කෙනෙක්ගෙ ජීවිතේ දුර්වලතාවයක් දැක්කම ඒකට හිනාවෙන එක අද සමාජයේ බහුලව පවතින දෙයක්.
English Vinglish – https://www.baiscope.lk/english-vinglish-2012-sinhala-subtitles/
මෙය ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 8.2ක් ගැනීමට සමත් වෙලා තියනව. මේ චිත්‍රපටය Gauri Shinde විසින් අධ්‍යක්ෂණය හා රචනා කල එකක්. ඉන්දියාවෙ ඉන්න ප්‍රවීණම නලු නිලියන් කිහිප දෙනෙක්ම මෙහි රංඟනය් නිරත වෙනව. Sridevi සහ Adil Hussain තමයි ප්‍රධාන චරිත රඟ දක්වන්නෙ. කොටසකට Amitabh Bachchan රංඟනයෙන් දායක වෙලා තියනව. මෙහිදී සඳහන් කළ යුතුමයි ‘ශ්‍රී දේවි’ගේ රංගනය ගැන. ඇය කෙතරම් තාත්වික අයුරින් තම රංඟනය ඉදිරිපත් කර තිබෙනවාද. කාලයක් සිනමාවෙන් ඉවත්ව සිටියද ඇයගේ හැකියාවන්ගේ පරිපූර්ණ බවෙහි කිසිම අඩුවක් සිදුවෙලා නැහැ. ඇයගේ රංඟනය මේ චිත්‍රපටය තවත් වර්ණ ගන්වා තියනව කිව්වත් වරදක් නෑ. මේ චිත්‍රපට පුරා දිවයන ලස්සන කතාවක්.
‘ශ්‍රී දේවි’ මෙහි රඟපාන්නෙ ‘ශශී’ගේ චරිතය. ගතානුගතික ඉන්දියානු කාන්තාවක් වන ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්. එයාට වැඩිය ඉංග්‍රීසි කතා කරන්න බැරි නිසා සමාජයේ විතරක් නෙමෙයි, තමන්ගෙ දරුවන්ගේ, තමන්ගෙ ස්වාමියාගේ පවා සමච්චලයට හැමවිටම ලක් වෙනව. වෙන මිනිස්සු නම් කමක් නෑ කියමුකො, ඒත් තමන්ගෙම පවුලෙ අය එහෙම කරද්දි කොහොමද ඉවසන්නෙ… කොහොමහරි දවසක් එයාගෙ අක්කගෙ දුවගෙ වෙඩින් එකට එයාට තනියම ඇමරිකාවට යන්න වෙනව. ඉතින් ඉංග්‍රීසි හරියට කතා කරන්න දන්නෙ නැතුව ඇමරිකාවෙ යනව කියන්නෙ හරියට හබලක් නැතුව ඔරු පදින්න යනව වගේ වැඩක්නෙ. ඉතින් මෙයා කොහොම හරි ඇමරිකාවට යනව. ජීවිතේට රට ගිහින් නැති කෙනෙක් ඉංග්‍රීසිත් නොදැන ඇමරිකාවෙ යද්දි මරුවට තියෙයි නේද?… එහෙදි මෙයාට හුඟක් දුෂ්කරතා වලට මුහුණ දෙන්න වෙනව. ඒ අතර ඉංග්‍රීසි වැරදියට තේරුම් ගැනීම නිසා වෙන අකරතැබ්බයන් එමටයි…
කෙනෙක්ගෙ ජීවිතේ දුර්වලතාවයක් දැක්කම ඒකට හිනාවෙන එක අද සමාජයේ බහුලව පවතින දෙයක්. ඉංග්‍රීසි කියන්නෙත් අද ලෝකයේ බහුලව පවතින අවශ්‍යතාවයක්. මව් භාෂාව ඉංග්‍රීසි භාෂාව නොවන අපේ රට වගේ රටවල් වල මිනිස්සු විවිධ අවස්ථා වලදි හුඟක් අසරණ වෙනව ඉංග්‍රීසි භාෂාව හරියාකාරව නොදැනුවත් කම නිසා. සමහර විට අපි අතරත් එහෙම අත්දැකීම් තියන අය ඕන තරම් ඇති. ඒත් ඒක කොහෙත්ම ලැජ්ජාවට හේතුවක් නෙමෙයි. මොකද අපි කවුරුත් පරිපූර්ණ මිනිසුන් නෙමෙයි. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ දන්න කෙනා නොදන්න කෙනාව සමච්චලයට ලක් කරන එක. එහෙම නොවී තමන් දන්න දේ අනිත් අයට කියා දෙන මිනිස්සු ඉන්නව නම් මේ ලෝකය කොයි තරම් ලස්සන වෙනවද. මේ ෆිල්ම් එක බලල ඉවර වුනාම ඔයාලට තේරෙයි කෙනෙක්ව ඒ විදියට මානසික පීඩාවට පත් කිරීම ඒ කෙනාට කොයි තරම් වේදනාවක්ද කියල. ඒ වගේ අවස්ථාවක තමන් වැඩ කරන්න ඕනෙ කොහොමද කියල මේ චිත්‍රපටයෙන් ඔයාලට හොඳින් පහදල දෙනව.
අද කාලෙ එක එක අය ඉංග්‍රීසි ඉගන ගන්නව විවිධ දේවල් අරමුණු කරගෙන. ඒ අතර සමහරු ඉන්නව තමන්ට ඉංග්‍රීසි පුලුවන් කියල ලෝකෙට පෙන්වන්න ඉංග්‍රීසි ඉගන ගන්න අය, සමහරු ඉන්නව ඉංග්‍රීසියෙන් කතා කරල අනිත් අයව අපහසුතාවයට පත් කරන්න බලාගෙනම ඉංග්‍රීසි ඉගන ගන්න අය. ඔය වගේ එක එක ජාතියෙ කට්ටිය ඉන්නව. මේ චිත්‍රපට අවසානයේ ඔයාලට තේරුම් යයි තමන් මොන හේතුවක් නිසාද ඉංග්‍රීසි ඉගනගන්න ඕනෙ කියල. ඉතින් ඔයාලම බලන්න ශශීට මේ අපහසුතාවයෙන් මිදෙන්න හැකි වෙයිද? හැකි නම් ඒ කොහොමද? කියල. මම නම් හිතන්නෙ මේක ඔයාල නැරඹිය යුතුම චිත්‍රපටයක්.
මම මේ ෆිල්ම් එක පෞද්ගලිකව 5 වරකට වඩා බලලා තියේ.
මම පෞද්ගලිකව මේ ෆිල්ම් එකේ කැමති පහත ඩයලොග්ස් ටිකට…
◾ When a man cooks, it’s an art. But when a woman cooks, it’s her responsibility.
◾ You have to help yourself. No one can help you better than you.
◾ The first time comes only once.
◾ Family is the only one who will never make you feel small. Family is the only one who will never laugh at your weaknesses.
◾ When you don’t like yourself, you tend to dislike everything associated with you. New things seem to be more attractive. But once you start loving yourself, the same old life begins to feel new and good.
◾ How are you going to manage in our country if you don’t know English?” “Like you are managing in our country without knowing Hindi.
◾ If I fail in my subject, then what’s the use of passing in other subjects?
◾ මිනිසෙක් උයන විට එය කලාවකි. නමුත් කාන්තාවක් පිසින විට එය ඇගේ වගකීමකි.
◾ ඔබ ඔබටම උදව් කළ යුතුය. ඔබට වඩා හොඳින් ඔබට උදව් කිරීමට කිසිවෙකුට නොහැකිය.
◾ පළමු වර පැමිණෙන්නේ එක් වරක් පමණි.
◾ ඔබව කිසිදා කුඩාවට පත් නොකරන එකම පුද්ගලයා පවුලයි. ඔබේ දුර්වලකම්වලට කිසිදා සිනාසෙන්නේ නැති එකම අය පවුලයි.
◾ ඔබ ඔබටම අකමැති වූ විට, ඔබ හා සම්බන්ධ සෑම දෙයකටම ඔබ අකමැති වේ. අලුත් දේවල් වඩාත් ආකර්ෂණීය බව පෙනේ. නමුත් ඔබ ඔබටම ආදරය කිරීමට පටන් ගත් පසු, එම පැරණි ජීවිතයම අලුත් සහ යහපත් බවක් දැනෙන්නට පටන් ගනී.
◾ ඔබ ඉංග්‍රීසි නොදන්නේ නම් ඔබ අපේ රටේ කළමනාකරණය කරන්නේ කෙසේද? “ඔයා හරියට අපේ රටේ හින්දි භාෂාව නොදැන කළමනාකරණය කරනවා වගේ.
◾ මම මගේ විෂයෙන් අසමත් නම්, වෙනත් විෂයයන් සමත් වීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?
ෆිල්ම් එක බලන්න. හදවතටම දැනේවී. ඇසට කඳුළක් ඒවි. ඒත් එක්කම ඔබට හිතට ධෛර්යයක් ඒවි. ඉංග්‍රීසි දන්නේ නෑ කියලා ලැජ්ජා වෙන්න එපා. ඔබට පුළුවන් ඉගෙන ගන්න. අවශ්‍යතාවයක් පමණයි අවශ්‍ය.
Business HUB කියන්නේ ඔබට A-Z නිවැරැදිව ස්වයංරැකියා, ඔන්ලයින් මනී, ව්‍යාපාර, තාක්ෂණික සේවා යන සියලුම දෑ පිළිබඳව වගේම මේ වගේ ඔබගේ ජීවිතය වෙනස් කරගන්න බලපෑම් කල හැකි දේවල් පිළිබඳව අධ්‍යාපනය ලබන්න පුළුවන් ලංකාවේ එකම තැන… තව තැන් තියෙනවා. නමුත් හැමදේම එකම තැනකින් බලන්න පුළුවන් වෙන්න එක් රැස් කරලා දෙන්නේ අපි විතරයි…
උපුටාගැනීම කරුණු ඇතුලත්ය. අයිතිය කතෲන් සතුය.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas