Select Page

මෑත ඉතිහාසයේ හින්දි සිනමාව තුළ හිතට වදින Film බිහිවුනා නම් බිහි වුනේ අතේ ඇගිලි ගානටත් අඩු ගානක්…

ඒ අතරින් උඩින්ම තියෙන හිතට තදින්ම දැනුණම Film එක විදියට 12th Fail හදුන්වන්න පුළුවන්.

Restart, restart, restart

මේ චිත්‍රපටිය බලපු දවසෙ ඉඳන් ඔය වචන ටික මගේ මනසික කුනාටුවක් වගේ දෝංකාර දෙන්න පටන් ගත්තා .අපි හැමෝම සාර්ථකත්වයට දැඩි ලෙස ඇලුම් කරනවා. නමුත් අපි කිහිප දෙනෙක් පමණයි ඒ කරා යන ගමනෙදි එල්ල වන අභියෝග ජය ගන්නේ. හැමෝම ජයග්‍රාහකයට ආදරෙයි. පරාජිතයට ආදරේ කරන්න කවුරුත් නෑ. පරාජිතය සමඟ රැඳෙන්නට කිසි කෙනෙක්ට වුවමනා වෙන්නෙත් නෑ .

ඒත් පරාජිතයෙක් තමයි ජයග්‍රාහකයෙක් වීමේදී ඇතිවෙන නියම සතුට හරි ආකාරයෙන්ම දන්නේ. මොකද ඔහු විතරයි ඒ අවස්ථාවේ තිබෙන ව්‍යාකූල තත්ත්වය හරියටම අත්විඳලා තියෙන්නේ. ඔවුන්ට ජයග්‍රාහකයෙක් වීමට සිහින දකින්න විතරයි පුළුවන් ජයග්‍රාහකයෙක් වීම හරිම අපහසුයි .
මේ චිත්‍රපටිය පුරාවට අපිට ගොඩක් දේවල් උගන්වනවා. පරාජය ජයග්‍රහණය කරා යන මාවතේ එක අවස්ථාවක් බවත් යම් දෙයක් එක දිගටම අප්‍රතිහත ධෛර්යයෙන් කරගෙන ගියොත් එයින් ජයග්‍රහණය කරා අපි ළඟා වෙන බවත් මේ චිත්‍රපටිය කියල දෙනවා .

බොලිවුඩයේ මෑතකදී නිෂ්පාදනය වූ හොඳම චිත්‍රපටය මෙය කියන එකයි මගේ නම් අදහස.

Business HUB අධ්‍යක්ෂ මාගේ කතාවද මේ විදිහයි… වැටෙන වැටෙන හැම වෙලාවකම මම ජීවිතය Restart කරගත්තා. හැමවෙලාවෙම අධ්‍යාපනයට මුල් තැන දුන්නා. ඒ වගේම අනෙක් අයවත් අධ්‍යාපනයට යොමු කලා.

ජීවිතයේ කියන්නේම විවිධ අභියෝග මැද ඉස්සරහට යන කතාවක් කියලා නිතරම
මම මටම මුමුණ ගත්තට මිනිහෙක්ට මෙච්චර අභියෝග මෙච්චර බාධාක ජයගන්න පුළුවන් ද කියලා හිතෙන තරමටම දැනුණ කතාවක්.

කිසිම දෙයක් නැතිව, ආදරේ උපරිම කරන පවුලක් තියෙනවා නම් මිනිහෙක්ට
ලෝකයම උනත් පෙරලන්න පුළුවන් කියලා හිතෙන කතාවක්.

පවුලක අයුක්තියට අසාධාරණයට එරෙහිව සිටින ශක්තිමත් කොදු නාරටියක් ඉන්නවා කියන්නේම පවුලකට ශක්තියක්.

ඒ වගේම දරුවොත් ශක්තිමත් වෙන්න ඒක ප්‍රබලම සාධකයක් කියන්න හොඳම නිදසුනක් වගේම මෑත ඉතිහාසයේ බිහිවුණු හොඳම සිනමා නිර්මාණයක් ලෙස 12th Fail හැදින්විය හැකියි.

මනෝජ්, කියන්නේ මේ කතාවේ කතා නායකයා…

හද්ද පිටිසර ගමෙන් ආච්චි සන්තකේටම එකතු කර ගත්ත සල්ලි ටික එකතු කරන් නගරෙට එන මනෝජ්ට තමන්ගේ බෑග් එක සල්ලි පිටින්ම බස් එකේදි නැති වෙන්නේ අසලම සිටි කාන්තාවගේ හොර කම නිසා..

මේ වගේ සිද්ධි අපේ රටේත් දවස ගානේ වෙනවා ඇති.දහඩිය මහන්සියෙන් හම්බකරන සල්ලි වෙනකෙනෙකු හොරකම් කරනවා ඇති..සමහර විට ඒ හොරකම් කරන්නේ සල්ලි විතරක්ම නොවෙන්න පුළුවන්…

සමහරක්විට ඒක ඒ මනුස්සයගේ මුළු අනාගතයම වෙන්නත් පුළුවන්.
මනෝජ්ට වගේ ගොඩ එන්න උදව් ලබන අවස්තාවක නැති වෙන්නම පුළුවන්.
ඒ නිසා මනුස්සයෙක්ගේ කිසිම දෙයක් හොරකම් කරලා නොගෙන හිදින්න මනුස්සයෙක් වෙලා ඉපදුන ඔබට මට මනුස්සකමේ නාමයෙන් පුළුවන් වෙන්න ඕන.

මේ Film එකේ මම ආසම දේ තමයි මිනිස්සුගේ මනුස්සකම් පෙන්වන්න පුළුවන් පොඩි පොඩි තැන් ඉතාම ලස්සනට මතු කරලා තියෙනවා දැකීම. ඉතින් මනෝජ් බෑග් එක නැති වුනත් එතනින් නවතින්නේ නැතිව දින ගණනක් නිරාහාරව ඉදලා කෑම ටිකක් ඉල්ලාගෙන කන හෝටලයේ අයිතිකාර මනුස්සයග්ගෙන් මනුස්සකම උතුරන වචන ටිකක් අපිට ඇහෙනවා ඒක film එකේ මනුස්සකම උතුරන තැනක්.

එතනින් එහාට ගියාම හම්බවෙන මිත්‍රයා.
මිත්‍රයා මාර්ගයෙන් හම්බවෙන මුල්ම ගුරුවරයා එතන මනෝජ් එක්ක හිටගත්ත මිනිස්සු

මම කියනවා,
ඒ වගේ මිනිස්සු නම්
ජීවිතයේ මනුස්සයෙක්ට
කවදා හරි දවසක
හම්බවෙන්න ඕනම චරිත කියලා…

අනෙක් කෙනා මනෝජ්ගේ ජීවිතයේ හැරවුම්ම ලක්ෂය.

“ශ්‍රද්ධා.”

ඇත්තටම ජීවිතයේ මනුස්සයෙක්ට ආදරයක් තියෙන්න ඕන හැමදේම තියෙන වෙලාවක නෙවෙයි.මනුස්සයෙක්ට කිසිම දෙයක් නැති වෙලාවකයි ආදරේ තියෙන්න ඕන..
ආදරේ අත් නොහැර හැම අභියෝගයටම දෙන්න එකතුවෙලා උත්තර හොයන එකයි ඇත්තටම ආදරේ කියන්නේ..

ආදරේ ගැන කතා කරද්දී 12th Fail හී මනෝජ් ශ්‍රද්ධා ගේ ආදර කතාව කියන්නේ මට නම් වෙනම ලෙවල් එකක ආදර කතාවක්…

අවසානයේ මට නම් හිතුනේ මනෝජ් කියන්න හැදුවේ ඇත්තටම එයාගේ කතාවකවත් එයාගේ රටේ කතාවක්වත් විතරක්ම නෙවෙයි කියලයි.මනෝජ්ගේ කතාවෙන් කියන්නේ ලංකාවේත් තියෙන දරුනුම ප්‍රශ්නයක්.

ඉස්සරහට මේ රටේ කොයිදෙසට යයිද කියලාවත් හිතා ගන්න බැරිව ඉන්න කාලෙක මනෝජ්ලා ගොඩක් ගමේම පරවෙලා යන්න නොදී ඉස්සරහට ගන්න විධිමත් ක්‍රමවේදයක් හැදිලා අපි දියුණු වෙනකම් අපේ අහිංසක දුප්පත් දෙමාපියෝ මනෝජ්ගේ අම්මා තාත්තා අච්චි වගේම බලන් ඉදීවී….

12th Fail මේ ඔබ ඔබේ ජීවිත කාලය තුළ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් ඇත්තටම. මේක බැලුවම හිතට දැනෙන ගැම්ම ගැන කියන්න වචන නෑ. අවසානයේ හරිම ලස්සන පණිවිඩයක් අපේ ඔලුවට හලාගෙන යනවා ඇසට කඳුළක් එකතු වෙන ගමන් නිරාසයෙන්ම.

“ඒ තමා ඉගෙන ගන්න එක තරම් වටින සම්පතක් තවත් නෑ කියන එක.” 2021 CharityShop වැඩසටහන ආරම්භ කල දවසේ පටන්, 2023 ඔක්තෝම්බර් Business HUB වැඩසටහන ආරම්භ කල දවසේ පටන් පෝස්ට් එකෙන් පෝස්ට් එකට මම කියන එකම දේ තමයි “First Learn & then Earn”. පෝස්ට් කියවන්න, අවබෝධ කරගන්න, ඉගෙන ගන්න, අවබෝධයෙන් කමෙන්ට් කරන්න, ආයේ කියවන්න. ලංකාවේ මෙහෙම කියන එකම Business සහ Online Money/Job කම්පැණි එක අපි පමණයි. අනික් හැමෝම කියන්නේ “Join වෙන්න, පැකේජ් ගන්න, නිදාගෙන ඉඳලා සල්ලි හොයන්න” මහන්සි වෙලා ඉගෙන ගෙන ආදායම් හොයන්න කියන කම්පැණි තියෙන්නේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්.

එක එක්කෙනා කියයි අනේ ඉගෙන ගත්තට වැඩක් නෑ, උපාධියකින් පලක් නෑ, උපාධි ගත්තු අය අද අතන ඔය මුකුත් නැති මම අද එයාලට වඩා ගොඩක් ඉදිරියෙන් කියලා. කිසිම කනකට ගන්න එපා. කිසිම විදියකින් අධ්‍යාපන කියන දේ නවත්තන්න එපා කවදාහරි කොතනැක හරි ඒ දේ වැදගත්කම අපිට දැනෙනවා දැනෙනවාමයි. තවමත් නොවුණු නොලැබුණු දේවල් වෙනුවෙන් දිගටම වැඩ කරගෙන යමු. අතහරින්නේ නැතිව අල්ලගෙන ඉමු.

මේ ෆිල්ම් එකේ හිතට දැනුන දේවල් කිහිපයක් තියේ…

චේතනාව යහපත් නම්, කාටවත් කරදරයක් නැත්නම් දවසක අනිවාර්යයෙන් කවුරුත් දිනනවාමයි…

“එක හොරයක් හංගන්න තව හොර කරන්න වෙනවා”

“අවංකව ගන්න තුන්වෙනි ස්ථානය, වංචාවෙන් ගන්න පලවෙනි ස්ථානයට වඩා ලොකු සතුටක් දෙනවා”

“ජනතාව උගත් බුද්ධිමත් වු වුණොත් ඒක නායකයන්ට ප්‍රශ්නයක්”

“මනෝජ්, ඔයා IPS නිළධාරියෙක් වුණත්,
පිටිමෝලේ වැඩ කළත්, මට මේ මුළු ජීවිතේම ඔයා එක්කයි ගෙවන්න ඕන…!! Manoj, Will you marry me”…!!

“ඔබට සූර්‍යයා වීමට නොහැකි නම් වීදියක වීදී ලාම්පුවක් වන්න..! එවිට ඒ එළියෙන් ඒ වීදිය ආලෝකමත් වෙනු ඇත..!”

ෆිල්ම් එක බලන්න ඕනනම් JSB Page එකේ Moderator අරගෙන බලන්න – https://m.facebook.com/story.php?story_fbid=205430472641773&id=100095244630965&mibextid=2JQ9oc

ඔබේ ජීවිතයත් Restart කරගන්න පුලුවන් Business HUB එකත් එක්ක ඔබ එකතු වුනොත්… මොකද 0 ඉඳලා දියුණු වෙන්න කියලා දෙන්නේ අපි විතරමයි….

A film that motivates, inspires, makes you cry and brings out pure smile of joy at the end.

One of the best bollywood cinema i have ever seen in my life.

’12th Fail’ – based on Manoj Kumar Sharma’s story is not just his own; it’s a mirror reflecting the experiences of those hustling through the hurdles in the world of competitive exams and overcoming them.

Video Source (Credit) : Disney hotstar

සැ.යු : උපුටා ගැනීම් කරුණු ඇතුළත්ය. ඒවායේ හිමිකාරීත්වය කතෲය. අපගේ ආයතනයට ගැලපෙන පරිදි සමහර කරුණු වෙනස් කර ඇත.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #12thfail #restartyourlife #restart