Select Page
ශ්‍රේෂ්ඨත්වය යනු එක්තරා ගුණාංගයක්

ශ්‍රේෂ්ඨත්වය යනු එක්තරා ගුණාංගයක්

ශ්‍රේෂ්ඨත්වය යනු එක්තරා ගුණාංගයක්..

ඒක කෙනෙක්ගේ හඳුනාගැනීම/අනන්‍යතාවය මත, පැමිණෙන්නෙත් නැහැ…
කෙනෙකුගේ නොහඳුනාගැනීම මත නැතිවෙන්නෙත් නැහැ…
මේක මම පොඩි කාලේදී සීයා මට කියල දුන්නු කාරණයක්…
ඒක අහනකොට තේරුම් ගන්න පුළුවන් වයසක මම හිටියෙ නැහැ…
තේරුම් ගන්න පුළුවන් වයසට එනකොට එයා හිටියෙ නැහැ…
මේ කාරණයේ අර්ථයේ තරම ඔය අයට තේරුම් ගන්න නම්..,
ඔය අය මගේ කතාව දැනගන්න ඕන..
මගේ නම මානසා සම්‍යුක්තා…

ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඔබට මෙම චිත්‍රපටය ඉතා වැදගත්. ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.

මේ වෙලාවේ මම 9 වෙනි පාරටත් මේ ෆිල්ම් එක බලන ගමන් තමයි මේ පෝස්ට් එක දාන්න හිතුවේ. මොකද මේ පේජ් එකේ ඉන්න හැමෝටම මේ ෆිල්ම් එක වැදගත්…

MISS INDIA (2020) : https://www.baiscope.lk/%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-2020-sinhala-subtitles/

Business Is a War

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ වයිසාග් වල මධ්‍යම පාන්තික පවුලක සිට ඇමරිකාවේ සාර්ථකම ව්‍යාපාරික කාන්තාවක් දක්වා දුෂ්කර ගමනක නිරත වෙන මානසා නම් තරුණ යුවතියගේ කතාව මිනිත්තු 136ක් පුරා මිස් ඉන්දියා නමින් දිවෙන්නේ ජීවිතයේ බලාපොරොත්තුවක් වෙනුවෙන් කැපවන ඕනෑම කෙනෙකුට හොඳ ආදර්ශයක් සපයමින් බව කිව යුතුය.

මේක එක්තරා විදිහක business කතාවක්. විවිධ හැල හැප්පීම වලට මූන දීපු කෙල්ලෙක්ගේ. මෙයාට පොඩි කාලේ ඉදන්ම උවමනා වෙලා තිබුනේ තමන්ගෙම business එකක් පටන් අරන් දියුනු වෙන්ඩ. ඒ ආසාව ආවේ තමන්ගේ සීයා තමන්ට කියලා දීපු දේවල් එක්ක..

ලස්සන කතාවක්. උත්සාහය ඇත්නම් කරන්ඩ බැරි දෙයක් නෑ.

මේ කෙල්ල පවුලේ අය එක්කා ඇමරිකාවට යනවා. හොදට සල්ලි තියෙන කොල්ලෙක් එක්ක, හොද රස්සාවක් කරන් ලස්සනට ඉන්න තියෙන ඒ අවස්ථාවට පයින් ගහන්නේ තමන්ගෙම business එකක් පටන් ගන්න ඕනි කියන අරමුන හන්දා. ගෙදරින් විවිධ බාධා එනවා. ඒ හන්දම ගෙදරින් යන්න වෙනවා..

ඇමරිකාව වගේ රටක coffee කියන්නේ ප්‍රසිද්ද පානයක්. ඒ පානයට ඇමරිකානුවෝ ඇබ්බැහි වෙලා ඉන්න වෙලාවක තේ (Chai) කියන පානය ඇමරිකානුවෝ අතරට ගෙනියන මේ කෙල්ලගේ උත්සාහය පුදුමයි.

අන්තිමේදී පොඩියට පටන් ගත්ත තේ shop එක මුලු ඇමරිකාවම අල්ලනවා.නොහිතන දේවල් ටිකකුත් වෙනවා. ඉතින් බලන්න කතාව..

Miss india කියන්නේ brand එකක්ම වෙනවා..

✅ පෞද්ගලිකව TechLabs Business HUB අධ්‍යක්ෂ වන මමද දියුණු වුනේ මේ වගේ නොපසුබට උත්සාහය නිසා. අද වෙනකොට Danesh කියන නම Brand එකක් වෙලා ඉවරයි. SamajaSathkara.lk කියන මගේ පදනම Brand එකක් වෙලා ඉවරයි. අනාගතයේදී Business HUB කියන එකත් අනිවාර්යයෙන් Brand එකක් වෙනවා… ඒක මට විශ්වාසයි. මම ඒ දේ කරනවා.

නියම ව්‍යවසායකයෙක් වෙන්නනම් ඇඩ් ක්ලික් කරලා, වීඩියෝ බලලා, පැකේජ් අරන් හරියන්නේ නෑ. නිවැරැදි අධ්‍යාපනය ලබා ව්‍යවසායකයෙක් වී ආදායම් උපයන්න. තේ කෝප්පයකට, බුලත් විටකට, පොළොවේ ඉන්න පණුවෙක්ට, අහක දාන පොල් කටුවකට වුනත් පුළුවන් ඔබව Brand එකක් කරන්න.

Business HUB කියන්නේ ඔබට A-Z නිවැරැදිව ස්වයංරැකියා, ඔන්ලයින් මනී, ව්‍යාපාර, තාක්ෂණික සේවා යන සියලුම දෑ පිළිබඳව අධ්‍යාපනය ලබන්න පුළුවන් ලංකාවේ එකම තැන…

උපුටාගැනීම කරුණු ඇතුලත්ය. අයිතිය කතෲන් සතුය.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #ස්වයංරැකියා

පිරිමියෙක්ගෙන් පැය හාගයක් ගැහැණියකගෙන් වගේ ලේ ගියොතින් ඒ පිරිමියා එතනම මැරිලා වැටෙනවා

පිරිමියෙක්ගෙන් පැය හාගයක් ගැහැණියකගෙන් වගේ ලේ ගියොතින් ඒ පිරිමියා එතනම මැරිලා වැටෙනවා

පිරිමියෙක්ගෙන් පැය හාගයක් ගැහැණියකගෙන් වගේ ලේ ගියොතින් ඒ පිරිමියා එතනම මැරිලා වැටෙනවා…

ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඔබට මෙම සත්‍ය කතාව ඇසුරින් නිර්මාණය කල චිත්‍රපටය ඉතා වැදගත්. ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.

මේ වෙලාවේ මම 7 වෙනි පාරටත් මේ ෆිල්ම් එක බලන ගමන් තමයි මේ පෝස්ට් එක දාන්න හිතුවේ… මොකද මේ පේජ් එකේ ඉන්න හැමෝටම මේ ෆිල්ම් එක වැදගත්…

Pad Man : https://baiscopedownloads.co/padman-2018/

ගැහැණියකුගේ ඔසප් වේදනාව පිළිබඳ මෙලෝ හසරක දැනුමක් අරුණාචලම්ට තිබ්බේ නෑ. හැබැයි ඔහු දැක්කා තමන්ගේ බිරිඳ ඔසප් දිනයේ විඳින වේදනාව. පිරිමියෙක් විදිහට මේ ප්‍රශ්නයට දෙන්න පුළුවන් විසඳුම අරුණාචලම් කල්පනා කලා.

දකුණු ඉන්දියාවේ ජීවත් වුන අරුණාචලම් හිතුවා ඔසප් දිනයේදිවත් සනීපාරක්ෂක තුවා පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි කියලා? හේතුව තමයි අධික වියදම. දුගී බවේ පතුලේ ඉන්න ඉන්දියානු සමහර ගැහැණුන් වෙළඳපලේ තියන පෑඩ් වෙනුවට ගෙදර තියන පරණ රෙදි පාවිච්චි කරන බව.
ඒ බව ඔහු තේරුම් ගන්නේ තමන්ගේ බිරිඳ දිහා බලලා.

අරුණාචලම් කඩයකට ගිහින් තමන් ගේ බිරිඳට සනීපාරක්ෂක තුවා මිලදී ගන්නවා. කඩ හිමියා ඒක දෙන්නේ හරියට හොර බඩුවක් විකුනනවා වගේ. ඒක බිරිඳට දුන්නම බිරිඳත් බනිනවා අපරාදේ සල්ලි වියදම් කරන්නේ ඇයි කියලා.

අවසානයේ රෙදි වියන්නෙක් ලෙස ජීවිකාව ගෙනගිය අරුණාචලම් ඔසප් දිනයේ වේදනාව විඳින ගැහැණුන් වෙනුවෙන් සනීපාරක්ෂක තුවා නිපදවන්න පටන් ගන්නවා. මුලින්ම නිපඳවූ තුවාය ලබා දෙන්නේ බිරිඳට. තවත් බැනුම් වැඩි වෙනවා මිස හොඳක් අහන්න ලබෙන්නේ නෑ.

ගමේ කාන්තාවන් නැවතත් අත්හදා බැලීමට දුන්නාම අපහාසයත් උපහාසයත් තමයි ඔවුන්ගෙන් ලැබුනේ. මානසික රෝගියෙක් කියලා කිසිම කෙනෙක් ඉදිරිපත් වුනේ නෑ. ලඟම තිබෙන වෛද්‍ය විද්‍යාල‍යේ තරුණියන්ට මේ තුවා අත් හදා බලන්න දෙන්න ගිහිල්ලා ලොකු අමාරුවක අරුණාචලම් වැටෙනවා.
නමුත් අරුණාචලම් වැඩේ නැවැත්තුවේ නෑ. අවසානයේ පිරිමියෙක් වුන අරුණාචලම් තමන් හදන සනීපාරක්ෂක තුවා තමන්ගේ රහස්‍ය ප්‍රදේශයේ රදවා ගන්නවා. ඊට පස්සේ සිහින් බටයක් දිගේ එළුවන්ගේ රුධිරය අර තුවායට ලබා දෙනවා. වැඩේ අසාර්ථකයි. උරා ගන්නේ නැති එළු ලේ අරුණාචලම් ගේ කලිසම දිගේ බේරෙනවා. අසාර්ථක වීම කොච්චර ඉහලද කියනවා නම් තමන් ගේ බිරිඳ අරුණාචලම්ව අත්හැරදමා යනවා. මේ මානසික රෝගියා එක්ක ජීවත් වෙන්න බෑ කියලා.

මේ අසාර්ථක වීම අරුණාචලම් ගේ සාර්ථක වීමට අවසානයේ හේතුවක් වෙනවා. ඔහු අඩුම වියදමකින් ඉන්දියානු ගැහැණු වෙනුවෙන් සනීපාරක්ෂක තුවා නිපදවනවා. අනේක විධ බාධා හමුවේ තමන්ගේ උත්සහය අත් නොහැරපු අරුණාචලම්ව The Times සඟරාව ලෝකයේ බලගතුම පුද්ගලයන් 100 අතරට නම් කරනවා.

Super Man ලා, Iron Man ලා ගැන කතා කරන මේ සමාජය Pad Man ගැන දන්නේ නෑ. අරුණාචලම් වෙනුවෙන් ගිය අවුරුද්දේ ඉන්දියාවේ චිත්‍රපටියක් පවා හැදෙනවා. පුළුවන්නම් හොයා ගෙන බලන්න. නම තමයි Pad Man.

ගැඹුරු මුහුදේ නිසසලව යන නැවක් හසුරුවන්න අමාරුම අවස්ථාව තමයි ගොඩබිමට සේන්දුවන අවස්ථාව. නියම නැව් කපිතාන්වරු අභියෝග වලට උත්තර දෙන්නේ අභියෝගවලින්. ගුවන් යානයක් වුනත් නැවතත් ගොඩබිමට ලඟා වීමේදී ඇතිවන ගැස්මෙන් ගුවන් මගීන් තුල ගැස්මක් ඇති නොවෙන්න දරන උත්සහයේ උපරිමය තමයි දක්ෂ ගුවන් නියමුවන්ගේ බිහිවීම.
මේ ලෝකයම හැදිලා තියෙන්නේ කැපවීම් හා උත්සාහය මත. අර ඉංග්‍රීසි කියමනකුත් තියෙන්නේ උත්සහය සතුරෙක් මෙන් පෙනෙන මිතුරෙක් කියලා.

බුදුහාමුදුරුවෝ පවා දේශනා කරලා තියෙන්නේ උට්ථාන සම්පදා කියලා. ඒ කියන්නේ උත්සහය සම්පතක් කියලා. බුදු හාමුදුරුවෝ ඕනෑම ව්‍යාපාරයක් රැකියාවක්, කර්මාන්තයක් කරන මනුස්සයෙකු තුල තිබිය යුතු ගුණාංග 4ක් හරි අපූරුවට විස්තර කරනවා.

01. තමන් කරන රැකියාව හෝ ව්‍යාපාරය පිලිබඳ දක්ෂතාවයන් හා කැමැත්තක් අදාල පුද්ගලායාට තිබිය යුතුය.

​02. නියමිත කාලයට හා නියමිත වේලාවට අදාලා කාර්‍ය්‍ය කම්මැලි නොවී සිදුකල යුතුය.

03. තමන්ගේ රැකියාව හෝ ව්‍යාපාරය පිළිබඳව උපායශීලීව හා විමසිලිමත් වීම.

04. අදාල කටයුතු නිවැරදි ලෙස සවිධානය කිරීමේ හැකියාව තිබීම.

බුදු හාමුදුරුවෝ කියපු ඔය කතාව මාත් නිකමට හිතලා බැලුවා. ලෝකයේ බිහිවුන සෑම දක්ෂයෙක් තුලම ඔය කරුණු 4 තියනවා. ඒ වගේම තමයි දේශපාලනය තුල වුනත් බිහිවන සෑම දක්ෂයෙක් තුලම ඔය කරුණු 4 තිබීම අනිවාර්‍යය තත්වයක්. ඒ කියන්නේ ඔය කරුණු 4 නැත්නම් ඒ මනුස්සයා අනිවාර්‍යෙන්ම අදක්ෂයෙක්.

දේශසීමා වලින් එළියට ගියොත් ලෝකය තුල උත්සහය පිළිබඳ සිම්බල් එක තමයි තෝමස් එල්වා එඩ්සන්. අවුරුදු 13 දී දුම්රියේ පත්තර විකුණපු එඩ්සන් තමයි පසුකාලීනව ලෝකයේ වැඩිම සොයා ගැනීම් කරපු පුද්ගලයා. ඔහු විසින් ලෝකයට දායාද කල නිර්මාණ ප්‍රමාණය විතරක් 1033ක්. විදුලි බල්බය සොයා ගැනීමේදී ඔහු පසුකර ඇති අසාර්ථක උත්සහ ගණන විතරක් 999ක්. හැබැයි මතක තියා ගන්න ඒ තෝමස් අවසානයේ මුළු ලෝකයක් එළිය කරනවා.

Jurassic Park කියන චිත්‍රපටිය අපි ඒ කාලේ බැලුවෙත් හරිම කුතුහලයෙන්. මේ තරම් විශිෂ්ට නිර්මානයන් මිනිසෙකුගේ සිතුවිලි මත නිර්මාණය වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය 1994 දී තරුණයෙක් වුන මට තිබ්බා. ඔය ෆිල්ම් එක හදපු ස්ටීවන් සිපිල්බර්ග් කියන්නේ අනේක විධ උත්සහයන් තුලින් ලෝකයම ජයගන්න විශිෂ්ථයෙක්. සිපිල්බර්ග් 1960 දී කැලිෆෝනියානු රාජ්‍ය විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමේ සම්මුඛ පරීක්ෂණයට යනවා. හැබැයි ඔහුව විශ්ව විද්‍යාලය විසින් ප්‍රතික්ෂේප කරනවා සිපිල්බර්ග් ගේ දක්ෂතා මට්ටමට රාජ්‍ය විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට තරම් ප්‍රමානවත් නෑ කියලා.

ඒ 1960 දී. හැබැයි අවසානයේ 1994 දී සිපිල්බර්ග්ට කැලිෆෝනියා විශ්ව විද්‍යාලයම ආරාධනා කරලා ආචාර්‍ය උපාධියක් ලබා දෙනවා.

ඊතන පඳුරට යටින් තිබ්බ ගල බිඳලා ජලය සොයා ගත්ත බෝසතානන් ගේ කතාව අපි අහලා තියෙන්නේ පුංචි කාලේ.
හැබයි ලොකු වුනාම ගෙදර තියන වතුර කරාමේවත් හරියට වහන්න අපි උත්සහ කරන්නේ නෑ.

✅ පෞද්ගලිකව TechLabs Business HUB අධ්‍යක්ෂ වන මමද දියුණු වුනේ මේ වගේ නොපසුබට උත්සාහය නිසා. හැබැයි මගේ සිය ගණනක් නිර්මාණ වලට මම පේටන්ට් අරන් සල්ලි හෙව්වේ නෑ. දන්න හැමදේම මිනිස්සුන්ට නොමිළයේ කියලා දුන්නා. මට අද මහ ලොකු සල්ලියක් නෑ. ඒත් මගේ සාර්ථකවය තමයි මම මේ දේවල් වලින් අනික් අයට පිහිටවෙලා ලබන සතුට…

නියම ව්‍යවසායකයෙක් වෙන්නනම් ඇඩ් ක්ලික් කරලා, වීඩියෝ බලලා, පැකේජ් අරන් හරියන්නේ නෑ. නිවැරැදි අධ්‍යාපනය ලබා ව්‍යවසායකයෙක් වී ආදායම් උපයන්න.

Business HUB කියන්නේ ඔබට A-Z නිවැරැදිව ස්වයංරැකියා, ඔන්ලයින් මනී, ව්‍යාපාර, තාක්ෂණික සේවා යන සියලුම දෑ පිළිබඳව අධ්‍යාපනය ලබන්න පුළුවන් ලංකාවේ එකම තැන…

උපුටාගැනීම කරුණු ඇතුලත්ය. අයිතිය කතෲන් සතුය.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #ස්වයංරැකියා