eBook ලියලා ~ ඔබ දන්න දේ ලියලා මුදල් උපයමු (eBook Writing)
තමන් දක්ෂ මොන විෂයටද, ඒ පිළිබඳව පොතක් ලියන්න. මයික්‍රෝසොෆ්ට් වර්ඩ් භාවිතා කල හැකිනම් වඩා අගනේය. ෆෝන් එකෙන් වුවද වර්ඩ්, ගූගල් ඩොක් භාවිතා කල ලිවිය හැක.
ඔබේ දැනුමට අප මුදල් ගෙවන්න සූදානම්…
ඔබ යම් විෂයකට දක්ශයිනම් ඔබට පුලුවන් අපට ඒ විෂයට අදාලව e-Book එකක් සිංහල මාධ්‍යයෙන් නිර්මාණය කරදෙන්න. එය අලෙවි වෙනවානම් අප සූදානම් ඒ වෙනුවෙන් මුදල් ගෙවන්න… ඒ පිළිබඳව ප්‍රචාරණය අපි නොමිළයේ සිදුකර දෙනවා.
උදා:
1️⃣ කෙටි කතා :
රහස් පරීක්ෂක කෙටි කතා
ප්‍රේම වෘත්තාන්ත – කෙටි කතා
හෝ ඕනැම කතාවක්…
2️⃣ විවිධ විෂයානුබද්ධ කරුණු :
ඇන්තූරියම් වගාව
බිම්මල් වගාව
ඉටිපන්දම් ව්‍යාපාරය
Youtube Channel එකක් නිර්මාණය කරන ආකාරය
EBay Selling
Paypal එකක් නිවැරැදිව සාදා ගන්න ආකාරය
ජිවිතය ජයගන්න උපදෙස්
Dropshipping
ගෙවතු වගාව
ආදී ඕනෑම විෂයක් මේ සඳහා වලංගු වේ. දන්නේ මොනවද ඒ විෂය පිළිබඳව ඔබට පොතක් ලියන්න පුළුවන්.
අද කාලයට ගැලපෙන, වඩා අවශ්‍යතාවය ඇති මාතෘකාවක් තෝරාගැනීමෙන් ඔබට වඩා වැඩි පාරිභෝගිකයන් සංඛ්‍යාවකට ඔබගේ e-Book එක ලබාදිය හැක. අවශ්‍යයි නම් නිසදැස් ආදියද ලිවිය හැක. එය විකිණේද යන්න පිළිබඳව අපට අදහසක් නොමැත.
💰 ගෙවීම් කරන ආකාරය :
ඔබගේ නිර්මාණයේ අඩුපාඩු සකස් කර එය අපගේ ලඟදීම අන්තර්ජාලයට මුදාහරින්න බලාපොරොත්තු වෙන eBook Store වෙබ් අඩවියට ඇතුලත් කරනවා. එය යමෙක් අප වෙබ් අඩවිය හරහා ඩවුන්ලෝඩ් කරගන්නවානම් එම එක ඩවුන්ලෝඩ් එකකට රු.25-100 අතර මුදලක් ලබාදේ. තවම මිළගණන් තීරණය කර නැත.
ඩවුන්ලෝඩ් 20 සම්පූර්ණ වුවහොත් රු.1,000ක (One time Payment) ගෙවීමක්ද කරනු ලැබේ.
👩💻 e-Book නිර්මාණයට උපදෙස් :
වෙනත් අයෙකුගේ නිර්මාණයක් කොපි කිරීම සපුරා තහනම්. ඔබ විසින්ම අදාල අන්තර්ගතය නිර්මාණය කල යුතුය. අනවසරයෙන් වෙනත් භාෂා වලින් ඇති ලිපි, පොත්පත්, සඟරා ආදීය පරිවර්තනය සපුරා තහනම්. අන්තර්ගතයකට යම් නීතිමය ප්‍රශ්නයක් ඇතිවුවහොත් එය රචකයා වන ඔබ විසින් දැරිය යුතුය. එම නිසා ඔබ දන්නා, ඔබට අත්දැකීම් ඇති දේ මත පමණක් නිර්මාණය කල හැක.
වාක්‍ය මැද ස්ටිකර්ස්, අනවශ්‍ය හිස්තැන්, ……. අනවශ්‍ය ලෙස නැවතීමේ තිත තැබීම් වලින් වලකින්න.
පැහැදිලිව ඡේද වෙන්කර පොත ලියන්න.
මුලින් ඔබට හැකියාව ඇත්තේ කුමන විෂය ක්ෂේත්‍රය පිළිබඳවද යන්න සහ ඒ පිළිබඳව පැහැදිලි විස්තරයක් ඔබේ දුරකථන අංකය සමඟ කමෙන්ට් කරන්න. සරළව ඔබ ලියන්න කැමති මොනවා ගැනද කියලා කමෙන්ට් කරන්න.
🪪 TechLabs PASS එකක් හිමි අයට පමණක් මේ හරහා ආදායම් ඉපයීමේ හැකියාව ඇත.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #ebookwriting #ebookstore #ebook