Select Page
දිනක් තරුණයින් දෙදෙනෙක් තමන්ගෙ ගුරුවරයා බලන්න ගියා

දිනක් තරුණයින් දෙදෙනෙක් තමන්ගෙ ගුරුවරයා බලන්න ගියා

දිනක් තරුණයින් දෙදෙනෙක් තමන්ගෙ ගුරුවරයා බලන්න ගියා. එක් තරුණයෙක්,

“මට ජීවත් වෙන්න ඕන. මට යමක් දෙන්න” කියලා ගුරුවරයාගෙන් ඉල්ලුවා.

ගුරුවරයා ඔහුට තරමක් විශාල ලී කොටයක් දුන්නා. දෙවන තරුණයාත්,

“මට පොහොසත් වෙන්න ඕන ගුරුතුමනි. මට යමක් දෙන්න” කියල ඉල්ලා සිටියා.

ගුරුවරයා ඔහු දෙස බැලුවා. ඔහු අනෙක් තරුණයාට වඩා වෙනස්ම කෙනෙක්. ඔහු තුළ යම් සුවිශේෂී හැකියාවක් ඇති බව ගුරුවරයා හඳුනාගත්තා. ගුරුවරයා ඔහුට කුඩා ලී කොටයක් දුන්නා. දෙදෙනාම ගෙදර ගියා. පළමු තරුණයා ආයුධයක් අරගෙන ලී කොටය කැබැලි කළා. ඒවා මිටි බැඳැගෙන නගරයට ගියා. විකිණුවා. පුංචි මුදලක් උපයාගත්තා. දෙවන තරුණයාට ඕන වුණේ පොහොසතෙක් වෙන්න. ඔහු ලී කැබැල්ල දිහා බලාගෙන දිගින් දිගටම කල්පනා කළා. ඔහු දැක්කා ලී කැබැල්ල අතරින් තම ජීවිතයේ විශාල වෙනසක් වන හැටි. ඔහු දැක්කා ඔහුගේ ජීවිතය ආලෝකමත් වන හැටි. ඔහු සිහින මවන්න පටන් ගත්තා. ඉන්පසු ඔහු තම පියාගේ වඩු මඩුවෙන් ආයුධ කිහිපයක් අරගෙන ලී කොටය කැටයම් කරන්න පටන් ගත්තා. ඔහු දින කිහිපයක් එක දිගටම වෙහෙස වුණා. අවසානයේ හිතාගන්නත් බැරි තරමේ හරි අපූරු පිළිමයක් ඔහුගේ අතින් නිර්මාණය වෙලා. ඔහුට පුදුම සතුටක්.

නඟරයේ විශාල උත්සවයක්. ඒ එක්කම සල්පිලක්. රටේ සිටින ධනවත්ම පුද්ගලයින් ඒ උත්සවයට පැමිණියා.

පෙර කී තරුණයා තමන් විසින් නිර්මාණය කළ පිළිමයත් අරගෙන උත්සව භූමියට ගියා. මිනිස්සු දැක්කා හරි අපූරු ලී පිළිමයක්. එහි අලංකාර නිමාවක් තිබුණා. සල්පිලේ තිබුණු අනෙකුත් නිර්මාණ වලට වඩා වෙනස්ම විදියේ එකක්. මිනිස්සු ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. එක් ධනවත් පුද්ගලයෙක් මේ පිලිමය දැක්කා. ඔහු විශාල මුදලක් ලබා දී මේ පිලිමය ලබා ගත්තා. තරුණයාට හරිම සතුටුයි. ඔහු තෑගි බෝග අරගෙන ගුරුවරයා බලන්න ගියා. ගුරුවරයා ඔහුට උපදෙසක් දුන්නා.

“ඔබ ඔබේ හැකියාව හඳුනාගත්තා. එයින් මුදලක් උපයා ගත්තා. නමුත් ඒ මුදල නිකන්ම විනාශ වෙලා යන්න දෙන්න එපා. ආයෝජනය කරන්න. ඔබට පුළුවන් තවත් පොහොසත් වෙලා ලෝකෙටම උදව් කරන්න”

තරුණයා ඉස්සෙල්ලාම තමන්ටම ආයුධ කිහිපයක් මිල දී ගත්තා. දිගින් දිගටම නිර්මාණ කළා. අවසානයේ ඔහු ඒ නඟරයේ සිටින මහා පොහොසතෙක් බවට පත් වුණා.

ඊට පෙර කියූ අනෙකුත් තරුණයා නැවැත වතාවක් ගුරුවරයා හමුවෙන්න පැමිණියා. ඔහු පැමිණියේ හිස් අතින්. ඔහු ඇඳැගෙන සිටියේ ඉරී ගිය පරණ ඇඳුම්. ඔහු නැවතත් ගුරුවරයාගෙන් “ජීවත් වෙන්න යමක් දෙන්න” කියා ඉල්ලා සිටියා.

ඔයාට තියෙන හැකියාවන් මොනවාද? ඔයා ඒ ගැන හිතල තියෙනවාද? ඔයා හැම දාම ඉන්නෙ ඔයාට නැති දේවල් ගැනම කල්පනා කරමින්ද? එහෙනම් ඒක අද වෙනස් කරන්න. ඔයාගෙ සුවිශේෂී හැකියාවන් ඔයාම හඳුනාගන්න. ඒවා ඔප දමන්න. ඔයාට තියෙන සම්පත් ගැන හිතන්න. ඔයාට තියෙන අසීමිත අවස්ථාවන් ගැන හිතන්න. ඔයාට තියෙන්නෙ පුංචි දේවල් ටිකක් වෙන්න පුළුවන්. නමුත් ඒවා උපරිමයෙන් පාවිච්චි කරන්න පටන් ගන්න. ඔයා කැමැති ඒ ලස්සන ජීවිතය උරුම කරගන්න සිහින මවන්න. ක්‍රියාත්මක වෙන්න. ඒක ඔයාට කරන්න පුළුවන්…

ඇඩ් ක්ලික් නෑ, ආයෝජන නෑ, පිරමීඩ ක්‍රම නැති නිසා Business HUB වලින් ලේසියෙන් සල්ලි හොයන්න බෑ කියලා හිත හිතා ඉන්නේ නැතුව දැනට ක්‍රම 100 වඩා තිබෙනවා මුදල් උපයන්න. ඇයි ඔබ ඒවා උත්සාහ නොකරන්නේ? තොරතුරු නොමැතිව අදහස පමණක් ක්‍රම 600ක් පමණ පළකර තිබෙනවා.

නැති දේවල් ගැන නොසිතා, තියෙන දෙයින් දියුණු වෙන්න උත්සාහ කරන්න….

මේ පේජ් එකේ ඉන්න අය ගොඩක් කරන්නේ පෝස්ට් එකක් දාපු ගමන් රූපය බලනවා. See more ඔබලා බලන්නේ නෑ. එසැනින් WhatsApp බොත්තම ඔබනවා. Details Please කියනවා. එච්චරයි. ආයේ පෝස්ට් එකක් දාපු ගමන් ඒකමයි කරන්නේ. සමහර එකම කෙනාගෙන් මැසේජ් 20ක් විතර ඇවිත් තියේ. Details තියෙන පෝස්ට් එක නොකියවා. මැසේජ් හරහා Details ඉල්ලනවා. අනේ මට උදව් කරන්න කියනවා. ගොඩක් අය ඉන්නේ “හිඟන මානසිකත්වයේ”. දියුණු වෙන්න ඕන කියන මානසිකත්වයෙන් ඉන්නේ කිහිපදෙනයි.

බොහොමයක් අය හොයන්නේ ජීවත්වෙන්න ක්‍රමයක්. ක්ෂණිකව සල්ලි ලැබිලා, ඒ ලැබෙන සල්ලි කාලා ඉවර කරන්න ක්‍රමයක්. නමුත් පොහොසත් වෙන්න, දියුණු වෙන්න ක්‍රම හොයන්නේ කිහිපදෙනයි. අපේ පේජ් එකේ තියෙන හැම ආදායම් ක්‍රමයක්ම දීර්ඝ කාලීන ප්‍රතිඵල ලැබෙන ඒවා. නමුත් හැමෝම වගේ හොයන්නේ ලියාපදිංචි වෙලා පහුවෙනිදට මුදල් ලැබෙන ක්‍රම. හැමෝටම ඕන නිකන් ඉඳලා සල්ලි හොයන්න.

පිරමීඩ කම්පැනි වලින් වුනත් කරන්නේ අවුරුදු 20-30ක් දුක්මහන්සියෙන්, කැපවීමෙන් ජීවිතේ ජයගත්ත මිනිස්සුන්ගේ ජීවිත කතා, ඡායාරූප පෙන්වලා ඒ අය දැන් නිකන් ඉඳලා සල්ලි හොයන විදිහට ඔයාලටත් සල්ලි හොයන්න පුළුවන්, අද ඉඳන් නිකන් ඉන්න තියෙන්නේ. මෙන්න මේ පැකේජ් එක ගන්න. නැතිනම් මෙන්න මේකට ආයෝජනය කරන්න කියලා.

එහෙම පුළුවන් නම් ඉතිං රජයටම පුළුවන්නේ රටටම ඔය ක්‍රම දීලා, සල්ලිත් හම්බ කරලා දීලා, බඩු මිළත් තව වැඩි කරලා දීලා, බදුත් ගහලා රටත් දියුණු කරන්න…

ඔය කියන විදිහට සල්ලි හම්බකරන්න ක්‍රම ලෝකේ කොහෙවත් නෑ. ඔක්කොම ස්කෑම්. ඒ නිසා හරි විදිහට ඉගෙනගෙන ආදායම් උපයන්න…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

මී කුණකින් දියුණු වෙන්න පුළුවන්

මී කුණකින් දියුණු වෙන්න පුළුවන්

මී කුණකින් දියුණු වෙන්න පුළුවන්…

මහන්සි වෙලා දියුණු වෙන්න කැමතිද ?

සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා ලක්ෂපතියෙක් වෙන්න කැමතිද?

ඔබේ ජීවිතයෙන් මිනිත්තු 2ක් වෙන් කරලා මේ කතාව කියවන්න. ඔබේ ජීවිතය උඩුයටිකුරු කරාවි… ආගම් බේදයකින් තොරව මේ කතාව කියවන්න.

0️⃣ ඉස්සර ඈත අතීතයේ කසී රට බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නමින් රජ කෙනෙක් වාසය කළා. ඔය කාලේ බෝධිසත්වයෝ බරණැස ම සිටු පවුලක උපන්නා. වියපත් වෙද්දි ඔහුටත් සිටු තනතුරු ලැබුනා. ‘චූලසෙට්ඨි’ කියන නමින් ප්‍රසිද්ධ වුනා. ඒ කාලේ මොහු ඉතා නුවණැති කෙනෙක්. දවසක් චූලසෙට්ඨි තුමා රාජකාරිය සඳහා රාජමාළිගයට යමින් සිටියා. පාර අයිනේ තිබුන මී කුණක් දැක්කා. දැකලා මෙහෙම කිව්වා.

7️⃣ “මේං…. බලාපල්ල…. මී කුණක් තියෙනවා. නුවණ තියෙන කෙනෙකුට අලුතෙන් රස්සාවක් පටන් ගන්ට මේකත් ඇති…. හොඳින් මොළේ ඇතිව වැඩ කළොත් මේකෙන් ම දියුණුවට පාර කපා ගන්ට පුළුවනි” කියල පිටත් වෙලා ගියා.
ඒ කතාව අහගෙන සිටිය පිරිස අතරේ ඉතා දුගී දුප්පත් කොලුවෙක් හිටියා. ඔහු මෙහෙම හිතුවා. “මේ චූලසෙට්ඨිතුමා මහා නුවණැත්තෙක් හැටියටයි රට්ටු පිළිගන්නේ. මේ කතාව බොරුවක් වෙන්ට බැහැ…. මං කෝකටත් මේ මී කුණ අරගන්ට ඕනා.” මෙහෙම සිතලා අර කොලුවා මී කුණ අරගෙන පාරේ යද්දී එක් නිවසක බළල් පැටියෙක් කෑ ගසනවා. මොහු එතැනට ගිහින් අර බළලාට මී කුණ දෙන්න කියල ඒ නිවැසියන්ට කිව්වා. ඔවුන් සතුටු වෙලා ඒ වෙනුවෙන් ඉතා සුළු මුදලක් දුන්නා. මොහු ඒ මුදලින් උක්පැණි මුලකුයි පොඩි හැලියකුයි ගත්තා. වනයට ගිහින් මල් නෙලාගෙන එන මාලාකාරයන්ට උක් පැණි ටික ටික දුන්නා. හැලියෙන් පැනුත් දුන්නා. එයින් ඔවුන් ගේ වෙහෙස සංසිඳුනා. ඔවුන් සතුටට පත්වුනා. ඒ සතුට නිසා ඒ හැමෝම මල් මිට ගානේ දුන්නා. ඔහු එදාම ඒ මල් මිටි විකුණා ගත්තා. පසුවදාත් උක් පැණියි දිය හැළියකුයි අරගෙන මල් වත්තට ම ගියා. එදා සතුටු වූ මල් වෙළෙන්දා බාගෙට නෙළාගත් මල් අත්ත ගානේ මොහුට දුන්නා.

0️⃣ ටික දවසයි ගියේ. දැන් මොහු ගේ අතේ කහවණු අටක් තියෙනවා. පසුවදා සුළඟක් ඇවිත් රජ උයනේ ගස් වලින් වියළි දර අතු ගොඩාක් බිම කඩා වැටුනා. ඔහු උයන්පල්ලාට ගිහින් මෙහෙම කිව්වා.

1️⃣ “පින්වත…. මේවා ඔක්කොම මට දෙනවා නම් මං අස්පස් කරලා උයන පිරිසිදු කරලා දෙන්නම්” ඔහු ගෙන් ඊට අවසර ලැබුනා. එතකොට මොහු පොඩි දරුවන් සෙල්ලම් කරන තැනට ගියා.

4️⃣ “ළමයිනේ…. ඔයාල උක්පැණි බීලා… සීතල පැන් වළඳින්ට ආසයි ද….?”

“අනේ ඔව්… අපි හරී ආසයි.”

“එහෙනම් මාත් එක්ක එන්න. ඉස්සෙල්ලාම මේ වැටිච්ච දරකෝටු ඔක්කොම එකතු කරගන්ට මට උදව් කරන්න…. ඊට පස්සේ මං ඔයාලට උක්පැණියි, සීතල වතුරයි දෙන්නම්.”

5️⃣ ටික වෙලාවයි ගියේ. අර දර අතු සියල්ල උයන් දොරටුව අසල ගොඩ ගසා ගත්තා. එදා රජමැදුරේ කුඹල්කරුවාට රජපවුලට වළං හදන්ට දර මදි වෙලා සොය සොයා යනවා. උයන් දොරටුව අසල ඇති මේ දර දැකලා මේ තරුණයාගෙන් ඒ දර සියල්ල කහවණු දහසයකට මිලට ගත්තා. ඔහු එයින් උක් පැණි සමග වතුර දෙන්ට පහසුවට තවත් ලොකු භාජන පහක් මිලට ගත්තා. නගරයේ දොරටුව අසලින් එක් පැන් තලියක් තබා ගත්තා. තණමිටි ගෙන යන පන්සියයක් වෙළෙන්දන්ට උක් පැණිය වතුරයි දුන්නා. ඔවුන් හැමෝම මේ තරුණයා ගේ මිත්‍රයන් වුනා.

“මිත්‍රයා… ඔබේ උක් පැණියි වතුරයි නිසා අපේ වෙහෙස නිවුනා. අපෙන් මොනාද කෙරෙන්න ඕනා….!”

6️⃣ “අනේ මිතුරනි…. දැනට නම් මට අවශ්‍ය විශේෂ දෙයක් නෑ. මට ඕනකමක් වුනොත් කියන්නම්. එතකොට මට උදව් කරන්න.” ඒ විදිහට මේ තරුණයා බිම් මාර්ගයේ වැඩ කරන අයයි, ජලමාර්ගයේ වැඩ කරන අයයි සමඟ හොඳ මිත්‍රත්වයක් ගොඩ නගා ගත්තා.

දවසක් බිම් මාර්ගයේ වැඩ කරන මොහුගේ යහළුවෙක් මොහුට හොඳ තොරතුරක් කිව්වා. අස් වෙළෙන්දෙක් අශ්වයන් පන්සියයක් අරගෙන එනවා කියලා. එතකොට මේ තරුණයා අර තණකොළ වෙළෙන්දන් ළඟට ගියා. “මිතුරනේ… මට අද ඔබෙන් උදව්වක් ඕනා. අද මට ඔබෙන් එක් තණ මිටිය බැගින් අවශ්‍යයි…… ඒ වගේ ම මගේ තණමිටි විකිණෙනකල් ඔයාල තණ විකුණන්න එපා හොඳේ….”

7️⃣ ඔවුන් දැඩි හිතවත්කම නිසා එයට කැමති වුනා. මොහුට තණ මිටිය බැගින් දුන්නා. අස් වෙළෙන්දා නගරය පුරා තණකොළ හොයනවා. එක තැනක විතරයි තියෙන්නේ. වෙන කොහේවත් නෑ. මොහුට කහවණු දහසක් ගෙවලා ඒ තණමිටි ගත්තා. ඊට දින කීපයකට පස්සේ ජලමාර්ගයේ වැඩ කරන කෙනෙක් මේ තරුණයාට තවත් තොරතුරක් කිව්වා. වරායට මහා නැවක් ආවා කියලා. එතකොට මොහු කහවණු අටක් දීලා ඉතා අලංකාර රථයක් කුලියට ගත්තා. මහත් යස පිරිවර එක්ක වරායට ගියා. ඒ නැවියෙකුට ලස්සන මුද්දක් තෑගි දුන්නා. අලංකාර රෙදි වලින් ආවරණය වූ විශේෂ තැනක මොහු මහා වෙළෙන්දෙකුගේ ලීලාවෙන් වාඩි වෙලා හිටියා. බරණැස වෙළෙන්දන් බඩු ගැනීමේ අදහසින් එතැනට ආවා. එතකොට මොහු රඳවා සිටි මිනිසුන් ඒ වෙළෙන්ඳන් ළඟට ගොහින් මෙහෙම කිව්වා.

8️⃣ “මහත්තුරුනේ…. ඔබට අද බඩු ලැබෙන එකක් නෑ. මහා වෙළෙන්දෙක් ඇවිත් වේලාසනින් බඩු වලට අත්තිකාරම් ගෙවලා තියෙන්නේ” කියලා ඒ වෙළෙන්දන්ව තුන්වැනි දොරටුවෙන් කැඳවාගෙන මේ තරුණයා ළඟට ගෙන ගියා.
ඒ සියයක් පමණ වෙළෙන්දෝ එක් එක්කෙනා මොහුට කහවණු දාහ බැගින් දුන්නා. මොහු සමග මොහුගේ පිරිවර වශයෙන් නැවට ගියා. ආයෙමත් එක් එක්කෙනාට දහස බැගින් දීලා ඒ ඒ බඩු අරගෙන දුන්නා. මේ අතරමැදි වෙළඳාමෙන් මොහුට කහවණු දෙදහසක ආදායමක් ලැබුනා. මොහු ඒ මුදලින් භාගයක්, කහවණු දහසක් රැගෙන චූලසෙට්ඨිතුමා බැහැදකින්න ගියා. චූලසෙට්ඨිතුමා මෙහෙම ඇහැව්වා.

“ඇයි දරුවෝ…. මෙතරම් විශාල මුදලක් මට ගෙනාවේ…. මං ඔයාව කවුද කියලා හඳුනන්නේ නෑ නේ.”

“සිටුතුමනි, මීට හාරමාසයකට පෙර මං නිකං දිළිඳු කොලුවෙක්. එදා ඔබතුමා මහපාරේ තිබුන මී කුණක් දැකලා කිව්වා, හොඳට උපාය නුවණ ඇති කෙනෙකුට දියුණු වෙනවා නම් මේ මී කුණත් ඇති කියලා. මං ඒක අහගෙන හිටියා. මං ඔබතුමා ගේ වචනය විශ්වාස කළා. ඒ මී කුණ තමයි මගේ මේ දියුණුවේ පළමු පියවර.”

9️⃣ චූලසෙට්ඨිතුමා මේ තරුණයා ගැන ගොඩාක් සතුටු වුනා. ‘මේ වගේ දරුවෙක් වෙන කෙනෙකු සතු විය යුතු නෑ’ කියල හිතලා තමන් ගේ දියණියක් සමඟ කසාද බන්දලා දුන්නා. ඒ මහා සිටුපවුලේ සියලු වස්තුවත් මොහු සතු වුනා.”
මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මෙසේත් වදාළා.

“මහණෙනි, නුවණ තියෙන කෙනෙකුට හොඳ උපායශීලී බවකින් වැඩ කරන්ට පුළුවන් නම් ඉතා සුළු උපදේශයකින්, සුළු භාණ්ඩයකින් දියුණු වෙන්ට පුළුවනි. මහත් ධනයක්, යස පිරිවරක් උපදවා ගන්ට පුළුවනි. පුංචි ගිනි පුපුරකට වියළි ගොම, තණරොඩු ආදිය දමා කටින් පිඹිමින් එය මහා ගින්නක් බවට පත්කරන්නට පුළුවනි. ඒ වගේ තමයි උත්සාහයයි නුවණයි තියෙනවා නම් දියුණු වෙන්ට පුළුවනි.

ඉස්සර කාලෙ ඒ මී කුණ පෙන්නල මං කළ අවවාදය සිතට ගත්තු ඒ තරුණයා මහා ධනවතෙක් වුනා.

ගොඩාක් අය බාහිර අයගේ දියුණුව බල බලා හූල්ලමින් ඉන්නවා. පොඩි වෙළඳාමක්වත් කරන්න ලැජ්ජයි. මහා ඉහළින් පටන් ගන්ට සිතාගෙන ඉන්නවා. සිහින මාළිගා සිතින් හද හදා ඉන්නවා. අනුන්ට ඊර්ෂ්‍යා කර කර ඉන්නවා. නැකැත් නිමිති බල බල, දිසා බල බල ඉන්නවා. උත්සාහය නුවණ තියෙන කෙනා ඉතා සුළුවෙන් පටන් ගෙන දියුණු වෙලා යනවා.

ඉතිං අපි හිතුවා ඒ වගේ බුද්ධිමත් කෙනෙක්ට උදව් කරන්න. නුවණත්තෙක් ඉන්නවනම් මේ කතාව අවසානය වෙන තෙක් ඉවසීමෙන් කියවයි. කාළකණ්නියෙක් ඉන්නවානම් මී කුණකින් මගේ සිහිනයට යන්නේ කොහොමද, අපෝ මේක අර පරණ කතාවනේ. මේ විකාර බලන්න කාලය නාස්ති කරගන්නේ මොකටද කියලා අත ඇරලා දාවි. ඒ වගේ මනුස්සයෝ කොහොමත් අපට වැඩක් නෑ. සැබෑවටම දියුණු වෙන්න ඕන, පිරමීඩ පස්සේ යන්නේ නැති, පෝස්ට් එකේ ඡායාරූපය බලලා අන්තර්ගතය නොකියවා තීරණ ගන්න මිනිස්සු අපිට වැඩක් නැහැ.

අද කාලේ ‘චූලසෙට්ඨි’ සිටු තුමා වගේ අය නෑ. අද කාලේ ඉන්න රටම බේරගන්න කොරෝනා කාලෙත් හොඳටම ගෙවන ඇඩ් ක්ලික් පැකේජ් විකුණලා කෝටිපතියෝ වෙන්න, රු.1000න් ඇප් එකක් අරන් මාස 8න් කෝටි 1 1/2ක් අරන් දෙන්න උගන්වන අය තමයි. එහෙමත් නැතිනම් සෙනසුරාදා, ඉරිදට නැතිව අනෙක් දවස් වලට පොපිට් දෙන අය ඉන්නේ.

ඒ කාලේ ‘චූලසෙට්ඨි’ සිටු තුමා මී කුණ පෙන්නුව වගේ, මම අද ඔබට දෙනවා ආදායම් මාර්ගයක්. කෝටි ගණන් උපයන ක්‍රමනම් මම දන්නේ නැහැ. දන්නවනම් මම හොයනවනේ. ඔබට දෙන ආදායම් මාර්ගය තමයි අපේ TechLabs Business HUB PASS එක. තෝරාගත් බුද්ධිමතෙක්ට 1 Year PASS එකක් නොමිළයේද, තෝරාගත් බුද්ධිමතුන් 15 දෙනෙක්ට 1 Year PASS එක සඳහා 50%ක වට්ටමක්ද, තෝරාගත් 25 දෙනෙක්ට Lifetime PASS එක සඳහා 50%ක වට්ටමක්ද අපි පෙබරවාරි 24 රාත්‍රී 12 වෙනකම් ලබාදෙනවා. ඒත් එක්කම සුදුසුකම් මත රු.50,000ක දක්වා ස්වයංරැකියාවක් හෝ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න ලෝන් 1ක් ලබාගන්න මග පෙන්වනවා. තෝරාගත් 4 දෙනෙක්ට එක්දින නේවාසික පාඨමාලාවට නොමිළයේ සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ කතාව කියවන 55 දෙනෙක්ට අනිවාර්යයෙන් දියුණු වෙන්න පාර හැදෙනවා අපි බලමු පේජ් එකේ ඉන්න කී දෙනෙක් ඇත්තටම දියුණු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයද කියල…

හැබැයි දියුණු වෙන්න උනන්දුව තියෙන බුද්ධිමත් අයට පමණයි. ඔබ මුලින්ම කරන්න ඕන මේ පෝස්ට් එකේ ඉහත තියෙනවා අංක දහයක්. එය පිළිවෙලින් ලියූ කල දුරකතන අංකයකි. හිත හිතා ඉන්නේ නැතිව ඒ දුරකතන අංකයට වට්ස් ඇප් මැසේජ් එකක් යවන්න “මම දියුණු වෙන්න කැමති කෙනෙක්” කියලා. කමෙන්ට් කරන්න එපා. ඔබට අපි ආදායම් උපයන ක්‍රම විශාල ප්‍රමාණයක් ලබාදෙනවා. ඔබ දියුණු වෙන්න ඒ හරහා. උපාය ශීලී වෙන්න. සමහරවිට ඔබ ගැන පැහැදුනහොත් ඔබට තවත් දියුණුවෙන්න බොහෝ දේ ලැබේවි. අනිවාර්යයෙන්ම මේ කෝල් එක ඔබේ ජීවිතය වෙනස් කරාවි…

ඒත් එක්කම එහෙම මැසේජ් එකක් එවලා මේ පෝස්ට් එකට ඔබේ ෆේස්බුක් පේජ් එක, ඉන්ස්ටග්‍රෑම් ගිණුම සහ ටික්ටොක් ගිණුමේ ලින්ක් එක කමෙන්ට් කරන්න. ඔබට නොමිළයේ Followers, Views සහ Likes හිමිවෙනවා.

අපි බලමු කවුද මේ කතාව අවසානය වෙනකම් කියවන්නේ කියලා. මෙය එක්තරා සම්මුඛ පරීක්ෂණයක්. අපගේ TechLabs PASS එක නොමැති අයෙක් දියුණු වෙන අභිප්‍රායෙන් මෙය කියවුවහොත්, බුද්ධිමත්ව කටයුතු කලහොත්, උපදෙස් පිළිපැද්දොත් එය ඔවුන්ගේ ජීවිතය අනිවාර්යයෙන්ම වෙනස් කරාවි. මේ පෝස්ට් එක දැනට TechLabs PASS එක අරන් තියෙන අයට අදාල නැහැ. අලුත්ම අය වෙනුවෙනුයි මේ කතාව පළකලේ.

සැ.යු: උපුටාගැනීම් ඇතුලත්ය. ඒවාගේ අයිතිය කතෲන් සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

ඔබට සැවොම සතුටින් පිනවන්නට අවශ්‍ය නම්, නායකයෙකු වන්න එපා

ඔබට සැවොම සතුටින් පිනවන්නට අවශ්‍ය නම්, නායකයෙකු වන්න එපා

“ඔබට සැවොම සතුටින් පිනවන්නට අවශ්‍ය නම්, නායකයෙකු වන්න එපා !

අයිස්ක්‍රීම් විකුණන්න…”

මේ ලෝකයේ ඉන්න මිනිස්සු ප්‍රධාන කොටස් හතරකට බෙදන්න පුළුවන්…

1️⃣ Those who want to be liked.
අන් අයගේ කැමැත්ත දිනාගන්න කැමති අය.

2️⃣ Those who want to be right.
නිවැරැදිවම කටයුතු කිරීමට කැමති අය.

3️⃣ Those who want to be comfortable.
සැප පහසුවෙන් සියළු කටයුතු කර ගැනීමට කැමති අය.

4️⃣ Those who want to win.
ජීවිතය කියන අභියෝගය ජයග්‍රහණය කරන්න, එහෙම නැත්නම් දිනන්න කැමති අය.

ඔබ ඔබේ පවුලේ මව හෝ පියා ලෙස නැත්නම් ඔබ රැකියාව කරන ආයතනයේ කණ්ඩායමට නායකත්වය සපයන පුද්ගලයෙකු ලෙස කටයුතු කලද, පුද්ගලිකව ඔබට ඉහත දක්වන ලද කාණ්ඩ 4න් එකක් තෝරාගැනීමට සිදුවෙයි.

එවිට අන් අයගේ ජනප්‍රසාදයම ලබා ගැනීමට කැමතිවීම ඔබට ප්‍රතික්ෂේප කරන්නට සිදුවේ. එමෙන්ම ඔබ පුද්ගලයෙකු ලෙස නිවැරැදිව කටයුතු කලයුතු වුවත්, “සැමවිටම සැමදෙයක්ම නිවැරැදිවම” සිදුකිරීමට උත්සාහ දරන පුද්ගලයෙකු හට නායකත්වය ලබාගත නොහැක. මන්ද, වඩාත් නිවැරැදිවම කටයුතු කිරීමට අපේක්ෂා කරන කෙනෙකු වැරදි සිදුවීමට ඇති ඉඩකඩක් අපේක්ෂා නොකරන බැවින් බොහෝවිට ඔහු අභියෝග බාර නොගනී.

එවැනි පුද්ගලයෙකුහට නායකයෙකු ලෙස පෙනී සිටීම හෝ කටයුතු කිරීම අපහසුය. අනෙක් ප්‍රධාන කරුණ නම් නායකයෙකු ලෙස කටයුතු කරන්නට අපේක්ෂා කරන පුද්ගලයෙකුට සෑමවිටම සුඛෝපභෝගී බව සහ සැප පහසුව අපේක්ෂා කරන්නට නුපුළුවන. සමහර අවස්ථාවන්හිදී ඔහුට හෝ ඇයට ඒ අවස්ථාවට අනුව හැඩගැසී කටයුතු කරන්නට සිදුවන බැවින් සැප පහසුවෙන්ම කටයුතු කරන්නටම අවස්ථාව නොලැබෙනු ඇත.

ඔබ නායකයෙකු වීමට නම් අන් අයගේ ප්‍රසාදයම අපේක්ෂා නොකර, ප්‍රසාදයට මෙන්ම ගැරහුමටද ලක්වන විට එය දරාගත හැකි වීම මෙන්ම, වඩාත් නිවැරදි වීමට අපේක්ෂා නොකරන, වැරදි සිදුවීමට සහ එම වැරදි වලින් ඉගෙන ගැනීමට සූදානම් වන, අනෙක් අතට සැපපහසුවම අපේක්ෂා නොකරන, තැනට සුදුසු ලෙස කටයුතු කිරීමට හැකියාව ඇති පුද්ගලයෙකු විය යුතුය. එවිට ඔබ ජනප්‍රසාදය, නිවැරැදි වීමම සහ සැප පහසුවම අමතක කර ජයග්‍රහණය අපේක්ෂා කරන මෙන්ම ජයග්‍රහණය කිරීමට කැමති පුද්ගලයෙකු බවට පරිවර්තනය වීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

ඔබ නායකයෙකු වන විට තම කණ්ඩායම වෙනුවෙන් දැඩි තීරණ ගැනීමට ඔබට බල කෙරෙයි. අවසානයේදී, යමෙකු සැමවිටම අසතුටට පත්වනු ඇත, නමුත් ඔබේ දැඩි තීරණ ගැනීමෙන් පසුව සමස්ත කණ්ඩායමට වඩා හොඳ තීරණයක් ගැනීමට ඔබට හැකිවනු ඇත.

ඔබට නායකයෙකු වී ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම්, ඔබ ජනප්‍රසාදය ලැබීමට ඇති අවශ්‍යතාවය, නිවැරදි වීමට ඇති අවශ්‍යතාවය සහ සැපපහසු වීමට ඇති අවශ්‍යතාවය ඔබ අත්හැරිය යුතුය.

සාමාන්‍ය ජීවිතයක් ඇති සාමාන්‍ය මිනිසුන්ට ජනප්‍රසාදය ලැබීමට පහසු විය හැකිය. නමුත් යහපත්, ශ්‍රේෂ්ඨ හෝ කැපී පෙනෙන ජීවිත ගත කරන පුද්ගලයින්හට ජයග්‍රහණය සඳහා ඉහත සියල්ල අත්හැරිය යුතුය.

නායකයෙකු වීමට නම් ඇතැම් විට ඔබ ගන්නා තීරණ ජනප්‍රිය නොවිය යුතුය. ඔබ ප්‍රකාශයක් කළ යුතු අතර සෑම ප්‍රකාශයක් සඳහාම ඔබේ අනුගාමිකයින්, උපදේශකයින්, පිටස්තරයින් සහ සතුරන්ගෙන් ප්‍රති ප්‍රකාශ පැමිණෙනු ඇත. කවුරුන් හෝ සෑම විටම අසතුටින් සිටින අතර සැමවිටම ඔබේ තීරණයට විරුද්ධව සිටිනු ඇත. වඩා හොඳ තීරණයක් මෙන්ම සැමගේ යහපත සඳහා ඔබ මෙය නොසලකා හැරිය යුතුය.

නායකයෙකු වීම යනු තර්කානුකූලව පාලනය කිරීමයි. හේතුව තර්කනය, මනසෙහි බලය සහ නායකත්ව හැඟීම් වලින් තීරණ ස්වාධීන වනු ඇත. හේතුව ශක්තිමත් බව වන අතර එය තර්කානුකූලව අභියෝග කළ හැකි මුත් නායකයාට තම තීරණ සාධාරණීකරණය කිරීමට හේතු දැක්විය හැක.

සත්‍යය නම්, ඔබගේ නායකත්ව ශෛලිය කුමක් වුවත් යමෙකු සෑම විටම නොසතුටට පත්වනු ඇත. ඔබ කොතරම් හොඳ ගනුදෙනුවක් ඉදිරිපත් කළත්, ඔබ කොතරම් හොඳ රැකියාවක් කළත්, යමෙකු සැමවිටම අසතුටට පත්වනු ඇත.

ඔබ සෑම කෙනෙකුම සතුටු කිරීමට උත්සාහ කිරීම අපහසු ව්‍යායාමයකි, එය පිරිසිදු උමතුවකි. ඔබට කිසි විටෙකත් සියල්ලන් සතුටු කළ නොහැක, එබැවින් එයට උත්සාහ ගැනීමෙන් වලකින්න.

ඒ වෙනුවට, ඔබේ සමහර තීරණ අභියෝගයට ලක්කර, ඔබම මනසින් ඔබේ ප්‍රකාශයට ප්‍රතිවිරෝධතා දක්වා වඩාත් නිවැරැදිම තීරණය ගැනීමට සූදානම් වන්න. ඔබ ලෝකය නිවැරැදි දෙයට යොමුකරන විට වැරදි දෙය පසුපසට තල්ලු වනු ඇත. මෙය භෞතික විද්‍යාවේ නියමයයි.

ප්‍රතිවිරෝධය ගැන කරදර නොවන්න, එය සමඟ ගනුදෙනු කරන්න, එයට ඇහුම්කන් දෙන්න. ඔබට ප්‍රතිවිරෝධය සතුටු කිරීමට හෝ “නොමිලේ අයිස්ක්‍රීම්”, විකුණාගැනීමට අවශ්‍ය නැත. සමහර අය අසතුටට පත්වූවාට කම් නැත, සමහර අය කුමක් වුවත් නොසතුටට පත්ව සිටිති. ඒ ගැන කණගාටු නොවන්න.

මිනිසුන් නොසතුටට පත්වීම පිළිබඳ ඔබට ගැටළුවක් ඇත්නම්, සමහර විට ඔබ නායකත්වයට සුදුසු නොවනු ඇත. ඔබ ඒ වෙනුවට අයිස්ක්‍රීම් විකිණීමට යා යුතුද? වැඩ කිරීමේදී සෑම කෙනෙකුටම සැබවින්ම කිරීමට නිවැරැදි යමක් තිබේ. නමුත් නායකත්වය සෑම විටම, සැම දෙනාම සතුටු කිරීමට උත්සාහ නොගත යුතුය.

ඇයි? කිසිදිනෙක, කිසිදු අවස්ථාවක එය සිදුකල නොහැක. ඔබේ ජීවිතයේ වගකීම ඔබ භාරගෙන සැමවිටම නිවැරැදි තීරණ ගැනීමට මෙන්ම එම තීරණ ක්‍රියාවේ යොදවා අපේක්ෂිත ප්‍රතිඵල ලඟාකර ගැනීමට ඔබ වෙහෙස විය යුතුය. සැබෑ ස්වයං නායකයෙකුගේ නිවැරැදි ලක්ෂණය එයයි.

ඔබ ගන්නේ නිවැරැදි තීරණයක් යැයි ඔබට විශ්වාස නම්, ඔබ ක්‍රියාත්මක වීමට තීරණය කරන ආකාරය නිවැරැදි යැයි ඔබට හැඟෙයි නම්, ලැබෙන ප්‍රතිඵලය ඔබ අපේක්ෂා කරන නිවැරැදි ප්‍රතිඵලයම වන්නේ නම් වඩාත් ජනප්‍රියම තීරණය නොව නිවැරැදි තීරණය ගන්න. ජනප්‍රිය තීරණය නිවැරැදි නොවනු ඇතිවාක් මෙන්ම ඔබේ ජීවිතයේ වගකීමද කිසිවෙකු, කිසිදිනෙක භාර නොගනු ඇත. ඔබේ ජීවිතයේ වගකීම අනිවාර්යයෙන්ම ඔබ සතු බව මතක තබා ගන්න.

Business HUB පේජ් එක ෆලෝ කරලා බලන්න. සල්ලි ලොකුවට ලැබුනේ නැතත්, ඔබේ ජීවිතය හරි සාර්ථක වේවි. මොකද පෝස්ට් කියවලා දැනුම ලබාගෙන කමෙන්ට් කලත් අපි මුදල් ගෙවනවා. දැන්ම ඊයේ දවස වෙනකම් පෝස්ට් අවබෝධයෙන් කියවලා කමෙන්ට් කරන්න. මන්ද අපි අද හවසට පෝස්ට් කියවලා අවබෝධයෙන් කමෙන්ට් කල හැමෝටම ත්‍යාග දෙන්න තීරණය කලා.

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

සොක්‍රටීස්

සොක්‍රටීස්

ක්‍රි.පූ. 470 සිට 399 දක්වා ග්‍රීසියේ ඇතෑන්ස් නුවර වාසය කරන ලද ප්ලේටෝගේ ගුරුවරයා ලෙස අප වඩාත් හොඳින් හඳුන්වන ඒ මහා දාර්ශනිකයා වූයේ සොක්‍රටීස් ය. අත්දැකීමෙන් ලබා ගන්නා දැනුමට වඩා සිත යොමු කිරීමෙන් ලෝකයෙ තේරුම්ගත හැකිය යන බුද්ධිවාදය ගුරුකොටගත් සොක්‍රටීස් මිනිසා සහ මිනිස් සමාජය පිළිබඳව සත්‍ය ගවේෂණය කිරීමට යෑමේදී තමා කිසිවක් නොදන්නා පුද්ගලයකුය ‍යන මූලික පදනමේ සිට ක්‍රියා කිරීම ඔහුගෙන් ගත හැකි පළමු ආදර්ශය බැවින් එයද මෙහි සටහන්කොට තැබීම වටී යැයි සිතමි. කෙසේ නමුත් නව දෙවිවරුන් හඳුන්වා දීම, පිළිගත් දෙවිවරු ඇදහීම වැළැක්වීම ආදී නොයෙකුත් චෝදනා ගොනු කරමින් පන්සීයක් වූ ජූරි සභාවක් මඟින් මරණ දණ්ඩනය නියම කරන ලද සහ තම මතය වෙනුවෙන් තමා විසින්ම වස පානය කර මියගිය මේ මහා දාර්ශනිකයා හමු වීමට එක් දිනක් තරුණයකු පැමිණෙන්නේ සැබවින්ම ජීවිතයේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට අවශ්‍ය මග සහ ඒ සම්බන්ධයෙන් ඔවදන් ලබා ගැනීමටය.

සොක්‍රටීස් යනු එකල ග්‍රීසියේ විසූ මහා දාර්ශනිකයා බැවින් ඔහු මුණ ගැසීමට දහසකුත් ජනයා පැමිණෙන හෙයින් මෙම සාමාන්‍ය දුගී තරුණයා හට ඉතා පහසුවෙන් සොක්‍රටීස්ව මුණ ගැසීමට අවස්ථාවක් නැත. මන්ද රජවරුන් ඇතුළු දහසකුත් ජනී ජනයා හට අවවාද අනුශාසනා කරණුයේ සොක්‍රටීස් බැවිනි. නමුත් ජීවිතයේ අත් විඳිය හැකි සියළුම දුක් දොම්නස් අත් විඳිමින් සිටි ඔහුට අවශ්‍ය වූයේ ජීවිතයේ සාර්ථකත්වය ළඟා කර ගනිමින් සිය දෙමාපියන් ඇතුළු තමන්ගේ සැපත ළඟා කර ගැනීමට බැවින් සොක්‍රටීස් මුණ ගැසීමේ අවශ්‍යතාව කිසි ලෙසකත් ඔහු පැහැර හරින්නට නොවීය. කෙසේ හෝ තමා සොක්‍රටීස්ගේ නෙත ගැටීමට සැළස්විය යුතු යැයි සිතූ තරුණයා කිහිප වරක් එහා මෙහා යන්නට විය. අවසානයේ ඔහු සාර්ථක විය.

දරුවා ඔබගේ අවශ්‍යතාවය කුමක්දැයි ? සොක්‍රටීස් විමසන්නට විය. ගුරුතුමනි ! මා අනේකවිධ දුෂ්කරතාවන්ට මුහුණ පා ඇති හෙයින් ජීවිතයේ සාර්ථකත්වය ළඟා කර ගැනීම මා හට අවශ්‍ය වී ඇත. නමුත් ඒ සඳහා කුමක් කළ යුතුදැයි මා නොදනිමි. එම මාර්ගය මා නොදනිමි. ඔබගෙන් එය දැන ගැනීමට මට අවශ්‍යව ඇත්තෙමි. ඒ සඳහා ඔබගේ අවවාද අනුශාසනා මට අවැසිය. තරුණයාගේ පිළිතුරු විය. හීවිතයේ සාර්ථකත්වය ළඟා කර ගැනීම එතරම් පහසු දෙයක් නොවන බැවින් සහ ඒ සඳහා මඟ පෙන්වීම ද පහසු කටයුත්තක් නොවන බැවින් සොක්‍රටීස්ගේ පිළිතුර වූයේ පසුදා උදෑසන නැවත පැමිණ තමා හමුවන ලෙසය.

සොක්‍රටීස් පැවසූ පරිදි පෙරළා පසු දින ඔහුව මුණ ගැසීමට පැමිණෙන මෙම තරුණයා හට සාර්ථකත්වයේ මාර්ගය කියා දීමට සොක්‍රටීස් කලබල වන්නේ නැත. ඔහු සන්සුන් ය. තරුණයා පිළිබඳව ද කිසිදු තැකීමක් නැත. තමා පසු පස පැමිණෙන ලෙසින් පමණක් අණ කරමින් සොක්‍රටීස් දිගු ගමනක් යෑමට සූදානම් වේ. උද්‍යාන, කඳු හෙල් සහ ඝණ කැලෑ පසු කරමින් සොක්‍රටීස් කිසිවක් නොකියා ගමන් කරයි. ආරම්භයේදීම තමා පිළිබඳව කිසිදු තැකීමක් නොකළ හෙයින් තරුණයා ද නොසන්සුන් ය. ඔහුට කිසිවක් නොතේරේ. සාර්ථකතවයේ මාර්ගය තවදු තමන්ට දැන ගැනීමට අවස්ථාවක් ලැබී නැත. සොක්‍රටීස් පසු පස යෑම අනුවණ ක්‍රියාවක් බව ටිකෙන් ටික වැටහී ගියද තරුණයා ඔහු පසු පස ගමන් කරයි.

අවසානයේ දෙදෙනාම ගං තෙරකට පැමිණේ. සොක්‍රටීස් තවදු කිසිවක් ප්‍රකාශ නොකරයි. උදෑසන අධික සීතල වූව ද සොක්‍රටීස් ගඟ හරහ හෙමිහිට ගමන් කිරීම ආරම්භ කරයි. ඔහු පසු පසවත් බලන්නේ නැත. තරුණයා ද ඔහුට පසු ගමන් යන අතර ටික දුරක් ගිය විට ඔහු වහා නවතී. තරුණයාට තවදු දුර යා නොහැකි අතර මේ වන විට මෙම ගමන ඔහුට නීරස වී ඇත. එපමණක් නොව තව අඩියක් හෝ ඉදිරියට යන්නේ නම් ඔහු දියේ ගිලීමට ද ඉඩ ඇත. ජීවිතයේ සාර්ථකත්වය සොයා පැමිණි ඔහුට ජීවිතය පූජා කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැති හෙයින් සහ සොක්‍රටීස් තමා හට බොරුවක් කල බව තීරණය කළ ඔහු ආපසු හැරී යාමට සැරසේ. එය දුටු මෙතෙක් වේලා නිහඬව සිටි සොක්‍රටීස් වහා ක්‍රියාත්මක වී තරුණයාගේ උරහිසින් අල්ලා ජලය යට ඔහු ඔබා සිටින්නට විය.

දියේ ගිලී සිටින තරුණයා හට හුස්ම ගැනීමට කිසිදු අවස්ථාවක් නොමැත. සොක්‍රටීස් ද ඔහුට වඩා ඉතා ශක්තිවන්තයෙකි. නමුත් ජීවිතය බේරා ගැනීමටනම් කුමක් හෝ කළ යුතු හෙයින් සිය උපරිම ශක්ති ප්‍රමාණය යොදවමින් සොක්‍රටීස් තල්ලු කරන ලද තරුණයා වේගයෙන් ඉවුර දෙසට දුවන්නට විය. නමුත් නැවතත් සොක්‍රටීස් නිහඬය. සන්සුන් ය. කිසිවක් නොවූ වා සේ ඔහු තරුණයා පසු කරමින් නැවතත් ඉදිරියට ගමන් කරන්නට විය. සිය ඉවසීමේ සීමාව උපරිමයටම පැමිණ සිටි තරුණයා සිය හඬ අවදි කරන්නට වූ අතර ගුරුතුමනි! මා ඉතා දුප්පත් තරුණයෙකි. කිසිදු අස්වැසිල්ලක් නොමැති මා ඔබ ළඟට පැමිණියේ අස්වැසිල්ලක් බලාපොරොත්තුවෙනි. ඔබතුමාත් මා හට මෙසේ කරන්නේ මන්ද ? තරුණයාගේ ඍජු ප්‍රශ්නය එය විය. සිය හඬ අවදි කළ සොක්‍රටීස් පිළිතුර නම් තරුණයා, මා ඔබට කිසිවක් නොකළෙමි. ඔබගේ අවශ්‍යතාවය පරිදි සාර්ථකත්වයේ මග කියාදීමයි මා ඒ කලේ. ඔබගේ ජීවිතයට දිය හැකි වටිනාම ඔවදන මා මේ වන විට ඔබට ලබා දී ඇත.

ඔබ දියේ ගිලී සිටින විටදී ඔබට අවශ්‍ය වූ එකම දෙය වූයේ වාතයයි. ඔබගේ ප්‍රධාන අවශ්‍යතාවය වූයේ එයයි. ඒ වෙනුවෙන් ඔබට වඩා ඉතා ශක්තිවන්තයකු වූ මා තල්ලු කර දැමීමට තරම් බලයක් ඔබට ලැබුණේ කොයින් ද, ඔබ ඒ අවශ්‍යතාවය වෙනුවෙන් ඔබගේ සියළු ශක්තිය යෙදවූයේ කෙසේ ද ? ඔබට අවශ්‍ය කුමක්දැයි ඔබ තීරණය කරන්න. ඔබගේ අවශ්‍යතාව හඳුනාගන්න. ඒ වෙනුවෙන් ඔබට බොහෝ දුරක් යෑමට සිදුවිය හැකි නමුත් මඟ නොනැවතී ඉදිරියටම යන්න. අවශ්‍ය තැනදී ඔබගේ ඕනෑම ඉලක්කයක් වෙනුවෙන් ඔබගේ උපරිම ශක්ති ප්‍රමාණය යොදවන්න. එය සාර්ථකත්වයේ මාර්ගයයි.

Getpeakonline වෙබ් අඩවියට CHAMPIKA LAKSHMAN PEMADASA විසින් ලියන ලද ලිපියකින් උපුටාගන්නා ලදි. අයිතිය කතෲ සතුය.

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

මුවහත් වෙන්න අභියෝග බිම දාන්න

මුවහත් වෙන්න අභියෝග බිම දාන්න

පුරාණයේ එක්තරා ගස් කපන්නන් දෙදෙනෙකු සිටියා. දෙදෙනා ම වැඩ කලේ එක ම හාම්පුතෙක් යටතේ. මේ ගස් කපන්නන් දෙදෙනා ම ඉතාමත් හොද යහළුවෝ. පලමුවැන්නා වුණේ විල්. ඔහු මේ හාම්පුතා ගාව වැඩට ඇවිත් වසර 05 ක් ගතවෙලා තිබුණා. දෙවැන්නා වුණේ ජෝන්. ඔහු මේ හාම්පුතා ගාවට වැඩට ඇවිත් තාම අවුරුදු 02 ක් විතරයි. එක්තරා මාසයක වැටුප් ගෙවන දවසේ ජෝන්ගේ වැටුප වැඩි කරලා තියෙනවා විල් දැක්කා. නමුත්, ඔහුටත් වඩා කාලයක් තමන්ගේ හාම්පුතා වෙනුවෙන් කැප වී වැඩ කල තමන්ට වැටුප් වැඩිවීමක් නෑ. මේ ගැන කෙලින් ම, හාම්පුතාගෙන් අහන්න විල් තීරණය කලා.

“හේතුව මේකයි විල්. ඔයා දන්නවා අපි ලාභය බලාගෙන වැඩ කරන්නේ කියලා. මට ඕනේ වැඩ. ජෝන් ගිය මාසයේ කපපු ගස් ප්‍රමාණය සහ ඔයා ගිය මාසයේ කපපු ගස් ප්‍රමාණය ගණන් කරලා බලන්න. පහුගිය මාස හයේ ම, ජෝන් ඔයාට වඩා වැඩ පෙන්නලා තියෙනවා. ඉතින් මට ඔහුට වැටුප් වැඩි වීමක් දෙන්න සිද්ධ වුණා.” හාම්පුතා කිව්වා.

“හොදයි. මම එයාගේ මට්ටමට ආවොත් ඔයා මට වැටුප් වැඩි කරලා දෙනව ද?” විල් බලාපොරොත්තු සහගත ව ඇහුවා.

“නිසැකවම. මම අසාධාරණ මනුස්සයෙක් නෙවෙයි. ඔයා කරලා පෙන්නන්න. ජෝන්ට ලැබුනේ මොකක් ද? ඒක ඔබටත් ලැබේවි.” විල් ගේ දෑස් බලාපොරොත්තුවෙන් පිරුණා.

ඊළග දවසේ විල් ජෝන්ටත් කලින් වැඩට ආවා. ජෝන් විවේක ගන්නා වේලාවෙත් වැඩ කලා. සමහර වෙලාවට ජෝන් සේවය නිමවෙලා යද්දිත් තවත් පැය භාගයක් පමණ විල් රැකියාවේ නිරත වුණා. මේ පාර නම්, ජෝන් ව පරද්දලා මම කොහොම හරි ගස් වැඩිපුර කපනවා. විල් හිතුවේ එහෙම.

ඒත්, මාසය අවසානයේ සංඛ්‍යාලේඛණ පරීක්ෂාවෙ දි විල්ගේ ඇස් උඩ ගියා. ඒ මාසයෙත් ජොන්ට ලං වෙන්නවත් ඔහුට නොහැකි වී තිබුණා. ඔහු කෙලින් ම ජෝන් ව හමු වී මේ ගැන අසන්නට තීරණය කලා.

“මම උඹට කලින් වැඩට ආවා. උඹ විවේක ගත්දිත් මම වැඩ කලා. උඹ සමහර දවස්වල ගෙදර යනකොටත් මම වැඩ. ඇත්ත කියපං. කොහොම ද ඒ කරලත් උඹ මට වඩා ගස් වැඩිපුර කැපුවේ? උඹ බොරු කරනවා නේද?” විල් තරමක් සැකයෙන් ජෝන්ගෙන් ප්‍රශ්න කලා.

“නැහැ මගේ මිත්‍රයා. මම බොරුවක් කලා නෙවෙයි. ප්‍රශ්නය තිබෙන්නේ උඹගේ ඇතුලේමයි. උඹ මම විවේක ගත්තේ අඩුවෙන් බව දැක්කා. නමුත් උඹ දැක්කා ද මම ඒ විවේක වෙලාවේ මොකක් ද කරන්නේ කියලා. විල්, මම ඒ වෙලාවෙන් කොටසක් අරගෙන හැමවිට ම මගේ පොරව මුවහත් කලා. වැඩට පටන් ගන්න කලින්, වැඩේ අතරතුර, වැඩ අවසානයේ මේ හැම තැනකදි ම, මම මගේ පොරව මුවහත් කරන්නට පොඩි වෙලාවක් හරි දුන්නා.” උඹ අන්තිමට උඹගේ පොරව මුවහත් කලේ කවද්ද?

“මීට අවුරුදු දෙකකට කලින්.” විල් වික්ෂිප්ත ව, නමුත් වෙලා තියෙන දේ තේරුම් ගනිමින් කිව්වා.

අපි බොහෝ දෙනා ඇත්තට ම විල්ගේ විදියමයි. සරළව ම මේක පැහැදිලි කලොත්, මේ අවුරුද්ද පටන් ගන්න කලින්, මේ අවුරුද්ද වෙනුවෙන් මට මෙහෙම බලාපොරොත්තු, අරමුණු තිබුණා කියලා, ඔබට ආසන්නයේ ම මතක් වුණ දවස කුමක් ද? ඔබ ඒ අරමුණු තමන්ගේ සිතට මතක් කර දෙමින්, ඒවා නැවත නැවතත් මුවහත් කරමින්, තමන්ගේ අරමුණ කරා යන ගමනේ බාධක විදියට නැගෙන රූස්ස ගස් කපා දාන්න කටයුතු කලා ද? ඉලක්කයක් හඹා යනවිට, අරමුණු සහගත බව, ඒවා නිරතුරුව ම සිහිපත් කර ගැනීම සහ ඒ වෙනුවෙන් වැඩ කිරීම අතිශයින් ම වැදගත්. ජීවිතයේ ඇතැම්විට අපිට අරමුණු තිබෙනවා. නමුත්, ගමන යන අතරවාරයේ දී අපිට ඒ අරමුණු අමතක වෙනවා. ඒක හරියට ම මොකක් වගේ ද දන්නව ද? ඒක හරියට, ඔබට ගමනක් යන්න පටන් ගත්තට පස්සේ කිසියම් තැනක දි මගේ ගමනාන්නතය වුණේ මොකක් ද කියන එක අමතක වෙනවා වගේ. අසරණයි නේද? කවුරුන් නිසා ද? තමන්ගේ ම දුර්වලතා නිසා.

අරමුණු සහගත වීම, ඒ සඳහා නිරතුරු ව සූදානම තබා ගැනීම අතිශයින් ම වැදගත්. අමෙරිකාවේ සුප්‍රකට ජනාධිපතිවරයා ඒබ්‍රහම් ලින්කන් වරක් කිව්වා මෙහෙම.

” මට ගසක් කපන්නට පැය 06 ක් ලබා දුනහොත්, ඉන් පැය 04 ක් ම මම කරන්නේ පොරව මුවහත් කිරිමයි.” අරමුණ වෙනුවෙන් අවශ්‍ය පරිසරය සකසා ගැනීමට කැපවීම, ඒ වෙනුවෙන් වැඩ කිරීම කොතරම් වැදගත්දැයි මින් පැහැදිලි වනවා. අරමුණු සහගත, මුවහත් මිනිසෙක්ට ලේසියෙන් අභියෝග නමැති වෘක්ෂ බිම දාන්න පුළුවන් වුණාට, අරමුණකින් තොරව, අපැහැදිලි මුවහත් නොමැති අයෙකුට, අභියෝග නමැති වෘක්ෂ බිම දැමීම ලේසි නැහැ.

ඒ නිසා, නැවත තමන්ව සංවිධාන කරන්න අද දවස භාවිත කරන්න. හැම දවසක් ම, තමන්ගේ අරමුණු මුවහත් කරන්න උත්සාහ කරන මිනිස්සු, ලේසියෙන් පරදින්නේ නෑ. පරද්දවන්න බෑ.

Business HUB පේජ් එකෙන් අපි දිනපතා කරන්නේ දැනුම දෙන එක. හැමෝගෙන්ම වැඩ පටන් ගන්න කලින් මම ඉල්ලන එකම දේ ලිපි සියල්ල කියවා වැඩ ආරම්භ කරන්න කියා. නමුත් බොහොමයක් අය ලිපියක් දෙකක් කියවා වැඩ පටන්ගන්නවා. හැබැයි සාර්ථක වෙන්නේ නෑ. මොකද සාර්ථක වෙන්න අවශ්‍ය දැනුම ඔබ ලබාගෙන බෑ. මම හැම මොහොතකම ඔබට කියන්නේ හැම නිදහස් වෙලාවකම ඉගෙන ගන්න කියලා. එක තත්පරයක්වත් නාස්ති කරන්න එපා කියලා. ඔබට මුදල් උපයන්න අවශ්‍යයිනම් ඒ වෙනුවෙන් මුලින්ම කැපවෙන්න.

මුවහත් වෙන්න. අභියෝග බිම දාන්න.

මීට පෙර පළකල සිතුවිල්ලක් නැවත පළකරන්න හිතුවේ මේ පේජ් එකේ ගොඩක් අය නිසි අධ්‍යාපනය නොලබා සල්ලි පහලවෙනකම් බලාගෙන ඉන්න නිසයි.

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. එම උපුටාගත් කොටස්වල අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla

ඔබ ගැන විශ්වාස කරන්න

ඔබ ගැන විශ්වාස කරන්න

ඔබ ගැන විශ්වාස කරන්න. ඔබ සිතනවාට වඩා ඔබ නිර්භීතයි, ඔබ දන්නා තරමට වඩා ඔබ දක්ෂයි, ඔබ සිතනවාට වඩා ඔබට හැකියාව තිබෙනවා….

Believe in yourself. You are braver than you think, more talented than you know, and capable of more than you imagine.

ගොඩක් අය තවත් කෙනෙක්ට යම් දෙයක වැදගත් කමක් පෙන්වන්න ලෝකයේ ඉන්න අතිශය දියුණු වුණ පුද්ගලයින්ගේ නම්, ඡායාරූප භාවිතා කරනවා… ඔවුන් කරපු කියපු දේවල් උපුටා දක්වනවා. ඔබටත් මේ වගේ වෙන්න පුලුවන් කියලා…. ඔය වගේ කියලා දුන්න එකම වැඩසටහනකින්වත් ඒ වගේ අය බිහිවුණාද කියලා ඔබේ බුද්ධියෙන් විමසා බලන්න… ඔබ රැවටුනා, නැත්නම් අනාත වුණා…

ඔබට බිල් ගේට්ස්, බැරක් ඔබාමා, ජැක් මා, මාක් සකර්බර්ග්, ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ වෙන්න බැහැ. යමෙක් ඔබට ඔවුන් කල කියූ දෙයක් පෙන්වනවනම් ඒ ලොකු බොරුවක්. බොරු උද්‍යෝගයක් ඔබ තුල මවලා ඔබව වලට ඇදලා දාන්නයි ඔවුන් උත්සාහ කරන්නේ… හැබැයි ඒ වගේ අදහස් පතුරවන ඒ ආයතන වල මහ මොළ කාරයින්ගෙන් 1%ක් විතරනම් අර ඡායාරූප වල පෙන්වන අය වගේ 0.00000000000000001%ක් විතර සාර්ථක වෙලා ඇති. ඒ ඔබ නිසා, එක්කෝ ඔබ තවත් මිනිස්සු 100 ගාණනක ජීවිත විනාශ කල නිසා වෙන්න පුලුවන්.

හැබැයි ඔබ කවදාවත් ඒ තත්වයට එන්නේ නෑ…. මෙසේ කීවේ ඔබව අධෛර්යමත් කරන්න නෙමේ. ඇයි ඔබ වෙන කෙනෙක් වෙන්න උත්සාහ කරන්නේ….

ඔබ ඔබම වෙන්න…

හොඳම උදාහරණය ලංකාවේ ගමක ඉපදුන, තවමත් ගමක අප්‍රසිද්ධව ඉන්න මං ගැන කියන්නම්….

මගේ ජීවිත කතාව නිසා මෙය තරමක් දීර්ඝ වේවි… නමුත් ජීවිතයට යමක් ඕනනම් ඔබට ලංවෙන්න පුලුවන් කෙනෙක්ගේ ජීවිත කතාවක් ආදර්ශයට ගන්න උත්සාහ කරන්න…

මම ධනේෂ් එදිරිසූරිය. තුල්හිරිය කියන ගමේ ඉපදුනේ 1986 වසරේ… එදා ඉඳන් අද වෙනකම් මට හරි හමන් යාලුවෙක් නෑ… මට වෙන අය ගැන හොයන්න වෙලාවක් තිබ්බේ නැහැ. මං ජීවත් වුනේ මගේම ලෝකෙක මගේ හීන හැබෑ කරගනිමින්…

🍀 නව නිර්මාණ වලට ගත කල ජීවිතය (1995-2012)

පුංචි කාලේ ඉඳන්ම නව නිර්මාණ වලට කාලය වෙන් කලා. 1995-2012 කාලය මම වැඩියෙන්ම ගත කලේ නව නිර්මාණ වෙනුවෙන්… නොකලහැකියි කියන දේවල් නිර්මාණය කරමින්…

🤛 මාගේ කාමරයේ දොර විවෘත කිරීමට මා විසින් නිර්මාණය කල අතේ බඳින පටියක් (WristBand with a Proximity Sensor) භාවිතා කල බව.

📡 මා අනෙක් අය සමඟ සන්නිවේදන කිරීමට මාගේ අතේ බඳින ඔරලෝසුව (Talking Watch) භාවිතා කල බව.

🗣️ මාගේ කාමරයේ බල්බ සහ සමහර ඉලෙක්ට්‍රොනික උපාංග මාගේ කටහඬට (Voice Control Appliances) ක්‍රියාත්මක වූ බව.

👏 කාමරයේ සමහර උපාංග අත්පුඩියක් මගින් (Clap Control Appliances) පාලන වූ බව.

🔆 උදෑසන සියලුම විදුලි පහන් ස්වයංක්‍රීයව ක්‍රියාවිරහිත වූ බව සහ රාත්‍රියේ ස්වයංක්‍රීයව දැල්වුණ බව (Automatic Light Control System – Light Sensitive Systems)

📲 ජංගම දුරකතනයට ඇමතුමක් ලැබීමට ප්‍රථම (Pre-Call Informing System) එය දැනුම් දීමට පද්ධතියක් නිර්මාණය කර තිබූ බව.

👫 කාමරයට යමෙක් ප්‍රවේශ වන විට/ආසන්න වන විට දැනුම් දීමේ පද්ධතියක් (Motion Sensor control Appliances & Alert system) නිර්මාණය කර තිබූ බව.

👥 කාමර අතර සන්නිවේදනය කිරීමට ක්‍රමයක් (Intercom) නිර්මාණය කර තිබූ බව.

🚴 මාගේ බයිසිකලයට ස්වයංක්‍රීයව මාගේ විධානයන්ට අනුකූලව ක්‍රියාත්මක විය හැකි බව සහ මා පසුපස පැමිණිය හැකි බව.

🤚 කාමරයේ සමහර තාක්ෂණික උපාංග පාලනය හස්ථ සංඥාවෙන් (Gesture Control) සිදුකල බව.

👞 අන්ධ අයට කතා කරන සපත්තු දෙකක් නිර්මාණය කලා GPS සහිත (Smart Shoes for Blind)

👄 කතා කරන්න බැරි අයට සංඥා භාෂාව කටහඬට හැරවෙන පෑනක් නිර්මාණය කලා. (Sign Language Interpreter)

🙋‍♂️ ChatGPT වලට සමාන ඉංග්‍රීසි සහ සිංහල විධාන වලින් ක්‍රියාත්මක වෙන පරිගණක වැඩසටහනක් 2000-2002 කාලය අතර තුර නිර්මාණය කලා.

ඔබ දන්නවාද තවත් බොහෝ දේ මා විසින් සිදුකල බව සහ ඊට වසර 2-3කට පසු මාගේ පරිගණකය මාගේ කටහඬින් දෙන විධානයන්ට අනුකූලව කටයුතු කිරීමට නිර්මාණය කල බව සහ ඉන්පසු සිය ගණනක් නව නිර්මාණ දිනපතා මා විසින් 2012 වසර අවසාන වන තෙක් නිර්මාණය කල බව සහ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් මාගේ ඒ ජීවිතය, විනෝදාංශය අමතක කර සම්පූර්ණ සමාජසත්කාර වෙනුවෙන් ජීවිතය කැප කිරීම ආරම්භ කල බව…. 2012 දී මාගේ මිතුරෙක් මාගේ මේ දේවල් දැකලා මං ගැන පුවත්පතකට ලියූ ලිපියක් නිසා මගේ ජිවීතයේ ලොකු පෙරළියක් සිදු වුණා…

♿ මිනිසුන්ට උදව් කරමින් ගත කල කාලය (2005 – වර්ථමානය දක්වා)

මට හැමවෙලාවෙම ඕන කලේ නිදහස් ජීවිතයක්. උසස් පෙළ අවසන් කල ගමන් මම ගමේ තිබ්බ නැණසල මධ්‍යස්ථානයේ කළමණාකරු ලෙස සම්බන්ධ වුණා. ඒ වන විට ගැණු ළමයි දෙන්නෙක්ට ආදරය කරලා ඒ සම්බන්ධ නතර වෙලා තිබ්බේ.

මං නැණසලෙහි පරිගණක ගුරුවරයෙක් ලෙස කටයුතු කරන විට එක ගෑණු ළමයෙක් මගෙන් ආදරය ඉල්ලා සිටියා… අපේ ගෙදර අයගෙන් අහලා එයා දුන්නා ලියුම ගෙදර අයට පෙන්වලා දෙන්නා ආදරය කරන්න පටන් ගත්තා… එයාගේ නම සමරදිවාකර කරුණානායක චන්ද්‍රසේකර වාසල කුමාරසිංහ මුදියන්සේ රාලහාමිලාගේ DYC.

අපි දෙන්නගේ ආදරය මහ පුදුමාකාරයි. ආදරය ගැන වචනයක් කවදාවත් කතා කරලා නැහැ. දෙන්න එකතුවෙලා අපේ තාත්තගේ උදව්වෙන්, මගපෙන්වීමෙන් ගමේ අසරණ මිනිස්සුන්ට, සතුන්ට උදව් කරන්න පටන් ගත්තා… ආදර කතාවේ රසවත් දේවල් ගොඩක් තියේ. ඒවා වෙන දවසක කතා කරමු. 2009 ඒ සම්බන්ධය නතර වුණා මම සහ ඇය රැකියාවකට යාමත් සමඟ… මගේ ජීවිතයට ලැබුණ වටිනාම වස්තුවක් වුනේ ඇය. රට වෙනුවෙන් ගොඩක් දේවල් ඇයත් එක්ක සිදුකලා. ඇය වෙන්වුනත් වෙන්වීමෙන් පසුවත් ඇය මට උදව් කලා. දැන්නම් ඇය විවාහ වෙලා. හරි සතුටුයි ඇය ගැන….

2009 මගේ තාත්තා නැතිවුණා. එයා වෙනුවෙන් මට රුපියලක්වත් උපයලා දෙන්න බැරිවුණා. එය මගේ ජිවිතයට ලොකු බලපෑමක් කලා. මුදල් වලට තිබ්බ ආසාව මට නැතුව ගියා. ඒ වෙනකොට මම මගේ TechLabs ආයතනය Nano නමින් ආරම්භ කරලා තිබ්බේ. මගේ හැකියාවන් මත මම ලක්ෂ ගාණක් හෙව්වා. ඔබ දන්නවාද ඒ කාලයේ මාත් එක්ක Client කෙනෙක් කාලය ගත කරන්න මගෙන් වෙලාව වෙන් කරගන්න එක් දිනක් වෙනුවෙන් රු.10,000ක් ගෙවපු අවස්ථාත් තිබුණා. ලැබෙන මුදල් වලින් මං සතුටක් ලැබුවේ නැහැ. ඒ තාත්තා වෙනුවෙන් දෙයක් කරන්න බැරිවුණ නිසා.

ඉතිං මං ඒ මුදල් නැතිබැරි මිනිස්සුන්ට බෙදන්න පටන් ගත්තා… ඒ වෙනුවෙන් මං පදනමක් ආරම්භ කලා. බී. එච්. එදිරිසූරිය ප්‍රජාසත්කාර පදනම නමින්… නමුත් ටික කාලයක් යනකොට හිතට අදහසක් ආවා. ඒ හැමෝම ෆේස්බුක් වැරදි විදිහට භාවිතා කරන නිසා මට අවශ්‍ය වුණා ෆේස්බුක් හරි විදිහට භාවිතා කරලා මිනිස්සුන්ට ආදර්ශයක් වෙන්න. අනික මං තනියෙන් කරනවට වඩා එකතු වුනොත් මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් කියන හැඟීම මට ආවා.

පදනම ෆේස්බුක් හරහා ආරම්භ කරලා වසරක් යාමට ප්‍රථමයෙන් මට 2013 SUNFO ආයතනය හරහා “සමාජ සේවා” සම්මානය ලැබුණා.

2014දී “ෆේස්බුක්/සමාජ මාධ්‍යජාල භාවිතා කර රටේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීම වෙනුවෙන් Etisalat ආයතනයෙන් Social Good Award” එක හිමිවුණා.

ඉන්පසු මම මගේ ආයතනය 2015දී SamajaSathkara.lk පදනම නමින් රජයේ ලියාපදිංචි කලා.

2015දී එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) වසරේ විශිෂ්ටතම තරුණ ස්වේච්ඡා සේවකයා (VAwards – Youth Volunteer of the Year 2015) සම්මානය හිමිවුණා…

ඉන්පසු 2016දී මාව TOYP වසරේ විශිෂ්ටතම තරුණයා සම්මානයේ අවසන් වටයට තේරී පත්වුණා. නමුත් මට වාසනාවක් තිබ්බේ නැහැ විශිෂ්ටතම තරුණයා වෙන්න. උත්සාහය අතහැරියේ නැහැ මම. 2017 වසරේදීත් මම එයට ඉල්ලුම් කලා. 2016 වසරට වඩා සිය ගුණයක් අසරණ මිනිස්සුන්ට 2017 වසරේදි උදව් කලා. අවසානයේදී මම සමාජ සේවා ක්ෂේත්‍රයෙන් “ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණයා” බවට 2017 වසරේදී JCI ආයතනය මගින් පවත්වනු ලබන TOYP වැඩසටහෙන් තේරී පත්වුණා.

එය මට හිමි වුනේ මගේ නොපසුබට උත්සාහය, කැපවීම සහ මාගේ ෆේස්බුක් මිතුරන්ගේ උදව් උපකාර නිසා…

මට අවශ්‍ය වුණා මගේ ආයතනයට ලංකාවේ හොඳම වෙබ් අඩවිය සම්මානය ගන්න. ලොකු කමට කියනවා නෙමෙයි ඒත් මම දක්ෂ වෙබ් අඩවි නිර්මාණය කරන කෙනෙක්. මාගේ නිර්මාණ රටේ හොඳම නිර්මාණ ලෙස තේරී පත් වුවත් මගේම දෙයක් නිර්මාණය කරගන්න මට බැරිවුණා. ඒ මගේම දෙයක් නිසා මගේ අවශ්‍යතාවය වැඩි නිසා. ඉතිං මං ඒ ගැන හිත හිතා ඉන්නකොට මට එක්තරා ගෑණු ළමයෙක් මුණ ගැසුණා. ඇය කීවා ඇගේ ජීවිතෙත් සමාජසත්කාර කියලා. වෙබ් අඩවිය හදන්න උදව් වෙන්න පුලුවන් කියලා. ඇයත් එක්ක සම්බන්ධය වසර 2ක් පැවතුණා. මුණගැහුණු පළමු සතියේ නිර්මාණය කල වෙබ් අඩවියම වසර 2ක් පැවතුනා. විශිෂ්ටතම තියා කිසි වෙනසක් එහි සිදුවුණේ නැහැ. ආයතනය දවසින් දවස ආගාධයට වැටුණා. ඒත් මම උත්සාහය අත හැරියේ නැහැ. පසුව වෙනත් අයගේ උදව් නැතුව මම මගේ අදහසට වෙබ් අඩවිය නිර්මාණය කලා.

2015/16 වසරේ SLT 01Awards තරඟයේ අවසන් ආයතන 3 අතරට සම්පත් බැංකුව වැනි විශාල ආයතනයක්ද පරාජය කරමින් මා තේරුණත් ජයග්‍රහණය කලේ අද වෙනකන් අභිරහසක්ව පවතින ෆේස්බුක් පේජ්, වෙබ් අඩවියක් නැති කවුරුත් නොදන්න ආයතනයක්. හැබැයි මං උත්සාහය අත හැරියේ නැහැ….

2017/2018 වසරේ මා නැවතත් එයට ඉල්ලුම් කලා. මා “වසරේ විශිෂ්ටතම සමාජ සේවා ආයතනය” 2 වන ස්ථානය ලබාගන්න සමත් වුණා… හැබැයි මං ඒත් උත්සාහය අත හැරියේ නැහැ. ඇයි මම දෙක වෙන්නේ. මං විශිෂ්ටයි කියලා මගේ හෘද සාක්ෂිය දන්නවා. මගේ අරමුණ නිර්ව්‍යාජයි කියලා මං දන්නවා…

ඉතිං 2018-2019 වසරේදී මා නැවතත් එයට ඉල්ලුම් කලා. අවසානයේදී මා SLT 01Awards හි වසරේ විශිෂ්ටතම සමාජසේවා ආයතනය/වැඩසටහන, වසරේ විශිෂ්ටතම වෙබ් අඩවිය සහ ජංගම දුරකථන යෙදුම සඳහා යන 3ම වෙනුවෙන් සම්මාන ලබාගත්තා….

ඒ මගේ නොපසුබට උත්සාහය නිසා. පරාජය භාර නොගත් නිසා…

මගේ ජීවිතයට ආව ගොඩක් අය කලේ ජිවිතය විනාශ කරන්න උත්සාහ කල එක. ඔවුන්ට මගෙන් ලබාගන්න අවශ්‍ය දේවල් ලබාගන්න නොහැකි වුණහම ඔවුන් සිදු කලේ මගේ මේ උතුම් කාර්යය විනාශ කරන්න කටයුතු කල එක. අවසන් වරට ආදරය කල ගැහැණු ළමයි දෙදෙනානම් තවත් උත්සාහ කරන්නේ උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් මාව විනාශ කරන්නේ කොහොමද කියලා කල්පනා කරමින්… මට හිතෙන එකම දේ “හොඳ වෙලාවට මං ඔවුන්ගෙන් ඈත් වුණේ. මන්ද ඔවුන් සමඟ මා ජීවිත කාලයම ගත කලානම් බොරු ආදරයක් සමඟ ජීවත්වෙන්න වෙන්නේ. යමෙක් යමෙක්ට ඇත්තටම ආදරය කලානම් ඔවුන් ජීවිතයෙන් ඈත් වෙලා ගියාට පසුවත් සතුටෙන් ඉන්නවා දකින්න ආසාවක් තියෙන්න ඕන. තමන්ට නැතිනම් විනාශ කරනවානම් එතන ආදරයක් නෑ. ඒ නිසා මං හරිම සතුටු වෙනවා එවැනි අය මගේ ජිවිතයෙන් ඈත් වුණ එකට.

මට ආදරය කලා කියලා ගොඩක් අය මං ලඟින් ඉන්න කාලයේ මං සාර්ථක කෙනෙක් වුනේ නැහැ. හැමෝම තම තමන්ගේ පෞද්ගලික හේතු මත මගෙන් වෙන්වෙලා ගියාට පසුව තමයි මං සාර්ථක වුණේ. විශිශ්ටයෙක් වුණේ…

අද මං ඉන්න තැන ගැන මං සතුටු වෙනවා…
මං විශ්වාස කලේ මාව…
හැම මොහොතෙම මං මට පුලුවන් කියන ස්ථාවරයේ හිටියා. සාර්ථකත්වය 100%ක්ම තිබුණේ මං ගාවමයි. අන්න ඒකයි ජිවිතේ කවුරු හිටියත්, නැතත්, වෙන්වුණත් අද මං සාර්ථක වුණේ.

හැබැයි මට ඒ සාර්ථකත්වය කරා යන්න ලංකාවේ ලක්ෂ ගාණක මිනිස්සුන්ගේ ආශිර්වාදය සහ මගේ පවුලේ අයගේ ආදරය, රැකවරණය ලැබුණා. අන්න ඒ නිසයි මං ශක්තිමත් වුණේ…

හැමවිටම පරාර්ථකාමී වෙන්න…
ඔබ ගැන විශ්වාසය තබාගන්න
ඔබට දිනන්න පුලුවන්…

අද ධනේෂ් එදිරිසූරිය කියන්නේ නමක් නෙමේ Brand එකක්… සමාජසත්කාර නම් ධනේෂ්….

ඔබේ නම Brand එකක් වෙනකම්ම වැඩ කරන්න…

ඔබට පුලුවන්…

අද මම TechLabs Innovative Solutions International (Pvt) Ltd කියන ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා. 2006 Future Center නමින්ද, 2009 Nano නමින්ද, 2011 TechLabs නමින්ද තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර තිබූ එය 2021 පෙබරවාරි මාසයේ Private Limited ආයතනයක් ලෙස රජයේ සමාගම් මැදුරේ ලියාපදිංචි කලේ Charityshop (Business HUB) වැඩසටහනේ ඔබගේ දිරිමත් කිරීම නිසයි.

විශ්වාසයෙන් ඉන්න, මෙයත් ලංකාවේ ඉහළම තැනකට මං ගේනවා… මං මෙය Earn Money ලෙස 2019 වසරේදීත් ආරම්භ කලා. එයින් කොටසක් අද මේ වැඩසටහනටත් එකතුවෙලා ඉන්නවා. අද ඔවුන් හොඳ ආදායමක් ගන්නවා. ඒ ඔවුන් මාව විශ්වාස කල නිසා. 2019 එය Fail වුණා. ඒ කලේ ශ්‍රී ලංකාව රජ කල ආයතන මගේ ෆේස්බුක් පේජ් රිපෝට් කලා. ඒ නිසා මගේ ප්‍රොෆයිල් වසරක් බ්ලොක් වුණා. හැබැයි මං අත හැරියේ නැහැ.

උතුම් අරමුණක් පෙරදැරි කරගෙන Charityshop (වර්තමානයේ Business HUB) නමින් එය ආරම්භ කලා. අද එයට සමකරන්න පුලුවන්, සාමාජිකයින් වෙනුවෙන් සේවා සපයන ආයතන ලෝකයේ වෙන කොහෙවත් නැති තරම්…. අපි ලංකාවේ 1, නමුත් අපි ලඟට එන ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ කාරණා 2ක් නිසා. එක අපි මේ වැඩසටහනින් ලබාදෙන්නේ බොහොමයක් වෙලාවට Active Income පමණයි. Passive Income ප්‍රමාණය අඩුයි. අපේ මුදල් හොයන්න අධ්‍යාපනයට මුල් තැනක් දෙන්න ඕන. ඉගෙන ගන්න ඕන. ඉතිං නිදාගෙන ඉන්නකොට මුදල් ලැබෙනකම් බලාගෙන ඉන්න අය මෙයට එකතු වෙන්නෙ නැහැ. අන්තිමේදී වැටුණ වලෙන් ගොඩට එන්න වෙන්නේ. නිදාගෙන ඉඳලා නෙමේ. කාත් එක්ක හරි නිදියලා තමයි. දෙවෙනි කාරණාව තමා අපේ ආයතනයේ ලෙවල් නැහැ. පිරමීඩ ක්‍රමයට මුදල් ලබාදෙන්නේ නැහැ. ඉතිං මිනිස්සු පිරමීඩ වලට ලෝකයාට පෙන්න බැන්නත් හොයන්නේ ඒවා… අන්න ඒ නිසයි අපට පිරිස අඩු….

කමක් නෑ…මං අඩුම තරමින් සුළු පිරිසකගේ හරි ජීවිතය වෙනස් කලා. ඒ ඇති මට. මගේ සාමාජිකයෝ ලක්ෂ 10යි කියන්න ඕන නෑ මට. මොකද එහෙම සාමාජිකයෝ ඉන්නවා කියලා කීවත් හැමෝම දන්නවා ඒක බොරුවක් කියලා, අනික එහෙම එකතු කල ආයතන අද මිනිස්සුන්ට සාපයක් වෙලා ඉවරයි. ඒ අය වෙනුවෙන් විරෝධී ගෲප් හදාගෙන ඉවරයි… අපි වෙනුවෙනුත් එහෙම හැදේවි. ඒ අපිට සමාන වෙන්න බෑ කියලා අනික් අයට තේරෙනකොට අපිව විනාශ කරලා දිනන්න උත්සාහ කරාවි…

ඕන කෙනෙක්ට පුලුවන් මාව/අපිව මන්දගාමී කරන්න විතරයි. හැබැයි නවත්වන්න බෑ. ඒකට උත්සාහ කරනන්වත් එපා… මොකද ඔබ තවම දැක්කේ මේ පොඩි කොල්ලගේ වැඩ වලින් 1%ක් විතරයි. තව 99%ක් එහෙම්මම ඉතිරියි. මං අහංකාරයකින් තොරව අවුරුදු 17-18 පොඩි අයගෙන් පවා උපදෙස් ගන්නවා. දවස පුරා මං කැමති මට හැමොම දැනමුතුකම් දෙනවට. මං දවසින් දවස ඉගෙන ගන්නවා…

CharityShop (Business HUB) දවසක විශිෂ්ටතම වැඩසටහන වෙනවා නොඅනුමානයි ! විශ්වාසයෙන් රැඳී සිටින්න. සෙමෙන් ගමනක් යමු. නිදහස් කාලය මාත් එක්ක ගත කරන්න….

ඔබ ගැන විශ්වාස කරන්න.
ඔබ සිතනවාට වඩා ඔබ නිර්භීතයි,
ඔබ දන්නා තරමට වඩා ඔබ දක්ෂයි,
ඔබ සිතනවාට වඩා ඔබට හැකියාව තිබෙනවා….

අපි එකතු වෙලා දිනමු !

ප.ලි : දීර්ඝ වුණාට සමාවෙන්න. ඔබේ ජීවිතයට යමක් එකතු වුණානම් පුංචි කාලයක් වෙන් කරලා එය අකුරු කරන්නත් අමතක කරන්න එපා…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla