සමහරු ජීවිතේ එපාවෙලා එල්ලෙන්න වැලක් හොය හොයා ඇති…තව සමහරු ජීවිතේ ගොඩදාගන්න, එල්ලෙන්න වැලක් හොය හොයා ඇති…. මේ කොයිදේට වුනත් එල්ලෙන්න වැලක් සොයාගැනීම කියන්නේ කලාවක්. ඒත් අද මම කතා කරන්නේ ජීවිතේ නැති කරගන්න නෙමෙයි, “ජීවිතේ ඇති කර ගන්න” ඒ කියන්නේ ජීවිතේ ගොඩ දාගන්න, එහෙම නැත්නම් ජීවිතේ කොහොමින් කොහොමින් හරි ගොඩයන්ඩ උත්සාහ කරන අයට එල්ලෙන්න වැලක් හොයාගන්නේ කොහොමද කියන එකයි….
ඔබ රැකියාවකට, වෘත්තීයකට හෝ ව්‍යාපාරයකට නවකයෙකු වුනත්, එහෙම නැත්නම් අත්දැකීම් සහිත පළපුරුදුකරුවෙකු වුනත් ඔබ ආදරය නොකරන දෙයක නියුක්තවීම ඔබට මානසික පීඩාවක් ගෙනදීම අරුමයක් නොවෙයි. එහෙම කෙනෙකුට ඉරිදා හැන්දෑවට ඔරලෝසුවේ කටු වේගයෙන් කැරකැවෙනවා වගෙත්, ඒ වගේම සඳුදා උදේ ඉඳලා සිකුරාදා හවස වෙනකල් ඔරලෝසුවේ කටු ඉබි ගමනින් යනවා වගෙත් පේන්න පුලුවන්. ඒක බොහෝම ලොකු මානසික පීඩාවක් වගේම සමහර විට රෝගාබාධයන්ට මුල පුරන ශාරීරික පීඩාවක් වෙන්නත් පුලුවන්. මොකද අද කාලේ තියෙන තත්ත්වය එක්ක රැකියාවක් එහෙම නැත්නම් වෘත්තීයක් හොයාගැනීම ලේසි පහසු නොවෙනවා වගේම ඒක තමුන්ට ගැලපෙන්නේ නැත්නම් ඒ අවදානම දරාගෙන ඒකෙන් අයින්වෙලා වෙන එකක් හොයාගන්න එකත් හිතන තරම් ලේසි පහසු කාරණාවක් නොවන නිසා මානසික පීඩනයෙන් මිරිකෙමින් ඒකම අල්ලාගෙන ඉන්නවා වෙන්නත් පුලුවන්.
අනෙක් අතට ඔබ ආදරය කරන, ආස කරන හෝ හදවතින්ම පෙම්බඳින රැකියාවක් හෝ වෘත්තියක් නැත්නම් ව්‍යාපාරයක් කිරීම ඔබේ ජීවිතය සතුටෙන් පුරවා ගත හැකි අතර සති ගණනක් වුනත් එකදිගට වැඩකිරීමට කැමැත්තක් ඇතිවන දෙයක් වෙන්න පුලුවන්. චීනයේ පහළවුන ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වන කොන්ෆියුසියස් තුමා මේ කාරණාව විග්‍රහ කරන්නේ මෙන්න මෙහෙමයි.
“ඔබ ආදරය කරන රැකියාවක් තෝරා ගන්න. එවිට ඔබට ජීවිතයේ කිසිදු දිනෙක රැකියාවක නියුතු වන හැඟීමක් ඇති නොවේ.”
මෙසේ හිතින් හදවතින් රැකියාවට ආදරය කිරීමට නම් පළමුව ඔබ ඔබගේ ජීවිකාවට ආදරය කලයුතු අතර අනෙක් අතට ඔබ ආදරය කරන දෙයක් ඔබගේ ජීවිකාව ලෙස තෝරාගත යුතුය…..
ඔබ ආදරය කරන දෙයක් කිරීම ඔබේ කායික මානසික නිදහසට හේතුවනවා මෙන්ම ඔබ කරන දෙය ආදරයෙන් කිරීම ඔබේ ජීවිතයේ සතුට බවට පත්වනු නොඅනුමානයි.
කාරණාව මෙසේ වුවද ලෝකයේ බොහෝ දෙනෙකු තමා ආදරය කරන දෙය තමාට නොලැබීම ගැන විවිධාකාර මැසිවිලි නගති. ඒ මැසිවිලි අතර ඉහලින්ම තිබෙන කරුණක් වන්නේ තමා ආදරය කරන දෙය තමාට නොලැබෙන්නේ තමාගේ අවාසනාව නිසා බවයි. නමුත් වාසනාව හෝ අවාසනාව කියා දෙයක් මේ ලෝකයේ නොමැත. සියල්ල “වාසනාවට” (LUCK) බාරදී එය තමාට හිමිවන තෙක් බලා සිටීම තරම් අනුවණ ක්‍රියාවක් මෙලොව තවත් නොමැත.
එහෙයින් වාසනාව පමණක් විශ්වාස කරන්නවුන්ට රෝමානු දාර්ශනිකයෙකු වන “ලුසියස් ඇනෑයස් සෙනේකා” වාසනාව ගැන හරි අපූරුවට කියදෙයි.
වාසනාව යනු තමා ප්‍රියකරන දෙය කටට වැටෙන තුරු බලා නොසිටීම බව තරයේ අවබෝධ කරගන්න. තමාගේ පෙර සූදානමට ගැලපෙන අවස්ථාව ලැබීම වාසනාව ලෙස මිනිසුන් අර්ථදක්වන බව සෙනේකා අපූරුවට අපට පහදා දෙයි. මෙය මා දැඩිව විශ්වාස කරන කාරණාවක් වන්නේ ජීවිතයේ බොහෝ අවස්ථා වලදී මා මෙය අත්දැකීමෙන්ම ලබා ඇති බැවිනි.
කරුමෙයි, උරුමෙයි ඉතින් ගල ගාලවත් ගෙවලා දාන්ඩ බෑනේ. අනේ ඉතින් මගේ “ලක් එකේ හිලක්” කියන අයගේ මනසේ ඇති අති දැවැන්ත සිදුර වසාගන්නට උත්සාහ ගන්නැයි මා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ සූදානම්ව සිටින තාක් වාසනාව ඔබ පසුපස පැමිණෙනු ඇත.
Be prepared
සූදානම්ව සිටිනු
බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් බේඩන් පවල් සාමිතුමා පවසන්නේද මෙයමැයි…
එසේනම් එල්ලෙන්න වැලක් හොයාගන්න ඔබ කල යුත්තේ කුමක්ද? ජීවිතයේ ඔබට එල්ලෙන්න වැලක් ලැබෙන විට එය දෑතින්ම අල්ලා ගැනීමට ඔබ ඔබේ වාසනාව පසෙක තබා සූදානම් විය යුත්තේ කෙසේ දැයි බලමු.
ඔබ ආදරය කරන රැකියාවක් සොයා ගන්නේ කෙසේද?
ඔබ ජීවිතයේ සතුට භුක්ති විඳින රැකියාව, වෘත්තීය හෝ ව්‍යාපාරය කුමක්ද? යන්න තීරණය කිරීම සඳහා, ඔබ ඔබෙන්ම ප්‍රශ්න කිහිපයක් ඇසිය යුතුය.
1️⃣ ඔබට කුඩා කාලයේ සිටම අවශ්‍ය වූයේ කුමක්ද?
ඔබේ ළමා සිහින වෙත ආපසු යාම අමුතු දෙයක් ලෙස පෙනුනද, ඔබ සතුටින් කරන දෙයට වඩා ඒවා බොහෝ දුරස් නොවනු ඇත. එය කුමක් වුවත්, එසේ කිරීමට ඇති ආශාව කොහේ හෝ සිට පැමිණිය යුතුව තිබුණි.
ඒ සිහින රැකියාව ගැන නැවත සිතන්න. ඔබට තවදුරටත් එම රැකියාව ලබා ගැනීමට අවශ්‍ය නොවුවද, ඒ මගින් ඔබව පොලඹවන්නේ ජීවිතයේ කුමන දිශාවටදැයි සොයා ගැනීමට එය උපකාරී වේ. නිදසුනක් වශයෙන්, නීතියට සම්බන්ධව වැඩ කිරීමට කැමති අය යුක්තිය හෝ මිනිසුන්ට උදව් කිරීම මගින් මෙහෙයවනු ලැබේ. ඔබට ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම්, සමහර විට ඔබ පාසැලට කැමති සහ ළමයින් සමඟ වැඩ කිරීමට ඔබ කැමති විය හැකිය. එම පරිපූර්ණ ස්ථානය සොයා ගැනීම සඳහා ඔබේ අභිප්‍රේරකයින් සහ ඔබේ ශක්තීන් සකස් කරන්න.
2️⃣ ඔබ වඩා හොඳින් කරන්නේයැයි ඔබේ මිතුරන් හෝ පවුලේ අය පවසන්නේ කුමක්ද?
සමහර විට, ඔබට සමීප පුද්ගලයින් සමඟ කතා කිරීම වඩාත් දැනුවත් තීරණ ගැනීමට උපකාරී වේ. ඔබේ ශක්තීන් මොනවාදැයි ඔබේ ආදරණීයයන්ගෙන් විමසන්න. එම කුසලතා භාවිතා කිරීමට ඔබට ඉඩ දෙන්නේ කුමන රැකියාවද? ඔබ වෙනත් පුද්ගලයින්ගෙන් විමසූ විට, ඔබ නොසිතූ අමතර ඉදිරි දර්ශනයක් ලබා ගත හැකිය. ඔබේ ශක්තීන් යැයි ඔබ සිතන දේ ඔබේ මිතුරන් සහ පවුලේ අය මුලින් සිතන දේ නොවිය හැකිය.
3️⃣ ඔබේ ජීවිතයේ ආදර්ශමත්ම පුද්ගලයා කවුද?
කුඩා කාලයේ ඔබේ සිහින රැකියාව ගැන කතා කිරීමට සමානව, ඔබ වයසෙන් වැඩෙද්දී අවධානය යොමු කලේ කවුරුන් ගැනද යන්න ගැන ඔබට සිතිය හැකිය. ඔබ මෙම පුද්ගලයාට ආදරය කළේ ඔවුන් මිනිසුන්ට උදව් කළ නිසාද? ඔබට අවශ්‍ය විශේෂ කුසලතා ඔවුන් සතුව තිබේද? ඔබ ඔවුන්ගේ හැකියාවන්හි සමානකම් ඔබේ දක්ෂතාවයන් සමඟ සොයා ගත්තාද? ඔබ මෙම පුද්ගලයා දෙස බැලුවේ ඇයිදැයි සිතා බැලීමෙන් ඔබට හොඳ රැකියාවක් සොයාගත හැකිය. ඔබ එය කුඩා දරුවෙකු ලෙස නොසැලකුවද, එය ඔබගේ සැබෑ අරමුණු හා ආශාවන් අනාවරණය කර ගැනීමට උපකාරී වේ.
මේ අනුව ඔබ වඩාත්ම ප්‍රිය කරන රැකියාව, වෘත්තීය හෝ ව්‍යාපාරය කුමක්දැයි හඳුනාගෙන පියවරෙන් පියවර සෙමෙන් නමුත් ස්ථාවරව ඇරඹීමට ඔබට පුලුවන.
ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් වයස අවුරුදු 20දී ව්‍යාපාරයක් අරඹා සාර්ථකත්වයේ හිනිපෙත්තටම ලඟාවෙද්දී, KFC නිර්මාතෘ කර්නල් හැරල්ඩ් සෑන්ඩර්ස් වයස අවුරුදු 60දී ව්‍යාපාරයක් අරඹා සාර්ථකත්වයේ හිනිපෙත්තටම ලඟා විය. සාර්ථකත්වය හඹායන ඔබට වයස යනු ඉලක්කමක් පමණි. නොනැවතී උත්සාහ කරන්න. එල්ලෙන්න වැලක් හොයාගන්න.
මේ වෙලාවේ ඔබට එහා ඉවුරට යන්න, ඒ කියන්නේ සාර්ථකත්වයට යන්න එල්ලෙන්න තියෙන හොඳම වැල Business HUB Sri Lanka තමයි. ඉක්මන් කරන්න… ඉගෙන ගන්න, ආදායම් උපයන්න…
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla