Select Page

හොඳම සාමාජිකයින් 10 දෙනෙක්ට ඔබේම ඔන්ලයින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හෝ දැනට ආරම්භ කල ඔන්ලයින් ව්‍යාපාරය දියුණු කරගන්න පරිගණක 10ක්…

🖥️ Intel Core i3 පරිගණකයක්

▪️ H 55 Mother Board
▪️ Intel 1155 Processor Cooler
▪️ DDR 3 – 8GB RAM
▪️ 500GB Hard Drive
▪️ 19 LCD Monitor
▪️ Branded Samsung Casing
▪️ Key Board
▪️ Mouse
▪️ Power Cabel
▪️ VGA Cable

✅ මෙම ත්‍යාගය හිමිවන්නේ අප පේජ් එකේ ඉගැන්වූ ඔන්ලයින් ව්‍යාපාර (රීසෙලින් හැර) ආරම්භ කර එය සාර්ථකව කරගෙන ආදායම් ලබන සාමාජිකයින් 10 දෙනෙක්ට පමණයි…

✅ එක් වරක් මුදල් ත්‍යාග ලබාගත් අයට වුවද මේ ත්‍යාගය ලබාගත හැක.

❌ මෙහිදී ස්වයංරැකියා කරන අය තෝරාගනු නොලැබේ. ඔන්ලයින් ව්‍යාපාර පමණයි. ස්වයංරැකියා කරන අයට වෙනමම මුදල් ත්‍යාග ලබාදී ඇත.

❌ 2023 වසරේ අවසන් ත්‍යාගය ලබාදෙන දවස තමයි අද. නැවත ත්‍යාග ලබාදෙන්නේ 2024 වසරේදීය. හැමෝටම දින 50කට ආසන්න කාලයක් අපි ලබාදුන්නා ස්වයංරැකියාවක් කරන්න මුදලක් “ඔබේ කැපවීමෙන්ම ලබාගන්න” අපි සතියක් පුරාවට ඔබට ඉඟි දුන්නා මෙහෙම පුදුම කිරීමක් දෙන්න යන්නේ කියලා. කිසිවක් නොකර විශ්ව මාතාවගෙන් සල්ලි යදින වෙලාවේ මේ පේජ් එකෙන් සල්ලි ඉල්ලුවනම් ඔබ අද ව්‍යාපාරිකයෙක් වෙලා. ආදායම් උපයලා.

දියුණු වෙන්න උත්සාහ කරන ඔබ වෙනුවෙන් අපෙන් පුංචි අත්වැලක්…

තොරාගැනීම් නිර්ණායක :
🔹 සියලුම පෝස්ට් අවබෝධයෙන් කියවා, අවබෝධයෙන් දීර්ඝ (කෙටි නොවේ) කමෙන්ට් කල අයෙක් විය යුතුය. කමෙන්ට් විශිෂ්ට විය යුතුය. ඒවා කියවීමෙන් අපට ඔබගේ ඒ ලිපිය පිළිබඳව ඔබගේ අවබෝධය තේරුම් ගත හැක.
🔹 අපගේ පේජ් එකේ සඳහන් කල ඔන්ලයින් ව්‍යපාරය 200න් එකක් හෝ ආරම්භ කර පවත්වාගෙන යන අයෙක් විය යුතුය. ඒ පිළිබඳව විස්තර, ඡායාරූප සහ ආදායම් තොරතුරු අපට දෙසැම්බර් 12 දහවල් 12ට පෙර එවිය යුතුය.

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

📅 අපේ ෆේස්බුක් පේජ් එකේ අපි දිනපතා කියන්නේ එකම එක දෙයයි. පේජ් එකේ පෝස්ට් දිනපතා අවබෝධයෙන් කියවන්න, අවබෝධයෙන් කමෙන්ට් එකක් දාන්න. එපමණයි !

ඔබ දන්නවා අපි 2006 සිට ශ්‍රී ලංකාව පුරා අඩුආදායම්ලාභී පවුල් විශාල ප්‍රමාණයකට උදව් කරලා තියෙනවා… ඒ සඳහා අපිට ලෝකය පුරා මිතුරන් දහස් ගණනක් උදව් කලා.

නිවාස, වැසිකිළි, පුස්තකාල, පරිගණක විද්‍යාගාර, පාසල් ගොඩනැගිලි, පන්සල්, අටවිසි බෝධි ප්‍රාකාර, පහන් මන්දිර, මං මාවත් වගේ බොහොමයක් දේවල් අපි ගොඩනගා තිබෙනවා.

ආබාධිත අයට විකලාංග උපකරණ පරිත්‍යාගය, ගැබිණි මව්වරුන්ට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම, සැත්කම් සිදු කිරීම, වියළි ආහාර, ඇඳුම්, ගේ දොර උපකරණ පරිත්‍යාග කිරීම, පාසල් උපකරණ පරිත්‍යාගය වැනි විශාල වැඩසටහන් ප්‍රමාණයක් අපගේ පදනම හරහා සිදුකර තිබෙනවා.

ඊට අමතරව පවුල් 1,000 වැඩි ප්‍රමාණයකට විවිධ වූ ස්වයංරැකියා ආරම්භ කර දී තිබෙනවා.

වසර කිහිපයක් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාජසේවා ආයතනය ලෙස අපගේ සමාජසත්කාර පදනම ජාතික සහ ජාත්‍යන්තර සම්මාන වලින් පවා පිදුම් ලැබුවා.

හැබැයි මේ හැමදෙයක්ම අපි සිදුකලේ පොල් අතු, මැටි, ටකරන්, ඉටිරෙදි, ලෑලි වලින් වටකල ගෙවල් වල ජීවත් වෙන අන්ත අසරණ මිනිස්සු වෙනුවෙන්.

නමුත් 2018දී අපි මධ්‍යම පාන්තික අයට සහය වීමට වැඩසටහනක් ආරම්භ කලා TechLabs BizSupport ලෙස. එය 2020දී CharityShop ලෙසත් 2023දී Business HUB Sri Lanka ලෙසත් Rebrand කලා. 23,000ට වැඩි පිරිසකට අපි නොමිළයේ අධ්‍යාපනය ලබාදුන්නා ව්‍යාපාර සහ ස්වයංරැකියා පිළිබඳව. 1,000කට වැඩි පිරිසකට සෘජු ආදායම් මාර්ග නිර්මාණය කර දුන්නා.

Business HUB Sri Lanka කියන්නේ ස්වයං අධ්‍යයනය තුළින් ජීවිතය ජයගත හැකි වේදිකාවක්. ඉතිං මේ පේජ් එකේ ඉන්නවනම් ඔබ අපි දිනපතා පළකරන ලිපි කියවා අවබෝධයෙන් කමෙන්ට් කරන්න ඕන. නිකන් ඉන්න අයට, නිදාගෙන ඉඳලා සල්ලි පහල වෙනකම් බලාගෙන ඉන්න අයට, පෝස්ට් නොකියවා Details please, විස්තර දෙන්න, මොකද කරන්න ඕන කියලා කමෙන්ට් කරන අයට උදව් කරන්න අපි කැමති නෑ. ඒ වගේ මිනිස්සුන්ට කියන්නේ කා ල ක ණ් නි කියලා.

❌ ත්‍යාග ලැබීමට සුදුසුකම් ලබන්නේ 2023 දෙසැම්බර් 11 ප.ව. 09.00ට පෙර දෙසැම්බර් 11 දක්වා සියලුම පෝස්ට් (ලිපි 308ම) කියවා කමෙන්ට් කල අයට පමණයි.

👉 අපි දෙසැම්බර් 09 පෝස්ට් එකක් දැම්මා ඔක්කොම කියවලා කමෙන්ට් කරන්න කියලා – https://m.facebook.com/story.php?story_fbid=122117134802100804&id=61553024124622&mibextid=Nif5oz

👉 අද උදේ දවසේ සිතුවිල්ලෙනුත් අපි කීවා පෝස්ට් කියවලා කමෙන්ට් කරන්න කියලා – https://m.facebook.com/story.php?story_fbid=122117477498100804&id=61553024124622&mibextid=Nif5oz

👉 නැවත අද දවල් ආයෙත් පෝස්ට් එකක් දැම්මා “ඇයි කියලා අහන්න එපා, පෝස්ට් ඔක්කොම කියවලා කමෙන්ට් කරන්න, Surprise එකක් ලැබෙනවා” කියලා – https://m.facebook.com/story.php?story_fbid=122117525606100804&id=61553024124622&mibextid=Nif5oz

👉 පේජ් එක ආරම්භ කල දවසේ ඉඳන්ම හැමදාම කීවා කියවලා කමෙන්ට් කරන්න කියලා…

ඔන්න ඉතිං ඒ කමෙන්ට් කල අයගේ වාසනාව අද උදාවුණා…

ඔබ පෝස්ට් 308ම අවබෝධයෙන් කමෙන්ට් කර අවසන් නම්, සාර්ථකව ඔන්ලයින් ව්‍යාපාරයක් කරගෙන යනවානම් පහත වට්ස් ඇප් බොත්තම ඔබා ඔබගේ ව්‍යාපාරය දියුණු කරගැනීමේ සැලැස්ම එවා ඔබගේ ත්‍යාගය ලබාගන්න.

❌ පරිගණක 10ක් කියන වචනය පමණක් බලා කිසිදු විස්තරයක් නොකියවා අනවබෝධයෙන් WhatsApp බොත්තම හෝ Message බොත්තම ඔබා මුදල් ඉල්ලන අයට, “Details Please, විස්තර දෙන්න, මේක කොහොමද ගන්නේ” වගේ කමෙන්ට් කරන අයට මම හිතන්නේ නෑ ඇලඩින්ගේ පුදුම පහන ලැබුණත් දියුණු වෙන්න පුළුවන් කියා. හැබැයි අතීතය එසේ වුනත් ඔබට අනාගතය වෙනස් කරගන්න ඕනනම් අදම, මේ දැන්ම අධ්‍යාපනය කියන දේට මුල් තැන දෙන්න… ඔබ අනිවාර්යයෙන් එවිට දියුණු වේවි.

ජයග්‍රාහකයෙක් වෙනවාද, කා ල ක ණ් නි යෙ ක් වෙනවාද කියා ඔබම තීරණය කරන්න…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooBusiness #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs