Select Page

කෝටිපතිනියක වූ අඳුරු මුඩුක්කුවේ කැරොලිනා …

කැරොලිනා බ්‍රසීලයේ අඳුරු මුඩුක්කුවක ජීවත් වූ ගැහැණියක් …….

ඈ දරුවන් තිදෙනෙක් ගේ ආදරණීය මවක්….
නමුත් ඇයට සැමියෙකු සිටියේ නැහැ ……

ඇය දරුවන් හදා වඩා ගැනීමට අනන්ත දුක් වින්දා.

ඇගේ රැකියාව වූයේ නගරය පුරා විසිකර දැමූ අපවිත්‍ර කඩදාසි එකතු කර ඒවා එකතු කරන මධ්‍යස්ථාන වෙත භාර දීමයි….

වාසනාවකට ඇයට ලියන්නට කියවන්නට හැකියාව ඇති කාන්තාවක්….එම නිසා ඇය ඇගේ විවේකී කාලය ගත කෙළේ ඇගේ දරු තිදෙනාට අකුරු කියා දෙමින්…..

ඒ අතර ඇය විශේෂිත දෙයක් සිදු කළා…

දිවාකාලයේ වෙහෙසී වැඩ කල ඇය රාත්‍රියේ දී ඈ විසින් එකතු කල කොල කැබලි අතර තිබූ හිස් කඩදාසි වල තම දෛනික ජීවිතය ලියා තැබුවා…..

ඈ වෙසෙන මුඩුක්කුවේ අනෙක් ගැහැනු රාත්‍රියේ අනාචාරය සිය වෘත්තිය කර ගනිත්දී
කැරොලිනා තම දරුවන් ගේ නුවණ දියුණු කිරීමට හා ඔවුන්ගේ සිත් සැනසීමට රසවත් කවි, ගීත විවිධ කතා කිව්වා.දරුවන් සමග ඇයද කවි, කතා වල රස මිහිරියාව දෑස් පියාගෙන විද ගත්තා ….දහවලේ අව්කාශ්ඨකේ විදපු දුක් ගැහැට නැති බැරිකම් මොහොතකට අමතක කර සිත සැහැල්ලුවෙන් දරුසෙනෙහස මොහොතකට විද ගත්තා …. විඩාබර දිනයක නිමාව සනිටුහන් කරමින් සැනසුම් සුසුම් වාතලයට මුසුකර දරුවන් වෙනුවෙන් ඇගේ විවේක කාලය වෙන් කළා….

සමහරක් දිනවල දරුවන්ට ආහාර ටිකක් සොයා ගන්නට කැරොලිනා නගරයේ කුණු ගොඩවල් පවා ඇවිස්සුවා.

මේ කටුක ජීවිතය අතරතුර ඈ සෑම රාත්‍රියකම දින සටහන් තැබුවා …..

නමුත් කිසිදාක ඇගේ සටහන් වල ඈ සිහින දකින සැප සම්පත් ගැන ලියුවේ නැහැ .

ඈ එහි ලියුවේ ඈ දරුවන් වෙනුවෙන් කල කී දෑ…..
දවසේ සිදුවුණු සිදුවීම් ……

කැරොලිනගේ දිනපොතේ වරක් මෙසේ ලියා තිබුනා .

“අද මුඩුක්කුවේ ගැහැණියක් බීලා කුණුහරුප කියමින් ඒකිගේ මිනිහා එක්ක රංඩු කලා….
මං මගේ දරුවන්ට කුණුහරුප ඇහෙනවාට කැමති නැහැ…ඒ නිසාම මගේ දරුවන්ට ඒ දේවල් නොඇසෙන්නට මං හුගාක් සද්දෙන් සිංදු කියමින් දරුවන් එක්ක නැටුවා….
දරුවෝ නින්දට ගියේ සතුටින් ”

මේ දිරිය ගැහැණියගේ දිනපොත එක්තරා මහත්තයෙකුට කියවන්නට ලැබුණා….ඔහු එය දැක විශ්මයට පත්ව මෙම ගැහැණියට උපහාරයක් වශයෙන් මෙම ඇගේ දින සටහන් පොත මුද්‍රණය කර පොතක් ලෙස එළිදැක්වුවා..

එහි නම..
“අන්ධකාරයේ දරුවා”
The Child of the dark

මේ පොත නිසා කැරොලිනා ට කෝටි ගනන් මුදල් ගලාගෙන ආවා ඒ මුඩුක්කුවට…..

ඈ කෝටිපතිනියක වූයේ විශ්වය දෙස බලා ගෙන යැදීමෙන් නොවෙයි….
ඈ තමාගේ ජීවිත අරමුණ වූ දරුවන් හදාවඩා ගන්නට ගෞරවයෙන් කැපවු නිසා සොබාදහම ඇයට ඉහල ගෙවීම් කලා….

ඔබත් ඔබේ ජීවිතය ට ගෞරව කරන්න ….
ඔබ කරන දෙය ආදරයෙන් කරන්න …..
කරන කටයුත්ත විශ්වාසයෙන් කරන්න …

ඔබ කරන කියන දේ වලට ඔබටත් ස්භාවධර්මයෙන්ම ගෙවීම් කරාවි……..

දේවල් පහල වෙනකම් බලාගෙන ඉන්න එපා, යැද යැදා ඉන්න එපා. Business HUB කියන්නේ සල්ලි ආකරයක්. ඔන්ලයින් සල්ලි හොයන්න දන්නේ නැත්නම් වෙනත් හැකියාවක් දියුණු කරගන්න. පාඨමාලාවක් කරන්න. ඒ හරහා ස්වයංරැකියාවක් ආරම්භ කරන්න. ඔබට දියුණු වෙන්න පුළුවන්.

හැබැයි නිකන් ඉඳලා කවදාවත් දියුණු වෙන්න බෑ. උත්සාහ කරන්න…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla