Select Page
ඔබේ සිහින වලින් සල්ලි හොයන ෆේස්බුක් JOB Scam | Scam Alert (සැළසුම් සහගත වංචා)

ඔබේ සිහින වලින් සල්ලි හොයන ෆේස්බුක් JOB Scam | Scam Alert (සැළසුම් සහගත වංචා)

ඔබේ සිහින වලින් සල්ලි හොයන ෆේස්බුක් JOB Scam | Scam Alert (සැළසුම් සහගත වංචා)

අපි ඔබට මීට පෙර දැනුවත් කල Youtube සහ Tiktok JOB Scam වගේම තවත් මිනිස්සුන්ව රවට්ටන ක්‍රමයක් තමයි Facebook JOB Scam.

මිනිස්සු ගොඩක් විරැකියාවෙන් පෙළෙනවා. ඒ නිසා ෆේස්බුක් එකේ දකින ලේසි රැකියා වලට අයදුම් කරනවා. ඔබ ෆේස්බුක් එකේ රැකියා ලබාදෙන පේජ් විශාල ප්‍රමාණයක් දැක ඇති. රැකියා පුරප්පාඩු දහස් ගණනක් දිනපතා පළවෙනවා. මේ කියන ආකාරයට පහසුවෙන් ඕන කෙනෙක්ට කරන්න ඕනෑ තරම් ජොබ් තියේනම් ඇයි මෙච්චර මිනිස්සු රැකියා නෑ කියලා කියන්නේ…

ඇත්තටම මෙහෙම රැකියා නෑ.
පහත තියෙන්නේ ඒ වගේ උදාහරණ. මේවා පේජ් කරන අය විසින් නිර්මාණය කල ව්‍යාජ රැකියා අවස්ථා පමණයි.

ඔබේ අසරණ කම, කුසගින්න, මුදල් නැතිකම ඔබව මේ රැකියා වලට යොමු කර රවට්ටන්න මූලික හේතුවක් වෙනවා. නමුත් ප්‍රධානම හේතුව ඔබේ මෝඩකම සහ අධ්‍යාපනය මදි කමයි. මන්ද ඔබ මෙවැනි පෝස්ට් කියවන්නේ අඩුවෙන්. ඔබට ඕන දැනුම නෙමේ සල්ලි. නමුත් Learn and then Earn කියන දේ හැමෝම අමතක කරන දෙයක්…

බලන්න පහත රැකියා හුරුපුරුදුද කියලා..

▪️ කර්මාන්තශාලා රැකියා ඇබෑර්තු. කොට්ටාව, පිළියන්දල, කඩුවෙල, හෝමාගම පිහිටි නූඩ්ලස්, සොසේජස්, බිස්කට්, සබන්, අත්ග්ලවුස් කර්මාන්තශාලා සඳහා. ආහාර සහ නවාතැන් සැපයේ. පැමිණෙන දිනම රැකියාව. මිතුරන් සමඟ එන්න, සැමට රැකියාව. මාසිකව රු.70,000 වැඩි වැටුප්.
▪️ කර්මාන්තශාලා තුළ ලේබල් සහ ඇසුරුම් රැකියා. දෛනික, සති සහ මාසික වැටුප්.
▪️ ඉහළ වැටුප් සහිත කර්මාන්තශාලා රැකියා ඇබෑර්තු. ️ටිපිටිප්, යෝගට්, නූඩ්ලස්, ප්‍රින්ටින්, පොලිතීන්, වතුර බෝතල් කර්මාන්තශාලාවන්
හි. දිනකට – 1200-2000/- දක්වා. අතිකාල දීමනා සහිතයි. වයස 18 – 45 ත් අතර. ETF / EPF සහිත. ආහාර /නවාතැන්/ ප්‍රවාහනය සැපයේ. යහළුවන්, කණ්ඩායම්, විවාහකයින් එකම ආයතනයකට බඳවාගැනේ. පැමිණි දිනම රැකියාවට. ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම. දැන්ම අමතන්න

මේ වගේ ඇඩ් දහස් ගණනක් ෆේස්බුක් එකේ තියෙනවා. ගොඩක් ඒවා Sponsored Ad. ලයික්, ශෙයාර්, කමෙන්ට් දහස් ගණනක් තියේ මේ පේජ් වල. නිකමට හරි බලන්න මේ විශාල කර්මාන්තශාලා වල නමක් එහෙම මේ පෝස්ට් වල තියේද කියලා. ඒ වගේම එකිනෙකට නොගැලපෙන රැකියා රැසක් දෙන්න තනි අංකයකට කතා කරන්න කියනවා. නියම කම්පැනි එකක්නම් වෙන පේජ් එකකට ඇඩ් එකක් දෙනවනම් ආයතනයේ විස්තර, HR Manager ගේ විස්තර, ඊමේල්, දුරකතන, ලිපින හැමදෙයක්ම දෙනවා. ඇඩ් එකක් දාන්නේ එහෙමයි.

බොහෝ වෙලාවට මේ රැකියා ඇබෑර්තු වල දුරකතන අංක මේ ෆේස්බුක් පේජ් හිම්කරුවන් විසින් ව්‍යාජ හැඳුනුම්පත් වලට ලබාගත් සිම්පත්. මේ රැකියා දෙන පේජ් 99.9%ක් ව්‍යාජ ඒවා. ඔබේ හැකියාවට රැකියාවක් සොයාගන්න නම් ඒ වෙනුවෙන් වෙන් වුන වෙනම රැකියා වෙබ් අඩවි තියේ. Verified Job/ආයතන තියේ. ඒවා බලන්න. ෆේස්බුක් ඔස්සේ ඔබ අසු වෙන්නේ බ්‍රෝකර්ලට. ඔබේ මුදල් තැන්පතු ලබාගෙන ඔවුන් අතුරුදහන් වෙනවා.

◾◾◾◾◾◾◾◾◾◾

මේ පෝස්ට් එක අවබෝධයෙන් කියවා තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කවදාවත් ආයේ Scam එකකටනම් අහුවෙන එකක් නෑ. ඒත් අවාසනාවකට මිනිස්සු මේක කියවන්නේ නෑ. මේ පෝස්ට් එක Skip කරලා ගිහින් ඒකට යටින් News Feed එකේ පෙන්වන රු.ලක්ෂයක් ආයෝජනය කර මාසෙන් ලක්ෂ 10ක් හොයන්න කියන පෝස්ට් එකක් කියවාවි. ඒක තමයි ලංකාවේ හැටි.

මේ පෝස්ට් එකේ අපි ෆේස්බුක් Scam ගැන කියලා දුන්නට ගොඩක් පේජ් කරන අයනම් කැමතිවෙන එකක් නැ. හැබැයි දැන් අපිට මඩගහන්න පටන් ගනීවි. ඒත් ඒ හැමෝම ඔබව රවටා මුදල් උපයන ආකාරය ගැන ඔබ දැනගන්න ඕන කියලා හිතුවා. නමුත් මේ ආකාරයට නිවැරැදි තොරතුරු දීලා නිවැරැදිව මුදල් උපයන චැනලුත් ඕනෑ තරම් තියෙනවා කියලා අමතක කරන්න එපා. ඒවා තෝරා බේරා බලන්න බුද්ධිමත් වෙන්න…

බුද්ධිමත් වෙන්නනම් අධ්‍යාපනය වැදගත්…
ඒ සඳහා දිනපතා අපේ පේජ් එකේ පෝස්ට් කියවන්න…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #scamalert #youtubeearnings #youtubescams #pyramidscams #tiktokscam #facebookscam #jobscam

ඔබේ සිහින වලින් සල්ලි හොයන ටික්ටොක් JOB Scam | Scam Alert (සැළසුම් සහගත වංචා)

ඔබේ සිහින වලින් සල්ලි හොයන ටික්ටොක් JOB Scam | Scam Alert (සැළසුම් සහගත වංචා)

ඔබේ සිහින වලින් සල්ලි හොයන ටික්ටොක් JOB Scam | Scam Alert (සැළසුම් සහගත වංචා)

Youtube වගේම තමයි නිකන් හරි Tiktok පැත්තේ ගියොත් ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම දහස් ගණනක වීඩියෝ තියේ නේද? එක වීඩියෝ එකක් විනාඩි 15-20ක් පමණ දිගයි. ලස්සන හිත ඇදිලා යන මාතෘකාවක් තියේ… “ඩේටා කේබල් / හෑන්ඩ් ෆ්‍රී පැකට් වලට දාලා මාසෙට ලක්ෂයක් උපයමු”

සමහර අය ටික්ටොක් එකට Short Video දාලා වැඩි විස්තර බලන්න Youtube Channel එකට යන්න කියලත් කියනවා.

▪️ පරිප්පු පැකට් කරලා ලක්ෂ ගණන් උපයමු
▪️ පෑන් වලට බට දමා මාසිකව රු.90,000ක් හොයන්නේ කොහොමද ?
▪️ ඇඳුම් වල ටැග් ගසා මුදල් සොයන්න ඔබත් කැමතිද?
▪️ තේ කොළ පැකට් කරලා මාසෙට රු.50,000ක් උපයන්නේ මෙහෙමයි.
▪️ බෝතල් වලට ගම් දාලා සල්ලි හොයන්න කැමතිද?
▪️ බයිට් පැකට් කරලා සල්ලි හොයමුද?
▪️ පොත් වලට ස්ටේප්ලර් කටු ගසා මාසෙට මෙච්චරක් හොයන්න පුළුවන් කියලා ඔබ දැනන් හිටියද?
▪️ ලුණු පැකට් කරලා ජීවිතය ජයගන්න කැමතිද?
▪️ ගෙදර ඉඳන් බබත් බලාගන්න ගමන් සෝයා මීට් පැකට් කරලා සල්ලි හොයමු
▪️ කොණ්ඩ කටු පැකට් කරලා සල්ලි හොයමු
▪️ පහන්තිර අඹරලා පැකට් වලට දමලා ලක්ෂපතියෙක් වෙන්න
▪️ හඳුන්කූරූ පැකට් කරලා මාසේ ආදායම හොයාගන්නේ මෙහෙමයි
▪️ ඇසුරුම් සකස් කරලා සහ ලිපිකවර අලවලා මාසෙට රු.50,000ක් උපයන්න.
▪️වදමල් වේලලා රටයවලා සල්ලි හොයමුද?
▪️ රම්පේ ග්‍රෑම් 20ක් $10ට අලෙවි කරන රහස්
▪️ වේළපු කොස්කොල eBay එකේ අලෙවි කරන්නේ මෙහෙමයි
▪️ මේ ස්වයංරැකියාව කලොත් ආයේ ජොබ් ඕන නෑ
▪️ වදමල් වගාවෙන් ලක්ෂ ගණන් උපයන හැටි
▪️ කොට්ටම්බා කොල විකුණා ලක්ෂයක්
▪️ කොට්ටම්බා කොල වලින් සල්ලි මවන හැටි
▪️ මාසෙන් ලක්ෂපතියෙක්, ඕනෑතරම් අපි මිළදී ගන්නවා. කොට්ටම්බා කොල වේලන්න
▪️ කොස් කොල වලින් සල්ලි හොයන්න ඉක්මනට මේ වීඩියෝ එක බලන්න
▪️ කොල 100ක් රු.2800යි. කොස් කොල විකුණන්න
▪️ දෙල් කොල පිටරට යවන හැටි. දෙල් කොල 10ක් රු.3500

ඉහත ආකාරයේ වීඩියෝ දහස් ගණනක් චැනල් වල අප්ලෝඩ් කරලා තියේ. මේ චැනල් වලින් කරන්නේ ෆේස්බුක් එකේ පළකර තිබෙන ස්වයංරැකියා අවස්ථා හෝ පත්තර වල යන ස්වයංරැකියා අවස්ථා ගැන විඩීයෝ හදලා දාන එක. හැබැයි 10%ක් පමණ එහෙම වෙනත් තැන්වලින් තොරතුරු ගන්නකොට, 90%ක් පමණ ෆේක් ජොබ් නිර්මාණය කරන එකත් කරනවා. මොකද චැනල් එකට පිරිස වැඩි කරගන්න පුළුවන් එතකොට.

ගොඩක් ඉන්දියාවේ වීඩියෝ හෝ ඉන්ටර්නෙට් එකේ තියෙන විවිධ ස්වයංරැකියා සම්බන්ධ වීඩියෝ ඩවුන්ලෝඩ් කරලා මේ අය අප්ලෝඩ් කරනවා. ඒවා පේන්නේ ලංකාවේ වීඩියෝ වගේ. සබන් පැක් කරනවා, පෑන් පැක් කරනවා වගේ ලේසි වැඩ කරන වීඩියෝ තියෙන්නේ.

ඔයාලා නිකමට හරි හිතනවද කම්පැනි වලින් ඔයාලට බඩු එවලා ඕවා කරගනී කියලා. ඔය කියන තරම් ලක්ශ ගණන් පඩි දීලා. එච්චර වියදම් කරන්නේ මොකටද දැන් කාලේ ගාර්මන්ට් වලත් රු.30,000 වැටුපට ළමයි ගන්න කාලේ, ඔයාලට ගෙදරටම ඔක්කොම බඩු කිසිම බයක් නැතිව කුරියර් සේවාවක් හරි ගෙනත් දීලා, ගෙදර ඉඳන් ඕක කරලා ලක්ෂයක් පඩි දේවි කියලා හිතනවද? අධ්‍යාපනය වැදගත් කියන්නේ ඒකයි. හැමෝම බුද්ධියෙන් විමසා බලන්නේ නෑ. “ගෙදර ඉඳන් ලක්ෂයක් කීව ගමන්” ඕන බොරුවකට අහුවෙනවා. මේ පේජ් එකේ වුනත් අපි Scam Alert කියලා පෝස්ට් එකක් දාපුවහම ඒක කියවන්නේ නෑ. ඒකේ රූපේ විස්තර බලලා Details Please කියනවා. ඉතිං රැවටෙනවා. සල්ලි නැති කරගන්නවා.

සමහර මිනිස්සු (හොරු) ෆේස්බුක් පෝස්ට් දානවා “පහන්තිර අඹරලා මාසෙට රු.50,000ක් උපයමු. බඩු නිවසටම එවනවා. කුරියර් ගාස්තුව හෝ වටිනාකමින් 25%ක් ගෙවලා බඩු ලැබුණහම ඉතිරිය ගෙවන්න” කියලා දුරකතන අංකයක් සමඟ පෝස්ට් එකක් දානවා. ඇත්තෙන්ම එයත් ස්කෑම් එකක්. අපේ චැනල් කරන අය කරන්නේ ඒ තනි මැසේජ් එක විනාඩි 20ක වීඩියෝ එකකට හරවලා වීඩියෝ එක අවසානයේ අර හොරාගේ දුරකතන අංක‍ය දානවා. නැතිනම් අංකය ගන්න Description එකේ තියෙන ඇප් එකට ලියාපදිංචි වෙන්න කියනවා. බොහෝ වෙලාවට චැනල් එකේ කෙනාට ඒ මනුස්සයා හොරෙක්ද නැද්ද කියන එක අදාල නෑ. එයාට ඔය වගේ ස්වයංරැකියාවක් කියන්නේ නිධානයක් වගේ. මොකද චැනල් එකේ Subscribe සහ Watch Time/Views වැඩි වෙනවනේ. ඉන්පසුව Adsense හරහා මුදල් ලැබෙනවා. ඒ වගේම Tiktok වල Followers ප්‍රමාණය වැඩිවෙනවා.

ගොඩක් චැනල් වලින් ඔවුන් අප්ලෝඩ් කරන වීඩියෝ වල කමෙන්ට් Off කරනවා. එහෙම කරන්නේ වංචා සහගත සිතුවිල්ලෙන්. මොකද ඒ වීඩීයෝ එක ව්‍යාජ එකක් කියලා දැනගත්ත ගමන් අනෙක් අය කමෙන්ට් කරනවනේ. එය වළක්වන්න මේ අය කමෙන්ට් ඕෆ් කරලා දිගටම වීඩියෝ දානවා. සමහර අය එයාලගෙම ෆේක් ගිණුම් වලින් කමෙන්ට් දාලා Recommend කරනවා ජොබ් එක.

හැබැයි තව ක්‍රමයක් මේ අය භාවිතා කරනවා. ඒ Idea Mart Platform එක භාවිතා කරලා හදනවා ඇප් එකක්. අපිත් ඔබට ඒ ඇප් නිර්මාණය කරගන්න ආකාරය ඉගැන්නුවනේ. අන්න ඒ විදිහට. ඒ ඇප් එකට දානවා අර ජොබ් එක ගැන විස්තර. දුරකතන අංකය තියෙන්නේ ඇප් එක ඇතුලේ. ඒක බලන්න නම් දිනකට රු.3, 5, 10 වගේ මුදලක් ගෙවලා ඇප් එකට ලියාපදිංචි වෙන්න ඕන. ඔන්න ඔය ක්‍රම දෙකෙන් තමයි මේ චැනල් මුදල් හොයන්නේ. හොඳට බලන්න චැනල්/ගිණුම් 99%ක Tiktok Description එකේ Ideamart App Link එකක් තියෙනවා.

හැබැයි ඔබට මුදල් ලැබීමේ සම්භාවිතාවය 1%ක් පමණ තියෙන්නේ. මොකද 99%ක්ම මේවා ව්‍යාජ රැකියා. හැබැයි චැනල් 3-4ක් තියේ නිවැරැදිව තොරතුරු දෙන සහ ස්වයංරැකියා Review කරන. හරි චැනල් එක සොයාගන්න ඔබ බුද්ධිමත් වෙන්න ඕන. මේ පෝස්ට් එක පමණක් ප්‍රමාණවත් ඔබට එය තේරුම් ගන්න.

Tiktok හෝ Ideamart ඇප් එකක් හරහා මුදල් උපයන එක වැරදි නෑ. හැබැයි නිවැරැදි ආකාරයට. මිනිස්සුන්ට වංචා නොකර. මිනිස්සුන්ගේ හීන එක්ක සෙල්ලම් නොකර. අපි ඔබට මුලින්ම කියලා දුන්නා චැනල් එකකින් නිවැරැදිව මුදල් උපයන ආකාරය. ඒ ආකාරයට මිනිස්සුන්ට වැදගත් වෙන දේවල් අප්ලෝඩ් කරලා ආදායම් උපයන්න.

උදාහරණයක් විදිහට අපේ පේජ් එකේ දිනපතා පළකරන පෝස්ට් සමහර චැනල් වලින් PDF කරලා වෙන අයට විකුණනවා. අපේ පේජ් එකේ නොමිළයේ උගන්වන දේවල් මිනිස්සුන්ට අගයක් නෑ. නමුත් චැනල් වලින් එහි අගය වටහාගෙන ඒ අය ඒකෙන් මුදල් උපයනවා. අපේ අය ක්ෂණිකව මුදල් හොයාගන්න හිතාගෙන අපි නොමිළයේ උගන්වල දේවල් මග ඇරලා වෙන අයට සල්ලි ගෙවලා අපේ විස්තරම අරගෙන ආපහු අපිටම මැසේජ් කරනවා සල්ලි හොයන්න. මෙසේ කරන චැනල් පිළිබඳව හෝ අපගේ ලිපි PDF කරන චැනල් / පේජ් / වට්ස් ඇප් ගෲප් පිළිබඳව අප වගකීමක් ගන්නේ නැතිබවද මතක තබාගන්න.

අපේ පේජ් එකේ / ආයතනයේ රැකියා ගැනද ගොඩක් චැනල් වලින් වීඩියෝ හදලා තියේ. ඒක ඇත්තෙන්ම හොඳයි. අගය කරනවා. අපි වගේ නිවැරැදිව ස්වයංරැකියා / රැකියා දෙන ආයතන පමණක් හොයලා චැනල් එක කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මොකද චැනල් එක විශ්වාස කරලා ඒ අය ස්කෑම් වලට සල්ලි දාන්න ඉඩ තියේනේ.

ඔබ දන්න ව්‍යාජ තොරතුරු සපයන Tiktok චැනල් වල ස්ක්‍රීන්ශොට් මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න.

ඉතිං මිනිස්සුන්ගේ මේ කම්මැලි කම සහ මෝඩකම නිසාම අපිත් හිතුවා ඉදිරියට ඔවුන් කැමති ආකාරයට නොමිළයේ උගන්වන්නේ නැතිව මුදලක් ගෙවලම කියලා දෙන්න.. ඒ ගැන ඉදිරියේදී විස්තර කියන්නම්.

◾◾◾◾◾◾◾◾◾◾

මේ පෝස්ට් එක අවබෝධයෙන් කියවා තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කවදාවත් ආයේ Scam එකකටනම් අහුවෙන එකක් නෑ. ඒත් අවාසනාවකට මිනිස්සු මේක කියවන්නේ නෑ. මේ පෝස්ට් එක Skip කරලා ගිහින් ඒකට යටින් News Feed එකේ පෙන්වන රු.ලක්ෂයක් ආයෝජනය කර මාසෙන් ලක්ෂ 10ක් හොයන්න කියන පෝස්ට් එකක් කියවාවි. ඒක තමයි ලංකාවේ හැටි.

මේ පෝස්ට් එකේ අපි Tiktok Scam ගැන කියලා දුන්නට ගොඩක් පාඨමාලා කරන ආයතන සහ චැනල් නම් කැමතිවෙන එකක් නැ. හැබැයි දැන් අපිට මඩගහන්න පටන් ගනීවි. ඒත් ඒ හැමෝම ඔබව රවටා මුදල් උපයන ආකාරය ගැන ඔබ දැනගන්න ඕන කියලා හිතුවා. නමුත් මේ ආකාරයට නිවැරැදි තොරතුරු දීලා නිවැරැදිව මුදල් උපයන චැනලුත් ඕනෑ තරම් තියෙනවා කියලා අමතක කරන්න එපා. ඒවා තෝරා බේරා බලන්න බුද්ධිමත් වෙන්න…

බුද්ධිමත් වෙන්නනම් අධ්‍යාපනය වැදගත්…
ඒ සඳහා දිනපතා අපේ පේජ් එකේ පෝස්ට් කියවන්න…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #scamalert #youtubeearnings #youtubescams #pyramidscams #tiktokscam

ඔබේ සිහින වලින් සල්ලි හොයන Youtube JOB Scam | Scam Alert (සැළසුම් සහගත වංචා)

ඔබේ සිහින වලින් සල්ලි හොයන Youtube JOB Scam | Scam Alert (සැළසුම් සහගත වංචා)

ඔබේ සිහින වලින් සල්ලි හොයන Youtube JOB Scam | Scam Alert (සැළසුම් සහගත වංචා)

නිකන් හරි Youtube පැත්තේ ගියොත් ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම දහස් ගණනක වීඩියෝ තියේ නේද? එක වීඩියෝ එකක් විනාඩි 15-20ක් පමණ දිගයි. ලස්සන හිත ඇදිලා යන මාතෘකාවක් තියේ… “ඩේටා කේබල් / හෑන්ඩ් ෆ්‍රී පැකට් වලට දාලා මාසෙට ලක්ෂයක් උපයමු”

▪️ පරිප්පු පැකට් කරලා ලක්ෂ ගණන් උපයමු
▪️ පෑන් වලට බට දමා මාසිකව රු.90,000ක් හොයන්නේ කොහොමද ?
▪️ ඇඳුම් වල ටැග් ගසා මුදල් සොයන්න ඔබත් කැමතිද?
▪️ තේ කොළ පැකට් කරලා මාසෙට රු.50,000ක් උපයන්නේ මෙහෙමයි.
▪️ බෝතල් වලට ගම් දාලා සල්ලි හොයන්න කැමතිද?
▪️ බයිට් පැකට් කරලා සල්ලි හොයමුද?
▪️ පොත් වලට ස්ටේප්ලර් කටු ගසා මාසෙට මෙච්චරක් හොයන්න පුළුවන් කියලා ඔබ දැනන් හිටියද?
▪️ ලුණු පැකට් කරලා ජීවිතය ජයගන්න කැමතිද?
▪️ ගෙදර ඉඳන් බබත් බලාගන්න ගමන් සෝයා මීට් පැකට් කරලා සල්ලි හොයමු
▪️ කොණ්ඩ කටු පැකට් කරලා සල්ලි හොයමු
▪️ පහන්තිර අඹරලා පැකට් වලට දමලා ලක්ෂපතියෙක් වෙන්න
▪️ හඳුන්කූරූ පැකට් කරලා මාසේ ආදායම හොයාගන්නේ මෙහෙමයි
▪️ ඇසුරුම් සකස් කරලා සහ ලිපිකවර අලවලා මාසෙට රු.50,000ක් උපයන්න.
▪️වදමල් වේලලා රටයවලා සල්ලි හොයමුද?
▪️ රම්පේ ග්‍රෑම් 20ක් $10ට අලෙවි කරන රහස්
▪️ වේළපු කොස්කොල eBay එකේ අලෙවි කරන්නේ මෙහෙමයි
▪️ මේ ස්වයංරැකියාව කලොත් ආයේ ජොබ් ඕන නෑ
▪️ වදමල් වගාවෙන් ලක්ෂ ගණන් උපයන හැටි
▪️ කොට්ටම්බා කොල විකුණා ලක්ෂයක්
▪️ කොට්ටම්බා කොල වලින් සල්ලි මවන හැටි
▪️ මාසෙන් ලක්ෂපතියෙක්, ඕනෑතරම් අපි මිළදී ගන්නවා. කොට්ටම්බා කොල වේලන්න
▪️ කොස් කොල වලින් සල්ලි හොයන්න ඉක්මනට මේ වීඩියෝ එක බලන්න
▪️ කොල 100ක් රු.2800යි. කොස් කොල විකුණන්න
▪️ දෙල් කොල පිටරට යවන හැටි. දෙල් කොල 10ක් රු.3500

ඉහත ආකාරයේ වීඩියෝ දහස් ගණනක් චැනල් වල අප්ලෝඩ් කරලා තියේ. මේ චැනල් වලින් කරන්නේ ෆේස්බුක් එකේ පළකර තිබෙන ස්වයංරැකියා අවස්ථා හෝ පත්තර වල යන ස්වයංරැකියා අවස්ථා ගැන විඩීයෝ හදලා දාන එක. හැබැයි 10%ක් පමණ එහෙම වෙනත් තැන්වලින් තොරතුරු ගන්නකොට, 90%ක් පමණ ෆේක් ජොබ් නිර්මාණය කරන එකත් කරනවා. මොකද චැනල් එකට පිරිස වැඩි කරගන්න පුළුවන් එතකොට.

ගොඩක් ඉන්දියාවේ වීඩියෝ හෝ ඉන්ටර්නෙට් එකේ තියෙන විවිධ ස්වයංරැකියා සම්බන්ධ වීඩියෝ ඩවුන්ලෝඩ් කරලා මේ අය අප්ලෝඩ් කරනවා. ඒවා පේන්නේ ලංකාවේ වීඩියෝ වගේ. සබන් පැක් කරනවා, පෑන් පැක් කරනවා වගේ ලේසි වැඩ කරන වීඩියෝ තියෙන්නේ.

ඔයාලා නිකමට හරි හිතනවද කම්පැනි වලින් ඔයාලට බඩු එවලා ඕවා කරගනී කියලා. ඔය කියන තරම් ලක්ශ ගණන් පඩි දීලා. එච්චර වියදම් කරන්නේ මොකටද දැන් කාලේ ගාර්මන්ට් වලත් රු.30,000 වැටුපට ළමයි ගන්න කාලේ, ඔයාලට ගෙදරටම ඔක්කොම බඩු කිසිම බයක් නැතිව කුරියර් සේවාවක් හරි ගෙනත් දීලා, ගෙදර ඉඳන් ඕක කරලා ලක්ෂයක් පඩි දේවි කියලා හිතනවද? අධ්‍යාපනය වැදගත් කියන්නේ ඒකයි. හැමෝම බුද්ධියෙන් විමසා බලන්නේ නෑ. “ගෙදර ඉඳන් ලක්ෂයක් කීව ගමන්” ඕන බොරුවකට අහුවෙනවා. මේ පේජ් එකේ වුනත් අපි Scam Alert කියලා පෝස්ට් එකක් දාපුවහම ඒක කියවන්නේ නෑ. ඒකේ රූපේ විස්තර බලලා Details Please කියනවා. ඉතිං රැවටෙනවා. සල්ලි නැති කරගන්නවා.

සමහර මිනිස්සු (හොරු) ෆේස්බුක් පෝස්ට් දානවා “පහන්තිර අඹරලා මාසෙට රු.50,000ක් උපයමු. බඩු නිවසටම එවනවා. කුරියර් ගාස්තුව හෝ වටිනාකමින් 25%ක් ගෙවලා බඩු ලැබුණහම ඉතිරිය ගෙවන්න” කියලා දුරකතන අංකයක් සමඟ පෝස්ට් එකක් දානවා. ඇත්තෙන්ම එයත් ස්කෑම් එකක්. අපේ යූටියුබ් චැනල් කරන අය කරන්නේ ඒ තනි මැසේජ් එක විනාඩි 20ක වීඩියෝ එකකට හරවලා වීඩියෝ එක අවසානයේ අර හොරාගේ දුරකතන අංක‍ය දානවා. නැතිනම් අංකය ගන්න Description එකේ තියෙන ඇප් එකට ලියාපදිංචි වෙන්න කියනවා. බොහෝ වෙලාවට චැනල් එකේ කෙනාට ඒ මනුස්සයා හොරෙක්ද නැද්ද කියන එක අදාල නෑ. එයාට ඔය වගේ ස්වයංරැකියාවක් කියන්නේ නිධානයක් වගේ. මොකද චැනල් එකේ Subscribe සහ Watch Time/Views වැඩි වෙනවනේ. ඉන්පසුව Adsense හරහා මුදල් ලැබෙනවා.

ගොඩක් චැනල් වලින් ඔවුන් අප්ලෝඩ් කරන වීඩියෝ වල කමෙන්ට් Off කරනවා. එහෙම කරන්නේ වංචා සහගත සිතුවිල්ලෙන්. මොකද ඒ වීඩීයෝ එක ව්‍යාජ එකක් කියලා දැනගත්ත ගමන් අනෙක් අය කමෙන්ට් කරනවනේ. එය වළක්වන්න මේ අය කමෙන්ට් ඕෆ් කරලා දිගටම වීඩියෝ දානවා. සමහර අය එයාලගෙම ෆේක් ගිණුම් වලින් කමෙන්ට් දාලා Recommend කරනවා ජොබ් එක.

හැබැයි තව ක්‍රමයක් මේ අය භාවිතා කරනවා. ඒ Idea Mart Platform එක භාවිතා කරලා හදනවා ඇප් එකක්. අපිත් ඔබට ඒ ඇප් නිර්මාණය කරගන්න ආකාරය ඉගැන්නුවනේ. අන්න ඒ විදිහට. ඒ ඇප් එකට දානවා අර ජොබ් එක ගැන විස්තර. දුරකතන අංකය තියෙන්නේ ඇප් එක ඇතුලේ. ඒක බලන්න නම් දිනකට රු.3, 5, 10 වගේ මුදලක් ගෙවලා ඇප් එකට ලියාපදිංචි වෙන්න ඕන. ඔන්න ඔය ක්‍රම දෙකෙන් තමයි මේ චැනල් මුදල් හොයන්නේ.

හැබැයි ඔබට මුදල් ලැබීමේ සම්භාවිතාවය 1%ක් පමණ තියෙන්නේ. මොකද 99%ක්ම මේවා ව්‍යාජ රැකියා. හැබැයි චැනල් 3-4ක් තියේ නිවැරැදිව තොරතුරු දෙන සහ ස්වයංරැකියා Review කරන. හරි චැනල් එක සොයාගන්න ඔබ බුද්ධිමත් වෙන්න ඕන. මේ පෝස්ට් එක පමණක් ප්‍රමාණවත් ඔබට එය තේරුම් ගන්න.

යූටියුබ් චැනල් එකකින් හෝ Ideamart ඇප් එකක් හරහා මුදල් උපයන එක වැරදි නෑ. හැබැයි නිවැරැදි ආකාරයට. මිනිස්සුන්ට වංචා නොකර. මිනිස්සුන්ගේ හීන එක්ක සෙල්ලම් නොකර. අපි ඔබට මුලින්ම කියලා දුන්නා චැනල් එකකින් නිවැරැදිව මුදල් උපයන ආකාරය. ඒ ආකාරයට මිනිස්සුන්ට වැදගත් වෙන දේවල් අප්ලෝඩ් කරලා ආදායම් උපයන්න.

උදාහරණයක් විදිහට අපේ පේජ් එකේ දිනපතා පළකරන පෝස්ට් සමහර චැනල් වලින් PDF කරලා වෙන අයට විකුණනවා. අපේ පේජ් එකේ නොමිළයේ උගන්වන දේවල් මිනිස්සුන්ට අගයක් නෑ. නමුත් චැනල් වලින් එහි අගය වටහාගෙන ඒ අය ඒකෙන් මුදල් උපයනවා. අපේ අය ක්ෂණිකව මුදල් හොයාගන්න හිතාගෙන අපි නොමිළයේ උගන්වල දේවල් මග ඇරලා වෙන අයට සල්ලි ගෙවලා අපේ විස්තරම අරගෙන ආපහු අපිටම මැසේජ් කරනවා සල්ලි හොයන්න. මෙසේ කරන චැනල් පිළිබඳව හෝ අපගේ ලිපි PDF කරන චැනල් / පේජ් / වට්ස් ඇප් ගෲප් පිළිබඳව අප වගකීමක් ගන්නේ නැතිබවද මතක තබාගන්න.

අපේ පේජ් එකේ / ආයතනයේ රැකියා ගැනද ගොඩක් චැනල් වලින් වීඩියෝ හදලා තියේ. ඒක ඇත්තෙන්ම හොඳයි. අගය කරනවා. අපි වගේ නිවැරැදිව ස්වයංරැකියා / රැකියා දෙන ආයතන පමණක් හොයලා චැනල් එක කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මොකද චැනල් එක විශ්වාස කරලා ඒ අය ස්කෑම් වලට සල්ලි දාන්න ඉඩ තියේනේ.

ඔබ දන්න ව්‍යාජ තොරතුරු සපයන චැනල් වල ස්ක්‍රීන්ශොට් මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න.

ඉතිං මිනිස්සුන්ගේ මේ කම්මැලි කම සහ මෝඩකම නිසාම අපිත් හිතුවා ඉදිරියට ඔවුන් කැමති ආකාරයට නොමිළයේ උගන්වන්නේ නැතිව මුදලක් ගෙවලම කියලා දෙන්න.. ඒ ගැන ඉදිරියේදී විස්තර කියන්නම්.

◾◾◾◾◾◾◾◾◾◾

මේ පෝස්ට් එක අවබෝධයෙන් කියවා තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කවදාවත් ආයේ Scam එකකටනම් අහුවෙන එකක් නෑ. ඒත් අවාසනාවකට මිනිස්සු මේක කියවන්නේ නෑ. මේ පෝස්ට් එක Skip කරලා ගිහින් ඒකට යටින් News Feed එකේ පෙන්වන රු.ලක්ෂයක් ආයෝජනය කර මාසෙන් ලක්ෂ 10ක් හොයන්න කියන පෝස්ට් එකක් කියවාවි. ඒක තමයි ලංකාවේ හැටි.

මේ පෝස්ට් එකේ අපි Youtube Scam ගැන කියලා දුන්නට ගොඩක් පාඨමාලා කරන ආයතන සහ චැනල් නම් කැමතිවෙන එකක් නැ. හැබැයි දැන් අපිට මඩගහන්න පටන් ගනීවි. ඒත් ඒ හැමෝම ඔබව රවටා මුදල් උපයන ආකාරය ගැන ඔබ දැනගන්න ඕන කියලා හිතුවා. නමුත් මේ ආකාරයට නිවැරැදි තොරතුරු දීලා නිවැරැදිව මුදල් උපයන චැනලුත් ඕනෑ තරම් තියෙනවා කියලා අමතක කරන්න එපා. ඒවා තෝරා බේරා බලන්න බුද්ධිමත් වෙන්න…

බුද්ධිමත් වෙන්නනම් අධ්‍යාපනය වැදගත්…
ඒ සඳහා දිනපතා අපේ පේජ් එකේ පෝස්ට් කියවන්න…

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #scamalert #youtubeearnings #youtubescams #pyramidscams

මූල්‍ය වංචා

මූල්‍ය වංචා

මූල්‍ය වංචා : සැනසුම සොයා වැනසෙමු ද?
https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/financial_scams_the_hell_underneath_the_heaven_s.pdf

சொர்க்கத்தில் மறைந்திருக்கும் நரகம்
https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/financial_scams_the_hell_underneath_the_heaven_t.pdf

The Hell Underneath the Heaven
https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/financial_scams_the_hell_underneath_the_heaven_e.pdf

Original Post : https://m.facebook.com/story.php?story_fbid=734374002058266&id=100064570184568&mibextid=Nif5oz

Credit / Source : Central Bank of Sri Lanka

මෙවැනි වැදගත් පෝස්ට් බලන්න Business HUB Sri Lanka Page එක ෆලෝ කරන්න…Business HUB Sri Lanka

ඔන්ලයින් මුදල් වංචා

ඔන්ලයින් මුදල් වංචා

ඔන්ලයින් මුදල් වංචා…

🔴 මොකද්ද මේ Online මුදල් වංචාවක් කියන්නේ?

Online මුදල් වංචාවක් කියන්නේ, ඔබේ අතේ තියෙන මුදල් සොරාගන්නවා වෙනුවට Online ක්‍රම ඔස්සේ ඔබේ බැංකු ගිණුමේ තියෙන මුදල් තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් සොරාගන්නා වංචා සහගත ක්‍රියාවන්ට.

🔴 Online මුදල් වංචාවන් සිදුකරන්නේ කව්ද?

Online ගනුදෙනු සිදුවන තාක්ෂණික ක්‍රමවේද ගැන මනා දැනුමක් ඇති, එම දැනුම වංචා සහගත ක්‍රියා සඳහා යොදාගන්නා වංචාකරුවන් තමයි මෙම වංචාවන් සිදු කරන්නේ. හරියට බැලුවොත් ඔවුන්ව ස්මාට් හොරුන් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්.

🔴 Online මුදල් වංචාවන් සිදුකරන්නේ කොහොමද?

Online ක්‍රම ගැන මිනිස්සුන්ගේ ඇති දැනුම අඩුකම සහ තමන්ට යම් වාසියක් ලැබෙනවා නම් ඕනෙම දෙයක් කිරීමට ලේසියෙන් පෙළඹීමේ මිනිස් දුර්වලකම යොදාගෙන තමයි වංචාකරුවන් මෙම Online මුදල් වංචාවන් සිදුකරන්නේ.

🔴 බහුලව සිදුවන Online මුදල් වංචාවන් මොනවද?

එක උදාහරණයක් ගත්තොත්, ඔබට යම් දිනුමක් ඇදිලා කියලා දැනුම්දීලා නොයෙකුත් ආකාරයේ Email හෝ SMS ලැබෙන්න පුළුවන්. මෙවැනි දිනුම් ගැන ඔබ විශ්වාස කරලා එම දිනුමට අදාළ තෑගි මුදල ලබාගන්නා අරමුණින් ඔවුන් කියන දේවල් කළොත් මෙවැනි වංචාවන්ට ඔබ පහසුවෙන් හසුවෙන්න පුළුවන්.

🔴 දිනුම් ඇදීම් ගැන පණිවිඩ එවලා කොහොමද මුදල් සොරාගන්නේ?

ඒක වෙන්නේ මෙහෙමයි. ගොඩක් වෙලාවට ඔය විදියට එවන Email හෝ SMS වල සඳහන් වෙනවා, ඔබ දිනා ඇති දිනුමට අදාළ තෑගි මුදල ලබාගන්න නම්, ඔබේ තොරතුරු මෙතනට ලබා දෙන්න කියලා link එකක්. ඒ වෙලාවේ ඔබ ඉන්නේ තෑගි මුදල ලබාගන්න මානසිකත්වයෙන් නිසා, ඔබ පහසුවෙන් පෙළඹෙන්න පුළුවන් එවැනි links click කරලා ගිහිං, ඔවුන් ඉල්ලන තොරතුරු ලබාදෙන්න.

ඔබේ නම, දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය වැනි පෞද්ගලික තොරතුරු වගේම, ඔබේ මුදල් තෑග්ග බැර කළ යුතු බැංකු ගිණුමේ විස්තරත් ලබාදෙන්න කියලා එවැනි link වලට ගියාම ඔබෙන් ඉල්ලන්න පුළුවන්. ඒ මොහොතේ ඔබත් ඉන්නේ තෑගි මුදල ලබාගන්න අරමුණින් නිසා, ඒවා විශ්වාස කරලා ඔබේ බැංකු ගිණුමේ විස්තරත් ලබාදෙන්න පුළුවන්. මෙසේ ඔබම ඔවුන්ට ලබාදෙන ඔබේ තොරතුරු තමයි මෙම වංචාකරුවන් මුදල් වංචාවන් සිදුකරන්න යොදාගන්නේ.

🔴 බැංකු ගිණුම් විස්තර තිබූ පමණින් එයින් මුදල් වංචාවක් කරන්න පුළුවන්ද?

බැහැ. ඔබේ නම, ජාතික හැඳුනුම්පත් අංකය සහ බැංකු ගිණුමේ විස්තර තිබූ පමණින්, ඒවා යොදාගෙන කිසිවෙකුට ඔබේ බැංකු ගිණුමෙන් මුදල් ලබාගන්න බැහැ.

🔴 එහෙනම් කොහොමද ඔවුන් එම තොරතුරු වලින් මුදල් වංචාවක් කරන්නේ?

මෙතැනදි ඔවුන් පාවිච්චි කරන්නේ Online ගෙවීම් ක්‍රම ගැන ඔබේ ඇති නොදැනුවත්කම. ඔබ නොදන්නා දෙයක් ගැන බොරු කියා ඔබව රවට්ටා ගැනීමෙන්, ඔවුන් Online මුදල් ගනුදෙනුවකට අවශ්‍ය අනෙකුත් රහස්‍ය තොරතුත් ඔබෙන් උපක්‍රමශීලීව ලබාගන්නවා. එය කරන ආකාරය පසුව පැහැදිලි කරන්නම්. ඊට කලින් අපි බැංකු ගිණුම් හරහා Online ගනුදෙනු සිදුවන ආකාරය ගැන ඔබ දැන සිටිය යුතු මූලිකම දෑ දැනගමු.

🔴 බැංකු ගිණුම් විස්තර වලට අමතරව Online ගනුදෙනුවකට අත්‍යවශ්‍ය මොනවද?

මේ වෙනකොට ලංකාවේ තියෙන Online ගෙවීම් ක්‍රම ඔස්සේ ඍජුවම බැංකු ගිණුමෙන් මුදල් ගෙවීමක් කරන්න නම්, ඊට කලින් අදාළ බැංකු ගිණුම යම් payment app එකකට connect කරගත යුතුයි. එසේ connect කරගන්න නම්, බැංකු ගිණුමක ගිණුම් අංකය, ගිණුම අයත් බැංකුව සහ එම ගිණුම අයත් පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකය වගේම, ගිණුම හිමි පුද්ගලයා බැංකුවට ලබා දී ඇති ජංගම දුරකථන අංකයට, බැංකුවෙන් එවෙලෙ එවන OTP අංකය ලබා දීම අත්‍යවශ්‍යයි. අනෙකුත් තොරතුරු වංචාකරුවන් සතුව තිබුණත්, එවෙලෙ ඔබට ඔබේ බැංකුවෙන් එවන OTP අංකය නැතුව ඔවුන්ට කිසිඳු වංචාවක් කරන්න බැහැ.

🔴 මොකද්ද මේ OTP අංකයක් කියන්නේ?

OTP (One-time Password) කියන්නේ ගොඩක් වෙලාවට යම්කිසි දෙයක් සඳහා ඔබේ අවසරය ලබා දීමට භාවිතා වන, එක්වරක් පමණක් භාවිතා කළ හැකි password එකක්. ඔබේ බැංකු ගිණුම යම් payment app එකකට connect කරන්න යාමේදී වගේම, ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් වැනි internet accounts වලට sign in වීමේදීත්, ඔබට OTP අංක SMS හරහා ලැබෙනවා දැකලා ඇති. එසේ ලැබෙන්නේ, එම කාර්ය සිදුකරන්නේ ඔබම කියන එක තහවුරු කරගැනීමට සහ ඊට ඔබේ අවසරය ලබාගැනීමටයි. එමනිසා OTP අංකයක් කියන්නේ කිසිදු විටෙක වෙනත් කෙනෙකුට ලබා නොදිය යුතු දෙයක්.

🔴 OTP අංකයක් නැතිව වංචාකරුවන්ට බැංකු ගිණුමක ඇති මුදල් සොරාගන්න පුළුවන්ද?

කොහොත්ම බැහැ. නමුත් ඔබට ලැබෙන OTP අංකය ඔවුන් උපක්‍රමශීලි ලෙස ඔබෙන්ම දැනගන්න කටයුතු කරන්න පුළුවන්. ඔබ වඩාත්ම පරිස්සම් විය යුත්තේ මෙන්න මේ ගැනයි.

🔴 ඔබට ලැබෙන OTP අංකය වංචාකරුවන් ඔබෙන් දැනගන්නේ කොහොමද?

මේ සඳහා ඔවුන් ඔබේ අර මිනිස් දුර්වලකමම ප්‍රයෝජනයට ගන්නවා. ඉහත කී දිනුම් ඇදීම ගැන උදාහරණය සැලකුවොත්, ඔවුන් කියනවා ඔබ අර link එකට ගොස් ලබාදුන් ඔබේ බැංකු ගිණුමට දැන් ඔවුන් අදාළ තෑගි මුදල බැර කරන්න යන්නේ, එහෙම බැර කරද්දි ඔබට OTP අංකයක් ලැබෙයි, ඒ OTP අංකය ඔවුන්ට අවශ්‍යයි අදාළ තෑගි මුදල බැර කරන්න, ඒ නිසා ඔවුන්ට එය ලබාදෙන්න කියලා.

ඒ අවස්ථාවේ ඔබ ඉන්නේ තෑගි මුදල ලබාගැනීමේ අරමුණින් නිසා, ඔවුන් කියූ දෙය විශ්වාස කරලා සෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඔබට එවෙලෙ SMS හරහා ලැබෙන OTP අංකය ඔවුන්ට ලබා දෙන්න පෙළඹෙන්න පුළුවන්. ඔබේ නොදැනුවත්කම ඔස්සේ ඔබව රවට්ටා ඔබට ලැබෙන OTP අංකය ඔවුන් උපක්‍රමශීලීව ඔබෙන්ම දැනගන්නේ ගොඩක් වෙලාවට එහෙමයි.

🔴 වංචාකරුවන් Online මුදල් වංචාව තාක්ෂණිකව සිදු කරන්නේ කොහොමද?

මේ සඳහා ඔවුන් ඔවුන්ගේ දුරකථනයක install කරගෙන ඇති කුමක් හෝ payment app එකක් යොදාගන්න පුළුවන්. මුලින්ම ඔවුන් ඔවුන්ගේ දුරකථනයේ ඇති payment app එකට ඔබ අර link එක click කරලා ගිහිං ලබාදුන් ඔබේ බැංකු ගිණුමේ තොරතුරු ඇතුළත් කරනවා.

ඔබේ නම, ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය සහ බැංකු ගිණුම් අංකය ඊට ඇතුළත් කර ඔබේ බැංකු ගිණුම ඔවුන්ගේ payment app එකට connect කරන්න උත්සාහ කරනවා, එවිට එම තොරතුරු ගැළපෙනවා නම් ඊට ඔබෙන් අවසර ලබාගැනීම සඳහා ඔබේ බැංකුව ඔබට OTP අංකයක් එවනවා.

වංචාකරුවන් කරන මෙම ක්‍රියාවලිය ගැන කිසිත් නොදන්නා ඔබ එකපාර දකින්නේ ඔබේ බැංකුවෙන් ඔබට SMS හරහා ඇවිත් තියෙන OTP අංකය පමණයි. නමුත් එවෙලෙම වංචාකරුවන් ඔබට දුරකථන ඇමතුමක් ලබාදී හෝ WhatsApp ඔස්සේ අර බොරුව කියනවා, ඔවුන් ඔබේ ගිණුමට මුදල් තෑග්ග බැර කරන්නයි යන්නේ, ඒ සඳහා ඔබට ලැබෙන OTP අංකය ඔවුන්ට අවශ්‍යයි කියලා. ඒ බොරුවට හසුවන ඔබ ඔබේ කැමැත්තෙන්ම අර OTP අංකය ඔවුන්ට ලබාදෙනවා.

එය ඔවුන් ඔවුන්ගේ payment app එකට ඇතුළත් කළ වහාම ඔබේ බැංකු ගිණුම සාර්ථකව ඔවුන්ගේ payment app එකට connect වෙනවා.

ඉන්පසු ඔවුන්ට පුළුවන් එසේ connect කළ ඔබේ බැංකු ගිණුමෙන් නොයෙකුත් ආකාරයෙන් Online මුදල් ගනුදෙනු සිදුකරලා, ගිණුමේ ඇති මුදල් සියල්ල වංචා සහගතව සොරාගන්න. තාක්ෂණිකව මෙවැනි Online මුදල් වංචාවන් සිදුවෙන්නේ මෙන්න මෙහෙමයි.

🔴 මෙවැනි වංචාවන් වෙන්නේ දිනුම් ඇදීම් සහ මුදල් තෑගි ගැන දැනුම්දීලා විතරද?

නැහැ. ඒ එක උදාහරණයක් පමණයි.

තව උදාහරණයක් ගත්තොත්, ඔබ යම් දෙයක්, උදාහරණයක් විදියට ඉඩමක්, වාහනයක්, ෆෝන් එකක් වැනි දෙයක් අන්තර්ජාලයේ විකුණන්න දැන්වීම් දාලා තියෙනවා නම් (ikman වැනි වෙබ් අඩවි වල), ඒ දේ මිලදී ගන්න එන ගැනුම්කරුවකු ලෙස ඔබට ඔවුන් ඇමතුම් ලබාදෙන්න, SMS හෝ WhatsApp කරන්න පුළුවන්.

ඉන්පසුව ඔබ විකුණන්න දමා ඇති දෙය මිලදී ගැනීමට කැමති බව පවසා එයට advance payment එකක් දැමීමට ඔබේ නම, ජාතික හැඳුනුම්පත් අංකය සහ බැංකු ගිණුමේ විස්තර ඉල්ලන්න පුළුවන්. ඔබ ඒ බව විශ්වාස කර ඔබේ බැංකු ගිණුමේ විස්තර ඔවුන්ට ලබාදුන් පසු, ඉහත උදාහරණයේ පරිදිම අදාළ මුදල බැර කරන්න නම් OTP අංකයක් ලැබෙයි එය ඔවුන්ට කියන්න කියලා රවට්ටාගෙන, ඔබ OTP අංකය ලබාදුන් පසු ඔබේ බැංකු ගිණුම ඔවුන්ගේ payment app එකකට connect කරගෙන එහි ඇති මුදල් සොරගන්න පුළුවන්.

🔴 තවත් ඒ වගේ වංචාවලට උදාහරණ මොනවද?

මීට අමතරව Online මුදල් ඉපැයිය හැකි ක්‍රමයක් පවත්වාගෙන යන අය ලෙසත් ඔවුන් පෙනී ඉන්න පුළුවන්. එතනදි මුලින්ම ඔවුන්⁣ ඔබේ විශ්වාසය දිනාගැනීමට ඔබට මුදල් උපයන්න නම් මෙන්න මේ දේවල් කරන්න කියලා යම්කිසි වැඩ (tasks) එවන්න පුළුවන්.

උදාහරණයක් විදියට YouTube channel වලට subscribe වෙන්න, Google reviews දාන්න වගේ දේවල්. ඒවා ඔබ සම්පූර්ණ කළ පසු ඒ සඳහා ඔබට ලැබෙන payment එක දැමීමට කියා ඔබේ බැංකු ගිණුමේ විස්තර ඉල්ලන්න පුළුවන්. ඔබ ඒවා ලබාදුන් පසු ඇතැම් විට තවදුරටත් ඔබේ විශ්වාසය දිනා ගැනීමට පොඩි මුදලක් ඔබේ ගිණුමට ඇත්තටම බැර කරන්නත් පුළුවන්. එයින් ඔබ උද්දාමයට පත්වෙලා, ඔවුන්ව විශ්වාස කරන තැනට ඔබ මානසිකව ආවට පස්සෙ තමයි ඔවුන් ඔබට ඊළඟ payment එක දැමීමට නම් OTP එකක් අවශ්‍යයි කියා හෝ එවැනි බොරුවක් ගොතා ඔබව රවට්ටා ඔබේ බැංකුවෙන් ඔබට ලැබෙන OTP අංකය ඔබෙන්ම දැනගන්නෙ. ඉන්පසු ඒ හරහා ඔබේ බැංකු ගිණුම ඔවුන් connect කරගෙන අර දාපු පොඩි මුදලට වඩා ලොකු මුදලක් ඔබෙන් සොරාගන්න පුළුවන්.

🔴 මෙවැනි Online මුදල් වංචාවල පොදු ලක්ෂණ මොනවද?

ඉහත උදාහරණ කිහිපයෙම ඇති පොදු ලක්ෂණ ඔබටම පෙනෙන්න ඇති. මෙවැනි වංචාවන් සිදුකිරීම සඳහා ඔවුන්ට ඔබේ නම, ජාතික හැඳුනුම්පත් අංකය සහ බැංකු ගිණුම් අංකය අත්‍යවශ්‍ය නිසා, ඔවුන් කුමන හෝ උපක්‍රමශීලී ක්‍රමයකින් ඔබෙන් මේ තොරතුරු ලබාගන්න උත්සාහ කරනවා.

ඒ වගේම ඒ තොරතුරු වලට අමතරව ඔවුන්ට ඔබේ දුරකථන අංකයට එවෙලෙ ලැබෙන OTP අංකයත් අත්‍යවශ්‍ය නිසා, ඔබ එවෙලේ සිටින මානසික තත්ත්වය සහ මිනිස් දුර්වලකම් ප්‍රයෝජනයට ගෙන ඔබව රවට්ටා ගැනීමෙන් එම OTP අංකයත් ඔබෙන්ම ලබාගන්න උත්සාහ කරනවා. මේ කාරණා දෙක බොහෝ විට මෙවැනි වංචාවලට පොදුයි.

🔴 මෙවැනි Online මුදල් වංචාවන්ට හසු නොවී ඉන්නේ කොහොමද?

මුලදිම සඳහන් කළ පරිදි, මෙවැනි වංචාවන්ට හසුවීමට මූලික හේතුව (root cause එක) Online මුදල් ගෙවීම් ක්‍රම ගැන මිනිස්සුන්ගේ ඇති නොදැනුවත්කම සහ තමන්ට වාසි වන දේ ගැන ලේසියෙන් රැවටීමේ මිනිස් දුර්වලකම. එම නිසා ඒවා ගැන සැලකිලිමත් වී සිටියහොත් මෙවැනි වංචාවන් වලට හසු නොවී ඉන්න පුළුවන්.

🔴 ඒවා ගැන වි⁣ශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනෙ දේවල් මොනාද?

⚠️️ කිසි විට නොදන්නා කිසිවෙකු ඉල්ලූ පමණින්, ඔබේ බැංකු ගිණුම් විස්තර ලබාදෙන්න එපා.

⚠️️ නොදන්නා අයගෙන් ඔබට ලැබෙන SMS හෝ Email වල ඇති links click කරන්නට යන්න එපා.

⚠️️ ඔබේ බැංකුවෙන් ඔබට ලැබෙන OTP අංක ඔබේ ප්‍රයෝජනයට භාවිතා කරනවා විනා, කිසිවෙකුට මොනම හේතුවක් නිසාවත් නිරාවරණය කරන්නට හෝ දැනගන්නට ඉඩ තියන්න එපා. (පෙර කරුණු දෙකම ඔබට මඟ හැරුණත් මේ ගැන හොඳින් සැලකිලිමක් වුනොත් ඔබට වංචාවන්ට හසු නොවී ඉන්න පුළුවන්)

⚠️️ විශ්වාස කළ නොහැකි ආකාරයේ (Too good to be true) වාසි ලැබීම් ගැන විශ්වාස කරන්න එපා.

මෙම කරුණු ගැන ඔබ හැමවිටම අවදානයෙන් හිටියොත් මෙවැනි Online මුදල් වංචාවලින් ඔබට බේරී ඉන්න පුළුවන්.

🔴 Payment apps භාවිතා නොකර සිටීමෙන් මේවා වළක්වා ගන්න පුළුවන්ද?

ඔබ යම් payment app එකක් භාවිතා කිරීම හෝ නොකිරීම මෙයට අදාළම නැති කාරණයක්. මොකද වංචාකරුවන් ඔබේ බැංකු ගිණුම් තොරතුරු ඇතුළත් කර මුදල් වංචාව කරන්නනේ ඔවුන්ගේ දුරකථනයක ඇති payment app එකකින් නිසා, ඔබ කිසිදා payment app එකක් භාවිතා නොකළ අයෙක් වුවත් මෙවැනි Online මුදල් වංචාවකට හසුවෙන්න පුළුවන්.

ඒ නිසා payment apps භාවිතා නොකර සිටීමට වඩා, ඔබ ඒවා භාවිතා කර බලා ඒවා ක්‍රියාකරන ආකාරය ගැන ඔබේ ස්ව-අත්දැකීමෙන්ම දැනුම ලබාගෙන සිටීම මෙවැනි Online වංචාවලින් වැළකී සිටීමට ඔබට උදව් වෙයි.

🔴 මෙවැනි Online මුදල් වංචා වැළැක්වීමට payment apps වලට මුකුත් කරන්න බැරිද?

අප නිර්මාණය කළ හෙළPay ඇතුළු ලංකාවේ තියෙන සෑම payment app එකක්ම නිර්මාණය කර තිබෙන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ තාක්ෂණික කමිටුවක් මගින් නිර්දේශ කර ඇති Mobile Payment Security Standards වලට අනුකූල වීමෙන් සහ ඒ බව ස්වාධීන security audit එකක් මඟින් තහවුරු කිරීමෙන් පසුවයි. තාක්ෂණිකව ඔබ එම payment apps හරහා සිදුකරන Online මුදල් ගනුදෙනු සුරක්ෂිත කිරීමට සෑම payment app එකක්ම ඒ හරහා කටයුතු කරනවා.

නමුත් ඉහත සඳහන් කළ ආකාරයේ Online මුදල් වංචාවන් සිදු වෙන්නේ, payment apps වල ඇති කිසිඳු දුර්වලකමක් නිසා නොව, එය භාවිතා කරන පරිශීලකයින්ගේ ඇති මිනිස් දුර්වලකම් හේතුවෙන් නිසා, තාක්ෂණිකව Online ගනුදෙනු කොතරම් සුරක්ෂිත කළත්, ඒවා භාවිතා කරන්නන් ඒ ගැන දැනුවත්ව නොසිටියොත් සහ සැලකිලිමත් නොවුනොත් මෙවැනි Online මුදල් වංචාවන් වළක්වා ගත නොහැකියි.

මෙම ලිපියේ අරමුණ එම දැනුම සහ අවබෝධය ලබාදීම තුළින් මෙවැනි Online වංචාවන්ගෙන් වැළකීමට ඔබව සවිස්තරාත්මකව දැනුවත් කිරීමයි. ඔබ මෙයින් දැනුවත් වී නම්, ඒ දැනුම අන් අය සමඟත් බෙදාගන්න. තව කෙනෙක් මෙවැනි වංචාවලට හසු වීම වැළැක්වීමට ඔබටත් එයින් දායක විය හැකියි! ❤️

✍️ සැ. යු : ධනික පෙරේරාගේ ලිපියක් ඇසුරින්. අයිතිය කතෲ සතුය.

මෙවන් වැදගත් දේවල් බලන්න Business HUB Sri Lanka ෆලෝ කරන්න…

සුද්දෙක් එක්ක සෙට් වෙලා කරන මේ අමුතු ජාවාරමට අහුවෙන්න එපා – Scam Alert

සුද්දෙක් එක්ක සෙට් වෙලා කරන මේ අමුතු ජාවාරමට අහුවෙන්න එපා – Scam Alert

සුද්දෙක් එක්ක සෙට් වෙලා කරන මේ අමුතු ජාවාරමට අහුවෙන්න එපා – Scam Alert

තරිඳු චතුරංග හංවැල්ල ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු 26 කි. අවිවාහකයෙකි. ඔහු දැනට මෙරට ප‍්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක සේවය කරයි. තනිකඩයකු වූ ඔහුගේ එකම විනෝදාංශය වූයේ අන්තර්ජාලයේ සැරිසැරීමයි. ඒ අතර ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ ද ඔහු ප‍්‍රබල සාමාජිකයකු විය.

දිනක් පීටර් ඇන්ඩර්සන් නමැති විදේශීකයකු තරිඳුගේ ෆේස්බුක් ගිණුම හරහා මිතුරකු වීමට ඉල්ලීමක් කර තිබුණි. එය නෙත ගැටුණු තරිඳු එම ඉල්ලීම එක පයින්ම පිළිගත්තේය. එතැන් පටන් තරිඳු සහ ඇන්ඩර්සන් මුහුණු පොතේ මිතුරෝ බවට පත්වූහ. ඉන්පසු දෙදෙනා මැසෙන්ජර් හරහා පණිවිඩ පවා හුවමාරු කරගත්හ. සති කිහිපයක් එලෙස ගතවිය.

දිනක් ඇන්ඩර්සන් මැසෙන්ජර් හරහා තරිඳුගේ ජංගම දුරකතන අංකය ඉල්ලා ගත්තේය. එලෙස ඉල්ලාගත් ඔහු වට්ස්ඇප් හරහා තරිඳුට ඇමතුමක් ලබා දුන්නේය. එලෙස ලබා දුන් ඔහු තරිඳු සමඟ මෙලෙස කතාබහ කළහ.

”හෙලෝ තරිඳු කොහොමද? මම ඇන්ඩර්සන්.”

”හෙලෝ. හොඳයි. හොඳින් ඉන්නවා. මට හිතාගන්නවත් බැහැ.”

”ඒකනේ. මම ඔයාගේ නම්බර් එක ඉල්ල ගත්තෙ කෝල් එකක් දෙන්න.”

”ඉතින් ඇන්ඩර්සන් කොහොමද ඔයාට.”

”මමත් අපේ පවුලේ හැම දෙනාමත් හොඳින්. ඒක නොවේ ඔයාගේ රැකියාව මොකක්ද.”

”මම පෞද්ගලික අංශයේ මාධ්‍ය ආයතනයක වැඩ කරනවා.”

”හොඳ රැකියාවක්නේ තරිඳු”

”ඔව් ඒක හොඳ රැකියාවක් තමයි. ඇන්ඩර්සන් ඔයා මොකද කරන්නේ.”

”මම ව්‍යාපාරිකයෙක්. මගෙ ළඟ සේවකයෝ ගොඩක් වැඩ කරනවා. මම ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට සම්බන්ධ ව්‍යාපාරත් කරනවා.”

”එහෙනම් ඇන්ඩර්සන් කෝටිපතියෙක් නේ.”

”ඔහු තරිඳු ඇත්තටම මම කෝටිපතියෙක්. ඒවගෙම හිත හොඳ මනුස්සයෙක්.”

”ඔව් ඒක පේනවා ඔයාගේ කතාවෙන්.”

”මට ඇතිවෙන්න සල්ලි තියෙනවා. මම ඒ සල්ලි ගොඩක් වියදම් කරන්නෙ දුප්පත් මිනිස්සු වෙනුවෙන්. ඒක මගේ විනෝදාංශයක්.”

”ඔබ වැනි හිත හොඳ පුද්ගලයෙක් සමග මිතුරු වීමට ලැබුණු එකත් මට වාසනාවක්.”

”එහෙම කියන්න එපා. අපි කවුරුත් මනුස්සයොනෙ තරිඳු.”

”ඔයා ඕන ප‍්‍රශ්නයක් මට කියන්න. මම ඕන උදව්වක් ඔයාට කරන්නම්.”

”බොහොම ස්තූතියි. එහෙත් එහෙම උදව්වක් ඕනෙ නෑ ඔබගෙන්. අපි මේ යාළුකම දිගටම පවත්වා ගෙන යමු.”

”ඇත්තටම ඔයා මටත් වඩා හොඳ කෙනෙක්. සමහරු එහෙම කිව්ව ගමන් මගෙන් උදව් ඉල්ලනවා. එහෙත් ඔයා එහෙම කළේ නැහැ. කෙලින්ම කිව්වා මට උදව් එපා කියලා. ඒකට මම ගොඩක් ගරු කරනවා.”

එදින දෙදෙනා පැයක් පමණ තම තොරතුරු හුවමාරු කරගත්හ. එතැන් සිට දිනපතාම ඇන්ඩර්සන් තරිඳුට ඇමතුමක් ලබාදී දුක සැප සහ ආගිය තොරතුරු විමසුවේය. ඒ සමග ඔහුගේ මිත‍්‍රත්වය තව තවත් වැඩිවන්නට පටන් ගත්හ.

කලක් ගත වෙද්දී ඇන්ඩර්සන් තම බිරිඳ, දියණිය සහ මිතුරන්ගේ පින්තූරද තරිඳුට වට්ස්ඇප් හරහා එව්වේය. සති කීපයක් එලෙස ගත විය. දිනක් ඇමතුමක් ලබා දුන් ඇන්ඩර්සන් තරිඳුට මෙලෙස පැවසුවේය.

”තරිඳු මම ඔයාට තෑගි වගයක් එනවා.”

”ඇයි මේ එකපාරටම. මට තෑගි එපා.”

”එහෙම කියන්න එපා තරිඳු. මම මේ හිත සතුටින් දෙන දෙයක්. ඔයා දන්නේ නැහැ මගෙ ළඟ වැඩ කරන සේවකයන්ට පඩියට අමතරව තෑගි බෝගත් මම දෙනවා . ඒ මගේ හැටි මගේ සතුට එක. ඒක නිසා මම දෙන තෑගි ටික බාර ගන්න.”

”අනේ මන්දා. ඇන්ඩර්සන් කියන නිසා මම භාර ගන්නම්.”

”ඔයා දන්නවද මම ඔයාට ගත්තෙ මොනවද කියලා.”

”නැහැ. මම දන්නේ නැහැ.”

”නිකන් හිතලා කියන්න.”

”එහෙම මට එක පාරටම කියන්න බැහැ. වටින දෙයක් අරගෙන ඇති.”

”ඔයා දන්නවද මම ඔයාට ගත්තා. අයි ෆෝන් එකක්, රත්තරන් චේන් එකක්, බ්‍රේස්ලට් එකක්, සපත්තු, ඇඳුම්, සුවඳ විලවුන් ඒ වගේම ඔයාගේ පවුලේ අයට තෑගී බෝග ගොඩක්. ඔයාට හිතාගන්නවත් බැරි තරම් තෑගි මම ගත්තා.”

”ඇන්ඩර්සන් පිස්සුද ඔයාට. එච්චර තෑගි දෙන්න.”

”ඔයා හිත හොඳ කෙනෙක්. ඒකයි මම මෙහෙම තෑගි දෙන්නෙ. ඒ විතරක් නොවේ තරිඳු මම ඩොලර් විසිපන්දාහකුත් ඔයාට එවනවා.

”ඇන්ඩර්සන් මට නම් හිතාගන්නවත් බැහැ.”

”හිතා ගන්න පුළුවන් වෙයි මේ ටික ඔයාට ලැබුණහම.”

”ඉතිං මම ඔයාට කිසි දෙයක් කරලා නැහැ. ඇයි මට මෙච්චර තෑගි දෙන්නේ.”

”ඒක මගේ කැමැත්ත. මම ඔයාව බලන්න ලංකාවටත් එනවා. ඒ ආවහම මට සලකන්න මේ තෑගි වලට හරියන්න. එතකොට හරිනෙ.”

”ඇන්ඩර්සන් ඔයා එන්න ජීවිත කාලෙම අපේ ගෙදර ඉන්න.”

එලෙස කතා කර දින දෙකකට පසු ඇන්ඩර්සන් තරිඳුට පින්තූර සහ වීඩියෝ පට කිහිපයක් එව්වේය. ඒ සියල්ලේම තිබුණේ ඇන්ඩර්සන් විසින් ඔහුට ලබාදීමට ගෙන තිබූ තෑගි භාණ්ඩයි. ඔහු පැවසූ සියලූම දේ එහි තිබුණි.

එම පින්තූර සහ වීඩියෝ පටවල තිබූ තෑගි දැක තරිඳු ඉතාමත් සතුට පත්විය. කාර්යාලයේ ඔහුගේ හොඳම මිතුරන් වූයේ චමත් සහ වරුණයි. එදින තරිඳු තම මිතුරන් දෙනාට ඇන්ඩර්සන් ගැන සහ ඔහු ලබාදීමට යන තෑගි සහ මුදල් ගැන ද පැවසුවේය. එවිට වරුණ සහ චමත් විහිළුවට මෙන් පැවසුවේ එම තෑගි වලින් තමන්ටත් කොටසක් ලබාදෙන ලෙසයි.

තවත් දිනක ඇමතුමක් ලබාගත් ඇන්ඩර්සන් තරිඳුගේ පෞද්ගලික ලිපිනය ලබා ගත්තේය. එලෙස ලබා ගෙන තරිඳුට එවීමට සූදානම් කර තිබූ මුදල් සහ තෑගි ප‍්‍රමාණය පාර්සල් කරන අයුරු වීඩියෝ ගත කර ඔහුගේ ජංගම දුරකථනයට එව්වේය.

ඉන් දිනකට පසු එම මුදල් සහ තෑගි පාර්සලය එරට භාණ්ඩ ප‍්‍රවාහන සේවා ආයතනයකට භාරදුන් බව පැවසූ ඇන්ඩර්සන් එම ආයතනයෙන් ලබාදුන් තරිඳුගේ විස්තර සඳහන් ලියකියවිලිවල පින්තූර ද එව්වේය. ඔහු එලෙස එම ලියකියවිලි පවා එව්වෙ තමන් අදාළ භාණ්ඩ ප‍්‍රවාහන සේවා ආයතනයට තරිඳුගේ තෑගි සහ මුදල් මෙරටට එවීම සඳහා භාරදුන් බව තරිඳුට ස්ථිරව දැන ගැනීම සඳහාය.

අවසාන වශයෙන් ඇන්ඩර්සන් තරිඳුට පැවසුවේ තව දින කිහිපයකින් එම තෑගි සහ මුදල් ලැබෙන බවත් අදාළ ආයතනයෙන් ඒවා ලබා ගන්නා ලෙසත්ය.

ඇන්ඩර්සන් එලෙස තෑගි සහ මුදල් එවා දින තුනකට පසු තරිඳුට 075xxxxxxx යන දුරකථන අංකයෙන් ඇමතුමක් ලැබුණේය. එම දුරකථනයෙන් කථා කළේ ජෙරඞ් නමැති පුද්ගලයෙකි. එලෙස කතා කතා කළ ඔහු තරිඳුට මෙලෙස පැවසුවේය.

”තරිඳු ඔයාගේ නමට පිටරටකින් ගොඩාක් වටින පාර්සලයක් ඇවිල්ල තියෙනවා. ඒක වහාම ලබාගන්න. හැබැයි ඒ පාර්සලය ඔයාට ගන්න රුපියල් 80,000 ක ගාස්තුවක් ගෙවන්න ඕනා. මම දෙන මේ ගිණුම් අංකයට එම මුදල බැර කරලා මට කෝල් එකක් දෙන්න. එතකොට පාර්සලය ගෙදරටම ඒවි.”

එලෙස පැවසූ එම පුද්ගලයා M.F. SA______ 1127XXXXXXXX. නමැති නම සඳහන් අයෙකුගේ ගිණුම් අංකයක් ලබා දුන්නේය. එය මෙරට පෞද්ගලික බැංකුවක ගිණුමකි.

එම දුරකථන ඇමතුමෙන් පසු තරිඳු මෙය වංචාවක් බව දැනගත්තේය. එම නිසා ඔහු ඇන්ඩර්සන් නමැති විදේශීය ජාතිකයාට ඇමතුමක් ලබා ගෙන ඒ පිළිබඳව විමසුවේය. එවිට ඔහු පැවසුවේ ”එම ගිණුමට රුපියල් 80,000 ක් බැර කර තමන් ලක්ෂ තිහකට අධික මුදල් සහ ලක්ෂ දහයකට අධික තෑගි ප‍්‍රමාණය ලබා ගන්නා ලෙසයි.”

ඇන්ඩර්සන්ගෙ එම කතාවෙන් තරිඳු තේරුම් ගත්තේ මෙය වංචා සහගත ක‍්‍රියාවක් බවයි. එමනිසා ඔහු ඇන්ඩර්සන්ට බැණ වැදුනේ මෙවැනි ක‍්‍රියා යළි නොකරන ලෙසයි.

මෙරට ජංගම දුරකථන අංකයකින් ඇමතුමක් ලබා ගත් පුද්ගලයාට ද තරිඳු පවසා සිටියේ මිනිසුන් රවටන මෙවැනි වංචා නොකරන ලෙසයි.

මෙවැනි වංචාසහගත කි‍්‍රයා අද ඊයේ සිදු වූවක් නොවේ. කලක සිට මෙරට සිදුවෙමින් පවතී. මෙරට සංවිධානාත්මක පිරිසක් විදේශිකයන් සමඟ එකතු වී මෙවැනි ආකාරයේ වංචනික ක‍්‍රියා දිගින් දිගටම සිදු කරති. මෙම වංචනික ක‍්‍රියාවලට හසු වූ බොහෝ මිනිස්සු සිටිති.

මා දැනුවත්ව අප කණ්ඩායමේ දෙදෙනෙක්ට මෙය සිදුවුණා. මේ පෝස්ට් එක මීට වසර 2කට පෙර පළකිරීමේදී ගෲප් එකේ 500කට වැඩි පිරිසක් ප්‍රතිචාර දැක්වුවා ඔවුනුත් අහුවුණා කියලා.

ඔබත් මේ වංචාවට අසුවූවාද? අනෙක් අයටත් දැනගන්න ඒ පිළිබඳව කමෙන්ට් කරන්න.

මේ වගේ වංචා වලට නොරැවටී ඉන්න ඕනනම් ඒ සඳහා දිනපතා අපේ පේජ් එකේ පෝස්ට් කියවන්න…

සැ.යු : උපුටා ගැනීම් කරුණු ඇතුළත් වේ. ඒවායේ අයිතිය කතෲන් සතුවේ.

Hotline : 0117 133 829 / 0701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #techlabsonlinebusinessideas #onlinebusinessideas #scamalert #youtubeearnings #youtubescams #pyramidscams #vocscam #coinscam #සුද්දගේscam