Select Page
දැකලා තියෙනවා ද

දැකලා තියෙනවා ද

දැකලා තියෙනවා ද..

මහන්සිවෙලා වියන මකුලු දැල කොච්චර වාරයක් කැඩුනත් ආයේමත් පෙර වාගේ ම වියන මකුලුවන්ව…

ජීවත් වෙලා ඉන්න තාක්කල් මකුලුවා දැල වියන එක නතර කරන් නෑ…

ඒ වගේ ශක්තිමත් වෙන්න අපිටත් පුලුවනි නම්…

වැටෙන්න වැටෙන්න නැගිටින්න පුලුවන් නම්…

කෙනෙක් ඔයාව වට්ටන්න හදද්දි වැටෙන් නැතුව දෙපයින් හිට ගන්න පුලුවන් නම්…

මොන තරම් බාධක ජීවිතේට ආවත් ඒ හැමදේම දිහා සුබවාදී ව බලලා ඒ දේවල් වලට ශක්තිමත් ව මුහුණ දෙන්න පුලුවන් නම්…

විශ්වාසයි ඔයාටයි මටයි කවමදාහරි සැනසීමක් ලැබෙනවාමයි…

උත්සහය අත් නොහරින්න….

අද උන්නු ඔයාට වඩා හෙට උදේ ඇස් අරිද්දී ඉන්න ඔයා අද උන්නු ඔයාට වඩා ගොඩක් ශක්තිමත්…

Positive Thinking ගෲප් එකෙන් උපුටාගත් ලිපියකි. අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

දැකලා තියෙනවා ද

දැකලා තියෙනවා ද

දැකලා තියෙනවා ද..

මහන්සිවෙලා වියන මකුලු දැල කොච්චර වාරයක් කැඩුනත් ආයේමත් පෙර වාගේ ම වියන මකුලුවන්ව…

ජීවත් වෙලා ඉන්න තාක්කල් මකුලුවා දැල වියන එක නතර කරන් නෑ…

ඒ වගේ ශක්තිමත් වෙන්න අපිටත් පුලුවනි නම්…

වැටෙන්න වැටෙන්න නැගිටින්න පුලුවන් නම්…

කෙනෙක් ඔයාව වට්ටන්න හදද්දි වැටෙන් නැතුව දෙපයින් හිට ගන්න පුලුවන් නම්…

මොන තරම් බාධක ජීවිතේට ආවත් ඒ හැමදේම දිහා සුබවාදී ව බලලා ඒ දේවල් වලට ශක්තිමත් ව මුහුණ දෙන්න පුලුවන් නම්…

විශ්වාසයි ඔයාටයි මටයි කවමදාහරි සැනසීමක් ලැබෙනවාමයි…

උත්සහය අත් නොහරින්න….

අද උන්නු ඔයාට වඩා හෙට උදේ ඇස් අරිද්දී ඉන්න ඔයා අද උන්නු ඔයාට වඩා ගොඩක් ශක්තිමත්…

Positive Thinking ගෲප් එකෙන් උපුටාගත් ලිපියකි. අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

වැඩ පෙන්නන් නැතුව වැඩ කරන එකත් හැකියාවක්

වැඩ පෙන්නන් නැතුව වැඩ කරන එකත් හැකියාවක්

එක්තරා කාලෙක ගමක හිටිය ගොවියෙකුට අශ්වයෙකුයි, ඌරෙකුයි අයිති වෙලා තිබුනා. එක දවසක් අශ්වයා ලෙඩ ගානේ ඉන්නවා දැකලා ගමේ හිටපු වෙද මහත්තයාට මේ ගොවි මහත්තයා කතා කලා.

”ම්… අශ්වයාට වෛරස් එකක් ගිහිල්ලා… මම දවස් තුනකට බෙහෙත් දෙන්නම්, අඩු වුනේ නැත්නම් ඉතින් අශ්වයාව නැති කරන්න වෙනවා…” අශ්වයා බලපු වෙදා කිවුවා.

ළග හිටපු ඌරාට මේ ගැන හොදින් ඇහුනා. මේ මගේ යාලුවා, මෙහෙම ගියොත් නම් මෙයාව අපිට නැතිවෙනවා නේද කියලා හිතුවා. ඊලඟ දවසේ උදෙන්ම ආපු වෙදා අශ්වයාට බෙහෙත් කරලා යන්න ගියා. කට්ටියම ගියාට පස්සේ අශ්වයා ළඟට ගියා ඌරා

”යාලුවා ශක්තිමත් වෙන්න… කොහෝම හරි නැගිටින්න බලන්න… අත්හරින්න එපා…” කියමින් අශ්වයා දිරිමත් කලා. වෙදා අශ්වයාට දෙවනි දවසටත් බෙහෙත් කරලා යන්න ගියා. ඊයේ වගේ ම ඌරා අශ්වයාව ගොඩාක් උනන්දු කලා. ඒත් අශ්වයා කිසිම හැල හොල්මනක් නෑ. තුන්වෙනි දවසේ ප්‍රතිකාර කරලා වෙදා ගොවි මහත්තයට කියනවා

”හෙට අඩු වෙලා තිබුනේ නැතිනම් අපිට මෙයාව මරලා දාන්න වෙනවා… නැත්තම් මේ වෛරසය අනික් අශ්වයොන්ටත් බෝවෙලා මහා විනාශයක් වෙනවා.”

ඌරට ගොඩාක් දුකයි. හැමදාම හිටිය යාලුවා. වෙන දවස් වගේම එදත් ඔහු අශ්වයා උනන්දු කරන්න ගියා.

”යාලුවා නැගිටින්න. මේක අමාරු නැහැ. පොඩ්ඩක් ඇවිදලා පෙන්නන්න. ඔයාට පුළුවන්.”

කොහොම හරි අමාරුවෙන් කෑ ගැහිල්ලත් එක්කම අශ්වයා ටිකක් නැගිටලා ඇවිදින්න වුනා. ඊට පස්සේ දුවන්නත් පටන් ගත්තා. හදිස්සියෙන් ගොවිපළට පැමිණි ගොවි මහත්තයා මේක දැක්කා.

”මගේ අශ්වයාට සනීප වෙලා. විශ්වාස කරන්නත් බෑ ! නියමයි… මේක නම් සමරන්න ඕන සාදයක් දාලා. කෝ මේ ඌරා. අද රැ සාදයට දොස්තර මහත්තයටත් එන්න කියලා ඌරව මසට ගන්න ලෑස්ති කරන්න ඕන.”

මේ විධියට ඌරගේ ජීවිතේ අවසාන වුණා…

මේ කතාවෙන් කියවෙන දේ අපි එදිනෙදා රාජකාරී කරන ස්ථාන වලත් ඕන තරම් සිදු වෙනවා. කරන්න බැරි ගොඩක් දේවල් උන්නදු වෙලා කරන්නේ කෙනෙක්, ඒත් ඒකෙන් ලකුණු දාගන්නේ නම් වෙන කෙනෙක්. ඒත් කරුමේ කියන්නේ අන්තිමේ නරක එන්නෙත් ඒ මහන්සි වෙලා වැඩ කරන අයටම තමයි. තිරයෙන් පිටු පසට වෙලා කාර්යය කරන බොහේ දෙනෙක් ඉන්නවා, එයාලා වැඩිය ලකුණු දාගන්න උවමනාවක් කරන්නේ නෑ. වැඩේ හොඳට කරන එක විතරයි එයාලගේ අරමුණ. දන්නවද, වැඩ පෙන්නන් නැතුව වැඩ කරන එකත් හැකියාවක්…

ධනාත්මක සිතුවිලි ගෲප් එකෙන් උපුටාගත් ලිපියකි. අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

ප්‍රතික්ෂේප වීම් යනු උත්සාහ කිරීමට ලබාදෙන තවත් ශක්තිමත් දිරියකි

ප්‍රතික්ෂේප වීම් යනු උත්සාහ කිරීමට ලබාදෙන තවත් ශක්තිමත් දිරියකි

ප්‍රතික්ෂේප වීම් යනු උත්සාහ කිරීමට ලබාදෙන තවත් ශක්තිමත් දිරියකි…

සාර්ථකත්වය යනු, ඔබට එකවර ලැබෙන දෙයක් නොවේ.එය උත්සාහයන් ගණනාවක ප්‍රතිඵලයක් මිස,දින ගණනාවක කැපකිරීමක් මිස එක් රැයකින් එක් මොහොතකින් සඵල වන්නක් නොවේ.ඒ සඳහා ඔබ ජීවිතයේ බොහෝ කැපකිරීම් කැපකිරීම් සිදුකිරීමට අවශ්‍ය ය.

ලොව සාර්ථකත්වයට පැමිණි බොහෝ පුද්ගලයන් ඔවුන්ගේ ජයග්‍රහණයන් වෙත පැමිණ ඇත්තේ උත්සාහයන් ගණනක අවසාන ප්‍රතිඵලය වශයෙනි.ඔබ යමක් සඳහා උත්සාහ නොකරන්නේ නම්,උත්සාහයන් නිෂ්ඵල වුවද නැවත නැවත ඒ සඳහා උත්සාහ කරන්නේ නම්,ඔබ ඒ සඳහා කරන කැපකිරීම් නිෂ්ඵල වේ.

ඔබ යම් සිහිනයක් වෙත යාමට අවශ්‍ය නම් ඒ සඳහා අඛණ්ඩව උත්සහ කළ යුතුයි.ඒ මන්ද උත්සාහ කිරීම් ගණනාවක අවසානයේ ඔබ සිහිනය වෙත ඔබට ගමන් කිරීමේ හැකියාව ඇත.එය වරක් දෙවරක් නොව උත්සාහයන් සිය ගණනක අවසානය විය හැක.මා දකින ලෙස ලොව වඩාත්ම සිහිනයක්ව තැන පුද්ගලයෙකුට අවශ්‍ය වන්නේ උත්සාහයයි.සිහිනය අතහැර ඒකායන බලාපොරොත්තුවෙන් යුතුව ඒ වෙත ගමන් කිරීමයි.

ඔබ ඉදිරියට තබන සෑම පියවරක් ම අසාර්ථක විය හැක.නමුත් ඒ අසාර්ථකවී මැද දිනක එහි පන්නරය මැද ඔබ සාර්ථකත්වයට ළඟා වෙනවා යන බලාපොරොත්තුව ඔබ තුළ තබා තබාගත යුතුය.හැමවිටම උත්සහ කරන්න.සෑම උත්සාහයක් ම සාර්ථක නොවිය හැක.නමුත් එහි වැදගත් වන්නේ එම අසාර්ථක වීම මැද සාර්ථකත්වය කරා ගමන් කිරීමයි.උත්සාහයන් ගණනාවක් අවසන ,සාර්ථකත්වය නැමැති මල් විකසිත වනු ඇත.ඒ තුළ ඇත්තේ තාවකාලික සුවඳක් නොව,එම සුවඳ ඔබගේ මුළු ජීවිතය ම සුවඳවත් කරාවි.එය ඔබේ ගමනට ශක්තියක් ම වේවි.

ලොව සාර්ථකත්වයට පැමිණි බොහෝ පුද්ගලයන්,දහස් වැරදීම් මැද තම සිහින වෙත ගමන් කල අයයි.ලොව ප්‍රබලතම සමාගමක් වන ෆේස්බුක් අප කවුරුත් දන්නවා.ලෝකයේ facebook පාවිච්චි කරන කෙනෙකු සොයාගත නොහැකි තරම්,නමුත් එහි නිර්මාණකරුවා වන මාර්ක් සකර්බර්ග් පවසන්නේ මෙවන් අදහසකි.

“ෆේස්බුක් කියන්නේ,මගේ පළමු නිර්මාණය නොවේ”

එනම් ඔහුගේ ප්‍රකාශයෙන් අප ජීවිතයට ලබාගත හැකි වැදගත් ලක්ෂණය වන්නේ,ලොව සාර්ථකත්වයට පැමිණි බොහෝ පුද්ගලයන්,දහසක් අසාර්ථක වීම මැද සාර්ථකත්වයට පැමිණි අයයි.නමුත් ඔවුන් ඔහුගේ උත්සාහය කිසිදින නමුත් සිහිනය වෙත ළඟා වනතුරු අතහැරියේ නැත.

ඊට කලින් මම හැදුවා,නමුත් ඒ කිසිවක් සාර්ථක උනේ නෑ,

නමුත් ඔහු ඔහුගේ උත්සාහය කිසිම හැරියේ නැත .අවසානයේ ඔහු මුළු ලෝකයටම වර්තමානයේ අත්‍යවශ්‍ය සුවිශාල මෘදුකාංගයක් නිර්මාණ කළේය.එය අප කවුරුත් කවුරුත් දන්නා facebook ය.ඔහුගේ ෆේස්බුක් නැමැති නිර්මාණය ලොව සාර්ථකම මෘදුකාංගය වන්නේ,ඔහුගේ සහ යම් ගණනාවක එක් ප්‍රතිඵලයක් වශයෙනි.නමුත් ඔහු ඔහුගේ පළමු දෙවන ප්‍රතික්ෂේප වීම් ,සිය ජීවිතයට පන්නරයක් කරගත්තා මිස එය බාධකයක් කර නොගත්තාය.

ඔහු තවත් වරෙක ඔහුගේ ප්‍රකාශයක් තුල මෙවන් අදහසක් ඉදිරිපත් කරනවා,

” රොව්ලියන්ගේ දොළොස් වතාවක් ප්‍රතික්ෂේප වුණා”ඇය තමාගේ විශිෂ්ටතම කෘතිය වන හැරී පෝටර් රචනා කිරීමට පෙර,නමුත් ඇය ඇගේ උත්සාහය අතහැරියේ නැත,වැරදීම් 12ක් අභිමුව ඇති ,තම සිහිනය වෙනුවෙන් පමණක් කැප උනේය.අවසානයේ ඇය ලොව විශිෂ්ටතම කෘතියක් වන හැරී පෝටර් රචනා කළාය.නමුත් ඇය එම ප්‍රතික්ෂේප වීම් 12 අතරතුර ඇගේ උත්සාහය අතහැරියේ නම්, ඇය මෙවන් සාර්ථකත්වයකට කිසිදා පත් නොවනු ඇත. අඛණ්ඩ උත්සාහය, දිනක ඔබ සීනය වෙත ඔබ ගෙන යාවි. බියොන්සේ හා හාලෝගේ ආදර කතාව ඔබ අසා ඇති,බියොන්සේ හා ලොව ලැබීම පිණිස ,ඇයට ගීත සියයක් ලිව්වේය.එම ගීත සියයක ප්‍රතිඵලය ක අවසන ඇය ඔහුට සිය කැමැත්ත පළ කළේය.නමුත් ඔහු පළමු ප්‍රතික්ෂේප වීමෙන් ම ඇය කෙරෙහි පවතින කැමැත්ත අතහැරියෙ එහෙනම්,කිසිදා ඔහුට ඇය හමු නොවනු ඇත.

පරාජය වන තරමට වැඩි වන්නේ ඔබගේ ජයග්‍රහණයයි,පරාජයන් සිය ගණනක් ජයග්‍රහනය සඳහා වන සාර්ථක අත්තිවාරමක් ගොඩනගනු ලබයි.එකී පරාජ වීම් ,කිසිදා නො වැටෙන ශක්තිමත් පදනමක් නිර්මාණය කරයි.පරාජයවීම මැද ලබන පන්නරය, ඔබගේ මුළු ජීවිතයටම ද ආලෝකයක් වේ,එකී ආලෝකය ඔබගේ ජීවිතයේ නව මාර්ගයක් විවර කර දේවි.ඉතිං කිසිදා අප පරාජිතයකු නොව,පරාජිතයකු වන්නේ උත්සාහය අත් හැරි මොහොතේදීය. ඔබ උත්සාහය අත්නොහැර තවමත් ඔබගේ සීන් ඒ වෙනුවෙන් කැප වන්නේ නම් ඔබ සැබෑ ජයග්‍රහයකයකු වේ. කිසිදා ඔබගේ උත්සාහය අත නොහරින්න. එය ඉටුවන දිනයක් කෙදිනක හෝ ඒවි. අත්නොහැර උත්සාහය වෙනුවෙන් කැපවෙන්න දිරි දෙන්න.

උපුටාගැනීම පී.එස් නේෂලා විසින් units.kln.ac.lk වෙබ් අඩවියට ලියන ලද ලිපියකිනි. අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

අප සියලු දෙනා ජීවිතයේ සාර්ථකත්වය සොයා යන්නේ විවිධ උපාය උපක්‍රම භාවිත කරමින්

අප සියලු දෙනා ජීවිතයේ සාර්ථකත්වය සොයා යන්නේ විවිධ උපාය උපක්‍රම භාවිත කරමින්

අප සියලු දෙනා ජීවිතයේ සාර්ථකත්වය සොයා යන්නේ විවිධ උපාය උපක්‍රම භාවිත කරමින්.බොහෝ විට ඒ සඳහා අනෙක් උදවිය සමග තරග කිරීමට, අනෙකා අභිබවා යාමට,අනෙකාට එරෙහිව යාමට,අනෙකාට වඩා ඉදිරියට යාමට,අති මහත් වෙහෙසක් දරනු ලබයි.

මේ සඳහා බොහෝ විට හේතු කාරණා වී ඇත්තේ නූතන වාණිජ සමාජය තුළ සාර්ථකත්වයට ලබා දී ඇති ව්‍යාජ නොහොත් වැරදි අර්ථ කථනයි.

සැබෑ සාර්ථකත්වය යනු මිල මුදල්,යාන වාහන ,උසස් මිතුරන්,ඉඩ කඩම් ,බලය ,හොඳ නිවසක් ,සුරූපී බිරිඳක් ,උසස් රැකියාවක් හෝ ව්‍යාපාරයක්,සුඛෝපභෝගී මෝටර් රථයක් ,සමාජ මට්ටම පෙන්වන ආකාරයේ සුඛෝපභෝගී භාණ්ඩ පරිභෝජනයක් , යනාදී වශයෙන් වූ වාණිජ අරමුණු උදෙසා නිර්මාණය කරන ලද ව්‍යාජ සාර්ථකත්වයක් පිළිබඳ අර්ථකථනයක් මේ වන විට අපට සමාජය හා ජනමාධ්‍ය මගින් එන්නත් කොට ඇත.

නමුත් සැබෑ සාර්ථකත්වය යනු මිනිසාගේ ශාරීරික,මානසික,සෞඛ්‍ය,සමාජ ,සංස්කෘතික,ආර්ථික යනාදී පුළුල් විෂය ක්ෂේත්‍රයන් ඔස්සේ දිව යන සංකීර්ණ අර්ථ කථනයක් ලබා දිය හැකි කාරණයකි .

අද සමාජය තුළ මෙම ව්‍යාජ සාර්ථකත්වය පිළිබඳ උදාහරණ ඕනෑ තරම් අපට සොයා ගත හැක.නමුත් යාන වාහන,ගෙවල් දොරවල් ,උසස් රැකියාවන්ගෙන් සපිරි එම ජීවිත තුළ ඔබත් මමත් නොදන්නා, හෙලි නොකරන්නා වූ ඉතාම පීඩාකාරි ජීවිත පවතින බව අසත්‍යක් නොවේ..

පිදුරු සෙවිකල කළ පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ වැනි ගීත නිර්මාණය වන්නේ එවන් පසුබිමකය .

බොහෝ මිනිසුන් සාර්ථකත්වය උදෙසා ඉහතින් සඳහන් කළ දෑ රැස් කරගත් පසු ගත් පසු තවමත් ජීවිතය තෘප්තිමත් නොවීම පිළිබඳව පසුතැවිලි වන්නේ ඒ නිසාවෙනි .

සමහර විට මේ සියල්ල නොමැති පුද්ගලයින් ඉතා සතුටින් දිවි ගෙවන බවත් ඉතා සැහැල්ලුවෙන් ජීවත් වන බවත් ඔබට අපට ඕනෑතරම් උදාහරණ අප සමාජය තුළින් ද දැක බලා ගත හැක.

මෙය සිදු වන්නේ කෙසේ ද ?

එසේ නම් අප මේ හඹා එන සාර්ථකත්වය පුස්සක් ද ?

සාර්ථකත්වය යනු හුදෙක් ව්‍යාජ වාණිජ සංකල්පයක් පමණක්ද, එසේත් නැතිනම් සැබෑ ලෙසම ජීවිතයට ළඟා කළ හැකි දෙයක්ද ?

මෙයට ලබා දිය හැකි සරලම පිළිතුර වන්නේ ඔබේ ජීවිතයේ සතුට ඔබේ සාර්ථකත්වය බවයි .

එනම් ඔබ යම්කිසි සාර්ථකත්වයක් ලැබූ බව සමාජ ජීවිතයේදී අර්ථකතනය කලත් ඔබ තුළ කිසිදු ආකාරයක සතුටක් දකින්නට නොමැති නම් , ඔබට කිසිදු සතුටක් නොදැනෙන්නේ නම් එය සාර්ථකත්වයක් ලෙස අපට පිළිගත නොහැක.

එසේ නම් සැබෑ සාර්ථකත්වය කුමක් ද ?

එය ළඟා කර ගන්නේ කෙසේද ?

අපි සාර්ථකත්වය පිළිබඳවත්, මේ වන විට සාර්ථක වී සිටින පුද්ගලයින්ගේ ජීවිතය සැබැවින්ම සාර්ථක ද ? යන්න පිළිබඳවත් කතා බහ කළා .

එහෙත් එහිදී මතු කරගත් කරුණ වන්නේ අප කොතරම් ධනයෙන් බලයෙන් සහ වෙනයම් ආකාරයකින් ජීවිතයට ළඟා කර ගැනීම් සිදු කර ගත්තත් ජීවිතේ තවමත් අතෘප්තිමත් භාවයක් දැනෙනවා නම් දැනෙනවා නම් ඒ ජීවිතය සාර්ථක ජීවිතයක් ද ? යන්න පිළිබඳව ගැටලූවක් පවතින බවයි. ඉතින් අද ඒ පිළිබඳව අපි කතා බහ කරමු .

හිතවතුනි ජීවිතයේ සාර්ථකත්වය ඔබට, මට විවිධ ආකාරයෙන් අර්ථකථනය කළ හැකි නමුත් ඒ අර්ථකථන බොහෝ විට පාර්ශවීය අර්ථකතන බව අපට තේරුම් යනවා.

සැබැවින්ම ජීවිතයේ සාර්ථකත්වය යනු සතුටයි. කොටින්ම කිව්වොත් ඔබ ඔබ ජීවිතයේ සතුටින් ජීවත් වනවා නම්, ඔබ ජීවිතය සතුටින් ගත කරනවා නම් , ඔබ ජීවිතය සැහැල්ලුවෙන් ගෙවනවානම් , ඔබ ජීවිතය ඉතාමත්ම තෘප්තියෙන් ගෙවනවානම්, එයයි ජීවිතයේ සාර්ථකත්වය ලෙස අපට අර්ථකථනය කළ හැක්කේ .

නමුත් අද සමාජයේ බොහෝ දෙනා තමන්ට අවශය ධනය, බලය යන මොන දේ තිබුණත් බොහෝ අවස්ථාවලදී දුකින් ජීවත්වන බව, අසතුටින් ජීවත් වන බව, අතෘප්තියෙන් ජීවත් වන බව අපට පෙනෙන්නට තිබෙනවා .

ඔවුන්ට සතුට මග හැරුනේ කෙසේද? එසේ නම් ඒ පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි .

ඔබ ඇත්තටම සතුටින් සිටිනවාද? යන්න පිළිබඳව හඳුනාගත හැකි ප්‍රධාන ක්‍රමයක් තමයි ඔබ උදේ පාන්දර අවදි වන ආකාරය . ඔබ මොහොතක් හිතන්න.

ඔබ උදේම අවදිවන විට ඔබට දැනෙන ඔබට, සිතෙන ආකාරය ඔබේ ජීවිතය පිළිබඳව ඉතාමත් ම හොඳ විග්‍රහයක් ගෙන එනවා උදාහරණයක් ලෙස ගතහොත් ඔබ අවදි වන විට ඔබට දැනෙන්නේ අද මට මේ වැඩ ටික කරන්න තියෙනවා නේ, අදත් මම මේ මනුස්සයාව මුණගැහෙන්න යන්න ඕන නේද?, අද මම මේ අමාරු වැඩ ටික කරන්න ඕන නේද ?, අද නැගිටින්න හරි කම්මැලියි ,අද ඔෆිස් යන්න හරි කම්මැලියි, අද මේ දේ මෙච්චර ඉක්මනට පටන් ගන්න මට කම්මැලියි, අද හරි පීඩනයක් ඔළුවට තියන වැඩ ටිකක් තියෙන්නේ, මේක මම කැමතිම දේ නෙවෙයි, වගේ අදහසකින් නම් ඔබ ජීවත් වන්නේ සතුටින් නොවේ.

ඔබ ජීවිතයේ කවදා හෝ අත්විඳ තිබෙනවා ද එලිවෙනකන් ඇඟිලි ගැන ගැන නිදාගත්ත රාත්‍රයක් පිළිබඳ අත්දැකීමක්?

සමහරවිට පහු වෙනිද උදේ ඔබට ඒ තරම්ම වටිනා කියන දෙයක් කරන්නට තිබෙනට ඇති, ඒ තරම්ම වටිනා කෙනෙක් මුණ ගැහෙන්නට තිබෙන්නට ඇති , ඒ තරම්ම සුන්දර අත්දැකීමක් විඳගන්න තිබෙන්නට ඇති, ඒ රාත්‍රිය ගෙවුනේ නිදි නොලබා වෙන්නට පුළුවන්, නින්දේ නොනින්දේ වෙන්නට පුළුවන්, ඔබේ ඒ තරම් ආසාවෙන් හිටියා පහුවෙනිදා එළිවෙනකම් ඒ කාර්යයේ නිරත වෙන්න තියෙන ආශාව නිසා.

ඉතින් ඔබ දන්නවාද සමහර පුද්ගලයෝ ජීවිතයේ රාත්‍රියේ නින්දට යන්නේ හෙට උදෑසන බොහොම ආදරෙන් නැගිටින බලාපොරොත්තුවෙන්.මොකද ඔවුන්ට ඒ උදෑසන නැගිට්ට මොහොතේ සිට එදා හවස තමන්ගේ රාත්‍රී නින්දට යන තුරු කරන්නට තිබෙන්නා කටයුතු වල ඒ තරම්ම ආශාවකින් තමයි ඔවුන් නිරත වෙන්නේ.

එවැනි මානසික මට්ටමකින් නම් ඔබ උදේ අවදි වන්නේ, එහෙනම් ඔබ ජීවිතයේ සතුටින් සිටින පුද්ගලයෙක්.

අපි කොහොමද එහෙම මානසික මට්ටමක් ගොඩ නගා ගන්නේ ? එහෙම මානසික මට්ටමක් හැමෝටම ගොඩනඟා ගන්න පුළුවන්ද ? පුළුවන්..!

හැමෝටම එහෙම මානසික මට්ටමක් ගොඩ නගා ගන්නට පුළුවන්. ඒ සඳහා කළ යුතු වන්නේ ඉතාමත්ම සරල කාර්යයක්. ඒ තමයි ඔබ ඔබේ ජීවිතයේ ආදායම් මාර්ගය ලෙස හෝ රැකියාව ලෙස තෝරා ගත යුත්තේ ඔබ සතුටට පත්වන දෙයක්, ඔබ තෘප්තියට පත්වන දෙයක් , ඔබ ඉතාමත්ම දක්ෂ දේ, ඔබ ඉතාමත්ම උනන්දුවෙන් සිදු කිරීමට කැමති දේ , තමයි ඔබේ ආදායම් මාර්ගය බවට පත්විය යුත්තේ.

එවැනි වටපිටාවක් තුල ඔබ පහුවෙනිදාට අවදි වන්නේ ඒ කාර්යයේ නිරත වීමට අවශ්‍ය කරන්නාවූ උද්‍යෝගය සහිතව, ඒ කාර්යය නිරත වන විටත් කාර්යය කොතරම් බැරෑරුම් වුණත් , කොතරම් දීර්ඝ කාලයක් ගත්තත්, කොයි තරම් වෙහෙසකර උවත්, ඔබ ඉන් තෘප්තියක් ලබන නිසා ඒ වෙහෙස හෝ ඒ කාලය පිළිබඳව හෝ ඔබ සිතන්නට පෙළඹෙන්නේ නෑ.

ඡීවිතේ අපි වැඩිපුරම කාලය ගෙවන්න අපේ රැකියාවත් එක්ක. එය අපිට සතුටක් ගෙනෙ දෙන්නේ නැතිනම්, අපේ සිත සතුටින් තබන්නේ නැති නම් ඉතාම අතෘප්තියෙන් හා දුකෙන් තමයි ඔබේ ජීවිතය ගෙවන්නට සිදු වන්නේ.

එනිසා ඔබ ඉතාමත්ම යෞවනයේ පසුවන කෙනෙක් නම් ඔබේ අනාගත ජීවිතය සැලසුම් කිරීමේදී තමන් ඉතාමත්ම දක්ෂ කාරණය හරහා තමන්ගේ ආදායම් මාර්ගය ගොඩනගාගන්නට නිතරම උත්සාහ කරන්න. ඒ තුල ඔබ ජීවිතයේ වැඩි කාලයක් සතුටින් ජීවත් වීමෙන්, සතුට ජීවිතයේ අනෙකුත් ප්‍රදේශවලට, ජීවිතයේ අනෙකුත් අංශ අංශවලටද යොමු කර ගත හැකියි.

ඔබත් අප දන්නා හඳුනන පුද්ගලයින් සිටිනවා විය හැකිය ජීවිතයේ එතරම් විශාල දේවල් ජීවිතයට ලගා කර නොගත්තත් තමන් කැමති තමන්ගේ දක්ෂතාවය සහිත ආදායම් මාර්ගය තමන්ගේ ජීවිතයට එකතු කර ගැනීම තුළම තමන් බොහොම සතුටින් ජීවත්වන මිනිස්සු.

සමහර විට ඔවුන් දුප්පත් පුද්ගලයින් වෙන්න පුළුවන, නමුත් ඔවුන් සතුටින් ජීවත් වෙනවා. සමහර විට ඔහු තමන්ගේ දක්ෂතාව නිසාම ඉතාමත් ඉහලට ගමන් කළ පුද්ගලයෙක් වෙන්න පුළුවන් නමුත් ඔහු සතුටින් ජීවත් වෙනවා. ඔහුට සල්ලි තියෙන්න පුළුවන් , සල්ලි නැති වෙන්න පුළුවන්, නම් නමුත් සතුටින් ජීවත් වෙනවා.

අවසානයේ වටින්නේ සතුට තෘප්තිය එනිසා ඔබ තරුණයෙක් නම් තරුණියක් නම් එසේත් නැතිනම් මැදි වයසෙ පුද්ගලයෙක් නම් තාමත් ඔබ ප්‍රමාද නැහැ ඔබේ ජීවිතයේ සතුට ඔබට ලඟා කරන දේ ඔබේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පරිවර්තනය කර ගන්නට.

එය කොයිතරම් කොයි තරම් නොවටිනා කාරණයක් යැයි ඔබ සිතුවත් එය ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරන කාරණය බව අනිවාර්යෙන්ම මතක තබා ගන්න. මේ කාරණය තුළ ලෝකයේ බොහෝ ඉහලට ගමන් ගත් පුද්ගලයින්, ලෝකේ ජයග්‍රහණය ලබා ගත් පුද්ගලයින්, සාර්ථකත්වය ලබා ගත් පුද්ගලයින් ඒ අදාළ ක්ෂේත්‍රයේ සාර්ථක භාවයට පත්වන්නට ප්‍රධානම හේතුව ඔහු එහි නිරත වන්නේ එය ඔහු වඩාත්ම කැමති කාරණය නිසාය ඒ කාරණය තෝරා ගන්නේ එයට ඔහු අතිශයින් කැමති සහ දක්ෂ කාරනය නිසාවෙන්.

සාර්ථකත්වය රහස එයයි . සතුටේ රහස එයයි. එසේනම් අද මේ මොහොතේ ඔබ තීරණය කරන්න ඔබේ ජීවිතයේ ඔබ වඩාත් දක්ෂ වන්නේ කුමන කාරණයට ද? යමක් කිරීම තුල ඔබ ජීවිතය වඩාත් තෘප්තියට පත් වී සිටින්නේ කුමන කාරණය සිදු කිරීමෙන් ද ? ඒ කාරණය මූලික කරගත්ත සාර්ථක රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් ජීවිතයට එකතු කරගන්න. ඔබ හැමදාම සතුටින් ජීවත් වේවි.

උපුටාගැනීම Nimalka Heenkenda මහතාගේ LinkedIn පිටුවෙනි. අයිතිය කතෲ සතුය

Images generated with AI : DALL•E 3.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

පෞරුෂය

පෞරුෂය

කෙනෙකුගේ පෞරුෂයක් කියල සරලවම කියන්නෙ ඒ පුදගලයාගේ සිතුම් පැතුම්, හැසිරීම සහ කතාබහ එහෙම එයාටම අනන්‍යව අනුගමනය කරන විදිහ. ඒ දේවල් සමාජයට පේන යහපත් මට්ටමකට පවත්වාගෙන යන කෙනෙක් දැක්කම අපි හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක් කියලා වර්ණනා කරනවා වගේම ඒ දේවල් වල ගැටළු තියෙන කෙනෙක් දැක්කම ඒ කෙනාගෙ පෞරුෂයේ අඩුපාඩු ගැනත් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ම කතා කරන්න පෙළඹෙනවා.

ඒ විතරක් නෙමෙයි, මේ කියන විදිහේ හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක්ව නිතර ආශ්‍රය කරන්න උනත් අපි හැමෝම ලොකු කැමැත්තක් දක්වනවනේ. ඉතින් බාහිර පෙනුමට වඩා දැනුමට, බුද්ධියට, ආකල්ප වලට මුල්තැන දෙන මේ වර්තමාන ලෝකයේ අපි අවට ඉන්න අයව ආකර්ෂණය කරගන්න මේ නිවැරදි පෞරුෂයක් පවත්වාගෙන යනව කියන එකත් හරිම වැදගත් කාරණයක්. ඉතින් රූපලාවන්‍ය ක්‍රම වලින් බාහිර පෙනුම හැඩකරගන්නව වගේම පෞරුෂය ගොඩනගා ගන්නත් කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා.

1. හොඳින් සවන් දෙන්න

අනිත් අය කියන දේවල් වලට ඇහුම්කන් නොදී ඔහේ කියවන්නන් වාලේ කියවන කෙනෙක්නම් ඔබේ පෞරුෂය ගැන හොඳ ප්‍රතිරූපයක් කෙනෙකුට ඇතිවෙන්නෙ නැහැ. අනික් අය අතරේ කැපී පේන්නනම් කියවල හරියන්නෙ නැහැ. අහගෙන ඉන්න ඕන. ඒ වගේම අහගෙන ඉන්න එකෙත් එක එක විදි තියෙනවනේ. උත්තර දෙන්න අහගෙන ඉන්න එක තමයි දැන් හුඟක් අයගේ ක්‍රමය. හැමෝම දන්නෙත් ඒක විතරයි. ඒකනෙ දෙයක් කියල ඉවර වෙන්න කලින් ඒකට ප්‍රති උත්තර බඳින්නේ. හැබැයි ඒක නෙමෙයි නිවැරදි ක්‍රමය. අපි ඇත්තටම අහගෙන ඉන්න ඕන උත්තර දෙන්න නෙමෙයි, කියන දේ තේරුම් ගන්නයි. හොඳින් සවන් දීලා තේරුම් ගන්න එක පෞරුෂය වැඩිකරගන්න එකේ මූලිකම පියවරක්.

2. හොඳ සන්නිවේදකයෙක් වෙන්න

ඊළඟට තමයි සන්නිවේදනය කරන්න ඕන. ඒ කියන්නෙ කියවන්නන් වාලේ කියවන්නෙ නැතුව හොඳින් අහන් ඉඳලා, තේරුම් අරගෙන ඊට පස්සේ තමාගේ අදහස් අනිත් අයත් එක්ක සන්නිවේදනය කරන්න ඕන. ඒ අහගෙන හිටපු දේවල් ගැන ඔයාට අදහසක් ප්‍රකාශ කරන්න තියෙනවනම් බය නැතුව ඒ අදහස් ප්‍රකාශ කරන්න ඕන. ඒක තමන්ගේ අදහස් අනිත් අයත් එක්ක බෙදාගන්න වගේම අනිත් අයගේ අදහස් දැනගෙන දැනුම වැඩිකරගන්නත් ලොකු උදව්වක්. ඒ විදිහට අදහස් බෙදාගන්න ලැජ්ජාවක්, බයක් තියෙනවනම් Toastmasters Club වගේ එකකට සම්බන්ධ වෙලා ඒ සබකෝලය නැතිකරගන්න පුළුවන්.

3. යහපත් ආකල්පයක් දරන්න

ආකල්පය කියන්නෙ ජීවිතේ කොයිදේටත් ඉස්සර වෙන කාරණාවක්. හැම තිස්සෙම නෑ, බෑ කියාගත්ත, හැමදේකම වැරදිම දකින මිනිස්සු එක්ක කතාබහ කරන්නවත් කෙනෙක් කැමති වෙන්නෙ නැහැ. ඒ නිසා හැමවෙලාවෙම යහපත් ආකල්ප දරන්න. සුභවාදීව හිතන්න. ඒ ඔබේ සුභවාදී බව අනිත් අය එක්ක බෙදාගන්න. ඒ අයගේ ආකල්පත් යහපත් පැත්තට යොමුකරන්න.

4. අවංක වන්න, අන්‍යයන්ට ගරුකරන්න

අපි නිතරම කියනවනෙ අනිත් කෙනාගෙ ගෞරවය ලබන්නනම් අපි මුලින්ම ඒ කෙනාට ගෞරව කරන්න ඕන කියලා. එක හරිම සරල කාරණයක්. ගෞරවය කියන්නෙ උපයාගන්න ඕන දෙයක්. අනිත් අයට විතරක් නෙමෙයි, ඔයාටම ගෞරව කරන්න පුරුදු වෙන්න. එතකොට තමයි සමාජයෙන් ඔබ බලාපොරොත්තුවෙන ගෞරවය මොකක්ද, ඒ ගෞරවය උපයාගන්න කළ යුතු දේවල් මොනවද, හැසිරෙන්න ඕන කොහොමද කියන කාරණා ගැන තමන්ටම අදහසක් ඇතිවෙන්නෙ. ඒ වගේම හැම වෙලාවෙම තමන් කරන කියන, කතාබහ කරන දේ ගැන අවංක වෙන්න. නිකන් මූනිච්චාවට නෙමෙයි, හදවතින්ම අවංක වෙන්න. පුද්ගලයෙකුගේ පෞරුෂයෙන් ලොකූ කොටසක් අයිති වෙනවා ඔහුගේ හෝ ඇයගේ අවංකභාවයට.

5. කියවන්න

මේ කියවන්න කියන්නෙ ඔහේ දොඩන්නන් වාලේ වල්පල් කියවන එකටනම් නෙමෙයි. කියවනව කියන්නෙ පොතපත කියවන එකට. පුළුවන් තරම් පොත පත ආශ්‍රය කරන්න. කියවීම සම්පූර්ණ මිනිසෙක් බිහිකරයි කියල කතාවටත් කියනවනෙ. සමාජයේ අනිත් අය එක්ක ගැටිලා ගනුදෙනු කරද්දි පොතපතෙන් ලබාගන්න දැනුම හුඟක් වෙලාවට හරිම ප්‍රයෝජනවත්. පොත පතත් එක්ක යහළු අයට මිනිස්සු යහළු කරගන්නවා කියන්නේ හරිම සරල කාරණාවක්. පිරිසක් අතරේ ඉන්නකොට තමන් ළඟ බෙදාගන්න දැනුම තියෙනවා, බය නැතුව කතා කරන්න කරුණු තියෙනවා කියන්නේ ඒකම පෞරුෂයට ලොකු අගයක් එකතු කරන කාරණාවක්.

6. තමන්ගේම මතයක් දරන්න

කිසිම දෙයක් ගැන කිසිම මතයක් නැති, ඔහේ ඉපදුනාට වගේ ජීවිතේ ගෙවන කෙනෙක්ට සමාජයේ අනිත් අය අතරේ තැනක් හදාගන්න එකනම් හිතන්නවත් බැරි දෙයක්. කලින් කිව්ව වගේ පොතපත කියවලා, සමාජයේ මිනිස්සු ආශ්‍රය කරලා, අලුත් දේ හොයා බලලා හැමදෙයක් ගැනම තමන්ටම කියල මතයක් ගොඩනගාගන්න ඕන. ඒ කියන්නෙ කලාව, දේශපාලනය, රටතොට ගැන තමන්ගේම අදහස් තියෙන්න ඕන. කිසිම මතයක් නැති ඒ වගේම අම්ම, තාත්තා, එක්කෝ සැමියා බිරිඳ කියනවට ඒ මතයම දරණ කෙනෙකුට තමන්ගේම කියල පෞරුෂයක් ගොඩනගාගන්න එක හීනයක්.

7. තමාම වන්න

මේක සෘජුවම සම්බන්ධ වෙනවා කලින් කියපු කාරණාවත් එක්ක. තමන්ට කියල ආවේණික කිසිම අදහසක් නොදරන, වෙන කෙනෙකුගේ අදහස් ඔලුවේ තියාගෙන ජීවත් වෙන කෙනෙක් කියන්නේ තමන්ට කියලා පෞරුෂයක් තියා අනන්‍යතාවයක්වත් නැති කෙනෙක්. ඉතින් ඒකයි කියන්නේ be yourself, ඒ කියන්නේ තමන්ම වෙන්න කියල. සමාජයේ ජීවත් වෙනකොට තමන්ගේ අදහස් නොගැලපෙන තැන් තියෙන්න පුළුවන්. එහෙම තැන්වලට ගැලපෙන්න අදහස් වෙනස් කරන එක, එයාල අතරේ පිළිගැනීමක් ලබන්න වගේ එයාල කියන ඕන දෙයක් පිළිඅරගෙන ඉන්න එක යහපත් පෞරුෂයක් තියෙන පුද්ගලයෙකුට ගැලපෙන කාරණයක් නෙමෙයි.

උපුටාගැනීම Lifie .lk වෙබ් අඩවිය. අයිතිය කතෲ සතුය

Images generated with AI : DALL•E 3.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla