Select Page

නයිජීරියාවේ ඡායාරූප ශිල්පියෙක් හිටියා බෙලෝ (Bello) කියලා. ඔහු ලාගොස් වල දි එක් අපූරු විදිහකට ඡායාරූපයක් ගන්නවා…
මොහුගේ අරමුණ තමයි ප්‍රසිද්ධ රැප් ගායක මිනි ටෙම්ප්ව ඡායාරූපයට ගන්න එක. Bello ඒ දේ හරි විදිහට කරනවා. නමුත් ඒ ඡායාරූපයට අහම්බෙන් වීදිය දිගේ පාන් විකුණන ගැහැණු ළමයෙක් හසු වෙනවා……..

ඒක හරිම අහම්බයක්…

මිනි ටෙම්ප් ගේ ඡායාරූපය ඊට පසු සතියේ ප්‍රධාන පුවත්පතක පල වෙනවා… ඡායාරූපය දකින හැමෝම බෙලෝ ගෙන් හරි අපූරු ප්‍රශ්නයක් අහනවා….

“ඔබ හරිම දක්ෂයෙක්. පිටුපස්සේ ඉන්න පාන් විකුණන ගැහැණු ළමයෙක් ඔතනට ගැලපෙනවා කියලා කොහොමද හිතුවේ?”

බෙලෝ කියනවා “ඒක හරිම අහම්බයක් ” කියලා.

අවසානයේ …..

ඇමෙරිකාවේ ප්‍රධාන මොඩ්ලින් ආයතනයක් මෙන්න මේ නයිජීරියානු කළු කෙල්ල සොයාගෙන යනවා. ඇය අද ඩොලර් මිලියන ගාණක වටිනාකමක් තියන නිරූපිකාවක්. පාන් විකුණපු Olajumoke Orisaguna කියන ගැහැණු ළමයෙකුගේ මුළු ජීවිතයම හරි අපූරු අහම්බයක් නිසා වෙනස් වෙනවා…..

මතකද අපි අර පුංචි කාලේ අහපු රත්තරන් පොරවේ කතාව. ගස් කපන මනුස්සයෙක් යනවා ගසක් කපන්න කැලේට. ගහ කප කප ඉන්න කොට පොරව වැටෙන්නේ ගඟට. ගඟ දිහා බලාගෙන කඳුළු පෙර පෙර අඬන මනුස්සයා දකින රුක් දෙවියෝ ගහෙන් මතුවෙලා ගේන්නේ රත්තරන් පොරවක්…….

ඕක දිග කතාවක්. ඔතන තියන දේත් ජීවිත අහම්බයක්….

“හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න?” කියලා අපෙන් අහන අමරසිරි පීරිස් මහත්තයා එක පාරක් කියනවා තමන්ගේ ජීවිතය වෙනස් වුන විදිහ ගැන. අමරසිරි පීරිස් කියන්නේ බටනලා වාදනය කරන ශිල්පියෙක්. දවසක් ගීතය ගායනා කරන්න හිටපු ගායකයා එන්නේ නෑ.
සංගීත කණ්ඩායමේ වාද්‍ය ශිල්පීන් ගැන හොඳටම දන්න ප්‍රේමසිරි කේමදාස මහත්තයා කියනවා දැන් කරන්න දෙයක් නෑ. අමරසිරි ඔයාවත් මේ සිංදුව කියන්න කියලා….එදා සිට ඔහුගේ ජීවිතය වෙනස් උන අපූරුව….

ඕස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩි විශ්ව විද්‍යාලයේ DNA පිළිබඳ මහාචාර්‍යවරයෙක් වන ඇලන් කූපර් අපූරු සොයා ගැනීමක් කරනවා. ඒ නියන්ඩකාල් මානවයා ගේ යුගයේ සිට මේ ලෝකයේ ප්‍රතිජීවක භාවිතා කරපු බව. ඒ කියන්නේ මීට අවුරුදු 40,000කට විතර කලින්. අපේ ඉතිහාසය තුල වුනත් එළාර – දුටුගැමුණු යුද්ධයේදී දුටුගැමුණු රජතුමා ප්‍රතිජීවක භාවිතා කරපු බවට සාක්ෂි දරන්නේ අපේ ඉතිහාසය…..

ඔය කොහොම වුනත් ප්‍රතිජීවක පිළිබඳ මුල්ම විද්‍යාත්මක පරීක්ෂණය කළයි කියන්නේ 1920 දී ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමන්. ඒ තමයි පෙන්සිලින්.

ලෝකයේ පෙනිසිලින් සොයා ගැනීමත් හරිම අහම්බයක්. දවසක් ෆ්ලෙමින්ට තමන්ගේ පරීක්ෂණ දීසියක් වසා ගන්න අමතක වෙනවා. ඊට පහු වෙනිදා පරීක්ෂණාගාරයට ආපු ෆ්ලෙමින් දකිනවා අර දීසිය මත වැඩුණු දිලීරයක් විසින් බැක්ටීරියා විනාශ කරලා තියන බව. අවසානයේ එම දිලීරය පිළිබඳ දිගින් දිගටම සිදු වෙච්ච පරීක්ෂණයේ ප්‍රතිඵලය තමයි පෙන්සිලින්.

අහම්බයක් ලෙස ජීවිතයට එන අහම්බය මුළු ජීවිතයම වෙනස් කරන බවට හොඳම උදාහරණය තමයි ඉන්දියාවේ රානු මොන්ඩාල්.

ඉන්දියාවේ දුම්රියක් තුල සිංදු කිය කිය හිඟා කාපු රානු මොන්ඩාල් කියන ගැහැණිය ගේ වීඩියෝවක් තරුණයෙක් විසින් අන්තර් ජාලයට මුදා හරිනවා. වියපත් ගැහැණිය සතු මේ තරුණියන් අභිබවා යන හැකියාව ගැන ඉන්දියාවේ මිනිස්සු පුදුම වෙනවා. මේ අහම්බය තව දුරටත් අහම්බයක්ම කරමින් ඉන්දියාවේ ජනප්‍රියතම සංගීතය වන හිමේෂ් රෙෂ්මියා රාහු මොන්ඩාල් ගේ වීඩියෝව දකිනවා. ඔහු ඇය සොයාගෙන දුම්රිය පොළට එනවා.

අද රාහු මොන්ඩාල් කියන්නේ ඉන්දියාවේ සුපිරිම තරුවක්. අහම්බයන් ජීවිතයට හොඳ වගේ නරකටත් බලපාන බව අප අමතක නොකළ යුතුයි…….

බලන් ගියාම ජීවිතයම කියන්නේ,
අහම්බ‍යෙන් හමුවන අහම්බයක්……..

ඉතිං Business HUB කියන්නේ ඔබට හරිම අහම්බයෙන් මුණ ගැසුණ අමුත්තෙක් වෙන්න පුළුවන් …. හැබැයි ඔබේ ජීවිතය අනිවාර්යයෙන් වෙනස් කරාවි…

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla