by admin | Dec 10, 2023 | Business HUB සිතුවිල්ල
ඇමෙරිකාවේ එක් පාසැලක උසස් පෙල සදහා පාසැලේ ආරම්භක දිනයයි.
ඔවුන්ගේ පලමු දේශනය මහාචාර්යවරයෙකුගෙනි.
“සුභ උදෑසනක් වේවා, ඔබ සැමට !”
“සුභ උදෑසනක් වේවා, ප්‍රොෆෙසර් !”
ඔහු දේශනය ආරම්භ කලා.
“අද ඔබගේ පාසැල් වාරයේ ආරම්භක දිනයයි.”
“මම ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා ගමනක ආරම්භය පිලිබඳව.ඒ වගේම ඔබේ ජීවිතයේ ආරම්භය පිලිබඳව.”
“තව වසර 2ක කාලයකින් ඔබ සියලුදෙනාම උසස්පෙල අවසන් කරාවි. ඊලග වසර 3ක කාලය ලෝකයේ කොහේ හෝ ඔබ ඔබේ උසස් අධ්‍යාපනය ලබාගනීවි. ඔබේ කැමැත්ත අනුව තෝරාගත් විශ්වවිද්‍යාලයක් තුල.”
සිසුන්ගේ අවධානය පලමු විනාඩි කිහිපයේදීම ලබාගැනීමට මහාචාර්යවරයා සමත් උනා.
“අදින් වසර 05කට පසුව ඔබ ඔබේ වෘත්තීයමය ජීවිතය ආරම්භකරාවි.
මේ පංති කාමරයේ සිටින ඔබගෙන් බොහෝ දෙනෙක් ලෝකයේ හොදම සමාගම් සහ ආයතන වෙනුවෙන් වැඩකරන්න පටන්ගනීවි.”
“ඉන්පසුව ඔබ විවාහ වේවි, ඔබගේම නිවසක් මිලදීගනීවි.”
සිසුන් නිහඩව තම අනාගතය දකිමින් සිටින අතර ඔහු දිගටම කතාකරන්නට වුණා..
“වසර 10ක කාලය ඇතුලත ඔබේ ජීවිතයේ සෑමදෙයක්ම ස්ථිර ලෙස ඔබ සකසාගනීවි.”
“ඒ වගේම වසර 15කින් ඔබට වයස 30ක් වේවි. එවිට ඔබේ රැකියාව, පවුල, ආදායම, දරුවන් මේ හැමදෙයක්ම තහවුරු වී තිබේවි.”
“එක්ස් කියුස් මී ප්‍රොෆෙසර් ?”
එක් සිසුවෙකු අත ඔසවා නැගී සිටියා.
“මට සමාවෙන්න මහාචාර්යතුමනි,
ඔබ පවසන දෙය සමග මට එකගවීමට අපහසුයි.කරුණාකර මට පැහැදිලි කරන්න ඉඩ දෙන්න.”
“ඔව්, ඔබට අවස්ථාව ලැබෙනවා.”
මහාචාර්යවරයාගේ අවසරයෙන් ඔහු කතාකරන්නට පටන්ගත්තා.
“මම දන්නවා පුද්ගලයින්ව අවුරුදු 21න් උපාධිය ලබාගත්තත්, අවුරුදු 27ක් වන තුරු රැකියා විරහිතව හිටපු.
ඒ වගේම, මම දන්නවා පුද්ගලයින්ව අවුරුදු 25න් උපාධිය සම්පූර්ණ කරලා ඉතා ඉක්මනින් රැකියා හොයාගත්තු.”
“මම දන්න සමහරු කවදාවත් විශ්වවිද්‍යාලකට ගිහින් නෑ.ඒත් ඔවුන් ආදරය කරන වෘත්තීය අවුරුදු 18න් හොයාගෙන තියෙනවා.”
ඔහු දිගටම කතාකරන්නට උණා…
“තවද, උසස් පෙළින් පසුව රැකියා සොයාගෙන ඉතා හොද ආදායම් ලබන අයව මම දන්නවා. ඒත් ඔවුන් තමන්ගේ රැකියාව ගැන පොඩ්ඩක්වත් සතුටු නෑ.”
“කිසියම් කාලපරාසයක් අරන් තමන්ගේ ජීවිතය හදාගත්තු මිනිසුන්ව මම දන්නවා.”
“අවුරුදු 16දී තමන් කරන්නේ මොනාද කියලා සැලසුම් කරපු, ඒත් අවුරුදු 26දී ඒ සැලසුම් වෙනස්කරලා වෙන වෘත්තීන් තෝරගත්තු අයව මම දන්නවා.”
සියලු දෙනාම ඔහුට සවන්දෙමින් සිටියා.
“ඒ වගේම දරුවන් ඉන්න, විවාහ නොවුනු අයව මම ආශ්‍රය කරලා තියෙනවා. විවාහවෙලා වසර 8ක් 10ක් යනකම් දරුවන් නැති පවුල් මම දැකල තියෙනවා.
“තවද,විවාහ වුනු ඒත් වෙනකෙනෙකුට ආදරය කරන අය මේ සමාජයේ ජීවත්වෙනවා. ඒ වගේම එකිනෙකාට ආදරය කරන, ඒත් කවදාවත් එකතුවෙන්න බැරි අයව මම දැකලා තියෙනවා.”
“මහාචාර්යතුමනි,
මම හිතන විදියට ජීවිතයේ සෑම දෙයක්ම සිදුවෙන්නෙ අපිට නියමිත කාල පරාසයක් තුල, අපි වෙනුවෙන්ම නිමැවුනු ඔර්ලෝසුවකට අනුව.”
“අපිට හිතෙනවා සමහර අපේ මිතුරන් අපිව පහුකරන් ගිහින් කියලා, තවත් සමහරු අපිට පිටුපසින් කියලා. ඒත් හැමදේම සිද්ධවෙන්නෙ තමන් වෙනුවෙන් නියමිත කාලයේදි. ඒ වගේම තමා ඔබටත්. බලාපොරොත්තු බිදනොවැටී අනාගතය ගැන බලාපොරොත්තු තබාගැනීමයි වැදගත්.”
“අවුරුදු 25 දී මාක් කූබන් (Mark Cuban) කියන්නෙ ඩලාස්වල (Dallas) ආපනශාලා සේවකයෙක්.”
“ජේ. කේ. රෝලින්ග්ට (J. K. Rowling) අවුරුදු 32ක් වෙනකම් හැරී පෝටර් (Harry Potter) එලිදක්වන්න බැරි වුනා, ප්‍රකාශකයන් 12දෙනෙක් ප්‍රතික්ෂේප කරපු නිසා.”
“ජැක් මා (Jack Ma), අලිබාබා (Alibaba) පටන්ගත්තෙ වයස 35දී.”
“ඔටේගා (Ortega) සාරා (Zara) දියත්කෙරුවෙ අවුරුදු 39දී.”
“මෝගන් ෆ්‍රීමන්(Morgan Freeman)
ජීවිතය ගොඩනගන්න ගත්තෙ අවුරුදු 52දි.”
“ස්ටීව් කැරල්(Steve Carell) වෘත්ත්තීය ජීවිතය පටන්ගත්තෙ වයස අවුරුදු 40දි.”
“මේ විදියට බලද්දි අවුරුදු 25න් උපාධිය සම්පූර්ණ කරනවා කියන්නෙත් වටිනා දෙයක්. අවුරුදු 30ක් වෙනකොටත් අවිවාහකයි, ඒත් සතුටින් නම් ඒකෙ වරදක් නෑ. අවුරුදු 35දී පවුල ආරම්භ කරනවා කියන්නෙ කරන්න පුලුවන් දෙයක්. අවුරුදු 40න් පස්සෙ උනත් නිවසක් මිලදීගන්න පුලුවන් වුනොත් ඒක ඉතාම වටිනවා.”
“ඒ නිසා තවත් කෙනෙකුගේ කාලපරාසය දිහා බලලා අපි ජීවිතේ අවතක්සේරු කරන්න අවශ්‍ය නෑ.
ඇල්බට් අයින්ස්ටයින් කියල තියෙනවා.
“Not everything that counts, can be counted.
and not everything that’s counted, truly counts.”
“වැදගත්වන්නේ මෙයයි. ඔබ, ඔබ වෙනුවෙන් ස්වාධීන, අර්ථවත්, නිදහස් සහ ගැලපෙන ජීවිතයක් ගොඩනගා ගන්න ඕනෙ. ඒ සදහා වයස, සමාජ පසුබිම හෝ වෙන කිසිවක් බලපාන්නෙ නෑ.”
“අවශ්‍යම දේ වෙන්නේ ධනාත්මක ආකල්ප සහ ස්ථාවර අධිෂ්ඨානයයි.”
“මම හිතන විදියට නිවැරදි සාර්ථකත්වය එයයි.”
රැකියා විරහිත සහ විවිධාකාර ගැටලු වලින් මානසිකව වැටුනු බොහෝ අය අපිත් එක්ක එකතුවෙලා ඉන්න පුළුවන් ….
Business HUB කියන්නේ හැකියාවට රැකියාවක් දෙන එකම තැන …..ඔබේ හැකියා දක්ශතා අනුව ජීවිතය සාර්ථක කරන්න…..විශ්වාසයෙන් රැදෙන්න Business HUB සමඟ…
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Dec 9, 2023 | Business HUB සිතුවිල්ල
” මං ලබා උපන් හැටි !”
මේ කතාව තමුන්ටම හෝ අනුන්ට කියලා නැති කෙනෙක් නැති තරම් නේද? අපි අපේ උරුමෙයි, කරුමෙයි ගැන හරියට වද වෙනවා නේද? ඒ ගැන හරියට දුක් වෙනවා නේද?
හොඳට පේන ඇස් දෙකකුයි, හොඳට ඇහෙන කන් දෙකකුයි, වැඩක් පලක් කරගන්න පුලුවන් අතපය හතරකුයි ලැබිලා… හිතන්න පුළුවන් තරමේ බුද්ධිය කුත් ලබා උපන් අපි අපේ දෛවය ගැන උවමනාවට වඩා කල්පනා කරලා ඒ ගැන කලකිරෙනවා නේද? හැබැයි අතපය හතරවත් උපතින් හරියට උරුම කරගෙන ආපු නැති මිනිස්සු, අපිට වඩා තමන්ගේ ජීවිත සාර්ථක කරගෙන තියෙනවා නේද? එහෙමනම් ජීවිත කාලය විදිහට අපට ලැබිලා තිබෙන මේ වටිනා ජීවිත කාලය, කාලකන්නියෙක් වගේ නාස්තිකරලා දාන්නේ නැතුව,සාර්ථක අවසානයක් කරා ගෙනියන්න… ජීවිත කතාවකින් පොඩි පාඩමක් ඉගෙනගන්න…
“දෛවය යනු අවස්ථාව පිළිබඳ ගැටළුවක් නොවේ, ඒ තෝරා ගැනීම පිළිබඳ ගැටලුවකි. එය නැවතී බලා සිටිය යුතු දෙයක් නොවේ, එය හඹා ගොස් ලඟාකර ගතයුතු දෙයක් වන්නේය.”
දෛවයට අභියෝග කරමින් හඹාගිය විල්මාගේ ජීවිත ගමන්…
උතුරු ඇමරිකාවේ ටෙනසි වල, ශාන්ත බෙත්ලෙහෙම් හිදී ඇය 1940 ජූනි 23 මෙලොව උපත ලබන්නේ දුක් කන්දරාවක් උපතින්ම උරුම කර ගනිමින්….
ඇය නොමේරූ ළදරුවකු ලෙස මෙලොව උපත ලබන්නේ, නියුමෝනියාව, රතු උණ සහ පෝලියෝ රෝගයෙන් පීඩා විඳිමින්. මේ තත්ත්වය තවදුරටත් තීව්‍ර කරන්නේ ඇය, ඇයගේ පියා වූ එඩ්,ගේ විවාහයන් දෙකෙන් උපත ලද දරුවන් විසි දෙදෙනා (22) අතරින් විසිවන දරුවා ලෙස මෙලොව එළිය දැකීමත් සමඟයි. උපතින්ම පෝලියෝ රෝගයෙන් පීඩා විඳි ඇයට, වම් කකුලේ ඇතිවූ ආබාධයන් හේතුවෙන් ඇවිදීමේදී ආධාරක පාදයක් පවා භාවිතා කරන්නට සිදුවුණා.
වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ඇයට කිසිදු දිනක තම දෙපයින් නැගී සිටීමට මෙන්ම ඇවිදීමටද නොහැකි වන බවයි.
නමුත් වයසෙන් මුහුකුරායත්ම, ඇයගේ මව බ්ලාන්චේ, ඇයට අපූරු දෙයක් ඉගැන්නුවා. ඒ “තමා විශ්වාස කරන ඕනෑම දෙයක් තමාට කළ හැකි බවත්, එය සිදු කිරීමට අවශ්‍ය ශක්තිය තමා තුළ ගැබ්ව ඇති බවත් ය.” ඇයගේ මගපෙන්වීම වූයේ ආධාරක පාදයක් නොමැතිව ඇයට තම දෙපාවල ආධාරයෙන් ඇවිදිය හැකි බවයි.
තම මවගේ මඟ පෙන්වීම යටතේ ඇවිදීමට පුහුණු වූ ඇය, All-Black Bart High School පාසලට ඇතුළත්ව එහි පැසිපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා ගත්තා. පැසිපන්දු කණ්ඩායම තුළ ක්‍රීඩා කරද්දී පන්දුව කරා ඇයගේ ගමන් කිරීම ඉතාමත්ම වේගවත් වූ අතර, එය අධ්‍යයනය කල ටෙනසි ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ධාවන පුහුණුකරු එඩ් ටෙම්පල් සමඟ ඇය ධාවන පුහුණුවීම් ආරම්භ කිරීමට පටන් ගත්තා. ඇයගේ වේගවත් ධාවන විලාශය නිසාම ඇයව, ස්කීටර් (Skeeter) යන අන්වර්ථ නාමයෙන් පවා හැඳින්වීමට ධාවන කණ්ඩායමේ සියලු දෙනා පටන් ගත්තා.
වයස අවුරුදු 16දී, ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමේ ලාබාලතම සාමාජිකාව ලෙස ඇය ඕස්ට්‍රේලියාවේ, මෙල්බන් නුවර පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේදී මීටර් 400X4 සහාය දිවීමේ තරඟයට සහභාගි වී, ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.
අවසානයේ ඇවිදීමට පවා නොහැකි යැයි වූ වෛද්‍ය මතය පවා බිඳ දමමින් ඇය ඔලිම්පික් පදක්කම් ලාභිනියක් ලෙස, තම උසස් අධ්‍යාපනය සඳහා ටෙනසි ප්‍රාන්තයේ විශ්ව විද්‍යාලයට ඇතුළුවී සිව් වසරක් තම පුහුණුකරු සමඟ දැඩි කැපවීමෙන් පුහුණු කටයුතු සිදු කලා.
වසර හතරකට පසු එනම් 1960 දී, ඉතාලියේ රෝම නුවර පැවති ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වූ ඇයට තම සිහිනය රනින් සනිටුවහන් කර ගැනීමට හැකිවුණා. මීටර් 100 අවසන් පූර්ව තරගයේදී තත්පර 11.3ක කාලයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටවූ ඇය මීටර් 100 අවසාන මහා තරඟයේදී සුළඟේ ආධාරය නිසාම තමාගේ වාර්තාව නැවත අළුත් කරමින් තත්පර 11.0කින් තරඟය නිමා කොට රන් පදක්කම දිනා ගත්තා.
එමෙන්ම මීටර් 200 ඉසව්වේදී අවසන් පූර්ව තරඟයේදී වාර්තාගත මිනිත්තු 23.2කින් තරඟය නිමා කොට මීටර් 200 අවසන් තරඟය තප්පර 24.0 කින් නිම කරමින් 1960 ඔලිම්පික් උළෙලේදී තම දෙවැනි රන් පදක්කමද තම ගෙල පළඳවා ගත්තා.
ඊළඟට ඇය ඉදිරිපත් වූ මීටර් 400X4 සහාය දිවීමේ තරඟයේදී තප්පර 44.5ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම ද ඇමරිකා එක්සත් ජනපදයට දිනා දීමට ඇය තම දායකත්වය සැපයූයේ තම තෙවන රන් පදක්කම දිනා ගනිමින්. එහි ප්‍රතිඵලයක් වශයෙන් එක් ඔලිම්පික් ක්‍රීඩා උලෙළකදී ජවන හා පිටිය මලල ක්‍රීඩා තරඟ ඉසව් වලින් රන් පදක්කම් තුනක් දිනාගත් පළමු ඇමරිකානු කාන්තාව බවට “විල්මා රුඩොල්ෆ්” පත්වුණා.
ඇයගේ මෙම දක්ෂතාවය නිසාම ඇය 1960 රෝම ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වේගවත්ම ක්‍රීඩිකාව, මෙන්ම ජාත්‍යන්තරයේ සුපිරි ක්‍රීඩා තරුවක් ලෙසද පත්වී ලොවපුරා ප්‍රශංසාවට ලක් වුණා.
අවසානයේ මාධ්‍ය ඇමතූ ඇය කියා සිටියේ, “මා වෛද්‍යවරුන්ගේ මතය උඩුයටිකුරු කළා. ඔවුන් මට ඇවිදීමට නොහැකි යැයි ප්‍රකාශ කළ නිසා, මම ඇවිදීමෙන් නොනැවතී, 1960 ඔලිම්පික් උළෙලේ වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්වුණා.” යනුවෙන්.
1960 ඔලිම්පික් උළෙලෙන් පසුව විල්මා රුඩොල්ෆ් රූපවාහිනී වැඩසටහන් බොහොමයකට සහභාගි වූ අතර 1960 සහ 1961 වර්ෂයන් දෙකේදීම වසරේ මළල ක්‍රීඩිකාවට හිමි ඇමෙරිකානු සම්මානය ද ඇය දිනා ගැනීමට සමත් වුණා.
1977දී විල්මා රුඩොල්ෆ්,ගේ ජීවිත කතාව පොතක් ලෙස එළි දැක්වීමට කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මයුරීන් එම්. ස්මිත් කතුවරිය ලෙස කටයුතු කලා. එම වසර අවසානයේ දී ම රූපවාහිනී චිත්‍රපටයක් බවට ද එය පත්වුණා. 1980දී ආධුනික මලල ක්‍රීඩා ප්‍රවර්ධනය සඳහා ඇය “විල්මා රුඩොල්ෆ් පදනම” පිහිටුවා ගත්තා.
තම දෙපයින් පවා ඇවිදීමට නොහැකියැයි වෛද්‍යවරුන් පළ කළ මත උඩුයටිකුරු කරමින්, ලෝක මලල ක්‍රීඩා ඉතිහාසයේ තම නම රන් අකුරින් සනිටුහන් කොට, ලෝකයේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස තම දෛවයට අභියෝග කළ විල්මා රුඩොල්ෆ් 1994 නොවැම්බර් 12 වැනි දින තම 54 වැනි වියේදී උතුරු ඇමෙරිකාවේ ටෙනිසි පළාතේ බ්‍රෙන්ට්වුඩ්,හිදී මොළේ පිළිකාවක් නිසා තම ජීවන ගමන නිමා කලා.
ඇයගේ මරණයෙන් හරියටම දස වසරකට පසුව ඇයගේ රුව සහිත මුද්දරයක් නිකුත් කරමින් ඇමරිකානු තැපැල් සේවය මෙම ඔලිම්පික් ශූරියට රාජ්‍ය ගෞරව පුද කළා.
තම ජීවිත කතාවෙන් ඇය අපට ලබාදුන් පණිවුඩය, ඇගේ වචන වලින්ම කිවතොත්,
“ජයග්‍රහණය අනිවාර්යෙන්ම විශිෂ්ටත්වයේ සංකේතයක්. නමුත් ඔබ සැබැවින්ම ජීවිතයට යමක් ලඟාකර ළඟා කර ගැනීමේ රහස නම් පරාජයට පත්වන ආකාරය ඉගෙනීමයි. කිසිවෙකු සෑම විටම පරාජයට පත් නොවනු ඇත. ඔබේ දෛවය මත දරුණු පරාජයකින් පසුවත් ඔබට ජයග්‍රහණය තෝරා ගැනීමට හැකිනම්, ඔබ කෙදිනක හෝ අනිවාර්යෙන්ම ජයග්‍රාහකයෙකු වනු ඇත.”
විල්මා රුඩොල්ෆ් තම අසාමාන්‍ය විශ්වාසය මත තමාට උපතින් උරුම වූ ආබාධිත බව වෙනස් කළා, මෙන්ම ලෝකය පුරා තවත් එවැනි මානසික ශක්තියෙන් පිරිපුන් මිනිසුන් කොයි තරම් නම් සිටිත්ද? නමුත් උපතින් සියලු ශරීරාවයව නිසි අයුරින් පිහිටි ඔබ, ඔබේ ජීවිතය දෛවයට භාර දී කටයුතු කිරීම සිනහවට කාරණාවක් නොවන්නේද?
ඔබට ඔබේ දෛවය වෙනස් කර ගැනීමට අවශ්‍ය නම්, ඔබ ඔබේ දෛවය වෙනස් විය යුතු ආකාරය තෝරාගන්න.
1️⃣ තමා තමාව විශ්වාස කරන්න.
2️⃣ කල නොහැක්ක පරදවන්න.
3️⃣ අනාගතයේ තමා සිටිය යුතු තැන, අද තීරණය කරන්න.
Business HUB, පුංචිම පුංචි අදහසකින් පටන් ගත්ත ගෲප් එකක්. අද 25,000ක් එකතුවෙලා ඉන්නවා අපිත් එක්ක. අනික් හැම eMoney ආයතනයකටම ලොකු Staff එකක් ඉන්නවා. අපේ ආයතනයේ මම විතරයි. තව ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණ කිහිපදෙනෙක් උදව් කරනවා. ඒත් අපි කරන මෙහෙය. අපි මිනිස්සුන්ට ලබාදෙන දැනුම/සේවා සහ ආධාර ලෝකේ කිසිම eMoney/ව්‍යාපාරික සේවා සපයන ආයතනයකින් ලබාදෙන්නෙ නෑ. මේ බොහොම දෙයක්ම අපි නොමිළයේ ලබාදෙන්නේ. නුදුරු අනාගතයේදි CharityShop/Business HUB ලංකාවේ 🇱🇰 විශිෂ්ටතම eMoney/කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා තාක්ෂණික සේවා සපයන ආයතනය ලෙස පත් කිරීම මගේ සිහිනයයි. එය දැනටමත් එසේමයි. නමුත් තෙවන පාර්ශවයකින් ඒ ඇගයීම ලබාගන්න දවස වැඩි ඈතක නෙවෙයි.
මම මා ගැන විශ්වාස කරනවා. කල නොහැකි හැම දෙයක්ම මම කරනවා. අනාගතය කෙසේ විය යුතුද යන්න මා තීරණය කර අවසන්…
ඔබත් එසේ කරන්න…
ඔබේ ජයග්‍රහණයද වැඩි ඈතක නොවෙයි.
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Dec 8, 2023 | Business HUB සිතුවිල්ල
කෝටිපතිනියක වූ අඳුරු මුඩුක්කුවේ කැරොලිනා …
කැරොලිනා බ්‍රසීලයේ අඳුරු මුඩුක්කුවක ජීවත් වූ ගැහැණියක් …….
ඈ දරුවන් තිදෙනෙක් ගේ ආදරණීය මවක්….
නමුත් ඇයට සැමියෙකු සිටියේ නැහැ ……
ඇය දරුවන් හදා වඩා ගැනීමට අනන්ත දුක් වින්දා.
ඇගේ රැකියාව වූයේ නගරය පුරා විසිකර දැමූ අපවිත්‍ර කඩදාසි එකතු කර ඒවා එකතු කරන මධ්‍යස්ථාන වෙත භාර දීමයි….
වාසනාවකට ඇයට ලියන්නට කියවන්නට හැකියාව ඇති කාන්තාවක්….එම නිසා ඇය ඇගේ විවේකී කාලය ගත කෙළේ ඇගේ දරු තිදෙනාට අකුරු කියා දෙමින්…..
ඒ අතර ඇය විශේෂිත දෙයක් සිදු කළා…
දිවාකාලයේ වෙහෙසී වැඩ කල ඇය රාත්‍රියේ දී ඈ විසින් එකතු කල කොල කැබලි අතර තිබූ හිස් කඩදාසි වල තම දෛනික ජීවිතය ලියා තැබුවා…..
ඈ වෙසෙන මුඩුක්කුවේ අනෙක් ගැහැනු රාත්‍රියේ අනාචාරය සිය වෘත්තිය කර ගනිත්දී
කැරොලිනා තම දරුවන් ගේ නුවණ දියුණු කිරීමට හා ඔවුන්ගේ සිත් සැනසීමට රසවත් කවි, ගීත විවිධ කතා කිව්වා.දරුවන් සමග ඇයද කවි, කතා වල රස මිහිරියාව දෑස් පියාගෙන විද ගත්තා ….දහවලේ අව්කාශ්ඨකේ විදපු දුක් ගැහැට නැති බැරිකම් මොහොතකට අමතක කර සිත සැහැල්ලුවෙන් දරුසෙනෙහස මොහොතකට විද ගත්තා …. විඩාබර දිනයක නිමාව සනිටුහන් කරමින් සැනසුම් සුසුම් වාතලයට මුසුකර දරුවන් වෙනුවෙන් ඇගේ විවේක කාලය වෙන් කළා….
සමහරක් දිනවල දරුවන්ට ආහාර ටිකක් සොයා ගන්නට කැරොලිනා නගරයේ කුණු ගොඩවල් පවා ඇවිස්සුවා.
මේ කටුක ජීවිතය අතරතුර ඈ සෑම රාත්‍රියකම දින සටහන් තැබුවා …..
නමුත් කිසිදාක ඇගේ සටහන් වල ඈ සිහින දකින සැප සම්පත් ගැන ලියුවේ නැහැ .
ඈ එහි ලියුවේ ඈ දරුවන් වෙනුවෙන් කල කී දෑ…..
දවසේ සිදුවුණු සිදුවීම් ……
කැරොලිනගේ දිනපොතේ වරක් මෙසේ ලියා තිබුනා .
“අද මුඩුක්කුවේ ගැහැණියක් බීලා කුණුහරුප කියමින් ඒකිගේ මිනිහා එක්ක රංඩු කලා….
මං මගේ දරුවන්ට කුණුහරුප ඇහෙනවාට කැමති නැහැ…ඒ නිසාම මගේ දරුවන්ට ඒ දේවල් නොඇසෙන්නට මං හුගාක් සද්දෙන් සිංදු කියමින් දරුවන් එක්ක නැටුවා….
දරුවෝ නින්දට ගියේ සතුටින් ”
මේ දිරිය ගැහැණියගේ දිනපොත එක්තරා මහත්තයෙකුට කියවන්නට ලැබුණා….ඔහු එය දැක විශ්මයට පත්ව මෙම ගැහැණියට උපහාරයක් වශයෙන් මෙම ඇගේ දින සටහන් පොත මුද්‍රණය කර පොතක් ලෙස එළිදැක්වුවා..
එහි නම..
“අන්ධකාරයේ දරුවා”
The Child of the dark
මේ පොත නිසා කැරොලිනා ට කෝටි ගනන් මුදල් ගලාගෙන ආවා ඒ මුඩුක්කුවට…..
ඈ කෝටිපතිනියක වූයේ විශ්වය දෙස බලා ගෙන යැදීමෙන් නොවෙයි….
ඈ තමාගේ ජීවිත අරමුණ වූ දරුවන් හදාවඩා ගන්නට ගෞරවයෙන් කැපවු නිසා සොබාදහම ඇයට ඉහල ගෙවීම් කලා….
ඔබත් ඔබේ ජීවිතය ට ගෞරව කරන්න ….
ඔබ කරන දෙය ආදරයෙන් කරන්න …..
කරන කටයුත්ත විශ්වාසයෙන් කරන්න …
ඔබ කරන කියන දේ වලට ඔබටත් ස්භාවධර්මයෙන්ම ගෙවීම් කරාවි……..
දේවල් පහල වෙනකම් බලාගෙන ඉන්න එපා, යැද යැදා ඉන්න එපා. Business HUB කියන්නේ සල්ලි ආකරයක්. ඔන්ලයින් සල්ලි හොයන්න දන්නේ නැත්නම් වෙනත් හැකියාවක් දියුණු කරගන්න. පාඨමාලාවක් කරන්න. ඒ හරහා ස්වයංරැකියාවක් ආරම්භ කරන්න. ඔබට දියුණු වෙන්න පුළුවන්.
හැබැයි නිකන් ඉඳලා කවදාවත් දියුණු වෙන්න බෑ. උත්සාහ කරන්න…
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Dec 7, 2023 | Business HUB සිතුවිල්ල
ජීවිතයට අලුත් ආරම්භයක් ගන්න කැමතිද?
ඔබටවත්, මටවත් හැකියාවක් නෑ… අතීතයට ගිහිල්ලා ජීවිතය වැරදුණු තැන් හදලා ආයෙමත් අද ඉන්න තැනට එන්න.. ඒත් අපි හැමෝටම පුළුවන්, අද අපි ඉන්න තැනින් පටන් අරන් අපි බලාපොරොත්තුවෙන අවසානයට යන්න. ඔබ හොඳට බැලුවොත් ලෝකයේ ජයග්‍රහණය කරපු මිනිස්සු බොහොමයක් මේ විදිහට පාර හදාගත්ත මිනිස්සු. ඒ හැම කෙනාට ම ජීවිතේ කොයිම හරි තැනක පාර වැරදිලා තියෙනවා. ඒත් ඔවුන් ඔවුන්ගේ අඛණ්ඩ විශ්වාසය නිසා ආයෙමත් හරි පාරට පිවිසිලා ජයග්‍රහණය ලඟාකරගෙන තියෙනවා……
ඔබ ඕනේ තරම් දැකලා ඇති හදන්න පටන් අරන් අතරමැද අතහැරලා දාපු ගෙවල්. එහෙම නැත්නම් Foundation එක විතරක් දාලා අතහැරපු තැන්. ඒ කියන්නේ මුල් ගල පැලවෙන්න අරින තැන්. ගෙයක් හදනවා කියන්නේ ටික කාලයක් ගතවන, පියවරෙන් පියවර අවසානය කරා ගෙනියන්න ඕනේ, ඒ වගේම ඒක පටන් ගන්නකොට හොඳට හිතලා මතලා තමුන්ගේ අවශ්‍යතාවය අනුව පටන් ගන්න ඕනේ වගේම සැලසුම් කරන්න ඕනේ ව්‍යාපෘතියක්. හැබැයි සමහරු ඉන්නවා එහෙම නැතුව, යාලුවෙක් ගෙයක් හදන්න පටන් ගත්ත නිසා ගෙයක් හදන… අල්ලපු ගෙදර තට්ටු දෙකේ එකක් හින්දා තමන්ගේ ගෙයත් තට්ටු දෙකේම එකක් වෙන්න ඕනෙමයි කියලා පටන් ගන්න… කරන්නන් වාලේ දෙයක් කරන්න ගියහම අවසානයට වෙන්නේ අතරමග නතර වෙන එක. එහෙම නැතුව දෙයක් පටන් ගන්නනම් ඔබ අනිවාර්යෙන්ම ඔබේ අරමුණ සහ ඔබ සපුරා ගැනීමට උත්සාහ කරන දේ දැනගෙන ආරම්භ කිරීමයි වැදගත්. ඒක නිසා කරන්නන් වාලේ දේවල් කිරීම අද ඉඳලා නවත්වන්න.
“දැන ගියොත් කතරගම…
නොදැන ගියොත් අතරමඟ…”
ඔබ ඔබේ අරමුණ තීරණය කිරීම සඳහා පහත ප්‍රශ්න ඔබෙන්ම ඇසීමත්, අහන ප්‍රශ්න වලට අවශ්‍ය පිළිතුරු ඔබ ඔබෙන්ම ලබා ගැනීමත් අතිශයින්ම වැදගත්…
(1) මගේ ජීවිතයේ දිගු කාලීන අරමුණු මොනවාද?
(2) මා දැන් ආරම්භ කිරීමට උත්සාහ කරන දෙයෙහි අරමුණ කුමක් ද?
(3) මේ දෙය ලඟා කර ගැනීම තුළින්, මගේ දිගුකාලීන අරමුණු ළඟාකර ගැනීමට පහසුවක් හෝ පිටිවහලක් වෙනවා ද?
(4) මට අවශ්‍ය ප්‍රතිඵල මොනවාද?
(5) මා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන දේ ආරම්භ කිරීමට සහ අවසාන ප්‍රතිඵලය ලඟාකර ගැනීම වෙනුවෙන් කැප වීමට මා සැබැවින්ම සූදානම් ද?
මෙන්න මේ ප්‍රශ්න ටිකට තමුන්ට උත්තර ටික හරියටම දෙන්න පුලුවන් නම් විතරක් ගමන ආරම්භ කරන්න පුළුවන්.
අන් අය සැක කරන විට විශ්වාස කරන්න. අන් අය ප්‍රතික්ෂේප කරන විට වැඩ කරන්න. අන් අය නාස්ති කරන විට ඉතිරි කරන්න. අන් අය ඉවත්ව යන විට රැඳී සිටින්න. එවිට අන් අය පරාජය වන විට, ඔබට ජයග්‍රහණය භුක්ති විඳීමට පුලුවන…
ඔබ ජයග්‍රාහකයෙක් ලෙස උපත නොලබනු ඇත. ඔබ පරාජිතයකු ලෙස ද උපත නොලබනු ඇත. ඔබ ජයග්‍රාහණය හෝ පරාජය “තෝරාගන්නෙකු” ලෙස උපත ලබා ඇත.
මෙලොව කිසිදු අවස්ථාවක උපතින් ජයග්‍රාහකයන් වූ පුද්ගලයන් නොමැත. උපතින් පරාජිතයන් වූ පුද්ගලයන් ද නොමැත. මෙලොව උත්පත්තිය ලබන ඕනෑම අයෙකුට ජයග්‍රහණය හෝ පරාජය තෝරා ගැනීමට හැකියාව ඇත. ජයග්‍රාහකයන් යනු සැබැවින්ම ජයග්‍රහණය “තෝරාගන්නා” පුද්ගලයන්ය.
ලෝක ඉතිහාසයේ විශිෂ්ටතම පරාජිතයා ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලාංකීය නාමය අදටත් ලෝක ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් කර ඇතිගැන රණතුංග කරුණානන්දයන් “අවසන් කරන මනසින් යම් දෙයක් ආරම්භ කරන්නේ කෙසේ ද? යන්න අපට මැනවින් පහදා දෙයි.
1936 මැයි 21 වැනිදා උපත ලබන රණතුංග කරුණානන්දයන් වයසින් මුහුකුරායත්ම මළල ක්‍රීඩා සඳහා සුවිශේෂී දක්ෂතාවයක් පෙන්නුම් කළේය. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවකු වීමට තෝරා ගත්තද දක්ෂ ක්‍රීඩකයෙකු වීමේ සිහිනය ඔහුට අමතක නොවීය.
1964 දී ජපානයේ ටෝකියෝ නුවර පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නායකත්වය දුන් කරුණානන්දයන්, ශ්‍රී ලංකාව මෙතෙක් බිහි කළ විශිෂ්ටතම දුර ධාවන ශූරයා විය. එම ඔලිම්පික් උළෙලේදී මීටර් 5,000 සහ මීටර් 10,000 තරඟ සඳහා ඉදිරිපත් වූ කරුණානන්දයන් ලෝකයටම අමතක නොවන මෙම පාඩම අපට කියා දුන්නේ මීටර් 10,000 තරඟය අතරතුරදී ය.
තරඟය අවසන් වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ බිලී මිල්ස් (Billy Mills), ටියුනීසියාවේ මොහොමඩ් ගැමුඩ් (Mohommed Gammoudi) සහ ඕස්ට්‍රේලියාවේ රොන් ක්ලාක් (Ron Clarke) රන්, රිදී සහ ලෝකඩ පදක්කම් ලාභීන් ලෙසිනි. ඔවුන් ජයග්‍රහණය වැළඳ ගන්නා විට කරුණානන්ද විසිඑක් වන වටය නිමකරන්නට ආසන්නව තිබිණි. ක්‍රීඩාංගනයේ සිටි ප්‍රේක්ෂකයන් 60,000ක් පමණ ඔහුට සමච්චල් ගකරමින්, නින්දා අපහාස කළහ.
මේ කිසිවක් නෑසුනාක් මෙන් අනෙක් ධාවකයන් ධාවන තරඟය අවසන් කල පසුවත් ඔහු ඉදිරියට ම දිව ගියේය. ඔහුට තරගය අතරමඟ අතහැර දමා යා හැකි වුවත් අන්තිම වටය දක්වා ඔහු තනිවම තරග කළේය. ඔහු 23 වන වටය ධාවනය ආරම්භ කරනවාත් සමඟම ප්‍රේක්ෂකයන් අත්පොළසන් හඬ නංවමින්, මේ අභීත ශ්‍රී ලාංකිකයාව දිරිමත් කිරීමට පටන් ගත්තේය. ක්‍රමක්‍රමයෙන් මෙලෙස ඇරඹි දිරිමත් කිරීම් අවසානයේ මුළු ක්‍රීඩාංගනයම “කමෝන් සික්ස්ටි සෙවන් (67) ! කමෝන් සිලෝන් !” යනුවෙන් රාව ප්‍රතිරාව හඬින් ගිගුම් දෙන්නට විය. කරුණානන්ද සිය අවසාන මීටර 400 ධාවන පථයේ දිව ගොස් තරඟ අවසානයට ලඟාවූ විට රන් පදක්කම ලබාගත් බිලී මිල්ස්,ට වඩා ජනප්‍රසාදයක් ලත් ක්‍රීඩකයෙකු බවට පත්විය. ඔහු කිසිදු පදක්කමක් දිනා නොගත්තද, ලොව පුරා බොහෝ රසිකයන්ගේ හදවත් දිනා ගත්තේය.
ජපානයේ පුවත්පත්, රූපවාහිනී, ගුවන්විදුලි මධ්‍යස්ථාන සහ ලොව පුරා බොහෝ රටවල් මෙම නිහතමානී කරුණානන්දයන්ගේ ධෛර්යය සහ ඔහුගේ ආත්ම විශ්වාසය ගැන කතා කළ අතර පසු කාලීනව ජපානය පාසල් පෙළ පොතටද ඔහු පිළිබඳ පරිච්ඡේදයක් ඇතුළත් කරමින් දරුවන්ට ජීවන ගමන පිළිබඳව ද පාඩමක් ලබා දීමට වග බලා ගත්තේය.
අවසන් කරන මානසිකත්වයෙන් යමක් ඇරඹීම, ධෛර්යය, අධිෂ්ඨානය, ආත්ම විශ්වාසය සහ තවත් බොහෝ කරුණු කරුණානන්දයන්ගේ චරිතයෙන් අපට ඉගෙන ගත හැකිය.
ඔබට ජයග්‍රහණය කිරීමට හෝ යමක් අවසන් කිරීමට අවශ්‍ය නම් ඔබ ජයග්‍රහණය වෙතම අවධානය යොමු කල යුතුය. මක්නිසාදයත් පරාජිතයන් කිසිවිටෙකත් ජයග්‍රහණය වෙත අවධානය යොමු නොකරන අතර, ඔවුන් ජයග්‍රාහකයන් වෙත අවධානය යොමු කරන බැවිනි.
නිශ්චිත අරමුණ, ඒ අරමුණ වෙනුවෙන් කැපවීම, අන්‍යයන්ගේ විවේචනයන්ට සිනහමුසු මුහුණින් මුහුණ දීමේ හැකියාව සහ අඛණ්ඩ විශ්වාසය යනාදී කරුණු ඔබ අනිවාර්යෙන්ම වර්ධනය කර ගත යුතුය. එමෙන්ම ඔබ ජයග්‍රහණය කරන්නට උපත ලැබුවකු ලෙස ඔබ, ඔබවම විශ්වාස කළ යුතුය. එමෙන්ම කාර්ය සැලසුම් කිරීම, සැලසුම් ක්‍රියාවේ යෙදවීම සහ අවසාන ප්‍රතිඵලය වෙනුවෙන් අඛණ්ඩව බලාපොරොත්තු නිති රඳවාගෙන කටයුතු කිරීම අනිවාර්යයෙන්ම කල යුතුය.
අපගේ උපදෙස් පරිදි ඔබ සියලුම දෙනා අපගේ පේජ් එකේ ලිපි කියවා කමෙන්ට් කලේනම් ඔබ මේ වන විටත් ස්වයංරැකියාවක් හෝ ඔන්ලයින් ව්‍යාපාරයක් ආරම්භ කර ආදායම් ලබන තත්වයට ඇවිත්… නිශ්චිත අරමුණකින් කටයුතු කරන්න, අනිවාර්යයෙන් ඔබ ජයග්‍රහණය කරාවි…
සමහර අය දවසක් දෙකක් ලිපි කියවලා අත හරිනවා. නමුත් කැපවීමෙන් දිනපතා කියවන අය ජයග්‍රහණය කරනවා…
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Dec 6, 2023 | Business HUB සිතුවිල්ල
ඔන්න එක ගමක සති අන්තයේ තියෙන පොලක බැලුන් විකුණමින් ජීවත් වූ මිනිසෙක් හිටියා. ඔහුගේ බැලුන් කරත්තය වටේටම විවිධ පාටවල බැලුන් ගැටගසා තිබුණා. ඒ අතර නිල්, කහ,රතු සහ කොළ පාට වගේම තවත් පාට කීපයකම බැලුන් විකුණන්න තිබුණා.
උදෑසනින්ම පොලට පැමිණෙන ඔහු, හොඳින් ඉඩකඩ ඇති, සෙනඟ වැඩිපුර ගැවසෙතැයි සිතිය හැකි තැනක් තෝරාගන්නවා. ටිකෙන් ටික පොලට මිනිසුන් පැමිණෙන විට, ඔවුන්ගේ අවධානය දිනා ගැනීමට රවුමක් වටේට ඇවිදගෙන ගිහිල්ලා, අතේ තියෙන නලාව තුන් වතාවක් පිඹලා වටේ පිටේ ඉන්න පුංචි එවුන්ගේ වගේම, ඒ දරුවන්ගේ දෙමාපියන්ගේ අවධානයත් දිනාගන්නවා. ඊට පස්සේ හීලියම් පුරවපු බැලුනයක් අරගෙන අහසට මුදා හරිනවා. වටේ බලාගෙන හිටපු පුංචි එවුන්ට හරිම සතුටුයි. බැලුම ටිකෙන් ටික උඩ යනකොට පුංචි එවුන් ඒ බැලුන් ඉල්ලලා දෙමව්පියන්ට කරදර කරන්න පටන් ගන්නවා. ඒ වදෙන් පොරෙන් බේරෙන්න දෙමව්පියෝ ළමයින්ට බැලුන් අරන් දෙනවා. මෙන්න මේ විදිහට හැමදාම මේ බැලුන් වෙළෙන්දාට සෑහෙන බැලුන් ප්‍රමාණයක් විකුණාගන්නට පුලුවන් වෙනවා.
ඔන්න එක දවසක් මේ විදිහට බැලුන් විකුණමින් ඉන්න අතරතුර, කවුරුහරි කෙනෙක් එයාගේ ජැකට්ටුවෙන් අල්ලනවා එයාට දැනුනා. බැලුන් වෙළෙන්දා ආපසු හැරී බලපුවහම පුංචි ලස්සන කොලු පැටියෙක් දෑස් විදහාගෙන නොඉවසිල්ලෙන් එයාගේ දිහා බලන් ඉන්නවා එයාට දකින්නට ලැබුණා.
ඇයි පුතේ… මොකද මේ?
මාමේ, මම ආසාවෙන් බලාගෙන හිටියා, දවසක් ඔයා රතුපාට බැලුමක් උඩ යවනවා.
ඉතින්…?
තව දවසක් කහ පාට එකක්…
ඉතින්, ඉතින්…?
මම දවස් කීපයක්ම බලාගෙන හිටියත්, මාමේ ඔයා එක දවසක්වත් කළුපාට බැලුමක් උඩ යැව්වේ නෑ. ඇයි මාමේ… කළුපාට බැලුන් උඩයන්නේ නැද්ද?
මේ පුංචි පුතා අහපු ප්‍රශ්නෙන් බැලුන් වෙළෙන්දා තුෂ්නිම්භූත වුණා. විනාඩි කීපයක් ඒ දිලිසෙන ඇස් දිහා බලාගෙන හිටියා. එහෙම බලාගෙන ඉඳලා හිමින් සැරේ කටහඬ අවදි කලා.
පුංචි පුතේ…
ඔව්, මාමේ…
මේ බැලුම් උඩයන්නේ ඒ බැලුම්වල පාට හින්දා නෙමෙයි.
එහෙනම්…? පුංචි පුතාට ඉවසගෙන ඉන්න බැරිම තැන ඇහුවා.
මේ බැලුන් උඩ යන්නේ ඒකේ පාට නිසා නෙමෙයි. ඒකේ ඇතුලේ තියෙන දේ වෙනස් කරපු නිසයි.
ඒ කිව්වේ…? පුංචි පුතා ඇහුවා.
මේ බැලුන් වලට අපි කටින් හුලං පිරෙව්වොත්, ඒක ඔය හුළඟට අහුවෙලා පොඩි දුරක් උඩ යයි. ඒත්, මේ බැලුන් වලට අපි හුලං වලට වඩා බර අඩු හීලියම් පුරවලා තියෙන නිසා ඒවා අනිත් බැලුන් වලට වඩා ගොඩක් උඩ යනවා. ඒ කියන්නේ බැලුමේ ඇතුලේ තියෙන දේ වෙනස් කරපු නිසා තමයි, මේ බැලුන් අනිත් බැලුන් වලට වඩා උඩ යන්නේ…
දැන් ඔයාට තේරෙනවා නේද? කළුපාට බැලුමක් වුනත්, ඒක ඇතුලේ තියෙන දේ වෙනස් කලොත් උඩ යවන්න පුලුවන් කියලා… බැලුන් වෙළෙන්දා පැහැදිලි කලා.
කතාව කියෙව්වානේ…
දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්…
ඔබත් කළුපාට බැලුමක්ද?
මේ ලෝකේ හැම මනුස්සයෙක්ම එකවගේ වුනත් සමහරු තමුන්ගේ ජීවිතයේ වගකීම අරගෙන වැඩකරනවා. කරන දේ හරියටම කරන්න උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් උපරිම කැපවෙනවා. අවසානයේදී ඒ මිනිස්සු තමුන් කරන දෙයින් සාර්ථක වෙනවා. ඒ පුද්ගලයා ගැන රටේ ලෝකේ හැමෝම දැනගන්නවා. අගය කරනවා. මේ ලෝකයේ හැටි එහෙමයි. එහෙමනම් දියුණු වෙන්න, සාර්ථක පුද්ගලයෙක් වෙන්න අවශ්‍ය නම් ඔබේ ඇතුලේ තියෙන දේ වෙනස් කරගන්න.
මේ විදිහට වෙනස් කරන්න ඕනේ ඇතුලේ තියෙන මොනවාද?
අවයව මොනවත් වෙනස් කරන්න ඕනේ නෑ… මොළේ පාවිච්චි කරලා “හිතන පතන විදිහ”, පොතේ හැටියට කියනවා නම් “ආකල්ප” වෙනස් කරගන්න. මිනිස්සු ක්‍රියාත්මක වෙන්නේ තම තමුන් හිතන පතන විදිහ අනුව. එහෙමනම් දියුණුවෙන්න, සාර්ථක පුද්ගලයෙක් වෙන්න
කැමති නම් හිතන පතන විදිහ වෙනස් කරලා “වෙනස් මනුස්සයෙක්” වෙන්න.
එහෙම වුනොත් සාර්ථක වෙන්න පුලුවන්ද?
විසිඑක්වන සියවසේ ලොකුම සොයා ගැනීම නම් ඔබේ ආකල්ප වෙනස් කිරීමෙන් ඔබේ ජීවිතය වෙනස් කළ හැකි බවයි.
ඔබේ ජීවිතය පිරී ඇත්තේ, ඔබට සිදුවන සිදුවීම් වලින් 10% ක් වන අතර, ඉතිරිය ඔබ එයට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව 90% කි.
සෑම දෙයක්ම ආරම්භ වන්නේ ආකල්පයකින්… සමහර මිනිස්සු කියන විදිහට මටම,මයි වෙන්නේ?
මේ මගේ කරුමේ?
මේ ඉතින් මං ලබා උපන් හැටි තමයි.
ඒක එහෙමද?
ඔබ උදේ නැගිටින ආකාරය තීරණය වන්නේ ඔබ ජීවිතයේ කොපමණ දුරක් යා යුතුද යන්න ඔබ අවබෝධ කරගෙන ඇති ආකාරය අනුවයි.
ඔබ ඔබෙන්ම මෙසේ අසන්න.
ඔබ යනු ඔබ සිතන පතන ආකාරයම ද?
ඔබේ චින්තනය වෙනස් කිරීමට පෙර, ඔබේ මනසෙහි ඇති දේ වෙනස් කළ යුතුය. ඔබේ ජීවිතයේ තත්වයන් සකස් කර ගැනීමට ඔබට නොහැකි නමුත් එම තත්වයන්ට ගැලපෙන පරිදි ඔබේ ආකල්ප සකස් කර ගත හැකිය. ප්‍රතිචාර දැක්වීම ධනාත්මක කරගත හැකි නමුත් ප්‍රතික්‍රියා කිරීම ඍණාත්මක ය. නිවැරදි චින්තනයෙන් ඔබට, ඔබව ජීවිතයේ වඩා හොඳ ස්ථානයකට ගෙන යා හැකිය. ඔබට මුහුණ දීමට අපහසු තත්ත්වයක් ඇති වූ විට, ඔබ මඳක් සිතා බලා සිහි බුද්ධියෙන් ඉවසීමෙන් කටයුතු කලයුතුය. ඔබගේ අවාසනාව කුමක් වුවත්, යමෙකුට එම තත්ත්වයටත් වඩා තත්ත්වය නරක අතට හැරී ඇති බව සලකන්න. සෑමවිටම, ඔබේ සීමාවන්ට වඩා ඔබේ හැකියාවන් කෙරෙහි අවධානය යොමු කරන්න. සතුටින් සිටින මිනිසුන්ට අනිවාර්යයෙන්ම සෑම දෙයකම හොඳම දේ නැත. නමුත් ඔවුන් සෑම දෙයකටම හොඳම විදිහට ප්‍රතිචාර දැක්වීමට තෝරාගනියි. ඔබත්, ඔවුනුත් අතර ඇති ප්‍රධානතම වෙනස එයයි.
“අපට සුළඟ වෙනස් කළ නොහැකි නමුත් අපට අවශ්‍ය පරිදි රුවල් සකස් කරගෙන අපට අවශ්‍ය ගමනාන්තයට ගමන් කල හැකිය.”
ඔබේ අනාගතය වෙනස් කිරීමට ඔබට අවශ්‍යනම්, පළමුව ඔබේ ආකල්ප හෙවත් සිතන පතන ආකාරය වෙනස් කරගන්න. ඔබ ඔබේ සිතුවිලි වෙනස් කරගතහොත්, ඔබ ඔබේ ලෝකය වෙනස් කරගනු නොඅනුමානය.
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla
by admin | Dec 5, 2023 | Business HUB සිතුවිල්ල
දවසක් පුංචි දරුවෙක් එයාගේ සීයා ලගට ගිහින් ඇහුවලු මෙහෙම..
“සීයේ.. ජීවිතේකට වටිනාකමක් තියෙනවද..?
මගේ ජීවිතේ වටිනාකම කීයද..?“
සීයා මේ පුංචි දරුවා අතට රළු ගලක් දුන්නා …….
දීලා කිව්වා මෙහෙම..
“පුතා ගිහින්.. මේ ගලේ වටිනාකම කීයද කියලා හොයාගෙන එන්න.. හැබැයි කීයටවත් මේ ගල විකුණන්න නම් එපා..”
පුංචි දරුවා ඒ ගලත් අරගෙන ගියා දොඩම් වෙලෙන්දෙක් ලගට……..
“මාමේ.. මේ ගල කීයක් වෙනවද..?“
දොඩම් වෙලෙන්දා ඒ ගල අතට අරගෙන බැලුවා.. රතු පාටට යාන්තමින් දිලිසෙන ගල ගැන වෙලෙන්දාට සැකයක් ඇතිවුණා..
“මේකට මං පුතාට දෙන්නම් දොඩම් ගෙඩි දුසිමක්..!“
“ස්තුතියි මාමේ.. ඒත් සීයා කිව්වා මට මේ ගල විකුණන්න එපා කියලා..“
පුංචි දරුවා ඊලගට ගියේ එළවලු වෙලෙන්දෙක් ලගට…..
“මාමේ මේ ගල කීයක් වෙයිද..?“
එලවලු වෙලෙන්දත් මේ ගල අරගෙන බැලුවා….
“පුතා මේක මට විකුණන්නද යන්නේ ….. මම මේකට දෙන්නම් එලවලු ගෝනියක්ම…..“
“ස්තුතියි මාමේ …… ඒත් සීයා මට කිව්වා මේක විකුණන්න එපා කියලා..“
දරුවා ඊලගට ගියේ ආභරණ වෙලෙන්දෙක් ලගට……..
“මේ ගලට කීයක් දෙන්න පුළුවන්ද..?“
ආභරණ වෙලෙන්දා ගල අතට අරන් පරීක්ෂා කළා……
“හ්ම්.. මේකට මම දෙන්නම් ලක්ෂ දහයක්..“
පුංචි දරුවා වෙලෙන්දාට ස්තුතියි කරලා වෙනදා උත්තරයම දීලා එන්න ලෑස්ති වුණා…….
“හා කමක් නෑ.. මම ඔය ළමයට ලොකු රත්තරන් මාල දෙකක්ම දෙන්නම්කෝ ……. මේක මට විකුණන්න..“
“නෑ මාමේ.. මට ඕන වුණේ මේකෙ වටිනාකම දැනගන්න විතරයි..“
පුංචි දරුවා ඊලගට ගියේ මැණික් වෙලෙන්දෙක් ලගට……
මේ ගල අතට අරන් පරික්ෂා කරලා බලපු මැණික් වෙලෙන්දා ආයෙමත් මේ ගල පුංචි ළමයා අතට දීලා මෙහෙම ඇහුවා..
“කවුද මේ ගල පුතාට දුන්නේ..?“
“මගේ සීයා..“
“පුතේ මේ ගල ලොකු රතු මැණිකක්.. මේ වටිනා මැණික ගන්න මගේ ලග තියෙන හැම සතයක්ම එකතු කළත් මදි වේවි.“
මේ හැම දේම අහගෙන පුංචි දරුවා ආපහු සීයා ලගට ගියා.. ගිහින් සීයාට හැම දේම කිව්වා. ඊට පස්සෙ ඇහුවා..
“ඉතින් සීයේ කියන්න.. මගේ ජීවිතේ වටිනාකම කීයද..?“
“ඒකට උත්තරය තමයි පුතේ ඔයා ඔය හොයාගෙන ආවේ……. එක එක්කෙනා ඒ ගොල්ලන්ගෙ දැනුමේ හැටියට, ඒ ගොල්ලන්ගේ අවංක කමේ හැටියට, ඒ ගොල්ලන්ගේ විශ්වාසයේ හැටියට ඔයාගේ ජීවිතේ මිල තීරණය කරයි.. සමහරු කියයි ඔයාගේ කිසිම වටිනාකමක් නෑ කියලා…… සමහරු ඔයා ගැන හරි හැටි නොදැන පුංචි වටිනාකමක් කියයි…… ඒත් කවදා හරි ඔයාව හරියටම දන්න කෙනා ඔයාගේ ජීවිතේ වටිනා කම කියා දෙයි.. ඔයා කොච්චර වටින කෙනෙක්ද කියලා ඔයාට පෙන්නලා දෙයි…..
ඒ නිසා, සෑම විටම…….
ඔයාව විශ්වාස කරන්න..
ඔයාව අගය කරන්න..
ඔයාගේ ජීවිතේ වටිනාකම අවතක්සේරු කරන්න එපා..
කිසිම කෙනෙක් ගාව ලාබෙට විකිණෙන්න එපා..
තමන් තමන්ට ම ගරු කරන්න…!!
අන්න ඒ නිසයි Business HUB වල අගය දිනෙන් දින වැඩි වුණත් එහි වටිනාකම දන්න අය සම්බන්ධ වෙන්නේ…
මුලින් නිකන්ම නිකන් තිරිවාණ කැටයක් කියලා හිතුව Business HUB අන්තිමේදී මැණිකක් වුණා. දැන් ඉතිං ගොඩක් අයට වැඩි වටිනාකමකට තමයි අපිත් එක්ක සම්බන්ධ වෙන්න වෙන්නේ…
ඒ වගේම අනෙක් කම්පැනි වගේ නෙමේ අපි ඔබට අගයක් දෙනවා. වටිනාකමක් දෙනවා. ඔබ දියුණු වෙන්න වෙර දරන අයෙක් නම් අප ඔබට අත දෙනවා… මන්ද අපට ඔබේ වටිනාකම තේරෙනවා.
ඔයාගේ වටිනාකම හොයාගන්න, අපිත් එක්ක රැඳිලා ඉන්න…
අදත් වෙනදා වගේම ඔබේ වටිනාකමට අපෙන් ඔබට අගය කිරීමක් ලැබේවී. කරන්න ඕන දේ පේජ් එකත් එක්ක රැඳිලා ඉන්න හැමෝම දන්නවනේ…
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla