Select Page
පිටකවරය බලලා පොත ගැන තීරණ ගන්න Entrepreneur කෙනෙක්

පිටකවරය බලලා පොත ගැන තීරණ ගන්න Entrepreneur කෙනෙක්

පිටකවරය බලලා පොත ගැන තීරණ ගන්න Entrepreneur කෙනෙක්…

Black Friday වෙනුවෙන් අපි ඊයේ ඔෆර් එකක් දුන්නා වෙබ් එකක් නිර්මාණය කරගන්න මුදල් නැති, නමුත් කැපවීමෙන් ජීවිතය ජයගන්න උත්සාහ කරන සාමාජිකයින්ට රු.999ට වෙබ් එකක් නිර්මාණය කරගන්න කියලා.

ඒ පෝස්ට් එකට අපහාසාත්මකව / උපහාසාත්මකව පෝස්ට් එකක් දාලා තියෙනවා දැක්කා. හැබැයි 80%ක් විතර බුද්ධිමත් සාමාජිකයින් එයට ධනාත්මකව කමෙන්ට් කරලා තිබ්බා “මොකක්ද ඒකේ වැරැද්ද, මෙන්න මේ වගේ දෙයක් තමයි කරනවා ඇත්තේ කියලා”

නමුත් මේ පෝස්ට් එක දාපු බුද්ධිමත් ව්‍යවසායකයා ඊතලයකුත් ගහලා අපි පෙන්වලා තියෙන “See more ඔබා විස්තර කියවන්න” කියන එක බලලා නෑ.

නිකමට හරි See more ඔබලා බලන්න බුද්ධියක් තිබුණනම් ඒ මහත්මයා පහත දේවල් ටික තේරුම් ගනී…

◾ Black Friday Offer එකක් හරහා මේක ආයතනය ප්‍රවර්ධනය කරගන්න සිදුකරන ප්‍රවර්ධන වැඩසටහනක් කියලා තේරුම් ගන්න බුද්ධියක් නෑ.
◾ රු.999 කියන්නේ මුලින්ම ගෙවන්න ඕන මුදල පමණයි. ඉන්පසුව වෙබ් එක නිර්මාණය කරගෙන ආදායම් උපයන ගමන් ඉතිරි මුදල ගෙවන්න ඕන කියන විස්තරය කියවලා නෑ. අපේ පෝස්ට් එක නොදැක ඒ පෝස්ට් එකට කමෙන්ට් කල අය දාලා තිබ්බා වෙනම මුදල් ගෙවන්න ඇති කියලා.
◾ ඉතාමත් අඩු මුදලට දෙන්නේ අපේ ඩොමේන් එකක් ඇතුලේ සබ් ඩිරෙක්ටරි එකක වෙනමම වෙබ් එකක් කියන එක කියවලා නෑ. ඩොමේන් / හොස්ටින් වලට යන වියදම ඉවත් වෙනවා කියන එක තේරුම් අරගෙන නෑ. හැබැයි අපේ පෝස්ට් එක නොදැක ඒ පෝස්ට් එකට කමෙන්ට් කල බුද්ධිමත් අය කමෙන්ට් කරලා තිබ්බා අපේ ඩොමේන් එකක වෙන්න ඇති හදන්නේ කියලා.
◾ හදලා දෙන්නේ Basic HTML වෙබ් එකක් කියන එකත් කියවලා නෑ. හැබැයි අපේ පෝස්ට් එක නොදැක කමෙන්ට් කල අය දාලා තිබ්බා HTML සයිට් එකක් වෙන්න ඇති කියලා.
◾ Custom Code නෙමේ Template එකක් හරහා කියන දේ කියවලා නෑ.
◾ ස්වයංරැකියාවක් වෙනුවෙන් නිර්මාණය කරන සරල වෙබ් එකක් කියලා තේරුම් අරගෙන නෑ.
◾ Advance eCommerce වෙබ් එකක් මේ මිළට නිර්මාණය කරන්නේ නෑ. ඒ සඳහා රු.200,000ක් පමණ ගෙවන්න ඕන කියන එක කියවලා නෑ.
◾ අපගේ ආයතනයේ වෙබ් එකක් නිර්මාණය කරගන්න ගෙවිය යුතු අවම මුදල රු.50,000යි කියන එක සහ විවිධ ක්ෂේත්‍ර වලට ගෙවිය යුතු මුදල පිළිබඳව දාපු විස්තර කියවලා නෑ.
◾ මේ ඔෆර් එක ගන්න අපේ පේජ් එකේ පළකල පෝස්ට් 200ක් කියවලා කමෙන්ට් කරලා අවසන් වෙන්න ඕන කියන එක කියවලත් නෑ.
◾ මේ ඔෆර් එක ගන්න කෙනෙක් හරහා අපිව නොමිළයේ ප්‍රවර්ධනය වෙනවා, පේජ් Reach එක වැඩිවෙනවා කියන සාධකය තේරුම් අරගෙනත් නෑ. අපේ පෝස්ට් එක නොදැක ඒ පෝස්ට් එක පමණක් දැක්ක බුද්ධිමත් අය කමෙන්ට් කරලා තිබ්බා මෙහෙම දෙයක් වෙන්න ඇති කියලා.
◾ සරලව අපේ පේජ් එක නිර්මාණය කරලා තියෙන හේතුව තේරුම් අරගෙන බෑ.
◾ අපි මේ පේජ් එකෙන් වෙබ් එකක් නිර්මාණය කරගන්න මුදල් නැති අයට නොමිළයේ වෙබ් එකක් නිර්මාණය කර දෙනවා කියන ඒ විස්තර කියවලා නෑ.
◾ අපි මේ පේජ් එකට එකතු වෙලා ඉන්න උත්සාහයෙන්, කැපවීමෙන් දියුණු වෙන්න වෙර දරන ව්‍යවසායකයින්ට දියුණු වෙන්න, ස්වයංරැකියා / ව්‍යාපාර ආරම්භ කරන්න මුදල් ත්‍යාග පවා ලබාදෙන එක ඒ පුද්ගලයා දැක නැහැ.
◾ මාසයක් පුරාවට පළකල ලිපි 210කින් ලබාදුන් දැනුම කොයි වගේද කියලා ඒ පුද්ගලයා සොයා බලලා නෑ.
◾ වසර 5ක් පුරාවට ශ්‍රී ලංකාවේ බුදු දහම ප්‍රචලිත කරන්න, විහාරස්ථාන දියුණු කරන්න පන්සලක් පන්සලක් ගානේ කිලෝ මීටර් ලක්ශ ගණනක් දුර, අතින් මුදල් වියදම් කරගෙන ගිහින් විහාරස්ථානය 550කට වැඩි ප්‍රමාණයකට වෙබ් අඩවි නොමිළයේ නිර්මාණය කල එක දැකලා නෑ.
◾ මාගේ ආයතනය ලංකාවේ විශිෂ්ටතම සමාජ සේවා වෙබ් අඩවිය, විශිෂ්ටතම පෞද්ගලිකව වෙබ් අඩවිය, විශිෂ්ටතම සමාජ සේවා ආයතනය, විශිෂ්ටතම ඇප් එක නිර්මාණය ආදී සම්මාන ලබාගත් විස්තර දැකලා නෑ.
◾ සල්ලි නැති මිනිස්සුන්ට ගොඩ එන්න අපි මේකෙන් උදව් කරනවා කියන එක පෝස්ට් එක දාපු කෙනා දැකලා නෑ.

“රු.999ට වෙබ් එකක්” කියන එක විතරමයි දැකලා තියෙන්නේ…

පෝස්ට් එක දැම්මේ මෝඩ මනුස්සයෙක් වුනාට, කමෙන්ට් දාපු ගොඩක් අය බුද්ධිමත් කියන එකනම් ඒ පෝස්ට් එකේ කමෙන්ට් කියෙව්වහම් තේරුණා.

අපේ ආයතනයේ කොටස් 3ක් තියේ.

1️⃣ TechLabs ආයතනයෙන් ලෝකය පුරා සිටින High End පාරිභෝගිකයින්ට රු.50,000 සිට රු.ලක්ෂ 10 දක්වා ව්‍යාපාරික සේවා ලබාදී මුදල් ඉපයීම. අපගේ ආයතනය පවත්වාගෙන යන්නේ මේ හරහා.

2️⃣ TechLabs ආයතනයේ ලාභයෙන් සහ ලොව පුරා මිතුරන්ගේ සහයෙන් පවත්වාගෙන යන SamajaSathkara.lk Foundation එක හරහා ලක්ශ ගණනක් අඩු ආදායම්ලාභී පවුල් වලට ආධාර කිරීම.

3️⃣ TechLabs ආයතනයේ ලාභයෙන් සහ පාඩුව දරා ගනිමින් මධ්‍යම පාන්තික හෝ අඩු ආදායම්ලාභී පවුල් වලට දිරියෙන් නැගීසිටින්න නිර්මාණය කල Business HUB Sri Lanka වේදිකාව හරහා ඉතාමත් අඩු මුදලට ව්‍යාපාරික සේවා ලබාදීම.

මේ පේජ් එකේ අරමුණ මුදල් ඉපයීම නෙමේ. ව්‍යවසායකයින්ට දියුණු වෙන්න හරි පාර පෙන්වීම. මන්ද ඔවුන් දියුණු වුනාට පසුව ඔවුන්ට පුළුවන් ඉහළ මිළක් ගෙවා අපේ ව්‍යාපාරික සේවා ලබාගන්න. ඔවුන්ට දියුණු වෙන්න අත දුන්නේ අපි නිසා ඔවුන් අපිව විශ්වාස කරලා ඉහළ මිළක් ගෙවා අපේ සේවාවන් ලබාගනීවී.

බාගෙට කියවන මෝඩ මිනිස්සු මේ වගේ පෝස්ට් දදා අනික් අයට සමච්චල් කරමින් දවස ගෙවාවි.

අප ආයතනයෙන් වෙබ් අඩවි නිර්මාණය කරගත් සාමාජිකයින් දන්නවා කොපමණ විශාල මුදලක් ගෙවලද නිර්මාණය කරගන්න ඕන කියලා. රු.ලක්ශ 2-3 ගෙවලා සේවා ලබාගත්ත අය ඉන්නවා. සමහර කම්පැනි මම දැකලා තියේ රු.2,000ට වෙබ් අඩවි නිර්මාණය කරනවා කියලා පෝස්ට් දාලා තියේ. ඩොමේන් එකක්වත් ඒ මිළට මිළදී ගන්න බැහැ. ඩොමේන්, හොස්ටින්, Plugins, Theme, Maintainace වලට ඉතා විශාල මුදලක් අපි වාර්ෂිකව ගෙවනවා. ඔවුන් කරන්නේ ඒ 2,000 අරන් පැනලා යන එක. නමුත් 2006 සිට ලංකාවේ දහස් ගණනක් මිනිස්සුන්ට අපි විශ්වාසවන්තව තාක්ෂණික සේවා ලබාදී තියේ.

රු.999ට වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න පුළුවන් කියලා දාපුවම ඒකට හිනාවෙන මිනිස්සුම තමන්ට වෙබ් එකක් නිර්මාණය කරගන්න ගියහම රු.50,000යි කීවහම අපෝ ඔච්චර මොකටද ගන්නේ අඩුවට ගන්න තැන් තියේ කියලා අපිට බනිනවා.

මම පෞද්ගලිකව වෙබ් අඩවි නිර්මාණය කරගන්න අවුරුදු 20ක පමණ තනිවම පුහුණුවක් ලැබුවා. අවුරුදු 20ක දැනුම, පළපුරුද්ද එක්ක තමයි අපි වැඩ කරන්නේ.

නැති බැරි මිනිස්සුන්ට අපේ කම්පැනි එකෙන් උදව් කලාට, අඩු මිළට සේවාවන් ලබාදුන්නාට, ඇති හැකි මිනිස්සු අපේ කම්පැනි එකෙන් වෙබ් එකක් නිර්මාණය කරගන්නකොටනම් රු.ලක්ෂයට එහා මුදලක් ගෙවන්න ඕන. ඒක අපේ ප්‍රතිපත්තියක්. අපි මිළ ගණන් හදලා තියෙන්නේ විවිධ ක්ෂේත්‍ර වල ආදායම් මට්ටම් අනුව. මන්ද අපගේ ආයතනයේ ආදායමෙන් අපි කරන්නේ මිනිස්සුන්ට උදව් කරන එක, සමාජ සත්කාර කරන එක. ඉතිං ඒ සඳහා අපට විශාල මුදලක් අවශ්‍ය වෙනවා.

ඉතිං ලොකු කම්පැනි එකක් තියාගෙන ලක්ෂ ගණන් සල්ලි හොයන්න බලාගෙන රු.999ට වෙබ් අඩවි හොයන්න එන්න එපා. රු.ලක්ෂයක් විතර ගෙවලා ඔබේ සේවාව ලබාගන්න…

මේ පෝස්ට් එක දාපු කෙනා වගේ නොවී ඔබත් බුද්ධිමත් පුද්ගලයෙක් ලෙස පිටකවරය බලා පොත ගැන තීරණය කරන්න එපා.

සැ. යු : පෝස්ට් එක දැමූ පුද්ගලයාගේ අනන්‍යතාවය සැඟවලා තියෙන්නේ ඔහුගේ පෞද්ගලිකත්වයට හානි වෙන නිසා. ඔහුට අපහාසයක් කිරීමට නොව ඔහුගේ නොදැනුවත්කමින්, බුද්ධිය මදි කම නිසා තවත් ආයතනයකට සිදුකරන හානිය පෙන්වීමට මෙය පළකරන ලදි.

අපේ ආයතනයේ වෙබ් අඩවි වල මිළ ගණන් : https://m.facebook.com/story.php?story_fbid=122113022132100804&id=61553024124622&mibextid=Nif5oz

අප ලබාදුන් Black Friday Offer එක : https://m.facebook.com/story.php?story_fbid=122113009376100804&id=61553024124622&mibextid=Nif5oz

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg Business HUB Sri Lankanesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas

ඔබව පොහොසත් කිරීමේ මැජික් එකක් අප සතුව නැත

ඔබව පොහොසත් කිරීමේ මැජික් එකක් අප සතුව නැත

ඔබව පොහොසත් කිරීමේ මැජික් එකක් අප සතුව නැත…

සූම් මීටින් වලින් මැජික් පෙන්වා අනෙක් අය කරන්නේ ඔබගේ සල්ලි කඩා ගැනීමයි.

ඇලඩින්ගේ පුදුම පහනද අප සතුව නැත.

ඔබට දියුණු වෙන්න අවශ්‍යයිනම් ඔබ පළමු පියවර තැබිය යුතුය…

මේ පේජ් එකේ සිටින යම් අයෙක් “මේක කලොත් මට මාසෙට කීයක් හොයන්න පුළුවන්ද ?” කියා අපෙන් අසයිනම්, මාගේ පෞද්ගලික මතයනම් ඔබට කවදාවත් දියුණු විය නොහැක.

දියුණු වෙන්න ඕනනම්, කරුණාකර පිරමීඩ මානසිකත්වයෙන් මිදෙන්න…

ලැබෙන ගාණ කලින් කියා ඔබට හීන ලෝක පෙන්වන්නේ පිරමීඩ කම්පැනි වේ.

ස්වයංරැකියාවක හෝ ව්‍යාපාරයක ආදායම් නිශ්චිතව කිව නොහැක. ඔබට සැලැස්මක් ඇත්නම් පමණක් එය යම්තාක් දුරට අනුමාන කල හැක…

නමුත් පේජ් එක ෆලෝ කර නිදාගැනීමෙන් මුදල් ලැබෙන්නේ නැත…

අවබෝධයෙන් කටයුතු කරන්න…

සැ. යු : මා සමඟ සිදුවූ සංවාදයක සංස්කරණය කරන ලද ස්ක්‍රීන්ශොට් මෙහි ඇතුළත් කර ඇත.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs

වගකීම් ඔබව බලහත්කාරයෙන් අවදි කරනු ඇත

වගකීම් ඔබව බලහත්කාරයෙන් අවදි කරනු ඇත

වගකීම් ඔබව බලහත්කාරයෙන් අවදි කරනු ඇත…

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs

සාර්ථකත්වයට Shortcut නැහැ

සාර්ථකත්වයට Shortcut නැහැ

සාර්ථකත්වයට Shortcut නැහැ…

කවුරු හරි කෙනෙක් කියනවනම් එහෙම Shortcut එකක් තියේ කියලා, ඔබයි ඔවුන්ගේ Shortcut එක…
ඔබව උගුලට හසු කිරීමයි ඔවුන්ගේ Shortcut එක…

මේ ඡායාරූප වල ඉන්න පුද්ගලයින් මේ තැනට ආවේ මහන්සිවෙලා, දුක් විඳලා…
එහෙම නැතිව නිදාගෙන ඉඳලා නෙමේ…

කවුරු හරි හිතනවනම් මේ වගේ දියුණු වුන අයගේ වීඩියෝ Interview දාන චැනල් එකක් බලලා ඔබට දියුණු වෙන්න පුළුවන් කියලා, ඒත් බෑ. ඔබ නෙමෙයි දියුණු වෙන්නේ අර චැනල් එක අයිති කෙනා…

මේ පේජ් එකේ පෝස්ට් 150ට වඩා තියේ. ඒත් මේකේ ඉන්න අය වැඩියෙන්ම කමෙන්ට් කරන්නේ, මැසේජ් කරලා අහන්නේ ණය, ආධාර, නිකන් ඉඳලා සල්ලි හොයන ක්‍රම, නිදාගෙන සල්ලි හොයන ක්‍රම ගැන උපහාසාත්මකව අපි ලියලා තියෙන පෝස්ට් වලට. අඩුගානේ ඒ පෝස්ට් එක ලියලා තියෙන්නේ ඒක කියවන අයගේ මෝඩකම ඉස්මතු කරලා ගන්න කියලවත් ඒ අය දන්නේ නෑ. බාගෙට කියවලා මැසේජ් දානවා. හැබැයි කෝටිපතියෙක් වෙන්න තමයි බලාපොරොත්තුව.

පේජ් එකේ ඉන්න අයගෙන් 1%ක් පමණයි වැදගත් පෝස්ට් පිළිබඳව විමසන්නේ….

කවුරු හරි “නිකන් ඉඳලා ඩොලර් 10ක් උපයන” පෝස්ට් එකට YES කියලා කමෙන්ට් කලානම් ප්‍රථමයෙන්ම ඔබ ඔබ පිළිබඳව ලැජ්ජා වෙන්න. දෙවනුව ඒ පෝස්ට් එක අවබෝධයෙන් නැවත කියවන්න. තෙවනුව හරි මාර්ගය තෝරගෙන දියුණු වෙන්න.

බුද්ධියෙන් විමසා බලන්න…

සාර්ථකත්වයට යන්න ඕන පියවරෙන් පියවර…

අධ්‍යාපනය කියන දේ සාර්ථකත්වයට බෙහෙවින්ම වැදගත්…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas

The more you LEARN the more you EARN

The more you LEARN the more you EARN

The more you LEARN the more you EARN

හැම මොහොතකම ඉගෙන ගන්න…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #ස්වයංරැකියා

නිදාගෙන සල්ලි හොයන්න බලාපොරොත්තු වෙන මිනිස්සු හැමතැනම

නිදාගෙන සල්ලි හොයන්න බලාපොරොත්තු වෙන මිනිස්සු හැමතැනම

නිදාගෙන සල්ලි හොයන්න බලාපොරොත්තු වෙන මිනිස්සු හැමතැනම…

දිනකට මේ වගේ පණිවිඩ 500ට වඩා එනවා…

“හැමෝටම ඕන සල්ලි හම්බකරන්න.
හැබැයි කාටවත් ඕන නෑ ඒ කොහොමද කියලා දැනගන්න. කිසි කෙනෙක්ට ඉගෙන ගන්න අවශ්‍යතාවයක් නෑ. නිකන්ම ගිණුමට සල්ලි එන එක විතරයි හැමෝටම ඕන.”

ඔබත් මේ වගේ පණිවිඩයක් එවපු කෙනෙක් වෙන්න ඇති…
හැබැයි දැන් මේ පෝස්ට් එක දකිනවා කියන්නේ පේජ් එකේ පෝස්ට් පේනවා කියන එකනේ…
දැන් එහෙනම් කරපු මෝඩකම්, අහපු මෝඩ ප්‍රශ්න අමතක කරන දැන්වත් බුද්ධිමත්ව පේජ් එකේ පෝස්ට් බලලා ඉගෙන ගෙන දියුණු වෙන්න උත්සාහ කරන්න…

අපිට පුළුවන් ඔබට තොරතුරු දෙන්න විතරයි… ඒවා කියවලා ඉගෙන ගන්න එක සහ තේරුම් ගත්ත එක ඔබ සතු කාර්යයක්…

ඔබට අපිට මොළේ දෙන්න බෑ…

First Learn, then Earn !

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #ස්වයංරැකියා