Select Page

දේව දූතයෙක් වෙලා මුදල් උපයන ආකාරය – Scam Alert

TRANCE (2020) – දෙවියන්ව අල්ලේ නටවපු මිනිස්සු

ඔයා දෙවියන්ව විශ්වාස කරනවද?”
– නැහැ

“හැබැයි මේ ලෝකේ හතරෙන් තුනක්ම දෙවියන්ව විශ්වාස කරනවා.

ඒ දේව විශ්වාසය තමයි අපේ අලුත්ම ව්‍යාපාරය!

BMW, Benz, Porsche, Private Jets… තමුන්ට හැම සැපක්ම ලැබේවි.

ඉන්දියාව පුරා මන්දිර – ලෝකේ පුරා බැංකුවල කළු සල්ලි – ජීවිත කාලෙම කෝටිපතියෙක් වගේ ඉන්න පුලුවන්. මිනිස්සුන්ගේ හිත ඇතුලේ තියෙන දේවභක්තිය තමුන්ගේ පැත්තට හරවගන්න, එච්චරයි”

“තමුන්ට තියන්නේ වේදිකාවට එන ලෙඩ්ඩුන්ගේ ඇඟට අත තියන්න විතරයි.
අන්ධයන්ට ඇස් පේන්න ගනී…
නොණ්ඩියෝ ඇවිදියි…
බීරොන්ට කන් ඇහෙන්න ගනී…
අපි හැමදෙයක්ම ප්ලෑන් කරලා තියන්නේ.”

“ඒත් සර් අපි කරන්නේ වංචාවක් කියලා මිනිස්සුන්ට තේරුණොත්?
ප්‍රශ්නයක් වුණොත්?”
“මේ ආණ්ඩුවේ බාගෙකට වඩා නටන්නේ අපේ ඔඩොක්කුවේ. කිසිම ප්‍රශ්නයක් නැහැ.
තමුන් හැම අතින්ම ආරක්ෂිතයි!”

නමුත්, වංචාවේ උපරිම මොහොතේදී මුලු ඉන්දියාවක් ඉස්සරහා මේ හැමදෙයක්ම එක තත්පරයකින් කණපිට පෙරලුණොත්?

මේ පෝස්ට් එකේ අවසානයට තියෙන Trance ෆිල්ම් එක බලන්න අමතක කරන්න එපා.

ඉහතින් කතාකලේ ඉන්දියාවේ ෆිල්ම් එකක් ගැන. අපි දැන් කතා කරමු ලංකාවේ තත්වය ගැන. මේ පේජ් එකේ සියලුම ආගම් වල සාමාජිකයින් ඉන්නවා. මෙහි කිසිම ආගමකට මඩ ගැසීමක් නැහැ. ඔබ ඉන්න මිත්‍යා මත පිළිබඳව පැහැදිලි කරන්නයි අපි උත්සාහ කරන්නේ.

හැබැයි ඉතිං මේ ක්‍රමය භාවිතා කරලා මුදල් උපයන්නත් පුළුවන්. හරියට අපි ඔබට වරක් ඇඩ් ක්ලික් සයිට් එකක් හදන්න කියලා දුන්නා වගේ. තීරණය ඔබේ අතේ….

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

මං ෆේස්බුක් එකේ වීඩියෝ එකක් දැක්කා. හරියට මේ ෆිල්ම් එකේ වගේ… එයා දහස් ගණනක් මිනිස්සු ඉන්න වැඩසටහනකදි කෑගහලා කියනවා….

1️⃣ දෙවියන් වහන්සේගේ නාමයෙන් මේ ෆෝන් චාර්ජ් වෙන්න, චාර්ජ් වෙන්න….
මට දැන් තේරෙනව මෙතන මේ ලඟම ෆෝන් එකක් චාර්ජ් වුණා. කාගෙද චාර්ජ් වුනේ අත උස්සන්න….

✋ මගේ ෆෝන් එක ඕෆ් වෙලා තිබ්බේ දැන් ෆුල් චාර්ජ් වෙලා
✋ මගේ ෆෝන් එක දැන් හාෆ් චාර්ජ්
✋ රතු කට්ට තිබ්බෙ දැන් ෆුල් චාර්ජ්
✋ දෙවියන් වහන්සේ විශ්මිතයි, මගේ ෆෝන් එක චාර්ජ් වෙලා

කට්ටිය අත උස්සලා ඔහොම කියනවා…

2️⃣ දැන් බලන්න ඔයාලගේ ෆෝන් එකට රීලෝඩ් එකක් ඇවිල්ලද කියලා. දෙවියන් වහන්සේගේ දේවදූතයෝ මෙතන වැඩම ඉන්නවා. බලන්න බලන්න….

✋ සල්ලි නැතිව තිබුනේ. රු.100ක් ඇවිත් මට.
✋ ඩේටා වැටිලා මගේ ෆෝන් එකට…

කට්ටිය අත උස්සලා ඔහොම කියනවා…

දැන් ඔයාලා හිතෙනවද දෙවියෝ කොමියුනිකේෂන් එකක් දාගෙන ඉන්න කෙනෙක් කියලා ඔහොම වෙන්න??

මේක කරන්න ක්‍රම කිහිපයක් තියේ. මම තාක්ෂණික පැහැදිලි කිරීමක් කරන්නම්. එතකොට ඔයාලට තේරෙයි ඒ දෙයියට වැඩිය “අපි’ තමයි හොඳටම කලේ” කියලා….

1️⃣ ෆෝන් චාර්ජ් කිරීම

මේ වගේ දේකදි අනිවාර්යයෙන්ම නලුවෝ ඉන්නවා. රඟපාන්න මුදල් ගෙවා යොදවපු අය ඉන්නවා. ඒ අදාල ආයතන වල අයම වෙන්න පුළුවන්. ඒ අය යොදාගෙන ෆෝන් චාර්ජ් වීම පෙන්වන්න පුළුවන්. බොහොමයක් අය ගාව දැන් Power Bank තියේ. පවර් බෑන්ක් එක බෑග් එකේ දාගෙන කේබල් එක ගහලා බෑග් එකේ තිබ්බ ෆෝන් එක ෆුල් චාර්ජ් වුනා කියලා පෙන්වන්න පුළුවන්. එහෙමත් නැතිනම් පවර් බෑන්ක් එක වයර්ලස් චාර්ජර් (Wireless Charger) එකකට සම්බන්ධ කරලා ඒක නොපෙනෙන්න බෑග් එකේ තියාගෙන ඒක උඩ ෆෝන් එක තියාගෙන ක්ෂණිකව චාර්ජ් වුනා කියලා අරන් පෙන්වන්න පුළුවන්. මොකද මම දැක්කා සමහර අය බෑග් එකෙන් අරන් පෙන්වනවා වීඩියෝ එකේ. කවුරුත් වයර් එක දකින්නේ නෑ. අනික ඔතන 1000ක් හිටියනම් 1000ම චාර්ජ් වුනේ නෑ. අදාල දේව දූතයා ගිහින් කියනවා මේ හරියේ චාර්ජ් වුනා කියලා මට දැනුනා කියලා. දෙවියන් වහන්සේට ඔච්චර හාස්කම් පුළුවන් නම් හැමෝගෙම චාර්ජ් කරන්න තිබ්බා. ඔතන දෙවියෝ නෑ. හාස්කම් නෙමේ හාස්‍යය තියෙන්නේ.

දෙවියන්ට ෆෝන් චාර්ජ් කරන්න බෑ. හැමෝගෙම චාර්ජ් වුනානම් තමයි එතන හාස්කමක් වෙන්නේ. ඒක කිසිම විදිහකින් කිසි කෙනෙක්ට කරන්න බෑ.

2️⃣ රීලෝඩ් සහ ඩේටා දැමීම

හැබැයි මෙතනදිනම් මේ දේව දූතයා හරියට කලා කියන්න බෑ. UPay හෝ FriMi වගේ ඕනම ඇප් එකකින් ඔතන ඉන්න නලුවන් කිහිපදෙනෙක්ට රීලෝඩ්/ඩේටා දාන්න පුළුවන්. මම ඔතන හිටියනම් ඔයිට වඩා හොඳට කරනවා. ඔබත් දේවදූතයෙක්නම් මේ උපදෙස් හොඳට පිළිපදින්න. හොඳට මුදල් හොයන්න පුළුවන් හාස්කම් පෙන්වලා.

▪️ පැමිණ සිටින සියලුම දෙනාට එකවර රීලෝඩ් එකක් දමා හාස්කම් පෙන්වීම – මේ සඳහා අප ආයතනය සතුව තිබෙනවා Bulk Payment Disbursement System එකක්. එක වර 1000 වුනත් රීලෝඩ් එකක් හෝ eZCash වගේ යවන්න පුළුවන්. රු.5,000කට අප ආයතනයෙන් මේ සේවාව ලබාගන්න පුළුවන්. වැඩසටහනට සම්බන්ධ වෙන අයගේ දුරකතන අංකය ලියාපදිංචි විමට අවශ්‍යයි ලෙස පවසා ගොඩනැගිල්ල ඇතුලට එනකොටම ලබාගන්නවා. ඉන්පසුව ඒ ශීට් එක අපේ සිස්ටම් එකට අප්ලෝඩ් කරනවා.

ඊට පස්සේ රීලෝඩ් කරන්න… රීලෝඩ් කරන්න.. කියලා කෑගහන කොට Backend එකේ කෙනෙක් Send බොත්තම ඔබනවා. හැමෝටම රීලෝඩ් / ඩේටා ලැබෙනවා.

ඒ දෙයියෝ එච්චර හොඳට කලේ නෑ නේද? ඔන්න Business HUB දෙයියෝ ඊට වඩා හොඳට කරන්න කියලා දුන්නා.

2️⃣ අපිට පුළුවන් ඕනනම් එක වරම හැමෝගෙම ෆෝන් වලට දෙවියන් වහන්සේගේ පණිවිඩයක් යවන්න. සරළයි අප ආයතනයේ SMS Gateway එක ගන්න පුළුවන්. රු.2,500යි යන්නේ. SMS එකක් යවන්න සත 48යි. Sender ID එක “දෙවියෝ” / “Dewiyo” / “GOD” කියලා වුනත් ගන්න පුළුවන්. ලියාපදිංචියේදී ගන්න අංක ලැයිස්තුවට එක පාරින් කෙටි පණිවිඩයක් නමින්ම ආමන්ත්‍රණය කරලා යවන්න පුළුවන්.

දෙවියෝ : ධනේෂ්, දරුවා ඔබ අද හාස්කමක් දකීවි. ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබාගන්න – Unsubscribe කිරීමට NO GOD ලෙස ටයිප් කර 8810ට යවන්න

ඔය වගේ යවන්න පුළුවන්…

තවත් මැජික් කරන්න අපිට පුළුවන්. මොකද අපි තාක්ෂණය පිළිබඳව දැනුම තියෙන අය. අපි දෙවියන් විශ්වාස කරනවා. හැබැයි දේව දූතයෝ/හොරු විශ්වාස කරන්න තරම් මෝඩයෝ නෙමේ…

දැන් පේනවා නේද අපි තරම්වත් හොඳට ඒ දේව දූතයා කරලා නෑ කියලා. ඕක මම කලානම් තව මැජික් පෙන්වනවා. මැජික් බලන්න ඕනනම් මගේ කාමරයට එන්න. මගේ කාමරයේ සියල්ල වැඩ කරන්නේ කටහඬට සහ හස්ත සංඥා වලට. මගේ කාර් එකත් එහෙමයි. හැබැයි දෙවියෝ නෙමේ ඒක කරන්නේ. තාක්ෂණයයි ඒ දේ කරන්නේ….

හැබැයි ඔබත් කවද හරි දේවදූතයෙක් වෙලා සල්ලි හොයනවනම් Business HUB වලට කෝල් එකක් දෙන්න. මිනිස්සුන්ගේ භක්තිය වැඩිවෙන්න උපරිම රැවටීම කරන්න ඕන තාක්ෂණය අපි දෙන්නම්…

ඔන්න ඒ දේව දූතයා බොරු කරලා සල්ලි හොයපු එක ගැන ඔබට කියලා අපි බිස්නස් කරන්නේ මෙහෙමයි… මේවා තමයි මාර්කටින් කියන්නේ… හැබැයි අපි රවට්ටන්නේ නෑ…

Trance ෆිල්ම් එකත් බලන්න : https://www.baiscope.lk/trance-2020-sinhala-subtitles/

සැ.යු : ආගම් වලට අපහාස කිරීමට පළකරන ලද පෝස්ට් එකක් නොවේ. කිසිම විදිහකින් කිසිම ආගමක කෙනෙක් මෙය වැරදියට හිතන්න එපා. බුද්ධියෙන් විමසා බලන්න. ඔය කියන දේව දූතයින්ට ඔච්චර දේවල් කරන්න පුළුවන් නම් ලෝකයේ යු ද් ධ, ප්‍රශ්න, රෝග, දුප්පත්කම කිසිවක් තියෙන්න විදිහක් නෑ…

මේ ලෝකේ ප්‍රශ්න නැති තැනක් කරන්න දේව දූතයින්ට පුළුවන් වෙන්න ඕන…

Hotline : +94 117 133 829 / +94 701 10 10 10

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

𝗧𝗲𝗰𝗵𝗟𝗮𝗯𝘀 𝗜𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝘃𝗲 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱 – Reg No : PV00234253

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #businesssuccess #businessideas #selfemployementideas #reselling #dropshipping #resale #businesshubglobal #businesssuccess #businesshubinternational