බොහෝ පොහොසත් සාර්ථක මිනිසුන් අප දැක ඇතත් ඔවුන්ගෙන් බොහෝ දෙනකු, නැතිනම් සියලු දෙනාම වාගේ මුලදී අසාර්ථක වී ඇති බව ඔබ දන්නවාද? ඔවුන් කීප දෙනකුගේ අසාර්ථක වූ අවස්ථාවන් සහ ඔවුන්ගේ සාර්ථකත්වය ගැන ඉතා කෙටියෙන් දැන ගැනීමට දිගටම කියවා ගෙන යන්න.
Soichiro Honda හොන්ඩා
ටොයෝටා ආයතනයේ තාක්ෂනික ශිල්පියකු වශයෙන් වත් තම සම්මුඛ පරීක්ෂනයෙන් ජය ගැනීමට නොහැකි ඌ හොන්ඩා, ටික කාලයක් රැකියාවක් වත් නොමැතිව සිට තම නිවසේදී ම ස්කූටර් නම් යතුරුපැදි තමන් විසින්ම නිපදවා තම අසල් වාසීන්ට විකුනා පටන් ගත් හොන්ඩා ව්‍යාපාරය අද ලෝකප්ප්‍රසිද්ධ කෝටි ප්‍රකෝටි ගනනින් වටිනා ව්‍යාපාරයක් වී ඇත.
Bill Gates බිල් ගේට්ස්
බිල් ගේට්ස් Microsoft නැමති බිලියන ගනනක් වටිනා ආයතනයේ හිටපු ප්‍රදානියාත් වරක් ලොව පොහොසත් ම මිනිසාත් බව ඔබ හොදින් අසා ඇති බවට කිසිදු සැකයක් නැත. නමුත් ඔහු හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන් සමුගත් පසු ආරම්භකලTraf-O-Data පලමු ව්‍යාපාරය අසාර්ථක වූ බව ඔබ දන්නවාද. නමුත් ඔහු එයින් පසුබට නොවී ඔහුගේ සගයා සමග නැවතත් පසු කාලයකදී Microsoft ආයතනය ආරම්භකර ඇත.
Walt Disney වෝල්ට් ඩිස්නි
කලාත්මකව සිතීමේ හැකියාවක්වත් නව අදහනස්වත් නැතයි පවසා ඔහු සේවය කල පුවත් පතේ සංස්කාරක වරයා විසින් සේවයෙන් පහ කල පසුවත්, ඉන් පසු කුඩා ව්‍යාපාර කීපයක්ම ආරම්භකර අසාර්ථක වී බෝහෝ ණයවී සිටින අතර තමා නවාතැන් ගෙන සිටි දේවස්ථානයේ පිටුපස මඩුවේ ඔහුගේ තනියට සිටි සතකු ගැන චිත්‍ර ඇද එයින් ජීවිතය සාර්ථක කර ගත් ලොව ප්‍රකට Disney land ඩිස්නි ලන්තය සහ චිත්‍රපට නිර්මානය කරන සමාගම් අරබා ඇත. එදා ඔහුගේ තනියට සිටි සතා අද මුලු ලොවම හොදින් දන්නා Mickey mouse මිකී මවුස්ය.
Albert Einstein ඇල්බට් අයින්ස්ටයින්
වයස අවුරුදු 4 වන තුරු කතා නොකල, අවුරුදු 7 වනතුරු කියවීමේ හැකියාව නොතිබුනු, තම දේමාපියන් සහ ගුරුවරු මානසික ආබාදයක් ඇති යැයි සැක කල අයින්ස්ටයින් පසුව පේටන්ට් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්‍යලයේ සේවය කලේ ඔහුගේ බෞතික විද්‍යව සම්බන්දයෙන් ඇති දැනුමෙන් ප්‍රයෝජන ගැනීමට අපොහොසත් වු නිසාය. නමුත් අවසානයේ මුලු ලොවම පිලිගත් නොබෙල් ත්‍යාගය පවා හිමි වු අති සාර්ථක විද්‍යඥයෙක් බවට පිලිගන්නා ලදී.
J K Rowling J K රෝලින්
අතේ සත පහක් වත් නොමැතිව විවාහය දෙදරා යාමෙන් පසු තම දියනිය ඉතා අපහසු කම් මද්‍යයේ උවද ඇති දැඩි කරමින් ඇයගේ අති සාර්ථක කතා පෙල වන Harry potter හැරී පෝටර් කථා පෙලේ මුල් පොතින්ම සාර්ථක වූ ඇය, අනාථ නිවාසයේ සිට ලෝකයේ පොහොසත්ම කාන්තාවන් අතරට එකතු වීමට ගත කලේ අවුරුදු 5ක් වැනි ඉතාමත් කෙටි කාලයක් බව ඔබ දන්නවාද? ඒ ඇයගේ නොපසු බට උත්සහය සහ දැඩි කැප වීම නිසාය.
ඔබත් මෙම පුද්ගලයන් මෙන් සාමාන්‍ය මිනිසුන්ට නොමැති තරමේ ඉවසීමත්, උත්සහයත්, කැපවීමත් සහ කිසිම දෙයකට නොසැලීමේ ගුණාංගයත් ඇති අයෙක්ද? එසේනම් අද දැන ගන්න, ඔබටත් පොහොසත් වීමෙ පියවර තුලින් ගමන්කර මේ ලෝකයේ පොහොසත්ම සාර්ථකම මිනිසකු බවට පත් වීමෙන් වලකන්න කිසි බල වේගයකට නොහැකි බව.
උපුටාගැනීම Kotipathimanasacom wordpress.com වෙබ් අඩවිය. අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla