Select Page

ජෝමොන් කියන්නේ ධනවත් ව්‍යාපාරික පවුලක තුන්වෙනි දරුවා. මෙයාට සහෝදර-සහෝදරියන් තුන් දෙනෙක් ඉන්නවා. ඒත් මෙයා එයාගේ අක්කා, අයියා, නංගි වගේ නෙවෙයි. වෙනස් කෙනෙක්. මෙයාට ඕනේ තමන්ගේ ජීවිතේ නිදහසේ ගෙවන්න. ඒත් තාත්තා හැමතිස්සෙම උත්සාහ කරන්නේ මෙයාව වගකීමක් දරන්න පුළුවන් කෙනෙක් කරන්න. මෙයා තාත්තවත් රවට්ටගෙන, ඉගෙනගන්න නිදහස ඕනේ කියලා බොරුවට කියන ගමන් ගොඩක් වැඩ මඟ අරිනවා.

මෙහෙම කාලයක් යද්දී මෙයාගේ තාත්තගේ ව්‍යාපාර වලට නරක කලදසාවක් එනවා. තාත්තා ගාවින් හිටපු ගොඩක් අය එතකොට එයාව දාලා යනවා. එයාගේ ළමයිනුත් ඇතුළුව. ඒත් ජෝමොන් මේ වෙලාවේ හෙවනැල්ලක් වගේ තමන්ගේ අසරණ තාත්තා ගාවින් ඉන්නවා. කොහොම වුනත් මෙයාලට එයාලගේ ගේ පවා නැතිවෙනවා. ජෝමොන් විතරයි තාත්තගේ පිහිටට ඉතුරු වෙන්නේ.

නිදහසේ කිසි වැඩක් නොකර හිටපු ජෝමොන් මෙතැනදී තාත්තට උදවු වෙන්නේ කොහොමද..? මෙයාට තමන්ගේ පවුල මේ වළෙන් ගොඩගන්න පුළුවන් වෙයිද..? එහෙම ගොඩගන්නේ කොහොමද..? මේ දේවල් ෆිල්ම් එක බලනකොට ඔයාලට දකින්න පුළුවන් වෙයි !

ඔබ ජීවිතයේ අන්තම අඩියට වැටිලා තියේද? මොකද එතකොට කලේ? පරාජය භාරගෙන පැත්තකට වුනාද? මේ කතාව බැලුවොත් ඔබට හිතේවි ඔබට තියෙන ප්‍රශ්න මොනවද කියලා. හැබැයි කොච්චර අන්තෙටම වැටුණත් තමන් ආදරේ කරන අය තමන් ලඟින් ඉන්නවනම් ඔබට ශක්තිමත්ව නැගී සිටින්න පුලුවන්. සමහර අය ඔබව දාලා යාවි. නමුත් ඇත්තටම ආදාරේ අය ඔබ ලඟින් සිටීවී.

ව්‍යවසායකයෙක් වෙන්න, දියුණු වෙන්න හීන දකින ඔබට ගැලපෙනම ෆිල්ම් එකක්. මම පෞද්ගලික මේ ෆිල්ම් එක 5 පාරකට වඩා බලලා තියේ. මමත් මගේ ජීවිතය මේ වගේ දියුණු කරගත්තේ. වැටුණා, වැටෙන්න ඕන අන්තයටම වැටුණා. වටේ හිටිය හැමෝම දාලා ගියා. ඒත් අවංකව ආදරේ කල අයගේ ශක්තිය නිසා මම ආපහු නැගී සිටියා.

අනිවාර්යයෙන් පැය 2ක් වෙන් කර මේ ෆිල්ම් එක බලන්න…

JOMONTE SUVISHESHANGAL (2017)
පිය පුතු සෙනෙහස (DRAMA / COMEDY)
6.6/10 IMDB (MALAYALAM)

JSB Film පේජ් එක හරහා Moderator ලබාගෙන මේ ෆිල්ම් එක බලන්න පුලුවන්.

සැ.යු : උපුටා ගැනීම් කරුණු ඇතුළත්ය. ඒවායේ හිමිකාරීත්වය කතෲන්ටය. අපගේ ආයතනයට ගැලපෙන පරිදි සමහර කරුණු වෙනස් කර ඇත.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #JOMONTESUVISHESHANGAL