Select Page

ආසියාවේ ප්‍රථම නොබෙල් සම්මානලාභී විද්‍යාඥයා වූ මහාචාර්ය සී. වී. රාමන් රැකියාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු බැංගලෝරයෙන් පර්යේෂණායතනයක් ආරම්භ කිරීමට කල්පනා කළා. ඒ නිසා ඔහු ඒ වෙනුවෙන් ඔහුගේ නමින් පුවත්පත් දැන්වීමක් පළ කළා, භෞතික විද්‍යාඥයන් තිදෙනකු සේවයට බඳවා ගැනීමට අවශ්‍ය බව කියා.

ඒ සඳහා ඉල්ලුම් පත් රැසක් භෞතික විද්‍යාඥයන්ගෙන් ලැබුණා. බොහෝ විද්‍යාඥයන් ඒ සඳහා ඉල්ලුම් ක‍ළේ තමන් තේරුණේ නැතත් අඩු තරමින් එයින් ඒ කීර්තිමත් මහාචාර්යවරයා හමු වීමට වත් එය අවස්ථාවක් කර ගත හැකි වෙතැයි සිතූ නිසයි.

මූලික තේරීම්වලින් පසු පස් දෙනෙකුට අවස්ථාව ලැබුණා, මහාචාර්ය රාමන් හමුවීමට. ඒ අවසන් සම්මුඛ පරීක්ෂණය සඳහා. ඒ අවසන් පරීක්ෂණය පැවැත් වූයේ මහාචාර්ය රාමන් විසින්මයි. ඒ පස් දෙනා අතරින් තමන්ට අවශ්‍ය තුන් දෙනා තෝරා ගත්තේ එතුමායි.

පසුදා උදේ මහාචාර්යවරයා සුපුරුදු පරිදි සිය සක්මනෙහි යෙදී ආපසු එමින් සිටියදී එක් තරුණයෙක් එතුමන් හමුවන බලාපොරොත්තුවෙන් ඒ මග රැඳී සිටියා. ඒ තරුණයා තමා විසින් පෙරදා සම්මුඛ පරීක්ෂණයෙන් පසු ප්‍රතික්ෂේප කළ දෙදෙනාගෙන් කෙනෙකු බව එතුමා දුටු විගස හඳුනා ගත්තා. ඒත් ඒ තරුණයා තමාගේ ඥාතියකු බවවත් එතුමා දැන සිටියේ නෑ.

‘මොකද ඉලන්දාරියා ප්‍රශ්නේ?’ එතුමා ඒ තරුණයාගෙන් ඇසුවා.

තමාට කිසිදු ප්‍රශ්නයක් නැති බව ඉතා ගරුසරු ඇතිව කී ඒ තරුණයා තමා ඊයේ එතුමා පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයෙන් පසු එතුමාගේ කාර්යාලයෙන් තමාගේ ගමන් වියදම් වශයෙන් තමා ඉල්ලුම් කළ මුදලට වඩා රුපියල් 7ක් වැඩිපුර ගෙවා ඇති බවත් තමාට ඒ මුදල ආපසු දීමට අවශ්‍ය වුනත් ගිණුම් අංශය වසා ඇති නිසා ඒ මුදල ආපසු බාර ගැනීමට හැකියාවක් නැතැයි කියා ඒ මුදල තමාට කැමති දෙයක් කෑමට වැය කරන්නැයි ඔවුන් කී බවත් පැවැසූ තරුණයා තමාට අයිති නැති මුදලක් ගැනීම සුදුසු නැතැයි තමා සි.න බවත් කියා සිටියා.

‘ඔබට අවශ්‍ය ඒ රුපියල් 7 ආපසු දීමට නේද?’ කියා ඇසූ මහාචාර්ය වරයා ඒ රුපියල් 7 තරුණයා අතින් ගත්තා. අරන් පියවර කීපයක් ඉදිරියට ගිය එතුමා ආපසු හැරී තරුණයාට කීවා පසුදා උදේ 10.30 ඇවිත් තමා හමුවන ලෙසට.

තරුණයා බොහෝ සේ සතුටු වුණා යළිත් වරක් ඒ ශ්‍රේෂ්ඨයා හමුවීට තමාට අවස්ථාක් ලැබීම ගැන.
තරුණයා කී වෙලාවට හරියට මහාචාර්යවරයා හමුවීමට ගියා. එහි දී ඔහුට මහාචාර්ය වරයා කීවේ මෙහෙම කතාවක්.’පුතා, ඔබ භෞතික විද්‍යා පරීක්ෂණයෙන් අසමත්වුනක් අවංකකම පිළිබඳ පරීක්ෂණයෙන් සමත්. ඒ නිසා මම ඔබට නව රැකියා අවස්ථාවක් ඇති කළා.’ එවේලේ ම ඔහු ඒ රැකියාවට බඳවා ගත්තා.

තරුණයා පුදුමයට පත් වුණා. ඉතා කැමැත්තෙන් ඒ රැකියාව බාර ගත්තා. එහෙත් ඔහුගේ ඒ ගමන එතැනින් නැවතුණේ නැහැ. ඔහු වැඩිදුර අධ්‍යයනය සඳහා එංගලන්තයටත් එතැනින් ඇමරිකාවටත් ගියා. ඇමරිකාවේ පුරවැසිකමද ලැබුවා. රාමන්ටත් වැඩි කීර්තියක් අත්කරගත් ඔහු පසු කලෙක 1983 දී නොබෙල් සම්මානයකින් පවා ඔහුත් පිදුම් ලැබුවා. ඒ තරුණයා තමා මහාචාර්ය සුබ්‍රමානියම් චන්ද්‍රශේඛර්. ඔහු ‘මගේ ජීවිතය වෙනස් කළ රුපියල් 7 කියලා’ පොතක් ලියලා මේ බව සඳහන් කරලා තියෙනවා.

සටහන පර්සි ජයමාන්න ✍️ උපුටා ගැනීම මල්කැකුළුCom

Business HUB එකෙත් අපි සාමාජිකයින්ගෙන් අවංකත්වය බලාපොරොත්තු වෙනවා. මාත් සමඟ ලඟින් ඇසුරු කරන ඕනෑ කෙනෙක් දන්නවා මම කොපමණ අවංකව මේ ආයතනය කරගෙන යනවද කියලා.

මම උදාහරණ කිහිපයක් කියන්නම්. මෑතකදී අප PASS එක ලබාගත් සාමාජිකයෙක්ට අවශ්‍යතාවයක් තියේ ඉක්මනින්ම ලක්ෂපතියෙක් වෙන්න. ඔහු මට දිනපතා විවිධ වූ වංචාකාරී වැඩ ගැන අදහස් දෙනවා, ඔහු ඒවා ක්‍රියාත්මක කරලා දියුණු වෙන්න ඕන කියනවා. ඔහු හදන්නේ විශාල පිරිසක් රවටා වංචාවට ලක්කර ෆේස්බුක් සහ වට්ස් ඇප් එකෙන් ඔවුන් බ්ලොක් කර සල්ලිත් අරන් මාරුවෙන්න. නමුත් හැම මොහොතකම නිවැරදි නායකයෙක් ලෙස මා හරි මග පෙන්වාදෙනවා ඔහුට. ඉක්මනින් නොව හරි විදිහට සල්ලි හොයන්න පාර කියලා දෙනවා.

තවත් අලුත් සාමාජිකයෙක්ට මම Advertising Company එකක් දාලා දුන්නා. ඔහු අපේ සේවා නැවත අලෙවි කරනවා. හැබැයි බොරු කියලා. ඒ කියන්නේ අපේ ආයතනයෙන් නොදෙන සේවා ව්‍යාජ ලෙස වෙළඳදැන්වීම් සකස් කර අලෙවි කරන්න උත්සාහ කරනවා. උදාහරණයක් ලෙස අපි ෆේස්බුක් Followers Worldwide Audience එකකින් අරන් දෙනකොට ඔහු කියනවා ඔහු Sri Lankan Audience එකකින් දෙනවා කියලා. ඉතිං අවසානයේ පාරිභෝගිකයා රැවටෙනවා. නමුත් එසේ කිරීමෙන් ඔහුට ක්ෂණික ලාභයක් ලැබුණත් ආයතනයක් ලෙස දිගු ගමනක් සාර්ථකව යන්න බෑ කියලා මම ඔහුට කිහිපවරක් අවවාද කලා.

මේ මට පෞද්ගලිකව වුන දෙයක්. මා අපගේ සාමාජිකයින්ට ත්‍යාග ලෙස ලබාගැනීමට ස්මාර්ට් ෆෝන් කිහිපයක් මිළදී ගත්තා. ඒවායේ ඇප් ඉන්ස්ටෝල් කල නොහැකියි. ඒ නිසා ගොඩක් අය මිළදීගන්න අකමැතියි. මම ෆෝන් එක පිළිබඳව Facebook Marketplace ඇඩ් 20 අධික ප්‍රමාණයක් දැම්මා. මට එම ඇඩ් වලට පිළිතුරු ලෙස මැසේජ් 17,500කට අධික ප්‍රමාණයක් ලැබී තිබෙනවා. මම ඒ හැම මැසේජ් එකකටම A4 Sheet 3ක් විතර දිග විස්තරය සරල සිංහලෙන් යවනවා ෆෝන් එක ගැන. විස්තර කියවන අය මම ඒ ෆෝන් එකේ හොඳ වලට වඩා අඩුපාඩු ලියලා තියෙන නිසා මිළදී ගන්නේ නෑ. අවුරුදු 2ක් ගියා. ෆෝන් 15කින් තවමත් ෆෝන් 8ක් ඉතිරිව තියේ. හැබැයි අද වෙනතෙක් මම ෆෝන් ටික විකුණගන්න ඕන කියලා බොරුවට කිසි කෙනෙක්ට විස්තර නොයවා හිටියේ නෑ. මට ඕනනම් රු.7,600ට අලෙවි කරන මේ ෆෝන් එක (බ්‍රෑන්ඩ් නිව්) කිසිමදෙයක් නොකියා අලෙවි කරන්න තිබ්බා. ඒත් මම එහෙම කලේ නෑ. මොකද කවද හරි ඔහු/ඇය බලාපොරොත්තු වන දේ මේ ෆෝන් එකේ නොතිබ්බොත් ඔවුන් පසුතැවිලි වෙන එක ගැන මම කණගාටු වෙන්න වෙනවා. මට වෙන්නේ පාඩුවක් තමා. ඒත් තව අයෙක් රැවටෙන එක ගැන මට දුකයි.

මම ඒ නිසා දන්න කියන කාලේ ඉඳන් ඕනම දෙයක් ගැන කෙනෙක්ට කියනකොට, විශේෂයෙන්ම ඔන්ලයින් බිස්නස්/රැකියා ගැන පෝස්ට් පළකරනකොට A4 Sheet 7-8 විස්තර ලියනවා. අන්න ඒ හේතුව නිසා, කියවන්න අකමැති, කම්මැලි, මෝඩ මිනිස්සු ඒවට සම්බන්ධ වෙන්නේ නෑ. හැබැයි වෙන ආයතන වල “ඔන්ලයින් ජොබ් එකක් තියේ. 100$ක් ඩිපොසිට් කරන්න ඕන. මීටින් එකට එන්න” කීව ගමන් මිනිස්සු ඒවට සම්බන්ධ වෙලා අමාරුවේ වැටෙනවා. මේ පේජ් එකේ මම සෑම දිනකම උදේ 8 සිට පාන්දර 1 දක්වා ලිපි පළකරනවා. දැනට ලිපි 500 වඩා පළකර තියේ. හැම එකක්ම අකුරෙන් අකුර ගලපලා ලියනවා. ඒ ඔබේ දියුණුව වෙනුවෙන්. හැබැයි ඒ ලිපි කියවන්නේ 0.0001% වගේ සුළු පිරිසක්. ඒ දියුණු වෙන්න උත්සාහය, කැපවීම තියෙන අය…

හැමවිටම අවංක වෙන්න. ඔබේ දියුණුව ප්‍රමාද වෙන්න පුලුවන්. හැබැයි අනිවාර්යයෙන් දියුණු වෙනවා…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla