Select Page
මට ගසක් කපන්න පැය 6ක් දුන්නොත් මම පළවෙනි පැය හතරම කරන්නේ මගේ පොරව මුවහත් කරන එක කියලා

මට ගසක් කපන්න පැය 6ක් දුන්නොත් මම පළවෙනි පැය හතරම කරන්නේ මගේ පොරව මුවහත් කරන එක කියලා

ඒබ්‍රහම් ලින්කන් මහත්මයා කියනවා “මට ගසක් කපන්න පැය 6ක් දුන්නොත් මම පළවෙනි පැය හතරම කරන්නේ මගේ පොරව මුවහත් කරන එක කියලා” හිතලා බලන්න අපි එහෙමද කියලා.. අපිට කිව්වොත් අපි කරන්නේ පොරවේ මුවහත තිබ්බත් නැතත් ගහ කපාන්න යන එක.. නමුත් කපාගෙන යද්දී වැඩේ එපා වෙලා අපි අතඇරලා දානවා..

ඒ වගේම අපිට පූසෙක්ව අල්ලන්න ඕනේ නම්, අපේ ඒ පූසා පසු පස එකපාර දිව්වොත් ඒ පූසාව අල්ලන්න වෙන්නේ නෑ.. නමුත් පූසා කන්න කැමති දෙයක් එක්ක අපි වැඩේට බැස්සොත් පූසා අල්ලන්න අපි දුවන්න ඕනේ නෑ.. පූසා නිකන්ම අපි ගාවට ඒවි.. ඉතින් මේක උදාහරණයක්.. මේක එක එක පැති වලට හිතන්න පුලුවන්..

ඒ නිසා ඔයා මොනා හරි දෙයක් පටන් ගන්න යනවා නම්, ඉස්සෙල්ලාම ඒ ගැන ටිකක් අධ්‍යනය කරන්න.. දැනටමත් ඒහා සම්බන්දව වැඩ කටයුතු කරන අයගෙන් උපදෙස් ලබා ගන්න…

අලිබාබා (Alibaba) සමාගමේ Jack Ma කියන්වා ඔබට සාර්තක වෙන්න අවශ්‍ය නම් අනෙක් අයගේ පරාජය වීම් හා වැරදුන තැන් වලින් ඉගෙන ගන්න කියලා.. එහෙම කලාම ඔයාට ඒ වගේ පරාජයන් ලැබුණත් ඒවා හරියට කළමණාකරනය කරලා ඒවාට හොඳට මූණ දෙන්න පුලුවන් වේවි..

ඒ නිසා ගඟට බහින්න කලින් ගඟ ටිකක් අධ්‍යනය කරන්න.. නිකන්ම ගඟට බගිනවා කියන්නේ සියදිවි නසා ගන්න ගඟට පැන්නා වගේ…

ඒ නිසා සාර්තකත්වය හොයාගෙන යන්න කලින් ඕනෑ කරන දැනුම කුසලතා ටික ඔයා ගාවට ගන්න.. නැත්නම් ඔයා හොයාගෙන යන සාර්තකත්වය ඔයාට ලැබෙන්න කලින් දුවලා දුවලා හති වෙටේවි…

දැනුම එකතු කර ගන්න ඕනේ තරම් මාර්ග දැන් අපි වටේ තියෙනවා.. ඔබට අවශ්‍ය ඕනේම දෙයක් ගැන දැනුම හොයා ගන්න ඒ මාර්ග යොදා ගන්න.. ආයුධ ටික හදාගෙන, හොද සැලැස්මක් එක්ක යුද්ධයට බහින්න..එතකොට ජයග්‍රහනය හොයාගෙන යන එක එතරම්ම අමාරු වෙන එකක් නෑ…

උපුටාගැනීම : Idea Motivation Facebook Page

Business HUB පේජ් එක ලිපි 800කට අධික ප්‍රමාණයකින් ඔබට නොමිළයේ දිනපතා දැනුම ලබාදී තියේ. ඒ ඔබට දියුණු වෙන්න අවශ්‍ය මාර්ගය සකස් කර දෙන්න. අපි අපේ FREE PASS එක සහ අස්වැසුම PASS එක නොමිළයේ ලබාදෙන්නේ අවබෝධයෙන් පෝස්ට් සියල්ලම කියවා කමෙන්ට් කරන අයට පමණයි. මන්ද ඔබට මුදල් ගෙවා අපගෙන් ඉගෙන ගන්න හැකියාව නැතිනම් ඔබ නොමිළයේ ලබාදෙන දෙය ඉගෙන ගත යුතුය.

පෞද්ගලික මමනම් දෙයක් පටන් ගන්න කලින් ඒ පිළිබඳව හැමදෙයක්ම ඉගෙන ගන්නවා. ආරම්භ කල පසුත් ඉගෙන ගන්නවා. මොකද යම් දෙයක් ආරම්භ කිරීමම නෙමේ වැදගත්, එය පවත්වගෙන යන්න ඕන.

බොහොමයක් අයට ඕන සල්ලි දාලා, ලියාපදිංචි වෙලා, පසුවදා ඉඳන් මුදල් ලැබෙන ක්‍රම. එහෙම ක්‍රම ලෝකයේ නැහැ. එහෙම තියේනම් මෙච්චර ප්‍රශ්න තියෙන මිනිස්සුත් මේ ලෝකේ ඉන්න විදිහක් නෑ. අපේ ආයතනයෙන් අපි මුලින්ම කියලා දෙන්නේ යමක් කරන හැටි. මුලින්ම ඒ ගැන අපි උගන්වනවා. සම්පූර්ණ දැනුම ලැබුණ පසුව තමයි ආදායම් ක්‍රමය උත්සාහ කරන්න දෙන්නේ. 99.9% ඒ ක්‍රමයට කැමති නෑ. හැබැයි හැමෝටම ඕන කෝටිපතියෝ වෙන්න.

අපි මුලින්ම කතාවක් කීවා, ඒබ්‍රහම් ලින්කන් මහත්මයා කියනවා “මට ගසක් කපන්න පැය 6ක් දුන්නොත් මම පළවෙනි පැය හතරම කරන්නේ මගේ පොරව මුවහත් කරන එක කියලා” හිතලා බලන්න ඔබ එහෙමද කියලා.. අපිට කිව්වොත් අපි කරන්නේ පොරවේ මුවහත තිබ්බත් නැතත් ගහ කපන්න යන එක.. නමුත් කපාගෙන යද්දී වැඩේ එපා වෙලා අපි අතඇරලා දානවා…

අන්න ඒ නිසයි ඔබ අසාර්ථක වෙන්නේ. අයියෝ මේකෙන් සල්ලි හොයන්න බෑ… කියලා හිතෙනවා. වැරැද්ද අපේ නෙමේ. ඔබගෙයි. ඔබගේ අධ්‍යාපනයෙයි…

මම සැබෑ ලෝකේ, අපේ ආයතනයේම උදාහරණයක් ගන්නම්. අපි අලුතින් ආරම්භ කලා “ෆේස්බුක් ප්‍රොෆයිල් නිර්මාණය කර මිතුරන් එකතු කර ආදායම් උපයන” ක්‍රමයක්. හැමෝටම එකම පුහුණුව දුන්නේ. නමුත් බොහොමයක් දෙනෙක් පුහුණුව සම්පූර්ණ කලේ නෑ. ගිණුම හදලා මිතුරන් ඔවුන්ව සොයාගෙන එනකම් ඔවුන් බලාගෙන හිටියා. නමුත් ඔවුන් අතරින් හිටියා එක් සුවිශේෂී තැනැත්තියක්. ඒ “මධූ”. ඇයට මම ලබාදුන් සියලුම උපදෙස් ඇය නිසියාකාරව පිළිපැද්දා. අවසානයේ සති 2ක වැනි කෙටි කාලයකින් ඇය මිතුරන් 2,000ට ආසන්න ප්‍රමාණයක් එකතු කරගත්තා. ඇය ජයග්‍රහණය කලා. මුලින්ම ඇය කලේ ඉගෙන ගන්න එක. අනෙක් අය කරන දිහා බලාගෙන ඉන්න එක. දැනුමෙන් පොහොසත් වූ ඇය අවසානයේ ජයග්‍රහණය කලා.

ඒ වගේම අපි Free Job සඳහා වට්ස් ඇප් චැනල් එකක් නිර්මාණය කලා. ඒ හරහා ජොබ් එක කරන්න කලින් සියලුම දේ ඉගෙන ගන්න පුලුවන්. නමුත් 99%ක් දෙනා කරන්නේ එය නොබලා කෙලින්ම මුදල් උපයන්න උත්සාහ කරන්න. 1%ක් සියල්ල කියවලා අවබෝධ කරගන්නවා. ඔවුන් ජයග්‍රහණය කලා.

ඔබටත් පුලුවන්, හැබැයි මුලින්ම ඉගෙන ගන්න… දැනුම කුසලතා වර්ධනය කරගන්න..

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.

Images generated with AI : DALL•E 3.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

නැවක් ගිලෙන්නේ ඒ වටා ඇති ජලය නිසා නොවෙයි

නැවක් ගිලෙන්නේ ඒ වටා ඇති ජලය නිසා නොවෙයි

ජීවිතය කියලා කියන්නේ එදිනෙදා අපිට සිදුවෙන සිදුවීම්වලින් සියයට 10 ක් දේවලින් සහ ඊට අප ප්‍රතිචාර දක්වන 90% ක ආකාරයෙන් සමන්විත වෙන දෙයක්ය කියලා සුප්‍රකට බටහිර කියමනක් තිබෙනවා. මිනිසා ස්වභාවයෙන්ම පෙළඹී සිටින්නේ එදිනෙදා තමන්ට සිදුවෙන දේවල්වලින් තමන්ගේ ජීවිතයේ සාර්ථක අසාර්ථකභාවය මනින්න. හොද දේ පමණක් සිදුවන ජීවිත වාසනාවන්ත ජීවිත ලෙස හදුන්වන මිනිස්සු, යම් අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන්නොත්, නිතැතින්ම එවැනි ජීවිත අවාසනාවන්ත ජීවිත, එහෙමත් නැත්නම් කාලකන්ණි විත ලෙසින් හදුන්වන්නට මැලි වන්නේ නැහැ.

නමුත් සත්‍ය නම්, මිනිස් ජීවිතයේ සාර්ථක අසාර්ථක භාවය තීරණය කරන්නේ අපි එදිනෙදා මුහුණ දෙන සිදුවීම්වලින් නොවෙයි. එය තීරණය වන්නේ අප එම සිදුවීම්වලට ප්‍රතිචාර දක්වන ආකාරයෙන්. ඒ නිසා තමයි එදිනෙදා සිදුවීම් යනු ජීවිතයේ 10% ක් ලෙසිනුත්, ඒවාට ප්‍රතිචාර දක්වන ආකාරය 90% ක් ලෙසිනුත් අර්ථකථනය කරන්නේ. මේ තත්ත්වය වඩාත් පැහැදිලි කරන්න මේ කතාව ඔබ හමුවේ තියන්නට අපි තීරණය කලා. ඔබ අරුණිමා සිංහා නමැති කාන්තාව ගැන අසා තිබෙනවා ද? මේ ඇගේ කතාව. ඔබේ කරගන්නට පුළුවන් ඇගේ කතාව.

1988 වසරේ උතුරු ඉන්දියාවේ ලක්නව් හි උපත ලබන අරුණිමාට දැන් වයස අවුරුදු 30 ක්. කුඩා කල සිටම ඇය ක්‍රීඩාවට බෙහෙවින් ආදරය කල යුවතියක්. ඇගේ ප්‍රියතම ක්‍රීඩාව වූයේ වොලිබෝල්. ඒ වෙනුවෙන් ඈ තුල තිබූ උවමනාව ඇයට නැවැත්තුවේ, වයස අවුරුදු 20 පමණ වනවිටම ඉන්දියාවේ අවධානයට ලක් වූ යොවුන් වොලිබෝල් ක්‍රීඩිකාවක් බවට ඇය පත් කරවමින්. ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන් අතර, අරුණිමා ඉන්දීය ජාතික කණ්ඩායමේ ස්ථානයක් වෙන් කරගැනීමට හැකි ක්‍රීඩිකාවක් ය යන්න පෙන්නුම් කරමින් සිටියා. ඇයට ඒ ක්‍රීඩාවට අවශ්‍ය කරන වේගය තිබුණා. හොද ශක්තියක් තිබුණා. ඒ විතරක් නෙවෙයි, පුහුණු කරපු දරා ගැනීමේ හැකියාවක්, නම්‍යතාවක්, ඉපිලීමක් තිබුණා. හැමෝම අරුණිමා ව දැක්කේ වොලිබෝල් ක්‍රීඩාවට අවශ්‍ය සියලුම ජවය කැටිකරගත් ක්‍රීඩිකාවක් විදියට.හැබැයි මේ සියල්ල, එක්තරා අවාසනාවන්ත, අඳුරු දිනයක් තමන්ගේ ජීවිතයට උදා වෙනකම් විතරයි.

2011 අවුරුද්දේ අප්‍රේල් මාසයේ 11 වැනි දා ඇය ලක්නව් වෙතින් නවදිල්ලිය දක්වා පිටත්ව යන පද්මාවතී දුම්රියට ඇය නැගෙන්නේ රැකියාවක් පිළිබද අලුත් බලාපොරොත්තුවක් දල්වා ගනිමින්. ඉන්දීය පොලීසිය කියලා කියන්නේ බොහෝ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රැකියාවන්ගෙන් අනුග්‍රහය දක්වන ආයතනයක්. ඇයට අවශ්‍ය වෙන්නේ පොලීසියේ අනුග්‍රහයෙන් ක්‍රීඩාවේ අඛණ්ඩව රැදී ඉන්න. මේ දුම්රිය ගමන කිසිසේත්ම තමන්ගේ ජීවිතය වෙනස් කරන ගමනක් වේවි කියලා, එදා දුම්රියට නැගුණු අරුණිමාට මොහොතකටවත් සිතුනේ නෑ. ඇයට තිබුණේ නව රැකියාවක් පිළිබද බලාපොරොත්තු සහගත සිතුවිලි සමුදායක් විතරයි. රැකියාව ලබාගත්තාට පස්සේ තමන්ගේ ජීවිතය වෙනස් කරගන්නේ කොහොමද? ගෙදරට සලකන්නේ කොහොම ද? තමන්ගේ අනාගතය සාර්ථක කරගන්නේ කොයි විදියට ද වගේ සිතිවිලි මාලාවක් පෙරහැරක් වගේ ඇගේ හිත ඇතුලේ ගමන් කරමින් තිබුණා. නමුත් ඇයට මේ විදියට ගැඹුරු සිතිවිලිවල නිමග්න වෙන්නට ලැබුණේ පැයක දෙකක කාලයක් විතරයි. එක්තරා නිමේෂය දී ඇගේ ගෙල බැදි රන් මාලය කිසිවෙකු විසින් කඩා ගැනීමට උත්සාහ දරන බව, ඇයට දැනෙන්නට පටන් ගැනීමත් සමග ඇය වහාම එය වලක්වා ගැනීමේ සටනකට අවතීරණ වුණා.

මේ සිදුවීමට මුහුණ දෙන මොහොතේ දී අරුණිමාට වයස අවුරුදු 23 යි. අරුණිමා බලාපොරොත්තු වුණේ රන් මාලයක් කොල්ලකෑමට උත්සාහ කරන සොරෙකු සමග සටනක්. නමුත් ඇය ක්ෂණයෙන් අවබෝධ කරගත්තේ සොරා පැමිණ ඇත්තේ තනිවම නොවන බවයි. අරුණිමා ලේසි පහසු තරුණියක් නොවන බව පෙන්නුම් කරමින් ඈ හැඩිදැඩි පිරිමින් සිව් දෙනෙකු සමග ගැටුමක් ඇතිකරගනිමින් සිටියා. සිව් දෙනෙකු ඇයව වටකරගෙන පහර දෙනවිටත්, ඇය මාලයත්, තමන්ගේ බඩු බාහිරාදිය සහිත බෑගයත් ආරක්ෂා කර ගැනීමට කිසිවෙකුගේත් සහය අහිමි සටනක නිරත වුණා. ඇගේ එකම අරමුණ වුණේ තමන්ගේ දෙමාපියන්, යුවතියක් වන දා තමන්ගේ ගෙල පැලදි රන් මාලය ආරක්ෂා කර ගැනීම. නමුත් මේ උත්සාය සොරුන්ගේ කෝපයට හේතු වුණා. අනුකම්පා විරහිත ලෙස ඇයට පහරදුන් ඔවුන්, තමන් සතුව ඇති පිහිවැනි තියුණු ආයුධවලින් ඇගේ ශරීරයට හානි කලා. ක්‍රමයෙන් අරුණිමා දුර්වල වුණා. ඇයට දැනුනා මේ සටන අල්ලාගෙන යන්නට බෑ කියලා. අවාසනාවන්තම සිදුවීම වුණේ එතැනදි. පහරකෑමෙන් දුර්වල වී සිටි අරුණිමාව මේ සොරුන් ධාවනය වන දුම්රියෙන් එලියට විසි කලා. අන්තිමේ දී අරුණිමාට තමන්ගේ රන් මාලය විතරක් නෙවෙයි. තවත් වටිනා දෙයක් අහිමි වුණා. දුම්රියෙන් ඉවතට විසි කරන මොහොතේ දී ආසන්නතම දුම්රිය මාර්ගයේ දුම්රියක් ගමන් කරමින් තිබුණා. එහි වැදුනු අරුණිමාගේ එක් පාදයක් ඒ දුම්රියට හසුවුණා. ඇයට කරකියාගන්න දෙයක් තිබුණේ නෑ. ඈ වේදනාවෙන් කෑ ගසන්නට වුණා.

“මගේ කටහඬ එන්න එන්නම දුර්වල වුණා. පහර කෑමෙන් ඇති වූ වේදනාව, නොනවත්වා රුධිරය ගලා යන පාදය, එන්න එන්නම මාව දුර්වල කරන බව මට හැඟුනා. මට හිතුනේ මාව දැන් මැරෙයි කියලා. දෙවියන්ගෙන් මම ඉල්ලුවා මට මැරෙන්න ඉඩ දෙන්න එපා කියලා. ”

අරුණිමා තමන්ට ආයාචනා කලා. විටෙක ඇයට සිහිය නැතිවුණා. නැවත ප්‍රකෘති සිහියට එනවිට, ඈ හිටියේ රෝහලක ඇදක් මත. කිසිවෙක් විසින් ඇයව රෝහල් ගතකරනු ලැබ තිබුණා. ඒ අතරේ ඇයට තරුණියකට වෙන්න පුළුවන් නරකම ඉරණමකට මුහුණ පාන්නට සිදු වෙලා. දුම්රියට හසු වූ ඇගේ පාදය දණහිසෙන් පහල තැනකින් ඉවත් කරන්නට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණා. එය සකස් කල නොහැකි ලෙස බිදීගොස් තිබූ බව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අරුණිමාට පැවසුවා. ක්‍රීඩාවේ දී අනපේක්ෂිත පරාජයන්, කඩාවැටීම් භාරගන්න අරුණිමාට උගන්නපු අවස්ථා අපමණයි. නමුත් මේ සිදුවීම දරාගන්න ඇයට ලේසි වුණේ නෑ. තමන් යුවතියක්. තමන් විවාහ විය යුතුයි. ජීවිතයේ අනෙක් තරුණියන් මෙන් දරුවන් හදන්න, ජීවිතයේ සුන්දරත්වය විඳින්න තමන්ටත් අවස්ථාවක් තිබිය යුතුයි. ඒත් ඒ බලාපොරොත්තු සියල්ලම, තමන් එක්කම දුම්රියෙන් එලියට ඇදලා දාන්න, මේ සොරුන් පිරිසක් කටයුතු කලා නේදැයි ඇයට සිතුනා. කපා දැමූ පාදය යලි ලියලන්නේ නොමැති බව ඇය දැන සිටියා. නමුත් ජීවත් වෙන්නට නම්, දුම්රිය මාර්ගය උඩ විසිරී ගිය බලාපොරොත්තු අසුලා ගැනීමේ නියත අභියෝගයකට ඈ මුහුණ දී සිටියා. නමුත් අභියෝග පැටව් ගසමින් තවදුරටත් ඇයව දුර්වල කරන්නට උත්සාහ කලා.

“කවුරුත් පිලිගත්තේ නෑ මම සොරුන් පිරිසකගේ ප්‍රහාරයකට ලක්වුණා කියලා. පොලීසියේ ඇතැමෙක් කියන්න හැදුවා මම සියදිවි නසාගන්න දුම්රියෙන් පිටතට පැන්නා කියලා. ඇතැම් මාධ්‍යයත් කිව්වේ මම සියදිවි නසා ගැනිමේ උත්සාහයක් දරා තිබෙන බව පෙනී යනවා කියලා. මම දුම්රියට නැගුනේ බලාපොරොත්තු රැසක් එක්ක. ඉතින් ඇයි මම දුම්රියෙන් මාවත් මගේ බලාපොරොත්තුත් ඉවතට ඇදලා දාන්නේ. ”

ඒත් අරුණිමාගේ මේ කතාව අහන්නට කිසිවෙකුත් ඉතිරි වුණේ නෑ. මුළු සමාජයම හිටියේ අන්ධ වෙලා. අරුණිමා සියදිවි නසාගන්නට උත්සාහ කරලා කියන මතය සමාජය තුල ස්ථාවර වෙමින් තිබුණා.

කවුරුත් අහන්නේ නැති පාදයක් අහිමි මගේ කතාවට සමාජය තුල ඉඩක් හදා ගන්න නම්, මම මීටත් වඩා වටිනා චරිතයක් වෙන්නට ඕනෑ කියන සිතුවිල්ල අරුණිමා තුල පහල වෙන්නේම ඒ වෙලාවේ. කවදාවත් මං ඉන්න තත්ත්වයේ ඉන්න කාන්තාවක් විසින් නොකල වීර ක්‍රියාවක් වෙනුවෙන් වැඩ කරන්න කියන හැගීමක් අරුණිමා තමන්ටම කෑගහලා කියන්නේ ඒ නිසා.

ඇය පටන් ගත්තා කඳු තරණය පුහුණු වෙන්නට. ඇයට තිබුණේ එකම අරමුණක්. ඒ තමයි ලෝකයේ උසම කදු මුඳුන වන එවරස්ට් කඳු මුදුනට ලගා වෙන්න. ඇය මේ සදහා කඳු නැගීමේ පුහුණුකරුවන් එක්ක වැඩ පටන් ගන්නේ 2011 වසරේ අග භාගය වෙද්දි. තමන්ගේ ගම් ප්‍රදේශයේ කන්දක් උපයෝගී කරගනිමින් මේ සදහා ඇය පුහුණුවෙන කාලය අවුරුදු දෙකක්. පාදයක් නැතිව කඳු නගින්න පුහුණු වෙනවා කියන එක ලේසිපාසු වැඩක් නෙවෙයි. ඇයට සිදුවුණා මේ පුහුණුවේ දී ඇද වැටෙන්නට. ඇයට සිදුවුණා මේ පුහුණුවේදී ශරීරයට දැඩි වේදනා දෙන්නට. නමුත් ඈ අතහැරියේ නෑ. මිනිසෙකු විභාගයකට ලෙහෙසියෙන් මුහුණ දෙන්නට නම් අසීරුවෙන් පාඩම් කරන්නට ඕනෑ බව ඈ දැන උන්නා. මිනිසෙකු ලේසියෙන් තරගයක් දිනන්න නම්, පුහුණුව අමාරුවෙන් කල යුතු බව ඈ දැන උන්නා. ලේසියෙන් පුහුණුව කරලා අමාරුවෙන් තරගයේ යෙදෙන මිනිස්සු අතරේ ලේසියෙන් තරගය නිමා කල යුතුය කියන සිතුවිල්ල නිසාම, ඈ ඇද වැටෙන්නට වැටෙන්නට, වඩාත් ශක්තිමත්ව නැගී සිටියා.

“මට මතකයි මේ කාලසීමාව ඇතුලේ මට නිවාඩු දවස් තිබුණේ නෑ. ඉරිදාවල් තිබුණේ නෑ. දීවාලී හෝ හෝලි උත්සව තිබුණේ නෑ. අනික් මිනිස්සු ඒවා සමරද්දි, මම කඳුත් එක්ක ඔට්ටු උනා. මට සැබෑ ලෙසින්ම ජීවිතය සමරන්න ලැබෙන්නේ මගේ ඉලක්කයට ලගා වුණාට පස්සේ කියන එක මම මටම කියා ගත්තා.”

අරුණිමා සිංහා පස්සේ කාලෙක තමන්ගේ කතාව ලියපු පොතේ සටහන් කළා.
අවුරුදු දෙකක උත්සාහයකට පස්සේ අරුණිමා එවරස්ට් කදු මුදුන බලා යන ගමන පටන් ගත්තා. නිසැකවම මරණයට අත වනන, බොහෝ ධෛර්යවන්තයින් දැඩි ශීතලෙන්, ශරීර ශක්තිය ක්ෂය වීමෙන් මියැදෙන මේ ගමන කෙසේ හෝ නිරුපද්‍රිතව නිම කිරීම අරුණිමා සිංහාගේ අරමුණ වුණා. දින 47 ක් පමණ ගතවෙන විට, මේ කකුලක් නැති යුවතිය තවත් දින කිහිපයක් තුල ගමන නිමාකල හැකි තැනට පැමිණෙමින් සිටියා. නමුත් එහිදීත් ඇය අර්බුදයකට මුහුණ පෑවා. ඇගේ සහයට පැමිණි ශර්පාවරයා ගමන නිමා කිරීම ප්‍රතික්ෂේප කලා. ඔහු තවදුරටත් ඇය සමග ගමන් කල නොහැකි බව කිව්වා. ගෙනවිත් තිබූ ඔක්සිජන් නිමා වෙමින් තිබෙන බව ඔහුගේ තර්කය වුණා. නැවත ආපසු දින කිහිපයකින් එමු. ඔහුගේ යෝජනාව වුණා. නමුත් ඈ ගමන පටන් ගත්තේ මග දි අල්ලා දමන්නට නොවෙයි.

“ මම අඩියක්වත් ආපස්සට තියන්නේ නෑ. වේලාව ඉතිරි කරගත්තොත්, කදු මුඳුනට ගොස් එන්න මේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය ඇති. උඹ එනවානම් වරෙන්. මම තනියම හරි ගමන යනවා.”

ශර්පාවරයා විමතියට පත්කල ඇය ගමන ඇරඹුවා. මිනිත්තු 10 කට පමණ පසු ඔහු මා පිටුපස එන බව මට දැනුනා. අරුණිමා සිංහා සිනාසෙමින් පුවත්පතකට කිව්වා.

දින 52 ක උත්සාහය අවසානයේ අරුණිමා සිංහා එවරස්ට් කඳු මුදුනේ සිටියා. ඈ මේ කන්ද තරණය කර තිබුණා. ඒ පාදයක් අහිමිව එවරස්ට් කඳු මුඳුන තරණය කල ලෝකයේ පලමුවැනි කාන්තාව බවට පත්වීමේ ගෞරවය ද සමගින්. කලින් ඇයට ඇහුම්කන් නුදුන් ලෝකය

“මිත්‍රවරුනි, මම සොරමුලක් විසින් අවාසනාවන්ත ලෙස පහර දී දුම්රියෙන් ඉවතට ඇද දැමූ කාන්තාවක් ”

යැයි පවසමින් අරඹන ඇගේ කතාවට අද සාවධානව ඇහුම්කන් දෙනවා. හේතුව ඇය තමන්ව ඒ තැනට ඔසවා ගත් නිසා. ඇගේ ජීවත කතාවෙන් අපට අපූරු පාඩමක් කියා දෙනවා. නැවක් ගිලෙන්නේ ඒ වටා ඇති ජලය නිසා නොවෙයි. නැව ගිලෙන්නේ ඒ තමන් වටා පවතින ජලය නැව තුලට කාන්දු වෙන්නට පටන් ගත්තෝතින් පමණයි. අපගේ ජීවිතත් ඒ වගේ නොවේදැයි ඇය පෙන්වා දෙනවා. ප්‍රශ්න, බාධක හැමවිටම අප වටා පවතිනවා. නමුත් අප ගිලී යන්නේ, ඒවාට අප තුලට ඇතුල් වීමට ඉඩ දුන්නොත් පමණයි. ඒවා එලියෙන් තබාගෙන වැඩ කරනා තෙක් අප සුරක්ෂිතයි. නමුත් ඇතුලට ගතහොත් ජීවිතය ගිලී යාම ස්ථිරයි. අරුණිමා ජීවිතය ගැන අපට ඉගැන්වූ වැදගත්ම පාඩම නම්, ඔබේ සුපිරිම ශක්තිය, රෝසමල් ඇතිරූ මාවතක් මත දී නොව, පාදයක් අහිමිව, රුධිරය නොනවත්වා වෑහෙමින් තිබෙන අමිහිරි අත්දැකීමක් විදිමින් සිටින අතරතුරේ දී දුම්රිය මාර්ගයක් මත වුව දී හමුවිය හැකි බවයි.

භාතිය අර්ථනායක මහතාගේ ලිපියකින් උපුටාගන්නා ලදි. අයිතිය ඔහු සතුය…

ඔබටත් මොන ප්‍රශ්න තිබුණත් දියුණු වෙන්න පුලුවන්. Business HUB සමඟින් රැඳී සිටින්න…

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

රාජාලි ගැහැනු සතෙකු තම පැටවුන් සඳහා පියෙකු තෝරා ගන්නේ කෙසේදැයි ඔබ දන්නවාද?

රාජාලි ගැහැනු සතෙකු තම පැටවුන් සඳහා පියෙකු තෝරා ගන්නේ කෙසේදැයි ඔබ දන්නවාද?

රාජාලි ගැහැනු සතෙකු තම පැටවුන් සඳහා පියෙකු තෝරා ගන්නේ කෙසේදැයි ඔබ දන්නවාද?

ඇය ඒ සඳහා කරන්නේ ඉතා සිත්ගන්නා සුළු දෙයකි,

ඇය ගසක් හෝ පඳුරකින් අත්තක් කඩා, හොටෙන් ගෙන, ඉතා ඉහල අහසට නැගී, එහි රවුම් ගැසීමට පටන් ගනී. එවිට එය දකින රාජාලීන් ගැහැණු සතා වටා පියාසර කිරීමට පටන් ගනී.

පසුව ඇය මෙම අත්ත බිම හෙළා, අහසේ රැඳී බලා සිටී. එවිට සමහර රාජාලීන් වේගයෙන් පහතට පියඹා, මෙම අත්ත අහසේ සිට බිම වැටෙන්නට නොදී අල්ලාගෙන, එය හොටෙන් රැගෙන ඉහල නැගී ඉතා ප්‍රවේසමින් ගැහැණු සතා වෙත ගෙන එයි.

ගැහැනු රාජාලියා මෙම අත්ත හොටින් ගෙන එය නැවත බිම හෙළයි,

පිරිමියා එය නැවත අල්ලා ඇය වෙත ගෙන එයි, ඇය එය නැවත විසි කරයි …
මෙසේ මෙය බොහෝ වාරයක් යලි යලිත් සිදුවේ. මෙසේ අත්ත විසිකරන තාක්, රාජාලියකු ඒ සෑම අවස්ථාවකදීම එය අල්ලාගෙන තමා වෙත රැගෙන එයි නම්, ගැහැනු සතා එම රාජාලියා සිය ස්වාමියා ලෙස තෝරාගනියි.

ඇය මෙය කරන්නේ ඇයිද යන්න ඔබට පසුව වැටහෙනු ඇත.

ඉන් පසු ඔවුන් පර්වත මුදුනක් මතට එකතු වී, ශක්තිමත් ලී දඬු වලින් කූඩුවක් සාදන අතර, මව සහ පියා තම හොටෙන් ශරීරයේ ලොම් සහ පිහාටු ඉරා දැමීමට පටන් ගනී. මෙම ලොම් හා පිහාටු යොදාගෙන ඔවුන් කූඩුවේ ඇති සියලුම සිදුරු පුරවා, මෘදු හා උණුසුම් ලෙස සකසයි.

එසේ මනාව සකසන ලද කූඩුවේ බිත්තර දමන මව, බිත්තර රැකීමෙන් පසු රාජාලි පැටවුන් මෙලොවට පැමිනෙන්නේ ඉතා දුර්වල, පිහාටු නොමැති නිරුවත් ලෙසකිනි. දෙමව්පියන් ඔවුන් වැඩී ශක්තිමත් වන තුරු වර්ෂාවෙන්, දැඩි අව් රශ්මියෙන් වලකා, ඔවුන්ව පියාපත් වලින් වසාගෙන ආරක්ෂා කරති.

ඔවුන් ආහාර, ජලය, ගෙනැවිත් පැටවුන්ට කවන පොවන අතර ඔවුන් සෙමෙන් වැඩෙති. මෙසේ පිහාටු වැඩීමට පටන් ගෙන පියාපත් සහ වලිගය ශක්තිමත් වේ. ඔවුන් තවමත් කුඩා වුවත් දැන් ඔවුන්ට කූඩුවෙන් පිටතට පැමිනීමට කාලය එළඹ ඇතිබව දෙමාපියන් වටහා ගනියි.

තාත්තා කූඩුවේ පිටතින් පැමින පියාපත් වලින් එයට පහර දීමට පටන් ගනියි. මෙම පහරදීමෙන් කූඩුව සෙලවෙන අතර එහි සිදුරුවල හා සුවපහසුව ඇතිවන ලෙස අලවා තිබූ පිහාටු හා ලොම් ගැලවී හැලී ගොස් දැඩි අතු රිකිලි සහිතව මුල් අවස්ථාවේ තිබූ ලෙස රාමුව පමණක් ඉතිරි වේ. මව පෙනෙන්නට නොමැත.

රාජාලි පැටවුන් මෙම සෙලවෙන කූඩුව තුළ හිඳගෙන සිටින අතර, ඔවුන් අපහසුතාවයට පත් වී, බිය වී ඇති නමුත් සිදු වූ සියලු දෙය ඔවුන්ට නොවැටහේ.අම්මා සහ තාත්තා කලින් ඉතා ආදරයෙන් හා සැලකිලිමත්ව සිටියද දැන් ඔවුන් වෙනස් වී ඇත.

මේ අවස්ථාවේදී අම්මා කොහේ හෝ සිට පියාසර කරමින් පැමිනෙන අතර ඇගේ හොටේ මාලුවකුද සිටියි. එහෙත් වෙනදා මෙන් අල්ලාගෙන පැමිනි මාලුවා රැගෙන ඔවුන් වෙත නොපැමින කූඩුවේ සිට තරමක් ඈතින් වාඩි වී පැටවුන්ට එය පෙනෙන්නට සලස්වයි. පසුව එය පැටවුන්ට හොඳින් පෙනෙන ලෙස ඇය මෙම මාළුවා ආහාරයට ගැනීමට පටන් ගනී. පැටවුන් කැදැල්ලේ වාඩි වී කෑ කෝ ගසමින්, එය දෙස බලා සිටිති.

සිදු වූ දේ ඔවුන්ට තවමත් නොතේරෙන මුත් සියල්ල වෙනස් ලෙසකින් සිදුවෙයි. අම්මාත් තාත්තාත් ඔවුන්ව පෝෂණය කලේය, වතුර පෙව්වේය, දැන් සියල්ල පහව ගොස් ඇත. කැදැල්ල දැඩි වී පිහාටු සහ සුව පහසුව නැති වී ඇත. දෙමව්පියන් විසින්ම මාළු අනුභව කළත් ඔවුන්ට එය දුන්නේ නැත.

කුමක් කල යුතුද? සියල්ලට පසු, ඔවුන්ට කෑමට අවශ්‍ය බැවින් ඔවුන් කූඩුවෙන් එළියට විත් මව දෙසට යාමට උත්සහ කරයි. ඒ සඳහා පැටවුන් කිසි දිනෙක නොකළ චලනයන් කිරීමට පටන් ගනී. ඔවුන්ගේ දෙමව්පියන් දිගටම ළදරුවන්ට කෑම ලඟා කළහොත් ඔවුන් එම චලනයන් කිරීමට උත්සහ නොකරනු ඇත.

පැටවුන් කූඩුවෙන් එලියට ඇවිද යාමට පටන් ගනී. ඒ සමගම රාජාලි පැටවා කූඩුවෙන් එළියට වැටී, එතරම් නුහුරු තැනෙක සිටගැනීමට නොහැකිව පෙරලෙමින් යයි. කූඩුව පර්වතයක, බෑවුමක් මත පිහිටා ඇති අතර එමඟින් කිසිදු විලෝපිකයෙකුට සමීප විය නොහැකි තැනක ඉදි වූවකි. පැටවා මෙම බෑවුම දිගේ ඇදී ගොස් පසුව ප්‍රපාතයට ඇදවැටීමට පටන් ගනියි.

එවිට තාත්තා කලින් අතු අල්ලා ගත් ලෙසින් වේගයෙන් පහලට පියඹා ගොස් මෙම රාජාලි පැටවා ඇදවැටීම වලක්වයි. ඔහුව අල්ලාගෙන නැවත පර්වතය මත ඇති කැදැල්ලට රැගෙන එන අතර සියල්ල නැවත ආරම්භ වේ. මෙම පැටවුන් නැවත නැවතත් වැටේ, පියා ඔවුන් අල්ලාගෙන නැවත රැගෙන එයි. රාජාලියා කිසිඳු විටෙක පැටවෙකු ඇදවැටෙන්නට ඉඩ නොහරියි.

මෙසේ වැටෙන එක් අවස්ථාවක, සුලඟත් සමග රාජාලි පැටවා කිසි දිනෙක සිදු නොකළ චලනයන් කිරීමට පටන් ගනී, පියාපත් සුළඟට විහිදී සුලං පහර සමග ගැටීමෙන් පාවී ගොස් පියාසර කිරීමට පටන් ගනී. රාජාලීන් තම පැටවුන්ට උගන්වන්නේ මෙම ආකාරයෙනි.

පැටියා තනිවම පියාසර කිරීමට පටන් ගත් විගස දෙමාපියන් ඔවුන් සමඟ මාළු සිටින ස්ථාන වෙත ගොස් ඒවා පෙන්වති. ඔවුන් ඒවා තවදුරටත් තම හොටෙන් රැගෙනගොස් කවන්නේ නැත.

අපගේ දරුවන්ට අධ්‍යාත්මික හා ශාරීරික අධ්‍යාපනය ලබා දිය හැකි ආකාරය පිළිබඳ මෙය ඉතා හොඳ උදාහරණයකි. උණුසුම් කූඩුවක තබා ඔවුන්ගේ අවශ්‍යතා ඒ වෙත ලඟා නොකිරීම කෙතරම් වැදගත්ද! ඔවුන්ටම එය අල්ලා ගත හැකි විට මාළු රැගෙනවිත් පෝෂණය නොකිරීම කෙතරම් වැදගත්ද! නමුත් ඒ සඳහා අපගේ කාලය, ප්‍රඥාව සහ කුසලතාවයන් කැප කරමින්, ඔවුන්ට පියාසර කරන අයුරු අප කොතරම් ප්‍රවේශමෙන් ඉගැන්විය යුතුද!

අත්තක් විසි කිරීමෙන් ගැහැනු සතා ස්වාමියා තෝරා ගැනීම පුදුමයක් නොවේ. තම දරුවන් ඇද වැටෙනවාට ඇය කැමති නැත. පරීක්ෂාකාරී නොවී, ඔබ නොසැලකිලිමත් පියෙකු තෝරා ගතහොත්, ඔබ දරුවන්⁣ගේ ඇදවැටීම ගැන නොසලකා කටයුතු කරයි.

මෙන්න මේ ආකාරයටම Business HUB අපි ඔබව දැනුමෙන් පෝෂණය කරනවා. නමුත් ඔබ තනිව නැගිටින්නට හැකිවන විට අපි ඔබෙන් දුරස් වී බලාගෙන ඉන්නවා. නමුත් කිසිම වැටෙන අවස්ථාවක වැටෙන්න දෙන්නේ නෑ. වැටෙන්න පෙර ඔබව අපි ඔබව අල්ලගන්නවා. නමුත් බොහොමයක් අය සිතනවා අපි ඔබෙන් දුරස්වෙලා ඉන්නකොට, තනියෙන් වැඩ කරන්න පුරුදු කරනකොට, ඔබ සිතාමතා කරන වැරදි වලට දෝෂාරෝපණය කරනවිට අපි ඔබ පිළිබඳව තරහෙන් ඒ දේ කරනවා කියලා.

නමුත් බුද්ධිමත් අය තේරුම් ගනීවි…

Business HUB අපි ඔබව සැමවිටම මවක් මෙන්, පියෙක් මෙන් ආදරෙන් රැකගන්නවා. අනතුරු වෙන්න නොදී ආරක්ෂා කරගන්නවා. පෝෂණය කරනවා. ලෝකය ජය ගන්න මග පෙන්වනවා…

ගැහැණු රාජාලියා පිරිමි රාජාලියෙක් තෝරාගන්නා ආකාරයටම අපි මේ පේජ් එකේ ලිපි සියල්ලම කියවා අවබෝධයෙන් කමෙන්ට් කරන අයට පමණ FREE PASS එක දෙන්නේ හේතුවක් නැතිව. මන්ද අපි ඔවුන්ට නිකන්ම පැමිණ ගමන්ම PASS එක දුන්නොත් ඔවුන් කාලකණ්නි වෙනවා. දියුණු වෙන්න මහන්සි වෙන්නේ නෑ. හැමදේම පහලවෙනකම් බලාගෙන ඉන්නවා. “Details Please, මොකක්ද කරන්නේ, කොහොමද සල්ලි හොයන්නේ” වගේ ප්‍රශ්න අහනවා. එහෙම මිනිස්සු අපට වැඩක් නෑ. ශක්තිමත් හිතක් තියෙන, තමන්ගේ කැපවීමෙන් දියුණු වෙන්න උත්සාහ කරන මිනිස්සුන්ටයි අපි උදව් කරන්නේ…

මොකද අපිට ඕන ඔබ වැටෙන්නේ නැතිව නැගිටින්න උදව් කරන්න… අපේ ආයතනයට අපි බඳවාගන්නේ ශක්තිමක් අය පමණයි…

සැ. යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය කතෲන් සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

බොහෝ පොහොසත් සාර්ථක මිනිසුන් අප දැක ඇතත් ඔවුන්ගෙන් බොහෝ දෙනකු, නැතිනම් සියලු දෙනාම වාගේ මුලදී අසාර්ථක වී ඇති බව ඔබ දන්නවාද?

බොහෝ පොහොසත් සාර්ථක මිනිසුන් අප දැක ඇතත් ඔවුන්ගෙන් බොහෝ දෙනකු, නැතිනම් සියලු දෙනාම වාගේ මුලදී අසාර්ථක වී ඇති බව ඔබ දන්නවාද?

බොහෝ පොහොසත් සාර්ථක මිනිසුන් අප දැක ඇතත් ඔවුන්ගෙන් බොහෝ දෙනකු, නැතිනම් සියලු දෙනාම වාගේ මුලදී අසාර්ථක වී ඇති බව ඔබ දන්නවාද? ඔවුන් කීප දෙනකුගේ අසාර්ථක වූ අවස්ථාවන් සහ ඔවුන්ගේ සාර්ථකත්වය ගැන ඉතා කෙටියෙන් දැන ගැනීමට දිගටම කියවා ගෙන යන්න.

Soichiro Honda හොන්ඩා

ටොයෝටා ආයතනයේ තාක්ෂනික ශිල්පියකු වශයෙන් වත් තම සම්මුඛ පරීක්ෂනයෙන් ජය ගැනීමට නොහැකි ඌ හොන්ඩා, ටික කාලයක් රැකියාවක් වත් නොමැතිව සිට තම නිවසේදී ම ස්කූටර් නම් යතුරුපැදි තමන් විසින්ම නිපදවා තම අසල් වාසීන්ට විකුනා පටන් ගත් හොන්ඩා ව්‍යාපාරය අද ලෝකප්ප්‍රසිද්ධ කෝටි ප්‍රකෝටි ගනනින් වටිනා ව්‍යාපාරයක් වී ඇත.

Bill Gates බිල් ගේට්ස්

බිල් ගේට්ස් Microsoft නැමති බිලියන ගනනක් වටිනා ආයතනයේ හිටපු ප්‍රදානියාත් වරක් ලොව පොහොසත් ම මිනිසාත් බව ඔබ හොදින් අසා ඇති බවට කිසිදු සැකයක් නැත. නමුත් ඔහු හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන් සමුගත් පසු ආරම්භකලTraf-O-Data පලමු ව්‍යාපාරය අසාර්ථක වූ බව ඔබ දන්නවාද. නමුත් ඔහු එයින් පසුබට නොවී ඔහුගේ සගයා සමග නැවතත් පසු කාලයකදී Microsoft ආයතනය ආරම්භකර ඇත.

Walt Disney වෝල්ට් ඩිස්නි

කලාත්මකව සිතීමේ හැකියාවක්වත් නව අදහනස්වත් නැතයි පවසා ඔහු සේවය කල පුවත් පතේ සංස්කාරක වරයා විසින් සේවයෙන් පහ කල පසුවත්, ඉන් පසු කුඩා ව්‍යාපාර කීපයක්ම ආරම්භකර අසාර්ථක වී බෝහෝ ණයවී සිටින අතර තමා නවාතැන් ගෙන සිටි දේවස්ථානයේ පිටුපස මඩුවේ ඔහුගේ තනියට සිටි සතකු ගැන චිත්‍ර ඇද එයින් ජීවිතය සාර්ථක කර ගත් ලොව ප්‍රකට Disney land ඩිස්නි ලන්තය සහ චිත්‍රපට නිර්මානය කරන සමාගම් අරබා ඇත. එදා ඔහුගේ තනියට සිටි සතා අද මුලු ලොවම හොදින් දන්නා Mickey mouse මිකී මවුස්ය.

Albert Einstein ඇල්බට් අයින්ස්ටයින්

වයස අවුරුදු 4 වන තුරු කතා නොකල, අවුරුදු 7 වනතුරු කියවීමේ හැකියාව නොතිබුනු, තම දේමාපියන් සහ ගුරුවරු මානසික ආබාදයක් ඇති යැයි සැක කල අයින්ස්ටයින් පසුව පේටන්ට් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්‍යලයේ සේවය කලේ ඔහුගේ බෞතික විද්‍යව සම්බන්දයෙන් ඇති දැනුමෙන් ප්‍රයෝජන ගැනීමට අපොහොසත් වු නිසාය. නමුත් අවසානයේ මුලු ලොවම පිලිගත් නොබෙල් ත්‍යාගය පවා හිමි වු අති සාර්ථක විද්‍යඥයෙක් බවට පිලිගන්නා ලදී.

J K Rowling J K රෝලින්

අතේ සත පහක් වත් නොමැතිව විවාහය දෙදරා යාමෙන් පසු තම දියනිය ඉතා අපහසු කම් මද්‍යයේ උවද ඇති දැඩි කරමින් ඇයගේ අති සාර්ථක කතා පෙල වන Harry potter හැරී පෝටර් කථා පෙලේ මුල් පොතින්ම සාර්ථක වූ ඇය, අනාථ නිවාසයේ සිට ලෝකයේ පොහොසත්ම කාන්තාවන් අතරට එකතු වීමට ගත කලේ අවුරුදු 5ක් වැනි ඉතාමත් කෙටි කාලයක් බව ඔබ දන්නවාද? ඒ ඇයගේ නොපසු බට උත්සහය සහ දැඩි කැප වීම නිසාය.

ඔබත් මෙම පුද්ගලයන් මෙන් සාමාන්‍ය මිනිසුන්ට නොමැති තරමේ ඉවසීමත්, උත්සහයත්, කැපවීමත් සහ කිසිම දෙයකට නොසැලීමේ ගුණාංගයත් ඇති අයෙක්ද? එසේනම් අද දැන ගන්න, ඔබටත් පොහොසත් වීමෙ පියවර තුලින් ගමන්කර මේ ලෝකයේ පොහොසත්ම සාර්ථකම මිනිසකු බවට පත් වීමෙන් වලකන්න කිසි බල වේගයකට නොහැකි බව.

උපුටාගැනීම Kotipathimanasacom wordpress.com වෙබ් අඩවිය. අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

අභියෝග හමුවේ කිසිවිටෙක පසු නොබැසූ ලොව ජනප්‍රියම අගමැතිනිය ජසින්ඩා ආර්ඩන්

අභියෝග හමුවේ කිසිවිටෙක පසු නොබැසූ ලොව ජනප්‍රියම අගමැතිනිය ජසින්ඩා ආර්ඩන්

අභියෝග හමුවේ කිසිවිටෙක පසු නොබැසූ ලොව ජනප්‍රියම අගමැතිනිය ජසින්ඩා ආර්ඩන්
ජසින්ඩා ආර්ඩන් යන නම මේ වන ඔබට බොහෝ හුරු පුරුදු වනවාට සැකයක් නැහැ. ඇය නවසීලන්තයේ අගමැතිනියයි. එරට ඉතිහාසයේ ලාබලතම අගමැතිනිය නිසාත්, සිය ධූර කාලය තුළ දරුවෙකු ප්‍රසූත කිරීම නිසාත්, ක්‍රයිස්ට්චර්ච් ත්‍රස්තවාදී ප්‍රහාරයේදී ඇගේ මානුෂික හැසිරීමත්, කොරෝනා වෛරසයට ප්‍රගතිශීලී ව මුහුණ දීමත් ඈ මෙතරම් ජන හද බැඳගන්නට හේතු වන්නට ඇතුවා විය හැකියි. මේ ඇගේ කතාවයි.

1980 වසරේදී මුරුපාරා නම් දුෂ්‍කර, දරිද්‍රතාවෙන් පෙළුණු කුඩා ගම්මානයේ දී ඈ උපත ලබා තිබෙනවා. විරැකියාව නිසා ගමේ මිනිසුන් සිය දිවි හානි කරගත් අයුරුත්, ඈ සහ ඇගේ සොයුරිය කුඩා කල බලාගත් ගැහැණු ළමයා හෙපටයිටිස් රෝගය වැළඳී කහ පැහැ වූ ආකාරයත් අත්විඳීම සාධාරණ සමාජයක් උදෙසා මුල් පියවර තබන්නට හේතු වූ බව ඈ පවසනවා.

ටික කලකට පසු ආර්ඩන් පවුල මොරින්ස්විල් වෙත පැමිණෙනවා. ඇගේ පියා නගරයේ පොලිස් නිලධාරියෙකු ලෙසත් මව පාසලේ කෝකිවරිය ලෙසත් සේවයෙහි නිරත වන්නේ ජසින්ඩා සහ සොහොයුරියගේ අනාගතය උදෙසාමයි. පාසල් වේලාවෙන් පසුව ජසින්ඩා ගෝල්ඩන් කිවි ආපන ශාලාවේ සේවයට යන්නේ වසර 14දී යි. ඇයගේ ඉදිරියට යාමේ ගති ලක්ෂණ කුඩා කල සිටම පෙනෙන්නට තිබූ බව ඉන් පැහැදිලි වනවා.

ඇය චතුරව අදහස් ප්‍රකාශ කරන බව මොරින්ස්විල් හි ගොවි මහතෙක් වන ජෝන් වොල්ශ් පවසනවා. ඒ ඇය කුඩා කළ සිටි ගමෙහි නිතර හමුවූ අයෙක්. ජසින්ඩා ආර්ඩන් මොරින්ස්විල් විද්‍යාලයේ භාරකාරත්ව මංඩලයට ශිෂ්‍ය නියෝජිතයෙකු ලෙස සම්බන්ධ වන්නේ මේ අතරයි. ශිෂ්‍යාවන්ට දිග කොඩ්‍රෝයි කලිසම් වෙනුවට පහසු කොට කලිසම් අඳින්නට අවසර ඉල්ලන්නට ඈ ඉදිරිපත් වෙනවා. සැබැවින්ම එය ඉතා අභියෝගාත්මක ක්‍රියාවක්. එවකට විදුහල්පති ජෝන් ඉන්ගර් මහතා පවසන්නේ ඈ ඉතා ඉදිරියෙන් සිටි බවක්. ඔහුට ඇයව ඉතා හොඳින් මතක තිබුණේ ඇගේ කැපී පෙනෙන සුළු ගති ලක්ෂණ නිසාමයි.

1998 වසරේ මොරින්ස්විල් වාර්ෂික සඟරාවේ ඉතා පුදුම සහගත දෙයක් සටහන් ව තිබෙනවා. ඒ අනාගතයේ අගමැතිවන්නට වඩාත් ම හැකියාවක් ඇත්තේ ආර්ඩන් ට යන්න කවුරුන් හෝ ලියා ඇති වීමයි.

දේශපාලනයට පිවිසෙන්නට නම් සිටින දුෂ්කර ගම්මානයෙන් මිදී නගරයට යන්නට ඈට සිදු වෙනවා. වයස අවුරුදු 18දී කම්කරු පක්ෂය හා සම්බන්ධ වෙමින් ඈ සිය දේශපාලන ගමනට අත්පොත් තබනවා. වයිටාකෝ විශ්ව විද්‍යාලයෙන් සන්නිවේදන අධ්‍යනය පිළිබඳ උපාධියක් ලබා ගන්නා ජසින්ඩා පළමු නවසීලන්ත අගමැතිනිය මෙන්ම කම්කරු නායිකාවක ද වන හෙලන් ක්ලාක්ගේ කාර්‍යාලයෙහි සේවය ඇරඹීමත් ඇගේ දිවියේ සුවිශේෂීම කටයුත්තක්. ඉන්පසු එක්සත් රාජධානියේ රාජ්‍ය කැබිනට් කාර්‍යාලයෙහි සේවය කිරීමට ඈ ලන්ඩන් බලා පිටත් වනවා.

විවිධ හැල හැප්පිලි බිඳ වැටීම් රාශියක් මත වයස 37 වන විට ඈ අගමැති අපේක්ෂිකාවක් ලෙස මැතිවරණයට සූදානම් වනවා. ගැටලු කිහිපයක් මතු වුවද, ඉතිහාසයේ ලාබාලතම අගමැතිනිය ලෙස ජසින්ඩා ආර්ඩන් පත් වනවා.
ඈ දෙවන වර කතාවට ලක්වන්නේ ඇගේ ගර්භනීභාවය සමඟයි. සැබැවින් ම ඈ ගර්භනී වන විට විවාහ වී නැහැ. එහෙත් ඇය සහ ඇගේ සහකරුවා වඩාත් තේරුම් ගැනීමකින් ඉදිරියටම ගමන් කරමින් ඉන්නවා. ඉතා සක්‍රීයව සිය සමාජ මාධ්‍ය භාවිතා කරන ජසින්ඩා 2018 ජනවාරි 18 වන දින, ඈ අගමැති ධූරයට පත් ව මාස දෙකක්වත් ගත නොවූ තැන ගර්භනී වී ඇති බව ඇගේ ට්විටර් ගිනුමේ සඳහන් කරනවා.

“මම දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටිනවා මිස මට කිසිවක් කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී නැහැ. මට කළ නොහැකි එකම දෙය පහත් වී සපත්තු දැමීම පමණයි” යනුවෙන් ඈ වරෙක පුවත්පතකට පවසා තිබුණා. 2018 ජූනි 18වන දින බිහිකළ සිය කුඩා දරුවා රැගෙන එක්සත් ජාතීන්ගේ ප්‍රධාන සම්මේලනය යන්නට ඇයට සිදු වනවා. දරුවා සමග සහභාගී වූ ප්‍රථම රාජ්‍ය නායිකාව ලෙස ඉතිහාස ගත වන්නට ඇයට හැකි වන්නේ ඒ අයුරින්. ඇය දරුවා කුඩා කාලයේදීත් කිහිප විටක් ම පාර්ලිමේන්තු සංකීර්ණයට පවා දරුවා රැගෙන යමින් රාජකාරිය අකුරටම ඉෂ්ට කළා. පසුගිය දිනවල එම ඡායාරූප සමාජ මාධ්‍යවල නිතරම සැරිසරනු දක්නට ලැබුණා.

2019 මාර්තු 15 නවසීලන්තයේ පළමු ත්‍රස්තවාදී ප්‍රහාරය ක්‍රයිස්ට්චර්ච් හි දී ඇති වනවා. පුද්ගලයින් 51කගේ දිවි අහිමි කළ මෙම සිදුවීමත් සමඟ, මෙවන් සිද්ධි ඉතා දුර්ලභ නවසීලන්තය භීතියෙන් අළලා ගියා. විචාරකයන් විවිධ මත පල කරන්නට ගන්නවා. ඇය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වී තුවක්කුව සම්බන්ධ නීති වෙනස් කර තුවක්කුකරුවා ත්‍රස්තවාදියෙකු ලෙස නම්කරන්නට කටයුතු යොදනවා. එහි අරමුණ වූයේ ඔහු ලබාගන්නට උත්සාහ කළ ප්‍රසිද්ධිය ලබාදීම වළක්වන්නට කටයුතු කිරීමයි. ඉන්පසු හිජාබයකින් සැරසී මුස්ලිම් ප්‍රජාව සමග ශෝකය බෙදාගන්නට කටයුතු කළා. සිය රටේ ජනතාවගේ දුකෙහි දී ඈ තමන්ට විපතක් වූ සේ ම හැසිරීම නිසා ජනතාව ඇයට බෙහෙවින් බැඳෙන්නට හේතුවක්.

ඒ වසරේ ම අග භාගයේදී ඈ තවත් අභියෝගයකට මුහුණ දුන්නා. සක්‍රීයව තිබූ ගිනි කඳු සහිත දූපතක පිපිරීමකුයි ඒ. ඉන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඈ ඉතා සංයමයෙන් එම ගැටලුවට ද මුහුණ දුන්නා.

වසර කිහිපයකට පෙර කොරෝනා වසංගතය එන්නේ ඒ අතරයි. මුල් අවධියේම රට ලොක් ඩවුන් කරමින්, වහා ක්‍රියාත්මක වෙමින් ඉතා බුද්ධිමත් ව එහි බලපෑම අඩු කරන්නට ඇය කටයුතු කර තිබෙනවා.

ඇය ඇත්තටම ඉතා ආදර්ශවත් කාන්තාවක්. කුඩා ම තැන සිට අරඹා අගමැති පුටුවට ආ ඇය නොපසුබට උත්සාහයත්, ස්ථානෝචිත ප්‍රඥාවත්, බාධක හමුවේ නොසැලීමත් සිහින සැබෑ කරගැනීමේ යතුරු බව අපට කියා දෙනවා.

උපුටාගැනීම Smartlady .lk වෙබ් අඩවිය. අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

ඔබේ ජීවිතය අසාර්ථකද?

ඔබේ ජීවිතය අසාර්ථකද?

ඔබේ ජීවිතය අසාර්ථකද?

මගේ ජීවිතය මහා අසාර්ථක එකක්. කරන කිසිම දෙයක් හරියන්නේ නැහැ කියා ඔබට ඕනෑතරම් සිතී ඇති. අනෙක් අයට සංසන්දනය කරමින් අහවලා සාර්ථක පුද්ගලයෙක්, මෙයා අසාර්ථක පුද්ගලයෙක් ආදී වශයෙන් වර්ගීකරණය කරන්නත් සමාජයේ බොහෝ දෙනෙක් මිනුම් දඬු අතේ පුරවාගෙනයි ඉන්නේ. ඒත් ඇත්තටම සාර්ථක පුද්ගලයෙක් වෙන්නේ කොහොමද? සාමාන්‍ය සමාජ මතය නම්, සල්ලි වැඩිපුර තිබෙන අය සාර්ථක බවයි. ඔව්, මුදල මිනුම් දණ්ඩ කළාම මුදලින් පොහොසත් අය සාර්ථක පුද්ගලයන් ය කියා කියන්නට පුළුවන්. ඒක මනින කෙනාගේ වැඩක්. ඉතින් අපි මේ ලිපියේදී පොදුවේ සාර්ථකත්වයට එළඹීම සඳහා ඔබට කළ හැක්කේ මොනවාද කියලා සොයා බලමු. ඒවා එවිට ඔබට ඔබේ ඉලක්ක සහ මිනුම් දඬු ඕනෑම එකකට යොදාගන්නට හැකිවේවි.

“අසාර්ථක සහ සාර්ථක ජීවිතය ලෙස දෙකක් නැහැ”

රස්නය සහ සීතල කියලා අපි කටවහරේ පහසුවට වචන දෙකක් තියාගෙන හිටියත් විද්‍යානුකූලව ගත්තා ම එහෙම දෙකක් නැහැ. තිබෙන්නේ, උෂ්ණත්වය වැඩි බව හෝ අඩු බව ලෙස එක ම මිනුමක අගය අඩු-වැඩි වීම පමණ යි. සාර්ථකත්වයත් එහෙමයි. එහි අවසානය තීරණය වන්නේ ඔබ සතු ඉලක්කය අනුව පමණක් වන අතර ඊට ඔබ ළඟාවී ඇති ප්‍ර‍මාණය අනුව ඔබේ සාර්ථකත්වය තීරණය වෙනවා. ඉතින් ඒ අනුව මෙලොව අසාර්ථක පුද්ගලයෙක් කියා ඔබට ම හෝ වෙනත් කෙනෙක්ට ලේබල් ගැසීමේ කිසිම අයිතියක් හෝ සාධාරණයක් නැහැ.

සංසන්දනය කරන්න එපා

තමන් කොතරම් දුරකට “සාර්ථකත්වය”ට, අපේ අළුත් හැඳින්වීම අනුව කියනවා නම් “ඔබේ ඉලක්කය”ට ළඟාවී ඇත් ද යන්න වෙනත් කෙනෙක් සමඟ කිසිදු ලෙසකින් මනින්නට බැහැ. මොකද, මිනිස්සු කියන්නේ තත්ව පරීක්ෂා කරලා කර්මාන්තශාලාවක හදපු එක ම ආකාරයේ මැශින් ගොඩක් නෙවෙයි. විවිධ කර්මාන්තශාලා -මව්වරු විවිධාකාර වන අතර ඉන් නිපැයෙන ප්‍ර‍තිදානය -දරුවන් විවිධාකාර වෙනවා. එය ජානමය මට්ටමේ සිට මනෝ ස්වභාවය දක්වා නානාවිධ මට්ටම් වලින් පවතිනවා. ඉතින් හැම කෙනෙක් ම එකිනෙකාට වෙනස් සහ අසමසමයි (අතුල්‍ය/unique). ඔබ කියන්නේ ඉන් තවත් එක් සුවිශේෂී නිමැවුමක්. එහෙත් එය වෙනත් නිමැවුමක් සමඟ සසඳනවා නම් ඒ තරම් මෝඩකමක් තවත් නැහැ.

ඔබේ ඉලක්කය හඳුනාගන්න, අවශ්‍ය නම් වෙනස් කරගන්න

ප්‍ර‍ථමයෙන් අපි සොයාගන්නට ඕන අපට ළඟා කරගන්නට අවශ්‍ය දේ, ඉලක්කය කුමක්ද කියා යි. එය හොඳ ලේඛකයෙක්, කථිකයෙක්, මෘදුකාංග නිර්මාණකරුවෙක්, චිත්‍ර‍ශිල්පියෙක් හෝ අවම වශයෙන් ඉහළ වැටුපක් හෝ විය හැකියි. එහෙත් ඔබේ ඉලක්කය ලෙස ඔබට ලැබුණු පිළිතුර: සුපර් මෑන්, හඳේ හාවා, සීගිරි ලලනාවක්, ශ්‍රී වික්‍ර‍ම රාජසිංහ රජුගේ අගබිසව වගේ දෙයක් නම් ඒ ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා. ඇත්තට ම ඔබට ඔබේ ඉලක්කයට ළඟා විය හැකිද? එයට ලඟාවීමට ඔබ සතු දේවල් ප්‍ර‍මාණවත් ද? ඔබෙන් ම ප්‍ර‍ශ්ණ කරන්න. චිත්‍ර‍ බැරි ඔබට දිගුකාලීනව, උනන්දුවෙන් ශිල්පය ප්‍ර‍ගුණ කළොත් හැකියාව වර්ධනය කරගන්නට අනිවාර්යයෙන් ම පුළුවන්. ඒත් ‘හැකියාව’ වැනි වර්ධනය කළ නොහැකි දෙයක් නම් ඔබට නව ඉලක්කයක් අවශ්‍ය වෙනවා.

බොහෝ දෙනෙක් මේ වරද කරගෙන තිබෙනවා. තමන්ට කිසිදාක කළ නොහැකි දෙයක් ගැන සිතමින් ජීවිත කාලය ම දුක් වන්නේ තමාට ම ශාප කරගනිමින්. මේ නිසා තමා තුළ සැඟවී ඇති හැකියාවන් යටපත් වෙලා තමා එක්ක ම වැළලෙන්නේ තමාට හෝ ලෝකයාටවත් ප්‍රයෝජනයක් නැති ‘වැලපීම’ නමැති ගිනියම් යකඩ බෝලය ඔබේ අතේ ඉතිරි කරමින්. ඉතින් සුපර් මෑන් වෙනවාට වඩා ඔහුගේ අනෙක් ස්වරූපය වන ක්ලාක් කෙන්ට් නම් වාර්තාකාරයා වගේ වෙන්නට තාර්කිකව සිතමින් සිත නම්මවා ගත යුතු වෙනවා.

ඉලක්කය වෙනුවෙන් අධිෂ්ඨානයක් ඇතිකරගන්න

ඔබ පටන් ගත් මොනතරම් දේවල් මඟ නවතා දමා තිබෙනවාද? එවන් දෑ ඕනෑතරම් තිබෙන්නට පුළුවන්. ඊට ප්‍ර‍ධාන හේතුව වන්නේ අපේ අධිෂ්ඨානයේ බලවත් බව අඩු නිසා යි. වැඩේ සැලසුම් කරද්දී අපිට තිබුණු උනන්දුව හරියට ගිනිගොඩක් දැල්වූවා වගේ ආරම්භයේදී කෙමෙන් කෙමෙන් වැඩිව ගියත් ටිකකින් අඩුවී යනවා. එයට කළ යුතු වන්නේ වැඩේ සැලසුම හදන්නට පෙර, එය කිරීමෙන්/අවසන් කිරීමෙන් ඔබට ලැබෙන දේවල් පිළිබඳ ලැයිස්තුවක් සැකසීමයි. එහි ඒ වන විට ඔබට ලඟා කරගත හැකි තත්වය, වරප්‍ර‍සාද ආදී සියළු දේ අන්තර්ගත කර තබන්න. පසුකාලීනව ඇවිලෙන ගින්නට පිදුරු දමන්නට වගේ මේ ලැයිස්තුව නිරන්තරයෙන් කියැවීමෙන් ඒ සඳහා තව තවත් උද්‍යෝගය වඩවා ගැනීමට එය හැකිවේවි.

ඉලක්කය වෙනුවෙන් කටයුතු කරන්න

අත් දෙක බැඳගෙන සාර්ථකත්වය බන්දේසියක තියලා කවුරුහරි ගෙනත් දෙනකම් බලාගෙන හිටියාට කවදාවත් කිසිවක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබ ඉන්නා තැන එහෙමම හිඳීම පමණක් ම සිදුවේවි. සැලසුමක් තැනූ වහා ඒ සඳහා ක්‍රියාත්මක වීම අවශ්‍යයි. අපි බොහෝ අවස්ථාවලදී කරන්නේ හිතෙන් සැලසුම හදමින් ඉඳලා අන්තිමට හිත හිත ඉන්නවා මිසක් කිසිම දෙයක් කරන්නේ නැති කමයි. අර විකුණන්න තිබුණු වීදුරු ටික ළඟ තියාගෙන මේවා විකුණලා, දියුණු වෙලා ලැබෙන සල්ලි වලින් ගන්න ගෑණිට පයින් ගහන්නේ මෙහෙමයි කියලා වීදුරු ටිකට ගහපු කෙනාත්, රඹුටන් වලින් සල්ලිකාරයෙක් වෙලා ගේන කරත්තය ගෙට ගන්න රඹුටන් ගහ කරදරයක් කියලා හිතමින් ඒක කපා දාපු මිනිහාත් ගැන ඔබ දන්නවා නම් එය සිහිපත් කරගෙන ආදර්ශයට ගැනීමට දැන් කාලය හරි. ක්‍රියාත්මක වෙන්න! ඔබට බොහෝ දේ කළ හැකියි.

හිතමින් නොහිඳ ක්‍රියාත්මක වීමේදී අතීත-අනාගත-වර්තමාන සංකල්පය ගැනත් සඳහන් කිරීම වැදගත්. අපි ගෙවුණු අතීතය පිළිබඳව සිතමින්, වැළපෙමින් මේ මොහොත/වර්තමානය කල්මැරීම හෝ තවමත් උදා නොවුණු අනාගතය ගැන සැලසුම් හදමින් සිහින මැවීම වෙනුවට වර්තමාන මොහොතේ කිසිවක් කළොත් එය අතීතයට එක්වීමේදී ඊට වටිනාකමක් ලැබෙන අතර ම අනාගතය ද සුභදායී එකක් බවට පැමිණෙනවා. ඉතින් මේ ගෙවෙන මොහොතේ වටිනාකම හඳුනාගන්න. ඉන් උපරිම ප්‍රයෝජනය ලබා නොගෙන අතීතයට යවන්න එපා.

නිරන්තරව තත්වය පරීක්‍ෂා කරන්න, සමාව දෙන්න

වැඩේ කරගෙන යන අතරතුරේ, නිතරම ඔබ සිටින්නේ කොතනද කියා අධ්‍යයනය කරන්න. හැබැයි ඒ “අපෝ තාම මෙතන. සිරීපාදෙ උඩට යන්න නම් මට කවදාවත් හැකි වෙන්නේ නැහැ” ආදී වශයෙන් දුක් වන්නට නොවෙයි. තත්ව පරීක්ෂාව කළ යුත්තේ යන මාර්ගය නිවැරදිද කියා දැනගන්නටත්, දැනට තිබෙන වැරදි අඩුපාඩු හඳුනාගැනීමටත් සහ කරන්නට තිබෙන දේවල් හඳුනාගැනීමට යි. ඔබ යමක් කරන අතරතුර ඕනෑතරම් අතපසුවීම් සිදු වෙන්නට පුළුවන්. ඒත් ඒවාට ඉඩදීලා වැඩේ අතහැරියොත් නම් එකතැන පල් වෙන්නට තමයි සිදුවෙන්නේ. අපි මෙහිදී ඊට සමාව දිය යුතුයි. මට මේ දේ අතපසු වුණා, ඒත් මම මේක ආයෙත් සිදු වන්නට ඉඩ දෙන්නේ නැහැ වශයෙන් ඔබට ම ඊට අවසර දී ආරම්භ කළ ගමන දිගට ම යන්න. ඉලක්කය ඔබ දන්නවා වුණත් නගින්නට තිබෙන ඊළඟ පඩිය ගැන විතරක් හිතමින් focus කරන්න. එවිට එකින් එක නගිමින් යාමේදී නොදැනුවත්වම ඔබ ඉහළ මළුවට ගිහින් තියේවි.

සැ. යු : thambaru .com වෙබ් අඩවියෙන් උපුටාගත් ලිපියකි. අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla