Select Page

🧾 ඔප්පු හා පත්තිරු පිටපත් මාර්ගගත ක්‍රමයට… (හැකි තරම් මිතුරන් අතරේ මෙම පෝස්ට් එක ශෙයාර් කරන්න)

හොඳම, වේගවත් හා පහසු රජයේ ඔප්පු/පත්තිරු මාර්ගගතව අයදුම් කිරීමේ සේවාව.

පහත සබැඳියෙන් ඔබට අවශ්‍ය ඔප්පු හා පත්තිරු පිටපත් මාර්ගගත ක්‍රමයට ලබාගත හැකිය.

🌐 https://online.land.rgd.gov.lk

දවසේ ඕනෑම වේලාවක දී, ඔබට අවශ්‍ය ලේඛන පිටපත් ඉල්ලීම ඉදිරිපත් කල හැකිය. ඔබ‍ගේ ඉල්ලීම් ක්‍රියාත්මක කිරීම හා භාර දීම සිදු කරනු ලබන්නේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වැඩ කරන දින වල පමණි.

පිටපත් ලබාගැනීම සඳහා අයදුම් කළ හැක්කේ ඉඩමේ අයිතිකරු/ඔහුගේ නීතිඥයා හෝ එම අයගේ විධිවූ පරිදි ලියවිල්ලකින් බලය පවරන ලද නියෝජිතයෙකුට පමණි.

එක අයදුම්පතකින් අයදුම් කළ හැක්කේ උපරිම පත්තිරු පිටපත් 05ක් පමණි.

පිටු 10ට අඩු ඔප්පුවක සහතික පිටපත් මෙම පද්ධතියෙන් අයදුම් කළ හැකිය.

සහාධිපත්‍ය දේපළවලට අදාළ ඔප්පු හෝ පත්තිරු පිටපත් මෙම පද්ධතියෙන් අයදුම් කළ හැකිය.

මෙය අයදුම් කිරීමට මා වෙත නියමිත බලය ඇති බවද, ඉල්ලුම් කරන ලද පිටපත් වල කිසියම් අඩුපාඩුවක් හෝ ප්‍රමාද දෝෂයක් සිදුවුවහොත් රෙජිස්ට්‍රාර් ජනරාල් සහ ඔහුගේ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුක්ත සියලු නිලධාරීන් එම අඩුපාඩු හෝ ප්‍රමාද දෝෂ සම්බන්ධයෙන් වගකීමෙන් සම්පූර්ණයෙන් නිදහස් කරන බවද ඒකාන්තයෙන් ප්‍රකාශ කර සිටිමි.

මෙම සේවාව එක්දින සේවාවක් නොවන බව කරුණාවෙන් සලකන්න.

📪 තැපැල් ගාස්තු :

Post Publised Date : November 02, 2023
යාවත්කාලීන තොරතුරු සඳහා වෙබ් අඩවිය බලන්න. පහත තොරතුරු වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදි.

මාර්ගගත සබැඳි ද්වාර තැපැල් ගාස්තු – පත්තිරු

බෙදා හැරීමේ ක්‍රමය – පැමිණ ලබා ගැනීම

පිටපත් ගණන එකතුව (LKR)
1 – 149.40
2 – 282.00
3 – 414.80
4 – 547.60
5 – 680.40

මාර්ගගත සබැඳි ද්වාර තැපැල් ගාස්තු – ඔප්පු

බෙදා හැරීමේ ක්‍රමය – පැමිණ ලබා ගැනීමේ ගෙවීම් කාණ්ඩය ‘A’ (පිටු 01 – 06)

පිටපත් ගණන එකතුව (LKR)
1 – 649.00
2 – 1,261.40
3 – 1,883.80
4 – 2,506.00
5 – 3,128.40

බෙදා හැරීමේ ක්‍රමය – පැමිණ ලබා ගැනීමේ ගෙවීම් කාණ්ඩය ‘B’ (පිටු 07 – 10)

පිටපත් ගණන එකතුව (LKR)
1 – 1,282.00
2 – 2,516.50

වැඩි විස්තර සඳහා…

🌐 Website : www.rgd.gov.lk

📌️ Address :

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, 234/A3, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

Registrar General’s Department, 234/A3, Denzil Kobbekaduwa Mawatha, Battaramulla,
Sri Lanka.

☎️ +94 112 889 488 – 489

📧 info@rgd.gov.lk

තවත් මෙවැනි වටිනා තොරතුරු බලන්න Business HUB Sri Lanka Page එක Follow කරන්න….

ඡායාරූප උපුටා ගැනීම : Government Information Center of Sri Lanka -1919

#ICTA #GIC #2k23 #SriLanka #governmentinformationcenter #departmentofregistrar #newinnovation #Departmentofpost