by admin | Dec 22, 2023 | Business HUB සිතුවිල්ල
දිනක් කාන්තාවක් වීදියක් දිගේ ඇවිදගෙන යන විට මහළු පෙනුමක් ඇති දිරා ගිය ඇඳුම් වලින් සැරසුණු හිඟන්නෙක් පාර අයිනේ වාඩි වී සිටිනවා දකිනවා…
පාරේ ගමන් කරන හැමෝම මේ රැවුළ කොණ්ඩේ වවාගෙන ඉතාම කිළිටි ඇඳුම් ඇඳ සිටින යාචකයා දිහා සමච්චල් සහගත ලෙසත් පිළිකුල් ලෙසත් බලනවා. නමුත් ඉහත කී කාන්තාව එම හිඟන්නා ළඟට යනවා…
යාචකයා දුටු ගමන් මේ කාන්තාවගේ හදවත ඔහු කෙරෙහි කරුණාවෙන් පිරී යනවා. පෙබරවාරි මාසයේ අධික ශීතල දිනයක් වුවත් මේ යාචකයා ශීතලට ඔරොත්තු දෙන ආකාරයේ ඇඳුම් හැද සිටියේ නැහැ. කාන්තාව හෙමින් මේ යාචකයාට සමීප වෙලා,
“සර්,ඔබ හොඳින්ද..?”
කියලා අහනවා…
යාචකයා පුදුම වෙනවා. යාචකයා මේ කාන්තාව දිහා හොඳින් බලනවා. ඔහුට පෙනුණා ඉතාම ධනවත් පෙනුමක් සහිත කාන්තාවක් ඔහු ඉදිරියේ සිටිනවා…
යාචකයා හිතනවා මේ කාන්තාවත් අනික් මිනිස්සු වගේම තමයි කියලා. ඔහු හිතනවා ඇය ඔහුට සමච්චල් කරන්න ඒ විදියට කතා කලා කියලා. ඉතිං යාචකයා තරහින් ඈ හට බනිනවා…
“කරුණාකර මට පාඩුවෙ ඉන්න දීලා මෙතනින් යනවා” යාචකයා කිවුවා…
නමුත් කාන්තාව හෙලවුණේවත් නැහැ. ඇය සිටි තැන ඉදන්ම…
“ඔබට බඩගිනි නම් යමු අවන්හලකට ආහාර ගන්න…”
යාචකයා හිතුවෙ මෙවරත් ඇය ඔහුට සමච්චල් කලා කියලා…
ඔහු මෙහෙම කිවුවා…
“නැහැ, මම මේ ජනාධිපතිතුමා එක්ක කෑම වේලක් අරන් ඉන්නේ. දැන් මෙතනින් යනවා යන්න…”
යාචකයා තරහින් මෙන්ම සමච්චල් කරන අදහසින් කාන්තාවට එසේ පැවසුවා…
එහෙම කිව්වත් ඒ කාන්තාව හෙලවුණේවත් නැහැ. ඇගේ මුහුණේ තිබූ කරුණාබර හිනාව තව දුරටත් එසේම තිබුණා… කාන්තාව තවත් මේ මහළු යාචකයා ළඟට ලං වෙලා ඔහුගේ අත්වලින් ඔහුව නැඟිටවීමට උත්සහා කළා…
යාචකයාට හොඳටම තරහා ගියා…
“මොකක්ද ගෑණියේ මට පාඩුවේ ඉන්න නොදී මේ කරන්න යන්නේ..?”
කියලා කෑ ගැහුවා…
සද්දේ ඇහිලා ළඟම හිටිය පොලිස් නිලධාරියෙක් එතනට ආවා…
“ඇයි මැඩම් මොකක්ද ප්‍රශ්නේ..?”
පොලිස් නිලධාරියා ඇහුවා…
“නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ. මම උත්සාහ කළේ මෙයාව නැගිට්ටවන්න. ඔබට පුළුවන්ද මට උදව් කරන්න..?”
කාන්තාව පොලිස් නිලධාරීයගෙන් ඇහුවා…
පොලිස් නිලධාරියා පුදුමයෙන් ඈ දෙස බලා මෙහෙම කිවුවා…
“ඔය ඉන්නේ වයසක ජැක්. එයා දැන් අවුරුදු ගාණක් තිස්සේ මෙතන ඉන්නවා. ඔබ මොකක්ද මොහුට කරන්න යන්නේ..?”
කාන්තාව මෙහෙම කිවුවා…
“මම මේ කියමින් හිටියේ ඔහුට කැෆේ එකකට යමු කියලා. කෑම මොනවා හරි කන්නත්, ඔහුගේ සීතල නැති වෙන්න කෝපි කෝප්පයක් බොන්නත්…”
යාචකයාට තවත් තරහා ගියා. ඔහු මෙහෙම කෑ ගැහුවා…
“උබට පිස්සුද ගෑණියේ..? මම කොහෙවත් යන්නේ නැහැ…”
කියලා ඇගේ අත ගසා දමා පොලිස් නිලධාරියා දෙස බලා…
“අනේ මහත්තයා මට යන්න දෙන්න” කියලා කිව්වා…
“ජැක් මේක ඔයාට හොඳ කෑම වේලක් ගන්න ලැබුණු අවස්ථාවක්. ඒක මඟ හරවා ගන්න එපා…”
පොලිස් නිලධාරියා කිවුවා…
පස්සේ ඉතා අමාරුවෙන් මහළු ජැක්ව අවන්හලකට එක්ක යාමට පොලිස් නිලධාරියාට සහ අර කාන්තාවට හැකි වුණා…
දහවල් ආහාරය ගන්න වේලාවට ඉතා ආසන්නව තිබුණා… ඔවුන් තිදෙනා එකම මේසයක අසුන් ගෙන සිටියා. ටික වේලාවකින් අවන්හල් කළමනාකරු ඔවුන් ළඟාට ආවා…
“ඇයි සර්, මේ මනුස්සයාට කරදරයක්ද..?”
කළමනාකරු පොලිස් නිලධාරියාගෙන් ඇහුවා…
“නැහැ, මේ නෝනාට මේ මහළු ජැක්ට කෑම වේලක් අරන් දෙන්න ඕනේ කියනවා…”
කිළිටි, මහළු යාචකයා දෙස පිළිකුලෙන් බැලූ කලමනාකරු,
“ඒකට මගේ අවන්හලේ ඉඩ නැහැ. මේ වගේ මිනිස්සු මේ වගේ තැන් වලට ආවාම අපේ බිස්නස් වලට හොඳ නැහැ…”
කළමනාකරු කිව්වා…
“දැන් ඔබට තේරෙනවාද මම මෙහෙ එන්න බැහැ කිව්වේ ඇයි කියලා..? මට මෙහෙ ඉන්න ඕනෙ නැහැ. දැන්වත් මට යන්න දෙන්න…”
යාචක ජැක් අර කාන්තාවට පැවසුවා. කාන්තාව කළමනාකරු දෙසට හැරුණා…
“මහත්මයා ඔබ දන්නවද එඩිසන් ඇන්ඩ් ඇසෝසියේට් කියන මූල්‍ය ආයතනය..? පහළ වීදියේ තියෙන..?”
කාන්තාව ඇහුවා…
“අනිවාර්‍යෙන්ම මම දන්නවා. ඔවුන් හැම සතියෙම මේ අවන්හලේ කාමරයක් වෙන් කරගන්නවා ඔවුන්ගේ රැස්වීම් පවත්වන්නට…”
කළමනාකරු පැවසුවා…
“මම හිතනවා ඔවුන්ගේ රැස්වීම් සඳහා ඔබේ හෝටලයට සැලකිය යුතු මුදලක් ගෙවනවා කියලා…”
කාන්තාව ඇහුවා…
“ඔබට ඒකෙන් ඇති වැඩේ මොකක්ද..?
කළමනාකරු ඇහුවා…
“මොකද මම තමා ඒකේ හිමිකරු…”
කාන්තාව පැවසුවා…
කළමනාකරුගේ විරෝධතාවය මැකී ගියා. ජැක් සහ අර කාන්තාව වෙත කෝපි සහ ආහාර මේසය වෙත ලැබුණා. පොලිස් නිලධාරියා පිටව ගියා…
කාන්තාව ජැක් ඇමතුවා…
“ජැක් ඔයාට මාව මතකද..?”
ජැක් ඇගේ මුහුණ දෙස හොඳින් බැලුවා. ඔහුට ඇගේ මුහුණ කොහෙදි හෝ මුණ ගැසී ඇති බව වැටහුණා…
“ඔබට මතකද ඔබ මෙහෙ වැඩ කරන කාලයේ නිතරම සීතලෙන් ආරක්ෂා වීමටත්, බඩගින්න නිවා ගන්නටත් මෙහෙ ආව දුප්පත් කෙල්ල..?”
කාන්තාව ඇසුවා…
ජැක්ගේ මුහුණ වෙනස් වුණා. ඔහු පුදුම වුණා. එදා ඔහු දැක්ක කන්නවත් නැතුව දුක් විදපු කෙල්ල අද ඉතා ධනවත් ව්‍යාපාරික කාන්තාවක් වෙලා ඔහු ඉදිරියේ සිටීම ගැන ඔහු පුදුම වුණා. කාලය කොතරම් ගෙවී ගිහින්ද කියලා ජැක් පුදුමයෙන් කල්පනා කළා…
“ඒ වෙනකොට මම උපාධිය සම්පූර්ණ කරලා රැකියාවක් අපේක්ෂාවෙන් හිටියෙ. ඒත් සෑහෙන කාලයක් යනකන් මට රැකියාවක් හොයා ගන්න බැරි වුණා. ටිකෙන් ටික මගේ ළඟ තිබුණ සල්ලි ටික ඉවර වෙමින් තිබුණා… මම නැවතිලා හිටිය කාමරෙන් යන්න කියලා ගෙහිමියන් මට බල කළා. ඉතින් මම ඊට පස්සේ හිටියේ මේ වීදියේ. දවසක් මගේ ළඟ තිබුණු ඉතා කුඩා මුදල වැය කරලා කෑම ටිකක් ගන්න ඇවිදගෙන ආවේ මේ අවන් හලට. එතකොට ඔබ මෙහි මුදල් අයකැමිව හිටියා…”
කාන්තාව කියවගෙන ගියා…
“හරි දැන් මට මතකයි ඔබව…”
යාචකයා පිළිතුරු දුන්නා…
“ඔබ මගෙන් ඉල්ලා සිටියා පිඟන් සෝදලා දෙන්නම්, කෑමට යමක් දෙන්න කියලා…”
යාචකයා කිව්වා…
“අන්න හරි. ඔබෙන් කෑම ඉල්ලගෙන ආව දුප්පත් කෙල්ල මම තමා. ඔබ කිව්වා එහෙම වැඩ කරන්න දෙන්න අවන් හල් හිමිකරුගෙන් අවසර ගත යුතු බව. බලාපොරොත්තු සුන් වූ මම ආපසු හැරී එන්න හදනකොට ඔබ මට කතා කරලා ලොකු සැන්විච් පාර්සලයක් එක්ක කෝපි කෝප්පයක් දුන්නා. මම ඒවා කන අතරතුර මම දැක්කා ඔබ ඔබේ පසුම්බියෙන් මුදල් රැගෙන මට දුන් කෑම වේලට අදාල මුදල ලාච්චුවට එක් කල විදිය..!”
කාන්තාව කියවගෙන ගියා…
“ඊට ටික කාලයකට පසුව මට රැකියාවක් හම්බ වුණා. එයින් උපයා ගත් මුදලින් මම මගේම ව්‍යාපාරයක් පටන් ගත්තා…”
කාන්තාව කිව්වා…
“දැන් ඔබ ඕනේ වෙලාවක මගේ ව්‍යාපාරයට එන්න. ඇවිත් ඔබට කරන්න පුලුවන් කාර්‍ය්යක් කරන්න. මම ඔබට වැටුප් ගෙවන්නම්…”
කාන්තාව පැවසුවා…
යාචකයා, එනම් මහළු ජැක් ගේ ඇස් වලට කඳුළු ආවා…
ඔවුන් ගේ මේසයට කෝපි ලැබී තිබුණා…
“ආහ්, මට අමතක වුණා. මේ කලු කෝපි. ඒ සඳහා ඔබට අවශ්‍ය ක්‍රීම් ද සීනි ද..?”
කාන්තාව මහළු ජැක් ගෙන් විමසුවා…
“නැහැ, මට ඒ කිසිවක් අවශ්‍ය නැහැ. ඔබ සමඟ බොන කෝපි එක මට කොහොමත් රසවත්…”
දෙදෙනාම අවංක හදවතින් හිනා වුණා…💕
පසුවදන: ජීවිතයේ කෙනෙක්ට උදව් කරන්න ලැබෙන අවස්ථා මඟ හැරගන්න එපා. අපි හැමෝම මිනිස්සු. අපිට උදව් අවශ්‍ය වේලාවට එන්නෙත් ඒ මිනිසුන්ම තමා. ඒ නිසා හැකි සෑම විටෙකම මිනිසුන්ට මෙන්ම සතුන්ටත් හදවතින්ම උදව් කරන්න. හදවතින්ම කරන හොඳ කෙදිනක හෝ දෙගුණ තෙගුණ වී අපේ ජීවිත වලටද යහපත උදා කරනවා. එයයි විශ්වයේ නියමය..
හැබැයි එහෙම කරලා හැමදේම විශ්ව මාතාවට එහෙම බාර දීලා ඉන්න එපා… ඔබත් කැපවෙන්න…
සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲන් සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Dec 21, 2023 | Business HUB සිතුවිල්ල
රාජාලි ගැහැනු සතෙකු තම පැටවුන් සඳහා පියෙකු තෝරා ගන්නේ කෙසේදැයි ඔබ දන්නවාද?
ඇය ඒ සඳහා කරන්නේ ඉතා සිත්ගන්නා සුළු දෙයකි,
ඇය ගසක් හෝ පඳුරකින් අත්තක් කඩා, හොටෙන් ගෙන, ඉතා ඉහල අහසට නැගී, එහි රවුම් ගැසීමට පටන් ගනී. එවිට එය දකින රාජාලීන් ගැහැණු සතා වටා පියාසර කිරීමට පටන් ගනී.
පසුව ඇය මෙම අත්ත බිම හෙළා, අහසේ රැඳී බලා සිටී. එවිට සමහර රාජාලීන් වේගයෙන් පහතට පියඹා, මෙම අත්ත අහසේ සිට බිම වැටෙන්නට නොදී අල්ලාගෙන, එය හොටෙන් රැගෙන ඉහල නැගී ඉතා ප්‍රවේසමින් ගැහැණු සතා වෙත ගෙන එයි.
ගැහැනු රාජාලියා මෙම අත්ත හොටින් ගෙන එය නැවත බිම හෙළයි,
පිරිමියා එය නැවත අල්ලා ඇය වෙත ගෙන එයි, ඇය එය නැවත විසි කරයි …
මෙසේ මෙය බොහෝ වාරයක් යලි යලිත් සිදුවේ. මෙසේ අත්ත විසිකරන තාක්, රාජාලියකු ඒ සෑම අවස්ථාවකදීම එය අල්ලාගෙන තමා වෙත රැගෙන එයි නම්, ගැහැනු සතා එම රාජාලියා සිය ස්වාමියා ලෙස තෝරාගනියි.
ඇය මෙය කරන්නේ ඇයිද යන්න ඔබට පසුව වැටහෙනු ඇත.
ඉන් පසු ඔවුන් පර්වත මුදුනක් මතට එකතු වී, ශක්තිමත් ලී දඬු වලින් කූඩුවක් සාදන අතර, මව සහ පියා තම හොටෙන් ශරීරයේ ලොම් සහ පිහාටු ඉරා දැමීමට පටන් ගනී. මෙම ලොම් හා පිහාටු යොදාගෙන ඔවුන් කූඩුවේ ඇති සියලුම සිදුරු පුරවා, මෘදු හා උණුසුම් ලෙස සකසයි.
එසේ මනාව සකසන ලද කූඩුවේ බිත්තර දමන මව, බිත්තර රැකීමෙන් පසු රාජාලි පැටවුන් මෙලොවට පැමිනෙන්නේ ඉතා දුර්වල, පිහාටු නොමැති නිරුවත් ලෙසකිනි. දෙමව්පියන් ඔවුන් වැඩී ශක්තිමත් වන තුරු වර්ෂාවෙන්, දැඩි අව් රශ්මියෙන් වලකා, ඔවුන්ව පියාපත් වලින් වසාගෙන ආරක්ෂා කරති.
ඔවුන් ආහාර, ජලය, ගෙනැවිත් පැටවුන්ට කවන පොවන අතර ඔවුන් සෙමෙන් වැඩෙති. මෙසේ පිහාටු වැඩීමට පටන් ගෙන පියාපත් සහ වලිගය ශක්තිමත් වේ. ඔවුන් තවමත් කුඩා වුවත් දැන් ඔවුන්ට කූඩුවෙන් පිටතට පැමිනීමට කාලය එළඹ ඇතිබව දෙමාපියන් වටහා ගනියි.
තාත්තා කූඩුවේ පිටතින් පැමින පියාපත් වලින් එයට පහර දීමට පටන් ගනියි. මෙම පහරදීමෙන් කූඩුව සෙලවෙන අතර එහි සිදුරුවල හා සුවපහසුව ඇතිවන ලෙස අලවා තිබූ පිහාටු හා ලොම් ගැලවී හැලී ගොස් දැඩි අතු රිකිලි සහිතව මුල් අවස්ථාවේ තිබූ ලෙස රාමුව පමණක් ඉතිරි වේ. මව පෙනෙන්නට නොමැත.
රාජාලි පැටවුන් මෙම සෙලවෙන කූඩුව තුළ හිඳගෙන සිටින අතර, ඔවුන් අපහසුතාවයට පත් වී, බිය වී ඇති නමුත් සිදු වූ සියලු දෙය ඔවුන්ට නොවැටහේ.අම්මා සහ තාත්තා කලින් ඉතා ආදරයෙන් හා සැලකිලිමත්ව සිටියද දැන් ඔවුන් වෙනස් වී ඇත.
මේ අවස්ථාවේදී අම්මා කොහේ හෝ සිට පියාසර කරමින් පැමිනෙන අතර ඇගේ හොටේ මාලුවකුද සිටියි. එහෙත් වෙනදා මෙන් අල්ලාගෙන පැමිනි මාලුවා රැගෙන ඔවුන් වෙත නොපැමින කූඩුවේ සිට තරමක් ඈතින් වාඩි වී පැටවුන්ට එය පෙනෙන්නට සලස්වයි. පසුව එය පැටවුන්ට හොඳින් පෙනෙන ලෙස ඇය මෙම මාළුවා ආහාරයට ගැනීමට පටන් ගනී. පැටවුන් කැදැල්ලේ වාඩි වී කෑ කෝ ගසමින්, එය දෙස බලා සිටිති.
සිදු වූ දේ ඔවුන්ට තවමත් නොතේරෙන මුත් සියල්ල වෙනස් ලෙසකින් සිදුවෙයි. අම්මාත් තාත්තාත් ඔවුන්ව පෝෂණය කලේය, වතුර පෙව්වේය, දැන් සියල්ල පහව ගොස් ඇත. කැදැල්ල දැඩි වී පිහාටු සහ සුව පහසුව නැති වී ඇත. දෙමව්පියන් විසින්ම මාළු අනුභව කළත් ඔවුන්ට එය දුන්නේ නැත.
කුමක් කල යුතුද? සියල්ලට පසු, ඔවුන්ට කෑමට අවශ්‍ය බැවින් ඔවුන් කූඩුවෙන් එළියට විත් මව දෙසට යාමට උත්සහ කරයි. ඒ සඳහා පැටවුන් කිසි දිනෙක නොකළ චලනයන් කිරීමට පටන් ගනී. ඔවුන්ගේ දෙමව්පියන් දිගටම ළදරුවන්ට කෑම ලඟා කළහොත් ඔවුන් එම චලනයන් කිරීමට උත්සහ නොකරනු ඇත.
පැටවුන් කූඩුවෙන් එලියට ඇවිද යාමට පටන් ගනී. ඒ සමගම රාජාලි පැටවා කූඩුවෙන් එළියට වැටී, එතරම් නුහුරු තැනෙක සිටගැනීමට නොහැකිව පෙරලෙමින් යයි. කූඩුව පර්වතයක, බෑවුමක් මත පිහිටා ඇති අතර එමඟින් කිසිදු විලෝපිකයෙකුට සමීප විය නොහැකි තැනක ඉදි වූවකි. පැටවා මෙම බෑවුම දිගේ ඇදී ගොස් පසුව ප්‍රපාතයට ඇදවැටීමට පටන් ගනියි.
එවිට තාත්තා කලින් අතු අල්ලා ගත් ලෙසින් වේගයෙන් පහලට පියඹා ගොස් මෙම රාජාලි පැටවා ඇදවැටීම වලක්වයි. ඔහුව අල්ලාගෙන නැවත පර්වතය මත ඇති කැදැල්ලට රැගෙන එන අතර සියල්ල නැවත ආරම්භ වේ. මෙම පැටවුන් නැවත නැවතත් වැටේ, පියා ඔවුන් අල්ලාගෙන නැවත රැගෙන එයි. රාජාලියා කිසිඳු විටෙක පැටවෙකු ඇදවැටෙන්නට ඉඩ නොහරියි.
මෙසේ වැටෙන එක් අවස්ථාවක, සුලඟත් සමග රාජාලි පැටවා කිසි දිනෙක සිදු නොකළ චලනයන් කිරීමට පටන් ගනී, පියාපත් සුළඟට විහිදී සුලං පහර සමග ගැටීමෙන් පාවී ගොස් පියාසර කිරීමට පටන් ගනී. රාජාලීන් තම පැටවුන්ට උගන්වන්නේ මෙම ආකාරයෙනි.
පැටියා තනිවම පියාසර කිරීමට පටන් ගත් විගස දෙමාපියන් ඔවුන් සමඟ මාළු සිටින ස්ථාන වෙත ගොස් ඒවා පෙන්වති. ඔවුන් ඒවා තවදුරටත් තම හොටෙන් රැගෙනගොස් කවන්නේ නැත.
අපගේ දරුවන්ට අධ්‍යාත්මික හා ශාරීරික අධ්‍යාපනය ලබා දිය හැකි ආකාරය පිළිබඳ මෙය ඉතා හොඳ උදාහරණයකි. උණුසුම් කූඩුවක තබා ඔවුන්ගේ අවශ්‍යතා ඒ වෙත ලඟා නොකිරීම කෙතරම් වැදගත්ද! ඔවුන්ටම එය අල්ලා ගත හැකි විට මාළු රැගෙනවිත් පෝෂණය නොකිරීම කෙතරම් වැදගත්ද! නමුත් ඒ සඳහා අපගේ කාලය, ප්‍රඥාව සහ කුසලතාවයන් කැප කරමින්, ඔවුන්ට පියාසර කරන අයුරු අප කොතරම් ප්‍රවේශමෙන් ඉගැන්විය යුතුද!
අත්තක් විසි කිරීමෙන් ගැහැනු සතා ස්වාමියා තෝරා ගැනීම පුදුමයක් නොවේ. තම දරුවන් ඇද වැටෙනවාට ඇය කැමති නැත. පරීක්ෂාකාරී නොවී, ඔබ නොසැලකිලිමත් පියෙකු තෝරා ගතහොත්, ඔබ දරුවන්ගේ ඇදවැටීම ගැන නොසලකා කටයුතු කරයි.
මෙන්න මේ ආකාරයටම Business HUB අපි ඔබව දැනුමෙන් පෝෂණය කරනවා. නමුත් ඔබ තනිව නැගිටින්නට හැකිවන විට අපි ඔබෙන් දුරස් වී බලාගෙන ඉන්නවා. නමුත් කිසිම වැටෙන අවස්ථාවක වැටෙන්න දෙන්නේ නෑ. වැටෙන්න පෙර ඔබව අපි ඔබව අල්ලගන්නවා. නමුත් බොහොමයක් අය සිතනවා අපි ඔබෙන් දුරස්වෙලා ඉන්නකොට, තනියෙන් වැඩ කරන්න පුරුදු කරනකොට, ඔබ සිතාමතා කරන වැරදි වලට දෝෂාරෝපණය කරනවිට අපි ඔබ පිළිබඳව තරහෙන් ඒ දේ කරනවා කියලා.
නමුත් බුද්ධිමත් අය තේරුම් ගනීවි…
Business HUB අපි ඔබව සැමවිටම මවක් මෙන්, පියෙක් මෙන් ආදරෙන් රැකගන්නවා. අනතුරු වෙන්න නොදී ආරක්ෂා කරගන්නවා. පෝෂණය කරනවා. ලෝකය ජය ගන්න මග පෙන්වනවා…
ගැහැණු රාජාලියා පිරිමි රාජාලියෙක් තෝරාගන්නා ආකාරයටම අපි මේ පේජ් එකේ ලිපි සියල්ලම කියවා අවබෝධයෙන් කමෙන්ට් කරන අයට පමණ FREE PASS එක දෙන්නේ හේතුවක් නැතිව. මන්ද අපි ඔවුන්ට නිකන්ම පැමිණ ගමන්ම PASS එක දුන්නොත් ඔවුන් කාලකණ්නි වෙනවා. දියුණු වෙන්න මහන්සි වෙන්නේ නෑ. හැමදේම පහලවෙනකම් බලාගෙන ඉන්නවා. “Details Please, මොකක්ද කරන්නේ, කොහොමද සල්ලි හොයන්නේ” වගේ ප්‍රශ්න අහනවා. එහෙම මිනිස්සු අපට වැඩක් නෑ. ශක්තිමත් හිතක් තියෙන, තමන්ගේ කැපවීමෙන් දියුණු වෙන්න උත්සාහ කරන මිනිස්සුන්ටයි අපි උදව් කරන්නේ…
මොකද අපිට ඕන ඔබ වැටෙන්නේ නැතිව නැගිටින්න උදව් කරන්න… අපේ ආයතනයට අපි බඳවාගන්නේ ශක්තිමක් අය පමණයි…
සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲන් සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Dec 20, 2023 | Business HUB සිතුවිල්ල
” සාර්ථක මිනිසෙක්” කියන වචනය ඇතුලේ විවිධ නිර්වචන තියනවා…. සාර්ථකත්වය විවිධ විදිහට වෙනස් වෙනවා… සාර්ථක වෙන්න කවුද අකමැති… සාර්ථක මිනිස්සු ගතකරන සුවපහසු දිවිය විදින්න කවුද අකමැති. හැබැයි ලෝක ජනහනයෙන් 4 න් 1 ක් වගේ තමයි ධනවතුන් ඉන්නේ…..
සල්ලි තියන මිනිස්සු ලේසියෙන් වැටෙන්නේ නැහැ කියලා ඔයාලා දැකලා තියනවද? මේ කියන්නේ ඒ අය නොවැටෙනවා කියලා නෙමෙයි. වැටෙනවාහැබැයි ආයිමත් කාලයක් යද්දි පෙර සිටි තත්ත්වය හා සමානව හෝ ඊට උඩට එන්න මේ අයට පුලුවන් .මේ කියන්නේ ඔයාගේ ගමේ ඉන්න ලොකුම සල්ලිකාරය ගැන නෙමෙයි. පොහොසත්කත් විවිධ විදිහට වෙනස් වෙනවා. මේ කියන්නේ ලෝකෙ ඉන්න ඉහළම ධනවතුන් ගැන. උදාහරණයක් විදිහට ස්ටීව් ජොබ්ස් මොහු ඇදවැටෙන හැටි හා නැවත නැගිටින හැටි කියෙව්වොත් මේක පැහැදිලි වෙයි. මේ සාර්ථක මිනිසුන් සතු අපූරු සිතුවිලි සමුදායක් තියනවා. මේ සිතුවිලි හේතුවුණු හොද පුරුදු ඔවුන්ව නිරන්තරයෙන්ම ඔසවා තබනවා. මේ නිසයි ඒ අය නොවැටෙන්නත් වැටුනු වහා නැගිටින්නත් හේතුව…. ඒ පුරුදු ලේසියෙන් මේ අය එලියට දෙන්නේ නැහැ. හැබැයි මෙයාලා දිහා දුරින් ඉදන් බලන් ඉදපු අය ලගින් ආශ්‍රය කරපු අය නිරීක්ෂණය කරපු දේවල් අතර විශේෂ වෙලා තියෙන්නේ ඔවුන් සතු හොද පුරුදු ,ධනාත්මක සිතුම් පැතුම් …..
මිනිස්සුන්ට ජීවිතය දිනන්න සමහරවිට ඕන වෙන්නේ අඹ ඇටයක ප්‍රමානයේ හිතේ හයියක් සහ පුහුණු කරගත් පුරුදු ටිකක්..
ධනාත්මක වූ පමණින් සාර්ථක වෙන්න බැහැ ..සුභවාදී වූ පමණින් හැමදේම නිවැරදිව සිද්ධ වෙන්නේ නැහැ..හැබැයි දර්ශනයක් තුළ කටයුතු කරමින් දාර්ශනික වන පුද්ගලයා ධනාත්මක සහ සර්ව සුබවාදී අයෙක් වෙනවා..ලෝකය වෙනස් කරේ ලෝකය වෙනස්ව දැක්කේ ලෝකය අවබෝධ කර ගත්තේ එවන් පුද්ගලයන්…උදාහරයක් ලෙස ගතහොත් බුදුන් වහන්සේගේ චරිතය මේ සදහා දිය හැකි හොදම පරමාදර්ශයි..
දර්ශනය කුමකටද…දුකෙන් පරිපීඩිත ජීවිතයේ සතුට වෙන් කර හදුනා ගැනීමටයි.. දුක යටපත් කර සතුට මතු කර ගැනීම සදහායි.. අපේ උපතේ සිට මරණය දක්වා අපි පසු පස සෙවනැල්ලක් සේ දුක වැටී පවතිනවා…
දාර්ශනිකයෙකුට ඕනෑම තත්වයකදී සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්න පුලුවන් ..ඔහු ලග සෑම ප්‍රශ්නයකටම අර්බුයකටම විසදුම් තිබෙනවා..ඔහු ප්‍රශ්න සහ අර්බුද කල් තියා දකිනවා..ඒ වගේම ඒවාට විසදුම් ඉදිරිපත් කරනවා..ඒ තමයි දාර්ශනික හිතක විදිහ..
බොහෝ දෙනා මතුකරලා තිබුණ ප්‍රශ්නයක් තමයි මොකක්ද මේ සදහා අනුගමනය කරන්න ඕන දර්ශනය කියලා.. ලෝකයාට සහ තමන්ට සේවයක් වෙන ඕනෑම දර්ශනයක් පිළිගන්න ..එය අනුගමනය කරන්න… එය පිළිපදින්න…
දර්ශනය බිහි වීම සහ එහි විකාශනය මිනිස්සු සමාජයේ පූර්ණ අවශ්‍යතාවයක් මත සිදු වූවක්..එය අහම්බයක් හෝ පුද්ගල හිතුවක්කාර කමක් නොවේ..එසේම එය එක් පුද්ගලයෙක්ගේ හෝ පුද්ගල කණ්ඩායමක බූදලයක්ද නොවේ..ඒය ලෝකෙටම අයිති දෙයක්..
සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲන් සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Dec 19, 2023 | Business HUB සිතුවිල්ල
“දවසක් වඳුරෙක් මිදි පොකුරකුත් අරගෙන ගඟකින් එතෙර වෙන්න ලැහැස්ති වුණා. ගඟට නැවිල තිබුණු අත්තක් දිගේ පැන යද්දි මිදි පොකුරෙන් එක මිදි ගෙඩියක් ගං දියට වැටුණා. එවිට කලබල වූ වඳුරා තමන් ලඟ තිබුණු මිදි පොකුර ගඟට දමා ඊට පෙර වැටුණු මිදි ගෙඩිය හොයන්න පටන් ගත්තා. අවසානයේ වඳුරා කිසිවක් නැතිව දුකසේ ඟගෙන් එතෙර වී යන්න ගියා”
මේ ලෝකෙ අපිට තියෙන දේවල් බොහෝමයි. අපිත් එක්ක සතුටින් ඉන්න අය, අපිට හොඳ දේවල් කියල දෙන අය, අපට උපකාර කරන අය, අපිට ආදරය කරන අය බොහෝමයි. නමුත් සමාජයේ මුල්බැසගෙන තියෙන අන්තගාමී මතවාදයක් තමයි “සමාජය හරිම විෂයි” කියන දේ. “සමාජයේ සැබෑ මිනිස්සු නැහැ. ඉන්නෙ අවස්ථාවාදීන් විතරයි” වැනි මතවාද බොහෝමයක් සිත් තුළට කිඳා බැස තියෙනවා. මේක හොඳ දෙයක් ද කියා ඇසුවොත් කෙනෙක් කියාවි “ඔව් සමාජය විශ්වාස නොකරන තරමට අපිට බේරිලා ඉන්න පුළුවන්” කියල. නමුත් ඇත්ත නම් මිනිස්සු හැම දාම රැවැටෙනවා. මුළා වෙනවා. කපටිකම් වලට හසු වෙනවා. දිගින් දිගටම සමාජයේ අගතියට මුහුණ දීල අවසානයේ මිනිස්සු කියනවා “සමාජය හරිම විෂයි” කියල.
ඔබ ඔප දැමූ ගල් කැටයකට රැවැටුණොත් ඒ ඔබේ වරදක් වේවි. නමුත් ඔබ ඔප නොදැමූ මැණිකක් හිමි කරගත්තොත් එය ඔබට ඔපවත් කළ හැක. එවිට එය ඔබේ ජීවිතයට අගයක් එකතු කරාවි.
අපි බොහෝ විට ඔප දැමූ ගල් කැට වලට රැවැටෙනවා. ඒ පසුපස යනවා. මැණික් කැට අත් හරිනවා. අපිට ඇසුරු කිරීමට සැබෑ මිතුරන් අසීමිතව සිටිනවා. නමුත් අපි ව්‍යාජ මිතුරන් ඇසුරු කරනවා.
ඔබ ඔබේ ජීවිතයට අගයක් දෙන්නෙම නැද්ද? එහෙනම් ඔබත් හරියට එක මිදි ගෙඩියක් හොයන්න මිදි පොකුරම ගඟට විසි කළ වඳුරා වගේ. ඔබට අගයක් නොදෙන කෙනෙක් ඔබ අතහැර යන විට ඔබ ඒ පසුපසම යනවා. ඔබට සැබෑ ලෙසම ආදරය කරන අය අතහැර දානවා. ඔබේ දෙමාපියන්, ගුරුවරු, සැබෑ මිතුරන් අත්හරිනවා. ඔබට නිසි මඟ පෙන්වන සත්පුරුෂයින් මඟ හරිනවා. හොඳ පොත්පත් ඔබ අත් හරිනවා. “ඔබ එපා” කියා ඔබව අතහැර යන පුද්ගලයින් පසුපසම යමින් ඔබ ඔබේ වටිනාකම බිංදුවටම දානවා.
අවසානයේ කිසිවක් නැති හිස් ජීවිතයක් උරුම කරගෙන සමාජයට ශාප කරනවා. නැවැත නැවැතත් රැවැටීම ආකර්ෂණය කරගන්නවා.
ඇයි……………🤔
අපි වෙනස් වෙමු.
ජීවිතයට අගයක් දෙන්න. ඔබට අඳින්න බාල වර්ගයේ ඇඳුම් සියයක් අවශ්‍ය නැහැ. ගුණාත්මක ඇඳුම් ස්වල්පයක් පමණක් තිබුණොත් ඇති. එයින් ඔබ වඩාත් ඉස්මතු වෙනවා. ව්‍යාජ මිතුරන් දහසකට වඩා හොඳ මිතුරන් දෙතුන් දෙනෙක් සෑහෙයි. ව්‍යාජ මිතුරන් දහසකගෙන් ඔබට නොලැබෙන අගය සැබෑ මිතුරන් කිහිප දෙනෙකුගෙන් ඔබට ලැබේවි. එයින් ඔබේ ජීවිතයට අගය එකතු වේවි. ඔබ උද්‍යෝගීමත් වේවි. ඔබ ඉදිරියට යාවි.
වැටුණු මිදි ගෙඩිය හොයන්න එපා. ඔබ ලඟ තිබෙන මිදි පොකුර ගැන සතුටු වෙන්න….
අගයක් ඇති කෙනෙක් වෙන්න….
Business HUB සමඟ එකතුවීමෙන් ඔබේ අගය වැඩි වේවි…
සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲන් සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Dec 18, 2023 | Business HUB සිතුවිල්ල
දිගු කාලයක් බලාපොරොත්තු වුන දෙයක් තමන්ට නොලැබී තව කෙනෙකුට ලැබෙනකොට අපිට නොදැනීම කියවෙන වචන පෙලක් තමයි…
මං හරි අවාසනාවන්ත මිනිහෙක් !
අතට ගත්තු දේ, කටට දා ගන්ඩ පිනක් නැති හැටි !
මගේ කරුමෙයි, උරුමෙයි; ගල ගාලවත් ගෙවාගන්න බැරි හැටි…
මේ මම ලබා උපන් හැටි…
සමහරුන්ට හිතන පතන දේ ලැබෙන්නයි, තව කෙනෙකුට ඒක නොලැබෙන්නයි බලපාන ප්‍රධානම හේතුව වාසනාවද? වාසනාව තියෙනවානම් තමුන් බලාපොරොත්තු වෙන ජීවිතේ ඒ ආකාරයෙන්ම ලැබෙනවද?…
ඇත්තටම වාසනාව කියන්නේ මොකක්ද?
බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ වාසනාව කියන්නේ තමා බලාපොරොත්තු වෙන දේ ඉබේටම තමාගේ කටට වැටෙන එකට කියලා. එලියෙන් බලාගෙන ඉන්න කෙනෙකුට ඒ වගේ පෙනුනට වාසනාව කියන්නේ එහෙම දෙයකට නෙමෙයි.
ඕනෙම දේකට හොඳ පෙර සූදානමක් අත්‍යාවශ්‍යයි. බොහෝම සරල උදාහරණයක් ගත්තොත් ලොතරැයියක් වුනත් ඇදෙන්නේ ලොතරැයි ගන්න මනුස්සයෙකුට. ඒත්, හැමදාම අහස දිහා බලාගෙන අනේ, මගේ කරුමේ… මට ලොතරැයියක්වත් ඇදෙන්නේ නෑනේ… කිව්වට කවදාකවත් කෙනෙකුට ලොතරැයියක් ඇදෙන්නේ නෑ. ලොතරැයියක් ඇදෙන්න, නම් ඒක ගන්නම ඕනේ…
එහෙනම් අඩුම ගානේ අද ඉඳලා විශ්වාස කරන්න මේ ලෝකේ ඕනෑම ක්ෂේත්‍රයක කෙනෙකුට සාර්ථක වෙන්න බලපාන්නේ එකම එක දෙයක් විතරයි. ඒකට ඔබේ අධ්‍යාපනය, සමාජ තත්ත්වය, ගේ-දොර වගේ කිසිම දෙයක් වැදගත් වෙන්නේ නැති බව.
වැදගත්ම දේ ඔබේ සිහින සැබෑ කරගන්න,නම් ඔබ සෑම දවසකම, සෑම මොහොතකම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක. ඒ වගේම කියපු කෙනෙක් හොයාගන්න නැති තව අපූරු කියමනක් තියෙනවා.
සාර්ථක පුද්ගලයෙක් වාසනාව තමාට අහිමිවීම ගැන කණගාටුවෙන් පසුවෙනවා ඔබ දැක තිබේද ? නැහැ නේද? ඔවුන්ගේ සාර්ථකත්වය ඔවුන් කුමන හෝ දවසක ගන්නා ලද තීරණයක හෝ ක්‍රියාවක ප්‍රතිඵලයකි. එසේ නොමැතිව වටේ සිටින නරඹන්නන් විසින් ගොතන කතා වල ආකාරයට ඉබේ අහසින් කඩා පාත්වුන දෙයක් නෙමෙයි.
තමාගේ ජීවිතයේ ඉරණම වෙනස් කරන්න තමාට කිසිවක් කල නොහැකි බව විශ්වාස කරන මිනිසුන් ඉර, හඳ, ග්‍රහ-තාරකා, දෙවියන්, අද්භූත බලවේග, විශ්ව මාතාව වගේ දේවල් විශ්වාස කරනවා. මේවාට තමයි කියන්නේ ජීවිත පාලන බාහිර සාධක කියලා. හැබැයි මනෝවිද්‍යාත්මකව තහවුරු කරනවා, මේ තරම් මිත්‍යාවක් තවත් නැහැයි කියලා. ඒක නිසා ජීවිත පාලන බාහිර සාධක මත රඳා පවතින එක දැන්ම නවත්වන්න.
සාර්ථක පුද්ගලයන්, සෑමවිටම ක්‍රියාශීලී පුද්ගලයන්. ඔවුන් සෑමවිටම තමුන් නියැලී සිටින ක්ෂේත්‍රයන්වල නව දේවල් අත්හදා බලන්න හරිම කැමතියි. ඔවුන් සෑමවිටම තමන්ගේ ජීවිතයේ ඉරණම වෙනස් කරන්න, ඉරණමට අභියෝග කරන්න අළුත් අළුත් ක්‍රම හොයාගන්න මහන්සි වෙනවා. ඔවුන් අවාසනාවට දොස් කියන්නේ නැතුව ඕනෑම දෙයක් කරන්න පුලුවන් ක්‍රම හොයාගන්නවා. ඔවුන් ඒවා හොයන හින්දාම ඔවුන්ට ඒවා හම්බවෙනවා….
ජීවිතයේ සැබෑ පරාජිතයන් වන්නේ කිසිවක් ආරම්භ කිරීමට පෙර සිටම, තමා අසමත් වනු ඇතැයි තමා විසින්ම සිතන පුද්ගලයන්ය. ඔවුන්ගේ අවාසනාව යනු ඔවුන් විසින්ම ඇති කරගන්නා වූ ඍණාත්මක සිතුවිලි ය.
ඕනෑම අළුත් වැඩකට අත ගසන විට එය සාර්ථකවීමට 50%ක අවස්ථාවක් මෙන්ම එය අසාර්ථකවීමට ඉතිරි 50%ක අවස්ථාවක් ඇත. නමුත් ඔබ සාර්ථකවීමට ඇති 50% අවස්ථාව, ඔබ විසින් 51%ක් බවට පත් කර ගතහොත් ඔබට ජයග්‍රහණය සඳහා වැඩි ඉඩකඩක් ලැබෙනු ඇත. මේ අපහසුම 1% වැඩිකර ගැනීමට ඔබ කල යුත්තේ කුමක්ද? ඕනෑම කර්තව්‍යයක නොහැකියාව, හැකියාව බවට පෙරලන මේ 1% ප්‍රතිශතය අනිවාර්යයෙන්ම ඔබගේ මනසින් ගොඩනඟනු ලබන මානසික ජයග්‍රහණයයි.
එමෙන්ම පරාජිතයන් ඔවුන් මානසිකව දැඩිව ග්‍රහණය කරගෙන ඇති අසාර්ථකත්වයේ සැබෑම හේතුව වන්නේ නොදැනුවත්කම සහ නිවැරැදි මාර්ගය ගැන දැනුවත්වීමට සහ ඒ වෙනුවෙන් වෙනස්වීමට ඇති නොදැනුවත්කමයි. ඔවුන් මේ නොදැනුවත්කම, කම්මැලිකම, නොහැකියාව, නව සිතුවිලි නොමැතිකම, කොපිය පමණක් කිරීම හෝ සරල මෝඩකම හඳුනා ගන්නේ ඉතාමත්ම කලාතුරකිනි.
ඔබ දැඩිව ග්‍රහණය කරගත් දේ ඔබේ පාලනය යටතේ පවතින බැවින් ඔබ අල්ලා ගත යුත්තේ මොනවාද ? අල්ලා නොගතයුත්තේ මොනවාද ? යන නිවැරදි තීරණය ගත යුත්තේද? ඔබ විසින්මය…
ඔබ කුසගින්නේ පෙළුණහොත් ඔබ කුස පිරවීමට ආහාර සොයන්නාක් මෙන් ඔබේ නොදැනුවත්කම හෙවත් මෝඩකම ඔබ අවබෝධ කරගන්නා තාක් ඔබගේ නොදැනුවත්කම, දැනුවත්කමක් බවට පත් කරලීමට ඔබ කරුණු නොසොයනු ඇත. එසේනම් විය යුත්තේ ඔබේ නොදැනුවත්කම ඔබ අවබෝධ කර ගැනීමයි. එසේ නොදැනුවත්කම අවබෝධ කරගත් විට ඔබ දැනුවත්වීමට මාර්ග සොයනු ඇත.
“ඔබේ කුසලතාවයන් නොව, ඔබේ ආකල්ප ඔබට යා හැකි දුර තීරණය කරයි.”
ආකල්ප වෙනස් කර ගෙන
ඔබේ හැකියාවෙන් ලෝකය දිනමු……
නිකන් පහලවෙනකම් බලා නොයිද අද ඉඳන්වත් උත්සාහ කරන්න Business HUB එකේ පෝස්ට් කියවලා ආදායම් උපයන්න…
සමහර අය පේජ් එකේ පෝස්ට් 100ක් තියෙද්දි 99ක් කියවලා අත හරිනවා. ඉතිං ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ නැතිවෙනවා. අන්න ඒ නිසා අනිවාර්යයෙන් දිනපතා මේ පේජ් එකේ පෝස්ට් කියවන්න අමතක කරන්න එපා.
වාසනාව ඉබේ පහළ වෙන්නේ නෑ.
උත්සාහ කරන්න…
සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲන් සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Dec 17, 2023 | Business HUB සිතුවිල්ල
පුංචි දරුවෙක්ට ලොකු කොලයක එක පැත්තක මිනිස් රෑපයක් සහ අනෙක් පැත්තේ ලෝක සිතයම ඇඳලා පොඩි පොඩි කැලි වලට ඉරලා අම්මා දෙනවා මේක ආයෙමත් තිබුනු විදිහට අලවන්න කියලා.. දරුවා බොහෝ උත්සාහ ගත්තා. ඒත් බැරි උනා.
මව විමසනවා ඇයි තවමත් හදන්න ප්‍රමාද කියලා. දරුවා දුකින් කියනවා තවමත් මේ රටවල් ටික හරියට හදාගන්න බැරි උන බව…
මව මෙහෙම කිව්වා..
පුතේ අපි ලෝකය හදන්න කලින් මේ පැත්තේ ඉන්න මිනිහා හදන්න බලමුද.. කියලා..
දරුවා සැණෙකින් ක්‍රියාත්මක උනා. ඔව් විනාඩි කිහිපයකින් දරුවා මිනිස් රෑපය හැදුවා.. දරුවාට පුදුමයි. මිනිස් රෑපය හැදුනා විතරයි ලෝකයත් හරියට හැදිලා..ඉතින් එහෙනම් අපිත් ලෝකය වෙනස් කරන්න කලින් අපි වෙනස් වෙමුද?
රට/ලෝකය හදන්න කලින් මේ පේජ් එකේ අදහස් කියවලා ඔබ හැදෙන්න…
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla