මාර්ක් ට හිටියා සුරංගනාවියන් වගේ ලස්සන දියණියක්…
ඈ නමින් ග්ලෝරියා …
මව නැති දියණිය රැකබලා ගන්න මාර්ක් ගේ මුළු ජීවිතයම කැප කල ආදරණීය පියෙක්….
ඔහුගේ රැකියාව චීස් සෑදීම …
සම්ප්‍රදායික චීස් …
ඔහු ඒ සඳහා විශේෂඥයෙක්…
ඒ තරම්ම අනර්ඝයි ඔහුගේ චීස් …
මාර්ක් සෑම උදයකම නැවුම් කිරි වලින් සැකසූ සම්ප්‍රදායික චීස් සම්ප්‍රදායික සුදු පැහැ කඩදාසි වල ඔතා නගරයට රැගෙන ගියා…
පුංචි ග්ලෝරියා තාත්තා සාදන චීස් වලට ඉතාම ප්‍රිය කලත් ..
ඈ තාත්තා ඒවා එතූ සුදු කඩදාසි වලට නම් ප්‍රිය කලේ නැහැ ..
කොහොමත් දරුවෝ කැමති වෛවර්ණ දේවල් වලට……(විශේෂයෙන් ම ගැහැනු දරුවන්. මමත් ඉතිං කැමතියි කියලා ඔයාලා දන්නවනේ… )
පියා චීස් ඔතන ලද කඩදාසි මත පාට කූරු වලින් සිතුවම් ඇඳීමට ග්ලෝරියා නිතරම උත්සහ කලේ ඒ නිසයි..
සෑම වසරක් පාසාම ඔවුන් ජීවත්වන නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර චීස් සාදන්නන්ගේ තරඟයට මාර්ක් ඉදිරිපත් උනත් කවදාවත් ඔහුට එහි ප්‍රථමයා වන්නට බැරි වුනා…
ඒ ගැන තාත්තා ගේ හිතේ තියෙන දුක මේ දෝණිට හොඳටම දැනුණා….
ළමා වියේදීම ඇය සිහිනයක් දැක්කා..
ඒ තමාගේ පියාව ජාත්‍යන්තර චීස් සාදන්නන්ගේ තරඟයෙන් දිනවීමටයි……
ග්ලෝරියා ක්‍රමයෙන් තරුණ දැරිවියක් බවට පත් වෙමින් සිටියා…
ඈ තම පියා සමඟ හරි හරියට වැඩ කලා..
මාර්ක් තුලින් ජාත්‍යන්තර තරඟය දිනීමේ සිහිනය කෙමෙන් බොඳ වෙමින් යමින් තිබුණා… ..
ඔහු සිටියේ විඩාබරව…දිගින් දිගටම අසාර්ථක වීම නිසා ..
සම්ප්‍රදායික චීස් සමඟම ජීවිතය ගත කල මාර්ක් සම්ප්‍රයායෙන් ඔබ්බට හිතන්න මැලි වුණා…..
ඒත් සිය දියණියගේ බලපෑම් නිසා ඔහුට දිගින් දිගටම තරඟය සඳහා ඉදිරිපත් වෙන්න සිදුවුණා ..
ග්ලෝරියා දුටුවේ එකම සිහිනයක් පමණයි .
ඈ ඒ වෙනුවෙන් වැඩ කලා සතුටින් ..
ඒ අතරම ඈ නිතර සිතුවා…
පියාව දිනවිය හැකි ආකාරය ගැන ..
මොකද ග්ලෝරියා දැනගෙන හිටියා පියා සාදන චීස් වලට අභියෝග කල හැකි කෙනෙක්
ඒ නගරයේ නැති බව..
ඒ තරම්ම උසස් ප්‍රමිතියකින් තමයි ඔවුන් චීස් සෑදුවේ……
ඒත් ඒ ප්‍රමිතිය පමණක් ප්‍රමාණවත් වුණේ නැහැ ..ඒ ජාත්‍යන්තර තරඟය දිනීමට ..
තාත්තාගේ රසම රස චීස් වට්ටෝරුව වෙනස් කරන්න ග්ලෝරියා අකමැති වුනා..
කළයුතු කුමක්දැයි ඇය නිතර කල්පනා කලා….
ඈ සිතුවා…ඒත් සිතමින් නිදා සිටියේ නැහැ ..
ඈ වැඩකලා…ඒ අතර සිතුවා …
ඇයට තාත්තා සාදන චීස් වල වෙනස් කළ හැකි එකම දෙය එහි දවටනය පමණක් බව වැටහුනා
ඈ එදා රාත්‍රියේ සම්ප්‍රදායික චීස් බෝලයක් වර්ණවත් සුන්දර දවටනයක එතුවා…
නමුත් මාර්ක් ඒ ගැන තැකීමක් කලේ නැහැ….
එදා රෑ ඔහු අපූරු යමක් දුටුවා..
මේසය මත චීස් බෝල දෙකක් තිබුණා… ..
එකක් සම්ප්‍රදායික සුදු කඩදාසි වලින් එතූ එකක්..
අනෙක ග්ලෝරියා විසින් අලුත් වර්ණවත් දවටනයේ එතූ එකක්..
ඔවුන්ගේ සුරතල් පූසා ඒ මේසය මතට නැග
අලංකාරව එතූ චීස් ගෙඩිය පහුරු ගාන අයුරු ඔහු දුටුවා ..
එකම චීස් …දවටන දෙකක්…ඒත් පූසාගේ තෝරා ගැනීම ….
ඔහුට යමක් වැටහුනා …
පසුදා පැවැත්වූ…ජාත්‍යන්තර චීස් තරඟයට ඔහු සිය දියණිය සමඟ සහභාගි වුනා..
තරඟය ඇරඹුනා …
විනිසුරුවන් චීස් නිරීක්ෂණය කරමින් වෙහෙසුනා..
ඔවුන් මාර්ක්ගේ සාමාන්‍ය චීස් රසවිඳ අනතුරුව අලුතින් අලංකාරව එතූ ඔහුගේ චීස් රසවින්දා..
ඔවුන්ගේ මුහුණු ආලෝකවත් වෙනහැටි ග්ලෝරියා දුටුවා…
එය ප්‍රණීතයි…..අනර්ඝයි ….
ඔවුන්ගේ චීස් සියල්ලම විනිසුරුවන් විසින් රස විඳින්නට වුනා…
අවසානයේ ..එවර තරඟයේ ප්‍රථමස්ථානයට ලැබෙන ජයග්‍රාහී කුසලානය ග්ලෝරියා ගේ පියාට ඒ කියන්නේ මාර්ක්ට හිමිවුණා ..
නිර්මාණශීලි දිරිය දියණිය නිසා එක්තරා පියෙකුට තමාගේ හීනය දිනා ගන්න ලැබුණා ……..
නිර්මාණශීලිත්වය තුලින් ජීවිතය දිනන්න උගන්වන්නයි මේ කතාව යොදා ගත්තේ….
ඔබත් ටිකක් නිර්මාණශීලි වෙන්න ..
හීන හුගාක් ලං වෙයි.
බලන්න අපි Business HUB වලින් කොච්චර වෙනසක් කලාද. ලංකාවේ ඕන තරම් eMoney/Business/Swayanrakiya/Online Job ආයතන තියෙනවා. හැබැයි අපි තරම් නිර්මාණශීලී ආයතනයක් ඔබ කවදාවත් දැක තිබෙනවාද? අපි වෙනස් වෙන්නේ, අපි ඉදිරියෙන් ඉන්නේ ඒ නව අදහස් එක්ක.
අපි ඔබට යම් දෙයක් ලබාදුන් විට එම අවස්ථාව නිර්මාණශීලීව භාවිතා කර ආදායම් උපයන්න.
Business HUB කියන්නේ හැකියාවට රැකියාවක් දෙන එකම තැන …..ඔබේ හැකියා දක්ශතා අනුව ජීවිතය සාර්ථක කරන්න…..විශ්වාසයෙන් රැදෙන්න Business HUB සමග…..
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla