Select Page

ඔන්න ජපානේ සබන් හදන කර්මාන්ත ශාලාවක් තිබුනා. දිනක් ඔවුන්ගේ පාරිභෝගිකයෙක් ඔවුන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කලා. ඒ, ඔහුට හිස් සබන් පෙට්ටියක් ලැබුණු බව සදහන් කරමින්. මෙයින් කලබලයට පත් වෙච්ච සමාගම මේ ගැන හොයන්න පටන් ගත්තා. එවිට ඔවුනට එය සත්‍යයක් බව තේරුම් ගියා.

මේ සදහා පිළියමක් යොදන්න ආයතනයේ ඉංජිනේරුවන් පිරිසකට භාර දුන්නා. ඔවුන් දැඩි ලෙස මහන්සි වෙලා ලොකු වියදමක් දරලා සියලු සබන් පෙට්ටි ස්කෑන් කිරීම සදහා ක්‍රමවේදයක් සකස් කලා. ඒ සදහා අධික වියදමක් යොදලා x-ray උපකර්ණ, ස්කෑන් යන්ත්‍ර උපකරණ, අධිතාක්ෂණ ටීවී තිරයක් එහෙම යොදාගෙන සේවකයන් දෙදෙනෙක්ට ඒවා නිරීක්ෂණය කල හැකි වන පරිදි සකස් කලා. ඒත් මේක හදන්න පුලුවන් උනේ කර්මාන්ත ශාලාවෙ එක අංශයකට විතරයි, අධික වියදමක් යන නිසා.

මේ දෙස බලාගෙන හිටිය එක්තරා සුලු සේවකයෙක්, තරමක වේගයෙන් කැරකෙන විදුලි පංකාවක්, සබන් පෙට්ටි ගමන් කරන පටිය අසල තිබ්බා. එවිට සබන් නොමැති හිස් පෙට්ටි සුළගට ගසාගෙන ගියා. ඉතාමත් සරල ලෙස ප්‍රශ්නය විසදුනා.

ඕනෑම ප්‍රශ්ණයකට සරලම විසදුම ගැන මුලින්ම හිත යොදන්න. ප්‍රශ්නය දිහා වෙනස් විදිහකට බැලුවොත් ප්‍රශ්නය හරි හැටි තේරුම් ගැනීමට ලෙහෙසියි, පහසුයි.

වෙනස් විදිහකට හිතන පුද්ගලයා ලෝකෙම වෙනස් කරනවා.

සැමවිටම අලුත් / වෙනස් විදිහකට සිතන්න පුරුදු වෙමු….!

මං පුංචි කාලේ ඉඳන් හිතුවේ වෙනස් විදිහකට. අන්න ඒ නිසා අද මේ ලෝකයට වෙනස්ම දේවල් ගොඩක් නිර්මාණය කරන්න මට පුලුවන් වුණා…

Business HUB එක්කත් ඔයාලට වෙනස් විදිහකට හිතන්න පුළුවන්…

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla