Select Page

එක්තරා විශාල කොම්පැනියක සේවකයන් දිවා ආහාරයෙන් පසුව නැවත එන විට ඉදිරිපස දොරේ කිසියම් දැන්වීමක් තිබුණා .

“කණගාටුවෙන් දැනුම් දීමයි…! ඔබගේ වර්ධනයට බාධා කළ පුද්ගලයා ඊයේ මිය ගියේය. ඔහුගේ අවසන් කටයුතු සඳහා ප්‍රධාන ශාලාවට පැමිණෙන ලෙස ඉල්ලා සිටිමු “.

තමන්ගෙන් සහෝදර සේවයකයින් මියගිය බව ඇසූ සේවකයින් මුලින්ම දුකට පත් වුණා වුණත් ඔහු හෝ ඇය තමන්ගේ වර්ධනයට බාධා කළේ යැයි පැවසූ නිසා තවදුරටත් ඔහු නැති බව දැන ගැනීමෙන් ඔවුන් යම් සැනසීමට පත් වුණා. නමුත් ඒ කවුරුන් ද කියා දැනගන්න ඔවුන් ප්‍රධාන ශාලාව වෙත ගියා.

ඔවුන් යන විට ප්‍රධාන ශාලාවේ මැද මිනී පෙට්ටියක් තිබුණා . ඉතින් එකිනෙකා ඒ වෙත ගොස් අවසන් ගෞරව දක්වන්න ඇතුලට එබුණා. ඔවුන් දුටු දර්ශනය ඔවුන් භීතියටත් තැති ගැනීමටත් පත් වුණා. මිනී පෙට්ටිය තුළ ඔවුන්ට ඔවුන්ගේ රූපය පෙන ලෙස කණ්ණාඩියක් සවිකොට තිබුණා . එතනම යම් පත්‍රිකාවක පහත සඳහන් දේ සටහන්ව තිබුණා .

” ඔබේ වර්ධනයට බාධා කළ හැකි එකම කෙනා ඔබම පමණයි . ඔබේ ජීවිතය වෙනස් කළ හැක්කේ ඔබට පමණයි. එමෙන්ම ඔබට උදව් කළ හැක්කේ ද ඔබට පමණයි. ඔබේ ආයතන ප්‍රධානියා වෙනස් වූ විට ඔබේ මිතුරන් ඔබේ පවුලේ උදවිය ඔබේ ආයතනය වෙනස් වූ පමණින් ඔබේ ජීවිතය වෙනස් වන්නේ නැත . එය වෙනස් වන්නේ ඔබ වෙනස් වූ විට පමණි. ඔබට ඔබ කෙරෙහි විශ්වාසය ඇති වූ දින ඔබ සියලු බාධාවන් අභිබවා ඉදිරියට යනු ඇත .”

අදම Business HUB Sri Lanka සමඟින් එකතුව ඔබගේ සිතුම් පැතුම්, ආකල්ප වෙනස් කරගෙන මුදල් ඉපයීම ආරම්භ කරන්න… ඔබ ගැන විශ්වාස කරන්න… ඔබ දියුණු වෙනු ඇත…

සැ.යු : උපුටාගැනීම් කරුණු ඇතුලත්ය. හිමිකම් කතෲන් සතුය.

Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla