Select Page

දිනක් zen ගුරුවරයෙක් මුහුදු වෙරළේ ඇවිදිමින් සිටියා…

ඔහුගේ වටිනා කම දන්න එක් තරුණයෙක් ඔහුව සොයාගෙන එනවා….

“ගුරුතුමනි , මට සාර්ථක වෙන්න උගන්වන්න”

ගුරුතුමා නිසොල්මනේ කිසි කලබලයක් නැතිව අතේ තිබූ යශ්ඨියෙන් පොලවෙහි ඉරක් ඇන්දා…

තරුණයා, මට මේ ඉර කෙටි කර පෙන්වන්න..

තරුණයා මදක් කල්පනා කරල ඉරෙන් කොටසක් මකා දැමුවා…

ගුරුතුමා මෙසේ පැවසුවා…

තරුණයා, යන්න ගිහින් ඉගෙනගෙන එන්න…

තරුණයා ටිකක් තරහෙන් උනත් වෙන කරන්නට දෙයක් නැති නිසාවෙන් ආපසු හැරුනා…

කාලයක් ගතවුනා..

තරුණයා නැවත දවසක් ගුරුතුමා සොයා පැමිනියා..

අද නම් හරියටම උත්තර දෙනවා, ඔහු ඔහුටම කියාගත්තා…

“ගුරුතුමනි මට සාර්ථක වෙන්න උගන්වන්න”

නැවතත් ගුරුතුමා වෙරළේ ඉරක් ඇන්දා…

“මට මේ ඉර කෙටි කර පෙන්වන්න,”

ම්ම්ම්ම්ම් හරි ගුරුතුමනි , තරුණයා ඉරෙහි කොටසක් අතින් වසාගෙන සිටියා…

” යන්න තරුණයා, ගිහින් ඉගෙනගෙන එන්න ”

දැන් නම් තරුණයාට ටිකක් කේන්තියි , ඒත් කරන්න දෙයක් නෑ… ආපහු ගියා..

ආයෙත් කල්පනා කරල, ටිකක් කල් අරගෙන ආයෙමත් ගියා…

“ගුරුතුමනි , මට සාර්ථක වෙන්න උගන්වන්න ”

නැවතත් ගුරුතුමා වෙරළේ ඉරක් අඳිනවා..

” තරුණයා, මට මේ ඉර කෙටි කර පෙන්වන්න ”

තරුණයා මොහොතක් අරගෙන ඒ ඉරට ටිකක් ලඟින් ඊට වඩා දිග ඉරක් අඳිනවා…

එතකොටම අර ඉර කෙටි ඉරක් බවට පත් වෙනවා… !

හරියටම හරි තරුණයා,

සාර්ථක වෙන්න අවශ්‍ය නම් අනිත් ඉරි අතින් වහන්නවත්, අතින් මකල දාන්න වත්, යන්න එපා..

ඔයා ඊට වඩා දිග ඉරක් වෙන්න…
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

ඔයා සාර්ථක වෙන්න උත්සාහ කරන කෙනෙක්ද ? ජීවිතේ වෙනස් කරන්න ඕන, දිනන්න ඕන කියල හිතන කෙනෙක්ද ? මේ ලෝකයේ නම කතා කරන, මිනිස්සුන්ට මතක හිටින චරිතයක් වෙන්න ඕනද ?

එහෙනම් කිසිම දවසක අනිත් අයගේ දක්ෂතාවයන් , හැකියාවන් මකන්න, වසා තබන්න උත්සාහ කරන්න එපා…

ඔයා ඔයාගෙ හැකියාවන්, දක්ෂතාවයන්, ගුනාංග, වැඩි කරගන්න, තවත් කෙනෙකුට වඩා ඔයා තුල ඇති විභවයන් වැඩි කරගන්න, දැනුම එකතු කරන්න,හොඳින් පුහුණු වෙන්න…

ව්‍යාපාරයකට උනත් මේක අදාලයි,

ඔයාට තරඟ කරන ව්‍යාපාර ගොඩාක් බිහිවේවි, ඒ ව්‍යාපාර වට්ටල දාන්න, කඩල බිඳල දාන්න, ඔයා උත්සාහ කරන්න එපා, ඔයාම තමයි ඒකෙන් පිරිහිලා යන්නේ…

එහෙනම් ඔයා වෙන්න ඕන, ඔයා හිතන්න ඕන, ඇයි ඔයා ලඟට පාරිභෝගිකයන් එන්න ඕන, මොකක්ද එයාල මගෙ ලඟටම එන්න ඕන හේතුව, මොනවද අනිත් අයට වඩා ඔයා ලඟට එන පාරිභෝගිකයන්ට ඔයාගෙන් ලැබෙන්නේ.

එහෙනම් ඔයා වෙන්න ඕන දිග ඉරක් !

හැමදාම ඒ ඉර දිග වැඩියෙන් තියාගෙනම ඉන්න නම් හැමදාම ඔයා ලඟ වැඩියෙන් යමක් ගොඩනගා ගන්න …

සැ.යු : උපුටාගැනීම් ඇතුලත්ය. ඒවායේ අයිතිය කතෲ සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla