අප සියලු දෙනා ජීවිතයේ සාර්ථකත්වය සොයා යන්නේ විවිධ උපාය උපක්‍රම භාවිත කරමින්.බොහෝ විට ඒ සඳහා අනෙක් උදවිය සමග තරග කිරීමට, අනෙකා අභිබවා යාමට,අනෙකාට එරෙහිව යාමට,අනෙකාට වඩා ඉදිරියට යාමට,අති මහත් වෙහෙසක් දරනු ලබයි.
මේ සඳහා බොහෝ විට හේතු කාරණා වී ඇත්තේ නූතන වාණිජ සමාජය තුළ සාර්ථකත්වයට ලබා දී ඇති ව්‍යාජ නොහොත් වැරදි අර්ථ කථනයි.
සැබෑ සාර්ථකත්වය යනු මිල මුදල්,යාන වාහන ,උසස් මිතුරන්,ඉඩ කඩම් ,බලය ,හොඳ නිවසක් ,සුරූපී බිරිඳක් ,උසස් රැකියාවක් හෝ ව්‍යාපාරයක්,සුඛෝපභෝගී මෝටර් රථයක් ,සමාජ මට්ටම පෙන්වන ආකාරයේ සුඛෝපභෝගී භාණ්ඩ පරිභෝජනයක් , යනාදී වශයෙන් වූ වාණිජ අරමුණු උදෙසා නිර්මාණය කරන ලද ව්‍යාජ සාර්ථකත්වයක් පිළිබඳ අර්ථකථනයක් මේ වන විට අපට සමාජය හා ජනමාධ්‍ය මගින් එන්නත් කොට ඇත.
නමුත් සැබෑ සාර්ථකත්වය යනු මිනිසාගේ ශාරීරික,මානසික,සෞඛ්‍ය,සමාජ ,සංස්කෘතික,ආර්ථික යනාදී පුළුල් විෂය ක්ෂේත්‍රයන් ඔස්සේ දිව යන සංකීර්ණ අර්ථ කථනයක් ලබා දිය හැකි කාරණයකි .
අද සමාජය තුළ මෙම ව්‍යාජ සාර්ථකත්වය පිළිබඳ උදාහරණ ඕනෑ තරම් අපට සොයා ගත හැක.නමුත් යාන වාහන,ගෙවල් දොරවල් ,උසස් රැකියාවන්ගෙන් සපිරි එම ජීවිත තුළ ඔබත් මමත් නොදන්නා, හෙලි නොකරන්නා වූ ඉතාම පීඩාකාරි ජීවිත පවතින බව අසත්‍යක් නොවේ..
පිදුරු සෙවිකල කළ පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ වැනි ගීත නිර්මාණය වන්නේ එවන් පසුබිමකය .
බොහෝ මිනිසුන් සාර්ථකත්වය උදෙසා ඉහතින් සඳහන් කළ දෑ රැස් කරගත් පසු ගත් පසු තවමත් ජීවිතය තෘප්තිමත් නොවීම පිළිබඳව පසුතැවිලි වන්නේ ඒ නිසාවෙනි .
සමහර විට මේ සියල්ල නොමැති පුද්ගලයින් ඉතා සතුටින් දිවි ගෙවන බවත් ඉතා සැහැල්ලුවෙන් ජීවත් වන බවත් ඔබට අපට ඕනෑතරම් උදාහරණ අප සමාජය තුළින් ද දැක බලා ගත හැක.
මෙය සිදු වන්නේ කෙසේ ද ?
එසේ නම් අප මේ හඹා එන සාර්ථකත්වය පුස්සක් ද ?
සාර්ථකත්වය යනු හුදෙක් ව්‍යාජ වාණිජ සංකල්පයක් පමණක්ද, එසේත් නැතිනම් සැබෑ ලෙසම ජීවිතයට ළඟා කළ හැකි දෙයක්ද ?
මෙයට ලබා දිය හැකි සරලම පිළිතුර වන්නේ ඔබේ ජීවිතයේ සතුට ඔබේ සාර්ථකත්වය බවයි .
එනම් ඔබ යම්කිසි සාර්ථකත්වයක් ලැබූ බව සමාජ ජීවිතයේදී අර්ථකතනය කලත් ඔබ තුළ කිසිදු ආකාරයක සතුටක් දකින්නට නොමැති නම් , ඔබට කිසිදු සතුටක් නොදැනෙන්නේ නම් එය සාර්ථකත්වයක් ලෙස අපට පිළිගත නොහැක.
එසේ නම් සැබෑ සාර්ථකත්වය කුමක් ද ?
එය ළඟා කර ගන්නේ කෙසේද ?
අපි සාර්ථකත්වය පිළිබඳවත්, මේ වන විට සාර්ථක වී සිටින පුද්ගලයින්ගේ ජීවිතය සැබැවින්ම සාර්ථක ද ? යන්න පිළිබඳවත් කතා බහ කළා .
එහෙත් එහිදී මතු කරගත් කරුණ වන්නේ අප කොතරම් ධනයෙන් බලයෙන් සහ වෙනයම් ආකාරයකින් ජීවිතයට ළඟා කර ගැනීම් සිදු කර ගත්තත් ජීවිතේ තවමත් අතෘප්තිමත් භාවයක් දැනෙනවා නම් දැනෙනවා නම් ඒ ජීවිතය සාර්ථක ජීවිතයක් ද ? යන්න පිළිබඳව ගැටලූවක් පවතින බවයි. ඉතින් අද ඒ පිළිබඳව අපි කතා බහ කරමු .
හිතවතුනි ජීවිතයේ සාර්ථකත්වය ඔබට, මට විවිධ ආකාරයෙන් අර්ථකථනය කළ හැකි නමුත් ඒ අර්ථකථන බොහෝ විට පාර්ශවීය අර්ථකතන බව අපට තේරුම් යනවා.
සැබැවින්ම ජීවිතයේ සාර්ථකත්වය යනු සතුටයි. කොටින්ම කිව්වොත් ඔබ ඔබ ජීවිතයේ සතුටින් ජීවත් වනවා නම්, ඔබ ජීවිතය සතුටින් ගත කරනවා නම් , ඔබ ජීවිතය සැහැල්ලුවෙන් ගෙවනවානම් , ඔබ ජීවිතය ඉතාමත්ම තෘප්තියෙන් ගෙවනවානම්, එයයි ජීවිතයේ සාර්ථකත්වය ලෙස අපට අර්ථකථනය කළ හැක්කේ .
නමුත් අද සමාජයේ බොහෝ දෙනා තමන්ට අවශය ධනය, බලය යන මොන දේ තිබුණත් බොහෝ අවස්ථාවලදී දුකින් ජීවත්වන බව, අසතුටින් ජීවත් වන බව, අතෘප්තියෙන් ජීවත් වන බව අපට පෙනෙන්නට තිබෙනවා .
ඔවුන්ට සතුට මග හැරුනේ කෙසේද? එසේ නම් ඒ පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි .
ඔබ ඇත්තටම සතුටින් සිටිනවාද? යන්න පිළිබඳව හඳුනාගත හැකි ප්‍රධාන ක්‍රමයක් තමයි ඔබ උදේ පාන්දර අවදි වන ආකාරය . ඔබ මොහොතක් හිතන්න.
ඔබ උදේම අවදිවන විට ඔබට දැනෙන ඔබට, සිතෙන ආකාරය ඔබේ ජීවිතය පිළිබඳව ඉතාමත් ම හොඳ විග්‍රහයක් ගෙන එනවා උදාහරණයක් ලෙස ගතහොත් ඔබ අවදි වන විට ඔබට දැනෙන්නේ අද මට මේ වැඩ ටික කරන්න තියෙනවා නේ, අදත් මම මේ මනුස්සයාව මුණගැහෙන්න යන්න ඕන නේද?, අද මම මේ අමාරු වැඩ ටික කරන්න ඕන නේද ?, අද නැගිටින්න හරි කම්මැලියි ,අද ඔෆිස් යන්න හරි කම්මැලියි, අද මේ දේ මෙච්චර ඉක්මනට පටන් ගන්න මට කම්මැලියි, අද හරි පීඩනයක් ඔළුවට තියන වැඩ ටිකක් තියෙන්නේ, මේක මම කැමතිම දේ නෙවෙයි, වගේ අදහසකින් නම් ඔබ ජීවත් වන්නේ සතුටින් නොවේ.
ඔබ ජීවිතයේ කවදා හෝ අත්විඳ තිබෙනවා ද එලිවෙනකන් ඇඟිලි ගැන ගැන නිදාගත්ත රාත්‍රයක් පිළිබඳ අත්දැකීමක්?
සමහරවිට පහු වෙනිද උදේ ඔබට ඒ තරම්ම වටිනා කියන දෙයක් කරන්නට තිබෙනට ඇති, ඒ තරම්ම වටිනා කෙනෙක් මුණ ගැහෙන්නට තිබෙන්නට ඇති , ඒ තරම්ම සුන්දර අත්දැකීමක් විඳගන්න තිබෙන්නට ඇති, ඒ රාත්‍රිය ගෙවුනේ නිදි නොලබා වෙන්නට පුළුවන්, නින්දේ නොනින්දේ වෙන්නට පුළුවන්, ඔබේ ඒ තරම් ආසාවෙන් හිටියා පහුවෙනිදා එළිවෙනකම් ඒ කාර්යයේ නිරත වෙන්න තියෙන ආශාව නිසා.
ඉතින් ඔබ දන්නවාද සමහර පුද්ගලයෝ ජීවිතයේ රාත්‍රියේ නින්දට යන්නේ හෙට උදෑසන බොහොම ආදරෙන් නැගිටින බලාපොරොත්තුවෙන්.මොකද ඔවුන්ට ඒ උදෑසන නැගිට්ට මොහොතේ සිට එදා හවස තමන්ගේ රාත්‍රී නින්දට යන තුරු කරන්නට තිබෙන්නා කටයුතු වල ඒ තරම්ම ආශාවකින් තමයි ඔවුන් නිරත වෙන්නේ.
එවැනි මානසික මට්ටමකින් නම් ඔබ උදේ අවදි වන්නේ, එහෙනම් ඔබ ජීවිතයේ සතුටින් සිටින පුද්ගලයෙක්.
අපි කොහොමද එහෙම මානසික මට්ටමක් ගොඩ නගා ගන්නේ ? එහෙම මානසික මට්ටමක් හැමෝටම ගොඩනඟා ගන්න පුළුවන්ද ? පුළුවන්..!
හැමෝටම එහෙම මානසික මට්ටමක් ගොඩ නගා ගන්නට පුළුවන්. ඒ සඳහා කළ යුතු වන්නේ ඉතාමත්ම සරල කාර්යයක්. ඒ තමයි ඔබ ඔබේ ජීවිතයේ ආදායම් මාර්ගය ලෙස හෝ රැකියාව ලෙස තෝරා ගත යුත්තේ ඔබ සතුටට පත්වන දෙයක්, ඔබ තෘප්තියට පත්වන දෙයක් , ඔබ ඉතාමත්ම දක්ෂ දේ, ඔබ ඉතාමත්ම උනන්දුවෙන් සිදු කිරීමට කැමති දේ , තමයි ඔබේ ආදායම් මාර්ගය බවට පත්විය යුත්තේ.
එවැනි වටපිටාවක් තුල ඔබ පහුවෙනිදාට අවදි වන්නේ ඒ කාර්යයේ නිරත වීමට අවශ්‍ය කරන්නාවූ උද්‍යෝගය සහිතව, ඒ කාර්යය නිරත වන විටත් කාර්යය කොතරම් බැරෑරුම් වුණත් , කොතරම් දීර්ඝ කාලයක් ගත්තත්, කොයි තරම් වෙහෙසකර උවත්, ඔබ ඉන් තෘප්තියක් ලබන නිසා ඒ වෙහෙස හෝ ඒ කාලය පිළිබඳව හෝ ඔබ සිතන්නට පෙළඹෙන්නේ නෑ.
ඡීවිතේ අපි වැඩිපුරම කාලය ගෙවන්න අපේ රැකියාවත් එක්ක. එය අපිට සතුටක් ගෙනෙ දෙන්නේ නැතිනම්, අපේ සිත සතුටින් තබන්නේ නැති නම් ඉතාම අතෘප්තියෙන් හා දුකෙන් තමයි ඔබේ ජීවිතය ගෙවන්නට සිදු වන්නේ.
එනිසා ඔබ ඉතාමත්ම යෞවනයේ පසුවන කෙනෙක් නම් ඔබේ අනාගත ජීවිතය සැලසුම් කිරීමේදී තමන් ඉතාමත්ම දක්ෂ කාරණය හරහා තමන්ගේ ආදායම් මාර්ගය ගොඩනගාගන්නට නිතරම උත්සාහ කරන්න. ඒ තුල ඔබ ජීවිතයේ වැඩි කාලයක් සතුටින් ජීවත් වීමෙන්, සතුට ජීවිතයේ අනෙකුත් ප්‍රදේශවලට, ජීවිතයේ අනෙකුත් අංශ අංශවලටද යොමු කර ගත හැකියි.
ඔබත් අප දන්නා හඳුනන පුද්ගලයින් සිටිනවා විය හැකිය ජීවිතයේ එතරම් විශාල දේවල් ජීවිතයට ලගා කර නොගත්තත් තමන් කැමති තමන්ගේ දක්ෂතාවය සහිත ආදායම් මාර්ගය තමන්ගේ ජීවිතයට එකතු කර ගැනීම තුළම තමන් බොහොම සතුටින් ජීවත්වන මිනිස්සු.
සමහර විට ඔවුන් දුප්පත් පුද්ගලයින් වෙන්න පුළුවන, නමුත් ඔවුන් සතුටින් ජීවත් වෙනවා. සමහර විට ඔහු තමන්ගේ දක්ෂතාව නිසාම ඉතාමත් ඉහලට ගමන් කළ පුද්ගලයෙක් වෙන්න පුළුවන් නමුත් ඔහු සතුටින් ජීවත් වෙනවා. ඔහුට සල්ලි තියෙන්න පුළුවන් , සල්ලි නැති වෙන්න පුළුවන්, නම් නමුත් සතුටින් ජීවත් වෙනවා.
අවසානයේ වටින්නේ සතුට තෘප්තිය එනිසා ඔබ තරුණයෙක් නම් තරුණියක් නම් එසේත් නැතිනම් මැදි වයසෙ පුද්ගලයෙක් නම් තාමත් ඔබ ප්‍රමාද නැහැ ඔබේ ජීවිතයේ සතුට ඔබට ලඟා කරන දේ ඔබේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පරිවර්තනය කර ගන්නට.
එය කොයිතරම් කොයි තරම් නොවටිනා කාරණයක් යැයි ඔබ සිතුවත් එය ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරන කාරණය බව අනිවාර්යෙන්ම මතක තබා ගන්න. මේ කාරණය තුළ ලෝකයේ බොහෝ ඉහලට ගමන් ගත් පුද්ගලයින්, ලෝකේ ජයග්‍රහණය ලබා ගත් පුද්ගලයින්, සාර්ථකත්වය ලබා ගත් පුද්ගලයින් ඒ අදාළ ක්ෂේත්‍රයේ සාර්ථක භාවයට පත්වන්නට ප්‍රධානම හේතුව ඔහු එහි නිරත වන්නේ එය ඔහු වඩාත්ම කැමති කාරණය නිසාය ඒ කාරණය තෝරා ගන්නේ එයට ඔහු අතිශයින් කැමති සහ දක්ෂ කාරනය නිසාවෙන්.
සාර්ථකත්වය රහස එයයි . සතුටේ රහස එයයි. එසේනම් අද මේ මොහොතේ ඔබ තීරණය කරන්න ඔබේ ජීවිතයේ ඔබ වඩාත් දක්ෂ වන්නේ කුමන කාරණයට ද? යමක් කිරීම තුල ඔබ ජීවිතය වඩාත් තෘප්තියට පත් වී සිටින්නේ කුමන කාරණය සිදු කිරීමෙන් ද ? ඒ කාරණය මූලික කරගත්ත සාර්ථක රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් ජීවිතයට එකතු කරගන්න. ඔබ හැමදාම සතුටින් ජීවත් වේවි.
උපුටාගැනීම Nimalka Heenkenda මහතාගේ LinkedIn පිටුවෙනි. අයිතිය කතෲ සතුය
Images generated with AI : DALL•E 3.
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla