එක්තරා තරුණයෙක් ව්‍යාපාරයක් ආරම්භ කළා. කාලයක් යද්දි ඔහුගේ ව්‍යාපාරය දැවැන්ත ව්‍යාපාරයක් බවට පත් වුණා. නමුත් හදිසියේ ඇති වූ ගින්නක් නිසා ඒ දැවැන්ත ව්‍යාපාරික ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. නමුත් එම ව්‍යාපාරයේ අයිතිකරු වන පෙර කී තරුණයා සිනහා මුසු මුහුණින් යුතුව යමක් සැලැසුම් කරමින් සිටියා. කෙනෙක් ඔහුගෙන් ඇහුවා “ඔබේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. ඔබට තිබුණු සම්පත් සියල්ලම ඔබට අහිමි වෙලා. ඔබ කොහොමද මෙහෙම සතුටින් ඉන්නේ ? කියලා . එවිට ව්‍යාපාරිකයා මෙහෙම උත්තරයක් දුන්නා .
“ඔව්. මට තිබුණු භෞතික දේපළ මට නැති වුණා. නමුත් එක දෙයක් ඉතිරි වුණා. ඒ තමයි අවුරුදු ගණනාවක් තිස්සේ මං ලබපු දැණුම සහ අත්දැකීම්. මට මේ ව්‍යාපාරය ගොඩනගන්න වසර දහයක් ගත වුණා. නමුත් මගේ ඊළඟ ව්‍යාපාරය ගොඩනගන්න මට ගතවෙන්නේ මාස දහයක් විතරයි. මම ඒක සැලසුම් කරලා ඉවරයි. ඉතින් මම දුක් වෙන්නෙ මොකටද? මට ලැබෙන අළුත් ව්‍යාපාරය ගැන හිතලයි මම සතුටින් හිනාවෙලා ඉන්නේ ”
ඉතිං බිංදුවටම වැටුනු තැන තමයි ජීවිතේ ආරම්භයේ මූලිකම අඩිතාලම….
අතේ සතේ නැතුව දන්න කියන හැමෝගෙන්ම සතේ සතේ ඉල්ලගෙන අන්තිමට ඔක්කොම නැතිවුනාම හැමෝම කියනවා වගේ වැලේ වැල් නැතුව යනවා..
අන්න එතනදි තමයි හිතෙන්නේ …මොකක්හරි කමක් නෑ රස්සාවක් තිබුණා නම් ජීවිතේට පුංචිහරි එළියක් තිබුණා නම් කියලා….
උත්සාහ ගන්නවා කට්ට කාගෙන ජීවිතේ පටන් ගන්න..ඔතනදි සෑහෙන ප්‍රශ්න එනවා. ..කකුලෙන් අදින්න මදි නොකියන්න පිරිසක් ඉන්නවා..
වෙන ඕනම දෙයක් ඉවසගෙන තමන්ගෙ පාඩුවේ තමන්ගේ ගමන යන්න වෙර දරන එක තමයි කරන්න ඕන හොඳම දේ..අමාරුම දේ අපිත් එක්ක එක මග ගමනේ යන මිනිස්සු අඳුනා ගැනීම..කිසිම කෙනෙක් ඕනවට වඩා විශ්වාස නොකර තමන්ව විතරක් ඕනවාටත් වඩා විශ්වාස කලොත් තමයි හැමදේම පහසු…..
ඉලක්කයක් තියාගෙන, හීන තියාගෙන ඒ හැමදේකම ජීවත්වෙලා විඳවන්න තියෙන හා විඳවන හැමදේම ජීවිතේට විඳීමක් කරගෙන කවුරු නැතත් තමන්ට තමන් ඉන්නවා කියලා හිතාගෙන ජීවිතේ දිනන්න….
මතක තියාගන්න..
අපි හැමදේම දැනගෙන ඉපදෙන්නේ නෑ.. ඒවගේම වැරදෙන හැම තැනකදිම අපි ජීවිතේට පාඩමක් ඉගෙන ගන්නවා…ඉතින් මේ ජීවිතේ තීරණය ඔයාගෙ අතේ..ජීවිතේ ජයගන්න..අවස්ථා මඟ නොහැර දිනන්න..
වසර 5ක් පමණ සැලසුම් කිරීමෙන් පසු මා 2018දී CharityShop මූලික අදියර Earn Money ලෙස ආරම්භ කලා. නමුත් වෙළඳපොලේ තරඟකාරී ආයතන සියල්ල එකතුවෙලා අපගේ ව්‍යාපාර සැලැස්ම දැක්ක ගමන් එය රිපෝර්ට් කරමින් මාගේ ෆේස්බුක් පේජ්, ගෲප් සහ ප්‍රොෆයිල් සියල්ල බ්ලොක් කලා. ඉන්පසු මා මාගේ සමාජසත්කාර කටයුතු වලට කාර්ය බහුල වුණා. 2020 දෙසැම්බර් මම නැවතත් එහි දෙවන අදියර CharityShop නමින් ආරම්භ කලා. දැනට අවුරුදු 3ක්. මේ වන විට ලංකාවේ විශ්වාසවන්තම eMoney සහ Freelancing ආයතනය අප බවට පත්වෙලා. ගෲප් එකේ සාමාජිකයින්ගේ කමෙන්ට් සහ ආදායම් වලින් ඔබට එය තහවුරු වෙනවා ඇති. 2018 සිටි සියලුම eMoney ආයතන මේ වන විට වංචාකාර ආයතන වෙලා කෝටි ගණන් වංචා කරලා මිනිස්සු අමාරුවේ දාලා වහලා දාලා. දැන් තියෙන ඒවටත් ඒ දේ වෙන්න වැඩි කාලයක් යන්නෙ නැහැ. නමුත් අපි දවසින් දවස් ඉදිරියට යනවා. ඒ 2018 මම දැනගත්තා මගේ අඩුපාඩු මොනවද කියලා. ඒ හැම දෙයකින්ම සහ අනෙක් ආයතන වල අයහපත් ලක්ෂණ අයින් කරලා යහපත් ලක්ෂණ අරගෙන ලෝකයේ තිබෙන සෑම eMoney ආයතනයකම අදහස් එක තැනකට ගෙනාවා. නැතිවුණා කියලා දුක් වුනේ නෑ. වඩාත් ශක්තිමත්ව නැවත ආරම්භ කලා. 2020 ඉඳන් අපි අනෙක් ආයතන සියල්ලගෙම එක එක සේවාවන් එක එක විදිහට දීලා බැලුවා. ඒවගෙන් ඉගෙන ගත්තා. ඒවගේ අඩුපාඩු සොයාගත්තා.
එකම දේ, මම දවසින් දවස හැමෝගෙන්ම ඉගෙන ගත්තා. මෙහි 90%ක් සාමාජික අදහස් මත තමයි අදහස් ගොඩනැගෙන්නේ. නොදන්න දේවල් මං දන්න අයගෙන් අහලා ඉගෙන ගන්නවා.
2023 නොවැම්බර් ආරම්භ කල Business HUB කියන්නේ 2006 ආරම්භ කල මගේ තාක්ෂණික ආයතනයේ විශිෂ්ටතම Version එක. අඩුපාඩු කියන්න ඇත්තෙම නෑ.
“මතක තියා ගන්න අපි හැමදේම දැනගෙන ඉපදෙන්නේ නෑ..නොදන්න දේ ඉගෙන ගෙන ජීවිතේ ජය ගමු”
ඔබ නොදන්න මම දන්න දේවල් තමයි මේ පේජ් එකේ උගන්වන්නේ. ඉතිං දිනපතා පෝස්ට් කියවලා ඉගෙන ගන්න.
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla