දිනක් තරුණයින් දෙදෙනෙක් තමන්ගෙ ගුරුවරයා බලන්න ගියා. එක් තරුණයෙක්,
“මට ජීවත් වෙන්න ඕන. මට යමක් දෙන්න” කියලා ගුරුවරයාගෙන් ඉල්ලුවා.
ගුරුවරයා ඔහුට තරමක් විශාල ලී කොටයක් දුන්නා. දෙවන තරුණයාත්,
“මට පොහොසත් වෙන්න ඕන ගුරුතුමනි. මට යමක් දෙන්න” කියල ඉල්ලා සිටියා.
ගුරුවරයා ඔහු දෙස බැලුවා. ඔහු අනෙක් තරුණයාට වඩා වෙනස්ම කෙනෙක්. ඔහු තුළ යම් සුවිශේෂී හැකියාවක් ඇති බව ගුරුවරයා හඳුනාගත්තා. ගුරුවරයා ඔහුට කුඩා ලී කොටයක් දුන්නා. දෙදෙනාම ගෙදර ගියා. පළමු තරුණයා ආයුධයක් අරගෙන ලී කොටය කැබැලි කළා. ඒවා මිටි බැඳැගෙන නගරයට ගියා. විකිණුවා. පුංචි මුදලක් උපයාගත්තා. දෙවන තරුණයාට ඕන වුණේ පොහොසතෙක් වෙන්න. ඔහු ලී කැබැල්ල දිහා බලාගෙන දිගින් දිගටම කල්පනා කළා. ඔහු දැක්කා ලී කැබැල්ල අතරින් තම ජීවිතයේ විශාල වෙනසක් වන හැටි. ඔහු දැක්කා ඔහුගේ ජීවිතය ආලෝකමත් වන හැටි. ඔහු සිහින මවන්න පටන් ගත්තා. ඉන්පසු ඔහු තම පියාගේ වඩු මඩුවෙන් ආයුධ කිහිපයක් අරගෙන ලී කොටය කැටයම් කරන්න පටන් ගත්තා. ඔහු දින කිහිපයක් එක දිගටම වෙහෙස වුණා. අවසානයේ හිතාගන්නත් බැරි තරමේ හරි අපූරු පිළිමයක් ඔහුගේ අතින් නිර්මාණය වෙලා. ඔහුට පුදුම සතුටක්.
නඟරයේ විශාල උත්සවයක්. ඒ එක්කම සල්පිලක්. රටේ සිටින ධනවත්ම පුද්ගලයින් ඒ උත්සවයට පැමිණියා.
පෙර කී තරුණයා තමන් විසින් නිර්මාණය කළ පිළිමයත් අරගෙන උත්සව භූමියට ගියා. මිනිස්සු දැක්කා හරි අපූරු ලී පිළිමයක්. එහි අලංකාර නිමාවක් තිබුණා. සල්පිලේ තිබුණු අනෙකුත් නිර්මාණ වලට වඩා වෙනස්ම විදියේ එකක්. මිනිස්සු ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. එක් ධනවත් පුද්ගලයෙක් මේ පිලිමය දැක්කා. ඔහු විශාල මුදලක් ලබා දී මේ පිලිමය ලබා ගත්තා. තරුණයාට හරිම සතුටුයි. ඔහු තෑගි බෝග අරගෙන ගුරුවරයා බලන්න ගියා. ගුරුවරයා ඔහුට උපදෙසක් දුන්නා.
“ඔබ ඔබේ හැකියාව හඳුනාගත්තා. එයින් මුදලක් උපයා ගත්තා. නමුත් ඒ මුදල නිකන්ම විනාශ වෙලා යන්න දෙන්න එපා. ආයෝජනය කරන්න. ඔබට පුළුවන් තවත් පොහොසත් වෙලා ලෝකෙටම උදව් කරන්න”
තරුණයා ඉස්සෙල්ලාම තමන්ටම ආයුධ කිහිපයක් මිල දී ගත්තා. දිගින් දිගටම නිර්මාණ කළා. අවසානයේ ඔහු ඒ නඟරයේ සිටින මහා පොහොසතෙක් බවට පත් වුණා.
ඊට පෙර කියූ අනෙකුත් තරුණයා නැවැත වතාවක් ගුරුවරයා හමුවෙන්න පැමිණියා. ඔහු පැමිණියේ හිස් අතින්. ඔහු ඇඳැගෙන සිටියේ ඉරී ගිය පරණ ඇඳුම්. ඔහු නැවතත් ගුරුවරයාගෙන් “ජීවත් වෙන්න යමක් දෙන්න” කියා ඉල්ලා සිටියා.
ඔයාට තියෙන හැකියාවන් මොනවාද? ඔයා ඒ ගැන හිතල තියෙනවාද? ඔයා හැම දාම ඉන්නෙ ඔයාට නැති දේවල් ගැනම කල්පනා කරමින්ද? එහෙනම් ඒක අද වෙනස් කරන්න. ඔයාගෙ සුවිශේෂී හැකියාවන් ඔයාම හඳුනාගන්න. ඒවා ඔප දමන්න. ඔයාට තියෙන සම්පත් ගැන හිතන්න. ඔයාට තියෙන අසීමිත අවස්ථාවන් ගැන හිතන්න. ඔයාට තියෙන්නෙ පුංචි දේවල් ටිකක් වෙන්න පුළුවන්. නමුත් ඒවා උපරිමයෙන් පාවිච්චි කරන්න පටන් ගන්න. ඔයා කැමැති ඒ ලස්සන ජීවිතය උරුම කරගන්න සිහින මවන්න. ක්‍රියාත්මක වෙන්න. ඒක ඔයාට කරන්න පුළුවන්…
ඇඩ් ක්ලික් නෑ, ආයෝජන නෑ, පිරමීඩ ක්‍රම නැති නිසා Business HUB වලින් ලේසියෙන් සල්ලි හොයන්න බෑ කියලා හිත හිතා ඉන්නේ නැතුව දැනට ක්‍රම 100 වඩා තිබෙනවා මුදල් උපයන්න. ඇයි ඔබ ඒවා උත්සාහ නොකරන්නේ? තොරතුරු නොමැතිව අදහස පමණක් ක්‍රම 600ක් පමණ පළකර තිබෙනවා.
නැති දේවල් ගැන නොසිතා, තියෙන දෙයින් දියුණු වෙන්න උත්සාහ කරන්න….
මේ පේජ් එකේ ඉන්න අය ගොඩක් කරන්නේ පෝස්ට් එකක් දාපු ගමන් රූපය බලනවා. See more ඔබලා බලන්නේ නෑ. එසැනින් WhatsApp බොත්තම ඔබනවා. Details Please කියනවා. එච්චරයි. ආයේ පෝස්ට් එකක් දාපු ගමන් ඒකමයි කරන්නේ. සමහර එකම කෙනාගෙන් මැසේජ් 20ක් විතර ඇවිත් තියේ. Details තියෙන පෝස්ට් එක නොකියවා. මැසේජ් හරහා Details ඉල්ලනවා. අනේ මට උදව් කරන්න කියනවා. ගොඩක් අය ඉන්නේ “හිඟන මානසිකත්වයේ”. දියුණු වෙන්න ඕන කියන මානසිකත්වයෙන් ඉන්නේ කිහිපදෙනයි.
බොහොමයක් අය හොයන්නේ ජීවත්වෙන්න ක්‍රමයක්. ක්ෂණිකව සල්ලි ලැබිලා, ඒ ලැබෙන සල්ලි කාලා ඉවර කරන්න ක්‍රමයක්. නමුත් පොහොසත් වෙන්න, දියුණු වෙන්න ක්‍රම හොයන්නේ කිහිපදෙනයි. අපේ පේජ් එකේ තියෙන හැම ආදායම් ක්‍රමයක්ම දීර්ඝ කාලීන ප්‍රතිඵල ලැබෙන ඒවා. නමුත් හැමෝම වගේ හොයන්නේ ලියාපදිංචි වෙලා පහුවෙනිදට මුදල් ලැබෙන ක්‍රම. හැමෝටම ඕන නිකන් ඉඳලා සල්ලි හොයන්න.
පිරමීඩ කම්පැනි වලින් වුනත් කරන්නේ අවුරුදු 20-30ක් දුක්මහන්සියෙන්, කැපවීමෙන් ජීවිතේ ජයගත්ත මිනිස්සුන්ගේ ජීවිත කතා, ඡායාරූප පෙන්වලා ඒ අය දැන් නිකන් ඉඳලා සල්ලි හොයන විදිහට ඔයාලටත් සල්ලි හොයන්න පුළුවන්, අද ඉඳන් නිකන් ඉන්න තියෙන්නේ. මෙන්න මේ පැකේජ් එක ගන්න. නැතිනම් මෙන්න මේකට ආයෝජනය කරන්න කියලා.
එහෙම පුළුවන් නම් ඉතිං රජයටම පුළුවන්නේ රටටම ඔය ක්‍රම දීලා, සල්ලිත් හම්බ කරලා දීලා, බඩු මිළත් තව වැඩි කරලා දීලා, බදුත් ගහලා රටත් දියුණු කරන්න…
ඔය කියන විදිහට සල්ලි හම්බකරන්න ක්‍රම ලෝකේ කොහෙවත් නෑ. ඔක්කොම ස්කෑම්. ඒ නිසා හරි විදිහට ඉගෙනගෙන ආදායම් උපයන්න…
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka – බිස්නස් හදන හැදෙන හොඳම තැන | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla