by admin | Jan 15, 2024 | Business HUB සිතුවිල්ල
ආසියාවේ ප්‍රථම නොබෙල් සම්මානලාභී විද්‍යාඥයා වූ මහාචාර්ය සී. වී. රාමන් රැකියාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු බැංගලෝරයෙන් පර්යේෂණායතනයක් ආරම්භ කිරීමට කල්පනා කළා. ඒ නිසා ඔහු ඒ වෙනුවෙන් ඔහුගේ නමින් පුවත්පත් දැන්වීමක් පළ කළා, භෞතික විද්‍යාඥයන් තිදෙනකු සේවයට බඳවා ගැනීමට අවශ්‍ය බව කියා.
ඒ සඳහා ඉල්ලුම් පත් රැසක් භෞතික විද්‍යාඥයන්ගෙන් ලැබුණා. බොහෝ විද්‍යාඥයන් ඒ සඳහා ඉල්ලුම් කළේ තමන් තේරුණේ නැතත් අඩු තරමින් එයින් ඒ කීර්තිමත් මහාචාර්යවරයා හමු වීමට වත් එය අවස්ථාවක් කර ගත හැකි වෙතැයි සිතූ නිසයි.
මූලික තේරීම්වලින් පසු පස් දෙනෙකුට අවස්ථාව ලැබුණා, මහාචාර්ය රාමන් හමුවීමට. ඒ අවසන් සම්මුඛ පරීක්ෂණය සඳහා. ඒ අවසන් පරීක්ෂණය පැවැත් වූයේ මහාචාර්ය රාමන් විසින්මයි. ඒ පස් දෙනා අතරින් තමන්ට අවශ්‍ය තුන් දෙනා තෝරා ගත්තේ එතුමායි.
පසුදා උදේ මහාචාර්යවරයා සුපුරුදු පරිදි සිය සක්මනෙහි යෙදී ආපසු එමින් සිටියදී එක් තරුණයෙක් එතුමන් හමුවන බලාපොරොත්තුවෙන් ඒ මග රැඳී සිටියා. ඒ තරුණයා තමා විසින් පෙරදා සම්මුඛ පරීක්ෂණයෙන් පසු ප්‍රතික්ෂේප කළ දෙදෙනාගෙන් කෙනෙකු බව එතුමා දුටු විගස හඳුනා ගත්තා. ඒත් ඒ තරුණයා තමාගේ ඥාතියකු බවවත් එතුමා දැන සිටියේ නෑ.
‘මොකද ඉලන්දාරියා ප්‍රශ්නේ?’ එතුමා ඒ තරුණයාගෙන් ඇසුවා.
තමාට කිසිදු ප්‍රශ්නයක් නැති බව ඉතා ගරුසරු ඇතිව කී ඒ තරුණයා තමා ඊයේ එතුමා පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයෙන් පසු එතුමාගේ කාර්යාලයෙන් තමාගේ ගමන් වියදම් වශයෙන් තමා ඉල්ලුම් කළ මුදලට වඩා රුපියල් 7ක් වැඩිපුර ගෙවා ඇති බවත් තමාට ඒ මුදල ආපසු දීමට අවශ්‍ය වුනත් ගිණුම් අංශය වසා ඇති නිසා ඒ මුදල ආපසු බාර ගැනීමට හැකියාවක් නැතැයි කියා ඒ මුදල තමාට කැමති දෙයක් කෑමට වැය කරන්නැයි ඔවුන් කී බවත් පැවැසූ තරුණයා තමාට අයිති නැති මුදලක් ගැනීම සුදුසු නැතැයි තමා සි.න බවත් කියා සිටියා.
‘ඔබට අවශ්‍ය ඒ රුපියල් 7 ආපසු දීමට නේද?’ කියා ඇසූ මහාචාර්ය වරයා ඒ රුපියල් 7 තරුණයා අතින් ගත්තා. අරන් පියවර කීපයක් ඉදිරියට ගිය එතුමා ආපසු හැරී තරුණයාට කීවා පසුදා උදේ 10.30 ඇවිත් තමා හමුවන ලෙසට.
තරුණයා බොහෝ සේ සතුටු වුණා යළිත් වරක් ඒ ශ්‍රේෂ්ඨයා හමුවීට තමාට අවස්ථාක් ලැබීම ගැන.
තරුණයා කී වෙලාවට හරියට මහාචාර්යවරයා හමුවීමට ගියා. එහි දී ඔහුට මහාචාර්ය වරයා කීවේ මෙහෙම කතාවක්.’පුතා, ඔබ භෞතික විද්‍යා පරීක්ෂණයෙන් අසමත්වුනක් අවංකකම පිළිබඳ පරීක්ෂණයෙන් සමත්. ඒ නිසා මම ඔබට නව රැකියා අවස්ථාවක් ඇති කළා.’ එවේලේ ම ඔහු ඒ රැකියාවට බඳවා ගත්තා.
තරුණයා පුදුමයට පත් වුණා. ඉතා කැමැත්තෙන් ඒ රැකියාව බාර ගත්තා. එහෙත් ඔහුගේ ඒ ගමන එතැනින් නැවතුණේ නැහැ. ඔහු වැඩිදුර අධ්‍යයනය සඳහා එංගලන්තයටත් එතැනින් ඇමරිකාවටත් ගියා. ඇමරිකාවේ පුරවැසිකමද ලැබුවා. රාමන්ටත් වැඩි කීර්තියක් අත්කරගත් ඔහු පසු කලෙක 1983 දී නොබෙල් සම්මානයකින් පවා ඔහුත් පිදුම් ලැබුවා. ඒ තරුණයා තමා මහාචාර්ය සුබ්‍රමානියම් චන්ද්‍රශේඛර්. ඔහු ‘මගේ ජීවිතය වෙනස් කළ රුපියල් 7 කියලා’ පොතක් ලියලා මේ බව සඳහන් කරලා තියෙනවා.
සටහන පර්සි ජයමාන්න ✍️ උපුටා ගැනීම මල්කැකුළුCom
Business HUB එකෙත් අපි සාමාජිකයින්ගෙන් අවංකත්වය බලාපොරොත්තු වෙනවා. මාත් සමඟ ලඟින් ඇසුරු කරන ඕනෑ කෙනෙක් දන්නවා මම කොපමණ අවංකව මේ ආයතනය කරගෙන යනවද කියලා.
මම උදාහරණ කිහිපයක් කියන්නම්. මෑතකදී අප PASS එක ලබාගත් සාමාජිකයෙක්ට අවශ්‍යතාවයක් තියේ ඉක්මනින්ම ලක්ෂපතියෙක් වෙන්න. ඔහු මට දිනපතා විවිධ වූ වංචාකාරී වැඩ ගැන අදහස් දෙනවා, ඔහු ඒවා ක්‍රියාත්මක කරලා දියුණු වෙන්න ඕන කියනවා. ඔහු හදන්නේ විශාල පිරිසක් රවටා වංචාවට ලක්කර ෆේස්බුක් සහ වට්ස් ඇප් එකෙන් ඔවුන් බ්ලොක් කර සල්ලිත් අරන් මාරුවෙන්න. නමුත් හැම මොහොතකම නිවැරදි නායකයෙක් ලෙස මා හරි මග පෙන්වාදෙනවා ඔහුට. ඉක්මනින් නොව හරි විදිහට සල්ලි හොයන්න පාර කියලා දෙනවා.
තවත් අලුත් සාමාජිකයෙක්ට මම Advertising Company එකක් දාලා දුන්නා. ඔහු අපේ සේවා නැවත අලෙවි කරනවා. හැබැයි බොරු කියලා. ඒ කියන්නේ අපේ ආයතනයෙන් නොදෙන සේවා ව්‍යාජ ලෙස වෙළඳදැන්වීම් සකස් කර අලෙවි කරන්න උත්සාහ කරනවා. උදාහරණයක් ලෙස අපි ෆේස්බුක් Followers Worldwide Audience එකකින් අරන් දෙනකොට ඔහු කියනවා ඔහු Sri Lankan Audience එකකින් දෙනවා කියලා. ඉතිං අවසානයේ පාරිභෝගිකයා රැවටෙනවා. නමුත් එසේ කිරීමෙන් ඔහුට ක්ෂණික ලාභයක් ලැබුණත් ආයතනයක් ලෙස දිගු ගමනක් සාර්ථකව යන්න බෑ කියලා මම ඔහුට කිහිපවරක් අවවාද කලා.
මේ මට පෞද්ගලිකව වුන දෙයක්. මා අපගේ සාමාජිකයින්ට ත්‍යාග ලෙස ලබාගැනීමට ස්මාර්ට් ෆෝන් කිහිපයක් මිළදී ගත්තා. ඒවායේ ඇප් ඉන්ස්ටෝල් කල නොහැකියි. ඒ නිසා ගොඩක් අය මිළදීගන්න අකමැතියි. මම ෆෝන් එක පිළිබඳව Facebook Marketplace ඇඩ් 20 අධික ප්‍රමාණයක් දැම්මා. මට එම ඇඩ් වලට පිළිතුරු ලෙස මැසේජ් 17,500කට අධික ප්‍රමාණයක් ලැබී තිබෙනවා. මම ඒ හැම මැසේජ් එකකටම A4 Sheet 3ක් විතර දිග විස්තරය සරල සිංහලෙන් යවනවා ෆෝන් එක ගැන. විස්තර කියවන අය මම ඒ ෆෝන් එකේ හොඳ වලට වඩා අඩුපාඩු ලියලා තියෙන නිසා මිළදී ගන්නේ නෑ. අවුරුදු 2ක් ගියා. ෆෝන් 15කින් තවමත් ෆෝන් 8ක් ඉතිරිව තියේ. හැබැයි අද වෙනතෙක් මම ෆෝන් ටික විකුණගන්න ඕන කියලා බොරුවට කිසි කෙනෙක්ට විස්තර නොයවා හිටියේ නෑ. මට ඕනනම් රු.7,600ට අලෙවි කරන මේ ෆෝන් එක (බ්‍රෑන්ඩ් නිව්) කිසිමදෙයක් නොකියා අලෙවි කරන්න තිබ්බා. ඒත් මම එහෙම කලේ නෑ. මොකද කවද හරි ඔහු/ඇය බලාපොරොත්තු වන දේ මේ ෆෝන් එකේ නොතිබ්බොත් ඔවුන් පසුතැවිලි වෙන එක ගැන මම කණගාටු වෙන්න වෙනවා. මට වෙන්නේ පාඩුවක් තමා. ඒත් තව අයෙක් රැවටෙන එක ගැන මට දුකයි.
මම ඒ නිසා දන්න කියන කාලේ ඉඳන් ඕනම දෙයක් ගැන කෙනෙක්ට කියනකොට, විශේෂයෙන්ම ඔන්ලයින් බිස්නස්/රැකියා ගැන පෝස්ට් පළකරනකොට A4 Sheet 7-8 විස්තර ලියනවා. අන්න ඒ හේතුව නිසා, කියවන්න අකමැති, කම්මැලි, මෝඩ මිනිස්සු ඒවට සම්බන්ධ වෙන්නේ නෑ. හැබැයි වෙන ආයතන වල “ඔන්ලයින් ජොබ් එකක් තියේ. 100$ක් ඩිපොසිට් කරන්න ඕන. මීටින් එකට එන්න” කීව ගමන් මිනිස්සු ඒවට සම්බන්ධ වෙලා අමාරුවේ වැටෙනවා. මේ පේජ් එකේ මම සෑම දිනකම උදේ 8 සිට පාන්දර 1 දක්වා ලිපි පළකරනවා. දැනට ලිපි 500 වඩා පළකර තියේ. හැම එකක්ම අකුරෙන් අකුර ගලපලා ලියනවා. ඒ ඔබේ දියුණුව වෙනුවෙන්. හැබැයි ඒ ලිපි කියවන්නේ 0.0001% වගේ සුළු පිරිසක්. ඒ දියුණු වෙන්න උත්සාහය, කැපවීම තියෙන අය…
හැමවිටම අවංක වෙන්න. ඔබේ දියුණුව ප්‍රමාද වෙන්න පුලුවන්. හැබැයි අනිවාර්යයෙන් දියුණු වෙනවා…
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Jan 14, 2024 | Business HUB සිතුවිල්ල
👉 සාර්ථක මිනිසුන්ගේ ජීවිත කතා තුල අපි කියවන්නේ ඇත්තම කතාද?
👉 ඒ කතා ඇතුලේ අපි ඇත්තටම අපි කියවිය යුතු කොටස් ටික කියවනවද?
සාමාන්‍යයෙන් අපිට කියවන්න ලැබෙන සාර්ථක මිනිසුන්ගේ චරිත කතා තුල 99%ක්ම තියෙන්නේ, ඔවුන් අතීතයේදී දුක් වින්දා පසුව, උත්සාහයෙන්, අදිෂ්ඨානයෙන් කටයුතු කරලා කොහොම හරි ජීවිතේ ජයගත්තා කියන කතාව විතරයි… ඒත් සාර්ථක මිනිසුන්ගේ ජීවිත අද්‍යයනය කරලා අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේ දේ විතරද? අපිට කරන්න පුළුවන් එකම දේ ” කොහොම හරි මමත් සාර්ථක වෙනවා ” කියන මානසික අභිප්‍රේරණය ලබා ගන්න එක විතරද?
ඔබ දන්නවාද අපි කියවන 99% චරිත කතා ඇතුලේ එලියට නොදාපු රහස් තියෙන බව? සැබෑවටම ඔබේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන කොටස් ඒ සැගවුන රහස් ඇතුලේ තියෙන බව?
“මම කොහොම හරි, මොනවා හරි කරලා සාර්ථක වෙනවා” කියලා හිතපු පලියට අපිට සාර්ථක වෙන්න පුළුවන්නම්, මේ ලෝකයේ හැමෝම සාර්ථක වෙලා තියෙන්නෙ ඕනේ. මොකද අපි කවුරුත් අසාර්ථක වෙන්නේ “මම කොහොම හරි අසාර්ථක වෙනවා” කියලා හිතපු නිසා නෙමේනේ….
අන්න ඒ නිසා ඔබ චරිත කතා අද්‍යයනය කරනවානම් එය කරන්න ඕනේ “මම කොහොම හරි සාර්ථක වෙනවා” කියලා හිතන්න උදව්වක් විදිහට නෙමේ, ඔවුන් කොහොමද ඇත්තටම එතැනට ගියේ කියලා හොයා ගන්න…
හොදට කල්පනා කරලා බලන්න,
අපි හැමෝම ස්ටීව් ජොබ්ස් ගැන දන්නවා, තරුණ අවදියේදී, කන්න බොන්න නැතුව, ක්‍රිශ්නා ටෙම්පල් එකට ගිහින් කෑම කෑවා, හිස් බෝතල් එකතු කරලා වියදමට සල්ලි හොයා ගත්තා කියලා අපි දන්නවා. අන්තිමට ඇපල් සමාගම නිර්මාණය කරලා අති සාර්ථක පුද්ගලයෙක් වුනා කියලත් දන්නවා…
නමුත් ඔය කතාව කියවලා , මාත් ස්ටීව් ජොබ්ස් වගේ වෙන්න ඕනේ, මට පුළුවන් කියලා හිතන 99%ක් දන්නේ නෑ, ස්ටීව් ජොබ්ස් ඇපල් සමාගම වෙනුවෙන් අවශ්‍ය ප්‍රාග්ධනය හොයාගත්ත විදිහ ගැන, හදපු පරිගනක කවුරුත් ගන්නේ නැති වුනාම, ඒකට මාකටින් ප්ලෑන් එකක් හදපු විදිහ ගැන.. IBM වගේ සමාගම් ඇපල් සමාගම වට්ටන්න හදනකොට ඒවට මුහුණ දෙන්න පාවිච්චි කල උපක්‍රම ගැන…
ස්ටීව් ජොබ්ස් ගේ ජීවිත කතාවේ ඉගෙන ගන්න තියෙන්නේ ඔන්න ඔය දේවල්, ඒවා ඉගෙන ගත්තොත් තමයි, සැබෑ ජීවිතයේදී අපි කොහොමද දියුනු වෙන්න ඕනේ කියන දේ ගැන අදහසක් ගන්න පුලුවන් වෙන්නේ… එහෙම නැතුව කන්න නැති නිසා කෑම කන්න ගිය තැන් ගැන ඉගෙන ගෙන, වියදමට කීයක් හරි හොයාගන්න කරපු දේවල් ගැන ඉගෙන ගෙන ස්ටීව් ජොබ්ස් වගේ වෙන්න හිතනවානම් ඇත්තටම ඒක හරිම ප්‍රාතමික වැඩක්.
ඔබ අහලා ඇති කාල් බෙන්ස් ලෝකයේ පළමු මෝටර් රථය නිපදවද්දී, මුදල් ප්‍රශ්ණ නිසා ලොකු දුකක් වින්ද බව, නමුත් උත්සාහය අත් නොහැර ඉදිරියට ගිය නිසා අවසානයේ සාර්ථක වුන බව, නමුත් ඔබ දන්නවාද, කාල් බෙන්ස්ගේ මෝටර් රථ කිසිම කෙනෙක් මිලදී නොගත්ත බව, ඔහුගේ බිරිද හදපු අති විශිෂ්ට අලෙවි කරන උපක්‍රම නොවන්නට කාල් බෙන්ස් කියන්නේ අසාර්ථක පුද්ගලයෙක් බව? ඔබ ඒ අලෙවිකරන උපක්‍රම ගැන කාල් බෙන්ස්ගේ කතාව ඇතුලේ කියවලා තියෙනවද? එහෙම නැත්නම් කාල් බෙන්ස්ගේ කතාව ඇතුලේ කියවලා තියෙන්නේ ඕන දේ නෙමේ, නිකන් ඕප දූප ටිකක් විතරයි.
ඔබ අහලා ඇති ශාරුක් කාන් මුල් කාලයේ පාරේ බංකුවක නිදා ගත් බව, මිතුරන්ගෙන් ණයට සල්ලි ඉල්ලගෙන රගපාන්න ගිය බව… නමුත් ඔබ කවදා හරි අහලා , කියවලා තියෙනවද ඔහු රගපාන්න අවස්ථාවක් හොයා ගත්ත විදිහ ගැන. ඒ අවස්ථාව උදාකරගන්න අවශ්‍ය සම්බන්දතාවයන් ගොඩනගා ගත්ත හැටි ගැන?
ඔබ අහලා ඇති තෝමස් අල්වා එඩිසන් විදුලි බුබුල නිපදවද්දි දහස් වාරයක් අසාර්ථක වුනත් , උත්සාහය අත් නොහැර ඉදිරියට ගිය නිසා සාර්ථක වූ බව? නමුත් ඔබ කවදා හරි ඉගෙනගෙන තියෙනවද, එහෙම එක දිගට අසාර්ථක වීම නිසා ඇති වන මූළ්‍යමය පාඩු වගේ දේවල් ඔහු කලමණාකරණය කරපු හැටි ගැන? ඒ වගේම හදපු විදුලි බුබුල ඔහු අලෙවි කරපු හැටි ගැන?
ඔබ අහලා ඇති Colonel Sanders තමන්ගේ කෑම වට්ටෝරුව අරගෙන අවන්හල් 1000කට ගියත් එය අසාර්ථක වුන හැටි ගැන, නමුත් උත්සාහය අත් නොහැරි නිසා ඔහු සාර්ථක වූ බව? නමුත් ඔබ ඉගෙනගෙන තියෙනවද, පුංචි කෑම වට්ටෝරුවක් KFC වගේ අවන්හල් ජාලයක් කරන්න, එය ලොව පුරා පැතුරුනු ජාලයක් කරන්න හදපු සැලසුම් ගැන, ක්‍ර්ම ශිල්ප හා උපක්‍රම ගැන?
ඔබට තේරෙනවද, බොහෝ චරිත කතා ඇතුලේ වැදගත්මක් කොටස් ටික අත් හැරලා, අපේ හදවතට දැනෙන ටික විතරක් අපි කියවන බව?
චරිත කතා කියන්නේ , ඔබේ සාර්ථකත්වය වේගවත් කරගන්න පවිච්චි ක්‍රන්න පුලූවන් හොද tool එකක්. මොකද මේ හැම චරිත කතාවක් ඇතුලෙම තියෙන්නේ අත්දැකීම්…. සමහර වෙලාවට අපිට අවුරුදු 20ක් තුලවත් ගන්න බැරි අත්දැකීම් රාශියක් , චරිත කතාවක් හරහා මිනිත්තු කීපයකින් ඉගෙන ගන්න පුලුවන්…..
හැබැයි එහෙම පුළුවන් වෙන්නේ ඒ කතා ඇතුලේ තියෙන ඕප දූප කියවලා නම් නෙමෙයි… එහෙම පුළුවන් වෙන්නේ, ඔබ ඒ කතා ඇතුලේ තියෙන ප්‍රායෝගික කරුණු අධ්‍යයනය කලොත් විතරයි!
අපි Business HUB එකෙන් ඔබට ඒ කතා ඇතුලේ තියෙන ප්‍රායෝගික දේවල් කියලා දෙනවා. ඔබට තියෙන්නේ ඒවා අධ්‍යායනය කර ඔබේ ජීවිතය දියුණු කරගන්න…
සටහන උපුටාගැනීම – මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක චතුස්ක අමරසේකර (Chathuska Amarasekara)
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Jan 13, 2024 | Business HUB සිතුවිල්ල
ජිවිතය කියන්නේ අභියෝගයක්…
හිතන්න ඒ අභියෝගය බාරගන්න ඔයගොල්ලෝ කොච්චර දුරට ලෑස්තිද කියලා. කියවන්න මේ පුංචි කතා ටික.
ශාරුක්ඛාන් අවුරුදු ගණනක් වේටර් කෙනෙක් විදිහට ආපන ශාලාවක වැඩ කරපු කෙනෙක්. ඒ වගේමයි දමිළ සිනමාවේ සක්විති රැජිනි කාන්ත් අවුරුදු 25 දි බස් කොන්දොස්තර කෙනෙක්.
සින්දු කියන්න ආශාවෙන් හිටපු තරුණයෙක් හිටියා ඔහු අවුරුදු ගණනක් වේදිකාවල මුදලක් නොගෙන ගීත ගායනා කළා. සමහරු ඔහුට හූ තිබ්බා. ඔහු ගීත ගායනා කළ මුල්ම චිත්‍රපට ගීතයත් නිෂ්පාදක කපල ඉවත් කළා. චිත්‍රපට නිෂ්පාදකයා බැණ වැදුනේ ඔහුට සිනමාවට ගැළපෙන කට හඩක් නැහැයි කියලා. එහෙත් ඔහු උත්සාහය අතහැරියේ නැහැ. ඒ තමා අපි කවුරුත් හදුනන එච්. ආර් ජෝතිපාල ජනප්‍රිය ගායන ශිල්පියා.
අවුරුදු 7 වන විටත් වචනයක්වත් කියවගන්න බැරි කොලුගැටයෙක් හිටියා. ඔහු පන්තියේ හැමදාමත් අන්තිමයා. කවුරුවත් ඔහුව ගණන් ගත්තේ නැහැ. දෙමව්පියෝ හිතුවේ ඔහු මානසික රෝගියෙක් කියලා. ඒ තමා ලෝකයම දිනපු ප්‍රසිද්ධ විද්වතා ඇල්බට් අයින්ස්ටයින්
අනාථයෙකුව ඉපදුණු කුඩා දරුවෙක් හිටියා. ඔහු ඔහුගේ ළමා කාලය ගතකළේ මහ මග. අනුන්ගේ කඩපිල්වල. තරුණ වියට පත්වෙද්දී ඔහු රැකියාව විදිහට මහා මාර්ගයේ යනෙන මිනිස්සු හිනැස්සුවා. ඒ දවසට පවුම් 2 හොයාගන්න. එහෙත් ඔහු මැරෙද්දි මුළු ලෝකයම ඔහු වෙනුවෙන් හැඩුවා. ඔහුගේ නම චාලි චැප්ලීන්.
තරුණ වියේදි එක තරුණයෙකුව කැලිෆෝනියා සිනමා පාසලෙන් නෙරපා දැමුවා. ඔහුගේ එකම සිහිනය වුණේ සිනමා උපාධියක් අරගන්න. ඔහු උත්සාහය අත ඇරියේ නැහැ. තමන්ගේ සිහිනයක් වු උපාධිය 2002 වසරේදී විශ්ව විද්‍යාලය විසින් නොමිලේම ඔහුට පිරිනැමුවා. ඒ ස්ටීවන් ස්පිල්බර්ග් ලෝප්‍රකට සිනමාවේදියා.
සැමියා අතහැර දැමු වැන්දඹු කාන්තාවක් තම එකම දරුවා ජිවත් කරගන්න පත්තරවලට සුරංගනා කතා ලිව්වා. ඒ කතා සියල්ලම පුවත් පත්වලින් ප්‍රතික්ෂේප කරද්දිත් ඇය තිරණය කළා පොතක් ලියන්න. ඒ පොතත් රැගෙන ඇය සියගණනක් ප්‍රකාශන ආයතනවලට පයින් ගියා. එහෙත් සෑම කෙනෙක්ම එය බාල වර්ගයේ නිර්මාණයක් ලෙස විසිකර දැමුවා. අවසානයේ එක සමාගමක් එය ප්‍රකාශ කරන්න බාරගත්තා. මේ තමා ජේ. ආර් රෝවැලින් සහ ඇයගේ මුල්ම නිර්මාණය ” හැරී පෝටර්” නවකතාවේ ඉතිහාසය.
වරක් ගීත නිෂ්පාදන ආයතනයක් එක තරුණයෙක්ව තම සමාගමෙන් අස් කර දැමුවා. “උඹට සින්දු කියන්න බෑ. උඹට පුලුවන් ට්‍රක් එලවන්න විතරයි” සමාගමේ අයිතිකරු ඔහුට එසේ කිව්වේ ඔහු වෘත්තියෙන් ට්‍රක් එලවන්නෙකු වුණු නිසා. එහෙත් තරුණයා එයින් සැලුනේ නෑ. ඔහු නැවත නැවතත් උත්සහ කළා. ඔහු පසුකාලයේ ජනප්‍රිය වුණා. ” එල්විස් ප්‍රෙස්ලි” නමින්.
දුප්පත් ගොවියෙකුට දාව උපන් දරුවෙක් හිටියා. කුඩා කාලයේ අධ්‍යාපනය ලැබීමේ වාසනාව ඔහුට නොලැබුණේ ඔහුගේ දුප්පත් කම නිසා. කුඩා කාලයේම ඔහු මුදල් උපයන්න ඔරු පදින්නෙකු ලෙසත් දුම්රිය මාර්ග සාදන්නෙකු ලෙසත් සේවය කලා. ඒ උපයා ගත් මුදලින් ඔහු නිතී විද්‍යාලයට බැදී නීතී උපාධියත් සමග දේශපාලනයට අවතීර්ණ වුණා. දහතුන් වතාවක් ජන්දයෙන් පැරදුණු ඔහු 1961 දී ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත් වුණා. ඒ එබ්‍රහම් ලින්කන්.
අපි දුප්පත් වෙලා ඉපදුනොත් ඒක අපේ වැරද්දක් නෙවේ. එහෙත් අපි දුප්පතෙකු විදිහටම මැරුණොත් ඒක අපේ වැරැද්දක්. ජිවිතයේ වැටෙන වැටෙන හැම මොහොතකම අපි ආයේ නැගිටින්න ඔනේ. ජිවිතයේ වැටෙන හැම මොහොතේම අපි තවත් ශක්තිමත් වෙන්න ඔනේ. මැරෙන මොහොතේදී හදවතට ජිවිතය ගැන දුකක් දැනෙන්න තියන්න එපා. තමන් හැම මොහොතේම ජිවිතය දිනන්න උත්සහ කළා කියන හැගීම හදවතට දැනෙන්න ඉඩදෙන්න….
Business HUB පේජ් එකේ ඉඳලත් ඔබ දියුණු වෙන්නේ නෑ කියන්නේ එහෙනම් ඒක ඔබේ වැරැද්ද. ඒ වැරැද්ද කොතනද කියලා හොයලා බලලා ඔබට පුලුවන් ඒ වැරැද්ද නිවැරැදි කරගෙන දියුණු වෙන්න…
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Jan 12, 2024 | Business HUB සිතුවිල්ල
ජීවිතය… මහා පුදුමාකාර දෙයක්. ඇතැමුන් ජීවිතය සොයනවා.තවත් අය ජීවිතය නැති කර ගන්නවා. තවත් අය ජීවිතය අර්ථවත් කර ගන්න තමන් ට කළ හැකි උපරිම දේ සිදු කරනවා. මේ කියන හැම කෙනෙක් ම ජීවිතය කියන අකුරු හතර ඇතුළේ හමුවන ප්‍රශ්නාර්ථ සමඟ අතරමං වෙනවා. ඔව්, වෙලාවකට ජීවිතය කියන්නේ මහා ලොකු ප්‍රශ්නාර්ථයක් මිත්‍රයා. ඒ ප්‍රශ්නයට උත්තරයක් හරියට දෙන්න අපට පුළුවන්ද? (සාපේක්ෂයි නේද පිළිතුර?) උත්තරය මොකක් වුණත් ප්‍රශ්නය හරියට තේරුම් අරගෙන ෆේල් නොවී ලියන්න පුළුවන් විභාගයක් කියලා මම මගේ අදහස ජිවිතය ගැන දෙනවා. (ඔබ මොකද හිතන්නේ?????)
තමන්ටවත් නොතේරෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න ගිහින් දහ අතේ කල්පනා කරමින් ඉන්න මිනිස්සු බහුතරයක් ඉන්න මේ ලෝකේ නොදන්නවා වුණත් දන්නවා වගේ උත්තර ලියලා ජීවිත විභාගය සමත් වුණ කෙනෙක් ගැනයි මේ සටහන.
මේ කතාවේ ඉන්නේ තමන් ගේ අතපය දෙකම උපතින් ම අහිමි වුණ ලස්සන ප්‍රියමනාප තරුණයෙක්. දැඩි කිතුණු භක්තිකයන් වුණ තමන් ගේ දෙමාපියන් ට දෑත් දෙපා අහිමි දරුවෙකු වන තමාව හිමි කර දීම පිළිබඳව දෙවියන් සමඟ වෛරයෙන් පසු වුණ කෙනෙක්. දෙවියන් ට තමන් කෙරෙහි කිසිම ආදරයක් කරුණාවක් නැහැ කියලා හිතලා දේවභාෂිතය පවා ප්‍රතික්ෂේප කරපු කොල්ලෙක්. ජීවිතේ තීරණාත්මක කාල වකවානුවක් තමන් ගැනම කිසිම තක්සේරුවක් නැතිව ප්‍රතික්ෂේප වීම් හා බිඳ වැටීම් මැද අසරණ වුණ කොල්ලෙක්. තේරෙන්නේ නැති ප්‍රශ්නවලට උත්තර ලියන්න ගිහින් ඇන ගන්න බව දැන ගන්නා ඔහු අවසානයට තමන් විසින් ම ඒ ප්‍රශ්නයට පිළිතුරු සපයන්න ඉගෙන ගන්නවා.
ඔහු නික්…. නික් වුජිසික්(Nick Vujicic
නිකොලස් ජේම්ස් වුජිසික්”( Nicholas James Vujicic) ඉපදෙන්නේ 1982 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 04 වැනිදා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදීයි.උපතින් ම ඔහු රෝගී දරුවෙක් වුණා. “Tetra-amelia syndrome” කියන දුර්ලභ රෝගයෙන් ඔහු පෙළුණා.මේ රෝගයේ ලක්ෂණය තමයි උපතින් ම දෑත් සහ දෙපා අහිමි වීම. නික් තමන්ට බහ තේරෙන වයසේ ඉඳලාම අනිත් අයට වගේ තමන් ට හරියට ඇවිදින්න බැරි වීම ගැන පසුතැවිලි වුණා.හරියට කන්න බොන්න බැරි, තමන් ගේ ආදරණීයයෙක් ව තමන් ගේ අතින් අල්ලගෙන වැළඳගන්න බැරි, අනිත් තරුණයන් වගේ දුව පැන ඇවිදින්න බැරි මේ ජීවිතය මොකටද කියලා ඔහුට හිතුණා.වෙනෙකක් තබා ඔහු ලෝකය මැවූ දෙවියන් එක්ක වෛරයෙන් පසු වුණා.
“ මම විකෘතියක්.මම නිකන් ම නිකම් ලී කොටයක් විතරයි.මට මොනවාද පුළුවන්?? මුකුත් බෑ… මගේ ජීවිතය මහා විකාරයක්.” ඔහු හිතුවේ එහෙම. නික් පාසලේ දි සෙල්ලම් කරන වෙලාවට පිට්ටනියේ තිබුණු ගස් අස්සේ හැංගුණා.සංගීත කාමරයට යන්න ඕනෙ වෙලාව මඟ ඇරියා. මේ හැමදෙයක් ම මඟ අරිමින් හිටියත් ඔහුගේ සම වයසේ පසුවන කිසිවෙක් ට කළ හැකි කිසිම දෙයක් ඔහුට කිරිමට බැරි වුණා.දවස් ගණන් ඔහු ඇඬුවා.ඉකි ගසමින් ඇඬුවා. ඒත් ඔහු පැරදුණාද?? ජීවිතේ නැති කර ගත්තාද? ගඟේ මූදේ පැන්නාද? අධෛර්යමත් වුණාද? ඔව් මිත්‍රයා.එක් වරක් ඔහු සියදිවි හානි කර ගන්නත් ගියා.
එක දවසක් ඒ කියන්නේ ඔහුට වයස අවුරුදු 17 වෙද්දි ඔහුගේ අම්මා පත්තරයක තිබුණු අබාධිත පුද්ගලයෙක් තමන් ගේ කටයුතු ඉතාම අපහසුවෙන් කටයුතු කරගෙන යන ආකාරය පිළිබඳව. එදා පටන් ඔහු කිසිම විදියකින් ප්‍රශ්නවලින් පැනලා ගියේ නැහැ. ඔහු හැමදෙයකටම හොඳින් මුහුණ දෙන්න අවසානයට තීරණය කළා. ඔහු ඒකට හොයා ගත්තා ක්‍රමයක්.ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගන්න කෙටි ක්‍රමයක්.මුලින් ම තමන් ගේ ශාරීරික ප්‍රශ්නවලට එහා ගිහින් තමන් තුළම තියෙන අඩුපාඩු මොනවාද? කියලා ඔහු හොයලා බැලුවා.
හිතින් වැටෙන හැම වෙලාවකම ඔහු තමන් වෛර කළ දෙවියන් ට ආදරය කරන්න පටන් ගත්තා. ශුද්ධ වූ බයිබලය කියෙව්වා. පිළිගත්තා. තමන් ට ජීවිතය වෙනුවෙන් අරමුණක් දෙන්න කියලා ඔහු දෙවියන් ට යාඥා කළා.ඒ අතරේ තමන්ගේ හුදෙකලා ජීවිතයට විරාමයක් තබන්න ඔහුට අවශ්‍ය වුණා. ඒ නිසා ම ක්‍රීඩා කරන වෙලාවට හෝ සංගීත කාමරයේ දී හෝ තම සඟයන් මඟහැර ගිහින් අහුමුළුවල සැඟවෙන තියරිය ඔහු අතහැරියා.වැහිලා තිබුණු තමන් ගේ හදවතේ දොරඟුළු විවර කළා.මුළු ලෝකයටම ඉන් ඇතුළට එන්න ඔහු ඉඩ හැරියා. හැම කෙනෙක් එක්කම මිත්‍රශීලි වුණා.පන්තියේ ඇතැම් විෂයයන්වලින් ඔහු අනික් හැම කෙනෙක්ටම වඩා ඉදිරියෙන් හිටියා. පිහිනීම ඔහු ගේ ප්‍රියතම ක්‍රීඩාවක් බවට පත් වුණා. මෙහෙම ඉද්දි ඔහුට තේරුණා ඔහු එක්තරා සුවිශේෂී දෙයකට අති දක්ෂයෙක් කියලා.
කථීකත්වය…. ඔහු ට පිරිසක් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව තිබුණා.
සියදහස් ගණනින් මිනිසුන් ඔහුගේ දේශනවලට එක්රොක් වුණා. නික් පසුකාලීනව ග්‍රිෆිත් විශ්ව විද්‍යාලයෙන් වානිජ උපාධියක් ලබා ගත්තා.2007 අවුරුද්දේ නික් විසින් මිනිසුන් දිරිගන්වන, ජීවිතය කියා දෙන ධනාත්මකව හිතන්න මිනිසුන් ව යොමු කරන ආයතනයක් පටන් ගත්තා.2012 වසරේදී නික් විවාහ වෙනවා. ඒ “කානෙයි මියහාරා” (Kanae Miyahara) සමඟ. ඇය දෑත් දෙපා හොඳින් තිබෙන ඉතා ම රූමක් තරුණියක්.පළමු බැල්මෙන් ම එකිනෙකා කෙරෙහි ආදරයෙන් වෙළුණු යුවළක් විදියට ඒ ප්‍රේම කතාව හඳුන්වන්න පුළුවන්. අද වෙද්දි ඔවුන් ට දරුවන් සිව් දෙනෙක් ඉන්නවා. ඔහු ආදරණීය සැමියෙක්, පියෙක්… ලෝකය පුරා උණු කැවුම් වගේ විකිණෙන පොත්,විවිධ පුණ්‍යායතනවල හිමිකරුවෙක් වන ඔහු අවුරුදු 35 වෙද්දි ඔහු ගේ සිහින සැබෑ කරගෙන තියෙනවා.
බලන්න..ජීවිතය මොනතරම් නම් පුදුමාකාරද?අතක් පයක් නෙවෙයි, දෑත් දෙපා යන කිසිවක් නැති නිකන් ම නිකම් ශරීර කොටසක් විදියට මේ ලෝකයට උපදින නිකොලස් හෙවත් නික්, දෙවියන් විසින් උරුම කළ දෛවයෙන් එහාට ගිහින් මේ අමාරු ජීවිත කන්ද තරණය කරනවා.මේ කතාව ලියන්න පහසු වුණත් මේ කතාවේ කතානායකයා විඳි අත්දැකීම් ලෙහෙසි පහසු නැහැ.
අභියෝගවලට මුහුණ දෙන්න බැරිව ජීවිතේ පුංචිම වයසෙදි දිවි නසා ගත්ත රංගන ශිල්පීන්, ගායක ගායිකාවන්, විවිධ ලේඛකයින් විතරක් නෙවෙයි රජවරු ගැන පවා අපි අහලා තියෙන කාලයක නික් කියන්නේ හොඳ උත්තේජනයක්.
ප්‍රශ්න ගැටලු තියෙන අය ඔහු ළඟට ඇවිත් ඔහුව වැළඳගෙන හඩා වැටෙද්දි පෙරළා ඔවුන් ව වැළඳගන්න, තමන් ගේම දරුවන් එක්ක සෙල්ලම් කරන්න, ආදරය කරන අය වෙනුවෙන් කාලය වැය කරන්න ඔහුට අත් දෙකක් තබා කකුල් දෙකක්වත් නැහැ. එහෙම මිනිහෙක් සාර්ථකත්වයේ හිනිපෙත්තටම යද්දි අතපය හොඳින් තියෙන අපි ට මොනවා කරන්න බැරිද? නික් තමන් ගේ ජීවන ප්‍රශ්න පත්‍රයට දන්න දන්න විදියට උත්තර ලිව්වා. ඒත් සමහර ඒවට කොහොමටවත් උත්තර ලියන්න බැරි බව තේරෙද්දි…ඔහු ඒ ප්‍රශ්නවලට කපටි උත්තර ලියන්න පුරුදු වුණා.කෙනෙක් ට ලේසියෙන් හරි වැරැද්ද හිතා ගන්න අමාරු උත්තර ලියන්න ගත්තා. අළු දූළි මැද නැගී සිටින ෆිනික්ස් කුරුල්ලෙක් වගේ වුණා.
ඉතින් නික්ගේ ජීවිතයෙන් අපිට ගන්න පුළුවන් බොහෝ දේ තියෙනවා.1+1=2 කියන්න පුළුවන්. 1+1=11 කියන්නත් පුළුවන්.1+1=1 කියන්නත් අපට පුළුවන්.මේ ලෝකේ තියෙන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුර තීරණය වෙන්නේ අපි ඒ ප්‍රශ්නයට පිළිතුරු ලියන විදියත් එක්ක.ඒ ප්‍රශ්නය දිහා බලන විදියත් එක්ක. ෆිනික්ස් කුරුල්ලෙක් වෙන්න අපි හැම කෙනෙක්ට ම පුළුවන්.කරන්න තියෙන්නේ එකම දෙයයි.
“Out Of Frame” හිතන්න පුරුදු වෙන්න. මොකද මේ “ලෝකය වෙනස් කළ හැම කෙනෙක් ම රාමුවෙන් පිට හිතපු ෆිනික්ස් කුරුල්ලෝ…..”
රාමුවෙන් පිට හිතන්න ඕනනම් ඔයාලා එකතු වෙන්න ඕන Business HUB සමඟින්. මොකද අපි ඔබව එක්ක යන්නේ වෙනස්ම ගමනක්… ඒ සාර්ථකත්වයේ ගමන…
සුපුන් භාග්‍යා වීරකෝන් විසින් Itnnews.lk වෙත ලියූ ලිපියකින් උපුටාගන්නා ලදි.
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Jan 11, 2024 | Business HUB සිතුවිල්ල
යෝධ නෞකාවක එන්ජිමක් කැඩී ගොස් කිසිවෙකුට එය අලුත්වැඩියා කිරීමට නොහැකි වූ නිසා ඔවුන් වසර 40 කට වැඩි පළපුරුද්දක් ඇති යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු කුලියට ගත්හ.
ඔහු ඉහළ සිට පහළට එන්ජිම ඉතා පරිස්සමින් පරීක්ෂා කළේය. සියල්ල නිරික්ෂණය කර අවසන් වූ පසු ඔහුගේ ආම්පන්න ඇති බෑගය විවෘත කර කුඩා මිටියක් එළියට ගත්තේය.
ඔහු යම් ස්ථානයකට මෘදු ලෙස තට්ටු කළේය ඔහු වැඩි කාලයක් නොගෙන විනාඩි 20කට පසු නැවේ එන්ජිම නැවත පණ ගන්වා ගැන්වීමට ඔහු කටයුතු කලේය.
සතියකට පසු ඉංජිනේරුවරයා සඳහන් කළේ යෝධ නෞකාව අලුත්වැඩියා කිරීම සඳහා තමන්ගේ මුළු වියදම ඩොලර් 20,000 ක් බවයි.
“කුමක් ද?!”
අයිතිකරු පැවසීය.
“ඔබ කිසිවක් කර නැත. අපට සවිස්තරාත්මකව බිල්පතක් දෙන්න.”
පිළිතුර සරලයි:
මිටියෙන් තට්ටු කරන්න: $ 2 යි.
තට්ටු කළ යුතු ස්ථානය සහ කොපමණ තට්ටු කළ යුතු වාර ගාන දැන ගන්න:
$ 19,998 යි.
කෙනෙකුගේ විශේෂතාව සහ අත්දැකීම් අගය කිරීමේ වැදගත්කම තේරුම් ගන්න මන්ද ඒවා, අත්හදා බැලීම් සහ කඳුළු වල ප්‍රතිපල වන බැවිනි.
වැඩිදුරටත් ඔහු මෙසේ පැවසුවා මම විනාඩි 30 කින් වැඩේ අවසන් කලත් එය අවසන් කරන්න ඉගෙන ගන්න මට අවුරුදු 20 ක් ගතවී තිබෙනවා.
ඔබ මට ගෙවන්නේ මම වැඩේ අවසන් කරන්න ගත් කාලයට නොවේ ඒ වැඩේ අවසන් කරන්න මම ඉගෙනගත් කාලයටයි ඔහු සදහන් කරා.
මිනිසෙක්ට යම් කටයුත්තක් ඉක්මනින් අවසන් කරන්න හැකි වීමට නම් එය ඉක්මනින් සිදුකිරීමට බොහො දේවල් ඉගෙන ගැනීමට සිදුවේ. ඒ ඔහුගේ හැකියාව සහ දක්ෂතාවයයි. කිසිම දිනෙක කිසිවකුගේ හැකියාවක් සහ දක්ෂතාවයක් අඩුවෙන් තක්සේරු නොකරන්න.
බොහොමයක් අය අපි යම් දෙයකට මිළක් කීවහම, උදාහරණයක් ලෙස වෙබ් අඩවි නිර්මාණයක් ගනිමු. “ලක්ෂ 2ක් වෙනවද ඕක හදන්න, මං ෆේස්බුක් එකේ දැක්කා රු.2500ටත් හදාගන්න පුලුවන් තැන් තියෙනවා ඕන තරම් කියලා අවතක්සේරුවට ලක් කරනවා. මමනම් පෞද්ගලිකව සාමාන්‍යයෙන් කිසිම දෙයක වටිනාකමක් අඩු කරන්නේ, මිළ අඩු කරන්නේ නෑ. නැති බැරි අයට, නැගී සිටින්න වෙර දරන අයට උදව් කරන එක එක දෙයක්. නමුත් යම් දෙයක වටිනාකමක් අඩු කරන මිනිස්සු හරිනම් අපේ ජීවිතයට ලං කරගන්නත් හොඳ නෑ. මොකද ඒ දේ අපි ඒ මිනිස්සුන්ට කරලා දුන්නට පසුවත් ඔවුන් ඒක අවතක්සේරුවට ලක් කරන්න උත්සාහ කරනවා.
ලෝගෝ එකක් හදාගන්න රු.1,000ක් ගන්නවද, රු.100ට හදන තැන් ෆේස්බුක් එකේ තියේ. AI Photo එකක් හදන්න සල්ලි ගන්න ඕනද, නොමිළයේ කරලා දෙන්නකෝ ඔයා දන්නවනේ හදන විදිහ වගේ මිනිස්සු ඕන තරම් දේවල් කියනවා…
ඒ වගේම Business HUB PASS එක අපි යම් අයෙක්ට නොමිළයේ දෙන්නේ ඔවුන් අපගේ මහන්සියට, කැපවීමට අගයක් දෙනවනම් පමණයි. නොඑසේනම් එයට අදාල මිළ ඔවුන් ගෙවන්න ඕන. මන්ද අපි මේ උගන්වන දේවල් ඔබට උගන්වන තත්වයට එන්න අපි වසර 30 ගාණක් ඒ පිළිබඳව ඉගෙන ගත්තා. ඒ දැනුමෙන් තමයි ඔබට මග පෙන්වන්නේ…
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Jan 10, 2024 | Business HUB සිතුවිල්ල
ජීවිතය දිනන්න නිශ්චිත වයසක් නැහැ…
ඔබට සිහින දකින්නට අයිතියක් ඇත. එහෙත් හැමදාමත් සිහින දැකීමෙන් පමණක් ජීවිතය සාර්ථක වන්නේ නැත. ඒ සිහින සැබෑකරගන්නට ද ඔබ උනන්දු විය යුතුයි.
ඒ සඳහා කැපවීමෙන් වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කළ යුතුයි. ජීවිතය සාර්ථක වන්නේ එවිටයි.
එමෙන්ම ඔබ තවත් දෙයක් වටහා ගත යුතුය. එනම් අපි කවදා කුමන මොහොතක සාර්ථක වේදැයි කිව නො හැකිය. සමහර විට අපිට ඉක්මනින්ම සාර්ථක වීමට අවස්ථාව උදා වේ. තවත් විටෙක ඒ සඳහා වසර ගණනාවක් වුවද ගත විය හැකියි. අවශ්‍ය වන්නේ අපේ ඉවසීමයි. නොපසුබට උත්සාහයයි. වරක් සාර්ථක වී නැවත අසාර්ථක වන්නට ද පුළුවන. එහෙත් අප නැවත උත්සාහ කළොත් අපිට නැවත ද සාර්ථක විය හැකියි.
ජීවිතය යනු හැමදාමත් එකම රිද්මයකට ගලන්නක් නොවේ. එහි නැඟීම් මෙන්ම බැසීම් ද තිබිය හැකියි. ඒබව වටහාගෙන ජීවත්වන විට කුමන මොහොතක අසාර්ථක වුවද ජීවිතය අත්හරින්නේ නැත. එමෙන්ම නැවත නැඟිටින්නට උත්සාහ කරයි. ජීවිතය පිළිබඳ අසුබවාදී වන්නේ නැත. එහෙත් අප අතර හිඳින බොහෝ අය සාර්ථක වන්නට උත්සාහ කරන්නේ නැත. සමහර අය ඒ සඳහා එක්වරක් දෙවරක් උත්සාහකර නොහැකි වුවහොත් එතැනින් සියල්ල අතහැර දමයි. තවත් අය උත්සාහ කිරීමට බිය වෙති. තවත් පිරිසක් පරාජය දරාගන්නට නො හැකිව ජීවිතය අහිමි කරගනී. එහෙත් ධෛර්යවන්තයා සියල්ල දරාගෙන නැවතත් නැඟී සිටී.
‘අමිතාබ් භච්චන්’ එහෙමත් නැත්නම් ‘බිග් බී’ ලෙසින් මුළු ලෝකයම ආදරයෙන් අමතන භාරතයේ මහා නළුවා ඔබ ද හොඳින්ම හඳුනන්නෙකි. එහෙත් ඔහුගේ ජීවිතය ගලා ගිය රිද්මය හෝ ඔහුගේ සාර්ථකත්වයේ කතාව නම් ඔබ අසා නැතුව ඇති.
ඔහු, මා ඉහතින් සඳහන් කළ බිඳ වැටීම් දරාගෙන දිරියෙන් නැවත නැවතත් ජීවන සටනට මුහුණ දී ජයගත් මිනිසෙකි. එපමණක් නොව තමා දිනූ ජීවිතයෙන් අන් අයටත් සරණක් වූ දැවැන්තයෙකි.
නළුවෙක් කියූ සැණින් බොහෝ අය සිතන්නේ ඔවුනගේ ජීවිතවල සමනල පියාපතක සැහැලුව මෙන්ම මිල මුදල් ද හිඟයක් නොමැති බවය. එහෙත් එය ඔබ හිතන තරම් සුන්දර නොවේ. සමහර විට ඔබ ගෙවන ජීවිතයට වඩා ඔවුනගේ ජීවිත දුෂ්කර වේ.
මේ ඒ ධෛර්යවන්ත මිනිසාගේ ජීවිතයේ සාර්ථකත්වය ගලාගෙන ගිය කතාවයි.
දිල්ලියෙන් මුම්බායිවලට
1968 දී හීන්දෑරි උස තරුණයෙක් පවුලෙන් වෙන්වෙලා දුම්රියෙන් දිල්ලියේ ඉඳලා මුම්බායිවලට එන්නේ තමන් නිරන්තරවම දැකි සිහිනයක් සැබෑ කරගන්නයි. ඒත් ඒක සැබෑකරගන්න එක හිතන තරම් ලේසි නැහැ කියලත් මේ තරුණයා දැනගෙන හිටියා. ඒ හින්දම මුම්බායිවල බොහොම පුංචි රැකියාවක් සොයාගෙන එදාවේල යන්තම් සරිකරගෙන ඉඩ ලැබෙන හැම වෙලාවෙම ඔහු චිත්‍රාගාර අසල කැරකුණා. ඒ තමන්ගේ හීනය සැබෑගකරගන්න යන්තම් හරි උපකාරයක් වේවි කියලා. ඒක අරගලයක් වුණා. නිදාගන්න තැනැක් නැති මේ තරුණයා ගේ රාත්‍රීන් වැඩිපුරම ගෙවුණෙ මුම්බායි මුහුදු වෙරළෙ. වැස්සට තෙමෙමින් අව්වට වේළෙමින් චිත්‍රාගාරවල සේවකයන්ගෙන් බැණුම් අහමින් වුවත් ඔහු ඒ ගමන නතර කළේ නැහැ. නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු පසුපස යමින් තමන්ටත් රගපෑමට අවස්ථාවක් සොයාගන්න වෙහෙසුණා.
ගමන අරඹයි
මේ තරුණයාගේ අසාමාන්‍ය උසයි කටහඬේ ඇති ගොරෝසුබවයි ගැන හිතන අධ්‍යක්ෂවරු මොහුට අවස්ථාවක් දෙන්න පසුබට වුණා. ඒත් අත්නොහැරීමේ පුරුද්දත් පරාජය භාර නොගැනීමේ පුරුද්දත් නිසා ඔහු දිගින් දිගටම වෙහෙස වී අවස්ථා සොයාගෙන ගියා. ඒ වෙහෙසේ ප්‍රතිඵලයක් විදිහට 1969 දී ඉචචබ ඩඪදඤභඵබචදඪ චිත්‍රපටයේ රඟපෑමේ අවස්ථාව උදාවෙනවා. මේ විදිහට චිත්‍රපට කිහිපයක රඟපාන ඔහුට එකල ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ සිටි රාජේෂ් ඛන්නා සමඟ ‘ආනන්ද්’ සිනමා සිත්තමේ රඟපෑමට අවස්ථාව උදා වුණා. එහි රඟපෑමෙන් හොඳම සහය නළුවාට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි කරගන්නත් ලැබෙනවා. ඉන්පස්සේ ‘සලීම්’, ‘සන්ජීර්’ වගේ චිත්‍රපට හරහා ප්‍රසිද්ධිය ඔහු වෙත එනවා. ‘ෂෝලේ’, ‘කාලියා’, ‘සිල්සිලා’ වගේ චිත්‍රපටවලින් බොහොම ජනප්‍රිය වුණු අමිතාබ් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නඟිනවා. ඒ අතර දර්ශන තලයක දී සිදුවුණු අනතුරක් නිසා ජීවිතයත් මරණයත් අතර සටනකින් අන්තිමේ ඔහු ජීවිතය දිනනවා.
බැසීම සහ නැවත ඇරඹීම
ඒත් ඊටපස්සේ ක්‍රමයෙන් උදාවෙන්නේ ජීවිතයේ කඩා වැටීම්. විවාහ වෙලා දරුවන් ලැබුණත් 90 දශකය වෙනකොට අමිතාබ් තමන්ගේ වෘත්තීය ජීවිතයෙන් බොහොම පහළට වැටෙනවා. ඊට පස්සේ ඔහු සිය බිරියගේ ධනයත් යොදා ඒඕඛ්ඹ් චිත්‍රපට නිෂ්පාදන ආයතනය අරඹන්නේ ජීවිතය නැවතත් දිනන්න හිතාගෙනයි. ඒත් ඒකෙන් වෙන්නේ අතේ සතේ නැතිකරමින් බුන්වත් පුද්ගලයෙක් බවට පත්වෙන්නයි. බැංකුවලට ණය වෙන්නයි. ඒත් අමිතාබ් නෙමෙයි ජීවිතය අතහැරියේ. තමන්ට මිල මුදල් හිඟ වුවද දරුවන් සමඟ ජීවත් වෙන්න අතේ මුදල් නැති වුවද ඔහු කළේ නැවත නැවතත් තමන්ගේ හැකියාවන් උරගා බැලීමයි. වැටෙන හැම මොහොතකම යළි යළි නැඟිටින්න ඔහු ගත්තේ අප්‍රමාණ වෙහෙසක්. ඒ අතර 2000 අවුරුද්දේ දී මොහොබ්බතීන් චිත්‍රපටයේ කළ රංගනය සමඟින් ඔහු නැවතත් සිනමා කර්මාන්තයෙන් ජීවිතය උරගා බලනවා. එමෙන්ම Kaun Banega Crorepati (Who Will Become a Millionaire) නම් අමිතාබ් මෙහය වූ කාටද කෝටිපතියකු වන්න වුවමනා කියන රූපවාහිනී වැඩසටහන ආරම්භ වුණා. මේ වැඩසටහන බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහනකට අනුව සැකසූවක්. ඔහු එහි නිවේදකයා. මේ වැඩසටහන අමිතාබ්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා.
තරුණබවට වඩා මහලු පෙනුමට ඉල්ලුමක්
එතැනින් පසුව සිදුවන්නේ තරුණ අමිතාබ්ට තිබුණට වඩා ඉල්ලුමක් වයසක අමිතාබ්ට හිමි වීමයි. තරුණ වියේදී නොදුටු කඩවසම් බවක් මෙන්ම ප්‍රතිරූපයක් ද වයසක අමිතාබ්ට හිමි වෙනවා. රූපවාහිනී වැඩසටහන් වගේම චිත්‍රපට ද ඔහු වෙත පෝළිමේ ලැබෙනවා. එදා ඕල් ඉන්ඩියා ගුවන් විදුලියේ හඬ පරීක්ෂණයකින් අසමත්වන අමිතාබ් මෙදා නිවේදන වෘත්තියේ ද පරිණත පුද්ගලයෙක් බවට පත්වෙනවා. දැන් ඔහු කෝටිපතියෙක්. අමෙරිකන් ඩොලර් මිලියන 400 ක දළ වත්කමක් තියෙන පුද්ගලයෙක්. සිනමා කර්මාන්තය වෙනුවෙන් පිදෙන විවිධ සම්මාන රැසක්ම ඔහු ට හිමිවුණේ සිය මහලු වයසේ කළ රංගනයන් සඳහායි. ඒ විතරක් නෙමේ ඔහු වෙත මේවන විට සම්මාන 220කට වැඩි ප්‍රමාණයක් විවිධ දේ සඳහා හිමි වී තියෙනවා. ඒවා ලැබුණෙත් මේ මහලු වයසේ දී ය. බ්‍රිතාන්‍යයේ මැඩම් ටූසාඩ් කෞතුකාගාරයේ තමන් වෙනුවෙන් ඉටි රූපයක් පළමුවරට හිමිවූ ඉන්දියානුවත් ඔහුයි.
අද වන විට ඔහුගේ ඉටි රූප නිව්යොර්ක්, හොංකොං නගරවල මෙන්ම දිල්ලියෙත් තියෙනවා. හඬ පරීක්ෂණයෙන් අසමත් වු අමිතාබ් අද සිංදුත් කියනවා. සම්මාන ලද ‘පා’ චිත්‍රපටයේ පසුබිම් ගායනයෙන් ද අමිතාබ් සිය දක්ෂතාව පෙන්වූවා.
එදා කෝච්චියට නැඟලා තනියම දිල්ලියෙන් ආව තරුණ කොල්ලා අද තමන්ගේ හැම හීනයක්ම සැබෑකරගෙන. පසුගිය ඔක්තෝබර් 11 වැනිදා සිය ජීවිතයේ 76 වැනි සැතපුම් කණුව පසුකළ මේ දැවැන්ත පුද්ගලයා ආයෙත් හැරිලා තමන්ට වැරැදුණු තැන් බැලුවේ නැහැ. ඉදිරියටම යනවා. ඒ යන්නෙත් නිකනම් නොවෙයි. අනෙක් පුද්ගලයන්ටත් ජීවත් වෙන්න හව්හරණයක් වෙමින්.
ගොවීන්ගේ ණය ගෙවයි
අද ඔහු දුගී මිනිසුන්ට සෙත සලසන දානපතියෙක්. ලංකාවේ වගේම වගා ණය ගෙවා ගන්න බැරුව ඉන්දියාවේත් දහස් ගණන් මිනිසුන් සිය දිවි හානි කරගන්නවා. තමන් උපන් ගමේ එවැනි ගොවීන් 350 දෙනකු ලබාගෙන තිබූ බැංකු ණය ගෙවා ඔවුන් නිදහස් පුද්ගලයන් බවට පත් කළා.
නැවතත් ගිය මාසයේ දී තමන්ගේ උපන් ගමේ ගොවීන් 1398 දෙනකු බෑන්ක් ඔෆ් ඉන්ඩියා බැංකුවෙන් ලබාගෙන තිබුණු බැංකු ණය ගෙවා දැමුවා.
ඒ ගොවීන්ගෙන් කිහිප දෙනකු මුම්බායි වෙත ගෙන්වා සිය දියණියගේ අතින් ලියකියවිලි බෙදා දුන් අමිතාබ් තම ට්විටර් පිටුවේ සඳහන් කළේ ‘ලක්ෂ්මිට නිවෙසට එන්න දුන්නා. දුව ඒවා ඔවුන්ට දුන්නා. ලක්ෂ්මි කියන්නේ ධනයේ දේවතාවියයි. මගේ දියණිය ස්වේතා මගේ නිවෙසේ ලක්ෂ්මියයි.’
එසේ නම් වැටි වැටී ජීවිතය දිනන්න අවස්ථාව ඔබටත් තියෙනවා. අද තරුණ අවධියේ නොහැකි වුවත් මැදි වයසේ දී නැත්නම් මහලු වියට එළැඹි විට වුවත් එය සිදු විය හැකියි. ඒ සඳහා නිශ්චිත දවසක් වෙලාවක් නො තිබෙන්න පුළුවන්. අවශ්‍ය වන්නේ කැපවීම, ධෛර්යවන්ත වීම හා අත් නො හැරීම පමණයි. එය යථාර්ථයක් කළ අමිතාබ් ගේ කතාව මෙය කියවන ඔබටත් වලංගුයි.
ඔබ කුමන වයසේ සිටියත් ඔබේ ගමන දැන් හෝ ආරම්භ කල හැක. ජයග්‍රහණය දැන් වුවද ලබාගත හැක. Business HUB සමඟින් ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න.
අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදි. පාලිකා දිල්රුක්ෂි විසින් තරුණී වෙබ් අඩවියට ලියූ ලිපියකි.
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla