Select Page
දිනක් ඇල්බට් අයින්ස්ටයින් බෝඩ් එකේ මෙසේ ලිවීය

දිනක් ඇල්බට් අයින්ස්ටයින් බෝඩ් එකේ මෙසේ ලිවීය

දිනක් ඇල්බට් අයින්ස්ටයින් බෝඩ් එකේ මෙසේ ලිවීය…

9×1 = 09
9×2 = 18
9×3 = 27
9×4 = 36
9×5 = 45
9×6 = 54
9×7 = 63
9×8 = 72
9×9 = 81
9×10 = 91

පන්තියේ සිසුන් ඔහු වරදක් කළ නිසා ඔහුට බොහෝ සෙයින් සිනාසුනා. 9×10 සඳහා නිවැරදි පිළිතුර 90 වන නිසයි ඔහුගේ සියලුම සිසුන් මෙසේ ඔහුට සිනාසුනේ.

එවිට අයින්ස්ටයින් සියල්ලන්ම නිහඩ වන තුරු බලා සිටි අතර මෙසේ පැවසීය…

“පළමු ප්‍රශ්න 9ම නිවැරදිව තිබියදීත්, කිසිවෙකු මට ඒ පිලිබදව සුබ පැතුවේ නැත, නමුත් මට එකක් වැරදුනු විට සියල්ලන්ම සිනාසුනා. එයින් අදහස් කරන්නේ ඔබ සෑම විටම පාහේ සෑම දෙයක්ම නිවැරදිව කළත් අඥානයින් ඔබේ සුළු වැරැද්ද දුටු තැන එය විවේචනය කරන්න උත්සාහ කරාවි…”

එම නිසා සරල විවේචකයෙකුට ඔබේ සිහින විනාශ කිරීමට ඉඩ නොදෙන්න ❤

අද හැමෝම බලනවා ඇති ඇයි අද අපි “සිතුවිලි” දෙකක් පෝස්ට් කරලා තියෙන්නේ කියලා… ඒකට හේතුව අපි පසුව කියන්නම්… එතෙක් මේ කතාව ඔබේ සිතට ගන්න…

සැ.යු : උපුටාගැනීම් කරුණු ඇතුලත්ය. හිමිකම් කතෲන් සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

ඔබ මේ මොහොතේ සිටින්නෙ දුම්රිය ස්ථානයක යැයි සිතන්න

ඔබ මේ මොහොතේ සිටින්නෙ දුම්රිය ස්ථානයක යැයි සිතන්න

ඔබ මේ මොහොතේ සිටින්නෙ දුම්රිය ස්ථානයක යැයි සිතන්න..

කුමක් හෝ හේතුවක් නිසා ඔබ බලාපොරොත්තු වූ දුම්රියට නැග ගන්නට නොහැකි විය.
ඉතින්, මේ වන විටත් ඔබට මග හැරුණු ඒ දුම්රිය ගැන තවත් සිතීමෙන් ඇති ඵල කිම?

ජීවිතයද මෙවැන්නකි..

දැනට ඔබට මග හැරුණු අවස්ථා සහ කාලය තවදුරටත් ඔබට නොලැබෙනු ඇත.

ඉතින්, මග හැරුණු දුම්රිය වෙනුවෙන් සුසුම් හෙලීම නතර කොට ඊළග පැමිණෙන දුම්රිය වෙනුවෙන් දැන්ම සූදානම් වෙමු..

මග හැරුණු දේ ගැනම සිතීමෙන් ඊළගට ඔබට ඇති වන අවස්ථාද අහිමි නොවීමට වග බලා ගනිමු..

පමා වී හෝ ඔබ ඉදිරියට යා යුතුයි!

තවත් ප්‍රමාද නොවී නැතිවුන දේවල් ගැන නොසිතා Business HUB වලින් අලුත් ජීවිතයකට පියමනිමු….

ඊයේ දිනයේදී බොහොමයක් අයට අපි මීට දින කිහිපයකට පෙර ආරම්භ කල තරඟය මග හැරුණා. එම නිසා රු.25,000ක ත්‍යාගයක් අහිමි වුනා සහ තවත් ත්‍යාග අහිමි වුණා. නමුත් ඒ මගහැරුණ දේ ගැන නොහිතා යම් අයෙක් අලුතෙන් තමන්ගේ දියුණුව වෙනුවෙන් පියවර ගත්තානම්, අපේ පේජ් එකේ පෝස්ට් කියවීම ආරම්භ කලානම්, උපදෙස් පිළිපැද්දානම් අනිවාර්යයෙන් ඔහු හෝ ඇය අද දවසේ ජයග්‍රාහකයෙක් වේවි…

සැ.යු : උපුටාගැනීම් කරුණු ඇතුලත්ය. හිමිකම් කතෲන් සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

තමන්ගේ දුර්වලතා වෙනුවෙන් අන් අයට චෝදනා කරන සියලුම දෙනාට හිතන්න යමක්

තමන්ගේ දුර්වලතා වෙනුවෙන් අන් අයට චෝදනා කරන සියලුම දෙනාට හිතන්න යමක්

අලුත විවාහ වුන යුවලක් නව නිවසක පදිංචියට ගියා. තරුණ බිරිය තරමක් කටකාර වූ අතර සැමියා බොහොම නිවුනු පුද්ගලයකු වුනා.

පසුදා උදෑසන මේ යුවළ උදෑසන ආහාර ගනිමින් සිටින විට අසල්වැසි කාන්තාව රෙදි සෝදා වැලේ දමමින් සිටියා. මේ දසුන වසා තිබූ ජනේලයේ වීදුරුව අතරින් දුටු තරුණ බිරිය අසල්වැසි කාන්තාව රෙදි සේදීමට නොදන්නා බවත් ඇය සෝදා වැනීමට ගෙනවිත් තිඛෙන රෙදි සියල්ලේම කුණු එසේම පවතින බවත් පවසමින් අසල්වැසි කාන්තාවට අවමාන කරන්නට වුනා.

හිස ඔසවා ඒ දෙස බැලු සැමියා කිසිත් නොකියා නැවතත් තමන් කරමින් සිටි වැඩකටයුතුවල නිරත වුනා.

එතැන් සිට ගත වුන සෑම උදෑසනකම මෙම තරුණ යුවල උදෑසන ආහාර ගනිද්දී අසල්වැසි කාන්තාව සේදූ රෙදි වැලේ දැමීමට පැමිණි අතර ඒ සෑම අවස්ථාවකම මේ තරුණ බිරියගේ නිර්දය විවේචනයට ලක් වීමට අසල්වැසි කාන්තාවට සිදු වුනා.

“එයා රෙදි හෝදන්න දන්නේ නෑ. බලන්න අර සුදු ඇඳුම් ඔක්කොම මඩ පාටයි. අර රෝස පාට ඇඳුම උනත් ඔයිට වැඩිය හොඳට හේදුවනම් ඔයිට වඩා එළිය වැටෙනවා.” ආදී වශයෙන් විවේචනය කරන අතර රෙදි සේදීමට තමන්ට ඇති සමත්කම ගැනද වර්ණනා කර ගැනීමට ඇය අමතක කළේ නෑ.

මේ ආකාරයට මාසයකට ආසන්න කාලයක් අසල්වැසි කාන්තාවගේ රෙදි සේදීමේ අසමත්කම සහ රෙදි සේදීමට තමන් තුල ඇති දක්ෂතාවය පිළිබඳව තමා ගැනම කරගන්නා ආත්ම වර්ණාව මැද මේ තරුණ යුවළගේ උදෑසන කෑම මේසය නිමාවට පත් උනා. ඒ සෑම දිනකම බිරියගේ විවේචන අසා සිටියා හැරෙන්නට තරුණ සැමියාගේ කටින් කිසිවක් පිට වුනේ නෑ.

දිනක් සුපුරුදු පරිදි මේ යුවළ උදෑසන ආහාර ගනිමින් සිටියදී අසල්වැසි කාන්තාවද තමන් සේදූ රෙදි වැළට දැමීමට රැගෙන ආවා. එකවරම ඒ දෙස පුදුමයෙන් බලා සිටි තරුණ බිරිය;

“පුදුමයි අද නමි අරයා හොඳට රෙදි ටික හෝදලා තියෙනවා. කවුද දන් නෑ එයාට ඔය විදිහට රෙදි හෝදන්න කියලා දුන්නේ. නැත්නම් එයා එකත් එකටම මොකක් හරි අලූ‍‍ත් සබන් කුඩු ජාතියක් පාවිච්චි කරන්න පටන් අරන් ඇති. කමක් නෑ කොහොම හරි දැන්වත් ඒ ගෙදර ඉන්න මිනිස්සුන්ට ලැජ්ජා නොවී ඇඳුමක් ඇඳන් පාරේ බැහැල යන්න පුළුවන් වෙයි.”

ආදී වශයෙන් හෑල්ලක් කියවාගෙන ගොස්,
“ඒයි මේ පොඩ්ඩක් ඔලුව උස්සල බලන්නකෝ. කොහොමද අර පුදුමේ උනේ කියලා…” යනුවෙන් සැමියාට පැවසුවා.

“ආ… අද මම අපේ ජනෙල් ටික පිහදාල දැම්මා.” තරුණ සැමියා ඒ දෙස නොබලාම පැවසුවා.

අද අපි ජීවත් වෙන සමාජයේ බොහෝ දෙනාත් කිළිටු වෙච්ච ජනේල වීදුරු අතරින් අනුන් දිහා බලනවා. නමුත් අපි නොහිතුවට ඒ කිළිටු වෙච්ච ජනෙල් අතරින් අපිට අනුන්ගේ වගේ පේන්නේ අපේම කිළිටු බව නේද? එතකොට අපි ඉස්සෙල්ලාම පිරිසිදු කරගන්න ඕනෙත් අපේම කිළිටු බව නේද? තමන්ගේ දුර්වලතා වෙනුවෙන් අන් අයට චෝදනා කරන සියලුම දෙනාට හිතන්න යමක්…

මේ පේජ් එකේ ඉඳගෙන සතයක්වත් හොයන්නේ නැතිව, අනේ මටනම් මේවගෙන් සල්ලි හොයන්න බෑ කියලා හිතලා, දාන පෝස්ට් අවබෝධයෙන් නොකියවා ඉන්න හැමෝටමත් ඉතිං මේකම තමයි කියන්න තියෙන්නේ… තමන්ගේ වැරැද්ද තියාගෙන අනුන්ට චෝදනා කරලා වැඩක් නෑ…

සැ.යු : උපුටාගැනීම් කරුණු ඇතුලත්ය. හිමිකම් කතෲන් සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

මී කුණකින් දියුණු වෙන්න පුළුවන්

මී කුණකින් දියුණු වෙන්න පුළුවන්

මී කුණකින් දියුණු වෙන්න පුළුවන්…

මහන්සි වෙලා දියුණු වෙන්න කැමතිද ?

සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා ලක්ෂපතියෙක් වෙන්න කැමතිද?

ඔබේ ජීවිතයෙන් මිනිත්තු 2ක් වෙන් කරලා මේ කතාව කියවන්න. ඔබේ ජීවිතය උඩුයටිකුරු කරාවි… ආගම් බේදයකින් තොරව මේ කතාව කියවන්න.

0️⃣ ඉස්සර ඈත අතීතයේ කසී රට බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නමින් රජ කෙනෙක් වාසය කළා. ඔය කාලේ බෝධිසත්වයෝ බරණැස ම සිටු පවුලක උපන්නා. වියපත් වෙද්දි ඔහුටත් සිටු තනතුරු ලැබුනා. ‘චූලසෙට්ඨි’ කියන නමින් ප්‍රසිද්ධ වුනා. ඒ කාලේ මොහු ඉතා නුවණැති කෙනෙක්. දවසක් චූලසෙට්ඨි තුමා රාජකාරිය සඳහා රාජමාළිගයට යමින් සිටියා. පාර අයිනේ තිබුන මී කුණක් දැක්කා. දැකලා මෙහෙම කිව්වා.

7️⃣ “මේං…. බලාපල්ල…. මී කුණක් තියෙනවා. නුවණ තියෙන කෙනෙකුට අලුතෙන් රස්සාවක් පටන් ගන්ට මේකත් ඇති…. හොඳින් මොළේ ඇතිව වැඩ කළොත් මේකෙන් ම දියුණුවට පාර කපා ගන්ට පුළුවනි” කියල පිටත් වෙලා ගියා.
ඒ කතාව අහගෙන සිටිය පිරිස අතරේ ඉතා දුගී දුප්පත් කොලුවෙක් හිටියා. ඔහු මෙහෙම හිතුවා. “මේ චූලසෙට්ඨිතුමා මහා නුවණැත්තෙක් හැටියටයි රට්ටු පිළිගන්නේ. මේ කතාව බොරුවක් වෙන්ට බැහැ…. මං කෝකටත් මේ මී කුණ අරගන්ට ඕනා.” මෙහෙම සිතලා අර කොලුවා මී කුණ අරගෙන පාරේ යද්දී එක් නිවසක බළල් පැටියෙක් කෑ ගසනවා. මොහු එතැනට ගිහින් අර බළලාට මී කුණ දෙන්න කියල ඒ නිවැසියන්ට කිව්වා. ඔවුන් සතුටු වෙලා ඒ වෙනුවෙන් ඉතා සුළු මුදලක් දුන්නා. මොහු ඒ මුදලින් උක්පැණි මුලකුයි පොඩි හැලියකුයි ගත්තා. වනයට ගිහින් මල් නෙලාගෙන එන මාලාකාරයන්ට උක් පැණි ටික ටික දුන්නා. හැලියෙන් පැනුත් දුන්නා. එයින් ඔවුන් ගේ වෙහෙස සංසිඳුනා. ඔවුන් සතුටට පත්වුනා. ඒ සතුට නිසා ඒ හැමෝම මල් මිට ගානේ දුන්නා. ඔහු එදාම ඒ මල් මිටි විකුණා ගත්තා. පසුවදාත් උක් පැණියි දිය හැළියකුයි අරගෙන මල් වත්තට ම ගියා. එදා සතුටු වූ මල් වෙළෙන්දා බාගෙට නෙළාගත් මල් අත්ත ගානේ මොහුට දුන්නා.

0️⃣ ටික දවසයි ගියේ. දැන් මොහු ගේ අතේ කහවණු අටක් තියෙනවා. පසුවදා සුළඟක් ඇවිත් රජ උයනේ ගස් වලින් වියළි දර අතු ගොඩාක් බිම කඩා වැටුනා. ඔහු උයන්පල්ලාට ගිහින් මෙහෙම කිව්වා.

1️⃣ “පින්වත…. මේවා ඔක්කොම මට දෙනවා නම් මං අස්පස් කරලා උයන පිරිසිදු කරලා දෙන්නම්” ඔහු ගෙන් ඊට අවසර ලැබුනා. එතකොට මොහු පොඩි දරුවන් සෙල්ලම් කරන තැනට ගියා.

4️⃣ “ළමයිනේ…. ඔයාල උක්පැණි බීලා… සීතල පැන් වළඳින්ට ආසයි ද….?”

“අනේ ඔව්… අපි හරී ආසයි.”

“එහෙනම් මාත් එක්ක එන්න. ඉස්සෙල්ලාම මේ වැටිච්ච දරකෝටු ඔක්කොම එකතු කරගන්ට මට උදව් කරන්න…. ඊට පස්සේ මං ඔයාලට උක්පැණියි, සීතල වතුරයි දෙන්නම්.”

5️⃣ ටික වෙලාවයි ගියේ. අර දර අතු සියල්ල උයන් දොරටුව අසල ගොඩ ගසා ගත්තා. එදා රජමැදුරේ කුඹල්කරුවාට රජපවුලට වළං හදන්ට දර මදි වෙලා සොය සොයා යනවා. උයන් දොරටුව අසල ඇති මේ දර දැකලා මේ තරුණයාගෙන් ඒ දර සියල්ල කහවණු දහසයකට මිලට ගත්තා. ඔහු එයින් උක් පැණි සමග වතුර දෙන්ට පහසුවට තවත් ලොකු භාජන පහක් මිලට ගත්තා. නගරයේ දොරටුව අසලින් එක් පැන් තලියක් තබා ගත්තා. තණමිටි ගෙන යන පන්සියයක් වෙළෙන්දන්ට උක් පැණිය වතුරයි දුන්නා. ඔවුන් හැමෝම මේ තරුණයා ගේ මිත්‍රයන් වුනා.

“මිත්‍රයා… ඔබේ උක් පැණියි වතුරයි නිසා අපේ වෙහෙස නිවුනා. අපෙන් මොනාද කෙරෙන්න ඕනා….!”

6️⃣ “අනේ මිතුරනි…. දැනට නම් මට අවශ්‍ය විශේෂ දෙයක් නෑ. මට ඕනකමක් වුනොත් කියන්නම්. එතකොට මට උදව් කරන්න.” ඒ විදිහට මේ තරුණයා බිම් මාර්ගයේ වැඩ කරන අයයි, ජලමාර්ගයේ වැඩ කරන අයයි සමඟ හොඳ මිත්‍රත්වයක් ගොඩ නගා ගත්තා.

දවසක් බිම් මාර්ගයේ වැඩ කරන මොහුගේ යහළුවෙක් මොහුට හොඳ තොරතුරක් කිව්වා. අස් වෙළෙන්දෙක් අශ්වයන් පන්සියයක් අරගෙන එනවා කියලා. එතකොට මේ තරුණයා අර තණකොළ වෙළෙන්දන් ළඟට ගියා. “මිතුරනේ… මට අද ඔබෙන් උදව්වක් ඕනා. අද මට ඔබෙන් එක් තණ මිටිය බැගින් අවශ්‍යයි…… ඒ වගේ ම මගේ තණමිටි විකිණෙනකල් ඔයාල තණ විකුණන්න එපා හොඳේ….”

7️⃣ ඔවුන් දැඩි හිතවත්කම නිසා එයට කැමති වුනා. මොහුට තණ මිටිය බැගින් දුන්නා. අස් වෙළෙන්දා නගරය පුරා තණකොළ හොයනවා. එක තැනක විතරයි තියෙන්නේ. වෙන කොහේවත් නෑ. මොහුට කහවණු දහසක් ගෙවලා ඒ තණමිටි ගත්තා. ඊට දින කීපයකට පස්සේ ජලමාර්ගයේ වැඩ කරන කෙනෙක් මේ තරුණයාට තවත් තොරතුරක් කිව්වා. වරායට මහා නැවක් ආවා කියලා. එතකොට මොහු කහවණු අටක් දීලා ඉතා අලංකාර රථයක් කුලියට ගත්තා. මහත් යස පිරිවර එක්ක වරායට ගියා. ඒ නැවියෙකුට ලස්සන මුද්දක් තෑගි දුන්නා. අලංකාර රෙදි වලින් ආවරණය වූ විශේෂ තැනක මොහු මහා වෙළෙන්දෙකුගේ ලීලාවෙන් වාඩි වෙලා හිටියා. බරණැස වෙළෙන්දන් බඩු ගැනීමේ අදහසින් එතැනට ආවා. එතකොට මොහු රඳවා සිටි මිනිසුන් ඒ වෙළෙන්ඳන් ළඟට ගොහින් මෙහෙම කිව්වා.

8️⃣ “මහත්තුරුනේ…. ඔබට අද බඩු ලැබෙන එකක් නෑ. මහා වෙළෙන්දෙක් ඇවිත් වේලාසනින් බඩු වලට අත්තිකාරම් ගෙවලා තියෙන්නේ” කියලා ඒ වෙළෙන්දන්ව තුන්වැනි දොරටුවෙන් කැඳවාගෙන මේ තරුණයා ළඟට ගෙන ගියා.
ඒ සියයක් පමණ වෙළෙන්දෝ එක් එක්කෙනා මොහුට කහවණු දාහ බැගින් දුන්නා. මොහු සමග මොහුගේ පිරිවර වශයෙන් නැවට ගියා. ආයෙමත් එක් එක්කෙනාට දහස බැගින් දීලා ඒ ඒ බඩු අරගෙන දුන්නා. මේ අතරමැදි වෙළඳාමෙන් මොහුට කහවණු දෙදහසක ආදායමක් ලැබුනා. මොහු ඒ මුදලින් භාගයක්, කහවණු දහසක් රැගෙන චූලසෙට්ඨිතුමා බැහැදකින්න ගියා. චූලසෙට්ඨිතුමා මෙහෙම ඇහැව්වා.

“ඇයි දරුවෝ…. මෙතරම් විශාල මුදලක් මට ගෙනාවේ…. මං ඔයාව කවුද කියලා හඳුනන්නේ නෑ නේ.”

“සිටුතුමනි, මීට හාරමාසයකට පෙර මං නිකං දිළිඳු කොලුවෙක්. එදා ඔබතුමා මහපාරේ තිබුන මී කුණක් දැකලා කිව්වා, හොඳට උපාය නුවණ ඇති කෙනෙකුට දියුණු වෙනවා නම් මේ මී කුණත් ඇති කියලා. මං ඒක අහගෙන හිටියා. මං ඔබතුමා ගේ වචනය විශ්වාස කළා. ඒ මී කුණ තමයි මගේ මේ දියුණුවේ පළමු පියවර.”

9️⃣ චූලසෙට්ඨිතුමා මේ තරුණයා ගැන ගොඩාක් සතුටු වුනා. ‘මේ වගේ දරුවෙක් වෙන කෙනෙකු සතු විය යුතු නෑ’ කියල හිතලා තමන් ගේ දියණියක් සමඟ කසාද බන්දලා දුන්නා. ඒ මහා සිටුපවුලේ සියලු වස්තුවත් මොහු සතු වුනා.”
මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මෙසේත් වදාළා.

“මහණෙනි, නුවණ තියෙන කෙනෙකුට හොඳ උපායශීලී බවකින් වැඩ කරන්ට පුළුවන් නම් ඉතා සුළු උපදේශයකින්, සුළු භාණ්ඩයකින් දියුණු වෙන්ට පුළුවනි. මහත් ධනයක්, යස පිරිවරක් උපදවා ගන්ට පුළුවනි. පුංචි ගිනි පුපුරකට වියළි ගොම, තණරොඩු ආදිය දමා කටින් පිඹිමින් එය මහා ගින්නක් බවට පත්කරන්නට පුළුවනි. ඒ වගේ තමයි උත්සාහයයි නුවණයි තියෙනවා නම් දියුණු වෙන්ට පුළුවනි.

ඉස්සර කාලෙ ඒ මී කුණ පෙන්නල මං කළ අවවාදය සිතට ගත්තු ඒ තරුණයා මහා ධනවතෙක් වුනා.

ගොඩාක් අය බාහිර අයගේ දියුණුව බල බලා හූල්ලමින් ඉන්නවා. පොඩි වෙළඳාමක්වත් කරන්න ලැජ්ජයි. මහා ඉහළින් පටන් ගන්ට සිතාගෙන ඉන්නවා. සිහින මාළිගා සිතින් හද හදා ඉන්නවා. අනුන්ට ඊර්ෂ්‍යා කර කර ඉන්නවා. නැකැත් නිමිති බල බල, දිසා බල බල ඉන්නවා. උත්සාහය නුවණ තියෙන කෙනා ඉතා සුළුවෙන් පටන් ගෙන දියුණු වෙලා යනවා.

ඉතිං අපි හිතුවා ඒ වගේ බුද්ධිමත් කෙනෙක්ට උදව් කරන්න. නුවණත්තෙක් ඉන්නවනම් මේ කතාව අවසානය වෙන තෙක් ඉවසීමෙන් කියවයි. කාළකණ්නියෙක් ඉන්නවානම් මී කුණකින් මගේ සිහිනයට යන්නේ කොහොමද, අපෝ මේක අර පරණ කතාවනේ. මේ විකාර බලන්න කාලය නාස්ති කරගන්නේ මොකටද කියලා අත ඇරලා දාවි. ඒ වගේ මනුස්සයෝ කොහොමත් අපට වැඩක් නෑ. සැබෑවටම දියුණු වෙන්න ඕන, පිරමීඩ පස්සේ යන්නේ නැති, පෝස්ට් එකේ ඡායාරූපය බලලා අන්තර්ගතය නොකියවා තීරණ ගන්න මිනිස්සු අපිට වැඩක් නැහැ.

අද කාලේ ‘චූලසෙට්ඨි’ සිටු තුමා වගේ අය නෑ. අද කාලේ ඉන්න රටම බේරගන්න කොරෝනා කාලෙත් හොඳටම ගෙවන ඇඩ් ක්ලික් පැකේජ් විකුණලා කෝටිපතියෝ වෙන්න, රු.1000න් ඇප් එකක් අරන් මාස 8න් කෝටි 1 1/2ක් අරන් දෙන්න උගන්වන අය තමයි. එහෙමත් නැතිනම් සෙනසුරාදා, ඉරිදට නැතිව අනෙක් දවස් වලට පොපිට් දෙන අය ඉන්නේ.

ඒ කාලේ ‘චූලසෙට්ඨි’ සිටු තුමා මී කුණ පෙන්නුව වගේ, මම අද ඔබට දෙනවා ආදායම් මාර්ගයක්. කෝටි ගණන් උපයන ක්‍රමනම් මම දන්නේ නැහැ. දන්නවනම් මම හොයනවනේ. ඔබට දෙන ආදායම් මාර්ගය තමයි අපේ TechLabs Business HUB PASS එක. තෝරාගත් බුද්ධිමතෙක්ට 1 Year PASS එකක් නොමිළයේද, තෝරාගත් බුද්ධිමතුන් 15 දෙනෙක්ට 1 Year PASS එක සඳහා 50%ක වට්ටමක්ද, තෝරාගත් 25 දෙනෙක්ට Lifetime PASS එක සඳහා 50%ක වට්ටමක්ද අපි නොවැම්බර් 07 වෙනකම් ලබාදෙනවා. ඒත් එක්කම සුදුසුකම් මත රු.50,000ක දක්වා ස්වයංරැකියාවක් හෝ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න ලෝන් 1ක් ලබාගන්න මග පෙන්වනවා. තෝරාගත් 4 දෙනෙක්ට එක්දින නේවාසික පාඨමාලාවට නොමිළයේ සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ කතාව කියවන 55 දෙනෙක්ට අනිවාර්යයෙන් දියුණු වෙන්න පාර හැදෙනවා අපි බලමු පේජ් එකේ ඉන්න කී දෙනෙක් ඇත්තටම දියුණු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයද කියල…

හැබැයි දියුණු වෙන්න උනන්දුව තියෙන බුද්ධිමත් අයට පමණයි. ඔබ මුලින්ම කරන්න ඕන මේ පෝස්ට් එකේ ඉහත තියෙනවා අංක දහයක්. එය පිළිවෙලින් ලියූ කල දුරකතන අංකයකි. හිත හිතා ඉන්නේ නැතිව ඒ දුරකතන අංකයට කෝල් එකක් ගන්න. කමෙන්ට් කරන්න එපා. ඔබට අපි ආදායම් උපයන ක්‍රම විශාල ප්‍රමාණයක් ලබාදෙනවා. ඔබ දියුණු වෙන්න ඒ හරහා. උපාය ශීලී වෙන්න. සමහරවිට ඔබ ගැන පැහැදුනහොත් ඔබට තවත් දියුණුවෙන්න බොහෝ දේ ලැබේවි. අනිවාර්යයෙන්ම මේ කෝල් එක ඔබේ ජීවිතය වෙනස් කරාවි…

අපි බලමු කවුද මේ කතාව අවසානය වෙනකම් කියවන්නේ කියලා. මෙය එක්තරා සම්මුඛ පරීක්ෂණයක්. අපගේ TechLabs PASS එක නොමැති අයෙක් දියුණු වෙන අභිප්‍රායෙන් මෙය කියවුවහොත්, බුද්ධිමත්ව කටයුතු කලහොත්, උපදෙස් පිළිපැද්දොත් එය ඔවුන්ගේ ජීවිතය අනිවාර්යයෙන්ම වෙනස් කරාවි. මේ පෝස්ට් එක දැනට TechLabs PASS එක අරන් තියෙන අයට අදාල නැහැ. අලුත්ම අය වෙනුවෙනුයි මේ කතාව පළකලේ.

සැ.යු: උපුටාගැනීම් ඇතුලත්ය. ඒවාගේ අයිතිය කතෲන් සතුය.

Photograph Used for promotional purposes only !

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

පොඩියට ව්‍යාපාරයක් පටන් අරගෙන, ඒක දියුණු කර ගන්න ගමන්, තමන්ගේ ජීවිතය ගොඩ දාගන්න උත්සාහ කරන අයට වැදගත් කතාවක්

පොඩියට ව්‍යාපාරයක් පටන් අරගෙන, ඒක දියුණු කර ගන්න ගමන්, තමන්ගේ ජීවිතය ගොඩ දාගන්න උත්සාහ කරන අයට වැදගත් කතාවක්

පොඩියට ව්‍යාපාරයක් පටන් අරගෙන, ඒක දියුණු කර ගන්න ගමන්, තමන්ගේ ජීවිතය ගොඩ දාගන්න උත්සාහ කරන අයට වැදගත් කතාවක්…

හුගක් දෙනා තමන්ගේ හිතට අදහසක් ආපු ගමන් කිසිම හෙවිල්ලක්, බැලිල්ලක් නැතුව වැඩ පටන් ගන්නවා. අන්තිමට පටන් ගත්තාටත් වඩා ඉක්මනින් ඒ වැඩේ අතහැරලා දානවා. ඊළඟට කවුරුහරි අහපුවහම කියනවා ඒක කරලා හරියන්නෑ… මං ඔන්න ඔහේ ඒ වැඩේ අල්ලලා දැම්මා කියලා…

හැබැයි මේ විදිහට දෙයක් අතරමඟ අතහැරලා දාන්නේ නැතුව මුලදී හොඳට හිතලා පටන් ගත්තා නම් “තිතක්” වගේ තමන්ගේ හිතේ පහළ වන ව්‍යාපාරික අදහසක් වටාපිටාවේ කරුණු කාරණා සලකා බලලා “බෝලයක්” තරමට වැඩි දියුණු කරගන්න පුළුවන්. අන්න එහෙම හිතේ පහළවෙන පුංචි ව්‍යාපාරික අදහසක් වැඩිදියුණු කර ගන්නේ කොහොමද?

හිතේ පහළවෙන ඕනෑම පුංචි ව්‍යාපාරික අදහසක් (“තිතක්”) දිගු කාලයක් කරගෙන යන විදියට පටන් ගන්න නම් ප්‍රධාන දේවල් දෙකක් ගැන මුලින්ම සැලකිලිමත් වෙන්න වෙනවා.

1️⃣ සැලසුමක් ඇතුව පටන් ගන්න එක…
2️⃣ අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන තෙක් ඉවසීමෙන් එම සැලසුම ක්‍රියාවේ යොදවන එක…

📑 සැලසුමක් ඇතුව පටන් ගන්නේ කොහොමද ?

ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඔබට පහල වෙච්ච අදහස ක්‍රමානුකූලව පියවරෙන් පියවර සැලසුමක් බවට පත් කරන්නේ කොහොමද? කියලා කියන එක, ව්‍යාපාරික අදහසක් පහළ වුණු බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක්.

“තිතක්” වගේ ව්‍යාපාරික අදහසක් “බෝලයක්” තරමට වැඩි දියුණු කරගන්න, ව්‍යාපාරික අදහසක් හිතට ආපු කෙනෙක් තමන්ගෙන්ම අහන්න ඕන ප්‍රශ්න කීපයක් තියෙනවා.

ඇයි මම ව්‍යාපාරයක් පටන් ගන්නේ ?

ව්‍යාපාරයක් පටන් ගත්න හිතට ආපු පමණින් ව්‍යාපාරයක් පටන් ගන්නේ නැතුව තමුන්ගෙන් කීප වතාවක් ඇයි ?
කියලා අහන්න ඕනේ… ව්‍යාපාරයක් පටන් ගන්න සැලසුමක් මගේ ගාව තියෙනවද ?, ඒ සැලසුම ක්‍රියාවේ යොදවන්න පුළුවන් වගේම කඩාවැටීම් වලට මුහුණ දෙන්න පුලුවන් මානසික ශක්තියක් මා සතුව දැනට තියෙනවද ?, මගේ පළමු සැලසුම (Plan A) වැරදුනොත් මම ඊළඟට (Plan B) මොකද කරන්නේ ? වගේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ඕනේ…

රැකියාවක් කරන කෙනෙකුට බොහෝවිට ආයතනයෙන් ලබා දීපු ප්‍රධානියෙක් ඉන්නවා. ඔහු උපදෙස් දෙන විදිහට වැඩ ටික කරගෙන යන්න පුලුවන් රැකියාවක් කරන කෙනෙකුට. හැබැයි ව්‍යාපාරයක් කරන කෙනෙකුට එහෙම බෑ. එයාට නිර්මාණශීලී චින්තනයක් වගේම ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න පුළුවන් මානසික ශක්තියක් අත්‍යවශ්‍යයි. මොකද ව්‍යාපාරයක් පටන් ගත්තු ගමන් ලාභයක් ලැබෙන්නේ නෑ. ලාභයක් ලැබෙන්නත් පුළුවන්… පාඩු වෙන්නත් පුළුවන්. බැරි වෙලාකවත් පාඩුවක් ලැබුණොත් ඒක දරාගෙන, අල්ලගෙන ඉන්න පුළුවන් මානසික ශක්තියක් තියෙන්න ඕනේ. මෙන්න මේ ටික විස්තරාත්මකව හොයා ගන්නවා කියලා කියන්නේ ඇයි මම ව්‍යාපාරයක් පටන් ගන්නේ? කියන ප්‍රශ්නයට ගැඹුරු පිළිතුරක් හොයාගන්න එක.

මොනවද මං ව්‍යාපාරය විදිහට කරන්නේ ?

මෙන්න මේක සලකා බලන එක අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද? මුලින්ම ව්‍යාපාරයකට අත ගහන කෙනෙක් නම් මිනිස්සුන්ට අත්‍යවශ්‍ය හෝ අවශ්‍ය කාණ්ඩයේ දෙයක් තෝරාගන්න එක, ඉක්මනින් වෙළඳපොළ අල්ලා ගන්න පුළුවන් කාරණාවක්. නමුත් “තිබුනොත් හොඳයි – Nice to have” කාණ්ඩයේ දෙයක් මුලින්ම ව්‍යාපාරයක් විදියට කරන්න හිතන කෙනෙක් නම් අනිවාර්යයෙන් ඒ ගැන දෙපාරක් හිතල බලන්න වෙනවා. ඒක නිසා අත්‍යවශ්‍ය කාණ්ඩයේ දෙයක් ව්‍යාපාරයක් විදිහට මුලින්ම අත ගහනවා නම් හොඳයි. ඒ අතර ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ගෙවල් හදන්න අවශ්‍ය වන දේවල් (හාඩ්වෙයාර් එකකින් ගන්න පුලුවන් ගල්, වැලි, සිමෙන්ති වගේ දේවල්…) ඒ අතර ප්‍රමුඛයි. කොයි තරම් කෑම කඩ තිබුනත්, ඒක හරියට කරන කෙනාට බිස්නස් එක තියෙනවා. කොයිතරම් රෙදිකඩ තිබුණත්, ඒක හරියට, ආකර්ෂණීය විදිහට කරන කෙනාට අනිවාරෙන්ම බිස්නස් තියෙනවා. කොයි තරම් හාඩ්වෙයාර් තිබුනත් “අඩු ලාභය – වැඩි වෙළදාම” සංකල්පය මත යන කෙනෙකුට අනිවාර්යෙන්ම බිස්නස් තියෙනවා. මෙන්න මෙහෙම තමුන් දන්න, තමුන් ආස කරන දෙයක් පොඩි ලාභයක් තියාගෙන මුල් කාලේ හොඳ වෙළෙඳ පොළක් ගොඩනඟා ගන්න පුළුවන්.

මම කොහොමද ව්‍යාපාරයක් පටන් ගන්නේ ?
මම මූලික ප්‍රාග්ධනයක් යොදවනවා ද? එහෙම නැත්නම් ලොකු මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවන දෙයක් ව්‍යාපාරයක් විදියට පටන් ගන්නවා ද? එහෙම නැත්නම් මූලික ප්‍රාග්ධනයක් ආයෝජනය කරන්න පුළුවන් කෙනෙක් සම්බන්ධ කරගන්නවා ද? මගේ අත්දැකීම් අනුව නම් පළමු කාණ්ඩ දෙකෙන් එකකට යන්න පුළුවන් වුනොත් ගොඩක් හොඳයි. මොකද මූලික ප්‍රාග්ධනය තව කෙනෙක් ආයෝජනය කරලා ව්‍යාපාරය ආරම්භ කළොත් ඒක දියුණු වෙනකොට ඒ පිළිබඳ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. එහෙමනම් ගිවිසුමකට එළඹීම වැදගත්. නැත්නම්, එයා ඒක ගැන ප්‍රශ්න ඇති කළොත් ඒක ව්‍යාපාරය කඩා වැටීමට බලපාන්න පුළුවන්. ඒක නිසා, අවශ්‍ය මුදල මූලිකව සපයා ගන්න පුළුවන් නම්, තමන්ම ව්‍යාපාරයක් පටන් ගන්න එක හොඳයි. එහෙම නැත්නම් ලොකු මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවන ව්‍යාපාර මේ ලෝකේ ඕන තරම් තියෙනවා. පොඩ්ඩක් හෙව්වොත් ඕනතරම් හොයාගන්න පුළුවන්.

නිකමට හිතන්න කොළකැඳ විකුණන එක ව්‍යාපාරයක් විදියට කරනවා කියලා. ලොකු ප්‍රාග්ධනයක් ඕනේ වෙන්නෙ නෑ. දවසකට පැය හයක් විතර අයින් කරලා හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඒක ආකර්ෂණීය විදිහට, හරියට කරන්ඩ ඕනේ. ලංකාවේ රුපියල් 30.00 ඉඳලා රුපියල් 100.00 වෙනකල් කොළකැඳ විකුනනවා. වර්ගය අනුව, තැන අනුව, ඉදිරිපත් කරන විදිහ අනුව මේ මිල ගණන් වෙනස් වෙනවා. හැබැයි යොදවන්න තියන්නේ බොහොම පුංචි මුදලක්. කොළ කැඳ විකුණන කෙනෙක් හිතන්න ඕන දේවල් මොනවාද? එක වර්ගයක් හදනවද? හෝ වර්ග කීපයක් හදනවාද? (කලවම් කැඳ, ඖෂධීය කැඳ, කුරක්කන් කැඳ, සුදුළූණු කැඳ, කරපිංචා කැඳ වගේ…) කොතන තියාගෙනද විකුනන්නේ? පාර අයිනේ තියාගෙන විකුණනවද එහෙම නැත්තං ස්ථිරව තැනක් හදා ගන්නවාද ? (කලබල වෙන්න එපා… ස්ථිරව තැනක් හදා ගත්තත්, ලොකු මුදලක් යන්නැති වෙන්න හදාගන්න පුළුවන්. මැටි ටිකක් ගහල, පොල් අතු ටිකක් හෙවිල්ලල, හරි අපූරුවට ලස්සනට හදාගන්න පුළුවන්.) කැඳ පිළිගන්වන භාජනය මොකක්ද ? හැම තැනම කැඳ දෙන්නේ වීදුරුවක දාලා. ඒත් මම තැන් කීපයකම දැකලා තියෙනවා කෝප්පයක් වගේ මැටි භාජනයක හරි අපූරුවට කැඳ පිළිගන්වනවා. හොඳ කිතුල් හකුරු කෑල්ලක් එක්කලා ටිකක් උණුවෙන් පිලිගන්වන්න පුළුවන් නම්, අනිවාර්යෙන්ම ව්‍යාපාරය සාර්ථක වෙනවා. පාර අයිනේ තියෙන හෝ හේත්තු කරන බෝඩ් එකේ තියෙන ආකර්ෂණීය බව වැදගත්…

ඊළඟට හිතන්න ඕන දේවල්… පළවෙනි දවස ඇතුලත හෝ පළවෙනි සතිය ඇතුළත, කැඳ කෝප්ප කීයක් විකුණන්න බලාපොරොත්තු වෙනවද ? පටන් අරගෙන ටික දවසක් යනකොට, අපි හිතමු දවසකට රුපියල් රු.40.00 ගණනේ කොළ කැඳ වීදුරු 50ක් විකුණන්ට සැලසුම් කරනවා කියලා. එහෙම කළොත් දවසක ආදායම රුපියල් 2000.00යි. අමු ද්‍රව්‍ය වලට රුපියල් 500.00ක් තිබ්බොත් ලාභය රුපියල් 1,500.00යි. දවසකට අයින් කරන්න තියෙන්නේ පැය හයයි. ඒ පැය හය හදන්නයි, විකුණන්නයි ඔක්කෝටම. කැඳ වීදුරු සියයක් විකුණන මට්ටමට ආවොත් ලාභය රුපියල් 3,000.00යි. තැන් දෙකක තියලා කැඳ වීදුරු 200ක් විකුණුවොත් ලාභය රුපියල් 6,000.00 යි. අඩු ම දවස් 25ක් විකුණන්න පුළුවන් වුනොත්, මාසික ආදායම කීයක් ද? රුපියල් 150,000.00ක්. හරියට බැලුවොත් විධායක නිලධාරියෙකුගේ හෝ කලමනාකරුවෙකුගේ වැටුප. තව ටිකක් කල්පනා කලොත්… ටිකෙන් ටික දවසින් දවස විකුණන වීදුරු ප්‍රමාණය වැඩි වෙනකොට පොඩියට උදේ කෑමත් විකුණන්න පටන් ගන්නවා. රොටී, හැලප, ලැවරියා, ඉඳිආප්ප, පිට්ටු, කඩල, කවුපි… වගේ දේවල්. ටිකෙන් ටික උදේ කෑම බෙදාගෙන කන්න පුලුවන් බුෆේ (Buffet) එකක් පටන් ගන්නවා. ඊළඟට උදේට කැඳ සහ කෑම විතරක් හදලා විකුණන්නේ නැතුව, හැන්දෑවට සුප් හදලා විකුණන්න පටන් ගන්නවා. දැන් තේරෙනවා නේද “තිතක් වගේ පහළවෙන ව්‍යාපාර අදහසක් බෝලයක් කර ගන්නේ කොහොමද? කියලා…

කවුද මගේ භාණ්ඩය හෝ සේවාව මිලදී ගන්ඩ එන ඉලක්කගත පාරිභෝගිකයන් ? ටිකක් ලොකුවට හිතුවත් එහෙම Target Group (TG) එක. මගේ ඉලක්කගත වෙළදපොල ආකර්ෂණය කරගන්න මං පාවිච්චි කරන උපක්‍රම මොනවාද? ඒගොල්ලන්ට ළඟා වෙන්න පුළුවන් ක්‍රම මොනවද?

මේ ඉලක්කගත වෙළඳපල සලකා බලන එක ඉතාමත්ම වැදගත්. උදාහරණයක් ගනිමු. ඔෆිස් එකක් කිට්ටුව තියාගෙන කැද විකුණනවා නම්, එතනදී බොන්න (Have it) වගේම කඩදාසි කෝප්පයක ගෙනියන්නත් (Take away) ක්‍රම ලෑස්ති කරන්න ඕනේ… මොකද උදේට හදිස්සියට කාර්‍යාලයට දුවන කොට මේ ක්‍රම දෙකටම විකුණන්න සූදානම් වෙන එක ඉතාම වැදගත්… එතකොට ඒ අය මගේ සේවාව ගැන තෘප්තිමත් නං තව තවත් අයට මාව හඳුන්වලා දෙනවා. මේක කටින් කට පැතිරෙන්න පටන් ගත්තයින් පස්සේ (Word of mouth marketing) මගේ ඉලක්කගත වෙළෙඳපොළ ටිකෙන් ටික ව්‍යාප්ත වෙනවා. ටික කාලයක් යනකොට තමුන් දැන ගන්නවා, තමන්ගේ ඉලක්ක ගත පාරිභෝගිකයන් ගේ සිතුම් – පැතුම්, රුචි – අරුචිකම්. එතකොට ඔවුන්ට ළඟා වෙන්න සහ ඔවුන් සමඟ රැඳෙන්න අළුත්, අළුත් උපක්‍රම පාවිච්චි කරන්න පුලුවන්.

මගේ භාණ්ඩය හෝ සේවාව විකුනන්නේ කොහෙද? මම කඩයක් විවෘත කරනවා ද? එහෙම නැත්නම් පාර අයිනේ තියාගෙන විකුණනවද?

එහෙම නැත්නම් Online Market එකක් හදා ගන්නවා ද? පහුගිය දවස් වල Facebook උනන්දුවෙන් බැලුවනම් ඉඳිආප්ප, කරවල, ජෑම් වර්ග, පිරිසිදු පොල්තෙල්, අච්චාරු, මාළු ඇඹුල්තියල්, කේක් වගේ කෑම හරි අපූරුවට Online විකුණනවා බලාගන්න තිබුණා.

කඩයක් විවෘත කරනවානම්… උදාහරණයක් විදිහට කීපයක්ම බලමු. පොත් සාප්පුවක් දානවා නම් එක්කෝ පාසලක් කිට්ටුව, නැත්නම් ටියුෂන් ක්ලාස් වැඩි ප්‍රමාණයක් පවත්වන හරියකට කිට්ටුව දාන්න ඕනේ… නිකමට හිතන්න මම කෑම කඩයක් විවෘත කරනවා කියලා එතකොට බයික් එකකින්, කාර් එකකින් එන මනුස්සයෙකුට නතර කරගන්න පුලුවන් තැනක වෙන්න ඕනේ, පලතුරු වෙළෙඳ සැලක් වුණත් එක්කෝ හන්දියක් කිට්ටුව නැත්නම් සෙනග ගැවසෙන ප්‍රධාන පාරකට මුහුණලා වෙන්න ඕනේ, එහෙම නැත්නම් ඉස්පිරිතාලයක් ගාව නැත්නම් පන්සලක් හෝ දේවාලයක් කිට්ටුව වෙන්න ඕනේ… අන්න ඒ වගේ හිතන්න ඕනේ…

මම විකුනන්නේ කවදද? කොයි වෙලාවටද? පොත් සාප්පුවක් නම් ටිකක් උදේ විවෘත කරන එක වැදගත්. පලතුරු විකුණන තැනක් නම් උදේමද? එහෙම නැත්නම් උදේ 9.00ට විතර විවෘත කරපුවහම ඇතිද? ඒක තැන අනුව… ඊලඟට හිතන්න කැඳ විකුනනවා කියලා. ඒක දවල් 12 ට විකුණන්න බෑනේ… ඒක නිසා ටිකක් පාන්දර ඉඳලා වැඩේ පටන් ගන්න ඕනේ… උදේ 6.00 – 6.30 අතර සූදානම් වුනොත් වඩා හොඳයි.

ඒ වගේම ඉරිදා වගේ දවසක Office එකක් ලඟ කැඳ විකුණලා වැඩක් නෑනේ. ඉරිදා දවසක විකුණනවා නම් එක්කෝ ඇවිදීමේ මංතීරුවක් ලඟ. මෙන්න මේ වගේ තමුන්ගේ පාරිභෝගිකයන් වෙත ළඟා වෙන්න පුළුවන් දින සහ වෙලාවල් බලලා ඒ අනුව කටයුතු කරන එකත් ව්‍යාපාරයක සාර්ථකත්වයට හේතුවක්…

එහෙම නම් ව්‍යාපාරික අදහසක් වේවා, වෙනත් ඕනෑම අදහසක් වේවා, සාර්ථක කරගන්නනම් ඒක කරන මානසිකත්වයෙන් දවසින් දවස තව තවත් රාමුවෙන් පිටතට හිතන්න වෙනවා. ඒක හරියට එක තිතක් වටේ රවුමට තව තිත් කීපයක් තියපුවහම තිතේ ප්‍රමාණය ලොකු වෙලා අන්තිමට බෝලයක් දක්වා විශාලනය කරන්න තියෙන ඉඩකඩ වගේ… මෙන්න මේ වගේ ටිකෙන් ටික හිතුවොත්, ඒ වගේම ටිකෙන් ටික ක්‍රියාත්මක වුනොත් ව්‍යාපාරික වේවා වෙනත් ඕනෑම අදහසක් වේවා සාර්ථක කරගන්න අපිට පුළුවන්…

ටිකක් හිතන්න !
ටිකක් යොමුවෙන්න !

✍️ හොඳ සැලසුමක්
හදාගන්න.

ප්‍රතිඵල ලැබෙන අවස්ථාව වෙනකල් ඒ සැලසුම “ඉවසීමෙන්” ක්‍රියාවේ යොදවන්න.

ලෝකේ අනිත් හැමෝම “සැලසුමක් ඇතුව” කරන දේවල් හරි යනවා නම්, තමුන්ට විතරක් වරදින්න විදිහක් නෑනේ…

මේ පේජ් එකේ ඉන්න හැමෝම, විශේෂයෙන්ම ගම් වල ඉන්න අය අදම ඔන්ලයින් ව්‍යාපාරයක් හෝ ආරම්භ කරන්න. ඒ සඳහා මග පෙන්වීම අපි දිනපතා කරනවා. ඔබ අපේ ගෲප් වල සිටියානම් අපි 2017 සිට පළකල පෝස්ට් කියවන්න. නිවසේ සිටින අයට මේ ව්‍යාපාර ආරම්භ කිරීමට පහසුයි. Dropshipping ආකාරයේ ව්‍යාපාරයක් කිසිම වියදමක් නැතිව හෝ රු.3000-4000ක වියදමින් ආරම්භ කරන්න පුළුවන්. ගමේ මිනිස්සුට අවශ්‍ය භාණ්ඩ සහ සේවා ඔබ හරහා ලබාදෙන්න කටයුතු කරන්න. එසේත් නැතිනම් අඩු වියදමකින් ආරම්භ කරන්න පුළුවන් ස්වයංරැකියා ඕනෑ තරම් මේ පේජ් එකේ තියේ. උත්සාහ කර බලන්න.

සැ.යු: උපුටාගැනීම් ඇතුලත්ය. ඒවාගේ අයිතිය කතෲන් සතුය. (මෙවන් අනර්ඝ ලිපියක් ලියූ කතෲට මාගේ ගෞරවය)

Photograph Used for promotional purposes only ! All rights reserved to SamajaSathkara.lk

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

එක්තරා තරුණයෙක් රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීමට පිටත් වුණා.

එක්තරා තරුණයෙක් රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීමට පිටත් වුණා.

එක්තරා තරුණයෙක් රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීමට පිටත් වුණා. එදා හොඳටම වැස්ස දවසක්. තරුණයා බස් නැවැතුම්පොල වෙත ගමන් කරමින් සිටියා. නමුත් වේගයෙන් පැමිණි මෝටර් රථයක් නිසා පාරේ තිබුණු මඩ වතුර ඔහුගේ ශරීරය පුරා විසිරී ගියා. එයින් ඔහුගේ සුදු කමිසය මඩ පැහැයට හැරුණා. නමුත් තරුණයා ඒ අපිරිසිදු ඇඳුමින්ම සම්මුඛ පරීක්ෂණය සඳහා පිටත් වුණා. පැමිණි සියල්ලෝම තමන්ට පැමිණෙන අවස්ථාව ගැන සිතමින් වාඩි වී සිටියා. සියලන්ගේම දෑස් පෙර කී තරුණයා වෙත යොමු වුණා.

“එයා පව්. එයාට ඇඳුම් නැතිව ඇති” කෙනෙක් කිවුවා.

“පිස්සෙක්ද කොහෙද” තවත් කෙනෙක් කිවුවා.

“එයාටනම් මේ ඉන්ටර්විව් එක පාස් වෙන්න ලැබෙන්නෙ නෑ” තවත් කෙනෙක් කිවුවා.

තවත් අය ඔහු දෙස බැලුවේ සමච්චලයට මෙන් සිනහ වෙමින්.

“ඔයා කොහෙද වැඩ මල්ලී? ඔයා ඇවිල්ල තියෙන්නෙ වැරැදි තැනකට” තවත් කෙනෙක් කිවුවා.

“නෑ මම ආවෙ ඉන්ටර්විව් එකට” ඔහු ඔහුගේ මනස ශක්තිමත් කරගෙන කිවුවා.

විවිධාකාර ප්‍රතිචාර මැද ඔහුගේ සිත අසරණ වුවත් ඔහු සිත තුළ දැඩි ශක්තියක් ඇති කර ගත්තා.

සම්මුඛ පරීක්ෂණය පටන් ගත්තා. එකිනෙකා කැඳෙව්වා. පෙර කී තරුණයාගේ වාරය ආවා. ඔහු අදාළ ආසනයේ වාඩි වුණා. නිලධාරීන් මුහුණින් මුහුණ බලාගත්තේ මඩ පැල්ලමක් සහිත ඇඳුමක් ඇඳගෙන ආපු මේ තරුණයා දැකීම නිසා.

“මොකද ඇඳුමේ මඩ…..?” නිලධාරියෙක් ඇහුවා.

එවිට ඔහු සංසුන්ව උත්තර දුන්නා. ඔහු මුහුණ දුන් සිදුවීම විස්තර කළා.

එවිට නිලධාරියා: “ඉතින් ඔය දරුවට තිබුණනේ හොඳ ඇඳුමක් ඇඳගෙන එන්න”

එවිට තරුණයා: “සර් මට එහෙම එන්න තිබුණා. නමුත් මම ප්‍රමාද වුණොත් මට මේ ඉන්ටර්විව් එක මඟහැරෙනවා. මම ප්‍රමාද වෙලා මෙතනට ආවොත් මම ලස්සනට පෙනේවි. නමුත් ඉන්ටර්විව් එක අවසන් වෙලා තියේවි. එතකොට ඒ ලස්සන කිසිම ප්‍රයෝජනයක් නැති දෙයක් බවට පත් වෙනවා. මඩ පැල්ලමක් නිසා මගේ ගමන ප්‍රමාද කරන්න මට අවශ්‍ය වුණේ නැහැ. ඉතින් ඔබ තුමා මාව ඉන්ටර්විවි කරන්න සූදානම් නම් මට මේ මඩ පැල්ලම කිසිම ප්‍රශ්නයක් නැහැ”

ඔහු එසේ කිවුවේ දැඩි ආත්ම විශ්වාසයකින්.

එවිට නිලධාරියා: “ඔබ හිතනවාද ඔබට මේ ඉන්ටර්විව් එක පාස් වෙන්න පුලුවන් කියලා?

තරුණයා: “ඔව් මට ඒක විශ්වාසයි”

සම්මුඛ පරීක්ෂණය පැවැත්වුණා. නිලධාරියා ඇසූ සියළුම ප්‍රශ්නවලට තරුණයා නියමාකාරයෙන් උත්තර දුන්නා…..

නමුත් අවසානයේ නිලධාරියා මෙසේ කිවුවා…”අපිට කණගාටුයි ඔබ ගැන. අපි විශ්වාස කරනවා අපේ ආයතනය තුළ ඉන්න ඕන හොඳ පෞරුෂයක් වගේම බාහිර පෙනුමෙනුත් වැදැගත් තැනක ඉන්න අය…..ඔබ ඔබේ ඇඳුම ගැන හිතන්න තිබුණා. නමුත් ඔබ ඒ ගැන හිතුවේ නැහැ. ඒ නිසා අපිට බැහැ ඔබට අවස්ථාවක් දෙන්න”

එවිට තරුණයා මඳ සිනහවකින් යුතුව, “ඔබතුමාගේ තීරණයට මම ගරු කරනවා. ඒ වගේම මේ ආයතනය සාර්ථකව පවත්වාගෙන යන්න ඔබ හැම දෙනාටම ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තූතියි සර්” කියා නිලධාරියාට ඉතා සුහදශීලීව අතට අත දී පිටව ගියා.

දින කිහිපයක් ගත වෙද්දී හදිසියේම ඔහුට දුරකථන ඇමතුමක් ආවා.

ඒ පෙර කී ආයතනයෙන්.

“ආයුබෝවන් මහත්මයා, ඉතා ඉක්මනින් අපගේ ආයතනයට පැමිණෙන්න. ඔබට අපගේ ආයතනයේ රැකියාව සූදානම්”

තරුණයා නැවතත් එම ආයතනයට ගියා. දෙවන වර පැවැති සම්මුඛ පරීක්ෂණයෙන් ඔහු ඉහළින් සමත් වුණා. ඔහුට පත්වීම ලැබුණා.

“මඩ පැල්ලමකට බැරි වුණා ඔබේ ගමන නවත්වන්න. අපේ ආයතනයට ඕන ඔබ වගේ ආත්ම විශ්වාසය උපරිමයෙන් තියෙන ජවසම්පන්න තරුණයින්”

නිලධාරී මණ්ඩලය ඔහු අගය කළා. ඔහු වඩාත් දක්ෂ ලෙස ඔහුගේ රැකියාව කළා. අවසානයේ ඔහු එම ආයතනයේ ඉහළ කළමණාකාර ධූරය දක්වා උසස් වීම් ලැබුවා.

ඔයාගේ ජීවිතයෙත් ඇති අතීතයේ ගෑවුණු මඩ පැල්ලම්. සමහර ඒවා ඔයා විසින්ම කරපු වැරැදි වල මතකයන්. සමහර ඒවා අනුන් විසින් ගොතපු කතා. තවත් ඒවා විවිධ කඩා වැටීම්. ආදරය අහිමි වීම. විවාහය අසාර්ථක වීම. ව්‍යාපාර බිඳ වැටීම. විභාග අසමත් වීම. අභූත චෝදනා. අවලාද ආදී විවිධාකාර මඩ පැල්ලම්.

මේ ලෝකයේ හැම කෙනෙක්ම ලෝකයට වටිනවා. නමුත් ඒ වටිනාකම වැඩි වෙන්න නම් කෙනෙක් නැගී සිටින්නම ඕන.

ඒකට කියන්නේ ආත්ම විශ්වාසයෙන් නැගී සිටීම කියලා.

අපි හැමෝටම අවශ්‍යයි වරදින් නැගී සිටීමේ වීර්යය. අපි හැමෝටම අවශ්‍යයි අන් අයගේ බලපෑම් හමුවේ නොසැලී සිටීමේ ශක්තිය. අපි හැමෝටම අවශ්‍යයි කඩාවැටීම් හමුවේ නැවත නැවතත් නැගී සිටීමේ ශක්තිය. විවිධ අසාධාරණකම්, අභූත චෝදනා අනන්ත හැලහැප්පීම් මැද නැගී සිටීමට ආත්ම විශ්වාසය අපි හැමෝටම අවශ්‍යයි.

එවැනි මිනිස්සු ජීවිතය ජයගන්නවා.

ජීවිතයේ විවිධාකාර මඩ පැල්ලම් ගැන හිතමින් තවමත් ලතැවිල්ලේ සිටිනවා වෙනුවට ආත්ම විශ්වාසයෙන් නැගී සිටිමු.

ඒ සඳහා ඉහත කතාව ආදර්ශයට ගන්න.

අපි හැමෝටම ජීවිතය දිනන්න පුලුවන්.

මඩ පැල්ලම්, මඩ ගැසීම් වලට මම නතරවුණානම්, වැටුණු අවස්ථාවල වැටිලම හිටියනම් අද ජාත්‍යන්තර සම්මාන දිනූ මගේ සමාජසත්කාර පදනමවත්, 2006 දී ආරම්භ කල මාගේ TechLabs ආයතනයවත් අද මේ තියෙන තත්වයට එන්නේ නෑ.

සැ. යු : උපුටා ගැනීම කරුණු ඇතුළත්ය. හිමිකම කතෲන් සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla