එක්තරා තරුණ චිත්‍ර ශිල්පියෙක් තම අධ්‍යාපනය අවසන් කොට දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වෙන්න හීන මැව්වා. ඔහුට තම චිත්‍ර ගැන මිනිසුන් සිතන්නේ කෙසේදැයි බැලීමට සිතුනා.
දිනක් ඔහු චිත්‍රයක් ඇඳ එය මිනිසුන් ගැවසෙන වීදියක තැබුවා. තබා එය යටින් මෙසේ සටහන් කර තැබුවා.
“කරුණාකර මේ චිත්‍රය බලන්න. එහි වරදක් ඇත්නම් එම වරද ඇති තැන කතිරයක් යොදන්න.”
හවස් වී ඔහු මිනිසුන්ගේ ප්‍රතිචාර බැලීමට චිත්‍රය රැගෙන ඒමට ගියා. චිත්‍රය පුරාම මිනිසුන් කතිර ගසා තිබුනා. ඔහු දුටු දෙයින් දැඩි කනස්සල්ලට පත් උනා. ඔහුට චිත්‍ර අදින්න නොහැකි යැයි සිතුනා. ඔහු කණගාටුවෙන් තම ගුරුතුමා හමුවීමට ගියා. සිද්දිය සැල කලා.
“කණගාටු වෙන්න එපා. ඔබ ඒ චිත්‍රයම නැවත අදින්න. අපි නැවත බලමු.”
ගුරුතුමා කිව්වා. ඔහු නැවත එම චිත්‍රයම ඇන්දා. එය ගෙන ගොස් එම වීදියේම තැබුවා. පින්සල් දිය සායම් එතන තබා එය යටින්..
“මෙහි වරදක් ඇත්නම් කරුණාකර එය නිවැරදි කරන්න. කියා ලිව්වා.
එදින හවස ඔහු චිත්‍රය බැලීමට ගියා. චිත්‍රයෙහි කිසිදු වෙනසක් තිබුනෙ නෑ. ඔහු තව දින කිහිපයක් බැලීමට තිරණය කලා. දින කිහිපයක් අවසන් වූ විටත් චිත්‍රයේ වෙනසක් තිබුනේ නැහැ. එය බලා ගුරුතුමා මෙසේ කිව්වා.
“දරුවා… කෙනෙකුට විවේචනය කරන්න ලේසියි. ඒත් යමක් කරන්න අපහසුයි.
තමන්ගේ හැකියාව ගැන විශ්වාසය තබන්න. විශිෂ්ඨයෙක් වෙන්න අවශ්‍ය වන්නේ එපමණයි”
Business HUB අපිත් ඒ වගේ… ගොඩක් ව්‍යාජ eMoney ආයතන අපිව විවේචනය කරන්න උත්සාහ කරනවා. නමුත් ඔවුන්ට අප කරන දේ කරන්න බෑ. මොකද අපේ ආයතනය හැකියාවන් මත පදනම් වුණ ආයතනයක්.
සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla