දිගු කාලයක් බලාපොරොත්තු වුන දෙයක් තමන්ට නොලැබී තව කෙනෙකුට ලැබෙනකොට අපිට නොදැනීම කියවෙන වචන පෙලක් තමයි…
මං හරි අවාසනාවන්ත මිනිහෙක් !
අතට ගත්තු දේ, කටට දා ගන්ඩ පිනක් නැති හැටි !
මගේ කරුමෙයි, උරුමෙයි; ගල ගාලවත් ගෙවාගන්න බැරි හැටි…
මේ මම ලබා උපන් හැටි…
සමහරුන්ට හිතන පතන දේ ලැබෙන්නයි, තව කෙනෙකුට ඒක නොලැබෙන්නයි බලපාන ප්‍රධානම හේතුව වාසනාවද? වාසනාව තියෙනවානම් තමුන් බලාපොරොත්තු වෙන ජීවිතේ ඒ ආකාරයෙන්ම ලැබෙනවද?…
ඇත්තටම වාසනාව කියන්නේ මොකක්ද?
බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ වාසනාව කියන්නේ තමා බලාපොරොත්තු වෙන දේ ඉබේටම තමාගේ කටට වැටෙන එකට කියලා. එලියෙන් බලාගෙන ඉන්න කෙනෙකුට ඒ වගේ පෙනුනට වාසනාව කියන්නේ එහෙම දෙයකට නෙමෙයි.
ඕනෙම දේකට හොඳ පෙර සූදානමක් අත්‍යාවශ්‍යයි. බොහෝම සරල උදාහරණයක් ගත්තොත් ලොතරැයියක් වුනත් ඇදෙන්නේ ලොතරැයි ගන්න මනුස්සයෙකුට. ඒත්, හැමදාම අහස දිහා බලාගෙන අනේ, මගේ කරුමේ… මට ලොතරැයියක්වත් ඇදෙන්නේ නෑනේ… කිව්වට කවදාකවත් කෙනෙකුට ලොතරැයියක් ඇදෙන්නේ නෑ. ලොතරැයියක් ඇදෙන්න, නම් ඒක ගන්නම ඕනේ…
එහෙනම් අඩුම ගානේ අද ඉඳලා විශ්වාස කරන්න මේ ලෝකේ ඕනෑම ක්ෂේත්‍රයක කෙනෙකුට සාර්ථක වෙන්න බලපාන්නේ එකම එක දෙයක් විතරයි. ඒකට ඔබේ අධ්‍යාපනය, සමාජ තත්ත්වය, ගේ-දොර වගේ කිසිම දෙයක් වැදගත් වෙන්නේ නැති බව.
වැදගත්ම දේ ඔබේ සිහින සැබෑ කරගන්න,නම් ඔබ සෑම දවසකම, සෑම මොහොතකම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක. ඒ වගේම කියපු කෙනෙක් හොයාගන්න නැති තව අපූරු කියමනක් තියෙනවා.
සාර්ථක පුද්ගලයෙක් වාසනාව තමාට අහිමිවීම ගැන කණගාටුවෙන් පසුවෙනවා ඔබ දැක තිබේද ? නැහැ නේද? ඔවුන්ගේ සාර්ථකත්වය ඔවුන් කුමන හෝ දවසක ගන්නා ලද තීරණයක හෝ ක්‍රියාවක ප්‍රතිඵලයකි. එසේ නොමැතිව වටේ සිටින නරඹන්නන් විසින් ගොතන කතා වල ආකාරයට ඉබේ අහසින් කඩා පාත්වුන දෙයක් නෙමෙයි.
තමාගේ ජීවිතයේ ඉරණම වෙනස් කරන්න තමාට කිසිවක් කල නොහැකි බව විශ්වාස කරන මිනිසුන් ඉර, හඳ, ග්‍රහ-තාරකා, දෙවියන්, අද්භූත බලවේග, විශ්ව මාතාව වගේ දේවල් විශ්වාස කරනවා. මේවාට තමයි කියන්නේ ජීවිත පාලන බාහිර සාධක කියලා. හැබැයි මනෝවිද්‍යාත්මකව තහවුරු කරනවා, මේ තරම් මිත්‍යාවක් තවත් නැහැයි කියලා. ඒක නිසා ජීවිත පාලන බාහිර සාධක මත රඳා පවතින එක දැන්ම නවත්වන්න.
සාර්ථක පුද්ගලයන්, සෑමවිටම ක්‍රියාශීලී පුද්ගලයන්. ඔවුන් සෑමවිටම තමුන් නියැලී සිටින ක්ෂේත්‍රයන්වල නව දේවල් අත්හදා බලන්න හරිම කැමතියි. ඔවුන් සෑමවිටම තමන්ගේ ජීවිතයේ ඉරණම වෙනස් කරන්න, ඉරණමට අභියෝග කරන්න අළුත් අළුත් ක්‍රම හොයාගන්න මහන්සි වෙනවා. ඔවුන් අවාසනාවට දොස් කියන්නේ නැතුව ඕනෑම දෙයක් කරන්න පුලුවන් ක්‍රම හොයාගන්නවා. ඔවුන් ඒවා හොයන හින්දාම ඔවුන්ට ඒවා හම්බවෙනවා….
ජීවිතයේ සැබෑ පරාජිතයන් වන්නේ කිසිවක් ආරම්භ කිරීමට පෙර සිටම, තමා අසමත් වනු ඇතැයි තමා විසින්ම සිතන පුද්ගලයන්ය. ඔවුන්ගේ අවාසනාව යනු ඔවුන් විසින්ම ඇති කරගන්නා වූ ඍණාත්මක සිතුවිලි ය.
ඕනෑම අළුත් වැඩකට අත ගසන විට එය සාර්ථකවීමට 50%ක අවස්ථාවක් මෙන්ම එය අසාර්ථකවීමට ඉතිරි 50%ක අවස්ථාවක් ඇත. නමුත් ඔබ සාර්ථකවීමට ඇති 50% අවස්ථාව, ඔබ විසින් 51%ක් බවට පත් කර ගතහොත් ඔබට ජයග්‍රහණය සඳහා වැඩි ඉඩකඩක් ලැබෙනු ඇත. මේ අපහසුම 1% වැඩිකර ගැනීමට ඔබ කල යුත්තේ කුමක්ද? ඕනෑම කර්තව්‍යයක නොහැකියාව, හැකියාව බවට පෙරලන මේ 1% ප්‍රතිශතය අනිවාර්යයෙන්ම ඔබගේ මනසින් ගොඩනඟනු ලබන මානසික ජයග්‍රහණයයි.
එමෙන්ම පරාජිතයන් ඔවුන් මානසිකව දැඩිව ග්‍රහණය කරගෙන ඇති අසාර්ථකත්වයේ සැබෑම හේතුව වන්නේ නොදැනුවත්කම සහ නිවැරැදි මාර්ගය ගැන දැනුවත්වීමට සහ ඒ වෙනුවෙන් වෙනස්වීමට ඇති නොදැනුවත්කමයි. ඔවුන් මේ නොදැනුවත්කම, කම්මැලිකම, නොහැකියාව, නව සිතුවිලි නොමැතිකම, කොපිය පමණක් කිරීම හෝ සරල මෝඩකම හඳුනා ගන්නේ ඉතාමත්ම කලාතුරකිනි.
ඔබ දැඩිව ග්‍රහණය කරගත් දේ ඔබේ පාලනය යටතේ පවතින බැවින් ඔබ අල්ලා ගත යුත්තේ මොනවාද ? අල්ලා නොගතයුත්තේ මොනවාද ? යන නිවැරදි තීරණය ගත යුත්තේද? ඔබ විසින්මය…
ඔබ කුසගින්නේ පෙළුණහොත් ඔබ කුස පිරවීමට ආහාර සොයන්නාක් මෙන් ඔබේ නොදැනුවත්කම හෙවත් මෝඩකම ඔබ අවබෝධ කරගන්නා තාක් ඔබගේ නොදැනුවත්කම, දැනුවත්කමක් බවට පත් කරලීමට ඔබ කරුණු නොසොයනු ඇත. එසේනම් විය යුත්තේ ඔබේ නොදැනුවත්කම ඔබ අවබෝධ කර ගැනීමයි. එසේ නොදැනුවත්කම අවබෝධ කරගත් විට ඔබ දැනුවත්වීමට මාර්ග සොයනු ඇත.
“ඔබේ කුසලතාවයන් නොව, ඔබේ ආකල්ප ඔබට යා හැකි දුර තීරණය කරයි.”
ආකල්ප වෙනස් කර ගෙන
ඔබේ හැකියාවෙන් ලෝකය දිනමු……
නිකන් පහලවෙනකම් බලා නොයිද අද ඉඳන්වත් උත්සාහ කරන්න Business HUB එකේ පෝස්ට් කියවලා ආදායම් උපයන්න…
සමහර අය පේජ් එකේ පෝස්ට් 100ක් තියෙද්දි 99ක් කියවලා අත හරිනවා. ඉතිං ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ නැතිවෙනවා. අන්න ඒ නිසා අනිවාර්යයෙන් දිනපතා මේ පේජ් එකේ පෝස්ට් කියවන්න අමතක කරන්න එපා.
වාසනාව ඉබේ පහළ වෙන්නේ නෑ.
උත්සාහ කරන්න…
සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲන් සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla