එක්තරා කාර්යාලයක ඉතාමත් ගුණ යහපත්, නිහඩ සේවකයෙක් හිටියා. ඔහුගේ හිත හොද වැඩිකම නිසාම අනිත් අය කියන ඕන දෙයක් කරනවා. අනිත් අයට උදව් කරනවා. අනිත් අය වෙනුවෙන් අතිශයින් කැප වෙනවා. මේ නිසාම මොහුගේ කාර්යාලයේ වැඩ අතපසු වෙනවා. ඒ නිසා හැමදාම ඔහු ප්‍රධානියාගෙන් දොස් අහනවා. මේ ප්‍රධානියාගෙන් දොස් අහන එක මෙයාට ප්‍රශ්නයක් නෙමේ. නමුත් එයාට දරාගන්න බැරි දෙයක් තියෙනවා. ඒ කාර්‍යාලයේ අනිත් අය මේ පුද්ගලයා දොස් අහන හැම වෙලේම ඔහුට හිනාවෙනවා. උපහාසයෙන් කතා කරනවා .
“උඹ මහ මැට්ටෙක් බන් ”
“අයියෝ උඹ අදත් බැනුම් ඇහුවනේ බන් කොච්චර කිව්වත් උඹ හැදෙන එකෙක් නෙමේ”
මේ වගේ කතා අතර…
” උඹ ඕව ගනන් ගන්න එපා බන් ” කියන එක්කෙනෙකුත් හිටියා ….ඒ එයාට දොස් කියන ප්‍රධානියාමයි. ඒ නිසා ප්‍රධානියාගේ දෝෂාරෝපණය ඔහුට වේදනාවක් නොවුනේ
“තරහා ගියාම බැන්නට බොස් ඕවා හිතේ තියාගෙන පැසව පැසව පළිගන්න කෙනෙක් නෙමෙයි ” කියන එක ඔහු දැනගෙන හිටියා
ඉතින් දවසක් ඔහු ප්‍රධානියාව හමුවෙන්න ගියා…
“සර් මන් රස්සාවෙන් අස් වෙනවා ”
“ඇයි මොකද ප්‍රශ්නේ .”
“මට මෙතන හරියන්නේ නෑ සර්. ඔබතුමා දොස් කිව්වත් ඒක ඒ වෙලාවට විතරයි කියලා මන් දන්නවා. ඒත් මේ ඔෆිස් එකේ ගොඩාක් අය මට හිනාවෙනවා. උපහාසෙන් කතා කරනවා. මට මේක දරාගන්න බෑ ” සේවකයා කිව්වේ කදුළු ඇස් දෙකේ පුරවගෙන…
” ඔයා ගොඩක් හොද කෙනෙක්නේ. මන් දැකලා තියෙනවා ඔයා අනිත් අයට උදව් කරනවා. ඒ ගොල්ලන්ට සමහර දේවල් ගේන්න ඔයා කඩේට යනවා එහෙමත් දැකලා තියෙනවා… සමහර විට ඒ නිසාම ඔයාට වැඩ අතපසු වෙන්න ඇති. මම මෙහෙම දෙයක් කරන්නම්. ඔයාට ප්‍රමෝෂන් එකක් දෙන්නම් ”
සේවකයා සතුටින් ඉපිල ගියා…
“අනේ පිං සිද්ධ වෙයි සර් එතකොට එයාලා මගේ යටතේ ඉන්න නිසා මීට පස්සේ මට මොකුත් කියන එකක් නෑ ” ඔහු කිවුවේ සතුටින්.
“හරි ඔයා ඒ වෙනුවෙන් එක දෙයක් ඕන ”
“කියන්න සර් ඕන දෙයක් මම කරන්නම් ” මේ වෙලාවේ ඇත්තටම ඔහුට කරන්න බැරි දෙයක් නැති තරමට හිතේ සතුට වැඩි වෙලා.
“ඔයාට මන් වතුර පුරවපු වීදුරුවක් දෙනවා .මේක අරන් මේ ඔෆිස් එක වටේම යන්න ඕන. හැබැයි එක වතුර බිංදුවක්වත් හැලෙන්න බෑ. ඔයා ඒකට කොච්චර කාලේ ගත්තත් මට ප්‍රශ්නයක් නෑ ” කී ආයතන ප්‍රධානියා වතුර පිරවූ වීදුරුව වතුර මට්ටම ලකුණු කර සේවකයට දුන්නා. ඔහුත් ඉතා කැමැත්තෙන් එය භාර ගත්තා. පැය කීපයකට පසු සේවකයා ආයතන ප්‍රධානියා ලගට ආවා. වතුර විදුර ලකුණු කර මට්ටමටම වතුර තිබුණා. බිදුවක්වත් හැලිලා නෑ. ප්‍රධානියාටත් සතුටුයි.
“මට හරි සතුටුයි .ඔයා මෙහෙම වතුර වීදුරුවක් අරන් ඔෆිස් එක වටේ යද්දි දකින අය ඔයාට හිනාවෙන්න ඇති නේද ? ” මොනවද ඒ ගොල්ලෝ කියන්නේ ? ”
” සර් මගෙ සම්පූර්ණ අවදානෙ තිබුනේ මේ වතුර විදුරුවෙන් බිදක්වත් හලන්නේ නැතුව මෙතනට ගේන්න. ඒ නිසා අවට මිනිස්සු කියපු දේවල් මට ඇහුනේ නෑ.
ඔවුන් මට හිනාවෙනවද කියල බලන්න මට වෙලාවක් තිබුනෙ නෑ ”
දැන් තේරෙනවා නේද ඔබ මොකක්ද කරන්න ඕන කියලා. කතාවේ අදහස තේරුනානම් කමෙන්ට් එකක් දාන්න…
එහෙනම් ගමන හරියට යන්න Business HUB පේජ් එක දිනපතා බලන්න, දැනුම ලබාගන්න…
සැ.යු : උපුටාගැනීම් කරුණු ඇතුලත්ය. හිමිකම් කතෲන් සතුය.
Business HUB Sri Lanka | ව්‍යවසායකත්ව අත්වැල
TechLabs Innovative Solutions International (Pvt) Ltd
#businesshubsrilanka #techlabs #charityshop #daneshedirisooriya #business #swayanrakiya #onlineearning #entrepreneur #selfemployment #emoney #Technopreneurs #සිතුවිල්ල #charityshopsithuwilla #sithuwilla