Select Page
බාබර්

බාබර්

අපි හැමෝමට පොඩි කාලේ ඉඳන් තියෙන අනාගත බලාපොරොත්තුව තමයි ඩොක්ටර් කෙනෙක් වෙනවා, ඉන්ජිනේරුවෙක් වෙනවා, ටීචර් කෙනෙක් වෙනවා වගේ සමාජයේ ඉහල තැනක් තියෙනවා කියලා පිලිගත්ත රස්සාවක් කරන එක.ඒත් “බාබර්” කෙනෙක් වෙන එක අනාගත බලාපොරොත්තුව කරගත්ත කෙනෙක් තමයි කාර්ති කියන්නේ. මෙයාගේ දෙමව්පියෝ නම් මේකට කොහොමටවත් කැමති වෙන්නේ නෑ.

ඒක නිසා මෙයා කොලෙජ් ගිහින් පරිගණක විද්‍යාව ඉගෙනගන්න ම වෙනවා. තාත්ත කියනවා කොලේජ් ඉවර වුනාම ඔයා මීට වඩා පරිනත වෙලා ඉන්න නිසා එතකොට ඔයා අනාගතෙ කරන රස්සාව ගැන හිතන්න පුලුවන් කියලා. මෙයා මේකට කැමති වෙලා අවුරුදු 4ක් කොලේජ් යනවා, කොලේජ් එකේදී හොදට ලකුනුත් ගන්නවා.මෙයාට හොඳ ලකුනු තිබුන නිසා ලොකු ලොකු ආයතන වලින් මෙයාට රස්සා දුන්නත් එයා ඒවා පිළිගන්නේ නැත්තේ එයාගේ “බාබර්” කෙනෙක් වෙන්න ඕන කියන අනාගත බලාපොරොත්තුව නිසා.කොහොමහරි එයාගේ දෙමව්පියෝ මෙයාගේ කැමැත්තටත් අවස්තාවක් දෙනවා.

මෙයාට ඕන වෙන්නේ රටම පිලිගත්ත “බාබර්” කෙනෙක් වෙන්න. කාර්තිට එයාගේ බලාපොරොත්තුව ඉශ්ට කරගන්න ගොඩක් දේවල් කැපකරන්න වෙනවා. ගොඩක් දේවල් නැති වෙනවා. එක වෙලාවක කාර්ති ජීවිතේ පවා නැතිකරගන්න හදනවා. කොහොම හරි එයා මහන්සි වෙලා රටේ හොඳ නමක් තියෙන ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා. කාර්ති එයාගේ හීනේ හැබෑ කරගන්න මොනතරම් මහන්සි වෙනවද කියලා ෆිල්ම් එක බලලම දැනගන්න පුලුවන් .

Singapore Saloon (2024) Tamil (6.2/10 IMDB)

ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඔබට මෙම චිත්‍රපටය ඉතා වැදගත්. ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.

මේ කතාවනම් පෞද්ගලිකව 100%ක් මගේ ජීවිතයට සමානයි. මම ඉදිරියේදී ඒ කතාවත් කියන්නම්…

✅ පෞද්ගලිකව TechLabs Business HUB අධ්‍යක්ෂ වන මමද දියුණු වුනේ මේ වගේ නොපසුබට උත්සාහය නිසා. අද වෙනකොට Danesh කියන නම Brand එකක් වෙලා ඉවරයි. SamajaSathkara.lk කියන මගේ පදනම Brand එකක් වෙලා ඉවරයි. අනාගතයේදී Business HUB කියන එකත් අනිවාර්යයෙන් Brand එකක් වෙනවා… ඒක මට විශ්වාසයි. මම ඒ දේ කරනවා.

නියම ව්‍යවසායකයෙක් වෙන්නනම් ඇඩ් ක්ලික් කරලා, වීඩියෝ බලලා, පැකේජ් අරන් හරියන්නේ නෑ. නිවැරැදි අධ්‍යාපනය ලබා ව්‍යවසායකයෙක් වී ආදායම් උපයන්න. තේ කෝප්පයකට, බුලත් විටකට, පොළොවේ ඉන්න පණුවෙක්ට, අහක දාන පොල් කටුවකට වුනත් පුළුවන් ඔබව Brand එකක් කරන්න. ඒත් එක්කම ඔබේ සිහිනය ඔබව Brand එකක් කරන්නත් පුලුවන්. ඔබ ආස, කැමති, ඔබට සතුට ගෙනෙන දේ ඔන කරන්න. අනිවාර්යයෙන් ඔබට දියුණු වෙන්න පුලුවන්.

Business HUB කියන්නේ ඔබට A-Z නිවැරැදිව ස්වයංරැකියා, ඔන්ලයින් මනී, ව්‍යාපාර, තාක්ෂණික සේවා යන සියලුම දෑ පිළිබඳව අධ්‍යාපනය ලබන්න පුළුවන් ලංකාවේ එකම තැන…

උපුටාගැනීම කරුණු ඇතුලත්ය. අයිතිය කතෲන් සතුය.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #ස්වයංරැකියා

ජෝමොන් කියන්නේ ධනවත් ව්‍යාපාරික පවුලක තුන්වෙනි දරුවා

ජෝමොන් කියන්නේ ධනවත් ව්‍යාපාරික පවුලක තුන්වෙනි දරුවා

ජෝමොන් කියන්නේ ධනවත් ව්‍යාපාරික පවුලක තුන්වෙනි දරුවා. මෙයාට සහෝදර-සහෝදරියන් තුන් දෙනෙක් ඉන්නවා. ඒත් මෙයා එයාගේ අක්කා, අයියා, නංගි වගේ නෙවෙයි. වෙනස් කෙනෙක්. මෙයාට ඕනේ තමන්ගේ ජීවිතේ නිදහසේ ගෙවන්න. ඒත් තාත්තා හැමතිස්සෙම උත්සාහ කරන්නේ මෙයාව වගකීමක් දරන්න පුළුවන් කෙනෙක් කරන්න. මෙයා තාත්තවත් රවට්ටගෙන, ඉගෙනගන්න නිදහස ඕනේ කියලා බොරුවට කියන ගමන් ගොඩක් වැඩ මඟ අරිනවා.

මෙහෙම කාලයක් යද්දී මෙයාගේ තාත්තගේ ව්‍යාපාර වලට නරක කලදසාවක් එනවා. තාත්තා ගාවින් හිටපු ගොඩක් අය එතකොට එයාව දාලා යනවා. එයාගේ ළමයිනුත් ඇතුළුව. ඒත් ජෝමොන් මේ වෙලාවේ හෙවනැල්ලක් වගේ තමන්ගේ අසරණ තාත්තා ගාවින් ඉන්නවා. කොහොම වුනත් මෙයාලට එයාලගේ ගේ පවා නැතිවෙනවා. ජෝමොන් විතරයි තාත්තගේ පිහිටට ඉතුරු වෙන්නේ.

නිදහසේ කිසි වැඩක් නොකර හිටපු ජෝමොන් මෙතැනදී තාත්තට උදවු වෙන්නේ කොහොමද..? මෙයාට තමන්ගේ පවුල මේ වළෙන් ගොඩගන්න පුළුවන් වෙයිද..? එහෙම ගොඩගන්නේ කොහොමද..? මේ දේවල් ෆිල්ම් එක බලනකොට ඔයාලට දකින්න පුළුවන් වෙයි !

ඔබ ජීවිතයේ අන්තම අඩියට වැටිලා තියේද? මොකද එතකොට කලේ? පරාජය භාරගෙන පැත්තකට වුනාද? මේ කතාව බැලුවොත් ඔබට හිතේවි ඔබට තියෙන ප්‍රශ්න මොනවද කියලා. හැබැයි කොච්චර අන්තෙටම වැටුණත් තමන් ආදරේ කරන අය තමන් ලඟින් ඉන්නවනම් ඔබට ශක්තිමත්ව නැගී සිටින්න පුලුවන්. සමහර අය ඔබව දාලා යාවි. නමුත් ඇත්තටම ආදාරේ අය ඔබ ලඟින් සිටීවී.

ව්‍යවසායකයෙක් වෙන්න, දියුණු වෙන්න හීන දකින ඔබට ගැලපෙනම ෆිල්ම් එකක්. මම පෞද්ගලික මේ ෆිල්ම් එක 5 පාරකට වඩා බලලා තියේ. මමත් මගේ ජීවිතය මේ වගේ දියුණු කරගත්තේ. වැටුණා, වැටෙන්න ඕන අන්තයටම වැටුණා. වටේ හිටිය හැමෝම දාලා ගියා. ඒත් අවංකව ආදරේ කල අයගේ ශක්තිය නිසා මම ආපහු නැගී සිටියා.

අනිවාර්යයෙන් පැය 2ක් වෙන් කර මේ ෆිල්ම් එක බලන්න…

JOMONTE SUVISHESHANGAL (2017)
පිය පුතු සෙනෙහස (DRAMA / COMEDY)
6.6/10 IMDB (MALAYALAM)

JSB Film පේජ් එක හරහා Moderator ලබාගෙන මේ ෆිල්ම් එක බලන්න පුලුවන්.

සැ.යු : උපුටා ගැනීම් කරුණු ඇතුළත්ය. ඒවායේ හිමිකාරීත්වය කතෲන්ටය. අපගේ ආයතනයට ගැලපෙන පරිදි සමහර කරුණු වෙනස් කර ඇත.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #JOMONTESUVISHESHANGAL

අන්නපූරනී

අන්නපූරනී

අන්නපූරනී.. එහෙමත් නැත්තම් පූර්නි කියන්නෙ පොඩි කාලෙ ඉදන් ඉවුම් පිහුම් කලාවට හුගක් දක්ෂ ගැහැණු ලමයෙක්.. මෙයාගෙ තාත්ත තමයි කෝවිලේ දෙවියන්ගෙ ප්‍රසාද හදන කෝකියා..එතකොට ඉවුම් පිහුම් කලාවත් උපතින්ම ආපු එකක් කියල තේරෙනවනේ..

පූර්නිගෙ හීනෙ තමයි දවසක ඉන්දියාවෙ ඉන්න හොදම චෙෆ් වෙන එක.. මෙයා ලොකු වෙලා ඒ හීනෙ වෙනුවෙන් ඉගෙනගන්න හදනකොට, මෙයාගෙ තාත්තයි ගෙදරිනුයි ඒකට උදැල්ලක් දානව.. ඒ ආගම් කේස් එක නිසා මස් මාංශ උයන්න වෙයි කියල චෙෆ් කෙනෙක් වෙන්න එපා කියලා..කෙල්ල කොහොමහරි මේ ගැන අහන්නෙ නැතුව ගෙදරින් ගිහින් තැන් තැන් වල චාටර් වෙවී පට්ට කට්ටක් කාල වැඩ පෙන්නල කොහොම හරි හෝටලයක් සෙට් කරගන්නව… හැබැයි හෝටලේ ඇතුලේ වෙන ගේමක් නිසා අවන් බ්ලාස්ට් එකක් වෙලා පූර්නිට ලොකු අනතුරක් වෙනව..

මේකෙන් මෙයාගෙ “රහ දැනීමේ ගුණය” නැතුව යනවා.. චෙෆ් කෙනෙක්ට රහ දැනීම කියන්නෙ අංක 1නේ.. එතකොට අන්නපූර්නිගේ හීනෙට මොකද වෙන්නෙ.? මෙයා හීනෙ අතාරියිද.? නැත්තම් අලුත් මුහුණු වරකින් ගේමට බහීද.?

ඇගේ නොපසුබට උත්සාහය, කැපවීම, උනන්දුව කොයි වගේද බලන්න ෆිල්ම් එක බලන්න. සමස්ථ කාන්තාවන්ටම මෙය වැදගත් ෆිල්ම් එකක්…

ANNAPOORANI – THE GODDESS OF FOOD (2023) – බාධක මැදින් සිහිනයට

ෆිල්ම් එක බලන්න ඕනනම් JSB Page එකේ Moderator අරගෙන බලන්න – https://m.facebook.com/story.php?story_fbid=204349592749861&id=100095244630965&mibextid=2JQ9oc

✅ පෞද්ගලිකව TechLabs Business HUB අධ්‍යක්ෂ වන මමද දියුණු වුනේ මේ වගේ නොපසුබට උත්සාහය නිසා. වැටුණ වාර අනන්තයි. ඒත් මම ජයග්‍රහණය කලා.

මමත් රටක්, ලෝකයක් දන්න කෙනෙක් වුනහම මට ලෝකයේ විවිධ රටවලින් ආරාධනා ලැබුණා, විවිධ ආයතන වලින් රැකියා වලට ඇරයුම් ලැබුණා. ඒත් මගේ හීනය වුනේ මිනිස්සුන්ට උගන්වන එක සහ ජීවිතය දිනන්න හරිමග පෙන්වන එක. ඒ වෙනුවෙන් මම ලංකාව පුරා සංචාරය කරනවා. මිනිස්සුන්ට පිහිට වෙනවා.

වසර ගණනක් දන්න හැමදේම මිනිස්සුන්ට නොමිළයේ කියලා දුන්නා. මට අද මහ ලොකු සල්ලියක් නෑ. ඒත් මගේ සාර්ථකවය තමයි මම මේ දේවල් වලින් අනික් අයට පිහිටවෙලා ලබන සතුට…

නියම ව්‍යවසායකයෙක් වෙන්නනම් ඇඩ් ක්ලික් කරලා, වීඩියෝ බලලා, පැකේජ් අරන් හරියන්නේ නෑ. නිවැරැදි අධ්‍යාපනය ලබා ව්‍යවසායකයෙක් වී ආදායම් උපයන්න.

Business HUB කියන්නේ ඔබට A-Z නිවැරැදිව ස්වයංරැකියා, ඔන්ලයින් මනී, ව්‍යාපාර, තාක්ෂණික සේවා යන සියලුම දෑ පිළිබඳව අධ්‍යාපනය ලබන්න පුළුවන් ලංකාවේ එකම තැන…

හීන අත අරින්න එපා. සිහිනය වෙනුවෙන් කැපවෙන්න…

අදම සම්බන්ධ වෙන්න…

උපුටාගැනීම කරුණු ඇතුලත්ය. අයිතිය කතෲන් සතුය.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Punyabhoomi Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻Punyabhoomi Sri Lanka𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #Annapoorani

හිතට තදින්ම දැනුණම Film එක විදියට 12th Fail හදුන්වන්න පුළුවන්

හිතට තදින්ම දැනුණම Film එක විදියට 12th Fail හදුන්වන්න පුළුවන්

මෑත ඉතිහාසයේ හින්දි සිනමාව තුළ හිතට වදින Film බිහිවුනා නම් බිහි වුනේ අතේ ඇගිලි ගානටත් අඩු ගානක්…

ඒ අතරින් උඩින්ම තියෙන හිතට තදින්ම දැනුණම Film එක විදියට 12th Fail හදුන්වන්න පුළුවන්.

Restart, restart, restart

මේ චිත්‍රපටිය බලපු දවසෙ ඉඳන් ඔය වචන ටික මගේ මනසික කුනාටුවක් වගේ දෝංකාර දෙන්න පටන් ගත්තා .අපි හැමෝම සාර්ථකත්වයට දැඩි ලෙස ඇලුම් කරනවා. නමුත් අපි කිහිප දෙනෙක් පමණයි ඒ කරා යන ගමනෙදි එල්ල වන අභියෝග ජය ගන්නේ. හැමෝම ජයග්‍රාහකයට ආදරෙයි. පරාජිතයට ආදරේ කරන්න කවුරුත් නෑ. පරාජිතය සමඟ රැඳෙන්නට කිසි කෙනෙක්ට වුවමනා වෙන්නෙත් නෑ .

ඒත් පරාජිතයෙක් තමයි ජයග්‍රාහකයෙක් වීමේදී ඇතිවෙන නියම සතුට හරි ආකාරයෙන්ම දන්නේ. මොකද ඔහු විතරයි ඒ අවස්ථාවේ තිබෙන ව්‍යාකූල තත්ත්වය හරියටම අත්විඳලා තියෙන්නේ. ඔවුන්ට ජයග්‍රාහකයෙක් වීමට සිහින දකින්න විතරයි පුළුවන් ජයග්‍රාහකයෙක් වීම හරිම අපහසුයි .
මේ චිත්‍රපටිය පුරාවට අපිට ගොඩක් දේවල් උගන්වනවා. පරාජය ජයග්‍රහණය කරා යන මාවතේ එක අවස්ථාවක් බවත් යම් දෙයක් එක දිගටම අප්‍රතිහත ධෛර්යයෙන් කරගෙන ගියොත් එයින් ජයග්‍රහණය කරා අපි ළඟා වෙන බවත් මේ චිත්‍රපටිය කියල දෙනවා .

බොලිවුඩයේ මෑතකදී නිෂ්පාදනය වූ හොඳම චිත්‍රපටය මෙය කියන එකයි මගේ නම් අදහස.

Business HUB අධ්‍යක්ෂ මාගේ කතාවද මේ විදිහයි… වැටෙන වැටෙන හැම වෙලාවකම මම ජීවිතය Restart කරගත්තා. හැමවෙලාවෙම අධ්‍යාපනයට මුල් තැන දුන්නා. ඒ වගේම අනෙක් අයවත් අධ්‍යාපනයට යොමු කලා.

ජීවිතයේ කියන්නේම විවිධ අභියෝග මැද ඉස්සරහට යන කතාවක් කියලා නිතරම
මම මටම මුමුණ ගත්තට මිනිහෙක්ට මෙච්චර අභියෝග මෙච්චර බාධාක ජයගන්න පුළුවන් ද කියලා හිතෙන තරමටම දැනුණ කතාවක්.

කිසිම දෙයක් නැතිව, ආදරේ උපරිම කරන පවුලක් තියෙනවා නම් මිනිහෙක්ට
ලෝකයම උනත් පෙරලන්න පුළුවන් කියලා හිතෙන කතාවක්.

පවුලක අයුක්තියට අසාධාරණයට එරෙහිව සිටින ශක්තිමත් කොදු නාරටියක් ඉන්නවා කියන්නේම පවුලකට ශක්තියක්.

ඒ වගේම දරුවොත් ශක්තිමත් වෙන්න ඒක ප්‍රබලම සාධකයක් කියන්න හොඳම නිදසුනක් වගේම මෑත ඉතිහාසයේ බිහිවුණු හොඳම සිනමා නිර්මාණයක් ලෙස 12th Fail හැදින්විය හැකියි.

මනෝජ්, කියන්නේ මේ කතාවේ කතා නායකයා…

හද්ද පිටිසර ගමෙන් ආච්චි සන්තකේටම එකතු කර ගත්ත සල්ලි ටික එකතු කරන් නගරෙට එන මනෝජ්ට තමන්ගේ බෑග් එක සල්ලි පිටින්ම බස් එකේදි නැති වෙන්නේ අසලම සිටි කාන්තාවගේ හොර කම නිසා..

මේ වගේ සිද්ධි අපේ රටේත් දවස ගානේ වෙනවා ඇති.දහඩිය මහන්සියෙන් හම්බකරන සල්ලි වෙනකෙනෙකු හොරකම් කරනවා ඇති..සමහර විට ඒ හොරකම් කරන්නේ සල්ලි විතරක්ම නොවෙන්න පුළුවන්…

සමහරක්විට ඒක ඒ මනුස්සයගේ මුළු අනාගතයම වෙන්නත් පුළුවන්.
මනෝජ්ට වගේ ගොඩ එන්න උදව් ලබන අවස්තාවක නැති වෙන්නම පුළුවන්.
ඒ නිසා මනුස්සයෙක්ගේ කිසිම දෙයක් හොරකම් කරලා නොගෙන හිදින්න මනුස්සයෙක් වෙලා ඉපදුන ඔබට මට මනුස්සකමේ නාමයෙන් පුළුවන් වෙන්න ඕන.

මේ Film එකේ මම ආසම දේ තමයි මිනිස්සුගේ මනුස්සකම් පෙන්වන්න පුළුවන් පොඩි පොඩි තැන් ඉතාම ලස්සනට මතු කරලා තියෙනවා දැකීම. ඉතින් මනෝජ් බෑග් එක නැති වුනත් එතනින් නවතින්නේ නැතිව දින ගණනක් නිරාහාරව ඉදලා කෑම ටිකක් ඉල්ලාගෙන කන හෝටලයේ අයිතිකාර මනුස්සයග්ගෙන් මනුස්සකම උතුරන වචන ටිකක් අපිට ඇහෙනවා ඒක film එකේ මනුස්සකම උතුරන තැනක්.

එතනින් එහාට ගියාම හම්බවෙන මිත්‍රයා.
මිත්‍රයා මාර්ගයෙන් හම්බවෙන මුල්ම ගුරුවරයා එතන මනෝජ් එක්ක හිටගත්ත මිනිස්සු

මම කියනවා,
ඒ වගේ මිනිස්සු නම්
ජීවිතයේ මනුස්සයෙක්ට
කවදා හරි දවසක
හම්බවෙන්න ඕනම චරිත කියලා…

අනෙක් කෙනා මනෝජ්ගේ ජීවිතයේ හැරවුම්ම ලක්ෂය.

“ශ්‍රද්ධා.”

ඇත්තටම ජීවිතයේ මනුස්සයෙක්ට ආදරයක් තියෙන්න ඕන හැමදේම තියෙන වෙලාවක නෙවෙයි.මනුස්සයෙක්ට කිසිම දෙයක් නැති වෙලාවකයි ආදරේ තියෙන්න ඕන..
ආදරේ අත් නොහැර හැම අභියෝගයටම දෙන්න එකතුවෙලා උත්තර හොයන එකයි ඇත්තටම ආදරේ කියන්නේ..

ආදරේ ගැන කතා කරද්දී 12th Fail හී මනෝජ් ශ්‍රද්ධා ගේ ආදර කතාව කියන්නේ මට නම් වෙනම ලෙවල් එකක ආදර කතාවක්…

අවසානයේ මට නම් හිතුනේ මනෝජ් කියන්න හැදුවේ ඇත්තටම එයාගේ කතාවකවත් එයාගේ රටේ කතාවක්වත් විතරක්ම නෙවෙයි කියලයි.මනෝජ්ගේ කතාවෙන් කියන්නේ ලංකාවේත් තියෙන දරුනුම ප්‍රශ්නයක්.

ඉස්සරහට මේ රටේ කොයිදෙසට යයිද කියලාවත් හිතා ගන්න බැරිව ඉන්න කාලෙක මනෝජ්ලා ගොඩක් ගමේම පරවෙලා යන්න නොදී ඉස්සරහට ගන්න විධිමත් ක්‍රමවේදයක් හැදිලා අපි දියුණු වෙනකම් අපේ අහිංසක දුප්පත් දෙමාපියෝ මනෝජ්ගේ අම්මා තාත්තා අච්චි වගේම බලන් ඉදීවී….

12th Fail මේ ඔබ ඔබේ ජීවිත කාලය තුළ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් ඇත්තටම. මේක බැලුවම හිතට දැනෙන ගැම්ම ගැන කියන්න වචන නෑ. අවසානයේ හරිම ලස්සන පණිවිඩයක් අපේ ඔලුවට හලාගෙන යනවා ඇසට කඳුළක් එකතු වෙන ගමන් නිරාසයෙන්ම.

“ඒ තමා ඉගෙන ගන්න එක තරම් වටින සම්පතක් තවත් නෑ කියන එක.” 2021 CharityShop වැඩසටහන ආරම්භ කල දවසේ පටන්, 2023 ඔක්තෝම්බර් Business HUB වැඩසටහන ආරම්භ කල දවසේ පටන් පෝස්ට් එකෙන් පෝස්ට් එකට මම කියන එකම දේ තමයි “First Learn & then Earn”. පෝස්ට් කියවන්න, අවබෝධ කරගන්න, ඉගෙන ගන්න, අවබෝධයෙන් කමෙන්ට් කරන්න, ආයේ කියවන්න. ලංකාවේ මෙහෙම කියන එකම Business සහ Online Money/Job කම්පැණි එක අපි පමණයි. අනික් හැමෝම කියන්නේ “Join වෙන්න, පැකේජ් ගන්න, නිදාගෙන ඉඳලා සල්ලි හොයන්න” මහන්සි වෙලා ඉගෙන ගෙන ආදායම් හොයන්න කියන කම්පැණි තියෙන්නේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්.

එක එක්කෙනා කියයි අනේ ඉගෙන ගත්තට වැඩක් නෑ, උපාධියකින් පලක් නෑ, උපාධි ගත්තු අය අද අතන ඔය මුකුත් නැති මම අද එයාලට වඩා ගොඩක් ඉදිරියෙන් කියලා. කිසිම කනකට ගන්න එපා. කිසිම විදියකින් අධ්‍යාපන කියන දේ නවත්තන්න එපා කවදාහරි කොතනැක හරි ඒ දේ වැදගත්කම අපිට දැනෙනවා දැනෙනවාමයි. තවමත් නොවුණු නොලැබුණු දේවල් වෙනුවෙන් දිගටම වැඩ කරගෙන යමු. අතහරින්නේ නැතිව අල්ලගෙන ඉමු.

මේ ෆිල්ම් එකේ හිතට දැනුන දේවල් කිහිපයක් තියේ…

චේතනාව යහපත් නම්, කාටවත් කරදරයක් නැත්නම් දවසක අනිවාර්යයෙන් කවුරුත් දිනනවාමයි…

“එක හොරයක් හංගන්න තව හොර කරන්න වෙනවා”

“අවංකව ගන්න තුන්වෙනි ස්ථානය, වංචාවෙන් ගන්න පලවෙනි ස්ථානයට වඩා ලොකු සතුටක් දෙනවා”

“ජනතාව උගත් බුද්ධිමත් වු වුණොත් ඒක නායකයන්ට ප්‍රශ්නයක්”

“මනෝජ්, ඔයා IPS නිළධාරියෙක් වුණත්,
පිටිමෝලේ වැඩ කළත්, මට මේ මුළු ජීවිතේම ඔයා එක්කයි ගෙවන්න ඕන…!! Manoj, Will you marry me”…!!

“ඔබට සූර්‍යයා වීමට නොහැකි නම් වීදියක වීදී ලාම්පුවක් වන්න..! එවිට ඒ එළියෙන් ඒ වීදිය ආලෝකමත් වෙනු ඇත..!”

ෆිල්ම් එක බලන්න ඕනනම් JSB Page එකේ Moderator අරගෙන බලන්න – https://m.facebook.com/story.php?story_fbid=205430472641773&id=100095244630965&mibextid=2JQ9oc

ඔබේ ජීවිතයත් Restart කරගන්න පුලුවන් Business HUB එකත් එක්ක ඔබ එකතු වුනොත්… මොකද 0 ඉඳලා දියුණු වෙන්න කියලා දෙන්නේ අපි විතරමයි….

A film that motivates, inspires, makes you cry and brings out pure smile of joy at the end.

One of the best bollywood cinema i have ever seen in my life.

’12th Fail’ – based on Manoj Kumar Sharma’s story is not just his own; it’s a mirror reflecting the experiences of those hustling through the hurdles in the world of competitive exams and overcoming them.

Video Source (Credit) : Disney hotstar

සැ.යු : උපුටා ගැනීම් කරුණු ඇතුළත්ය. ඒවායේ හිමිකාරීත්වය කතෲය. අපගේ ආයතනයට ගැලපෙන පරිදි සමහර කරුණු වෙනස් කර ඇත.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #12thfail #restartyourlife #restart

ව්‍යවසායකයින් සඳහා නැරඹිය යුතුම අභිප්‍රේරණ (Motivational Films) චිත්‍රපට 21

ව්‍යවසායකයින් සඳහා නැරඹිය යුතුම අභිප්‍රේරණ (Motivational Films) චිත්‍රපට 21

ව්‍යවසායකයින් සඳහා නැරඹිය යුතුම අභිප්‍රේරණ (Motivational Films) චිත්‍රපට 21

ඔබ ව්‍යවසායකයෙකු නම් හෝ තමාගේම ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට උත්සාහ කරන අයෙක් නම්, ජීවිතයේ සෑම දෙයක්ම පහළට යන, කඩාවැටෙන කාලයක් ඔබට පැමිණිය හැක. ඔබව අසරණ වෙනු ඇත. අන්න ඒ වගේ අවස්ථාවලදී ඔබට නැගී සිටිමට ශක්තියක් අවශ්‍ය වේ. ඒ ශක්තිය ලබාගැනීමට පහත ෆිල්ම් නරඹන්න.

වැටෙනකම් ඉන්නේ නැතිව වැටෙන්න කලින් නරඹා ශක්තිමත් හිතක් ගොඩ නගාගන්න…

1. The Social Network (2010)
2. The Pursuit of Happyness (2006)
3. The Founder (2016)
4. Pirates of Silicon Valley (1999)
5. Wall Street (1987)
6. The Godfather (1972)
7. Steve Jobs (2015)
8. Forrest Gump (1994)
9. Moneyball (2011)
10. Rocky (1976)
11. The Aviator (2004)
12. Guru (2007)
13. Office Space (1999)
14. Glengarry Glen Ross (1992)
15. Something Ventured (2011)
16. e-Dreams
17. The Startup Kids (2012)
18. Any Given Sunday (1999)
19. The Goods: Live Hard, Sell Hard (2009)
20. Margin Call (2011)
21. Jerry Maguire (1996)

ඉදිරියේදී අපි මේ ෆිල්ම් පිළිබඳව වෙන වෙනම විස්තර ඔබ වෙත ගෙන එන්නම්…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas

කෙනෙක්ගෙ ජීවිතේ දුර්වලතාවයක් දැක්කම ඒකට හිනාවෙන එක අද සමාජයේ බහුලව පවතින දෙයක්

කෙනෙක්ගෙ ජීවිතේ දුර්වලතාවයක් දැක්කම ඒකට හිනාවෙන එක අද සමාජයේ බහුලව පවතින දෙයක්

කෙනෙක්ගෙ ජීවිතේ දුර්වලතාවයක් දැක්කම ඒකට හිනාවෙන එක අද සමාජයේ බහුලව පවතින දෙයක්.

English Vinglish – https://www.baiscope.lk/english-vinglish-2012-sinhala-subtitles/

මෙය ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 8.2ක් ගැනීමට සමත් වෙලා තියනව. මේ චිත්‍රපටය Gauri Shinde විසින් අධ්‍යක්ෂණය හා රචනා කල එකක්. ඉන්දියාවෙ ඉන්න ප්‍රවීණම නලු නිලියන් කිහිප දෙනෙක්ම මෙහි රංඟනය් නිරත වෙනව. Sridevi සහ Adil Hussain තමයි ප්‍රධාන චරිත රඟ දක්වන්නෙ. කොටසකට Amitabh Bachchan රංඟනයෙන් දායක වෙලා තියනව. මෙහිදී සඳහන් කළ යුතුමයි ‘ශ්‍රී දේවි’ගේ රංගනය ගැන. ඇය කෙතරම් තාත්වික අයුරින් තම රංඟනය ඉදිරිපත් කර තිබෙනවාද. කාලයක් සිනමාවෙන් ඉවත්ව සිටියද ඇයගේ හැකියාවන්ගේ පරිපූර්ණ බවෙහි කිසිම අඩුවක් සිදුවෙලා නැහැ. ඇයගේ රංඟනය මේ චිත්‍රපටය තවත් වර්ණ ගන්වා තියනව කිව්වත් වරදක් නෑ. මේ චිත්‍රපට පුරා දිවයන ලස්සන කතාවක්.

‘ශ්‍රී දේවි’ මෙහි රඟපාන්නෙ ‘ශශී’ගේ චරිතය. ගතානුගතික ඉන්දියානු කාන්තාවක් වන ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්. එයාට වැඩිය ඉංග්‍රීසි කතා කරන්න බැරි නිසා සමාජයේ විතරක් නෙමෙයි, තමන්ගෙ දරුවන්ගේ, තමන්ගෙ ස්වාමියාගේ පවා සමච්චලයට හැමවිටම ලක් වෙනව. වෙන මිනිස්සු නම් කමක් නෑ කියමුකො, ඒත් තමන්ගෙම පවුලෙ අය එහෙම කරද්දි කොහොමද ඉවසන්නෙ… කොහොමහරි දවසක් එයාගෙ අක්කගෙ දුවගෙ වෙඩින් එකට එයාට තනියම ඇමරිකාවට යන්න වෙනව. ඉතින් ඉංග්‍රීසි හරියට කතා කරන්න දන්නෙ නැතුව ඇමරිකාවෙ යනව කියන්නෙ හරියට හබලක් නැතුව ඔරු පදින්න යනව වගේ වැඩක්නෙ. ඉතින් මෙයා කොහොම හරි ඇමරිකාවට යනව. ජීවිතේට රට ගිහින් නැති කෙනෙක් ඉංග්‍රීසිත් නොදැන ඇමරිකාවෙ යද්දි මරුවට තියෙයි නේද?… එහෙදි මෙයාට හුඟක් දුෂ්කරතා වලට මුහුණ දෙන්න වෙනව. ඒ අතර ඉංග්‍රීසි වැරදියට තේරුම් ගැනීම නිසා වෙන අකරතැබ්බයන් එමටයි…

කෙනෙක්ගෙ ජීවිතේ දුර්වලතාවයක් දැක්කම ඒකට හිනාවෙන එක අද සමාජයේ බහුලව පවතින දෙයක්. ඉංග්‍රීසි කියන්නෙත් අද ලෝකයේ බහුලව පවතින අවශ්‍යතාවයක්. මව් භාෂාව ඉංග්‍රීසි භාෂාව නොවන අපේ රට වගේ රටවල් වල මිනිස්සු විවිධ අවස්ථා වලදි හුඟක් අසරණ වෙනව ඉංග්‍රීසි භාෂාව හරියාකාරව නොදැනුවත් කම නිසා. සමහර විට අපි අතරත් එහෙම අත්දැකීම් තියන අය ඕන තරම් ඇති. ඒත් ඒක කොහෙත්ම ලැජ්ජාවට හේතුවක් නෙමෙයි. මොකද අපි කවුරුත් පරිපූර්ණ මිනිසුන් නෙමෙයි. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ දන්න කෙනා නොදන්න කෙනාව සමච්චලයට ලක් කරන එක. එහෙම නොවී තමන් දන්න දේ අනිත් අයට කියා දෙන මිනිස්සු ඉන්නව නම් මේ ලෝකය කොයි තරම් ලස්සන වෙනවද. මේ ෆිල්ම් එක බලල ඉවර වුනාම ඔයාලට තේරෙයි කෙනෙක්ව ඒ විදියට මානසික පීඩාවට පත් කිරීම ඒ කෙනාට කොයි තරම් වේදනාවක්ද කියල. ඒ වගේ අවස්ථාවක තමන් වැඩ කරන්න ඕනෙ කොහොමද කියල මේ චිත්‍රපටයෙන් ඔයාලට හොඳින් පහදල දෙනව.

අද කාලෙ එක එක අය ඉංග්‍රීසි ඉගන ගන්නව විවිධ දේවල් අරමුණු කරගෙන. ඒ අතර සමහරු ඉන්නව තමන්ට ඉංග්‍රීසි පුලුවන් කියල ලෝකෙට පෙන්වන්න ඉංග්‍රීසි ඉගන ගන්න අය, සමහරු ඉන්නව ඉංග්‍රීසියෙන් කතා කරල අනිත් අයව අපහසුතාවයට පත් කරන්න බලාගෙනම ඉංග්‍රීසි ඉගන ගන්න අය. ඔය වගේ එක එක ජාතියෙ කට්ටිය ඉන්නව. මේ චිත්‍රපට අවසානයේ ඔයාලට තේරුම් යයි තමන් මොන හේතුවක් නිසාද ඉංග්‍රීසි ඉගනගන්න ඕනෙ කියල. ඉතින් ඔයාලම බලන්න ශශීට මේ අපහසුතාවයෙන් මිදෙන්න හැකි වෙයිද? හැකි නම් ඒ කොහොමද? කියල. මම නම් හිතන්නෙ මේක ඔයාල නැරඹිය යුතුම චිත්‍රපටයක්.

මම මේ ෆිල්ම් එක පෞද්ගලිකව 5 වරකට වඩා බලලා තියේ.

මම පෞද්ගලිකව මේ ෆිල්ම් එකේ කැමති පහත ඩයලොග්ස් ටිකට…

◾ When a man cooks, it’s an art. But when a woman cooks, it’s her responsibility.

◾ You have to help yourself. No one can help you better than you.

◾ The first time comes only once.

◾ Family is the only one who will never make you feel small. Family is the only one who will never laugh at your weaknesses.

◾ When you don’t like yourself, you tend to dislike everything associated with you. New things seem to be more attractive. But once you start loving yourself, the same old life begins to feel new and good.

◾ How are you going to manage in our country if you don’t know English?” “Like you are managing in our country without knowing Hindi.

◾ If I fail in my subject, then what’s the use of passing in other subjects?

◾ මිනිසෙක් උයන විට එය කලාවකි. නමුත් කාන්තාවක් පිසින විට එය ඇගේ වගකීමකි.

◾ ඔබ ඔබටම උදව් කළ යුතුය. ඔබට වඩා හොඳින් ඔබට උදව් කිරීමට කිසිවෙකුට නොහැකිය.

◾ පළමු වර පැමිණෙන්නේ එක් වරක් පමණි.

◾ ඔබව කිසිදා කුඩාවට පත් නොකරන එකම පුද්ගලයා පවුලයි. ඔබේ දුර්වලකම්වලට කිසිදා සිනාසෙන්නේ නැති එකම අය පවුලයි.

◾ ඔබ ඔබටම අකමැති වූ විට, ඔබ හා සම්බන්ධ සෑම දෙයකටම ඔබ අකමැති වේ. අලුත් දේවල් වඩාත් ආකර්ෂණීය බව පෙනේ. නමුත් ඔබ ඔබටම ආදරය කිරීමට පටන් ගත් පසු, එම පැරණි ජීවිතයම අලුත් සහ යහපත් බවක් දැනෙන්නට පටන් ගනී.

◾ ඔබ ඉංග්‍රීසි නොදන්නේ නම් ඔබ අපේ රටේ කළමනාකරණය කරන්නේ කෙසේද? “ඔයා හරියට අපේ රටේ හින්දි භාෂාව නොදැන කළමනාකරණය කරනවා වගේ.

◾ මම මගේ විෂයෙන් අසමත් නම්, වෙනත් විෂයයන් සමත් වීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?

ෆිල්ම් එක බලන්න. හදවතටම දැනේවී. ඇසට කඳුළක් ඒවි. ඒත් එක්කම ඔබට හිතට ධෛර්යයක් ඒවි. ඉංග්‍රීසි දන්නේ නෑ කියලා ලැජ්ජා වෙන්න එපා. ඔබට පුළුවන් ඉගෙන ගන්න. අවශ්‍යතාවයක් පමණයි අවශ්‍ය.

Business HUB කියන්නේ ඔබට A-Z නිවැරැදිව ස්වයංරැකියා, ඔන්ලයින් මනී, ව්‍යාපාර, තාක්ෂණික සේවා යන සියලුම දෑ පිළිබඳව වගේම මේ වගේ ඔබගේ ජීවිතය වෙනස් කරගන්න බලපෑම් කල හැකි දේවල් පිළිබඳව අධ්‍යාපනය ලබන්න පුළුවන් ලංකාවේ එකම තැන… තව තැන් තියෙනවා. නමුත් හැමදේම එකම තැනකින් බලන්න පුළුවන් වෙන්න එක්‍ රැස් කරලා දෙන්නේ අපි විතරයි…

උපුටාගැනීම කරුණු ඇතුලත්ය. අයිතිය කතෲන් සතුය.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas