Select Page

සාර්ථකත්වයට Shortcut නැහැ…
දවසෙන්, ක්ෂණිකව සල්ලි හොයන්න පුලුවන් කියලා කෙනෙක් කියනවනම්, ඉක්මනින්ම දියුණු වෙන්න ක්‍රමයක් තියේ කියලා යම් අයෙක් කියනවනම් අනිවාර්යයෙන් ඒක උගුලක්…

කවුරු හරි කෙනෙක් කියනවනම් එහෙම Shortcut එකක් තියේ කියලා, ඔබයි ඔවුන්ගේ Shortcut එක…
ඔබව උගුලට හසු කිරීමයි ඔවුන්ගේ Shortcut එක…

මේ ඡායාරූප වල ඉන්න පුද්ගලයින් මේ තැනට ආවේ මහන්සිවෙලා, දුක් විඳලා…
එහෙම නැතිව නිදාගෙන ඉඳලා නෙමේ…

කවුරු හරි හිතනවනම් මේ වගේ දියුණු වුන අයගේ වීඩියෝ Interview දාන චැනල් එකක් බලලා ඔබට දියුණු වෙන්න පුළුවන් කියලා, ඒත් බෑ. ඔබ නෙමෙයි දියුණු වෙන්නේ අර චැනල් එක අයිති කෙනා…

මේ පේජ් එකේ පෝස්ට් 500ට වඩා තියේ. ඒත් මේකේ ඉන්න අය වැඩියෙන්ම කමෙන්ට් කරන්නේ, මැසේජ් කරලා අහන්නේ ණය, ආධාර, නිකන් ඉඳලා සල්ලි හොයන ක්‍රම, නිදාගෙන සල්ලි හොයන ක්‍රම ගැන උපහාසාත්මකව අපි ලියලා තියෙන පෝස්ට් වලට. අඩුගානේ ඒ පෝස්ට් එක ලියලා තියෙන්නේ ඒක කියවන අයගේ මෝඩකම ඉස්මතු කරලා ගන්න කියලවත් ඒ අය දන්නේ නෑ. බාගෙට කියවලා මැසේජ් දානවා. හැබැයි කෝටිපතියෙක් වෙන්න තමයි බලාපොරොත්තුව.

පේජ් එකේ ඉන්න අයගෙන් 1%ක් පමණයි වැදගත් පෝස්ට් පිළිබඳව විමසන්නේ….

කවුරු හරි මේ පේජ් එකේ පෝස්ට් එකකට Details Please ලෙස කමෙන්ට් කලානම් හෝ WhatsApp මැසේජ් එක ඔබා Details Please කීවානම් ප්‍රථමයෙන්ම ඔබ ඔබ පිළිබඳව ලැජ්ජා වෙන්න. දෙවනුව ඒ පෝස්ට් එක අවබෝධයෙන් නැවත කියවන්න. තෙවනුව හරි මාර්ගය තෝරගෙන දියුණු වෙන්න.

මොකද අපි තරම් දීර්ඝව ආදායම් ක්‍රම පිළිබඳව සරළ සිංහලෙන් පැහැදිලි කරන පේජ් එකක් ලංකාවේ වෙන නැහැ.

බුද්ධියෙන් විමසා බලන්න…

සාර්ථකත්වයට යන්න ඕන පියවරෙන් පියවර…

අධ්‍යාපනය කියන දේ සාර්ථකත්වයට බෙහෙවින්ම වැදගත්…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas