Select Page

ලංකීය ඉතිහාසයේ කර්මාන්ත උදෙසා වූ ප්‍රථම රූපවාහිනී නාලිකාව | Industry TV

“Industry TV රූපවාහිනි නාලිකාව” – (Your Winning Line – ඔබේ ජයග්‍රහණයේ රේඛාව )

කර්මාන්ත අමාත්‍යංශයත්, ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයත් එක් ව අත්වැල් බැදගනිමින් දැයේ කර්මාන්තකරුවා වෙනුවෙන් පිදෙන දස්කම් විස්කම් සපිරි ඇසි දිසි රූ පෙරහැර…

නොවැම්බර් 21 දා සිට Peo TV නාළිකා අංක 130 ඔස්සේ ඔබේ ආලින්දයටත්…

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

ගරු කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ අනාගතවාදී සංකල්පයකට අනුව අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩ නැංවීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශය සමඟ එක්ව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ශ්‍රී ලංකාවේ කර්මාන්ත වෙනුවෙන් වූ ප්‍රථම විද්‍යුත් රූපවාහිනි නාලිකාව වන Industry TV රූපවාහිනි නාලිකාව, ලෝක රූපවාහිනි දිනය යෙදෙන නොවැම්බර් 21 වෙනිදා ජනගත කරන ලදි.

එහි සමාරම්භක උත්සවය ගරු කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේත්, ගරු ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේත් ප්‍රධානත්වයෙන් හා ගරු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමාගේත්, ගරු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතුතුමාගේත්, ගරු ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මැතිතුමාගේත් සහභාගිත්වයෙන් පොල්හේන්ගොඩ ජනමාධ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පෙ.ව. 9.00ට Industry TV රූපවාහිනි නාලිකාව දැයට පිරිනැමීමට නියමිත ය.

නොවැම්බර් 21 වෙනිදා සිට නොවැම්බර් 30 දක්වා හදුන්වාදීමේ විකාශය ක්‍රියාත්මක වන අතර දෙසැම්බර් 1 වෙනිදා සිට කර්මාන්ත ක්ෂේත්‍රය මුල්කොට ගත් Industry News, කර්මාන්ත කතා, වැඩබිම් රසෝඝය, Plus Mind, Help Desk, ව්‍යවසායකත්ව රජ දරුවෝ, Industrial Zone, Money Talk, I Book, Brands, Investor Pool, Metal World, Tea Life, Plantation World, Travel Bazar, ව්‍යාපාරික ශක්ති, Business Clinic, Industry Frame ආදි විවිධ වැඩසටහන් වර්ග 40කට අධික ප්‍රමාණයක් Industry TV නාලිකාව තුළ විකාශය කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇත.

නැවුම් මුහුණුවරකින් නිර්මාණාත්මක අවකාශයක් තුල ජාතික කර්මාන්තකරුවා නගා සිටුවීමට ගන්නා මෙම ප්‍රයත්නය සැබවින්ම කාලෝචිත ය.

“Industry TV රූපවාහිනි නාලිකාව” – ( Your Winning Line – ඔබේ ජයග්‍රහණයේ රේඛාව )

උපුටා ගැනීම : Source : National Enterprise Development Authority – NEDA (අයිතිය කතෲන් සතුය)

මේ වගේ වැදගත් තොරතුරු ඉදිරියටත් බලන්න Business HUB Sri Lanka Page එක ෆලෝ කරන්න.

#MinistryOfIndustries #IndustryTv #IDB