Select Page

ඔබට ජීවිතේ අමාරුවෙ වැටුණු වෙලාවක හිතිලා තියෙනවද අනේ දෙයියනේ මට කවුරුහරි ඇවිත් උදව් කරනවා නම් කියලා…

මේ කතාවත් ඒ වගේ කතාවක්….

එක්තරා තරුණ පුද්ගලයෙක් හිටියා තමන්ගෙ ව්‍යාපාර වලින් දියුණුවේ හිණිපෙත්තටම ගිය. පස්සෙ කාලෙකදි ව්‍යාපාර බිද වැටිලා සම්පූර්ණ බංකොලොත් භාවයට පත් වෙනවා. ඉතාමත් චිත්ත පීඩාවකින් යුක්තවූ මේ තරුණයා වීදියක් දිගේ ඇවිදගෙන වීදිය කොනේම තියෙන පාක් එකේ බංකුවක් උඩ ඉදගෙන ඉන්නවා. ඔහු කල්පනා කරනවා මම කොච්චර ව්‍යාපාර වලින් ලාභ ලබපු කෙනෙක්ද, මේ වෙලාවෙ මට උදව් කරන්න දෙවි කෙනෙකුට ඇරෙන්න වෙන කෙනෙකුට බෑ.

ඔහොම ඉන්නකොට හොදින් හැඳ පැලදගත්ත පෙනුමෙන් ධනවත් පුද්ගලයෙක් මොහු වාඩිවෙලා ඉන්න බංකුව ලගට සමීප වෙනවා.

ඔහු අහනවා… “පුතා මොකද්ද ප්‍රශ්නේ?” අර තරුණයා ඔලුවවත් උස්සලා බලන්නෙ නෑ. ඒ තරමටම දුකෙන් ඉන්නෙ ඔහු.

“ඒක කියලා වැඩක් නෑ”. ඒත් අර පුද්ගලයා කියනවා, “මට කියන්න. සමහරවිට මට ඔබට උදව් කරන්න පුලුවන් වෙයි.” මොනවා උනත් හිතේ බර හරි සැහැල්ලු කරගන්න පුලුවන් වෙයිනෙ කියල හිතල තරුණයා තමන්ගෙ කතාව කියනවා.

“පුතා මෙන්න මේක තියාගන්න. ඔයාගේ ව්‍යාපාර ආයෙ පටන් ගන්න. තව අවුරුදු තුනකින් නැවත මම මෙතනට එනවා. එදාට මේ වෙලාවෙම ඒ මුදල මට ආපහු ගෙවන්න.”

කියලා චෙක් පතක් අර තරුණයාට දෙනවා. තරුණයා චෙක් එක දිහා බලනවා. ඔහුට අදහගන්න බෑ. ඩොලර් ලක්ෂ 10ක චෙක් පතක්. එතකොටයි ඔහු ඔලුව උස්සලා බලන්නෙ කවුද මේ කියලා. එතකොටත් ඒ පුද්ගලයා එතනින් ගිහින් ඉවරයි.

තරුණයා අධිෂ්ඨාන කර ගන්නවා තවත් වසර තුනකින් මේ මුදලටත් වැඩියෙන් පොළියත් සමග ලබා දෙනවා කියලා. ගෙදර ගිහින් කල්පනා කරනවා දැන් මගේ ලඟ ඩොලර් ලක්ෂ 10 ක් තියෙනවා, දැන් බය වෙන්න දෙයක් නෑ. මට ව්‍යාපාර පටන් ගන්න පුලුවන්, කියලා. ඔහු එක්තරා වෙනස් තීරණයක් ගන්නවා. ඔහු අර චෙක් එක වියදම් කරන්නෙ නැතුව ඔහුගේ සේප්පුවෙ දාලා ලොක් කරනවා.

තමන් ලග මුදල් තිබෙන බව විශ්වාසයෙන් ධෛර්යමත් වෙලා තමන්ගෙ නැති වුන ව්‍යාපාර එකින් එක පුංචියට පටන් ගන්නවා. ඔය විදිහට වසර 2 කට වැඩි කාලයක් යද්දි තමන් හිටපු තැනටත් වඩා හොදට ව්‍යාපාර දියුණු කරගන්නවා. මෙම තරුණයාට මතක් වෙනවා ඩොලර් ලක්ෂ 10 ක චෙක් පතක් දුන්නු පුද්ගලයා. ඒ අදාල දිනය තව සති කීපයකින් පැමිණෙනවා.

ඉතිං නියමිත දිනයේ අදාල වෙලාවට ඒ මනුස්සයා දීපු චෙක් පතයි තව මුදලුයි අරන් එදා වාඩිවෙලා හිටපු බංකුවටම වෙලා වාඩිවෙලා ඉන්නවා ඒ මනුස්සයා එනකල්. හරියටම වෙලාවට අර මහලු මනුස්සයා ඒ ස්ථානයට එනවා. හැබැයි එදා වගේ හොදට ඇඳගෙන නෙවෙයි. ඒ පුද්ගලයා තරුණයා සමීපයේ නතර වෙනවා. ඒ පුද්ගලයව දැකලා තරුණයා අසීමිතව සතුටු වෙනවා. ඒත් එතකොටම වාහනේකින් ආපු හෙදියෙකුයි, තවත් පුද්ගලයෙකුයි මේ මහලු මනුස්සයාව එක්කගෙන වාහනේට යනව. හෙදිය නැවත තරුණයා ලගට ඇවිත් කියනවා, “අපි මහලු නිවාසයෙන්. මේ තාත්තා හිතාගෙන ඉන්නෙ ඔහු ඉතා ධනවත් කෙනෙක් කියලා. සමහර දවසට මහලු නිවාසෙන් පැනලා එනවා. අපි ගොඩක් අමාරුවෙන් හොයාගන්නේ. එයාගෙන් ඔබට කරදරයක් උනානම් සමාවෙන්න”.

තරුණයා අහනවා. “ඔහු ධනවත් කෙනෙක් නෙවෙයිද ?” හෙදිය කියනවා, “ඔහුගෙ ලඟ ඩොලර් එකක් වත් නෑ” කියලා.

තරුණයා බංකුවේ ඉන්දවෙනවා. එතකොට මේ චෙක් එක බොරු එකක්ද? එතකොට මේකේ සල්ලි නැද්ද?

ඔබට තේරුනාද මොකද උනේ කියලා. තරුණයාගෙ හිතේ තිබුණු විශ්වාසය, ආත්ම ශක්තිය සහ හිතේ ධෛර්යය තමයි ඔහුව මේ තැනට ගෙනාවේ.

අන්න ඒ වගේ ඔබත් Business HUB සමඟින් එකතු වී කටයුතු කරන්න. ඔබට දියුණු වෙන්න පුළුවන්.

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla