කෝටි ගාණට විකිණෙන VOC කාසි – Scam Alert
අහිංසකයා :- “..මචං රැජිණ ඉන්න VOC කාසියක් හොයාගනින්..කෝටි ගාණකට දෙතැහැකි..”
දෙයක් දන්න කෙනා :- “..එහෙම කාසි නෑ බං..රැජින බ්‍රිතාන්‍ය කාලෙ හිටියෙ..VOC ගැහුවෙ රැජින ඉපදෙන්නත් කලින් බං..”
අහිංසකයා :- “..මේ වීඩියෝ තියෙන්නෙ එහෙනම් මොනාද බං..?”
දෙයක් දන්න කෙනා :- “…ඕව හොර ජාවාරම් මචං..ඔහොම කාසි ආවෙ නෑ..ඕව මේ ඊයෙ පෙරේදා හදපුව..කාසි දෙකක් අලෝල වෙන්න පුලුවන්..නැත්නම් රැජිණ ඉන්න සතය කාසියයි VOC එකයි ග්‍රයින්ඩර් එකෙන් දෙපැත්ත ගාලා පාස්සල තමයි ඕව හදන්නෙ..”
අහිංසකයා :- “..බයර් කෙනෙක් ඉන්නව කිව්ව එක්කෙන්ක් මට..සුද්දෙක්ලු බයර්…එයා ගන්නව ඇවිල්ලම..බොරුවක් නම් එයා එන්නෙ නෑනෙ..”
දෙයක් දන්න කෙනා :- “..බයර් උඹටද කිව්වෙ ඌ ගන්නව කියල ඕවා..”
අහිංසකයා :- “.නෑ බං…එක්කෙනෙක් කිව්වෙ…”
දෙයක් දන්න කෙනා :- “..බයර්ව දැකල තියෙනවද ඔයාගෙ ඔය කියන යාලුවා..?”
අහිංසකයා :- “..අහල බලන්න ඕනෙ..ආහ් නෑ එයාගෙත් යාලුවෙක්ලු බයර්ව දන්නෙ..”
දෙයක් දන්න කෙනා :- “..ඒකනෙ බං…කවුරුත් බයර් ව දන්නෙ නෑ..බයර්ව දැකලත් නෑ…දැන් උඹට ඔහොම හොර කාසියක් හම්බුනයි කියහංකො…ඒක දෙන්න බයර්ව හොයාගන්න වෙන්නෙ නෑ ඔය කියන විදිහට..ඔයාගෙ යාලුව කියයි බයර් රට ගිහින් කියල..”
අහිංසකයා :- “..කෝටි ගාණක් දෙනව කියන්නෙ බොරුද එතකොට…?”
දෙයක් දන්න කෙනා :- “..ඔහොම කාසි විකුනපු එකෙක් ගැන අහලවත් තියෙනවද උඹ…?..නැත්නම් කෝටිය ඇහැට දැක්ක එකෙක් …? ”
අහිංසකයා :- “..නෑ බං…යාලුව කිව්වෙ ඉන්නව කියල එහෙම…”
දෙයක් දන්න කෙනා :- “.ඒකනෙ බං..උඹල දන්නෙත් නැති දැකලත් නැති බයර් කෙනෙක් ගැන විස්වාසෙ තියල කවුරුත් අහල නැති කෞතුකාගාරෙවත් නැති කාසියක් පස්සෙ පිස්සො වගේ දුවනව…ඊට පස්සෙ කාගෙ හරි හොරෙක්ගෙ හොර කාසියකට අහුවෙලා ඒක විකුණගන්න තැන තැන දඟලන්න ගිහින් පොලිස්සියට අහු වෙලා ජාවාරම්කාරයො කියල හිරේ විලංගුවෙ වැටෙන්න වැඩ සලස්ස ගන්නව….”
අහිංසකයා:- “..එහෙනම් ඇයි මෙහෙම කතා ඇහෙන්නෙ…ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑනෙ..?”
දෙයක් දන්න කෙනා :- “..කවුරු හරි හොරෙක් ඔහොම කාසියක් හදල කටකතාවක් යවනව සමාජෙට මෙහෙම රැජින ඉන්න VOC එකක් තියෙනවනම් කෝටියක් දෙනව කියල..ඊලගට මිනිස්සු ඕක හොයන්න ගන්නව.ඒ අස්සෙ අර හොරා ඒ හදපු කාසිය අරම හොයන එකෙක්ව අල්ලගෙන විකුණගන්නව විසිතිස්දහකට…ඌ ඒක අරගන්නව දැක්ක ගමන් කෝටිගාණක් හොයන්න හිතාගෙන.ඌ ඕක ගන්න බයර්ල හොය හොය රට වටේ ඇවිදිනව..කාසිය හොයන මිනිස්සු බ්‍රෝකර්ල වෙනව නිකන්ම…කටින් කට යන කටකතාවලට සමාජෙම අහුවෙනව…කාසිය හදපු හොරා නිකන්ම බොරුවක් ගොතල ගාණක් හොයාගෙන ඉවරයි ඒ වෙද්දි…ඕකට කියන්නෙ ව්‍යාපාර අවස්ථා කෘත්‍රිමව ගොඩනගල කරන buisness කියල…වංචාවක් ඕක…කූඨ ජාවාරමක්..”
එච්චර සරලව තේරුම් කලත් පිලිගන්න ආස නැති මිනිස්සු ඉන්නවා.
There is no such coin that including Queens portrait and Dutch East India Trading Company insignia (VOC) symbol in Ceylon and world history.
If there is some coin thats a “FAKE”. Inform the police if somebody try to sell like those.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
ඊලඟට මේකෙන් සල්ලි හොයන්නේ Youtube Channel කරන අය. වීඩියෝ එකක් හදලා දානවා. හැමෝම බලනවා. කාසියේ ගැනුම්කරුවෝ ගැන විස්තර දැනගන්න වීඩියෝ එක බලන්නම වෙනවා. ඒත් ඒකේ විස්තර නැහැ. Subscribe සහ Watch Time නිකන්ම ලැබෙනවා. හොරු ගොඩක් හතර වටින්ම බිහිවෙනවා…
ප්‍රවේශමෙන්…
ඔහොම සල්ලි හොයන්න පුළුවන් නම් මගේ හොඳම යාලුවා මෙලහකට බිලියන පතියෙක්. 6 වසර ඉඳන් එයාගේ විනෝදාංශය VOC කාසි එකතු කරන එක…
වඳින්නම් මේකටත් Details Please කියලා කමෙන්ට් කරන්න එපා කාලකණ්නියෙක් වගේ… උඩ කතාව කියවලා අවබෝධ කරගෙන නොරැවටී ඉන්න. අතේ තියෙන සල්ලි ටික රැකගන්න…
බුද්ධිමත් වෙන්නනම් අධ්‍යාපනය වැදගත්…
ඒ සඳහා දිනපතා අපේ පේජ් එකේ පෝස්ට් කියවන්න…
සැ.යු : උපුටා ගැනීම් කරුණු ඇතුළත් වේ. ඒවායේ අයිතිය කතෲන් සතුවේ.
Hotline : 0117 133 829 / 0701 10 10 10
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #scamalert #youtubeearnings #youtubescams #pyramidscams #vocscam #coinscam