Select Page

විශ්වාසයන්ට ගැරහීමට නොව ඔබගේ බුද්ධිය අවදි කිරීමටයි…

මේ කතාව ලියන්නේ ඊයේ දිනයේ දුටු ෆේස්බුක් පෝස්ට් කිහිපයක් මූලික කරගෙන…

මේ පේජ් එකේ දැනට පෝස්ට් 191ක් තියේ. ඒ හැම එකක්ම ඔබේ දියුණුව වෙනුවෙන් ලියූ ලිපි. සාමාන්‍යයෙන් අපි A4 Sheet ලෙස ගත්තොත් A4 Sheet 1,000කට ආසන්න ප්‍රමාණයක් තියේ. ව්‍යාපාරයක් ආරම්භ කරන්න අදහසේ සිට ව්‍යාපාරයක් ලියාපදිංචි කර එය දියුණු කිරීම දක්වාද, රුපියලක්වත් වියදම් නොකර ආදායම් උපයන්න ක්‍රම විශාල සංඛ්‍යාවක්ද, සියල්ල එකතුව ගත්තොත් ව්‍යාපාර, ආදායම් ක්‍රම, ස්වයංරැකියා, රැකියා 600කට ආසන්න ප්‍රමාණයක තොරතුරු මේ පේජ් එකේ අන්තර්ගත වෙලා තියෙනවා.

මේ පේජ් එකේ ඉන්න 50 දෙනෙක්ට වැඩි පිරිසකගේ පෝස්ට් ඊයේ දවසේ මගේ News Feed එකේ පෙන්නුවා. ඒ හැම එකකම තිබ්බේ 5000 නෝට්ටු, විශ්වයේ ඡායාරූප, සල්ලි මුට්ටි. ඒ හැමෝම ඒ පෝස්ට් තමන්ගේ වෝල් එකේ පළකර “විශ්ව මාතාවට ස්තූති වේවා!, Thank You Universe, මට මුදල් පහල වේවා, මම දියුණු වේවා, මගේ සියලුම ප්‍රශ්න විසඳේවා, මම පොහොසත් වේවා” කියලා පෝස්ට් දාලා, කමෙන්ට් කරලා…

එහෙම දේවල් තියෙනවා ඇති.
සත්‍යතාවයකුත් ඇති…

හැබැයි ලංකාවේ ඇතුලේ කරන්න පුළුවන් ව්‍යාපාර 600කට වඩා තොරතුරු මේ පේජ් එකේ ලබාදීලා තියේ. මේ පේජ් එකෙන් පිටත ෆේස්බුක් එකේ සහ අන්තර්ජාලයේ තියෙන ක්‍රම 90%ක් විතර (ස්කෑම් නොවන) පේජ් එකේ උගන්වලා තියේ.

දියුණු වෙන ආකාරය, සාර්ථක වෙන ආකාරය, ආදායම් උපයන ආකාරය පියවරෙන් පියවර මේ පේජ් එකේ උගන්වලා තියේ. එහෙම තියෙන පේජ් එකේ එකම එක පෝස්ට් එකක්වත් නොකියවන, කමෙන්ට් නොකරන, ශෙයාර් නොකරන, අවබෝධ කරගෙන කටයුතු නොකරන අය ඊයේ දවසේ 5000 නෝට්ටු ෆේස්බුක් එකට ශෙයාර් කරගෙන මම දියුණු වේවා, මට ආදායම් ලැබේවා කියල පෝස්ට් දානවා. කමෙන්ට් දානවා…

මොනතරම් විහිළුවක්ද…..???

ආකර්ශන නීතීයේ / Law of Attraction වල යම් හෝ සත්‍යතාවයක් තිබේනම් මේ වගේ පිස්සෝ නිසා ඒවා විහිළුවලට ලක් වෙනවා…

තමන්ගේ දියුණුවට තමන් කිසිම පියවරක් නොගෙන විශ්ව මාතාවගෙන් උදව් ඉල්ලනවා…

මතකද අපි වරක් පළකල කොටියෙක් එන දවසේ සිතුවිල්ල… පහත සිතුවිල්ල කියවන්න…

“ඔබේ අසාර්ථකත්වයේ වගකීම කිසිවෙකුට පවරන්න එපා. ඔබ උත්සහවන්ත වෙන්න. මෙය තවත් ඒත්තු ගැන්වෙන පුන්චි කතාවක් මම ඔබට කියන්නම්. මෙය ප්‍රබන්ධයක් පමණයි…

දෙවියන් ගැන අප්‍රමාණ භක්තියක් විශ්වාසයක් තිබූ එක් තරුණයෙක් හිටියා. මෙයා දවසක් කැලේ මැදින් ගමනක් යද්දි ඈතින් කොටියෙක් තමන් ඉදිරියට එන බව මොහු දකිනවා .මොහු එතනම වැද වැටී දෙවියන්ට කියනවා…

“අනේ දෙවියනේ මට දැන් ඔබේ පිහිට තමයි. මාව බේරා ගන්න ” කියලා.

දෙවියෝ කියනවා…

“මම බලන්නම් හැබැයි උඹත් දුවපං” කියලා …….

තමන් ක්‍රියාත්මක වෙන්න ඕන අවස්ථාවක තමන් ක්‍රියාත්මක නොවුනොත් දෙවියන් වහන්සේ ට වුවද සිදුවීමට යන දෙය නවතාලිය නොහැක……”

ඒ නිසා බුද්ධිමත්ව මේ කියන දේ විමසා බලන්න.

දියුණු වෙන්න, සාර්ථක වෙන්න ඕනනම් මුලින්ම දියුණු වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න… ප්‍රාර්ථනා කලා කියලා, දෙවියෝ ලඟට ගියා කියලා, පඬුරු ගැට ගැහුවා කියලා, ශාන්තිකර්ම කලා කියල, අර Method මේ Method කලා කියලා ඔබට දියුණු වෙන්න බෑ. ඒවා විශ්වාස කරන්න. ප්‍රශ්නයක් නෑ. ඒවා කරන්න, මොකද හිතේ සැනසීම ඒවගෙන් ලැබෙන්න පුළුවන් නිසා. හැබැයි අනවශ්‍ය ලෙස මිත්‍යා මත වල එල්ලීගෙන ඒවට බාර දීලා ඉන්න එපා. ඔබත් ඒ වෙනුවෙන් පියවර ගන්න…

කතරගම දෙවියෝ ලඟට පළතුරු වට්ටියක් අරගෙන ගිහින් විභාගේ පාස් වෙන්න භාරයක් වුනාට ඔබ හෝ දරුවන් විභාග පාස් වෙන්නේ නෑ. එහෙනම් මොකටද පාසල් හෝ අමතර පන්ති තියෙන්නේ. දේවාල විතරක් තිබ්බනම් ඇතිනේ රටේ. එහෙම පාස් වෙනවනම් ලංකාවේ පළවෙනියා වෙන්න ඕන දේවාලේ කපු මහත්තයගේ දරුවොනේ.

විශ්ව මාතාවට ස්තූති කරන්න කලින් මෙච්චර කාලයක් දහදුක් විඳලා තමන්ව හදා වඩාගත්ත අම්මා, තාත්තට ස්තූති කරන්න. ඒ අයට සලකන්න. අද ඔබ යම් තැනක ඉන්නවනම් ඒ විශ්ව මාතාවක් නෙමේ, තමන්ගේ අම්මා නිසා. මුලින්ම රස්සාවක් කරලා.

විශ්ව ආකර්ශන නීතිය කියන්නේ විශ්වයට ස්‍තූතී කරාම සල්ලි, යාන වාහන, දේපල, සිතූ පැතූ දේ හිමිවෙනවා කියන එකට නෙමෙයි, තමන් යම්කිසි දේකට උනන්දු වෙනවනම් කැප වෙනවනම් විශ්වය ඊට සාපේක්ශව තමන්ට ප්‍රතිචාර දක්වනවා කියන එකයි.

මේක හරියට රබර් බෝලයක් බිත්තියකට ආපස්සට ගැහුවොත් වැදිලා ආපස්සට එනවා වගේ දෙයක්…

ඕනම සංකල්පයක ලංකාවට එන්නේ කොටසයි. මේ විශ්ව මාතාවත් ඒ වගේ සංකල්පයකින් කොටසක් හැලිලා ආපූ දෙයක්… හරි අවබෝධයක් නැතිව හැමදේම පහලවෙනකම් බලාගෙන ඉන්න මිනිස්සු කොට්ඨාසයක් මේ නිසා බිහිවෙලා…

ඇද උඩට වෙලා කිසි වැඩක් නොකර කාලකණ්නි කමට විශ්වයට ස්තූති කර කර ඉන්නේ නැතුව, ෆේස්බුක් පෝස්ට් දදා විහිළුවක් වෙන්නේ නැතිව වැඩ කරන්න පටන්ගන්න… ඉගෙන ගන්න…

විශ්ව මාතාවත් දැන් පිරමීඩ Scam එකක් වීගෙන එන්නේ. ඒකෙනුත් මිනිස්සු සල්ලි හම්බ කරන්න පටන් අරන් මෝඩ මිනිස්සු සෙට් එකක් අල්ලගෙන….

කළු වළාවක් ඇතුළේ රිදී ඉරක් ඇති බව විශ්වාස කරන්න…..තමා වෙනුවෙන් තමන් ම වෙහෙසෙන්න….

සාර්ථක ජීවන ගමනක් යාමට නම් පියවරෙන් පියවර තමන් ගැන විශ්වාසයෙන් ඉදිරියට පිය මගන්න…

ඔබ ප්‍රමාද නැත…

අද ඉඳන් අපි දියුණු වෙන්න උත්සාහ කරමු…
ඒ වෙනුවෙන් සුළු වෙලාවක් හෝ වෙන් කර මේ පේජ් එක අවබෝධයෙන් බලන්න…

🙋‍♂️ උදේ ඉඳන් විශ්ව මාතාවට ස්තූති කර කර ගෙවල් වලට වෙලා ඉන්න සෙට් එක අනිවාර්යයෙන් දැන් මේ පෝස්ට් එක අල්ලගෙන අනික් පැත්තට අපේ ආයතනයට මඩ ගහන්න පටන් ගනීවි… යමෙක් එසේ කරයිද ඒ ඔවුන්ගේ මෝඩ කමයි…

ප.ලි : මෙම සිතුවිල්ලද කියවන්න : https://m.facebook.com/story.php?story_fbid=122109592034100804&id=61553024124622&mibextid=Nif5oz

Hotline : +94 117 133 829 / +94 701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #lawofattraction #විශ්වමාතාව