනයෙන් උගන්වනවා.

Crypto Currency Trading ඉගෙන ගන්න. Youtube එකෙන් සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න පුළුවන්. පාඨමාලා කරන ආයතනත් ඇති. සොයලා බලන්න.

ඔය දේවල් හරහා අනිවාර්යයෙන්ම ඔන්ලයින් මුදල් උපයන්න පුළුවන්.

ඔන්ලයින් සල්ලි හොයන්න සමහර වෙලාවට Paypal ඕන. Skrill Account හදාගන්න ඕන. Crypto Currency Wallet හදාගන්න ඕන. Binance ඕන, Payoneer ඕන. English National ID හෝ Passport ඕන වෙන වෙලාවල් තියේ KYC Verification කරන්න. පැරණි ID වලින් කරන්න බැරි අවස්ථා තියේ.

දැනට ලෝකයේ බොහෝ දෙනෙක් මුදල් උපයන ක්‍රම කිහිපයක් පිළිබඳව ෆේස්බුක් එකෙහි පළවුන ලිපියක් පහතින් තියේ. නිදහසේ අවබෝධයෙන් කියවන්න. එහි සමහර කොටස් වෙනස් කර ඇති බව සහ නව තොරතුරු ඇතුළත් කර ඇති බව කරුණාවෙන් සළකන්න.

🌐 ලෝකයේ වැඩි පිරිසක් ඔන්ලයින් මුදල් උපයන ක්‍රම :

🧑‍💻 Blogging : මේක දැක්ක ගමන් මොන කම්මැලි වැඩක් ද කියලා සමහරුන්ට හිතෙන්න ඇති. හැබැයි අද ලෝකේ මිලියන 200කට වැඩිය වෙබ් අඩවි තියෙනවා. ඒවාගෙන් බාගෙකට වඩා යම් ආකාරයකට හෝ මේ blogging කියන දේ කරනවා. Blogger කෙනෙක් කරන්නේ යම් දෙයක් පිළිබඳ ඔහුගේ දැනුම හා ඔහු සොයා ගන්නා දේ එකතු කරලා වටින ලිපියක් website එකක පළ කිරීමයි. මේකේ හැමෝම නොදන්න දෙයක් හොයා ගන්න එක පාරක් හරි google එකේ search කරලා ඇති. එතකොට එන්නේ ඒ සම්බන්ධව කවුරු හරි පළ කරපු blog ලිපියකට තමා. එතකොට කොහොමද මේවා දැම්මා කියලා සල්ලි ලැබෙන්නේ කියලා බලනවා ඇති ඔයාලා. ප්‍රධාන ක්‍රම 2කින් blog මගින් සල්ලි හොයන්න පුලුවන්. තව ඒවාත් නැතුව නෙවෙයි.

1️⃣ Google adsense : ඔබ කියවපු ගොඩක් blog වල ads display වෙනවා දැකලා ඇති. මේවා දාන අය google එකට pay කරලා තමා දාන්නේ. එතකොට ඒ ads වලට ඇති දේ වලට සම්බන්ධ ක්ෂේත්‍රයක blog වල ඒවා google එකෙන්ම දානවා. එතකොට ඔබේ blog එකට එන visitorsලා මේ ads click කරාම ඔබටත් යම් මුදලක් එකතු වෙන්වා ඔබේ ad account එකට. මේක බොහොම පොඩි ගානක් උනාට ඔබගේ blog එකේ දාන content ඉතා ඉහල තත්ත්වයේ තියෙනවා නම් හා ඉංග්‍රීසි භාෂාවෙන් නම් තියෙන්නේ මිලියන ගනනක් උනත් මේවා බලනවා. එතකොට ඔබට විශාල ad revenue එකක් එකතු වෙනවා. හැබැයි මේක ටිකෙන් ටික වෙන ක්‍රියාවලියක්. අද කරලා හෙට දියුණු වෙන්න බෑ. කාලයක් එක දිගට ගුණාත්මක blogs දාන්න වෙනවා.
ඔබට සතියකට 2ක් 3ක් වගේ දාන්න පුලුවන් නම් ප්‍රමාණවත්.

WordPress හරහා පහසුවෙන් වෙබ් අඩවියක් සාදාගෙන ඔබ කැමති ක්ෂේත්‍රයක blogs එහි පළ කරන්න පුලුවන්. දැන්නම් AI තාක්ෂණය හරහා ඔබට Article ලියාගන්න පුළුවන්.

🌐 ඔබට අප ආයතනය හරහා මේ සඳහා WordPress වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න පුළුවන්. Domain සහ Hosting අපෙන් මිළදී ගන්න පුළුවන්. නොඑසේනම් Youtube බලලා ඉගෙන ගන්නත් පුළුවන්. TechLabs Business HUB Lifetime PASS එක අරගෙන තියෙන කෙනෙක්නම් අපගේ LMS (Learning Management System) එක හරහා ඔබට WordPress වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න ආකාරය ඉගෙන ගන්න පුළුවන්.

2️⃣ Affiliate Marketing : මෙය ඔබට ad revenue එකෙන් සල්ලි හොයනවාට වඩා ඉක්මනින් සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක් ඔබගේ blog එක හරහා. මෙය ගැන වෙනම යට දාල තියෙනවා.

🔴 Youtube : Blogging මගින් ඔබ ලියලා කරන දේම වීඩියෝ මගින් කරන්න පුලුවන් youtube හරහා ඔබට. ඔබ කැමති ක්ෂේත්‍රයක තෝරාගෙන youtube channel එකක් පටන් ගන්න. හැමෝම කරනවා වගේ gossip channel හරි විහිලු සපයන channel විතරක් කරන්න යන්න එපා. ඒවා නරකයි කියනවා නෙවෙයි. නමුත් වෙනස් දෙයක් කරොත් මිනිස්සු බලනවා. ඒවාට ඕන තරම් උදාහරණ ඔබ youtube එකෙන් දැකලා ඇති. මෙහිදීත් ප්‍රධාන ආදායම් මාර්ග වන්නේ
Blogging වල මෙන්

1. Ad revenue
2. Affiliate Marketing

👉 මීට අමතරව youtube හරහා ඔබගේ blogsite එකට නැත්තම් ecommerce website එකට වගේ ඕනම වෙබ් අඩවියකට direct links දාලා web traffic වැඩි කරගන්න පුලුවන්. එමගින් එම වෙබ් අඩවි හරහා කෙරෙන sales වැඩි කර ගන්න පුලුවන්. ඒ සඳහා ඔබ ඊට කැමැත්තක් ඇති පිරිස සඳහා අවශ්‍ය Contents පළ කරන්න ඕනා. නිකම්ම අදාල නැති contents එකක වෙනත් ක්ෂේත්‍රයක links දාලා spam කරන්න යන්න එපා.

🌐 ඔබට අප ආයතනය හරහා Youtube Channel අවශ්‍යයිනම් නිර්මාණය කරගන්න පුළුවන්. අලුතෙන් චැනල් එකක් නිර්මාණය කරගෙන Subscribes, Views, Watch Time හැමදේම ලබාගන්න පුළුවන්. ඔබේ තිබෙන චැනල් එකටත් ලබාගන්න පුළුවන්.
TechLabs Business HUB Lifetime PASS එක අරගෙන තියෙන කෙනෙක්නම් අපගේ LMS (Learning Management System) එක හරහා ඔබට චැනල් එකක් නිර්මාණය කරගන්නා ආකාරය, Youtube Video නිර්මාණය කරගන්නා ආකාරය, Voice Over කරන ආකාරය, Video Editing, Thumbnail නිර්මාණය කරගන්න ආකාරය සහ Promotion කරන ආකාරය ඉගෙන ගන්න පුළුවන්.

✴️ Affiliate Marketing : කලින් සඳහන් කරපු ක්‍රම දෙකම හරහා වක්‍ර ලෙස ආදායම් ලබා ගන්න පුලුවන් එකක් තමා මේ affiliate marketing කියන්නේ. මේකේදී වෙන්නේ ඔබ භාවිතා කරන හෝ ඔබ කැමති යම් භාණ්ඩ හෝ සේවා තව කෙනෙක්ට promote කරලා ඔබ හරහා කෙරෙන විකිණීමක් සඳහා යම් commission මුදලක් ලබා ගැනීමයි. ඔබ directly මොකුත් විකුණන්නේ නෑ ඒ සඳහා customers යොමු කිරීමයි කරන්නේ. නමුත් ලංකාවේ මෙය තාමත් ඉතා අවම ලෙසින් භාවිතා කරන ක්‍රමයක් හා පිරිමීඩකරුවන් තමන් affiliate marketing කරන බව පවසා මිනිසුන් මුලා කරන නිසා ගොඩක් අය කරන්න බය වෙලා ඉන්න දෙයක්..

නමුත් මෙහි කිසිම පිරමීඩ ලක්ෂණයක් අඩංගු නෑ. ඔබ කිසිම අවස්ථාවක භාණ්ඩ හා සේවා සඳහා affiliate කරා කියලා එම කිසිම භාණ්ඩ හෝ සේවාවක් කලින් මිල දී ගන්න අත්‍යාවශ්‍ය නෑ. ඔබට එය වැඩක් නැත්තම් එය ප්‍රයෝජනවත් අයට ඒ පිලිබඳ දැනුවත් කරන්න. ලෝකේ බොහෝ සේවා හා භාණ්ඩ අලෙවිය සඳහා එම සේවා වල වෙබ් අඩවි හරහා ඔබට Apply for affiliate program ලෙස ඇති කොටස මගින් apply කරන්න පුලුවන්. ඉන් පසු එම අලෙවි කරන භාණ්ඩ හෝ සේවා සඳහා ඔබටම ආවේණික වූ Referral link එකක් ලබා ගත හැකිය. මෙම link එක click කරලා කවුරු හරි කෙනෙක් එම වෙබ් අඩවියට පිවිස එම සේවාවක් හෝ භාණ්ඩයක් මිල දී ගන්න විට ඔබට මේ ආකාරයට commission එකක් ලැබේ.

👉 සැ.යු. මෙහි ජාලගත අලෙවියක් නැත. ඇත්තේ සැබෑ ගැනුම්කරුවන් පමණි. එම ගැනුම්කරුවාට නැවත කෙනෙක්ට විකිණීමක් කරන්නත් බෑ එයාට එහෙම අවශ්‍ය නම් මුල සිට ඔබ කළා මෙන් affiliate program එකට apply කළ යුතු වෙනවා. එනම් ඔබ හා ඔහු අතර සම්බන්ධයක් නැත. කොටින්ම කිව්වොත් මෙහි භාණ්ඩ හා සේවා මිළ දී ගන්නේ සැබෑ ගැනුම්කරුවන් පමණි.මා මෙය පිලිබඳ වෙනම කිව්වේ පිරමීඩ කරුවන් මෙම ක්‍රමයට වැරදි අර්ථකථන ලබා දෙන නිසයි.

✅ ඔබට මේ සඳහා භාවිතා කරන්න පුලුවන් ලෝකේ ප්‍රධාන affiliate site ටිකක් කියන්නම්.
Eg: Clickbank, Digistore24, Amazon FBA, Fiverr Affiliate, JVZoo, Udemy

✅ මීට අමතරව ඕනෑම digital product සේවා සපයන වෙබ් අඩවි වල ඔබට affiliate කෙනෙක් වෙන්න පුලුවන්. ඉහත සඳහන් ඒවාගෙන් physical products කරන්නේ Amzon වල පමණි. ඉන් ඔබට ලබා ගත හැක්කේ 4%-10% වගේ පරාසයක commission එකක් පමණි. නමුත් ලෝකයේ ලොකුම ecommerce website එක මෙය බැවින් මෙහි ඉතා විශාල අලෙවියක් සිදුවේ. එම නිසා ඔබට ඒ හරහා සැලකිය යුතු මුදලක් ලබා ගන්න පුලුවන්. අනිකුත් සියලු site කරන්නේ digital products promote කිරීමයි. ලෝකයේ ලොකුම Digital products affiliate website එක තමා Clickbank කියන්නේ. නමුත් එයට ඇතුල් වීමට ලංකාවේ අයට අවස්ථාව නෑ..නමුත් ඔබට VPN හරහා එයත් කරන්න පුලුවන්. නමුත් අනිත් සඳහන් sites වල products ඔබට promote කරන්න පුලුවන්. Digital products මගින් ඔබට 90% දක්වා commissions ලැබිය හැකි products තියෙනවා.

👉 ඔබට මේ සේවා promote කිරීමට ගන්න affiliate links ඔබගේ blog එකේ හෝ youtube Channel එකේ පළ කරන්න පුලුවන් ඊට අදාල contents සමග. උදාහරණයක් ලෙස ඔබට Amazon එකේ තියෙන Digital cameras වල Affiliates links දාල Best Digital cameras of 2023 කියලා blog එකක් හරි video එකක් හරි කරන්න පුලුවන්. එතකොට මේවා ගැන හොයන කෙනෙක් ඔබගේ එම contents දැකපුවාම අනිවාර්යයෙන්ම බලනවා. ඔබ ඉතා හොදට ඒවා ගැන පැහැදිලි කරලා contents දාලා තියෙනවා නම් ඔබ recommend කරන products එයාලා links click කරලා ගිහින් බලනවා. එවිට ඒ හරහා කරන මිල දී ගැනීම් වලින් ඔබට Commissions ලැබෙනවා.

මේ ආකාරයට ඔබට ඕනෑම භාණ්ඩයක් සේවාවක් ගැන blog posts and youtube videos දාන්න පුලුවන්. නමුත් මතක තියා ගන්න කිසිම වෙලාවක අනුන්ගේ post අස්සේ ගිහින් ඔබගේ affiliate links දාන්න යන්න එපා. Facebook එකෙන් ඔබව block කරයි spam කරා කියලා. මේ නිසා ඔබගේ website එක හා youtube channel එක මේ සඳහා භාවිතා කරන්න. ඒවාගෙ දාන contents facebook එකේ දාන්න.

✅ Affiliate Marketing කියන්නේ ලොකු area එකක් තියෙන වෙනම ඉගෙන ගන්න ඕන subject එකක්. ඉහතින් තියෙන්නේ හැඳින්වීමක් පමණයි. ඔබට වැඩි විස්තර Youtube එකෙන් ඉගෙන ගන්න පුළුවන්.

🌐 අපේ ආයතනයේ මූලික ආදායම් ඉපයීම් ක්‍රමය තමයි Affiliate Marketing කියන්නේ. එක් ව්‍යාපාරයකින් රු.50 සිට ලක්ෂ 2 දක්වා උපයන්න හැකියාව තියේ. අප ආයතනයේ තාක්ෂණික සේවාවන් 200ට වඩා තියේ. ඒ හැම එකකදීම Affiliate Marketing හරහා මුදල් උපයන්න පුළුවන්. ඒ පිළිබඳව ඉදිරියේදී ඔබට කියාදෙන්නම්. ඔබට නොමිළයේ අපගේ Affiliate Marketing වලට සම්බන්ධ වෙන්න පුළුවන්. මුදල් ගෙවා ඔබට වෙනමම Affiliate Page/Web එකක් නිර්මාණය කරගෙන සම්බන්ධ වෙන්නත් පුළුවන්.

🙋 Freelancing : මෙය ගැන නම් දන්නවා මම හිතන්නේ ගොඩක් අය. ලංකාවේ සාර්ථකව Freelancing මගින් හම්බ කරන පිරිසක් ඉන්නවා හැබැයි මේකත් නිකන් ඉදලා සල්ලි හොයන ක්‍රමයක් නෙවෙයි මහන්සි වෙලා වැඩ කරන්න ඕනා. ඔබට ඇති යම් දක්ෂතාවක් මගින් තව කෙනෙකුට අවශ්‍ය සේවා සපයා ඒ සඳහා අය කිරීමක් කිරීමයි මෙහිදී වෙන්නේ. බටහිර රටවල ගොඩක් අය එයාලගේ විවිධ අවශ්‍යතා සඳහා අප වැනි ආසියානු රට වල freelancersලගේ සහය බලාපොරොත්තු වෙනවා. එවැනි රට වල කෙනෙක්ගෙන් එම වැඩේම කර ගන්නවාට වඩ අඩු මුදලකින් ඔවුන්ට එම වැඩේම ලංකාවේ කෙනෙක්ගෙන් කර ගන්න පුලුවන් නිසයි ඔවුන් freelancersලා හොයාගෙන එන්නේ. නමුත් ඔවුන්ගේ හැටියට අඩු මුදලක් උනාට ලංකාවේ client කෙනෙක්ටම එම වැඩේම කරලා ගන්නවා වගේ කීප ගුණයක් ඔබට අය අර ගන්න පුලුවන්.

Eg: ඔබ photoshop මගින් හදන Facebook post එකකට ලංකාවේ දී ඔබට 300/= – 600/= වගේ මුදලක් පමණක් ලැබුනට පිටරට කෙනෙක්ට කරන මේ වගේ වැඩකින් ඔබට 3000/= වඩා මුදලක් ගන්න පුලුවන්.

👉 මෙවැනි Freelancing websites ගොඩක් තියෙනවා. මේ ආකාරයට ඔබ මුදල් හොයන්න කැමති නම් Fiverr, Upwork, Freelancer වගේ වෙබ් අඩවි වල Freelancer කෙනෙක් විදියට අදම register වෙන්න. මහන්සි වෙලා වැඩ කරන්න හොද සේවා ලබා දෙන්න කිසිම කෙනෙක්ට බොරු කරන්න එපා. ටික කාලයක් යනකොට ඔබට හොද නමක් හැදෙයි ගැනුම්කරුවන් ඔබව හොයාගෙන එයි එතකොට. මේ පෝස්ට් එකේ මුලම Freelancing වෙබ් අඩවි 30ක් සඳහන් කරලා තියේ. උත්සාහ කරලා බලන්න. අපි ඉදිරියේදී වෙන වෙනම කෙටියෙන් ඒ පිළිබඳව උගන්වනවා.

🧑‍🎓 ඔබට අප ආයතනයේද Freelancer කෙනෙක් ලෙස සම්බන්ධ වෙන්න පුළුවන්. ඉදිරියේදී ඒ පිළිබඳව විස්තර ලබාදෙන්නම්.

🧑‍🏫 Online Tutoring : ඔබට යම් කිසි ආකාරයක අධ්‍යාපන සුදුසුකමක් තියෙනවා නම් හා ඉගැන්වීමේ හැකියාවක් තියෙනවා නම් එම දැනුම තව කෙනෙකුව ලබා දීමෙන් ආදායමක් ලබන්න පුලුවන්. කොරෝනා Pandemic situation එක නිසා තමා අපේ අය online education පැත්තට යොමු උනේ. නමුත් බටහිර රටවල ගුරුවරුන් හා සිසුන් කාලයක් සිට සාර්ථකව භාවිතා කරන දෙයක්. ඔබට ගෙදර ඉදලම phone එක හා internet හරහා ඔබගේ දැනුම අවශ්‍ය අය සමග බෙදා ගන්න පුලුවන්. English හොදට පුලුවන් අයට ලංකාවෙන් පිට සිසුන් උනත් හොයා ගන්න පුලුවන්. මේ සඳහා ඔබට ඕන තරම් eLearning Marketplaces හොයා ගන්න පුලුවන්.

Eg: Udemy, Skillshare, Cousera, Treehouse, Edexer (ශ්‍රීලංකාවේ සේවාවක්)

🤵 ඔබට අප ආයතනය හරහාද ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු කරන්න පුළුවන්. ඒ පිළිබඳව ඉදිරියේදී විස්තර ලබාදෙන්නම්.

🌍 CPA Marketing : මෙයත් Affiliate marketing වගේම එකක්. නමුත් එක් ප්‍රධාන වෙනසක් තියෙනවා. එනම් affiliate marketing මගින් commissions ලැබෙන්නෙ ඔබ යම් සේවාවක් හෝ භාණ්ඩය විකුණුවොත් පමණයි. නමුත් මෙහිදී ඔබට ගෙවන්නේ ඔබ අරන් දෙන Leads සඳහායි. එනම් ඔබ කිසිවක් අලෙවි කරන්න ඕන නෑ. මෙවැනි sites වලින් දෙන සේවාවකට ඒ සඳහා උනන්දු customer කෙනෙක් යොමු කිරීමයි ඔබ කරන්නේ. එනම් එම සේවා සපයන වෙබ් අඩවියේ කෙනෙක් ලියාපදිංචි කරවීම වැනි කාර්‍යන් කරන්වාට තමා මෙහිදී ඔබට ගෙවන්නේ. CPA sites වල ඔබට අවශ්‍ය කාර්යයන් තෝරා ගන්න පුලුවන්. ඉන් එකක් තමා මම කලින් කිව්වා වගේ email subscribers හොයා දෙන එක. ඔබගේ link එකක් හරහා ගිහින් එලෙස email එක ලබා දෙන ඕනෑම කෙනෙක් හරහා මෙහිදී ඔබට මුදල් එකතු වෙනවා.

👉මේ වගේ විවිධ කාර්යයන් සහ ඒවාට ලබා දෙන මුදල් කොපමණ ද යන්න ඔබට මෙම CPA sites මගින් බලලා තෝරාගෙන ඔබට අවශ්‍ය ආකාරයක සේවාවක් promote කරලා මුදල් හොයන්න පුලුවන්.

Eg: CPAboss, Adsensemedia, Adworkmedia

✅CPA marketing ගැන ද ඔබට youtube හරහා වැඩි දුර විස්තර ඉගෙන ගන්න පුලුවන්. මෙහිදී ඔබට භාණ්ඩ හෝ සේවා විකිණීමක් කරන්න නැති නිසා ඉක්මනින් මුදල් හොයන්න පුලුවන්. නමුත් affiliate marketing වල තරම් ඉහල commissions නොලැබේ.

👽 ඔබට අප ආයතනයෙන්ද CPA Marketing හරහා ආදායම් උපයන්න පුළුවන්. ඉදිරියේදී ඒ පිළිබඳව විස්තර ලබාදෙන්නම්.

🟣 Instagram influencer: ඔව් ඔබට ඔබගේ instagram app එකෙනුත් මුදල් හොයන්න පුලුවන්. Youtube and blogging වල දී මෙන් මෙහිදීත් ඔබට යම් ක්ෂේත්‍රයක් තෝරාගෙන ඊට අදාල photos and posts share කරන්න පුලුවන් එම instagram account එක හරහා. එවිට ඔබට ඊට කැමති Followers පිරිසක් කාලයත් සමග ගොඩ නැගේවී. ඔබට instagram bio එකේ පුලුවන් බාහිර website එකක link එක දාන්න. මේ සඳහා ඉහත කතා කරපු ඔබගේ ඕනෑම affiliate site එකක links දාන්න පුලුවන්. එම product එකට අදාල contents දාන instagram account එකක bio එකේ එවැනි link එකක් දැම්මාම ඒ සඳහා කැමති ඕනම කෙනෙක් ඒක click කරයි ඔබගේ products බලයි. එවිට ඒවා මිලට ගන්න විට ඔබට affiliate commission ඉහත කතා කරා වගේ ලැබෙයි.

👉 මේකත් එක දවසින් වෙන්නේ නෑ. ඔබට 10000ට එහා followers පිරිසක් හදා ගන්න වෙනවා. ඔබ හරි # tag භාවිතා කරොත් සහ හොද contents පළ කරනවා නම් අපහසු නෑ. එලෙස follower base එකක් ඔබට හැදුනට පස්සෙ තව වැඩක් කරන්න පුලුවන්. ඔබගේ bio එකේ වෙනත් අයගේ links දාන්න පුලුවන් නැතිනම් stories දාන්න පුලුවන් යම් මුදලක් ඒ සඳහා අය කරගෙන. Followers 10000 ඉක්මවූ pages සඳහා එවැනි ඉල්ලීම ඕන තරම් එනවා. ඔබට කෙනෙක්ගේ links ඔබගේ bio එකේ පැය 24ක් දාලා තියනවාට ඔබගේ follower base එකේ ප්‍රමාණය අනුව මුදල් අය කළ හැකි ය.

✔️ Eg: 100k follower base එකක් තියෙන Fitness සම්බන්ධ posts දාන page එකකට fitness supplements විකුණන website එකක link එක දාන්න පුලුවන්. ඒ ගැන ඉදලා හිටලා post දාන්න පුලුවන්. එවිට ඒ සම්බන්ධව උනන්දු වන පිරිසක් එම page එකේ ඉන්න නිසා ඔබගේ link එකට අනිවාර්යයෙන් යනවා. එම නිසායි ඔබට මුදල් දී හෝ එවැනි page වල bio එකේ තමන්ගේ links දා ගන්න කැමති පිරිසක් සිටින්නේ.

❗ Pinterest හරහා ආදායම් ඉපයීම

🏞️ Stock Photo අලෙවිය හරහා ආදායම් ඉපයීම

🤖 AI Tools හරහා ආදායම් ඉපයීම

වැනි ක්‍රම 100 ගණනක් තියෙනවා. ඉදිරියේදී ඒ පිළිබඳව උගන්වන්නම්. අනිවාර්යයෙන්ම මේ පෝස්ට් එකේ ලිපි අංක 03 කියවන්න මේ පේජ් එක Follow කරලා තියාගන්න.

සැ.යු : Madujith Dhilnathගේ ලිපියක් ඇසුරින් සමහර තොරතුරු උපුටාගන්නා ලදි. එම උපුටාගත් කොටස් වල කතෲ අයිතිය ඔහු සතුය.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas